Romantic Opera | රොමාන්තික ඔපෙරාව | Malick Perera Live Cover

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 17

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 Год назад +1

    පිස්සුවෙන් වගේ අහන ගීතයක්.මේ හඩ , 2:25 නාද සංජේ ගේ පියානෝ හඩ ......👍👍👍👍❤️❤️❤️

  • @sampathathauda6358
    @sampathathauda6358 Год назад

    Fattaaaa❤❤❤

  • @shaini_wimalakeerthi
    @shaini_wimalakeerthi 7 месяцев назад

    😍😍😍😍

  • @natureclipsbypradeep
    @natureclipsbypradeep Год назад

    ♥♥♥

  • @subashinihaturusinghe4759
    @subashinihaturusinghe4759 Год назад

    Thank you so.much for this very different musical experience.

  • @nightmaremanchi
    @nightmaremanchi Год назад

    අදටත් කසුන් කල්හාර ගේ මට හොඳම එක

    • @DiveHive
      @DiveHive 11 месяцев назад

      Hodama eka Ra ahasin watena neda bn

  • @tharindadivarathna2318
    @tharindadivarathna2318 7 месяцев назад

    ❤️🙏

  • @Vidura-Liyanage
    @Vidura-Liyanage Год назад

  • @sanjayaherath1754
    @sanjayaherath1754 Год назад

    😂😅

  • @tharinduwijesinghe2936
    @tharinduwijesinghe2936 Год назад

    මේ සින්දුවේ තේරුම කුමක්ද?

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  Год назад +5

      ම’විසින් රචනා කරන ලද “රොමාන්තික ඔපෙරාව” ගීතයෙහි ආකෘතික ලක්ෂණ සහ නිර්මාණවේශයට හේතු වූ නිමිත්ත පිළිබඳව බොහෝ අය මගෙන් නිතර විමසා සිටියි. ඒ පිළිබඳව පෙරලා උත්තර බැඳීම වෙනුවට රොමාන්තික වාදයේ ඉතිහාසය විවරණය කිරීමට මම පළමුව කැමැත්තෙමි.
      යුරෝපයේ අවසාන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය ලෙස සලකන රෝමාන්තික යුගය 18 වැනි ශතවර්ෂය අගදී ආරම්භ වී 19 ශතවර්ෂයේ මැද භාගය වන තෙක් පැවැතුනි. රොමාන්තික යුගයේ විශේෂ ලක්ෂණය වූයේ, පෞද්ගලික උද්වේග හා ආකල්ප නිදහසේ ප්‍රකාශ කළ අති උත්කර්ෂයට පත් කලාකරුවන් පිරිසක් බිහිවීමයි. අධි ස්වාභාවිකවාදින් වූ ඔවුන් සාහිත්‍යමය, කාව්‍යමය හා දාර්ශනික සංකල්පනා හිතාමතාම තම නිර්මාණ හරහා සමාජගත කළා. රොමන්තිකවාදය නමින් හැඳින්වූ මේ නව සම්ප්‍රදායේ පුරෝගාමියා වූයේ (LUDVIG VAN BETHOVAN) ලුඩ්විග් වැන් බීතෝවන්. පියානෝව ඇසුරු කොට ඔහු විසින් නිමැවූ (MOON LIGHT SONATA)මූන් ලයිට් සොනාටා,(PATHETIQUE SONATA) පැතටික් සොනාටා ඒ සඳහා හොඳම නිදසුන් වේ.
      දාර්ශණිකයන්ට පවා ලඟා විය නොහැකි විශ්ව පරිකල්පනීය සත්තාවක් නිර්මාණය කළ හැකි වෙන්නේ කලාකරුවන්ට පමණක් බව රොමන්තිකවාදීන්ගේ විශ්වාසය වුණා. සිය පෞද්ගලික උද්වේග හා ආකල්ප ප්‍රකාශ කිරීමේදී සම්භාව්‍ය ආකෘති හා රීතින් ඊට හරස් වූ විට,එවා අභිබවාලීම ඔවුන් තුළින් දැකිය හැකි තවත් ලක්ෂණයක්. ද්‍රව්‍යමය භෞතිකය පසුපස ලුහු බැඳීම වෙනුවට ඔවුන් විශ්වය නමැති අපරිමිතය වැළඳ ගත්තා.ඔවුන් බොහෝ විට හැසිරුණේ නිදහස්කාමීන් විදියටයි. තමන් පවා විශ්මයට පත් වන නිර්මාණ කිරීම ඔවුන්ගේ එකම අභිලාශය උන නිර්මාණකරුවන් රොමන්තිකවාදින් ලෙස සැළකිය හැකියි.ලොව බිහි වූ මුල්ම ශ්‍රේෂ්ට රොමන්තිකවාදී සංගීත නිර්මාණකරුවා ලෙස සැලැකෙන්නේ කාල් මරියා වොන්වේබර්. ඔහුගේ ඔපෙරා කෘති සියල්ලම උග්‍ර රොමාන්තිකවාදී ලක්ෂණ ප්‍රකට කළා.
      කසුන් කල්හාර ගයන, එශාන්ත ජෝශප් පිරිස් සංගීතය සංයෝජනය කරන ලද ම’විසින් රචනා කරන ලද “රොමාන්තික ඔපෙරාව” සම්මත ගීතමය ආකෘතිය හා රීතින් බිඳ දමා රූපක හා සංඛේත භාවිතයෙන් ( රුපකාර්ථක බසකින් ) රොමාන්තික උද්වේග මතු කොට ස්පර්ශ කළ නොහැකි මානයක පවතින ප්‍රේමය පිළිබඳ සිහිනමය සත්තාවක් ඔබ මනස තුළ මවන බව මගේ විශ්වාසයයි. එය බටහිර ගීත නාටක ( ඔපෙරා ) ලක්ෂණ ප්‍රකට කරනවාට වඩා ඔපෙරා ගායන විලාසය හා ඔපෙරා සංගීත භාවිතාව ප්‍රකට කරන බවයි මගේ අදහස. අතිශය නිදහස් වූත්, ප්‍රාණවත් වූත්, නාට්‍යමය ස්වරූපයකින් ඔපෙරා රඟහලක රඟ දැක්වීම පුර්ණ ඔපෙරාවක ස්වභාවයයි.
      චාමින්ද රත්නසූරිය 05.03 2009
      උපුටා ගැනීම අන්තර්ජාලයෙන්...
      ගීතයේ link එක...
      ruclips.net/video/IuYFzVYo7ck/видео.html
      Chaaminda Rathnasuriya

    • @tharinduwijesinghe2936
      @tharinduwijesinghe2936 Год назад

      @@ChaamindaRathnasuriya බොහොම ස්තුතියි ඔබට, අනර්ඝ තේරුමක් තියෙන ගීතයක්, ඔබේ තව ගීතයක් වන රැඩිකල් ප්‍රේමය ගීතයේ තේරුමටත් මම අතිශය කැමතියි. 😍😍

  • @sanjayaherath1754
    @sanjayaherath1754 Год назад

    😂😅