මං මේ ගැන මාධ්‍යයට කියන්නෙ පළවෙනි වතාවට |ඉරෙන් හඳෙන් ගැයූ හර්ෂණ දිසානායක මෙතෙක් නොකී ඇත්ත පැත්ත|

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2022
  • #harshanadisanayake#childrensongs#

Комментарии • 767

  • @amandamadhushani2128
    @amandamadhushani2128 11 месяцев назад +194

    2000න් පස්සේ අපේ සංගීත ලෝකේ වීරයා... ඔබට බෙහෙවින්ම ස්තූති... හර්ශන අයියා...🎉

  • @geethasenarathne2504
    @geethasenarathne2504 9 месяцев назад +34

    පුතේ ගිරිඋල්ල වික්‍රමශිලා මම ගුරුතුමිය ක් ලෙස ඉද්දි ඔයා මගෙ ආදරණීය ගෝලයෙක් .දෙමළ විෂය යි ඉගැන්නුවෙ. 2002 සිට 2004 අගෝස්තු වෙනකල් මම එහෙ හිටිය.ඔය කාලෙ තමයි ඉරෙන් හඳෙන් කිව්වේ.මට කැසට් එකක් ගෙනත් දෙන්න ත් ඔයා පොරොන්දු වුනා.ඒත් මම ස්තාන මාරු ලැබිල එහෙන් ආව.හරීම සතුටුයි පුතේ ඔයා අද ඉන්න තැන ගැන.❤❤

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Год назад +424

    Trending list වල වැජබෙන්න අවස්ථාවක් හිමිවුණේ නැතිවුණාට මේ සිංදු හදවතේ හැමදාම උසම තැනක තියෙනවා🖤.

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 Год назад +303

    අපේ ළමා කාලය ගොඩක් සුන්දර උනේ හර්ශන දිසානායකයන් නිසා..ඒ ගීත ඇහුවා විතරක් නෙවෙයි ඒ ගීතවල අපි ජීවත් උනා.මෙහෙම දකිද්දිත් ගොඩක් සතුටයි...පුදුම ලස්සන කටහඬක් දක්ෂතාවයක් තියෙන්නේ...අදටත් හිතුන ගමන් ඒ සිංදු අහනවා..දුකත් හිතෙනවා ආයෙත් ඒ කාලයට යන්න තියෙනවනම් කියලා....❤️🙏

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake2541 8 месяцев назад +30

    Voice Kids වැඩසටහනේ මම දැකපු advance ම coach තමයි හර්ෂණ... ❤❤❤

  • @priyasilva5086
    @priyasilva5086 8 месяцев назад +13

    මේ පුතාට මම දැඩි සේ ආදරෙයි.මේ දරැවගෙ කටහඩ භාවනාවක් තෙරැවන් සරණයි .පුතේ උබට.මම වොයිස් කිඩ්ස් බලන්නෙ පුතා ඉන්න නිසා.

    • @shriyanideepika
      @shriyanideepika 8 месяцев назад

      ඇත්තටම මමත් හරිම ආස කටහඩක්.අපේ සම්පතක්.අපි රැකගතයුතු දරැවෙක්. ඔබට ජය පුතේ....

  • @myknowledge5851
    @myknowledge5851 Год назад +272

    ඒ කාලෙ මතක් කරන්න කැමති නෑ. මොකද ඒ කාලෙ ඒ තරම් සුන්දරයි මතක් වෙද්දි ලෝබ වෙලා දුක හිතෙන තරමට. ස්මාර්ස් ෆෝන්ස් නැති ඉන්ටර්නෙට් නැති විච්චූරන දිවියක් නැති මිනිසෙක්ට ජීවිතේ ඇත්තටම විඳිනවා කියලා දැණුන කාලයක් තමයි 2009ට කලින් තිබුන කාලය. ලංකාවෙ කොච්චර යුධමය තත්වයක අපි හැදුනත් ඒ කාලෙ මාරම සුන්දරයි. ඒ භීතික අත්දැකීම් එක්ක. ගමේ ගෙවිච්ච සුංදර නිදහස් ජීවිතය ආයෙත් ජීවිතේට අපිට විදින්න වෙන්නෙ නෑ... ඒ දවස්වල දැණුන සිංහල අවුරුදු හැඟීම ආයෙත් ජීවිතේට විදින්න වෙන්නෙ නෑ... මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. මේ හර්ෂන අයියගෙ සිංදු ඒ කාලෙ පුදුමාකාර විදියට ආසාවෙන් ඇහුවෙ. ඉස්කෝලෙ උදේට දානව හැමෝටම ඇහෙන්න. ඒ වගේම ඉරිදා දහම්පාසලෙත්. ඒ කාලෙ ගැන කමෙන්ට් එකකින් ලියල ඉවරකරන්න බෑ.. පුදුමාකාර විදියට නිදසස් සුංදර ජීවිතයක් ගතකරා ඒ දවස්වල. අද අතට පයට තාක්ෂණය හිනිපෙත්තටම ගියාට හිතේ කිසිම නිදහසක් තියෙනවද ???
    ඕනම සිංදුවක් RUclips එකෙන් බලන්න පුලුවන් නමුත් ඒ කාලෙ මේ සිංදු රෙුඩියෝවෙ ටීවි​ එකේ ඇහෙද්දි ලඟට ඇවිත් අහන් ඉන්න තරම් රසාස්වාදයක් RUclips එකෙන් අහලා ගන්න පුලුවන්ද? දුකයි ඒ අතීතයට යන්න බැරිවෙන එක ගැන. නමුත් සතුටුයි මගේ පුංචි කාලෙ ජීවිතේ හරි ඒ වගේ ලස්සන අතීතයකට උරුමකම් ලැබුන එක ගැන
    Best Nostalgia forever 😪❤️🙏

    • @sithharaliyanage3747
      @sithharaliyanage3747 Год назад

      Damn right

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 Год назад +8

      ඒ කාලේ ඒ තරම් සොදුරු නම් ඊටත් වඩා කලින් ටීවී ඒකක් වත් නැති , ටියුෂන් පන්ති නැති, අපේ කාලයේ ඊටත් වඩා ලස්සන යි

    • @shaz7163
      @shaz7163 Год назад

      Technology is a blessing! I'd say the world is getting better...

    • @jayanidesilva3507
      @jayanidesilva3507 Год назад

      Aka aththa

    • @sewminikeshala8535
      @sewminikeshala8535 Год назад

      ඒක ඇත්ත 🙂

  • @sura4598
    @sura4598 Год назад +42

    ඉස්සර රත්නපුරෙන්, පාන්දරින් ඉස්කෝලෙට, අත්තම්මා වගේ සිංදු ඇහුවා
    දැන් හීන පේන , ලගටම තව වගේ සිංදු අහනවා. තාමත් හඩ භාවනාවක්❤️

  • @withinK783
    @withinK783 Год назад +86

    90 දශකයේ ඉපදුන අපේ එක වයස් මට්ටමේ ගායකයෙක් . පොඩි කාලේ මතකයන් ගොඩක් මොහුගේ හඩේ තියෙනවා. දැන් හරිම ලස්සන නිව්ච්ච කටහඩක්. ❤️😍 සුබ පැතුම් 🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Год назад +69

    සතුටුයි පුතේ මෙහෙම අද ඔයා දැක්කට.මේ දකින එකට ස්තූති කරන්න ඕනෙ පුතා ලඟ ඉන්න අයියට තමයි.හැම අයම අපට මුණ ගස්සන්නෙ මේ පුතා තමයි.ඔයාලට තෙරුවන් සරණයි.

  • @arunisewwandi5189
    @arunisewwandi5189 8 месяцев назад +28

    ඉස්සර මම හැම තරගයකදිම ගායනා කරන්නේ හර්ෂණ අයියගේ ගීත ඒ හැම තරගයකින්ම පළමු ස්ථානය මගේ අදටත් ආසම ගායකයා මොහු.❤

  • @avishkashalinka4754
    @avishkashalinka4754 10 месяцев назад +82

    කොටින්ම කියනවන්ම් ශිහාන්ටත් කලින් හර්ශන තමා අපේ වයසේ සුපර් ස්ටාර් ... ඒ දවස් වල තිබුන ලව් එක මුට

  • @nirushinipunika1596
    @nirushinipunika1596 Год назад +64

    අපේ ළමා කාලේ ලස්සන කර මේ කටහඩට දීර්ගායුශ ලැබේවා. අවුරුදු 20ක් අතීතේට අපිව එක්ක ගියා. අදටත් පොඩි දරුවෙක්ට අහන්න තියෙන ළමා ගීත හර්ෂනගේ තමයි.ආයේ අපිට පොඩි කාලෙට යන්න පුලුවන් උනා නම්❤️ පොඩි කාලේ අපේ කොන්සට් වලට අවශ්‍යම කර කටහඬක් තමයි ඔයා❤😊🎉

  • @lalanigamage647
    @lalanigamage647 8 месяцев назад +14

    නිහතමානී හොඳ දක්ෂ දරැවෙක් හර්ෂණ " ආඩම්බරයි පුතේ "සිරස voice "programme එකෙත් පුංචි දරුවන්ට ලබා දෙන ආදරයට කරැණාවට සහ දරුවන් දිරිමත් කරවීමට ඉදිරිපත් වීමත් විශේෂ තත්වයක්.❤❤❤❤

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 Год назад +20

    ආඩම්බරයි මගේ පාසල් මිත්‍රයා.එකට එක පන්තියේ ඉගෙනගත්ත ඒ අතීතය මතකයට නැගෙනවා.ඔබට ජය මගේ මිත්‍රයා.

  • @hadiod3870
    @hadiod3870 8 месяцев назад +16

    2000න් පස්සේ අපේ ළමා කාලයේ හැමදාම මතක තියෙන සුන්දර මතකයක් 🥹 අයියට බොහොම ස්තූති අපේ ළමා කාලය ලස්සන කරාට! 😍🙏

  • @pathumsampath5566
    @pathumsampath5566 5 месяцев назад +4

    අපේ පුන්චිකාලෙ ලස්සන කරපු ,සොදුරු ගායකයා හර්ශන අයිය තමයි. ලොකු වෙලත් අදටත් ඒ සින්දු අහනව. ඒ වගේම කියනව❤❤❤

  • @malipriyangika6216
    @malipriyangika6216 Год назад +65

    දක්ෂකමයි උගත්කමයි නිහතමානීකමයි එකට එක් වුණ ගායකයෙක්.
    සුභ අනාගතයක් පුතාට .

  • @user-pz9sj7uz7i
    @user-pz9sj7uz7i Год назад +122

    අමතක නොවන කටහඬක් අපි පොඩි කාලෙ අපේ ගායකයා බොහොම ඉස්තූතියී අපේ ළමා කාලෙ ඒ ලස්සන සින්දු වලින් ලස්සන කලාට
    ඔබතුමාට ජයවේවා.. ඉදිරි ගමන සර්වාප්‍රකාරයෙන්ම සා ර්තකවේවා... හීන ගේන හැම රෑකම වගේ හදවතට දැනෙන සින්දු තව ගේන්න අයියෙ

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Год назад +4

      ඇත්තටම මම නම් 68 ඉපදුන කෙනෙක් මටත් මගේ පොඩි කාලෙ මතක් වුණා ඒ සුන්දර කාල මතක් වෙද්දි ලෝබයි මගෙ පුතාට 24යි එයාටත් එහෙම කාලයක් තිබුනෙ නැහැ

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 Год назад +22

    අවුරුදු 23 මට ...තාමත් ඒ සිංදු අහනවා🥰බක් මී ගහ ලග කැමතිම සිංදුව..😌

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 Год назад +115

    තාත්ත මට ගෙනත් දුන්නු පළවෙනි මගෙ ජීවිතේ වටිනාම තෑග්ග "ඉරෙන් හඳෙන්" කැසට එක 🥺🥰 ඉස්සර අපේ පල්ලියෙ දහම් පාසල්, දර්මදූතෙ වගේ සිංදුවක් කියන්න කිව්වම මේ කැසට එකේ තියෙන
    "පොඩි හාමුදුරුවෝ"
    "දියබෙරලිය දලු"
    "රත්නපුරෙන්"
    "අත්තම්මා"
    මේ හැම එකක්ම වගේ කියල තියෙන්නේ මට මතකයි ඒ කාලේ මට ගොඩක් අය කියන්නේ අත් අම්මා මල්ලි කියල 😂 මේ මෑතක් වෙනකන්ම වගේ. ඒ ගීත අදටත් මුමුනනව තාමත් හර්ශන අයියගේ ඉතාමත් ආදරනීය රසිකයෙක් ඒ Voice එක සහ ඒ වචන ඒ සංගීතය 🥺🥰❣️🙏 වාසනාවක්. හර්ශන අයියේ ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනව ! 🥰🙏

    • @chamilashanthi2128
      @chamilashanthi2128 Год назад +4

      "දියබෙරලිය දලු" ඒ දවස්වල මන් පාසලේ ගායනය කරපු හර්ෂණ අයියගේ ආසම සිංදුව..☝️😔💔

    • @novembertrance5467
      @novembertrance5467 Год назад +2

      🙆තුන වසරෙදි අජිත් මුතුකුමාරණ ගෙ පීස් එකක් ගෙදර අරන් ගිය මම🙆🙆😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      අනේ පව්...
      දහම් පාසල් ගිහින් තියෙන්නේ ..

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 Год назад +25

    ගායන ක්ෂේත්‍රයේ මට හමු වූ අනතිමානීම සොඳුරු මිනසෙක් හර්ෂණ දිසානායකයන් , හදවතින්ම සුභ පතනවා .ලද දහම් අධ්‍යාපනය තුළ මනා හික්මීම ජීවිතේම ලියැවිලා හරි සතුටුයි.

  • @s.fernando
    @s.fernando 8 месяцев назад +7

    මම මේ හොය හොය හිටියෙ හරි ලස්සන ට කතා කරන කවුද මේ හර්ශන කෝච් කියලා ...මෙයානේ මේ❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +46

    School Van ⁣එකේ යනකොට සෑහෙන්න රස වින්ද, අදටත් ඒ පාසලේ සුන්දර මතකයන් එක්ක අතරමං කරවන ළමා සිංදු ගොන්නක එකම හිමිකාරුවා..❤️😍 ආදරෙයි හැමදාම හර්ෂණ අයියේ..🙏❤️❤️✊

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u Год назад +45

    අපි දැන් ගොඩක් වයසයි..තාම මුමුනන්නෙ අත්තම්මගෙ කවි හින්දලු අපි තාමත් කවි කියන්නෙ..ඒ කාලෙ අපි හරි ආසයි දැනුත් ඒ විදියට ම අපි කැමතියි ඒ ගීත වලට එදා වගේම අදත් අපි අතර ප්‍රසිද්ධ යි ඒ ගීතය ...

  • @chamiladisnayaka6252
    @chamiladisnayaka6252 Год назад +32

    ගිරිඋල්ල විකුුමශිලාවෙන් දැයට දායාද වූ තවත් දක්ෂයෙක්.. මල්ලි සුභ අනාගතයක් ❤

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 8 месяцев назад +12

    හර්සන දිසානායක පුතා ඔබේ ලසන්ත හඩ තාම රැව්පිළිරැව් දෙනවා .පුතා ඉතාම ඉස්තරම් ගායනයකයෙක් ඔබට තව දුර යන්න ආශිර්වාද ලැබේවා පුතා ජේසු පිහිටයි

  • @CargoVerse
    @CargoVerse Год назад +14

    හැමදාම scole උදේට ඇහෙන්නේ මෙයාගෙ සින්දු....... කට පාඩම් ඒ කාලෙ ♥️♥️♥️♥️

  • @npnalankaa9512
    @npnalankaa9512 Год назад +12

    අනේ දැක්කම හරිම සතුටුයි පුතා.. ඒකාලේ අපි දුටුව දක්ෂ හුරතල් අහිංසක පුතු පැටියා..දැන් කඩවසම් පිරිපුන් නිහතමානී බුද්ධිමත් තරුණයෙක්.ඇස්වහක් කටවහක් නෑ.. තෙරුවන් සරණයි පුතා.උතුම් මහා සෑ රජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ ගේ පිහිටයි.නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා පුතුනි.🙏

  • @chandikaprasad8234
    @chandikaprasad8234 Год назад +12

    සෞන්දර්ය විශ්වවිද්‍යාලට තේරුණ කාලෙ නිතරම අපේ කඩේට එනවා dvd ගෙනියන්න. අපිත් එක්ක හරිම සුහදව කතා කරනවා. හරිම නිරහංකාර චරිතයක්. ජයවේවා මල්ලි 🙏🤗🌹

  • @minuthihasara13
    @minuthihasara13 9 месяцев назад +15

    එකම ගායකයෙක් කියල නොදැන පුංචි කාලෙ ඉදන් තාමත් පුංචි ම අඩුවක්වත් නැතිව ආස සින්දු...ඒ ඔක්කොගෙම අයිතිකාරයා එක්කෙනෙක් කියල දැනගත්තම ඊටත් වඩා සතුටුයි....
    All the best for your Music journey 🖤

  • @sew.325
    @sew.325 7 месяцев назад +5

    හර්ෂණ අයියගෙ කටහඬ ,සින්දු වගේම කතා කරන විදිහත් හරිම ලස්සනයි ❤

  • @pradeephettiarachchi5954
    @pradeephettiarachchi5954 7 месяцев назад +6

    හර්ෂණ මල්ලි පිලිබදව මටත් හරි සොදුරු මතකයක් තියෙනවා. හර්ෂණ නම් මාව කවුද කියලවත් දන්නෙ නැහැ. මම ඒ වෙනකොට කුරුනෑගල සිට මාකදුර වයඹ විශ්ව විද්‍යාලයට බස් එකේ එන්නෙ. අතරමගදි මං ආපු සෙනගපිරුණු බස් එකට නැග්ග ඉස්කෝලෙ යන පොඩි කොලු පැටියෙක්. තදබදය වැඩිකමට පුංචි එකා සෙනග පිරුණු බස් එකේ මම ඉදගෙන හිටිය සීට් ලගට තල්ලුවෙලාම ආව. අහම්බෙන් මා ගාවටආපු ලමය ගැන මගේ අවධානය මොහොතකට ගියා. මට ඒ මූණ මතකයි වගේ කියලා හිතුනා. ටික වේලාවකින් මට එයාව හදුනාගන්න පුලුවන් උනා මේ ඉරෙන් හදෙන් කියන පොඩි එකා කියලා.
    ඒ කටහඩ හරිම ලස්සන නිසා පුංචි උනත් මට පොඩිඑකාගැන පුදුම ගවුරවයක් ඇතුවුනා.
    මම ටිකක් ඉඩ හදල දීල මගේ සීට් එකේ ජනේලෙ තියෙන තැන හිටෙගෙන යන්න ඉඩ හදල දුන්නා. වික්‍රශීලා එක ලගින් බහින්න ඉස්සෙල්ලා මම පුංචි පුංචි ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒවටත් උත්තර දුන්නා.
    දැන් හර්ෂණ දකින කොට මට පුංචි හර්ෂණ මතක් උනා. ඒකයි මගේ මතකය ලීවේ. සුභ අනාගතයක් හර්ෂණ.❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Год назад +60

    කැසට් පීස් ඵකෙන් හර්ෂනගේ සිංදු ඕනතරම් අහලා ඇති ... අපි කොච්චර වයසට ගිහින්ද කියලා හිතෙනවා මෙයාව දකිද්දී ... සුන්දර මතක පිරුනු අතීතයක් ❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Год назад +23

    හරේන්ද්‍ර ඔයාට පුදුම ඉවක් තියෙනවා වටිනා හැංගුණු අමතක වුණු මැණික් මතු කරල ඔපමට්ටම් කරන්න..ඒ වගේම ඒ නිවේදක කුසලතාවය ඇති මම දැකල තියෙන්නේ බොහොම අතලොස්සක් මේ රටේ..🌺💝මට 28යි දැන්...හර්ෂණ ඔයාගේඒ කාලේ ළමා ගී තාමත් වගේම අපි මැරෙනකම් මතක තියේවි...පාසලෙන් සූරිය අරණ බලන්න එක්කන් ගියේ පළමු ෆිල්ම් හෝල් අත්දැකීම ඒ...එදා ඉදන් ඔයා ගැයූ ගී ඔක්කොම වගේ කටපාඩම්...දැනුත් ඔයා ඒ මිහිරය ගයද්දි...දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ...ඔයාගේ මෑතකාලීන ගී මට මග ඇරුණා ඔය හඩ ඔය හැකියාවට නිහඩ වෙන්න දෙන්න එපා...රැළි සිංදු කෑලිවලට වඩා දැන් දැන් තරුණ ප්‍රජාව ළයාන්විත ගී වලට ප්‍රියයි...විශේෂයෙන්ම ඔයාගේ වාග් ශෛලිය තවත් ලොකු දස්කමක්..😍😍💝💝💝🌼🌼🌼

  • @Dilan.iridanwala
    @Dilan.iridanwala Год назад +35

    මන් කැමතිම ගායකයා. තරුණ කාලෙ කට හඩයි. ළමා කාලයෙ කටහඩයි දෙකටම❤️

  • @dilshangamage5171
    @dilshangamage5171 Год назад +56

    ළමයෙකුගේ යහපත් සිතිවිලි,උස් පෞරුශය වැනි දේ වර්ධනය කරන්න පුලුවන් ගීත හර්ශණ දිසානායකයන් විසින් ගායනා කළා..

  • @ChinthakaChinthaka-fs2pg
    @ChinthakaChinthaka-fs2pg 8 месяцев назад +10

    මගේ පුංචි කාලේ හැඩකරපු ගායකයෙක් තමයි හර්ශන දිසානායක නුබයි අදත් ඔබේ ගීත අසන්න ඇත්තටම හරිම ආසයි ඒ හඩ හරියටම භාවනවක් වගේ හදවතට දැනෙනවා එදත් අදත් බිහිවුන ගායිකයන් අතරින් තවම මගේ හදවතේ ගායකා නුබයි ඇත්තටම නිහතමානී කෙනෙක් ඔයා ඔයට කවදාවත් වරදින්නේ නෑ ඒ නිහතමානීකම නිසා නුබ තවත් හදවත්වල ජිවත් වෙනවා ජෙසු පිහිටයි ඔබට❤❤❤

  • @user-rx1gd4up9s
    @user-rx1gd4up9s Год назад +16

    හර්ශන අයියේ...ඔයා අපේ පුංචි කාලෙ ලස්සන කරපු චරිතයක්...කවමදාකවත් අමතක නොවෙන කටහඩක් ඔයාට තියෙන්නෙ...අද මේක බලන කොට හිතුනෙ කලාව එක්ක ජීවිතේ ගෙවෙන මනුස්සයෙක් ගෙ ජීවිතේ ගෙවෙන සරල සුන්දර නිහතමානී කම කොච්චරද කියන එකයි...ඔයාට ගොඩක් ස්තූතියි අපේ පුංචි කාලය ලස්සන කරාට...❤

  • @diliniranasinghe4977
    @diliniranasinghe4977 Год назад +23

    අපේ ළමා කාලය සුන්දර කරපු ආදරණීයම සොඳුරු ගායකයා❤️ මගේ පුංචි පුතාට තවමත් ඔහුගේ ගීත කියලා දෙනවා.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Год назад +17

    කාලෙකට පසුව හරිම ලස්සන ලමා ගීයක් ඇසුවා.මේ වෙලාවේ මම ලංකාවෙ නැති උනත් මේ සිංදු අහන කොට වශාල වශයෙන්ම සතුටට පත්වෙන ඵක මහඟු සතුටක්.ඔබට තෙරුවන් සරන පතන්නේ ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

  • @madusha9982
    @madusha9982 8 месяцев назад +5

    අද සමාජේ එක්ක පොඩි ළමයින්ට අහන්න ළමා සිනඩු නෑ. එත් මේ සින්දු අපි පොඩි කලේ ඉදලා ඇහුවා. E අතීතය කොච්චර සුන්දරද 😍😍😍🥺. පෙරපාසල් යද්දී නැටුවත් එකක් 🥺🤭. කවදාවත් පරණ නොවෙන සිනඩු. 😍🥺❤. එත් දැන් e සිනඩු අහනකොට අගේ හිරිකටු පිපෙනවා 🥺🥺🥺❤😍. දුකක් තියන්නේ දැන් කලේ ළමා සින්දු නිර්මාණය වෙන්නේ නැ. දැන් එන පොඩි ලැමයිනුත් කියන්නේ වයසට වඩා මුහුපුරා ගියා සින්දු 🥺. කොම උනත් මතකේ රැදෙන ළමා සින්දු මේවා. ළමයින්ට අහන්න දෙන්න ඕනි සිනදු 🥺🔥🥰💆‍♀️. මනසට මාර නිදහස්. මේ සින්දු හදවතට කතා කරනවා 💕💆‍♀️🥺❤❤❤❤❤

  • @pushpikadilhara1808
    @pushpikadilhara1808 Год назад +5

    මගේ ළමා කාලයේ කැසට් පීස් එකක් කියලා ගත්ත පලවෙනි සහ මෙච්චර කාලෙකට ගත්තු එකම කැසට් එක තමයි හර්ෂණ ඔයාගේ කැසට් පීස් එක ඇත්තෙන්ම ගොඩක්ම සතුටුයි සහ ගොඩක්ම පින් අපේ ළමා කාලය හැඩ කරලා දුන්නට ආදරයේ හර්ෂණ අදටත් ඔයාට ඒ වගේම ❤

  • @chanakasandaruwn611
    @chanakasandaruwn611 Год назад +8

    මාගේ ආදරණීය මිත්‍රයා.2001 ඉදන් පන්තියේ එකට උන්නු.අපේ දක්ශයා.මෙහෙම හරි දකින්න ලැබූන එකත් සතුටක්..එදා වගේමයී අදත් සතුටුයි බං ගොඩක්...ආදරෙයි මගේ එකෝ...chanaka .

  • @pathumruwan9787
    @pathumruwan9787 Год назад +7

    මගෙ ආසම ගායකයා තමයි ඔබ... නිහතමානිම ගායකයෙක් තමයි හර්ෂණ කියන්නේ බුදු සරණයි

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 Год назад +3

    හරේන්ද්‍ර ජයලාල් මහත්මාට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් මේ වගේ සොඳුරු හදවත් තියෙන දක්ෂ පුද්ගලයන් එක්ක කරන එකට බුදුසරණයි සියළු දෙනාටම...😍❤️💞

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 6 месяцев назад +3

    අපි "සූූරිය අරණ" බැලුවේ උ.පෙළ කරලා ඉවර ⁣ වෙලා ටික දවසකින්. එදා අහපු "ඉරෙන් හදෙන්" සින්දුව මට අදත් පාඩම්. ගොඩක් ආසයි එයට. ඒ වගේම වික්රමශිලා පාස⁣ලේ ආදි සිසුවෙක් කියලා දැන ගත්තම ගොඩක් සතුටු වුනා. ඉන් පස්සේ වොයිස් වේදිකාවේ ගුරුවරයෙක් ලෙස මේ දිනවල ඔබේ කටයුතු දුටුවහමත් සතුටු වුනා. ඉතින් ජීවිතේ ඉදිරි කටයුතු සාර්ථක වේවා ! කියලා සතුටින් සුභ පතනවා.

  • @sapnakaluarachchi7709
    @sapnakaluarachchi7709 8 месяцев назад +3

    හිතින් ආයෙත් ඉස්කෝලේ ගිහින් එන්න ඕනිනම් ඇස් පියාගෙන ඔබගේ සිංදුවක් අහන්න තිබ්බනම් හොඳටම ඇති අයියේ ♥️

  • @nalinsampath3940
    @nalinsampath3940 Год назад +10

    පැය බගයක් නෙමෙයි දවසක් හරි අහන් ඉන්න ආස හඩක් සහා චරිත දෙකක්. ඇත්තටම අතිතෙ ගොඩාක් දෙවල් මතක් කෙරුවා..❤❤❤💙💙💙

  • @nilushikasewwandi7436
    @nilushikasewwandi7436 6 месяцев назад +2

    හරිම නිහතමානි චරිතයක් කියලා හිතනවා. ඉදිරියට හොඳ වැඩ ටිකක් කරන්න. ජය වේවා හර්ශන අයියේ. අපිත් පොඩි කාලේ ඉඳන් ආසම සිංදු ටික තමයි

  • @dassanayake29
    @dassanayake29 9 месяцев назад +15

    සල්ලි වලට වඩා වටින්නේ මනුස්සකම❤සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් තමා ඒත් ඔයා ළඟ ඔය තියෙන නිහතමානීකම මනුස්සකම සල්ලි වලට ගන්න බෑ අයියේ...ලෝක දහම සත්‍ය නම් අනිවාර්යෙන් ඔයාට දවසක හරි යනවාමයි😊❤ජීවිතේ අමාරු ඍතු හැමෝටම එනවා ඒ දවස් දරාගෙන ඉන්න වසන්තය එනකන්.. අනිවාර්යෙන් ඔයාගේ song එකක් hit වෙයි ...ලස්සන නිර්මාණ කරන්න දිගටම එක තැනකදී ඔයාට ඔයාගේ turning point එක හම්බෙයි❤ඔයාට ජයෙන් ජය අයියේ

  • @janithyaperera
    @janithyaperera 6 месяцев назад +3

    ඒ සිංදුවල ලස්සන 😍😍

  • @supunsampathkumara
    @supunsampathkumara 8 месяцев назад +21

    දැන් කාලෙ ළමයෙක්ට සින්දුවක් කියන්න කිව්වම කියන්නෙ මැණිකේ මගේ හිතේ, හැබැයි අපි ඒ දවස්වල ඇහුවේ ළමා ගීත. හරිම ආසාවෙන් ඇහුවා.

  • @jdesilva1310
    @jdesilva1310 Год назад +36

    පොඩි කාලේ කැමතිම ගායකයෙක්....😊

  • @senakadarmasena2016
    @senakadarmasena2016 Год назад +8

    පසුව බලන්නම්. ලස්සනයි සහ අගේ වැඩ සටහනක්. හරින්ද්‍ර මහත්මයා මේ වගේම හැකිනම් හොයන්න දැන ගාද්දී ඇවිදින්නට මට අත දුන්න සින්දුවේ, සිසිර කුමාර ජයරත්න ගායකයා.... මේ ගීතයත් හරිම අසාවෙන් අහන්න ලැබුන දක්ෂ දරුවෙක් තෙරුවන් සරණයි ඔබලා දෙන්නටම. 💕💕💕

  • @srimalgamage9927
    @srimalgamage9927 8 месяцев назад +6

    ආනාගතයේ තව තවත් වැජබේවා කියලා සුබ පතනවා හර්ශන ඔයාට අපි.❤❤❤

  • @anjuyapa1202
    @anjuyapa1202 Год назад +17

    ආලවන්තකම ලඳුනේ පාරමිතාවකි... ඒ වචන ටික විතරමයි මම ඇහැවේ පහුගිය කාලෙම.. සුබ අනාගතයක් හර්ෂණ

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Год назад +22

    හර්ශණ අයියා කියන්නේ හරිම නිහතමානී දක්ශ ගායකයෙක් ❤️

  • @thilankadulanjaleehewage1206
    @thilankadulanjaleehewage1206 Год назад +59

    හැම කැසට් පීස් එකක්ම අම්මා මට ගෙනත් දුන්නා ඒ කාලේ...අම්මා නම් දැන් මේ ලොකේ නෑ..ඒත් මේ සින්දු ඇහෙන්නේ අර පුංචි කාලේ කටහඩින්... ඔක්කොම මතකයි තාමත්... ළමා ගීත වගේම ඇස් අමාපානෙකී , හීන පේන හැම රෑකම වගේ සින්දු වලත් fan කෙනෙක්....❤️❤️❤️❤️❤️ විශ්ව විද්‍යාලයේ දීත් live සින්දු අහලා තියනවා😍😍😍🤗🤗🤗... සුභ පැතුම් අයියේ ❤️

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 Год назад

      oyata e gena mehema hitena ekama loku deyak. oyata waradinenn nehe. ❤️❤️❤️❤️triple of jem

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 Год назад +11

    හර්ශන නිහඬ වැඩියි.ඔබෙ වටිනාකම ඔබ හඳුනාගෙන ද?රටට වටින පුතෙක්.නාගදීප සිංදුව තරම් සිංදුවක්........

  • @sheharashehara8828
    @sheharashehara8828 Год назад +27

    කියන්න වචන නෑ 👌හර්ෂණ ගායනයෙහි අති දක්ෂයෙක්...ඔහුගේ සමකාලීනයන්ට වඩා ඔහු සංගීතය හරියටම හදාරලා තියෙනවා කියන එකට සාක්ෂි ඔහුගේ "ගී හඬ " රස විදිද්දී ...👍ඒ හැමදේටම වඩා ඔහු බොරු සෝබන නැති හරිම නිහතමානී ගායකයෙක් ළමා කාලයේ ඉඳලම... හුඟක් ඉවසීමෙන් කැපවීමෙන් හිමින් නමුත් දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්... සන්තෝෂයි ඇත්තටම... සුභ පැතුම් ❤️🙏

  • @srimasenavirathna3494
    @srimasenavirathna3494 Год назад +3

    ජිවිතේ අමතක නොවන හඩක් සහා අහලා රස වින්ද ලස්සන සිංදු ටික කිවුවොත් තමයි හරි ❤️👌
    බොහෝම ස්තුති හරේන්ද්‍ර සර් 🙏
    නැවතත් එ අතිතයට අරන් ගියාට
    "තෙරුවන් සරණයි " ඔබටත් හර්ශන දිසානායක එ සොදුරු ගායන ශිල්පීයටත් 🙏👌❤️🌹🌹🌹🌹

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Год назад +26

    අනේ.. පුතේ ඔයාගේ මේ සිංදු ටික. කියලා මගේ දරුවෝ නලව ගත්තා.. අද ඔයාව දැක්කම හරිම සතුටුයි පුතේ😀❤️ thanks Harendra 🙏

  • @diyego4279
    @diyego4279 Год назад +10

    හීන පේන හැම රෑකම"💚 මන් ආසම සින්දුවක්.ඕක දවසක් මන් අපේ අම්ම්ට යැව්ව. අම්මා ගොඩාක් අඩල තිබ්බ. 😥.සමහර විට මන් කසාදයක් කරගන්නෙක අතහැරලා තනියම ඉන්න තීරනය කරපු හින්දද දන්නෑ.(gay). ඒ සින්දුව නිකන් මටම හදපු සින්දුවක් වගේ දැනුනා. Anyway thank you bro අපේ ලමා කාලය(92) ලස්සන කරාට.මාත් ඔයාගෙ සින්දු ගොඩක් ඉස්කෝලෙ කාලෙ ස්ටේජ් වල කියල තියනවා..අදටත් ඔයාගෙ ලොකූ රසිකයෙක්.ගීතවල බාවාත්මක රසය බෝමයි. 🅰️💯💯💯😍 ජය වේවා❗ අනේ ඇත්තට අපේ ලමා කාලේ කොච්චර ලස්සන ද? සුන්දර ද?.අපි දන්නෙම නැතුව වයසට ගිහින්. 😥😥😥😥🍁

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 Год назад +17

    අපේ කාලයේ අපේ ගායකයා ❤️
    හර්ශන දිසානායක

  • @Tktharik27
    @Tktharik27 Год назад +4

    හරින්ද්‍ර ජයලාල් ❤🤍❤
    පට්ට හිතක් තියෙන සහොදරෙක්.
    ගොඩාක් පින් කරපු දෙමව්පියෙක් ගේ හොඳ පුතෙක්

  • @chathunadeesha9060
    @chathunadeesha9060 Год назад +21

    දැන් ඉතිම් සමුගන්න
    සිනහ දෙතොලට ගන්න
    දුක් කදුලු සන්තාප මගෙ නමට පවරන්න.. 💜️
    හදවතයා ආදරෙයි හැමදාම. ❤️

  • @achalapriyadarashani5312
    @achalapriyadarashani5312 6 месяцев назад +3

    හීන පේන හැමරෑකම මගෙ ආසම සිංදුව

  • @gslyehara4527
    @gslyehara4527 Год назад +10

    අනේ අයියේ අයේ වතාවක් ළමා කාලයට ගියා හරිම සතුටුයි.අපි සම වයසේ වගේ අපි පොඩි කාලේ අහපු ගීත දැන් අපේ දරුවෝ අහනවා..ඔයාට මන් හදවතින්ම සුබ පතනවා. හරින්ද්‍ර අයියේ මම ඔයටත් සුබ පතනවා ඔයත් මන් කැමතිම චරිතයක්..

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 Год назад +2

    ලස්සනයි පුතේ හැමදාම අහන්න පුළුවන් ගීත ..නිහතමානී ,හෙමින් හොඳින් ලස්සනට යන ගමන ජය වේවා .

  • @SL_Seeker
    @SL_Seeker 6 месяцев назад +3

    හර්ෂන අපේ පොඩි කාලෙදි අපේ ළමා කාලෙට ගී ගැයුවා...දැන් ඔහු අපේ තරුණ කාලෙට ගී ගයනවා.මහලු වියේදිත් ඔහු ගී ගයාවි,ඔහුත් එක්කම උස්මහත් උනු අපි ඔහුගේ ඒ ගීතත් අසාවි..ඉතින් හර්ෂන,ඇයි ඔයා ලොකු උනේ කියලා මම අහන්නෑ..හැමදාමත් මේ අමාපාන රහක් දෙන ගීත ගයන්න කියලයි ඔයාගෙන් ඉල්ලන්නේ.❤️

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +10

    හර්ශණ දකින්නත් ආසයි.මමත් චූටි කාලේ හර්ශණ වෙල අයිනේ ළිඳේ නානව මම දකිනව.මම කිරිඅම්මාලගේ ගෙදර ගියාම.සතුටුයි දැක්කම.ආදරෙයි.බුදු සරණයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +3

    හරේන්ද්‍ර ඔබට ගොඩක් ස්තූතියි බුදු සරණයි ජයවේවා පතමි. ඒ හර්ෂණ පුතාටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ ට ❤❤⚘⚘🙏🙏🙏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Год назад +13

    හරිම සතුටුයි...හරෙන්ද්‍ර අයියා මේ වගේ දරුවන් සොයාගෙන ගොස් ඉදිරියට ගෙනැවිත් අපට ඒ ගැන හඳුන්වාදීම ගැන. ඔබට ගොඩක් පින්. අපි මේ සින්දු ටික කොච්චර වයසට ගියත් තාමත් රස විඳිනවා ඉතින් එම රසවින්දනයට...හේතු සාධක වෙන වටපිටාව පිළිබඳ අපි දැනගෙන හිටියෙ අදයි. හරිම අපූරුයි හරිම ආඩම්බරයි . තෙරුවන් සරණයි ඔබ දෙපළටත් එම සංගීත මුසු ව අපට දායාද කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @dulas4614
    @dulas4614 Год назад +5

    ළමා කාලයෙත් අදට තාමත් රසවිදිනව ඔබගෙ ගීත.අනාගත අරමුණු සියල්ල සාර්ථක වේවා...!

  • @Aishnawodani1988
    @Aishnawodani1988 Год назад +13

    පුදුමාකාර සතුටකින් මේ වැඩසටහන බැලුවේ. මගේ ලොකු පුතා චූටිම කාලේ ඉදන් එයාව නිදිකරවද්දි මම හැමදාම අත්‍තම්මා නිවන් ගිහින් සිංදුව කියනවාමයි. ඒ හැම පාරකම අහේතුකව මගේ ඇස්වලට කඳුලු පිරෙනවා. දැන් එයාට වයස අවුරුදු හයයි. අදටත් එයාට නිදාගන්න මම ඒ සිංදුව කියන්න ඕනේ. ඒ වගේම අදටත් මගේ ඇස්වලට කඳුලු පිරෙනවා ඒ වෙලාවට. සිංදුවේ වචන සරල උනාට අර්ථය මාර ගැඹුරුයි. අදටත් ඒ සිංදු අපිට පුදුම සමීපයි ! ඔබ දෙපලටම ජය !

  • @lalanigamage647
    @lalanigamage647 8 месяцев назад +2

    මේ කාලයට ඉතාමත් කාලෝචිත සුන්දර ලමා ගීත. තව තවත් මෙවන් සුන්දර ගීත සහ කාලෝචිත ගීත ගායනය කිරීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ❤❤❤

  • @deepthimadushika281
    @deepthimadushika281 3 месяца назад +2

    ❤අදටත් මගේ ජීවිතේ මගේ හදවතේ ගායකයා ඔහුයි❤ අදටත් ඔහුගෙ සින්දු මගේ හිතේ play වෙනවා... ❤දුර රටක තනි වෙලා ඉන්න මට ඔහුගෙ ගීත භාවනාවක් ❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Год назад +4

    මේ වැඩසටහනබැළුවේ කදුළු පිරි දෑසින්. ස්තුතියි හරීන්ද්‍ර. අදමයි මේ පුතා දැක්කෙ. ශුභ පැතුම් ස්වීඩන් සිට.

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Год назад +5

    භාවනවකට සම වැදුනා වගේ
    මරම ලස්සන හඬක් තියෙන්නෙ...
    නිහතමානී කමට ගරු කරනවා හර්ෂන දිසානායක මල්ලී ..බුදු සරණයි .
    හරේන්ද්‍ර අයියා අද වැඩ සටහන හරිම ලස්සනයි ආසම කෙනෙක් ගෙන්නලා තියෙන්නෙ ..

  • @thamararanasinge7933
    @thamararanasinge7933 Год назад +11

    අනේ..හ්!🥺❤️👐හර්ශන අයියා..ඔයාගෙ සින්දු කැසට් පීස්වලින් අහපු තරම්..පුන්චි කාලෙ මතක්වුනා..වේදනයි.අපි ලොකු වෙලා නේද🥺👐 අපේ පුන්චි කාලෙ ලස්සන කරාට බොහොම පින් අයියෙ❤️ඒ සින්දු ඇතුලෙ පුන්චි කාලෙ එහෙම් පිටින්ම චිත්‍රපටියක් වගේ මැවිල පෙනුන මට.🥺ආයෙ තව ලස්සන සින්දු හදන්නකො අයියෙ අලුතෙන්.👐

  • @imeshamiyuri
    @imeshamiyuri 9 месяцев назад +4

    හිතට දුකක් කරදරයක් දැනුනම මම අහන්නෙ හර්ශනගෙ සින්දු.ඒ හඩ හිත නිවන භාවනාවක් ❤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Год назад +20

    පොඩි කාලේ ආසම හඬ😍😍😍😍😍 ඒ සිංදු තවමත් අහනවා ආසාවෙන් 🌼🌼🌼
    දියබෙරලිය දළු song එකට ගොඩක් කැමති 💛

  • @priyanthagamage4897
    @priyanthagamage4897 Год назад +5

    එදා වගේමයි අදත් ගැයුම ..රස වැක්කෙරෙනවා...මල්ලි ඔයාට හැමදාම යන ගමන ඉතාම පැහැදිලි..ජයමවේවා මල්ලි..

  • @nethu1692
    @nethu1692 Год назад +9

    ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ආදි ශිශ්‍යයෙක් ඇත්තටම සතුටුයි අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් මේ වගේ ඉහල තැනක් ඉන්න එක ගැන.

  • @hansijayawardana
    @hansijayawardana 9 месяцев назад +3

    ඔයා නිහතමානී වැඩි හර්ශන... හැමදාම ඔය යහපත් ගතිගුන තියාගන්න... තෙරුවන් සරනයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...

  • @arow8140
    @arow8140 Год назад +30

    හරින්ද්‍ර මහත්මයානනි ඔබ තුමා වැනි මිනිසුන් අපේ රටේ ඇයි තවත් හිටියේ නැත්තෙ වැඩසටහන කරන අතරෙත් මාරම සිරියාවන්තයි රටට ආදරෙයි වගේම කිසිම මිනිහෙක්ට වැරැද්දක් නොකියන චරිතයක්.

  • @shaminademel147
    @shaminademel147 7 месяцев назад +2

    Me program eka miss une kohomada 😲😲 harshana kiyanne aththatama maara musician kenek. Me loke man ahanna asama katahadawal walin ekak me . Ayemath trending wenna oni character ekak talent ekak me . Dan thiyena sindu aththatama wikarai . Harshana, suneera, chamara, thisara kiyanne aththatama hitha niwanna manasata beheth karanna puluwan maathakalina gayakayo ❤❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 11 месяцев назад +11

    මට වඩා අවුරුදු 03ක් බාල උනාට. ඔය හඩ අපි කාලෙ ඇබ්බැහි උන හඩක් මල්ලී . ආදරෙයි ❤️❤️❤️ අවුරුදු ගානකින් ඔබව දැක්කෙ. ස්තුතියි හරෙන්ද්‍ර අයියෙ මෙ හමුවිම එකතු කලාට අප හට. පොඩි කාලෙ ලස්සන සිංදු වලින් අපිව සැනසුවා වගේම. ඉදිරියට ත් ඊට වඩා ලස්සන නිර්මාණ අපිට දෙන්න ❤️❤️❤️❤️

  • @chithrabandara2773
    @chithrabandara2773 Год назад +2

    ඇත්තාටම ගොඩක් ආදරෙයි සතුටුයි අපේ මේ ළමා ගායකය දැන් ඉන්න තැන ගැන ලංකාවට ආඩම්බරයක් තෙරුවන් සරනයි පුතේ ඔයාට යහපතක්ම වේවා 🙏❤️💐 මේ වැඩසටහන කරන ඔබතුමාටත් ගොඩක් පින් ආදරෙයි බුදුසරණයි ඔබට 🙏💐

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Год назад +2

    මම හරිම ආසාවෙන් බලපු මේ වැඩ සටහන ඉදිරිපත් කල හරේන්ද්‍ර ඔබට බෙහෙවින්ම ස්තුතියි ..හර්ෂන ඔබේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 Год назад +4

    දැක්කත් සතුටුයි ,හර්ශනගෙ අලුත් ගායනා අතර මහ පිරිත වගේ ගීතය හරිම ලස්සනයි ,සුන්දරයි , ඔබට දිගු ගමනක් යන්නට සුභ පැතුම් ,

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Год назад +1

    බොහොම සතුටුයි පුතේ හොඳ වැඩසටහනක් ..බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්මා ඔබට මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට

  • @ChandraJayanthi
    @ChandraJayanthi 8 месяцев назад +2

    මම හරිම ආශාවෙන් මේ වැඩ සටහන් බලන්නේ.හර්ෂණගෙ සිංදු අහන්නේ හරිම සතුටින්.ඔබ දෙපලට බුදු සරණයි

  • @amaldreams3047
    @amaldreams3047 Год назад +11

    පාන්දරින් ඉස්කෝලේට සිංදුවට තාමත් ආසයි.

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 8 месяцев назад +3

    වාසනාවන්ත අනාගතයක් උදාවේවා.
    ළමා ගීත වගේ ම වර්තමානයේ දීත් හර්ෂණ දිසානායක ගේ සිංදු අහන්ක ගොඩක් අය කැමතියි.ඒ නිසා වසරකට සිංදු එකක් දෙකක් නොවෙයි කීපයක් එලිදක්වන්න
    එය ඔබට, ඔබේ හඩට පුළුවන්.
    ජයවේවා.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 Год назад +4

    හරිම අපූරුයි .......... ඔයාගෙ ළමා ගීත අදටත් රසවිඳින ගීත......... ජයශ්‍රී මල්ලි .

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 Год назад +4

    හරිම සතුටුයි හරීන්ද්‍ර ,හර්ෂනව ඔබේ වැඩසටහනට කැදවාගෙන ඒම ගැන.
    මා පුද්ගලිකවම ඉතා කැමති නිහතමානී දක්ෂයෙක්. ඉරෙන් හදෙන් ජනප්‍රිය කාලයේදීම පුන්චි හර්ෂනව මගේ වැඩ කටයුත්තකටත් සහභාගි කරගන්නට අවස්ථාව ලැබුනා .ඩෙන්ගු නිවාරණ ජින්ගල් එකකට."ඩෙන්ගු වලට පියාඹන්න තටු දෙන්නේ කවුරුන්දෝ"
    අදටත් මේ ප්‍රචාරණ දැන්වීම විකාශනය වෙනවා. හර්ෂන වගේම ඒ දැන්වීමට පුන්චි ලමයි හැමෝම ලොකුයි.
    හර්ෂනට තව බොහෝ නිර්මාණ කරන්නට සුභපැතුම් !!!!❤❤❤
    .

  • @wijerathnenk
    @wijerathnenk Год назад +14

    21:10 අද කාලේ සිංදු කියන්න හැකියාව ඇති දක්ෂ අයවලුන් හට ,එයට යොමු වීමට නොහැකි වන “පොදු හේතුව” මොහුගේ කටින් ම අහන්න 🥲

  • @thilakgunasena2602
    @thilakgunasena2602 Год назад +3

    ඔයාට ලස්සන පෙනුමක් තියෙනවා.රැවුල නැතුව තමයි ඔයා ගොඩාක්. ලස්සන.