ශ්‍රී ලංකාවේ පහත්ම කුලය ගැන දන්නව ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • ඈත අතීතයේ තරම් නොවුනත් අපේ රටේ කුල බේදය තවමත් සමාජයේ ක්‍රියාත්මක වෙනවා. මම කලින් වීඩියෝ එකකදී ලංකාවේ කුල ක්‍රමය පිලිඹදව හා ලංකාවේ දැනට ක්‍රියාත්මක කුල වර්ග ගැන සරල පහැදිලි කිරීමක් ඔබට සිදුකරා. අද මම මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරන්න යන්නේ එකී කුල අතරින් ලංකාවේ දැනට පහත්ම ලෙස සලකන කුලය පිලිඹද යම් විවරණයක්. ඉතින් රැදී ඉන්න අපේ චතූ ප්‍රොඩක්ශන් යූටියුබ් නාලිකාව සමගින්
    ඒ අනුව ඈත අතීතයේ සිටම ලංකාවේ ක්‍රියාත්මක වෙන කුල අතරින් පහත් ම කුලය ලෙස සලකනු ලබන්නේ රොඩී කුලයයි. අනෙක් කුල වලින් ඉතාමත් ම පිලිකුල් සහගතවයි මේ රොඩී කුලයට සලකනු ලැබුවේ. මෑත ඉතිහාසයේ පමණක් නෙවෙයි අපේ බුදුන්වහන්සේ පහල වුනු ඉන්දියාවේ දී ද මෙකී රොඩී කුලය පහත් පහත් කොට සලකනු ලැබුවා.
    කොයි තරම් පහත් තත්වයෙන් සැලකුව ද කියනවනම් ඉහල කුල වල මිනිස්සු රොඩී කුලයේ මිනිසුන් තමන්ගේ මූණටවත් මුණ ගැසෙනව ට කැමති උනේ නෑ. දවස ආරම්භයේ දී රොඩී කුලයේ මිනිසෙකු මුන ගැසීම මුලු දවසම කාලකන්නි වීමක් ලෙස ඉහල කුල වල මිනිසුන් සැලකුවා. ඒ වගේම රජ කාලයේ දී රජ පෙල පතේ කාන්තාවකට රොඩී කුලයේ මිනිසකු මුනගැසුනොත් එය බරපතල වැරැද්දක් සේ සලකා අර රොඩී මිනිසාට දඩුවම් පවා දුන්නා. ඒ විතරක් නෙවෙයි එම උසස් කුලයේ යැසි සලකන කාන්තාවන් දින ගනනාවක් තමන්ගේ මුහුන ඇස් පිරිසිදු පිරිසිදු කිරීමේ කාරය වලද නිරත වෙල ඉදල තියෙනවා. ඒ වගේම තමයි රොඩී කුලයේ මිනිසුන්ට කිසිම ආගමික ස්ථානයකට ඇතුල්වීමට අවසර ලැබුනේ නෑ.
    අපි මුලින්ම බලමු රොඩී කුලයේ ඉතිහාසය මොනවගේද කියලා. මහා වංශය සදහන් කරන ආකාරයට රොඩී කුලය ආරම්භ වෙන්නේ ක්‍රි.ව 114-156 දක්වා ලංකාවේ රජකම් කල ගජභා රජතුමාගේ කාලයේ දි. එතුමා යුධ සිරකරුවන් ලෙස මිනිසුන් 24000 ක ප්‍රමානයක් ලංකාවට රැගෙන ආවා. ඔවුන්ගේ පැනයාම වැලැක්වීම උදෙසා ලංකාවේ මධ්‍යම කදුකරයේ කොත්මලේ ප්‍රදේශයේ ඔවුන් පදිංචි කරමු ලැබුවා. මේ ජනතාව මුලින්ම හදුන්වා තිබෙන්නේ රවුඩි යන නමින්. රවුඩි කියන නමේ සරල තේරුම තමයි නොහික්මුනු හා විනාසකාරී කියන තේරුම . ඉන්දීයාවේත් මේ ජනකොට්ටාසය හදුන්වා ඇත්තේ මිත්‍යාද්ෘශ්ටික අපිරිසිදු අමානුශික මිනිසුන් ලෙසයි. රවුඩි කියන නම් කාලයත් සමග සිංහල ව්‍යවහාරයේ දී රොඩී ලෙස උච්චාරණය වෙලා තියෙනවා.
    රොඩී කුලය සම්බන්දව එක ජනප්‍රිය ඉතිහාස කතාවක් තියෙනවා. පොලොන්නරු යුගයේ රජ කම් කළ පරාක්‍රම බාහු රජතුමා ගේ කාලයේ දී රජුට මුව මස් සැපයීම අනිවර්‍ර්‍ය කාර්‍යක් උනා. නමුත් කාලයකදී මුව මස් හිගවීම හේතුවෙන් රාජ උදහසින් ගැලවීමේ අරමුනින් මස් සපයන්නා විසින් රජුට මිනී මස් ලබා දුන්නා. රජුත් මුව මස් අනුභව කරන හිතින් මිනී මස් අනුභව කරන්න පුරුදු උනා. හැබැයි ඒ මිනී මස් කියලා රජු දැනගෙන හිටියේ නෑ. මේ කාරණය රජුගේ දියණිය වූ රත්නවල්ලී කුමාරියද දැනගෙන හිටියා. නමුත් ඇය ද මේ කාරණය රජුට වසන් කරගෙන හිටියා. කෙසේ වෙතත් කාලයකට පසු තමා මුව මස් කියලා අනුභව කර ඇත්තේ මිනී මස් බව රජතුමා දැනගන්නවා. රජතුමා මේ වංචාව සිදු කළ සියලු දෙනාට දැඩි දඩුවම් දෙන්න කටයුතු කරනවා. විශේශයෙන්ම රජුගේ දියනිය වූ රත්නවල්ලී කුමරිය රජ කුලයෙන් පන්නා දමා ඉතාමත් පහත් කුලයක් වූ රොඩී කුල මිනිසකුට විවාහ කර දුන්නා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා තම මුලු ජීවිත කාලයම සිගමනේ ගොස් ජීවත් වියයුතු බවට රජ තුමා අන කරා. මේ සිදුවීමත් සමග රොඩී කුලයේ එක් කොටසක් වෙන වල්ලී රොඩී කුලය පටන් ගත්තා කියත් ඉතිහාසයේ තියෙනවා. රොඩී කුලයේ අනෙක් කොටස වන නාහල්ල රොඩී කුලයේ ආරම්භය ගැන පැහැදිලි කතාවක් නැතත් වල්ලී රොඩී කුලය නාහල්ල රොඩී කුලයට වඩා තරමක් උසස් තැනක තිබූ බව කියන්න පුලුවන්.
    ශ්‍රී ලංකාවේ උඩරට නීතිය අනුව උසස් කුලවල පිරිස් යම් රාජද්‍රෝහී කටයුත්තක් හෝ බරපතල වැරැද්දක් කළහොත් එයට දඩුවම ලෙස රොඩී කුලයට පන්නා දැමීම දැකගන්න පුලුවන්. රොබට් නොක්ස් තම එදා හෙළ දිව ග්‍රන්ථයෙ ද හියූ නෙවිල් තම දේශගවේශන ලේඛන වල ද රොඩී කුලය සම්බන්දයෙන් විවිද කරනු ඉදිරිපත් කරලා තියෙනවා.
    ඒ වගේම රොඩී කුලය සම්බන්දයෙන් ලංකාවේ ඉතිහාසයේ එන තවත් ජනප්‍රවාදයක් තමයි සාලිය අශෝක මාලා කතා පුවත. රාජ කුමාරයෙක් වූ සාලිය රොඩී කුලයේ කෙල්ලක වූ අශෝක මාල සමග විවාහ වීම හේතුවෙන් සාලිය කුමාරයාට සිය රජකම ද අහිමි වූ බව කියවෙනවා. ඒ විතරක් නෙවෙයි සාලිය කුමාරයා රජ කුලයෙන් ද නෙරපා හැර තියෙනවා.
    ඒ වගේම 1812 සිට 1815 දක්වා කාලයේ දී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර තුමා වූ තෝම්ස් මෙට්ලන්ඩ් එකල ලංකාවේ නැටුම් ශිල්පිනියක වූ ලොවීනා අල්පොන්සු නම් රොඩී කුල කෙල්ලක සමග තිබූ ආදර සම්බන්දතාවයක් හේතුවෙන් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරතුමාට තම ආණ්ඩුකාර ධුරයද අහිමි වීමට ගිය බව ද ඉතිහාසයේ සදහන් වෙනවා.
    රොඩී කුලයේ මිනිසුන් බොහෝ විට යහපත් ජීවනෝපාය වල නිරත වුනේ නෑ. සමාජ විරෝදී ක්‍රියා, වංචනික ක්‍රියා, මන්තර ගුරුකම්, මිනී මැරීම්, බිලි පූජා වැනි දේවල් ඔවුන්ගේ රැකියාවල් වෙලා තිබුනා. ඇතැම් විට වෙනත් යහපත් ජීවනෝපායක නිරත වීමට උසස් යැයි කියාගන්නා කුල වලින් ඉඩ ප්‍රස්ථාව නොලැබීම රොඩී මිනිසුන් මෙවැනි රැකියාවල නිරත වීමට මග පෑදුනා වෙන්නත් පුලුවන්. මොකද ඒ තරමටම කුල බේදය එකල ලංකාවේ දරුනු ලෙස ක්‍රියාත්මක වුනා.
    අතීතයේ දී නම් රොඩී කුලයේ මිනිසුන්ට ඇදීමට නියමිත ඇදුමක් තිබුනා. ඔවුන්ට උඩුකය වැසෙන සේ ඇදුම් ඇදීමට අවසර ලැබුනේ නෑ. මේ පහත් තත්ත්වයෙන් රොඩී කුලයේ මිනිසුන්ට යම් තාක් දුරට හෝ සහනයක් ලැබුනේ ඉංග්‍රීසි පාලන කාලයේ දී වීම විශේශත්වයක්. ඒ වගේම තමයි රොඩී කුලයේ මිනිසුන් ජීවත් වෙන නිවෙස් වල ජනෙල් දැමීමට ද අවසර ලැබුනේ නෑ. නමුත් තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී එම නීතිය වෙනස් කරලා ජනෙල් සහිතව නිවෙස් ඉදිකිරීමට රොඩී කුල මිනිසුන්ට අවසර ලැබුනා. ඒ වගේම රොඩී කාන්තාවන්ට උඩුකය වැසෙන සේ ඇදුම් ඇදීමට අවසර ලැබුනේ ද ඉංග්‍රිසි පාලන කාලයේ දී වීමද විශේශත්වයක්. ඒ විතරක් නෙවෙයි කැමති රැකියාවක නිරත වෙලා මුදල් ඉපැයීමේ අයිතියද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රොඩී කුල මිනිසුන්ට හිමිකර දුන්නා.

Комментарии • 71