Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම AL කරද්දි භාවිතා කරපු ක්‍රමවේදයක් තියනවා මේ වගේ ඉගෙන ගන්න අයට ගොඩක් සාර්ථකයි කියලා හිතෙනවා. සර් කියන විදියට ඉගෙන ගන්න දේ අමතක වෙන්නෙ repeat වෙන්නෙ නැතිකම නිසා. මම AL කරන්න පටන් අරගෙන මුලින්ම කලේ පාඩම් කරන හැම දේකම summary එකක් හදාගෙන ඒක ලොකු අකුරින් කොලේක ලියලා බිත්තියෙ අලවපු එක. උදේ නැගිට්ට ගමන් නිදිමත යනකම් කලේ ඔය summary ටික කියවපු එක. කාලයක් ඒ විදියට කරගෙන යද්දි බිත්ති වල ඉඩ මදිවෙන්න ගත්ත නිසා ලොකු දින කැලැන්ඩර් හොයාගෙන ඒවයෙ summary ලියලා එක පිටුවක තියන ටික දවස් තුනක වගේ rotation එකකට බලපු එක. එතකොට හැම මාස එකහමාරකට වගේ කැලැන්ඩරේ පිටු 12 repeat වෙනවා. සමහර දේවල් කාලයක් යනකොට නැවත බලන්න අවශ්‍ය නෑ කියලා තේරුනාම ඒක ගලවලා වෙනම පැත්තකින් තියලා තිබ්බා. උදේට අමතරව පාඩම් කරද්දි නිදිමත එන හැම වෙලාවකම කලේ පුටුවෙන් නැගිටලා ඔය ටික කියවපු එක. ඊට අමතරව පොඩි පොතක් යන යන තැන අරගෙන ගියා. අපි පාඩම් කරලා ඉවර කරපු පාඩමක අපිට මීට කලින් නොදැන හිටපු අලුත් දෙයක් අහන්නට ලැබුනොත් ඒක ලියාගන්න. ඒ පොතේ ලියවෙන ඒවා මතක තියාගන්න වැඩි අමාරුවක් නෑ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගෙන අවසන් නිසා ඒක අලුත් දෙයක් නිසා මතකයට යන වේගය වැඩියි. ඔහොම කරන්න පටන් ගන්න කලින් පාසලේ වාර විභාගයට රසායන විද්‍යාවට තිබ්බෙ ලකුණු 32යි. අවසානයෙ උසස් පෙළ විභාගයෙ රසායන විද්‍යාව A සහ අනිත් විශයන් දෙකට B සාමාර්ථ ඇතුව ලංකාවෙ මුල් 1000 අතරට එන්න පුලුවන් උනා. මේ වීඩියෝ එක බලද්දි මට තේරුනේ ඒ කාලෙ මෙහෙම theory එකක් ගැන නොදැනුවත්වම කරලා තියෙන්නෙ මේ දේම තමයි කියලා. සර්ට බොහොම ස්තූතියි මේ කරන සේවයට.පසුව ලියමි.විභාගයකට මුහුණ දෙන කෙනෙක් නම් මේ ටික කරන ගමන් මේවා ප්‍රායෝගිකව භාවිතා වෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකත් හැම පාඩමක්ම අවසානයෙ කරන්න. ඊලඟට ඒකත් repeat කරන්න. මම AL රසායන විද්‍යාව papers ටික 4පාරක් නැවත නැවත කලා. අනිත් විශයන් ටික එක පාරක් වත් ඉවර කරගන්න ලැබුනෙ නෑ මොකද ඔක්කොම ඇනගෙන ආසාව ඇතෑරලා දාලා මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඔය වැඩ ටික පටන් ගත්තෙ. මුල ඉඳන් කලානම් සෑහෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා.
Thank you ❤
Thank you ❤️
Aye krn nedd eii
Thanks
Thanks 🤝
මිත්‍යාව වෙනුවට විද්‍යාව,යතාර්ථය සමාජගත කරන ඔබ අපේ රටට සම්පතක් ❤💪
❤️❤️
🎉
Ado no trip pisso neda 😮
Sir,1. Creative Thinking improve කරගන්න විදිය2. භාවනාවක් පුරුදු වෙන විදිය3. Time management කරන විදිය4. Communication skills improve කරගන්න විදිය5. කම්මැලිකම නැති කරගන්න විදිය6. Self Discipline හදාගන්න විදියමේව ගැන videos ටිකක් හදන්නකො please. මම හිතනව මේ මට විතරක් නෙමෙයි ගොඩක් අයට තියන ප්‍රශ්න. ලොකු උදව්වක් වෙයි මේව ගැන හදන්න පුලුවන්නම් 🙏❤️
Creative thinking
Yep
Yes Please
Ow sir, eeka atta.
Pothak kiyawanna patanaragena tika welawakin nithimatha ethiweema walakwa geneemata pulawan kramath kiyanna puluwannam hodai.
Thank you sir . සහෘදයා = සමාන අදහස් ඇති තැනැත්තා ❤
මම භාවිතා කළ ක්‍රමයක් තමයි උසස් පෙළ කාලෙ, නැවත නැවත කෙටි සටහන් ලියන එක. මුලින්ම පාඩමක් බලාගෙන, පස්සෙ අමතක තැන් බල බල, අන්තිමට මතකයෙන්. 3න් පාරක් වගේ කරනකොට මට හොඳට මතක හිටිනව.
මට දැන් අවුරුදු 21 යි. මගේ හීනෙත් කවදා හරිඔබතුමා වගේ සමාජයට දැනුම පතුරුවාහරින අලුත් දේවල්හොයන කෙනෙක් වෙන්න.❤
🕋🇱🇰🤲🧕👍🌹🌷🥀🥀🕌🥰📨🛖🌺💰💰💰💰👋🙏🙏🙏🙏🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කැම්පස් select ද
🥰
එසේම වේවා...
💪🔥
ඔබට ස්තූතියි සර් .....සමහර අය තමන් ගාව තියන දැනුම කාටවත් දෙන්න ලෝභයි.නමුත් ඔබ කිසිදු ලෝභ කමක් නැතිව ඔබගේ දැනුම සමාජයට පතුරවා හරිනවා..මට වගේම තවත් පාඩම් කරන ඒවා අමතක වෙන අයට මෙය ලොකු උදව්වක් සර්...👍👍👍👍👍
අර ලස්සන කවියක් තියෙන්නේ, "පහනින් පහන් සිය ගණනක් ඇවිළුවද..එපහන් සිලෙහි මුළු අඩු නොව දිලෙන ලෙද..." ඒ කවිය වැරදියි! ඇත්ත තමයි දැනුම බෙදාගන්න බෙදාගන්න තමයි අපේ දැනුමත් වැඩි වෙන්නේ!
@@ScienceWithRuchira u
@@ScienceWithRuchira 💯❤️🩹
@@ScienceWithRuchira 100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි.එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි.එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
බොහොම ස්තුතියි, පින්.මම අවුරුදු 68 කෙනෙක්.මගේ MA එක විසිස්ට සමර්තයයක් ඇතිව සමත් උනේ 2021 වර්ෂයේ.මම ඔය සමහරක් ක්‍රම බාවිතා කලා.දැන් මම බෞද්ධ මනොවිද්ද්‍යා උපදෙසනය ආස්ස්රයෙන් පොතක් ලියන්න කරුණු සොයනවා.එවිට එදා මග හැරුණු, එදා මතක තිබ්බ දැන් අමතක දේවල් හමුවෙනවා.මට හිතනවා මම දැන් තමා හොදටම MA එකට පාඩම් කරන්නේ කියලා.ඔබතුමාගේ බොහෝ වැඩසටහන් මම බැලුවා.ඒ වගේම එයින් ප්‍රයෝජන ගන්න shere කලා.එකත් පිංකමක්, දානයක් කියලා මම හිතනවා.ස්තුතියි
mata awrudu 44. mam hithan hitiye mama parakku wadi kiyala aluth upadiyak karanna. obathumiyage wachana tika mama photo ekak aran thiyagaththa. Bohoma pin.
✨️❤
ඔබේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා ආදර අම්මේ. මමත් ළදරු පාසල් පාඨමාලාවක් හදාරන්නට සූදානම් වෙනව.
ඇත්ත වශයෙන්ම විශිෂ්ඨයි අම්මේ... අවුරුදු 68ක් වෙලත් ඔබතුමිය තමන්ගේ හීනය අත්නොහැර ඒ වෙනුවෙන් දරන කැපවීම අපි සැමටම ලොකු ආදර්ශයක්... 😍❤
ගොඩක් ස්තුති සර්.මන් පිරිවෙනක උගන්නන කෙනෙක්.මන් මේ දේවල් අපේ පොඩි හාමුදුරුවරුන්ට උගන්නන්නම්
ඔබතුමාගේ පැහැදිළි කිරීමේ හැකියාව ඉතා සාර්ථකයි එය අපේ රට ඉතා ඉක්මනින්ම සංවර්ධිත රට බවට පත්කිරීමට හැකි වේවි
ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ කරන දේවල්නම් උතුම්. ❤️
අද ලෝකයේ කොච්චරනම් බුද්ධිමත් අය ඉන්නවා ද ප්‍රඥාවෙන් උසස් අය කොච්චර ඉන්නවද බවුද්ධ අය විස්වාස කරනවා මිනිස්සු මතු බවයේ සත්තු වෙලා ඉපදෙනවැයි කියල ඒ නිසා ඔවුන් ඉහළ තනතුරක් දරණකොට සහ ඉහළ හැකියාවන් තිබෙනකොට අනෙක් මිනිස්සු දිහා බලන්නේ සත්තු කියල හිතාගෙන සමහර අය ජීවත් වෙන්නෙත් සත්තු වගේ මිනිස්සු මරන්නේ සහ පාලකයෝ මිනිස්සුව පාලනය කරන්නේ සත්තු කියල හිතාගෙන ක්‍රිස්තියානි අයත් ඊට සමානයි පාපයට සමාව තියෙනවැයි අනාගතයේ දී ජීවත්වෙනවැයි දෙවියන් වහන්සේ ජීවමානයි කියල කිව්වට සමහර අය මැරිච්ච අය වගේ ජීවත් වෙන්න හදනවා කරන්න පුළුවන් හැම ජරාවැඩක්ම කරන්න හදනවා නත්තල් කාලයේ සිංදු කියල කාලබීල අඩිගහල කිසිම ලැජ්ජාවක් නැතිව සමහර අය වෙරි පිටින් පල්ලි ගිහින් සුද්දවන්තයෝ වගේම හිටගෙන ඉන්නවා සමහර අය සහ සමහර පූජකයන් බාල අපචාර කරනවා සමහර පූජක පක්ෂයේ අය හොරෙන් ළමයි හදනවා සමහර ගිහියන් හොරෙන් කසාද දෙක තුන බඳිනවා දෙවියන් වහන්සේ ජීවනයි කියල හිතාගෙන දෙවියන් වහන්සේට සමානව ඉන්න බලනවා සතුටින් සන්තෝෂෙන් විනෝදෙන් අප්පොඩි ගහල නටල නමුත් ස්භාවධර්මයාගේ නීති හැමෝටම එක හා සමානයි කියන එක දන්නේ නැහැ විනිශ්චය කරන්නේ ස්භාධර්මයේ තීන්දු මත පදනම්ව දේවත්වයේ මැදහත් වීමෙන් සාදාරණව වැරදිවලට නිදොස්කම ලබාගැනීමෙන් කියන එක දන්නේ නැ දෙවියන් වහන්සේ හැම මිනිසාට එකම ආකාරයට ආදරය ආරක්ෂාව ලැබෙනබව සමහර අය දැනගෙන නැහැ අවසාන විනිශ්චයක් හැමෝටම තියෙනවා කියල දන්නේ නෑ.
නිර්ලෝභී ගුරුතුමා ! ඔබතුමාගේ දැනුම වගේම මෙවැනි උපක්‍රම කියාදීම දරුවන්ට විශාල උපකාරයක් .බුදු සරණයි !!!❤❤❤
බොහොම ස්තූතියි සර්! මම පාසල් ගුරුවරියක් . මේක මගෙන් ඉගෙන ගන්න සියළු දරුවන්ට මම කියලා දෙනවා මමත් ප්‍රායෝගිකව භාවිතා කරන ගමන්. මම ඔබ ගැන දරුවන්ව දැනුවත් කරනවා. ඔවුන්ට හැකි වේලාවට ඔබගේ video නරඹන්න කියලා. ඇත්තටම ස්තූතියි සර් ඔබට.
Great
A/L විභාගයට මාසයක් තියාගන ඉන්න මට මේ video එක හම්බුනේ මගේ පිනකට ❤️🙏ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏
❤
මේක මාරම ඇත්ත .. මට ඉස්සර පන්ති යන බස් එකේ යන්න එන්න පැය 4ක් විතර ගියා .. කරන්න දේකුත් නැති නිසා මම පන්තියෙ කරපු ඒව මතක් කරා දිගටම ගෙදර එනකං. ගලේ කෙටුව වගේ තමයි ඉතින්.
බොහොම ස්තූතියි සර් ඔබතුමාට ❣️. A/L Biology වලට මාරම වැදගත්. සර්ට බොහොම පින් සර් මේ දේවල් කියලා දෙනවට. ❤️🔥
බොහෝ මත්ම පිං ඔබතුමා ට කිසිදු ලෝභ කමක් නැතිව මතකය ගොඩ නගා ගැනීම කියල දීලා සමාජ ගතකරන්න ගත්තාවු උත්සාහයට🙏🙏🙏
හිත නිවෙනවා, පුදුම මානසික නිදහසක්, අසාවක්, ගැම්මක් දැනෙන්නෙ සර් ඔබතුමා ගෙ මේ දේශනාව අහද්දි ❤
විභාගයකට ඉදිරිපත් වීමට සිටින අයට කරුණු මතක තබාගන්න විධිය1. පොත් හෝ සටහන් දිගින් දිගටම කියවීම නිශ්ඵල වැඩක්.ඒකෙන් වෙන්නෙ වටිනා කාලය අපතේ යාමක්.ඒ වෙනුවට පහත දැක්වෙන වැඩපිළිවෙල අනුගමනය කරන්න.2. එක් එක් විෂයයේ එක් එක් මාතෘකාවලට අදාළ කරුණු ඇති විවිධ අච්චු පොත් සහ විවිධ පාසල්වල විවිධ ගුරුවරුන් ඒ මාතෘකාවට අදාළව දී ඇති සටහන් ආදිය යාළුවන්ගෙන් ඉල්ලාගෙන එකතු කර ගන්න.3. ඒ පොත් සහ සටහන් මේසය මත දිගහැරගෙන ඒවායෙහි එකම කාරණය විවිධ ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය කියවමින් ඒ කරුණු සියල්ල එක් කොට තමන්ගේම සටහනක් හදන්න.4 .එවිට විශාල විස්තරයකට මුල් වූ මූල කාරණය හෙවත් මූලික සංකල්පය අහුවෙනවා. ( සුවාසූ දහසක් ධර්මස්කන්ධ විදියට විස්තර කරන්නෙ චතුරාර්ය සත්යය නේ. අන්න ඒ වගෙයි.)සාරාංශ ලිවීමේදී මේ කාරණය ඔබට හොඳින් වැටහෙන්නට ඇති. යම් ඡේදයක් ලියලා තියෙන්නෙ එක් කරුණක් හෝ දෙකක් මුල් කර ගෙනයි.අන්න ඒ මුල් කාරණය අල්ලගන්න. එවිට ඔබටත් එම කරුණ විස්තර කරමින් රචනා ලියන ක්රමය අහුවෙනවා.5. ඒ මූලික කාරණය හරියට තේරුම් ගත්තම ඊට අදාළව අහන ඕනෑම පැනයකට උත්තර දෙන්න පුලුවන්කම ඇති වෙනවා.6. ඊළගට ඒ කරුණු යාළුවෙකුට කියල දෙන්න.ඉගෙන ගන්න හොඳම විදිය ඉගැන්වීමයි.7. කවි,ගාථා වගේ කටපාඩම් කර ගත යුතු දේවල් පොතපත කියවල කම්මැලි හිතෙන වෙලාවට සහ නිදිමත එන වෙලාවට යොදාගන්න.8. කවි හෝ ගාථා කටපාඩම් කරන්නෙ මෙහෙමයි.මුලින්ම කවිය හෝ ගාථාව ඊට උචිත ඒකට අයිති තාලයෙන් ලස්සනට ශබ්ද නගා පස් වතාවක් ගායනා කරන්න.ඊළගට පොත වසා මතකයෙන් එම කවිය හෝ ගාථාව ශබ්ද නගා ගායනා කරන්න. එවිට එය නාද රටාවත් සමගම මනසෙහි තැන්පත් වෙනවා.අපට ඇස ආදී ඉන්ද්රිය පහක් තියෙනව නේ.ඉගෙනීමෙදි මේ පහ හොඳින් ප්රයෝජනයට ගන්න ඕන. ශබ්ද නගා පාඩම් කරන විට කනෙන් දැනුම එනවා. කවිය හෝ ගාථාව පොත බලාගෙන කියවන කොට ඇහෙන් දැනුම එනවා. ඊට පස්සෙ එම කවිය හෝ ගාථාව මතකයෙන් පොතක හෝ කොලයක ලියන්න . එවිට අත මුල් කරගෙන කයින් දැනුම එනවා. ටැංකියකට බට දෙක තුනකින් වතුර එනකොට එය ඉක්මනින් පිරෙනවා වගේ ඇස,කන,කය ආදී දොරටු කිහිපයකින් දැනුම එන විට එය මනසේ හොඳින් තහවුරු වෙනවා.( ගෘහ විද්යාව වැනි විෂයයන්වලදි දිව සහ නාසය දැනුම ලබා ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන්. )9. පොත හෝ සටහන් කියවමින් නිදි කිරා වැටෙන එක පාඩම් කිරීමක් නෙවෙයි. එම පාඩම හෝ සටහන වෙනත් පොතක ලිවීමෙන් පොත් බලනවාට වඩා හොඳින් කරුණු මතකයේ තැන්පත් වෙනවා.10. විභාගය කිට්ටු කරලා පාඩම් කරන එකත් බොරු වැඩක්.උදාහරණයකින් කීවොත් ; ගෙයක් හදන්න සූදානම් වන කෙනෙක් ගඩොල්,වැලි,කොන්ක්රීට් ගල්,සිමෙන්ති ආදිය එක ගොඩේ දමාගත්තා වගෙයි.ඒවායින් වැඩක් ගන්න බැරි වෙනවා. ගේ හදන්න අවශ්ය බඩු අවශ්ය වෙලාවට හොයාගන්න බැරි වෙනවා.විෂය කරුණු මනසේ පිළිවෙලකට තැන්පත් වෙලා තිබුණොත් තමයි විභාගයෙදි පිළිතුරු ලියනකොට ඊට අදාළ කරුණු පිළිවෙලකට මතක්වෙන්නෙ.ඒ නිසා සිලබස් එකට අදාළ ඉගැන්වීමේ කටයුතු පටන්ගත් දවසේ සිටම ඒවා මතකයේ තබාගැනීමේ කටයුත්තත් ආරම්භ කරන්න ඕන.11. යහළුවන් සමග කරුණු සාකච්ඡා කිරීමත් හොඳ ක්රමයක්.12. ගණන් මතක හිටින්න නම් ඒවා නිතර නිතර හදන්න ඕන.අබ්යාස කරන්න ඕන.රූප සටහන් ඇඳලාම පුරුදු වෙන්න ඕන.( මේකෙ සමහර අකුරු ටයිප් කරන්න බැහැ.ඒ වුණත් තේරෙන විදියට ලියලා ඇති. )
ඔබත් හරි.. ඔබ කියන්නේ දැනුම සංවිධානය කරන ක්‍රමය... සංවිධානය නොකර, දැනුම නැවත කැඳවන්න අපහසුයි.. ස්තුතියි
👍
ක.
🙏🙏🙏🙏 ලොකු උදව්වක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️ගොඩාක් ස්තූතියි ඔයාටත් බොහොම පින් 🙏
ස්තූතියි
රෑට නින්දට කලින් දවසේ කරපු දේවල් මතක් කරනෙක පුරුද්දක් කරගත්තම මතකය ගොඩාක් තීව්‍ර වෙනවා.
ඔයා ඒක අත්හදා බැලුවද සාර්ථක උනාද
බුද්ධියට අමතමින් ,බුද්ධිය වර්ධනය කරවන ඔබතුමාට ස්තුතියි .
විශ්වකෝෂයක් ඔබතුමා නම් ❤දැනුම හැම නිතරම update වෙන්න ඕනා වර්තමාන තාක්ෂණය එක්කම. ඒකට හොඳම උදාහරණයක් ඔබ තුමා ❤
දරැවන්ට බොහොම වටිනාකමක් තියෙන වැදගත් වැඩසටහනක් .
මෙවා දැනගෙන හිටපු අය තව ලංකාවේ ඉන්න ඇතිනේ එත් සර් තමා මේක කියලා දුන්නේ. සර් තමා මට හම්බුන හොදම ගුරුවරයා. සර් අපේ රටේ දැන් ඉන්න වටිනාම සම්පතක්.
ඔබතුමා සුපිරි මානව හිතවාදී සහෘද්දයෙක්.හැමදාම වගේ ස්තුතියි සර්.අපට ප්‍රායෝගිකව අත්‍යාවශ්‍ය වනදේ ලබා දීම සම්බන්ධයෙන්
මම 10 ශේනියේ ළමයෙක් විද්‍යාවට මාරම ආසයි...ඔබතුමා කරන මේ දේශනය මට ගොඩක් වැදගත්...
🎓✍️✍️✍️✍️✍️✍️✍️✍️🎓"සුචිපුලිභා කතං පණ්ඩිතෝ භවෙය්‍ය"තේරුම÷කවර විෂයක වුවද මනා උගතෙකු වීමට සුචිපුලිභා අනුගමනය කරන්න.👉 පියවර - 01සු > සුණාති = අහන්න(හොඳින්, ආශාවෙන්, කන් යොමුකොට)👉 පියවර - 02චි > චින්තයති = හිතන්න ( ඇසූ දේ ගැන)👉 පියවර - 03පු > පුච්ඡති = විමසන්න (ගුරුවරයාගෙන් හෝ ඒ පිලිබඳව දැනුමැති කවර කෙනෙකුගෙන් හෝ)👉 පියවර - 04ලි > ලිඛති = ලියන්න(විමසීමෙන් දැනගත් නිවැරදි දේ)👉 පියවර - 05භා > භාසති = කියන්න (ලියාගත් දෙය, හඬ නඟා කියන්න)ඉහත පියවර පහ අනුගමනය කිරීමෙන්, තමන් හදාරන කවර විෂය පථයක වුවද මනා උගතෙකු වීමට හැකිය. 🏆🎖️🥇🏅🏆තෙරුවන් සරණයි!!! 🙂🎓✍️✍️✍️✍️✍️✍️✍️✍️🎓
බොහොම ස්තූතියි ඔබ තුමාට මෙම දැණුම ලබා දීමට...
පටන් ගද්දිමහිතවත් සහෘදයනි කියන කොටසට මං හරි ආසයි.දහ පාරක් විතර බැලුව ඒක🙃
ගොඩක් පින් සර්❤️මමත් මේ පාර AL කරන කෙනෙක්.ගොඩක් ස්තූතියි අපිට එක්ක මේවා බෙදා ගන්නවාට.ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි මිනිසුන් දහස් ගණනින් මේ ලංකාද්වීපයේ පහළවේවා!
💝
godak aya innw hemoma mehema humble ne
මට හිතෙන විදියට නම් මේක habit එකක් කර ගන්න ඕනි දෙයක්. කුඩා ළමුන්ට වඩා ප්‍රයෝගිකව කරන්න පුළුවන් technique එකක් දුව ගේ අධාරයෙන් කියා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ඔබට දීර්ඝායුෂ
සර්ගෙ හරි ලස්සන හිනාවක් තියෙනවා. සර් විනාඩි 2ක් 3ක් ඇතුලත නැවත නැවත හිනා වෙනවා 🥺❤️ හිනාව පිටිපස්සෙත් මොකක්හරි හේතුවක් තියෙනවද? සර්
ම්....මොනාහරි තින්ව හැබැයි🧐
සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ තුමාගේ ආදරණීය කුඩා දියණියට නෝනා මහත්මියට , දෙමව්පියන් ටත් ඔබතුමා කරන මේ සමාජ සත්කාරයේ පිං අනුමෝදන් වෙත්වා !!! සියලු දෙනාටම තෙරුවන් සරණයි !!! සුභ අනාගතයක් වේවා!!!
උතුම් මානවහිතවාදී මිනිසෙක්,තෙරුවන් සරණයි...!
සර්ගෙ පිටිපස්සෙ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩ ඉන්නව දැකල මට ඇත්තටම සතුටු හිතුනා. තව දුරටත් නිර්මල බුදු දහම අධ්‍යයනය කරන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤
🙏🙏🙏❤️
🤣🤣🤣
🙏🙏🙏
Thanks sir....ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දුලබය ....දීර්ඝායු....
ඔබ තුමාගේ දැනුම විශිෂ්ඨයි.ඒවගේම එය ලබාදිම ඉතාම නිර්ලෝභිව සහ පැහැදිලිව ලබාදීම පිළිබඳවත්බෙහෙවින්ම ස්තුතියි.ඔබතුමාගේ විස්තර කිරිම අතරතුර "සාමාන්‍යයෙන්" යන වචනය බොහෝ වාරයක් භාවිතා කිරීම ඔබ තුමාගේ පුරුද්දක් යැයි සිතමි.ස්තුතියි.
ඉපදෙන ආත්මයක් ගානෙ ඔබ තුමාට ජයෙන් ජය වේවා .........🙏🙏🙏🙏
තවත් ආත්මයක් නොලැබේවා!
@@dhampalparapura 👍👍👍මේ රටේ දැන් ගෙවන පව් හොඳට ම ඇති......
නිරහංකාරව හා නිර්ලෝභීව තම දැනුම ලෝකය සමඟ බෙදාගනිමින් මේ කරන සේවයට ඔබතුමාට බොහොම පිං සිදු වේවා!
රුචිර :- මන් ඉගෙන ගන්නෙ වැඩිහිටියෙක් වුනාම විද්‍යාව ඇසුරු කරගෙන සාර්ථකත්වය ලගා කරගන්නබහුතර ළමයි:- අපි ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න..රට යන්න.කෙල්ලෙක් හොයාගන්න. කීර්තිය ලබා ගන්න.
@Dream hunter ruclips.net/video/wShhnH0pg0k/видео.html
Ha
ළමයින්ගේ සිතුම් පැතුම් වලට 75% ක් ම බලපාන්නේ එයාලා ඉන්න වටපිටාව..ඒ වටපිටාව වෙනස් කරගන්න තියෙන හැකියාව ළමයෙක් විදිහට එයාලට නෑ..ළමයින්ට හරි vision එකක් තියා ගන්න පුළුවන් විදිහේ practically ආදර්ශමත් වැඩිහිටි සමාජයක් නැති කොට එයාලට වැරැද්දක් කියන්න බෑ...කකුළු අම්මා ඇදේට ගිහින් පැටවුන් ට කෙලින් යන්න කියනවා වගේ වැඩක්..
ඔබතුමා ගේ මෙවැනි ඉගැන්වීම් youtube එකෙන් බලනවා.අපට අලුත් දැනුම එක් කර දීම ගැන පින්.මම මතක තබා ගෑනීමට සටහනක් කියවා එහි විස්තර හැකි උපරිම ආකාරයට සාරාංශ කර කෙටි සටහන් පොතක් පවත්වා ගෙන යනවා.ඔබතුමා කියපු ආකාරයටම මුල් කියවීමෙන් පසු දින කීපයක් වරින් වර කෙටි සටහන බලනවා.ඒ වාගේම සටහනක් කියවා ටික වේලාවකට පස්සේ එය තවත් අයට කියා දෙන විධියට ශබ්ද නගා දේශණයක් කරන විධියට තනියම කියවනවා.ඒ ක්‍රමය මට හුගක් මතක තබා ගන්න උදව් වෙනවා.
මීට කලින් බලන්න තිබුණනම් හොඳයි කියලා හිතුන වීඩියෝ එකක්
ෆයින්මන් , පොමොඩෝරෝ ටෙක්නික් ගැන ඔබතුමා වැඩි වශයෙන් කතා කරන්න... ගිරව් බිහිවීම අඩු කරන්න ලොකු පිටුවලක් වේවි.. ජයවේවා මහත්මයා ✌ 🖤🖤
"සාමාන්‍යයෙන්" මෙහෙම අවංක දැනුමක් සමාජ ගතකරන්න කෙනෙක්ගෙ හිත නැඹුරුවෙන්නෑ.... ඔබ "සාමාන්‍යයෙන්" කරන දේවල් කීම ඉතා වටිනව.. බෙහෙවින්ම ස්තුතියි 🙏
😄
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්.මා වයස අවුරුදු 65 ක අයෙක්.ඉගෙනගැනීම විනෝදාංශයක් කරගත් මා හට මෙය ඉතාමත් වැදගත්.බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
මා අනුගමනය කරන්නේ ලස්සන අත්අකුරෙන් චූටි කොල කෑල්ලක ලියාගෙන සාක්කුවේ දාගෙන විටින විට බලනවා කවුරු හමු උනත් මගේ කොල කැබැල්ලේ අන්තර්ගතය කා සමඟ හෝ කතා කරන්න පසු බිමක් හදා ගන්නවා.ඔබ පුදුම වේවි, ඉහළ අධ්‍යාපනයක් නොලත් අයෙකුට හෝ සරල කර කියා දෙන්න බලනවා.මේ හේතුව නිසා මතකය සැමදා පවතිනවා.ඒ අතරට අමතකවීමේ ප්‍රස්ථාර ගත රූපය තුලින් හොඳ සංසන්දනයක් කිරීමේ අවස්ථාවක් ලැබුණා.ලස්සන අත්අකුරු ලියන්න පුරුදු වෙන්න.ඕනෑවට එපාවට කටු අකුරු ලියන්න එපා.කාලය ගත උනත් කෙනෙක් ප්‍රිය කරන අකුරු ලියන්න.තමන්ටම ආසා හිතෙනවා කියවන්න.
@@mithilabandara8322 ඒක ඇත්තක් මහත්මයා 💪🙏
@@mithilabandara8322 👍
❤️❤️❤️
බොහොම ස්තුටියි හොදට තේරැනා ස්තුටියි සර් 😊
මට දැන් වයස 45යි , දැන් තමයි ගැඹුරින් ඉගෙන ගන්න ඉන්නේ, අපිට slides වලින් උගන්නන නිසා මම නම් සතිය ඇතුලත soft copy එකක් හදලා hard copyයක් ප්‍රින්ට් කරනවා. ඒ hard කොපියේ highlight කරනවා සමරිය.ස්තුතියි professor ...මේ කරුණු තවත් අය අතර බෙදාගන්නම් ...
මේක ඇත්තක්..සර් කිව්ව විදිහට පාඩම් කරාම මතක හිටිනවා...😊.බොහොම ස්තූතියි සර්..☺️
සාමාන්‍යෙන් ගොඩක් විට ඉස්සර o/l කාලෙ මතක තියාගන්න අමාරුම කෑලි තමා භූගෝලය,ඉතිහාසය,සාහිත්‍යය වගේ විෂයන්.මං ඒවගේ ඒවා මතක තියාගන්න ක්‍රම දෙකක් පාවිච්චි කලා.පට්ටෙට හරිගියා.1.පාඩම්වල තිබ්බ කෙටි කරුණු,බහුවරණ වලට එයි කියලා හිතුණ කරුණු වෙනම ප්‍රශ්ණ විදියට ඇරගෙන කොලේක ලියාගත්තා.පස්සෙ ඒ කොළ බල බලා උත්තර හිතෙන් මතක් කරගත්තා.බැරි ඒවා ආයෙ ආයෙ බැලුවා.2.පුළුවන් තරම් විස්තර ප්‍රශ්ණ ටයිම් එකට හොය හොයා ලිව්වා.සාමාන්‍යෙන් o/l පේපර් එකක විස්තර ප්‍රශ්ණයක් ප්‍රධාන කරුණු තුනකට,දෙකකට තමා ලියන්න එන්නෙ.ඒ කරුණු වෙනම හදාගෙන ඒවා ලස්සනට මැනේජ් කරගෙන ලිව්වා විභාගෙට අවුරුද්දක් කලින් ඉදලා. ඔය ක්‍රම දෙක නිතර නිතර කොහොම හරි කරගත්ත හින්දා ලොවෙත් දන්නවා ඔලුවට කරුණු තිතටම යනවා කියලා.
භෞතික විද්‍යා සිද්ධාන්ත මතක තබා ගැනීමට සතියේ දින හතේම විෂයය කරුණු පරිශීලනයට පැය 2 ක් වෙන් කරන අතර ඒ ආශ්‍රිත ප්‍රශ්න කිරීමට පැය භාගයක් වෙන් කිරීමෙ ක්‍රමය මම මේ දිනවල කරමි.
මම බාවිතා කරන ක්‍රමය තමයි ; මුලින්ම පොතක් හරි නෝර්ට් එකක් හම්බ වුණාම ඒක කියවගෙන යන ගමන් වැදගත් කරුණු ටික හයිලයිට් කරගෙන යනවා , දෙවනුව මම ඒ හයිලයිට් කල වැදගත් කරුණු ටික පොයින්ට් ෆෝම් එකේ ලියාගනිමින් පොඩි ශෝට් නෝට් එකක් ලියාගෙන යනවා, තෙවනුව මම ඒ ශෝට් නෝට් එක කියවන ගමන් ඒකේ අමතක වෙන ඒ වගේ ම වැදගත් කරුනු හයිලයිට් කරගෙන යනවා . පස්සේ ඒ හයිලයිට් කරපුවා හොඳට පාඩම් කරලා ආයිත් මතකයෙන් පුංචිම පුංචි නෝට් එකක් හදනවා. විභාගයට යන්න ඉස්සෙල්ලා ඒ පුංචි නොර්ට් එක නිකම් බලාගතාම ඇති . ගොඩාක් කරුණු මතකයේ රැදිලා තියෙනවා. මේ ක්‍රමය සර් දැන් කියලදුන්න තියරි එකත් එක්ක ඒ ඒ Time එකට කලොත් නියමෙටම මතක තියාගන්න පුළුවන් . Thank you sir .
ඉගෙන ගන්නා දරුවන්ට ඔබ මේ දෙන අවවාද ඉතාමත් වැදගත් ! ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමන්ට...උසස් පෙල ශිෂ්‍යයාවක් විදිහට මේ කරුනු ගොඩක් වැදගත්...මේ වගේ techniques ගැන කියල දෙන එක ගොඩක් වටිනව❤️
මේක හරිම වැදගත් 🥺. මං ගොඩක් කල් ඉදලා මෙවගේ දෙයක් බලාපොරොත්තුවෙන් උන්නේ. මං හිතුවේ මට ලෙඩක් කියලා 🥲. ඒත් curve එකේ හැටියට ඒක සාමාන්‍ය දෙයක්.
මාත් හිතුවෙ ලෙඩක් කියලා🥲
මං කල්පනා කරලා බැලුවා මතක හිටින්නේ නැති එකට තව හේතුවක් තමයි නිවැරදි සිහිය පවත්වගන්න බැරි එක. ඇත්තටම හොද සිහියෙන් ඉන්න කෙනෙක්ට පුලුවන් හොදින් මතක තියාගන්න. පාඩම් කරන වෙලාවටත් හිත එහෙ මෙහෙ යන එක ප්‍රශ්නයක්. මේකට එකම විකල්පය භාවනාවම විතරයි නේද. කොහොමද මේකට මනස පුහුනු කරන්නේ කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද Sir 🥲.මං මේක හදාගන්න ගොඩක් දේවල් මේ වෙනකොටත් කරලා ඉවරයි. University එක physically පටන් ගත්තට පස්සේ මං social media සේරම අයින් කලා. අනිත් එක පහු ගිය කාලේ වුණ දේවල් එක්ක මනස කලබල වෙලා තිබ්බ නිසාත්. U tube එකෙත් මං අනවශ්‍ය channels සේරම unsubscribe කලා. මගේ acedemic වලට වැදගත් වෙන සහ ජීවිතේ වටින යමක් එකතු කරන channels විතරයි දැන් තියෙන්නේ. ඒත් මට සිහිය පවත්වාගන්න එක නම් අමාරු වැඩක් වෙලා 😔
ගුරු මෘශ්ටියක් නැති එකම ගුරුවරයා ❤️🔥
වචනයේ පරිසමාප්තියෙන්ම මානවහිතවාදියෙක් 🖤Respect sir 🙇
යමක් මතක තබා ගැනීම සදහා කට පාඩම් කිරීම බෙද්ධ හින්දු ආගම්වල ක්‍රමවේද යයි.
බොහෝ ම ස්තූතියි වටිනා දැනුමක් ලබාගත්තා..... ඔබතුමාට බොහෝ ම ස්තූතියි ඔබගේ දැනුමෙන් අනිත් අයට යමක් ලබාදීම පිළිබදව.....❤
මගේ සාර්ථකත්වයට මෙච්චරකල් බාදා උනේ මතකය කියන සාදකය සර්.වගෙ දුර්වලතාවයත් ඒක. ගොඩක් පිං ආයෙ අසාර්තක වෙන්නෙ නැති වෙයි❤️
ඇත්ත.මමත් මේපාර a/l කරන්නෙ.කොච්චර පාඩම් කරත් පාඩම් කරන දේ සතියෙන් අමතක වෙනවා.💔💔
@@alphabet8950 matath
පණ්ඩිත ඇසුර යන ජීවීතෙ ප්‍රාමාණිකත්වයට මදක් හෝ සමීප වීමයි.එකී විබුධ සේවනය අති මහත් ය.බොහෝම ස්තූති යි සර්
මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන විදිය හරි අපූරුයිමෙහෙම propesa කෙනෙක් දැක්කමයි❤️
මුදලට මතකය වර්ධනය කිරීමේ පන්ති තියෙන මෙවන් අවස්ථාවක ඔබතුමා ඉදිරිපත් කළ මෙම වැඩසටහන මා හදවතින්ම අගය කරනවා.ඒ වගේම නව ක්‍රමවේද දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරිමට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.මෙය ඉතාමත් වැදගත් වන්නේ ඔබතුමන් ජන මනසට කිඳා බසින ලෙස දක්වන අනුශාසනා ක්‍රමවේදයයි .❤️❤️❤️❤️❤️🙏🙏🙏
Sirta godak ස්තූති සර්! ලෝභ නැතුව මේ දේවල් බෙදාහදාගන්න එකට❤
හිනාවක් තියන් ඇත්ත කතා කරන්න දැනුම දෙන්න ගොඩක් අයට බෑ ඔබට බොහොම පින්♥️❤️🙏
යකො මෙව්වනෙ 1M 2M යන්න ඕනෙ වීඩියො ❤😎
ඔබතුමාගෙ වීඩියෝ නිසා ඇත්තටම මනස වෙනම මානයකට යොමු වෙනවා..❤️👍
හරිම පුසංසනියයි,සතුටුයි සර්,වැදගත් ඉතාමත්ම
අපි ඉගෙන ගන්නවා. හැමදේම ඉගෙන ගන්නවා.ජීවිතේ හැමදාමත් ඉගෙන ගන්නවා. බොහෝ අය තමන් දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන්න අකැමැතියි. ඒත් ඔබ නිර්ලෝභීව ඒ දැනුම ලබා දෙනවා. ඒ ගැන සතුටුයි.
ක්‍රමවේදයක් කියල දෙන්න කී දෙනෙක් ලෝබද...ඒ අතින් ඔබතුමා සමාජයට දෙන ආකල්ප වලට අපි හරි කැමතියි.☮️
ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සද්භාවයෙන් කරන්නාවූ අමිල මෙහෙවරක් .ගෞරවණීය ආචාර්ය තුමණි , ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය .තෙරුවන් සරණයි .
ඉතාමත් වැදගත් පාඩමක් සර් කියලා දුන්නේ. බොහෝම ස්තූතියි සර් 🙏❤️ මමත් ඔබගේ මේ වටිනා වීඩියෝ මගේ සිසුන් සමඟ බෙදා ගන්නවා. විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටින මටත් හරිම වැදගත් දේවල් ඔබතුමා විග්‍රහ කරනවා. සර් වගේ ගුරුවරු ඉන්නවනම් ළමයි ආසාවෙන් ඉගෙන ගන්නවා.
ඔබතුමා හරිම ආදර්ශමත් සුන්දර මනුශ්‍යයෙක්.අපි ඔබ තුමාට ගොඩාක් ගරුකරනවා..❤
ඇත්තටම මේ කතාව හරියටම හරි.මේ සම්පූර්ණ කතාව තව ටිකක් කෙටි කලොත් ""අපිට මතක දේ අමතක වෙනවා හැබැයි අපි දන්න දේ අමතක වෙනව හරි අඩුයි""මේක මම හරියටම දැනගත්තේ අවුරුදු 30 ට ඉස්සර පයිතගරස් ප්‍රමේය ඉගන ගද්දි (ඒක මට තාම ඕන උනේ නෑ ඒක වෙනම කතාවක් )
ඔබතුමාගේ මේ දැනුම් චාරිකාව බොහොම වටිනව බොහොමත්ම ස්තූති . කවදාවත් නොවඩුව ඔබ තුමන්ගේ ඒ සිනහව අදත් වීඩියෝව පුරාම රැදුන. ❤️🔥
ස්තුතිය සර්. මම නම් A/ L කරන කාලේ කරපු දෙයක් තමා. පාඩම් කරනදේ short note කරගෙන, ඒ කෙටි කරුණු මතක තියාගෙන මගේ වචනෙන් රචනා ලියන එක. සමහර විට එකම topic එකට කීපවරක් ලියනවා. එක හොදට මතක තියෙන විදියට. එහෙම කරහම විභාගෙදි ඔයාට අදාල topic යටතේ ඉතා පහසුවෙන් ලියන්න පුලුවන් .. ස්තූතියි.
ඇත්තෙන්ම සර්, බොහොම ස්තූතියි... බොහොම පිංසිද්ධ වෙනවා...හැම ආත්මයේ ම මෙ වගේම හොඳ බුද්ධි මත්ව උපදීවා.
හරිම වටින කරුණු රැසක එකතුවක්. නැවත නැවත භාවිත කරන ක්‍රමවේදය අහල තිබුනට forgetting curve එකත් සමඟ මේ ආකාරයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලැබුන පළමු වතාව. සර්ට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීමට. ඒ වගේම මේ වැඩසටහන් මාළාව තව දුරටත් හොඳින් පවත්වාගෙන යාමට සර්ට සුබ පතනව.
ඉගෙන ගන්නා අයට ඔබතුමා ගේ දැනුම නිර්ලෝභීව ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි. දිගාසිරි ලැබේවා
බොහොම ස්තූතියි ගුරුතුමනි, අපට සමීප භාෂාවකින් මෙවැනි විද්වත් කරුණු ඉතා සරලව ඉදිරිපත් කරනවාට...❤️🙏
සුබ දවසක් වේවා 🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 කියලා ප්‍රාර්ථනා කරනවා.මේ විශ්ව මාතාවටත් බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාව මුණ ගැස්සුවට.ඔබතුමා උගන්වන විදිහ ඉතාම සිත්කළුයි.ඔබවැනි පුද්ගලයෙක් මේ තාක්ෂණය හරහා නමුදු අදුර ගන්න ලැබීම මං හිතනවා අපි හැමෝගෙම වාසනාවක්.මටත් අවුරුදු තිස් අටයි.හැබැයි මමත් ආසයි මේ විද්‍යාව විෂයට. ඔබතුමාගේ මේ හරවත් දේශනා සරලව අපි හැමෝටම කියලා දෙන එක ගැන බොහොමත්ම ස්තූතියි 🙏 🙏ඔබතුමා මේ දැනුම හැමෝටම බෙදා දෙන්නේ ගුරුමුෂ්ඨියකින් තොරව.මම..අපි හැමෝම වාසනාවන්තයි.තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
අනෙ සර්ට ගොඩක් පින් .මට පාඩම් කරන දේවල් විනාඩි 5 යන්නත් කලින් අමතක වෙනවා .මේක කරලා බලන්න ඔනි❤
ඔබතුමා බොහොම ප්‍රසන්නව ලස්සනට ඉදිරිපත් කිරීම කරනව බොහොම ස්තූතියි 🙏
මමත් ඔය ක්‍රමය භාවිතා කරනවා.නමුත් විශ්යන් කීපයක් අද්‍යනයේදී යම් ආකාරයක සංකීර්ණ භාවයක් ඇතිවෙනවා.විශේෂයෙන් කාලය සීමිත අද්යන විභාග වලදී.එ වෙලාවට අපිට කාලසටහනකට අනුගත වීමට සිදුවෙනවා.එවැනි කාල සටහනක් නිර්මානය කරගන්නා ආකාරයත් ඉදිරිපත් කලොත් වඩාත් හොදයි. ස්තුති !
බොහොම ස්තූතියී සර්.🙏💝ඔබතුමාව දැකීමත් සතුටක්.
O/L ඉතිහාසය විෂයට කරලා බලන්න ඕන .
ගොඩක් පින් sir මේ වැඩසටහන සැමට වටිනවා 🙏👍❤
තෙරුවන් සරණයි සර්. ඉතාම වටිනා හරවත් පැතිකඩක් පෙන්වා ද ඔබට බොහොම ස්තූතියි. අප හැමදාම බුදුන් වඳින විට කියන ගාථා, පිරිත් අදටත් මතක සිටින්නේ ඒ නිසා විය යුතුයි. ඉතාම ඉතාම සාර්ථක ක්‍රමවේදයකි. ඔබට බොහොම පින්!
ලෝකෙ දුර්ලබ කෙනෙක්... මේවගේ මිනිසින්ගෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් හරියට.. අපිට අවුරුදු 30ක් වෙනකන් මොක්කුද අපිව පාලනේ කරල තියෙන්නේ 🤔🤔 පාර්ලිමේන්තුවේ උන් මොක්කුද 😮 මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ ලන්කාවෙ... 👍 තැනක් දෙමු අපි නව පරම්පරාව මේවගේ අයට... ❤
"Time Management" ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද Dr Ruchira
ow ekhyi consistency ekhth ekka video ekk one
මේ සර් ඩොක්ටර් කෙමෙක්ද
@@youtubeshort2068 kathikacharya warayek kiyl ne video eke kiyanne
@@youtubeshort2068 Scientists kenek
සුපිරි වැඩක් එකනම්.. දැනුම ගන්න ගොඩක් විදි තිබ්බට අද තමා හරියටම මතක තබා ගන්න විදිහ ඉගෙන ගත්තේ. බොහොම ස්තුතියි
බොහොම ස්තූතිය සර් ගොඩාක් ජීවිතේට වටින පැහැදිලි කිරීමක් 📜
මෙවැනි අදහසක් ලබා දුන්නාට ගොඩක් පින් කථිකාචාර්යතුමනි.
Thankyou sir.. මම දේශනයක් මතක තබා ගන්න භාවිතා කරන ක්‍රමවේදය සටහන් කරන්නම්. දේශනය recording කර ගන්නව පුළුවන් ප්‍රමානයෙන්. ඊට පස්සෙ ගෙදර ආවම නැව්ත ඒක අහනව. පස්සෙ නෝට් එකක් බලන්න ආස හිතෙන විදියට ලස්සනට හදා ගන්නව. ඒකෙ වැදගත් කරුණු ටික හයිලයිට් කර ගන්නව. ඒ විදියට විශේෂ කරුණු නැවත පරිශීලනය කරද්දි ඒකට අදාළ සාමාන්‍ය කරුණු ටිකත් මතක් වෙනව.. ඒක lecture එකක් මතක තබා ගන්න මම භාවිතා කරන ක්‍රමය..
හරි වටිනවා, ගොඩක් ස්තුත්යි බෙදා ගත්තාට
ඉතාමත් වටිනා දෙයක් Sir. Memory retention pyramid එක සහ VARK analysis එකත් මේ topic එක එක්ක අපිට ළමයින්ට කියල දෙන්න පුළුවනි.
බොහොම වැදගත් වැඩ සටහනක් රුචිර මහත්මා.ඔබට බොහොම ස්තුතිය්!
ඔබ හරිම සුන්දර මනුස්සයෙක් සර්,මට සමහර වෙලාවකට ටිකක් එපා වුන වෙලාවකට සර්ගෙ විඩියොඑකක් බලනව.ඒක හිතට හරි සුවයක්,ඔබට ස්තුතියි
අපි ඉස්කෝලේ යද්දී මේවා මෙහෙම ඔලුවට වැටුනනම් තාම කටු කන්නෙ නෑ ලොකුවට.. පරක්කු නෑ ඒත් තව.. ඉගෙනගන්න ආස හිතෙනවා කරන්නංවාලේ කරනවට වඩා ටෙක්නික් එක ඔලුවට තෙරුම් ගියාම.. මේ වගේ තව දේවල් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා සර් ගෙන්..💚
ඔබතුමා දැකීමත් සතුටක් ❤️
මම AL කරද්දි භාවිතා කරපු ක්‍රමවේදයක් තියනවා මේ වගේ ඉගෙන ගන්න අයට ගොඩක් සාර්ථකයි කියලා හිතෙනවා. සර් කියන විදියට ඉගෙන ගන්න දේ අමතක වෙන්නෙ repeat වෙන්නෙ නැතිකම නිසා. මම AL කරන්න පටන් අරගෙන මුලින්ම කලේ පාඩම් කරන හැම දේකම summary එකක් හදාගෙන ඒක ලොකු අකුරින් කොලේක ලියලා බිත්තියෙ අලවපු එක. උදේ නැගිට්ට ගමන් නිදිමත යනකම් කලේ ඔය summary ටික කියවපු එක. කාලයක් ඒ විදියට කරගෙන යද්දි බිත්ති වල ඉඩ මදිවෙන්න ගත්ත නිසා ලොකු දින කැලැන්ඩර් හොයාගෙන ඒවයෙ summary ලියලා එක පිටුවක තියන ටික දවස් තුනක වගේ rotation එකකට බලපු එක. එතකොට හැම මාස එකහමාරකට වගේ කැලැන්ඩරේ පිටු 12 repeat වෙනවා. සමහර දේවල් කාලයක් යනකොට නැවත බලන්න අවශ්‍ය නෑ කියලා තේරුනාම ඒක ගලවලා වෙනම පැත්තකින් තියලා තිබ්බා. උදේට අමතරව පාඩම් කරද්දි නිදිමත එන හැම වෙලාවකම කලේ පුටුවෙන් නැගිටලා ඔය ටික කියවපු එක. ඊට අමතරව පොඩි පොතක් යන යන තැන අරගෙන ගියා. අපි පාඩම් කරලා ඉවර කරපු පාඩමක අපිට මීට කලින් නොදැන හිටපු අලුත් දෙයක් අහන්නට ලැබුනොත් ඒක ලියාගන්න. ඒ පොතේ ලියවෙන ඒවා මතක තියාගන්න වැඩි අමාරුවක් නෑ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගෙන අවසන් නිසා ඒක අලුත් දෙයක් නිසා මතකයට යන වේගය වැඩියි. ඔහොම කරන්න පටන් ගන්න කලින් පාසලේ වාර විභාගයට රසායන විද්‍යාවට තිබ්බෙ ලකුණු 32යි. අවසානයෙ උසස් පෙළ විභාගයෙ රසායන විද්‍යාව A සහ අනිත් විශයන් දෙකට B සාමාර්ථ ඇතුව ලංකාවෙ මුල් 1000 අතරට එන්න පුලුවන් උනා. මේ වීඩියෝ එක බලද්දි මට තේරුනේ ඒ කාලෙ මෙහෙම theory එකක් ගැන නොදැනුවත්වම කරලා තියෙන්නෙ මේ දේම තමයි කියලා. සර්ට බොහොම ස්තූතියි මේ කරන සේවයට.
පසුව ලියමි.
විභාගයකට මුහුණ දෙන කෙනෙක් නම් මේ ටික කරන ගමන් මේවා ප්‍රායෝගිකව භාවිතා වෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකත් හැම පාඩමක්ම අවසානයෙ කරන්න. ඊලඟට ඒකත් repeat කරන්න. මම AL රසායන විද්‍යාව papers ටික 4පාරක් නැවත නැවත කලා. අනිත් විශයන් ටික එක පාරක් වත් ඉවර කරගන්න ලැබුනෙ නෑ මොකද ඔක්කොම ඇනගෙන ආසාව ඇතෑරලා දාලා මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඔය වැඩ ටික පටන් ගත්තෙ. මුල ඉඳන් කලානම් සෑහෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා.
Thank you ❤
Thank you ❤️
Aye krn nedd eii
Thanks
Thanks 🤝
මිත්‍යාව වෙනුවට විද්‍යාව,යතාර්ථය සමාජගත කරන ඔබ අපේ රටට සම්පතක් ❤💪
❤️❤️
🎉
Ado no trip pisso neda 😮
Sir,
1. Creative Thinking improve කරගන්න විදිය
2. භාවනාවක් පුරුදු වෙන විදිය
3. Time management කරන විදිය
4. Communication skills improve කරගන්න විදිය
5. කම්මැලිකම නැති කරගන්න විදිය
6. Self Discipline හදාගන්න විදිය
මේව ගැන videos ටිකක් හදන්නකො please. මම හිතනව මේ මට විතරක් නෙමෙයි ගොඩක් අයට තියන ප්‍රශ්න. ලොකු උදව්වක් වෙයි මේව ගැන හදන්න පුලුවන්නම් 🙏❤️
Creative thinking
Yep
Yes Please
Ow sir, eeka atta.
Pothak kiyawanna patanaragena tika welawakin nithimatha ethiweema walakwa geneemata pulawan kramath kiyanna puluwannam hodai.
Thank you sir . සහෘදයා = සමාන අදහස් ඇති තැනැත්තා ❤
මම භාවිතා කළ ක්‍රමයක් තමයි උසස් පෙළ කාලෙ, නැවත නැවත කෙටි සටහන් ලියන එක. මුලින්ම පාඩමක් බලාගෙන, පස්සෙ අමතක තැන් බල බල, අන්තිමට මතකයෙන්. 3න් පාරක් වගේ කරනකොට මට හොඳට මතක හිටිනව.
මට දැන් අවුරුදු 21 යි. මගේ හීනෙත් කවදා හරිඔබතුමා වගේ සමාජයට දැනුම පතුරුවාහරින අලුත් දේවල්හොයන කෙනෙක් වෙන්න.❤
🕋🇱🇰🤲🧕👍🌹🌷🥀🥀🕌🥰📨🛖🌺💰💰💰💰👋🙏🙏🙏🙏🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කැම්පස් select ද
🥰
එසේම වේවා...
💪🔥
ඔබට ස්තූතියි සර් .....සමහර අය තමන් ගාව තියන දැනුම කාටවත් දෙන්න ලෝභයි.නමුත් ඔබ කිසිදු ලෝභ කමක් නැතිව ඔබගේ දැනුම සමාජයට පතුරවා හරිනවා..මට වගේම තවත් පාඩම් කරන ඒවා අමතක වෙන අයට මෙය ලොකු උදව්වක් සර්...👍👍👍👍👍
අර ලස්සන කවියක් තියෙන්නේ,
"පහනින් පහන් සිය ගණනක් ඇවිළුවද..
එපහන් සිලෙහි මුළු අඩු නොව දිලෙන ලෙද..."
ඒ කවිය වැරදියි!
ඇත්ත තමයි දැනුම බෙදාගන්න බෙදාගන්න තමයි අපේ දැනුමත් වැඩි වෙන්නේ!
@@ScienceWithRuchira u
@@ScienceWithRuchira 💯❤️🩹
@@ScienceWithRuchira 100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි.
එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
100% එකගයි සර්. මට ගණිතය විෂය මගෙ යාලුවන්ට වඩා ටිකක් පුලුවන් කොල්ලො ටික අල්ලන් නිතරම කියල දෙන නිසයි.
එහෙම කියල දෙද්දිත් පට්ට සතුටක් ලැබෙන්නෙ
බොහොම ස්තුතියි, පින්.
මම අවුරුදු 68 කෙනෙක්.
මගේ MA එක විසිස්ට සමර්තයයක් ඇතිව සමත් උනේ 2021 වර්ෂයේ.
මම ඔය සමහරක් ක්‍රම බාවිතා කලා.
දැන් මම බෞද්ධ මනොවිද්ද්‍යා උපදෙසනය ආස්ස්රයෙන් පොතක් ලියන්න කරුණු සොයනවා.
එවිට එදා මග හැරුණු, එදා මතක තිබ්බ දැන් අමතක දේවල් හමුවෙනවා.
මට හිතනවා මම දැන් තමා හොදටම MA එකට පාඩම් කරන්නේ කියලා.
ඔබතුමාගේ බොහෝ වැඩසටහන් මම බැලුවා.
ඒ වගේම එයින් ප්‍රයෝජන ගන්න shere කලා.
එකත් පිංකමක්, දානයක් කියලා මම හිතනවා.
ස්තුතියි
mata awrudu 44. mam hithan hitiye mama parakku wadi kiyala aluth upadiyak karanna. obathumiyage wachana tika mama photo ekak aran thiyagaththa. Bohoma pin.
✨️❤
ඔබේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා ආදර අම්මේ. මමත් ළදරු පාසල් පාඨමාලාවක් හදාරන්නට සූදානම් වෙනව.
ඇත්ත වශයෙන්ම විශිෂ්ඨයි අම්මේ... අවුරුදු 68ක් වෙලත් ඔබතුමිය තමන්ගේ හීනය අත්නොහැර ඒ වෙනුවෙන් දරන කැපවීම අපි සැමටම ලොකු ආදර්ශයක්... 😍❤
ගොඩක් ස්තුති සර්.මන් පිරිවෙනක උගන්නන කෙනෙක්.මන් මේ දේවල් අපේ පොඩි හාමුදුරුවරුන්ට උගන්නන්නම්
ඔබතුමාගේ පැහැදිළි කිරීමේ හැකියාව ඉතා සාර්ථකයි එය අපේ රට ඉතා ඉක්මනින්ම සංවර්ධිත රට බවට පත්කිරීමට හැකි වේවි
ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ කරන දේවල්නම් උතුම්. ❤️
අද ලෝකයේ කොච්චරනම් බුද්ධිමත් අය ඉන්නවා ද ප්‍රඥාවෙන් උසස් අය කොච්චර ඉන්නවද බවුද්ධ අය විස්වාස කරනවා මිනිස්සු මතු බවයේ සත්තු වෙලා ඉපදෙනවැයි කියල ඒ නිසා ඔවුන් ඉහළ තනතුරක් දරණකොට සහ ඉහළ හැකියාවන් තිබෙනකොට අනෙක් මිනිස්සු දිහා බලන්නේ සත්තු කියල හිතාගෙන සමහර අය ජීවත් වෙන්නෙත් සත්තු වගේ මිනිස්සු මරන්නේ සහ පාලකයෝ මිනිස්සුව පාලනය කරන්නේ සත්තු කියල හිතාගෙන ක්‍රිස්තියානි අයත් ඊට සමානයි පාපයට සමාව තියෙනවැයි අනාගතයේ දී ජීවත්වෙනවැයි දෙවියන් වහන්සේ ජීවමානයි කියල කිව්වට සමහර අය මැරිච්ච අය වගේ ජීවත් වෙන්න හදනවා කරන්න පුළුවන් හැම ජරාවැඩක්ම කරන්න හදනවා නත්තල් කාලයේ සිංදු කියල කාලබීල අඩිගහල කිසිම ලැජ්ජාවක් නැතිව සමහර අය වෙරි පිටින් පල්ලි ගිහින් සුද්දවන්තයෝ වගේම හිටගෙන ඉන්නවා සමහර අය සහ සමහර පූජකයන් බාල අපචාර කරනවා සමහර පූජක පක්ෂයේ අය හොරෙන් ළමයි හදනවා සමහර ගිහියන් හොරෙන් කසාද දෙක තුන බඳිනවා දෙවියන් වහන්සේ ජීවනයි කියල හිතාගෙන දෙවියන් වහන්සේට සමානව ඉන්න බලනවා සතුටින් සන්තෝෂෙන් විනෝදෙන් අප්පොඩි ගහල නටල නමුත් ස්භාවධර්මයාගේ නීති හැමෝටම එක හා සමානයි කියන එක දන්නේ නැහැ විනිශ්චය කරන්නේ ස්භාධර්මයේ තීන්දු මත පදනම්ව දේවත්වයේ මැදහත් වීමෙන් සාදාරණව වැරදිවලට නිදොස්කම ලබාගැනීමෙන් කියන එක දන්නේ නැ දෙවියන් වහන්සේ හැම මිනිසාට එකම ආකාරයට ආදරය ආරක්ෂාව ලැබෙනබව සමහර අය දැනගෙන නැහැ අවසාන විනිශ්චයක් හැමෝටම තියෙනවා කියල දන්නේ නෑ.
නිර්ලෝභී ගුරුතුමා ! ඔබතුමාගේ දැනුම වගේම මෙවැනි උපක්‍රම කියාදීම දරුවන්ට විශාල උපකාරයක් .බුදු සරණයි !!!❤❤❤
බොහොම ස්තූතියි සර්! මම පාසල් ගුරුවරියක් . මේක මගෙන් ඉගෙන ගන්න සියළු දරුවන්ට මම කියලා දෙනවා මමත් ප්‍රායෝගිකව භාවිතා කරන ගමන්. මම ඔබ ගැන දරුවන්ව දැනුවත් කරනවා. ඔවුන්ට හැකි වේලාවට ඔබගේ video නරඹන්න කියලා. ඇත්තටම ස්තූතියි සර් ඔබට.
Great
A/L විභාගයට මාසයක් තියාගන ඉන්න මට මේ video එක හම්බුනේ මගේ පිනකට ❤️🙏
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏
❤
මේක මාරම ඇත්ත .. මට ඉස්සර පන්ති යන බස් එකේ යන්න එන්න පැය 4ක් විතර ගියා .. කරන්න දේකුත් නැති නිසා මම පන්තියෙ කරපු ඒව මතක් කරා දිගටම ගෙදර එනකං. ගලේ කෙටුව වගේ තමයි ඉතින්.
බොහොම ස්තූතියි සර් ඔබතුමාට ❣️. A/L Biology වලට මාරම වැදගත්. සර්ට බොහොම පින් සර් මේ දේවල් කියලා දෙනවට. ❤️🔥
බොහෝ මත්ම පිං ඔබතුමා ට කිසිදු ලෝභ කමක් නැතිව මතකය ගොඩ නගා ගැනීම කියල දීලා සමාජ ගතකරන්න ගත්තාවු උත්සාහයට🙏🙏🙏
හිත නිවෙනවා, පුදුම මානසික නිදහසක්, අසාවක්, ගැම්මක් දැනෙන්නෙ සර් ඔබතුමා ගෙ මේ දේශනාව අහද්දි ❤
විභාගයකට ඉදිරිපත් වීමට සිටින අයට කරුණු මතක තබාගන්න විධිය
1. පොත් හෝ සටහන් දිගින් දිගටම කියවීම නිශ්ඵල වැඩක්.ඒකෙන් වෙන්නෙ වටිනා කාලය අපතේ යාමක්.ඒ වෙනුවට පහත දැක්වෙන වැඩපිළිවෙල අනුගමනය කරන්න.
2. එක් එක් විෂයයේ එක් එක් මාතෘකාවලට අදාළ කරුණු ඇති විවිධ අච්චු පොත් සහ විවිධ පාසල්වල විවිධ ගුරුවරුන් ඒ මාතෘකාවට අදාළව දී ඇති සටහන් ආදිය යාළුවන්ගෙන් ඉල්ලාගෙන එකතු කර ගන්න.
3. ඒ පොත් සහ සටහන් මේසය මත දිගහැරගෙන ඒවායෙහි එකම කාරණය විවිධ ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය කියවමින් ඒ කරුණු සියල්ල එක් කොට තමන්ගේම සටහනක් හදන්න.
4 .එවිට විශාල විස්තරයකට මුල් වූ මූල කාරණය හෙවත් මූලික සංකල්පය අහුවෙනවා. ( සුවාසූ දහසක් ධර්මස්කන්ධ විදියට විස්තර කරන්නෙ චතුරාර්ය සත්යය නේ. අන්න ඒ වගෙයි.)
සාරාංශ ලිවීමේදී මේ කාරණය ඔබට හොඳින් වැටහෙන්නට ඇති. යම් ඡේදයක් ලියලා තියෙන්නෙ එක් කරුණක් හෝ දෙකක් මුල් කර ගෙනයි.අන්න ඒ මුල් කාරණය අල්ලගන්න. එවිට ඔබටත් එම කරුණ විස්තර කරමින් රචනා ලියන ක්රමය අහුවෙනවා.
5. ඒ මූලික කාරණය හරියට තේරුම් ගත්තම ඊට අදාළව අහන ඕනෑම පැනයකට උත්තර දෙන්න පුලුවන්කම ඇති වෙනවා.
6. ඊළගට ඒ කරුණු යාළුවෙකුට කියල දෙන්න.ඉගෙන ගන්න හොඳම විදිය ඉගැන්වීමයි.
7. කවි,ගාථා වගේ කටපාඩම් කර ගත යුතු දේවල් පොතපත කියවල කම්මැලි හිතෙන වෙලාවට සහ නිදිමත එන වෙලාවට යොදාගන්න.
8. කවි හෝ ගාථා කටපාඩම් කරන්නෙ මෙහෙමයි.
මුලින්ම කවිය හෝ ගාථාව ඊට උචිත ඒකට අයිති තාලයෙන් ලස්සනට ශබ්ද නගා පස් වතාවක් ගායනා කරන්න.
ඊළගට පොත වසා මතකයෙන් එම කවිය හෝ ගාථාව ශබ්ද නගා ගායනා කරන්න. එවිට එය නාද රටාවත් සමගම මනසෙහි තැන්පත් වෙනවා.
අපට ඇස ආදී ඉන්ද්රිය පහක් තියෙනව නේ.ඉගෙනීමෙදි මේ පහ හොඳින් ප්රයෝජනයට ගන්න ඕන. ශබ්ද නගා පාඩම් කරන විට කනෙන් දැනුම එනවා. කවිය හෝ ගාථාව පොත බලාගෙන කියවන කොට ඇහෙන් දැනුම එනවා. ඊට පස්සෙ එම කවිය හෝ ගාථාව මතකයෙන් පොතක හෝ කොලයක ලියන්න . එවිට අත මුල් කරගෙන කයින් දැනුම එනවා. ටැංකියකට බට දෙක තුනකින් වතුර එනකොට එය ඉක්මනින් පිරෙනවා වගේ ඇස,කන,කය ආදී දොරටු කිහිපයකින් දැනුම එන විට එය මනසේ හොඳින් තහවුරු වෙනවා.( ගෘහ විද්යාව වැනි විෂයයන්වලදි දිව සහ නාසය දැනුම ලබා ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන්. )
9. පොත හෝ සටහන් කියවමින් නිදි කිරා වැටෙන එක පාඩම් කිරීමක් නෙවෙයි. එම පාඩම හෝ සටහන වෙනත් පොතක ලිවීමෙන් පොත් බලනවාට වඩා හොඳින් කරුණු මතකයේ තැන්පත් වෙනවා.
10. විභාගය කිට්ටු කරලා පාඩම් කරන එකත් බොරු වැඩක්.උදාහරණයකින් කීවොත් ; ගෙයක් හදන්න සූදානම් වන කෙනෙක් ගඩොල්,වැලි,කොන්ක්රීට් ගල්,සිමෙන්ති ආදිය එක ගොඩේ දමාගත්තා වගෙයි.ඒවායින් වැඩක් ගන්න බැරි වෙනවා. ගේ හදන්න අවශ්ය බඩු අවශ්ය වෙලාවට හොයාගන්න බැරි වෙනවා.
විෂය කරුණු මනසේ පිළිවෙලකට තැන්පත් වෙලා තිබුණොත් තමයි විභාගයෙදි පිළිතුරු ලියනකොට ඊට අදාළ කරුණු පිළිවෙලකට මතක්වෙන්නෙ.ඒ නිසා සිලබස් එකට අදාළ ඉගැන්වීමේ කටයුතු පටන්ගත් දවසේ සිටම ඒවා මතකයේ තබාගැනීමේ කටයුත්තත් ආරම්භ කරන්න ඕන.
11. යහළුවන් සමග කරුණු සාකච්ඡා කිරීමත් හොඳ ක්රමයක්.
12. ගණන් මතක හිටින්න නම් ඒවා නිතර නිතර හදන්න ඕන.අබ්යාස කරන්න ඕන.රූප සටහන් ඇඳලාම පුරුදු වෙන්න ඕන.
( මේකෙ සමහර අකුරු ටයිප් කරන්න බැහැ.ඒ වුණත් තේරෙන විදියට ලියලා ඇති. )
ඔබත් හරි.. ඔබ කියන්නේ දැනුම සංවිධානය කරන ක්‍රමය... සංවිධානය නොකර, දැනුම නැවත කැඳවන්න අපහසුයි.. ස්තුතියි
👍
ක.
🙏🙏🙏🙏 ලොකු උදව්වක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ඔයාටත් බොහොම පින් 🙏
ස්තූතියි
රෑට නින්දට කලින් දවසේ කරපු දේවල් මතක් කරනෙක පුරුද්දක් කරගත්තම මතකය ගොඩාක් තීව්‍ර වෙනවා.
ඔයා ඒක අත්හදා බැලුවද සාර්ථක උනාද
බුද්ධියට අමතමින් ,බුද්ධිය වර්ධනය කරවන ඔබතුමාට ස්තුතියි .
විශ්වකෝෂයක් ඔබතුමා නම් ❤
දැනුම හැම නිතරම update වෙන්න ඕනා වර්තමාන තාක්ෂණය එක්කම.
ඒකට හොඳම උදාහරණයක් ඔබ තුමා ❤
දරැවන්ට බොහොම වටිනාකමක් තියෙන වැදගත් වැඩසටහනක් .
මෙවා දැනගෙන හිටපු අය තව ලංකාවේ ඉන්න ඇතිනේ එත් සර් තමා මේක කියලා දුන්නේ. සර් තමා මට හම්බුන හොදම ගුරුවරයා. සර් අපේ රටේ දැන් ඉන්න වටිනාම සම්පතක්.
ඔබතුමා සුපිරි මානව හිතවාදී සහෘද්දයෙක්.හැමදාම වගේ ස්තුතියි සර්.අපට ප්‍රායෝගිකව අත්‍යාවශ්‍ය වනදේ ලබා දීම සම්බන්ධයෙන්
මම 10 ශේනියේ ළමයෙක් විද්‍යාවට මාරම ආසයි...ඔබතුමා කරන මේ දේශනය මට ගොඩක් වැදගත්...
🎓✍️✍️✍️✍️✍️✍️✍️✍️🎓
"සුචිපුලිභා කතං පණ්ඩිතෝ භවෙය්‍ය"
තේරුම÷
කවර විෂයක වුවද මනා උගතෙකු වීමට සුචිපුලිභා අනුගමනය කරන්න.
👉 පියවර - 01
සු > සුණාති = අහන්න
(හොඳින්, ආශාවෙන්, කන් යොමුකොට)
👉 පියවර - 02
චි > චින්තයති = හිතන්න
( ඇසූ දේ ගැන)
👉 පියවර - 03
පු > පුච්ඡති = විමසන්න
(ගුරුවරයාගෙන් හෝ ඒ පිලිබඳව දැනුමැති කවර කෙනෙකුගෙන් හෝ)
👉 පියවර - 04
ලි > ලිඛති = ලියන්න
(විමසීමෙන් දැනගත් නිවැරදි දේ)
👉 පියවර - 05
භා > භාසති = කියන්න
(ලියාගත් දෙය, හඬ නඟා කියන්න)
ඉහත පියවර පහ අනුගමනය කිරීමෙන්, තමන් හදාරන කවර විෂය පථයක වුවද මනා උගතෙකු වීමට හැකිය. 🏆🎖️🥇🏅🏆
තෙරුවන් සරණයි!!! 🙂
🎓✍️✍️✍️✍️✍️✍️✍️✍️🎓
බොහොම ස්තූතියි ඔබ තුමාට මෙම දැණුම ලබා දීමට...
පටන් ගද්දිම
හිතවත් සහෘදයනි කියන කොටසට මං හරි ආසයි.
දහ පාරක් විතර බැලුව ඒක
🙃
ගොඩක් පින් සර්❤️
මමත් මේ පාර AL කරන කෙනෙක්.ගොඩක් ස්තූතියි අපිට එක්ක මේවා බෙදා ගන්නවාට.
ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි මිනිසුන් දහස් ගණනින් මේ ලංකාද්වීපයේ පහළවේවා!
💝
godak aya innw hemoma mehema humble ne
මට හිතෙන විදියට නම් මේක habit එකක් කර ගන්න ඕනි දෙයක්. කුඩා ළමුන්ට වඩා ප්‍රයෝගිකව කරන්න පුළුවන් technique එකක් දුව ගේ අධාරයෙන් කියා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ඔබට දීර්ඝායුෂ
සර්ගෙ හරි ලස්සන හිනාවක් තියෙනවා. සර් විනාඩි 2ක් 3ක් ඇතුලත නැවත නැවත හිනා වෙනවා 🥺❤️ හිනාව පිටිපස්සෙත් මොකක්හරි හේතුවක් තියෙනවද? සර්
ම්....මොනාහරි තින්ව හැබැයි🧐
සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ තුමාගේ ආදරණීය කුඩා දියණියට නෝනා මහත්මියට , දෙමව්පියන් ටත් ඔබතුමා කරන මේ සමාජ සත්කාරයේ පිං අනුමෝදන් වෙත්වා !!! සියලු දෙනාටම තෙරුවන් සරණයි !!! සුභ අනාගතයක් වේවා!!!
උතුම් මානවහිතවාදී මිනිසෙක්,තෙරුවන් සරණයි...!
සර්ගෙ පිටිපස්සෙ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩ ඉන්නව දැකල මට ඇත්තටම සතුටු හිතුනා. තව දුරටත් නිර්මල බුදු දහම අධ්‍යයනය කරන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤
🙏🙏🙏❤️
🤣🤣🤣
🙏🙏🙏
Thanks sir....ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දුලබය ....දීර්ඝායු....
ඔබ තුමාගේ දැනුම විශිෂ්ඨයි.ඒවගේම එය ලබාදිම ඉතාම නිර්ලෝභිව සහ පැහැදිලිව ලබාදීම පිළිබඳවත්බෙහෙවින්ම ස්තුතියි.ඔබතුමාගේ විස්තර කිරිම අතරතුර "සාමාන්‍යයෙන්" යන වචනය බොහෝ වාරයක් භාවිතා කිරීම ඔබ තුමාගේ පුරුද්දක් යැයි සිතමි.ස්තුතියි.
ඉපදෙන ආත්මයක් ගානෙ ඔබ තුමාට ජයෙන් ජය වේවා .........🙏🙏🙏🙏
තවත් ආත්මයක් නොලැබේවා!
@@dhampalparapura 👍👍👍මේ රටේ දැන් ගෙවන පව් හොඳට ම ඇති......
නිරහංකාරව හා නිර්ලෝභීව තම දැනුම ලෝකය සමඟ බෙදාගනිමින් මේ කරන සේවයට ඔබතුමාට බොහොම පිං සිදු වේවා!
රුචිර :- මන් ඉගෙන ගන්නෙ වැඩිහිටියෙක් වුනාම විද්‍යාව ඇසුරු කරගෙන සාර්ථකත්වය ලගා කරගන්න
බහුතර ළමයි:- අපි ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න..රට යන්න.කෙල්ලෙක් හොයාගන්න. කීර්තිය ලබා ගන්න.
@Dream hunter ruclips.net/video/wShhnH0pg0k/видео.html
Ha
ළමයින්ගේ සිතුම් පැතුම් වලට 75% ක් ම බලපාන්නේ එයාලා ඉන්න වටපිටාව..ඒ වටපිටාව වෙනස් කරගන්න තියෙන හැකියාව ළමයෙක් විදිහට එයාලට නෑ..ළමයින්ට හරි vision එකක් තියා ගන්න පුළුවන් විදිහේ practically ආදර්ශමත් වැඩිහිටි සමාජයක් නැති කොට එයාලට වැරැද්දක් කියන්න බෑ...කකුළු අම්මා ඇදේට ගිහින් පැටවුන් ට කෙලින් යන්න කියනවා වගේ වැඩක්..
ඔබතුමා ගේ මෙවැනි ඉගැන්වීම් youtube එකෙන් බලනවා.අපට අලුත් දැනුම එක් කර දීම ගැන පින්.
මම මතක තබා ගෑනීමට සටහනක් කියවා එහි විස්තර හැකි උපරිම ආකාරයට සාරාංශ කර කෙටි සටහන් පොතක් පවත්වා ගෙන යනවා.
ඔබතුමා කියපු ආකාරයටම මුල් කියවීමෙන් පසු දින කීපයක් වරින් වර කෙටි සටහන බලනවා.
ඒ වාගේම සටහනක් කියවා ටික වේලාවකට පස්සේ එය තවත් අයට කියා දෙන විධියට ශබ්ද නගා දේශණයක් කරන විධියට තනියම කියවනවා.ඒ ක්‍රමය මට හුගක් මතක තබා ගන්න උදව් වෙනවා.
මීට කලින් බලන්න තිබුණනම් හොඳයි කියලා හිතුන වීඩියෝ එකක්
ෆයින්මන් , පොමොඩෝරෝ ටෙක්නික් ගැන ඔබතුමා වැඩි වශයෙන් කතා කරන්න... ගිරව් බිහිවීම අඩු කරන්න ලොකු පිටුවලක් වේවි.. ජයවේවා මහත්මයා ✌ 🖤🖤
"සාමාන්‍යයෙන්" මෙහෙම අවංක දැනුමක් සමාජ ගතකරන්න කෙනෙක්ගෙ හිත නැඹුරුවෙන්නෑ.... ඔබ "සාමාන්‍යයෙන්" කරන දේවල් කීම ඉතා වටිනව.. බෙහෙවින්ම ස්තුතියි 🙏
😄
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්.මා වයස අවුරුදු 65 ක අයෙක්.ඉගෙනගැනීම විනෝදාංශයක් කරගත් මා හට මෙය ඉතාමත් වැදගත්.
බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
මා අනුගමනය කරන්නේ ලස්සන අත්අකුරෙන් චූටි කොල කෑල්ලක ලියාගෙන සාක්කුවේ දාගෙන විටින විට බලනවා කවුරු හමු උනත් මගේ කොල කැබැල්ලේ අන්තර්ගතය කා සමඟ හෝ කතා කරන්න පසු බිමක් හදා ගන්නවා.ඔබ පුදුම වේවි, ඉහළ අධ්‍යාපනයක් නොලත් අයෙකුට හෝ සරල කර කියා දෙන්න බලනවා.මේ හේතුව නිසා මතකය සැමදා පවතිනවා.
ඒ අතරට අමතකවීමේ ප්‍රස්ථාර ගත රූපය තුලින් හොඳ සංසන්දනයක් කිරීමේ අවස්ථාවක් ලැබුණා.ලස්සන අත්අකුරු ලියන්න පුරුදු වෙන්න.ඕනෑවට එපාවට කටු අකුරු ලියන්න එපා.කාලය ගත උනත් කෙනෙක් ප්‍රිය කරන අකුරු ලියන්න.තමන්ටම ආසා හිතෙනවා කියවන්න.
@@mithilabandara8322 ඒක ඇත්තක් මහත්මයා 💪🙏
@@mithilabandara8322 👍
❤️❤️❤️
බොහොම ස්තුටියි හොදට තේරැනා ස්තුටියි සර් 😊
මට දැන් වයස 45යි , දැන් තමයි ගැඹුරින් ඉගෙන ගන්න ඉන්නේ, අපිට slides වලින් උගන්නන නිසා මම නම් සතිය ඇතුලත soft copy එකක් හදලා hard copyයක් ප්‍රින්ට් කරනවා. ඒ hard කොපියේ highlight කරනවා සමරිය.ස්තුතියි professor ...මේ කරුණු තවත් අය අතර බෙදාගන්නම් ...
මේක ඇත්තක්..සර් කිව්ව විදිහට පාඩම් කරාම මතක හිටිනවා...😊.බොහොම ස්තූතියි සර්..☺️
සාමාන්‍යෙන් ගොඩක් විට ඉස්සර o/l කාලෙ මතක තියාගන්න අමාරුම කෑලි තමා භූගෝලය,ඉතිහාසය,සාහිත්‍යය වගේ විෂයන්.මං ඒවගේ ඒවා මතක තියාගන්න ක්‍රම දෙකක් පාවිච්චි කලා.පට්ටෙට හරිගියා.
1.පාඩම්වල තිබ්බ කෙටි කරුණු,බහුවරණ වලට එයි කියලා හිතුණ කරුණු වෙනම ප්‍රශ්ණ විදියට ඇරගෙන කොලේක ලියාගත්තා.පස්සෙ ඒ කොළ බල බලා උත්තර හිතෙන් මතක් කරගත්තා.බැරි ඒවා ආයෙ ආයෙ බැලුවා.
2.පුළුවන් තරම් විස්තර ප්‍රශ්ණ ටයිම් එකට හොය හොයා ලිව්වා.සාමාන්‍යෙන් o/l පේපර් එකක විස්තර ප්‍රශ්ණයක් ප්‍රධාන කරුණු තුනකට,දෙකකට තමා ලියන්න එන්නෙ.ඒ කරුණු වෙනම හදාගෙන ඒවා ලස්සනට මැනේජ් කරගෙන ලිව්වා විභාගෙට අවුරුද්දක් කලින් ඉදලා.
ඔය ක්‍රම දෙක නිතර නිතර කොහොම හරි කරගත්ත හින්දා ලොවෙත් දන්නවා ඔලුවට කරුණු තිතටම යනවා කියලා.
භෞතික විද්‍යා සිද්ධාන්ත මතක තබා ගැනීමට සතියේ දින හතේම විෂයය කරුණු පරිශීලනයට පැය 2 ක් වෙන් කරන අතර ඒ ආශ්‍රිත ප්‍රශ්න කිරීමට පැය භාගයක් වෙන් කිරීමෙ ක්‍රමය මම මේ දිනවල කරමි.
මම බාවිතා කරන ක්‍රමය තමයි ; මුලින්ම පොතක් හරි නෝර්ට් එකක් හම්බ වුණාම ඒක කියවගෙන යන ගමන් වැදගත් කරුණු ටික හයිලයිට් කරගෙන යනවා , දෙවනුව මම ඒ හයිලයිට් කල වැදගත් කරුණු ටික පොයින්ට් ෆෝම් එකේ ලියාගනිමින් පොඩි ශෝට් නෝට් එකක් ලියාගෙන යනවා, තෙවනුව මම ඒ ශෝට් නෝට් එක කියවන ගමන් ඒකේ අමතක වෙන ඒ වගේ ම වැදගත් කරුනු හයිලයිට් කරගෙන යනවා . පස්සේ ඒ හයිලයිට් කරපුවා හොඳට පාඩම් කරලා ආයිත් මතකයෙන් පුංචිම පුංචි නෝට් එකක් හදනවා. විභාගයට යන්න ඉස්සෙල්ලා ඒ පුංචි නොර්ට් එක නිකම් බලාගතාම ඇති . ගොඩාක් කරුණු මතකයේ රැදිලා තියෙනවා. මේ ක්‍රමය සර් දැන් කියලදුන්න තියරි එකත් එක්ක ඒ ඒ Time එකට කලොත් නියමෙටම මතක තියාගන්න පුළුවන් . Thank you sir .
ඉගෙන ගන්නා දරුවන්ට ඔබ මේ දෙන අවවාද ඉතාමත් වැදගත් ! ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමන්ට...උසස් පෙල ශිෂ්‍යයාවක් විදිහට මේ කරුනු ගොඩක් වැදගත්...මේ වගේ techniques ගැන කියල දෙන එක ගොඩක් වටිනව❤️
මේක හරිම වැදගත් 🥺. මං ගොඩක් කල් ඉදලා මෙවගේ දෙයක් බලාපොරොත්තුවෙන් උන්නේ. මං හිතුවේ මට ලෙඩක් කියලා 🥲. ඒත් curve එකේ හැටියට ඒක සාමාන්‍ය දෙයක්.
මාත් හිතුවෙ ලෙඩක් කියලා🥲
මං කල්පනා කරලා බැලුවා මතක හිටින්නේ නැති එකට තව හේතුවක් තමයි නිවැරදි සිහිය පවත්වගන්න බැරි එක. ඇත්තටම හොද සිහියෙන් ඉන්න කෙනෙක්ට පුලුවන් හොදින් මතක තියාගන්න. පාඩම් කරන වෙලාවටත් හිත එහෙ මෙහෙ යන එක ප්‍රශ්නයක්. මේකට එකම විකල්පය භාවනාවම විතරයි නේද. කොහොමද මේකට මනස පුහුනු කරන්නේ කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද Sir 🥲.මං මේක හදාගන්න ගොඩක් දේවල් මේ වෙනකොටත් කරලා ඉවරයි. University එක physically පටන් ගත්තට පස්සේ මං social media සේරම අයින් කලා. අනිත් එක පහු ගිය කාලේ වුණ දේවල් එක්ක මනස කලබල වෙලා තිබ්බ නිසාත්. U tube එකෙත් මං අනවශ්‍ය channels සේරම unsubscribe කලා. මගේ acedemic වලට වැදගත් වෙන සහ ජීවිතේ වටින යමක් එකතු කරන channels විතරයි දැන් තියෙන්නේ. ඒත් මට සිහිය පවත්වාගන්න එක නම් අමාරු වැඩක් වෙලා 😔
ගුරු මෘශ්ටියක් නැති එකම ගුරුවරයා ❤️🔥
වචනයේ පරිසමාප්තියෙන්ම මානවහිතවාදියෙක් 🖤
Respect sir 🙇
යමක් මතක තබා ගැනීම සදහා කට පාඩම් කිරීම බෙද්ධ හින්දු ආගම්වල ක්‍රමවේද යයි.
බොහෝ ම ස්තූතියි වටිනා දැනුමක් ලබාගත්තා..... ඔබතුමාට බොහෝ ම ස්තූතියි ඔබගේ දැනුමෙන් අනිත් අයට යමක් ලබාදීම පිළිබදව.....❤
මගේ සාර්ථකත්වයට මෙච්චරකල් බාදා උනේ මතකය කියන සාදකය සර්.වගෙ දුර්වලතාවයත් ඒක. ගොඩක් පිං ආයෙ අසාර්තක වෙන්නෙ නැති වෙයි❤️
ඇත්ත.මමත් මේපාර a/l කරන්නෙ.කොච්චර පාඩම් කරත් පාඩම් කරන දේ සතියෙන් අමතක වෙනවා.💔💔
@@alphabet8950 matath
පණ්ඩිත ඇසුර යන ජීවීතෙ ප්‍රාමාණිකත්වයට මදක් හෝ සමීප වීමයි.එකී විබුධ සේවනය අති මහත් ය.බොහෝම ස්තූති යි සර්
මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන විදිය හරි අපූරුයි
මෙහෙම propesa කෙනෙක් දැක්කමයි❤️
මුදලට මතකය වර්ධනය කිරීමේ පන්ති තියෙන මෙවන් අවස්ථාවක ඔබතුමා ඉදිරිපත් කළ මෙම වැඩසටහන මා හදවතින්ම අගය කරනවා.ඒ වගේම නව ක්‍රමවේද දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරිමට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.මෙය ඉතාමත් වැදගත් වන්නේ ඔබතුමන් ජන මනසට කිඳා බසින ලෙස දක්වන අනුශාසනා ක්‍රමවේදයයි .❤️❤️❤️❤️❤️🙏🙏🙏
Sirta godak ස්තූති සර්! ලෝභ නැතුව මේ දේවල් බෙදාහදාගන්න එකට❤
හිනාවක් තියන් ඇත්ත කතා කරන්න දැනුම දෙන්න ගොඩක් අයට බෑ ඔබට බොහොම පින්♥️❤️🙏
යකො මෙව්වනෙ 1M 2M යන්න ඕනෙ වීඩියො ❤😎
ඔබතුමාගෙ වීඩියෝ නිසා ඇත්තටම මනස වෙනම මානයකට යොමු වෙනවා..❤️👍
හරිම පුසංසනියයි,සතුටුයි සර්,වැදගත් ඉතාමත්ම
අපි ඉගෙන ගන්නවා. හැමදේම ඉගෙන ගන්නවා.ජීවිතේ හැමදාමත් ඉගෙන ගන්නවා. බොහෝ අය තමන් දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන්න අකැමැතියි. ඒත් ඔබ නිර්ලෝභීව ඒ දැනුම ලබා දෙනවා. ඒ ගැන සතුටුයි.
ක්‍රමවේදයක් කියල දෙන්න කී දෙනෙක් ලෝබද...ඒ අතින් ඔබතුමා සමාජයට දෙන ආකල්ප වලට අපි හරි කැමතියි.☮️
ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සද්භාවයෙන් කරන්නාවූ අමිල මෙහෙවරක් .
ගෞරවණීය ආචාර්ය තුමණි , ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය .
තෙරුවන් සරණයි .
ඉතාමත් වැදගත් පාඩමක් සර් කියලා දුන්නේ. බොහෝම ස්තූතියි සර් 🙏❤️ මමත් ඔබගේ මේ වටිනා වීඩියෝ මගේ සිසුන් සමඟ බෙදා ගන්නවා. විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටින මටත් හරිම වැදගත් දේවල් ඔබතුමා විග්‍රහ කරනවා. සර් වගේ ගුරුවරු ඉන්නවනම් ළමයි ආසාවෙන් ඉගෙන ගන්නවා.
ඔබතුමා හරිම ආදර්ශමත් සුන්දර මනුශ්‍යයෙක්.
අපි ඔබ තුමාට ගොඩාක් ගරුකරනවා..❤
ඇත්තටම මේ කතාව හරියටම හරි.මේ සම්පූර්ණ කතාව තව ටිකක් කෙටි කලොත් ""අපිට මතක දේ අමතක වෙනවා හැබැයි අපි දන්න දේ අමතක වෙනව හරි අඩුයි""මේක මම හරියටම දැනගත්තේ අවුරුදු 30 ට ඉස්සර පයිතගරස් ප්‍රමේය ඉගන ගද්දි (ඒක මට තාම ඕන උනේ නෑ ඒක වෙනම කතාවක් )
ඔබතුමාගේ මේ දැනුම් චාරිකාව බොහොම වටිනව බොහොමත්ම ස්තූති . කවදාවත් නොවඩුව ඔබ තුමන්ගේ ඒ සිනහව අදත් වීඩියෝව පුරාම රැදුන. ❤️🔥
ස්තුතිය සර්. මම නම් A/ L කරන කාලේ කරපු දෙයක් තමා. පාඩම් කරනදේ short note කරගෙන, ඒ කෙටි කරුණු මතක තියාගෙන මගේ වචනෙන් රචනා ලියන එක. සමහර විට එකම topic එකට කීපවරක් ලියනවා. එක හොදට මතක තියෙන විදියට. එහෙම කරහම විභාගෙදි ඔයාට අදාල topic යටතේ ඉතා පහසුවෙන් ලියන්න පුලුවන් .. ස්තූතියි.
ඇත්තෙන්ම සර්, බොහොම ස්තූතියි... බොහොම පිංසිද්ධ වෙනවා...හැම ආත්මයේ ම මෙ වගේම හොඳ බුද්ධි මත්ව උපදීවා.
හරිම වටින කරුණු රැසක එකතුවක්. නැවත නැවත භාවිත කරන ක්‍රමවේදය අහල තිබුනට forgetting curve එකත් සමඟ මේ ආකාරයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලැබුන පළමු වතාව. සර්ට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීමට. ඒ වගේම මේ වැඩසටහන් මාළාව තව දුරටත් හොඳින් පවත්වාගෙන යාමට සර්ට සුබ පතනව.
ඉගෙන ගන්නා අයට ඔබතුමා ගේ දැනුම නිර්ලෝභීව ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි. දිගාසිරි ලැබේවා
බොහොම ස්තූතියි ගුරුතුමනි, අපට සමීප භාෂාවකින් මෙවැනි විද්වත් කරුණු ඉතා සරලව ඉදිරිපත් කරනවාට...❤️🙏
සුබ දවසක් වේවා 🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ විශ්ව මාතාවටත් බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාව මුණ ගැස්සුවට.
ඔබතුමා උගන්වන විදිහ ඉතාම සිත්කළුයි.ඔබවැනි පුද්ගලයෙක් මේ තාක්ෂණය හරහා නමුදු අදුර ගන්න ලැබීම මං හිතනවා අපි හැමෝගෙම වාසනාවක්.
මටත් අවුරුදු තිස් අටයි.හැබැයි මමත් ආසයි මේ විද්‍යාව විෂයට.
ඔබතුමාගේ මේ හරවත් දේශනා සරලව අපි හැමෝටම කියලා දෙන එක ගැන බොහොමත්ම ස්තූතියි 🙏 🙏
ඔබතුමා මේ දැනුම හැමෝටම බෙදා දෙන්නේ ගුරුමුෂ්ඨියකින් තොරව.
මම..අපි හැමෝම වාසනාවන්තයි.
තෙරුවන් සරණයි ඔබතුමාට
🙏🙏🙏
අනෙ සර්ට ගොඩක් පින් .මට පාඩම් කරන දේවල් විනාඩි 5 යන්නත් කලින් අමතක වෙනවා .මේක කරලා බලන්න ඔනි❤
ඔබතුමා බොහොම ප්‍රසන්නව ලස්සනට ඉදිරිපත් කිරීම කරනව
බොහොම ස්තූතියි 🙏
මමත් ඔය ක්‍රමය භාවිතා කරනවා.නමුත් විශ්යන් කීපයක් අද්‍යනයේදී යම් ආකාරයක සංකීර්ණ භාවයක් ඇතිවෙනවා.විශේෂයෙන් කාලය සීමිත අද්යන විභාග වලදී.එ වෙලාවට අපිට කාලසටහනකට අනුගත වීමට සිදුවෙනවා.එවැනි කාල සටහනක් නිර්මානය කරගන්නා ආකාරයත් ඉදිරිපත් කලොත් වඩාත් හොදයි. ස්තුති !
බොහොම ස්තූතියී සර්.🙏💝
ඔබතුමාව දැකීමත් සතුටක්.
O/L ඉතිහාසය විෂයට කරලා බලන්න ඕන .
ගොඩක් පින් sir මේ වැඩසටහන සැමට වටිනවා 🙏👍❤
තෙරුවන් සරණයි සර්. ඉතාම වටිනා හරවත් පැතිකඩක් පෙන්වා ද ඔබට බොහොම ස්තූතියි. අප හැමදාම බුදුන් වඳින විට කියන ගාථා, පිරිත් අදටත් මතක සිටින්නේ ඒ නිසා විය යුතුයි. ඉතාම ඉතාම සාර්ථක ක්‍රමවේදයකි. ඔබට බොහොම පින්!
ලෝකෙ දුර්ලබ කෙනෙක්...
මේවගේ මිනිසින්ගෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් හරියට.. අපිට අවුරුදු 30ක් වෙනකන් මොක්කුද අපිව පාලනේ කරල තියෙන්නේ 🤔🤔 පාර්ලිමේන්තුවේ උන් මොක්කුද 😮 මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ ලන්කාවෙ... 👍 තැනක් දෙමු අපි නව පරම්පරාව මේවගේ අයට... ❤