Ammoooooooooo superb solo hiker ayyaaaa🥺♥️🍃........... love thisssssss🍃....... dn thm time tibbe video ek blnn🥺.... ethkot ad comments wlt reply ndd ayya🥺🙈.... aneee maaarm lssnai ayyyyy... meeknm pissuwk aththtm🥺🍃... oyth thnxxx ayyaaa ee feel ek apitth ehmm dnennm video ek krnwt.♥️ apitth blddi age hirigadu pipenw (ayyge wachnen)♥️😁♥️. Ayyge videzth pissuwk ammoooooo🤪♥️.......ape rata🥺♥️ winasa krpu ktwth hdk wenn ep ude idn hithenne echchrai .. eek nrk deyk unt mehem ape rata winasa krpu nisa ehem hithnne nthuw inn ba😓💔.......
05:51 ඒ වෙලාවෙ නම් හිත හරියට Drone එකක් වගේ... ඒ කන්දෙ ලස්සන .ඕවා නම් අනිවාර්යයෙන්ම පේනවා අපේ Solohiker ට.
08:33 ඒ ටැමිල් Aunty ත් අපේ Solohiker ත් කොර වු ඒ සුන්දර මොහොත 🤣✌
10:47 අන්න ඒ තීරණය නම් හොදයි එහෙම තමයි එල කොල්ලො 🤣✌
20:20 Definitely ..Totally agree with you bro☺️🌹... පන්ති භේදය මේ අපේ අය අතර විතරයි . ඕවා නෑ ලෝකයේ ගොඩක් රටවල් වල 🤣✌
21:11 හම්බෝ ලස්සන ... 21:17හැබැයි මේ වෙලාවෙ ගත්ත පොටෝ එකක් තියේ නම් upload කරන්න හයියෝ 🤣✌
22:49 Sometimes when you lose your way in the fog, you end up in a beautiful place! Don't be afraid of getting lost!
25:26 අනිවාර්යයෙන්ම ... අපිටත් යන්න ඕන🤣✌
27:03 Wow .. that's amazing Aiya... that's the best gift you gave to your fans .....In nature, nothing is perfect and everything is perfect...රාවණ drama එකේ මේ වගෙ එඩිට් එකක් දැක්ක ඒත් ඒක ඔප්පු වෙනවා මේම දකිද්දී ඒවගෙ තැන් තාම තියෙනව ඇස් වලට පේන්නම.🥴✌
39:12 ඒ ටික නම් 🔥 මීදුම් ගෑවි නොගෑවි යනවා පුදුම පිං පාටයි🌼 අපේ රටේ ලස්සන 😢❤️
වචන ලස්සනටම ගොතපු කමෙන්ට් එකක් නෙවෙයි ඒත් හිතට දැනුනම තැන් එක්ක ඕහේ ලිව්වා... මෙහෙම ලස්සනම දේවල් අපිට දෙනවට පිං ඔයාට. ඉක්මනින් සනීප වෙන්න @Solohiker 😍❤️
අම්මෝ Video එකම මේ Comment එකේ තියෙනවා ස්තූතියි ❤💙🍃
Kohomada ohoma welawa eka tag karala comment danne
@@Panikellaofficial 20:30 මේක (:)දාන්න
🥺❤️
25:26 මේක නම් කීවතාවක් skip කර කර බැලුවද මන්දා☺️☺️
දින 12ක මතක වලින් පිරුණු සුන්දර ඇල්ල චාරිකාවේ 06 වෙනි දිනය.
රක්කිත්ථාකන්ද පුරාණ රජමහා විහාරයේ ගෙවුණු සුන්දර උදෑසනකින් පසුව මගේ ගමනාන්තය සැලසුම් කර තිබුනේ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල , දියළුම දිය ඇල්ල සොයාගෙන යන ගමන,
ඉතින් සුපුරුදු පරිදි ජනියගෙ Bike එකේ මගෙ බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන කරඳගොල්ලෙන් උදෙන්ම පිටත් උනා, දියළුම සොයාගෙන යන ගමනට මම තෝරගත්තේ සුන්දර පූනාගල කොස්ලන්ද පාර ,
ඒ පාර ගැන නම් කියන්න වචන නෑ වෙනම ලෝකයක් මැද්දෙන් ගියා වගේ මට දැනුනේ , මේ අතරමග තියෙනවා ලංකාවේ පළාත් 5 ක් පේන ලස්ස්න View point දෙකක්, එකක් තමා pilkington point එක ,අනිත් එක millennium Point එක, යන අතරමග බලලා යන්න කියලා හිතාගෙන ආපු මේ View Point එකේ plan නොකරම මම කඳවුරු බඳින්න තීරණය කරේ එහි තිබුණු සුන්දරත්වය මගහැරයාමට ඇති අකමැත්ත නිසාය.
ජීවිතේ ගත කරපු කඳවුරු රාත්‍රීන් වලින් අමතකම නොවන එකක් බවට මේක පත්වුනේ පාන්දර 1 ට පමණ සිදුවුණු ඇඟ කිළිපොලා යන සිදුවීමක් නිසා ,කඳවුරු රාත්‍රියේ රූපරාමු මිලඟ කොටසින් ගේන්නම්,ඉතින් ඒ සිද්දිය ගැනත් ලබන සතියෙම කතා කරමු,
කොහොම නමුත් Plan නොකර ගියපු මේ ගමන සුන්දරම මතක ගොන්නක එකතුවක් උනේ හැමදාම වගේ තනියම යන ගමනේ ආශ්වාදයෙන් මාව පුරවමින් , වැඩිපුර විස්තර මම කියන්න ඕනෙ නෑනෙ ඔයාලම රූපරාමු වලින් ඒක විඳගන්න,
කඳවුරු රාත්‍රියේ අත්දැකීම් සමඟින් ඊලඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජය වේවා ! 🙏❤🖤🍃
ඒක බලන්න සතියක් ඉන්න වෙනෝනේ කියලා මතක් වෙනකොට 🥺💔
තෙරුවන් සරණයි සහෝදරයා 🙏
ඉක්මනට ඒ වීඩියෝ එක ඕනි😢
Patta mchan👌👌👌👌
ඇපෙ ගම ❤️❤️ අවු 20ක් හැදුනු වැඩුනු ගම ❤️
ලාන්කාවෙ ට්‍රැවල් කරන කට්ටිය ගෙන් ඔයා විතරයි අමාරු තැන් වැඩිය කට්ටිය දාන්නෙ නැති ප්ලෙස් වලට යන්නෙ 😍🙏
❤💙🍃😊
මචන් උබ අන්තිමට එ මතක් කරල දෙන ඉතිහසය මරු බන් ... මෙ වැඩේ දිගටම කරන් පලයන්.බොහොම ස්තූති බ්න් ❤️🔥
❤💙🍃
හිතට පමනක් නොව ශරිරියේ සෑම ලේ බිදූවකටම රෝමකූපයකටම දැනේනවා සහෝ.මම ගොඩක් පහූවෙලා මේ වා බැලූවේ.නමූත් සතියක්වත් ගියේනෑ ඔක්කෝම බැලූවා.බූදූ සරණයි පරිස්සමෙන්...
මචන් මම උබෙ ආසම උබ මිනිස්සුන්ට කතා කරන එ ආදරණීය විදියට... ❤❤
❤🍃💙
අපේ රටේ සුන්දරත්වය කියලා නිමකරන්න බෑ ඒ තරම් ලස්සනයි..😍💚🌿
❤💙🍃 🇱🇰
Boxer කියන්නෙනම් travel වලට සුපිරි බයික් එකක් 🤗
අනිවා 💙🍃❤
ඔයාගේ වීඩියෝ බලද්දි හිතට මාර නිදහසක් දැනෙන්නේ අයියා දිගටම කරගෙන යන්න ජය වේවා ..😍
33:00 ඒ වචන ටික ඇහෙද්දි ඇස්වලට කඳුලුත් ආවා. ❤️ ජයවේවා සහෝදරයා ❤️
ස්තූතියි සහෝදරයා ❤💙🍃
මේ අපේ ගම් පලාත..අපිට අගයක් නැති අපේ ගම් වලට වටිනාකමක් දුන්නට ඔයාලට ගොඩක් පින්..ලෝකේට මේ ලස්සන ප්‍ර්‍රදේශ මේ විදිහටම ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍😘😘
මමත් ගිහින් තියෙනවා ඔතනට.ඒ හැගීම කියන්න වචන නෑ🥺❤️.මාර සතුටුයි අයියෙ ඔයා මේ වගේ ලස්සන තැන් පෙන්නනවට අපේ මිනිස්සුන්ට...
❤💙🍃
මමත් ගිහිං තියනවා කියන්නෙ මහ ලොකු දුරක් ගිහිං වගේ මෙයා😂😂😂😂 ගම නේද 😂😂😂👍
Ane e koheda
කියන්න වචන නෑ...🥺❤️ ඇස්වලට කදුළු එනව ඒ ලස්සන දැක්කම..❤ වීඩියෝ එකක් බලල මෙහෙම නම් ඇත්තටම එතනට ගියාම කොහොම ඇතිද කියල හිතාගන්න පුළුවන්..❤ දවසක අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක්💖
මන් ආසම ට්‍රැවලර් කෙනෙක් අයියා ඔයා...❤
මුලු ලංකාවෙ හැමෝටම හොද ආදර්ශයක් දෙන කෙනෙක්..කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
ජයවේවා ඔයාට 💖
බොහොම ස්තූතියි ජයම වේවා ❤💙🍃
අය්යගෙ චැනල් එක දැනගත්තෙ ඊයෙ අනුරාධ සර්ගේ මීටින් එකෙන්. ඊයෙම සබ්ස්ක්‍රයිබ් කරා. චැනල් එක බලන අයට කියන්නෙ මේ අය්ය නිකන්ම නිකන් ට්‍රැවල් කරන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොරටුව ඉන්ජිනියර් ෆැකල්ටි ඉන්න සුපිරි උගත් වැඩ්ඩෙක්.💫. ආදරෙයි සහෝදරයා . සුබ අනාගතයක්...💫💫❤
ඒක පිස්සුවක් සහෝදරයා ❤😍 කියන්න වචන නෑ ඒ ලස්සන ❤ ආදරෙයි ජය වේවා මෙ වගේ ලස්සන පෙන්නන්න දිගටම අපිට වාසනාව නැති උනත් ගෙදර ඉදන් හරි බලන්න ❤
ජයම සහෝදරයා 💙❤🍃
මට හරිම සතුටුයි ඹබගෙ අදහස් ඇති තරුණ යෙන් දැකගන්න ලැබිම ස්තුතියි ඔබට සුභ පැතුම්!!
@@chandrapalaalahakoon9767 බොහොම ස්තූතියි
මම අයියගේ වීඩියෝ මුලින්ම දැක්කෙ ටික් ටොක් වලින්. යූ ටියුබ් එකේ පලවෙනි වතාවට තමයි මේ වීඩියෝ එක බලන්නෙ. ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ. 😍😍
ළගදි video ekk දැකලා බලන්න ගත්තෙ.මේ වෙද්දි ඔක්කොම videos බැලුවා,පරිසරය විදින්නත් පින තියෙන්න ඕනේ ඒක ඔයාට උපරිමෙන් තියනවා aiya.මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට Thank you
බුදුසරණයි,ඔයාට ජය!💙🍃
ඔයාටත් ජයම, බුදුසරණයි ❤💙🍃
🖤👀
දන්නවද මගේ ඇස්වලට කදුලු ආවා මොකද කියනවා නම්, ඔයා ජීවිතය විදින විදිහ දැක්කාම. අනේ මොනතරම් පින් කර ලද ඔයා. බුදු සරණයි පන... ❤️❤️ පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න.. ආදරෙයි ඔයාට . මේ තරම් සැනසීමක් ගෙනන විඩියෝ දානවට. ❤️❤️❤️🙏🙏🙏
මේව බලද්දී හිතට මාරම එකක් එන්නෙ,ඒක කොහොමද කියන්නෙ කියල තෙරෙන්නෙ නෑ🥺❤️
ජය වේවා අයියේ 😍❤️
ජයම මලයා ❤💙🍃
@@Ceylonsolohiker අයියේ camping කරන්න යනකොට ගෙනියන බඩු ගැන video එකක් දානවද 👀❤️
@@tharukanuwantha7820 හරි මල්ලි
@@Ceylonsolohiker ❤️
ඇත්තටම සතුටට ඇඩෙනවා මෙච්චර සුන්දර රටක් අපිට තියනවා දැක්කම. 🌹🌹❤. ජය වේවා අයියා
ඔලුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන වීඩියෝ එක බැලුවෙ මචං මාර සැනසීමක් ලැබුණේ බලලා ඉවර වුණහම thank you බ්‍රෝ...
සතුටක් ❤💙🍃
ලස්සනයි අයියෙ😍
ඒ වචන ටික❤️ I felt it machan. ඒ හැම වචනෙකම තිබුණෙ රටට තියෙන ආදරය සහ යථාර්ථය. අනිවාර්යයෙන් අපි එකතු වෙලා මේක ගොඩගමු
🙏❤💙🍃
පට්ට සුපිරි ...මහන්සියෙ ප්‍රතිඵල උපරිමයෙන් තියෙනවා ...බොහොම ස්තුතියි මාත් ගොඩක් රසවින්දා
බොහොම ස්තූතියි ❤💙🍃
Wow කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම ඔයාගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා දන්නැති තැන් ගොඩක් අපි ඔයාගේ වීඩියෝ වලින් දැනගන්නවා ඉතින් තවත් ලස්සන වීඩියෝ ඉදිරියට අරන් එන්න. ඉදිරිපත් කිරීම හැමදේම මරු හොදේ ❤️❤️
බොහොම ස්තූතියි ❤💙🍃
මල්ලි මම දැනට අව් 10 කට පෙර පූනාගල වත්තට ගියා SD හිටියේ මගේ හොද යාළුවෙක් උජිත් අරෝශ ස්ටෙම්බු කියලා.ඔතන එහා පාරෙ තව විවු පොයින්ට් එකක් තියනවා ස්වාභාවික නාන තටාකයක් එක්ක ට්‍රී හවුස් එකකුත් තියනවා.මම දවස් 5 හිටියා පූනාගල බන්ගලාවෙ..ඔය යන පාරෙත් අලි ඉන්නවා...මම ලංකාවේ දැක්ක සුන්දරම තැන.. මතකය අලුත් කළාට බොහොම ස්තුතියි.අනික ඔයා මාර විදියට පැහැදිලිව විස්තර කරනවා.හරිම සුන්දර විදියට..
ඇග හිරිවැටුනා ඇත්තටම ...ගොඩක් ස්තූතියි මේ සොභාදහමේ ලස්සන අපේ හදවත් වලට ළං කරනවට🥺❤️ මගේ රටට දළදා සමිදු පිහිටයි🙏
තෙරුවන් සරණයි 🙏❤💙🍃
❤️❤️❤️❤️
අයියේ වීඩියෝ එක නම් නියමයි.
ඔයා රට ගැන නියම කැක්කුමක් තියෙන මනුස්සයෙක්.
මෙච්චර සුන්දර රටක් මේ පාලකයො විනාශ කරා.
අපේ රට වෙනුවේන් කතා කරපු කොටසටන්ම් ඇඩුනා අයියේ.බොහෝම ස්තුති ඒ වචන ටිකට.ආදරේයි අයියේ.පරිස්සම්න් හැමදම අපේ රට ගැන අපී දන්නෙවත් නැති තැන් ඔයා අපිත් එක්ක බේදගන්න එකට.අපිට නැත්තන් මට පට්ට අඩම්බරයි මට මගේ රට ගැන පෙන්නලා දෙනවට.❤️ හැමදම පරිස්සමීන් ඉන්න බුදු සරණයි ❤️😍🙏
බුදුසරණයි මලයා ❤💙🍃
මම ඔයාගෙ බලපු පලවෙනි ට්‍රැවල් වීඩියෝ එක අයියෙ කියල වැඩක් නෑ superb..🔥මම ට්‍රැවල් වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 👀මේක තමා මං මෙච්චර කාලෙකට බලපු හොදම එක..🥲.දිගටම කරගෙන යන්න Good luck 🙂👍
කොහෙවත් යාගන්න බැරුව ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න කාලේ මෙහෙම individual අපිව එක්කන් ගිහින් ලංකාවෙ ලස්සන පෙන්නන එක ගොඩක් ලොකු මෙහෙවරක් අයියා. යන තැනක පරිස්සමින් යන්න බුදුසරණයි ❤️🇱🇰🙏
බුදුසරණයි මලයා ❤💙🍃
මල්ලි ඔයා නම් නියම වැඩක් කරන්නෙ. හරිම ලස්සන තැන්. අපි දැකලවත් නැති. මාරයි. අපේ රටේ ලස්සන කොයි තරම් අපූරැද? ඔයාට ස්තුතියි ගොඩක්. අපේ රටේ දුක් විදින වතුකරයේ ජනතාව ගැන නම් ගොඩක් දුකයි. බැරිද අපි හැමෝම එකතු වෙලා එයාලගෙ ජීවිත තත්වය උසස් කරන්න දෙයක් කරන්න.
පුළුවන් දැනට එහෙම වැඩක් ලෑස්ති කරනවා ❤️🌳🍃
@@Ceylonsolohiker නියමයි. 👍
මං රටවල් ගණනාවක ගිහින් තියෙනවා , අපේ රට තරම් ලස්සන රටක් කවදාවත් දැකලා නෑ❤️🇱🇰 පරයො එළවා රැකගමු පණ මෙන්🇱🇰
❤💙🍃🙏
මල්ලි ..මමත් බණ්ඩාරවෙල ..ඒ වුනාට මමත් අද තමයි මේව දැක්කෙ ..ඉක්මනට යන්න ඉන්නෙ බලන්න ..මට ඔයා ගැන කියන්න වචන නෑ ..ඔයා පරිසරය හොදටම විඳිනව.නියම කොල්ලෙක් ..සුබපතනව හදවතින්ම ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..තෙරුවන් සරණයි ..👌♥️👌
බොහොම ස්තූතියි අයියෙ තෙරුවන් සරණයි ❤💙🍃
අපේ රට කොච්චර නම් ලස්සනද. ලොකූ නිදහසක් දැනෙනවා වීඩියෝ එක බලද්දි . හිතේ තියෙන ප්‍රශ්න, කරදර කොහෙන් ගියාද දන්නෑ. ගොඩාක් ස්තූතිය් අය්යේ මේ වගේ වීඩියෝ එකකින් අපේ හිත් නිවනවට.💚 අනිවාරෙන් ලගදිම දවසක අපි සිහින මවන, දේශපාලුවෝ නැති කරපු අපේ රට කලින් තිබුනාටත් වැඩිය හොදින් ගොඩනැගෙනවාමය්. 💚🇱🇰
🙏❤💙🍃
විඩියෝ එක ඉවර වෙද්දී වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ හෑගීමක් හිත්ට දැනුනේ...ඔයා විඩියෝ එක්ස් පුරාවටම විස්තර කරන විදියෙන්ම ඔයා ඒ වෙලාවේ සුන්දරත්වය විදින විදිහ පැහැදිලි ..ස්තුතියි අයියේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට .අයියාට දැන් සනීපයි කියලා හිතනවා ..ඉදිරියටත් මේ වගේ ලංකාවේ ලස්සන තැන් අපිට විඩියෝ එකකින් මේ විදිහට සමීප කරන්න අය්යට ශක්තිය ලැබේවා පරිස්සමෙන් බුදු සරනයි ❤👣🌍🌱
බුදුසරණයි නංගි ❤💙🍃
අයියේ මම ආසම චරිතයක් ඔයා...😍 ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙනවා....පිස්සුවක්....🔥 මේ සුන්දරත්වය විදින්න මාත් ආස කරනවා දවසක.🥺 අන්තිමට ඒ වචන ටික ඇත්තටම ඇස් වලට කදුලු එනවා....උන් අපේ රට විනාස කරා..💔🥺 ඒ ගැන හිතන්නත් බයයි.ඇඩෙනවා....
🥺❤💙🍃
Solo Hiker අමුතුම experience එකක් දෙන මට හම්බුන සුපිරිම travel channel එකක් 🔥❤️👌 ඇත්තටම තනියෙන් travel කරද්දී අමුතුම ආතල් එකක් තියනවනේ 😁, කොහොම වුණත් මේ channel එක දිගටම කරගෙන යන්න, Good luck bro ❤️👊
බොහොම ස්තූතියි Brother ❤💙🍃
ඒකනම් නියමයි ❤️
වීඩියෝ එක බලනකොට හරියට එතන හිටිය වගේ හැගීමක් දැනුනා.
මේ රටේ මේ වගේ තවත් ලස්සන තැන් කොච්චර ඇතිද😔
අම්මෝ ඔව් ❤🍃💙
මේකනම් පිස්සුවක්🥺🔥❤️ වීඩියෝ එකකින් අපිටත් මේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් පින්..🙏
❤🍃💙
අම්මො දැක්කහම ඇග හිරිවැටිලා යනවා.මෙච්චර ලස්සන රට විනාශ කරා මුන්😢. ජය වේවා සහෝදරයා❤️🇱🇰
ජයම සහෝදරයා 💙🍃❤
මෙව්ව බල බල ගෙදරට හිර වෙලා ඉන්න අහිංසක මම 😐 කොල්ලෙක්වත් වුණා නම් කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි
34:00 ඒ කතාවට ඇගේ හිරිගඩුත් පිපුණා.. 💙🙏🏼
සහෝදරයා ❤💙🍃
අයිය යන්නෙ අපෙ අත්තම්මලාගෙ ගෙදර ලගින් ඔය .😍 මගෙ සීය නැති උන දවසෙ ඉදන් එහෙ ගියාම මාර පාලුවක් දැනෙනව මට .එයා ඉද්දි මාව හැම තැනම ඇවිදින්න එක්කන් යනව🥺😥එයා නැති උනත් හරි මට ඔය පාරෙයද්දිත් මාර තනියක් දුකක් දැනෙනව 😓. ගොඩක් සතුටු හිතුන අයිය මේ වීඩියෝ එකට මට💖 .ඒ වගේම ගොඩක් දුක හිතුන.මට ආයෙ ඇවිදින්න වෙන්නෙ සීය නැතුවනෙ කියල මතක් උනාම😭. අයියගෙ හැම වීඩියෝ එකක්ම බලනව. පරිස්සමෙන් යන්න. ඔයාට තෙරුවන් සරණයි 🙏💙💫
ස්තූතී නිදහසේ ගෙවුන හෝරාවක් , තවම බලන ගමන් අවසානේ සුදර නිසා දැන්ම කියනවා ජය වේවා මේක නම් පිස්සුවක් 🇱🇰 ❤️ Solohiker king ❤️ 😍
බොහොම ස්තූතියි සහෝදරයා ජයම ❤💙🍃
කියන්න වචන නෑ broo
ලස්සනයි ලස්සනයි
👊👊👊👊👊👊👊
❤️❤️❤️❤️
ඒ වචන ට්ක හිතට දැනුනා බන්
👊👊👊👊👊👊👊👊👊👊👊
අපේ දේශය
ජය වේවා
සොබාදහමට ඇබ්බැහි වුණාම කොහොමත් පිස්සුවක් තමයි solo hiker ❤🍃❤
අපේ රට කාපු දේශද්‍රෝහි පාලකයන් එකෙක් නෑර නිරයේ යනවාමයි. ඒ වගේම සුළුතර වහලුන් .
ඔව් 😖
31:36 ඒ පුංචි කතාව හදවතට දැනෙන ඇස් වලට කදුළු පිරෙන හුගක් ලොකු කතාවක් අයියා...♥
❤💙🍃
නියමයි බ්‍රො, ලන්කාවට අවාම අපිත් යන්න ඔනේ🥰🥰🥰
අනිවාර්යයෙන්ම යන්න ❤💙🍃
සුපිරි බ්‍රෝ ඔයාගේ කන්ටෙන්ට් මරු Good Luck ❤️🔥
ස්තූතියි ❤💙🍃
කියන්න වචන නෑ පුදුම ලස්සනයි... කොච්චරනම් ලස්සන රටක්ද මේක, මේ වීඩියෝව ඇතුලේ අපිත් ජීවත් වුනා වගේ දැනුණා...අනේ අර මීදුම ගලාගෙන එන විදිය පිස්සුවක් ඒකනම්...❤💙🍃
බොහොම ස්තූතිය අයියේ ඔයාගේ ඇස්දෙකෙන් මේ සුන්දරත්වය විදලා අපිටත් විදින්න මේ දේවල් දුන්නාට 🙏 ❤පරිස්සමින්...
ඒත් ඒ සුන්දර හැගීම අස්සෙන් පුදුම වේදනාවක් දැනුණා මේ සුන්දර අපේ රටට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා 😟
අපේම වැරැද්ද මිනිස්සු තේරුම් අරගෙන වෙනස් උනා නම් වෙනස් කරා නම් එච්චරයි ❤💙🍃
සුපිරි අත්දැකීමක් ලබාදුන්නට ගොඩක් පින් solo hiker.boxer එක නම් සුපිරි
It’s crazy brother..You are so blessed bro.One day I ll come back to SL and definitely visit.👍
Thank u brother 💙❤🍃
කියන්න බැරි තරම් මාරම ලස්සනයි😍thank u මේ වගේ videos අපිට ගේනවට🔥❤️
❤💙🍃
අර කතාවටනම් ඇඬුනා සිරාවටම 🥺😔
🥺❤💙🍃
මාර ලස්සන පරිසරය අපේ රටේ සැබෑම ස්වභාසෞන්දර්ය ඇත්තටම දැක්කේ ඔබ වගේම තව කීප දෙනෙක්ගේ yt වීඩියෝ වලින් ඒක තමයි ඇත්ත.... ඔබට ස්තුතියි සහෝ
ඉන්නේ විදේශයක උනත් ආවම ඔය පරිසරය විදගන්න ආසාවෙන් ඉන්නේ
ඔබට ජය✌✌
ජයම ❤💙🍃
ජීවිතේ සොබාදහම එක්ක යන මේ ගමනේ අපිට හොදම දායාදය දෙන්නේ ස්වභාවධර්මය ...☘️
ස්වභාවධර්මයේ උපරිම තැන ඇසින් දැකලා ඒක විදිනවා කියන්නේ හරිම අපූරු දෙයක්....♥️🌹
අපි ගෙවන්නේ ජීවිතේ හරිම අමාරු කාලයක් කොච්චර මහන්සි උනත් කොච්චර වැඩ කලත් ඒ මහන්සිය එක මොහොතකින් නැති කරලා දාන්න ලස්සන සීතල සුලගක් එක්ක තියන මේ පරිසරයට හරි අපූරුවට පුලුවන්...♥️☘️
ජීවිතේ කොච්චර වැටුනත් එපා උනත් අපිව ජීවත් කරවන්නේ මේ ගහකොළ...
ඒ තරම් වටින සම්පතක් තව කොහෙවත් නෑ....
කිසිම හේතුවක් නැතුව අපිට පන වගේ ආදරේ දෙන්නේ ස්වභාවධර්මය ...♥️☘️🙏
ඒක හොයාගෙන යන ගමනට යන්න ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා අයියේ...
අනිත් අය නොදැකපු ලස්සන සුන්දර තැන් පෙන්නන ඔයාට ගොඩාක් පිං....♥️🌼
තෙරුවන් සරණයි ...🌼♥️
යන එන හැම ගමනක්ම පරිස්සමින් දළදා සමිදු පිහිටයි...♥️🙏
සොබාදහම හරි ලස්සනට වචන කරලා බොහොම ස්තූතියි නංගි Comment එකට තෙරුවන් සරණයි ❤💙🍃
තෙරුවන් සරණයි ! 🙏
පරිස්සමින් යනඑන ගමන්බිමන් යන්න.
හරිම අගෙයි... දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබට පින්.
බොහෝ ස්තූයි !
ඔබට සෝභාමෑණියෝ ආශිර්වාද ආරක්ෂාව ලැබ දේවා! 🙏
මොනවද කියන්න ඕනේ කියලා හිතා ගන්න බෑ 😢 දැනුන දේ විස්තර කරන්න වචන නෑ, තේරෙන්නෙත් නෑ...🥺🥺.මාරම ලස්සනයි..❤😍 ඒක නම් වෙනම හරිත ලෝකයක්.💚🌿❤️ ඇත්තමයි, ඒ view එක දකිද්දී ඇස් වලට කදුලු පිරෙනවා..video එකෙන් දැක්කහම එහෙම නම් ඇත්තටම එතෙන්ට ගියාම කොහොම දැනෙනවා ඇතිද??🥺
ඊලග කෑල්ල තවත් රසවත් වගේ..☺️☺️
දැන් බොහෝදුරට සනීප වෙලා ඇති කියලා හිතනවා..😇
දැන් සනීපයි ගොඩක් දුරට බොහොම ස්තූතියි අදහස් වචන කරාට ❤🍃💙
ඔයා බොහොම සංවේදී දරුවෙක්.වාසනාවන් ඔයාලා වගේ දරුවෝ පුතා.බුදු සරණයි
බුදුසරණයි නැන්දේ
ඔයාගේ ගම කොහෙද පුතා
@@preethikapathirana236 මම ගිරිතලේ
අද කාලෙ ළමයි නන්ද කියනවා අඩුයිනේ.මට හිතුනා ගමක දරුවෙක් වෙන්න ඇති කියලා .සුබ පතනවා පුතා.
@@preethikapathirana236 බොහොම ස්තූතියි නැන්දේ ❤️💚
මල්ලී ඔයාලා තමයි ලංකාවේ ලස්සන අපිට පෙන්නන්නේ.ඒ උනත් කැමරාවත් අල්ලගන තනි අතින් බයිසිකලේ පදින එකනම් අනුමත කරන්න බැහැ.අනතුරකට අත වැනීමක්.කරන හැම දෙයක්ම පරිස්සමෙන්.
බොහොම ස්තූතියි ❤💙🍃
🤔
තෙරුවන් සරණයි මල්ලී.. ඔයාගේ දුක අපි ඔක්කොටොම බොක්කටම දැනෙනවා..
❤💙🍃
තෙරුවන් සරණයි අයියෙ ❤💙🍃
චිත්‍රයක් ඇතුලෙ ඇවිදිනවා වගේ ඒක..🖤🌿
❤💙🍃
Me video eka balala iwara wenakota matath horen mage es dekata kadulu awith aththamai aiye oyata godk pin mewage dewl mehema hari apita pennanwata❤️🙏
ගොඩක් ලස්සන ප්‍රදේශයක්. 🌿❤ දිඔුලාගල පැත්තෙ වීඩියෝ එකකුත් ..
🥺❤🌿
ගේන්නම්
ඒ වචන ටික හිතට දැණුන මාර විදිහට සහොදරයා වචන නැ කියන්න❤❤❤❤❤
Ammoooooooooo superb solo hiker ayyaaaa🥺♥️🍃........... love thisssssss🍃....... dn thm time tibbe video ek blnn🥺.... ethkot ad comments wlt reply ndd ayya🥺🙈.... aneee maaarm lssnai ayyyyy... meeknm pissuwk aththtm🥺🍃... oyth thnxxx ayyaaa ee feel ek apitth ehmm dnennm video ek krnwt.♥️ apitth blddi age hirigadu pipenw (ayyge wachnen)♥️😁♥️. Ayyge videzth pissuwk ammoooooo🤪♥️.......ape rata🥺♥️ winasa krpu ktwth hdk wenn ep ude idn hithenne echchrai .. eek nrk deyk unt mehem ape rata winasa krpu nisa ehem hithnne nthuw inn ba😓💔.......
අනිවාර්යයෙන්ම හොඳක් වෙන්නෙ නෑ උන්ට මල්ලි මෙච්චර ලස්සන රටක් 😥 අපි හදමු කොහොම හරි බොහොම ස්තූතියි Comment එකට ❤💙🍃
@@Ceylonsolohiker ow ayya♥️💙🍃... hbai mlli knk nm nwe mm🙂🙈...
Aa nethuwooo❤️😊 apith me wge awidimuu loke watem
@@chanikahansi 🙈♥️oww mthkne map ekn bln dwsk awdinn gya api aasam thn wlt 😁♥️... yn exam iwrt pluwn hmthnm🤗🍃.lankawe prshn ikmnt iwr wenn kyl prarthn krmu ethkl💔🍃....
@@nethmi..1495 eeei innwadoo
ඔයාට ගොඩක් පිං සහෝදරයා අපේ රටේ ලස්සන අපිත් එක්ක බෙදා ගන්නවට 😊🔥
තවත් මේ වගේ අපේ රටේ ලස්සන නරඹන්න ශක්තිය නීරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊
බොහොම ස්තූතියි ❤💙🍃
පින් ඇත්තෝ ලෝකය දකී අනෙකාටත් ඉතිරි කරයි !
පින් නැත්තෝ ලෝකය කා දමයි කිසිවක් ඉතිරි නොකරයි 🥺💔
😥😥
Supiriyak ithin❤❤❤❤
අම්මෝ දානකන් බලන් හිටියෙ💚✊
❤💙🍃
@@Ceylonsolohiker Q&A කරන්න තාම අර නිවාඩුව හම්බුන් නැද්ද 😁
අයියාගේ අත්දැකීම් අපිට බෙදලා ලබා ගන්න පිනයි ,සතුටම ඇති මේ වගේ පින්කාර ජීවිතයක් ලබන්න අයියට ,,තෙරැවන් සරණයි ! පරිස්සමින් ♥️🌻🌲🍂
අනේ මේ වීඩියෝ එක බලන අය ඒ තැන් වලට ගිහින් ඒ තැන් විනාශ කරන්න නම් එපා. මොකද යන යන තැන විනාශ කරන පිරිසක් මේ අතර ඉන්නවා. Solo hiker ගෙ වීඩියෝ බලන අය නම් හැමදාම කියන නිසා එහෙම නොකරනවා ඇති කියලා හිතනවා. අපේ රට අපි පරිස්සම් කරමු ❤️💚
අනිවාර්යයෙන්ම ❤💙🍃
Aniwa
සුපර් අයියේ මේවගේ වීඩියො දෙන එකට මේ කලයෙ ස්බාදහම ගැන හිතල හටි හිත හදාගත්තැහැකි ස්තූති😌
❤💙🍃
💙Solo Hiker💙 you are my favourite 🥺❤️
❤💙🍃
අඩෙ අයියෙ උබ මාර කොල්ලෙක් නෙ 3:30 පාර අපෙ ගෙදර ට යන පාර ඒ වගෙම 8:12 පාලම එක්කම කෙලින්ම උඩ බලන්න ආය ගියොත් එතන තනි ගෙදරක් තියෙනවා ඒ අපෙ ආත්තම්මලා ගෙදර මම ඉපදුන දවසෙ ඉදන් අවු 20ක් හැදුනු වැඩුනු ගම ඔය 🥺🥺 ❤️❤️❤️ ආදරෙයි කොල්ලො
ඇත්තටම අපේ රටේ ලස්සන.. කියලා නිම කරන්න බෑ අයියා... අපි ගොඩක්.පිං වන්තයී.මේ වගෙ රටක ඉපදෙන්න.. 🌿 මෙ රට නකී ටිකක්.කෑවට අපිට පුලුවන් මෙක වෙනස් කරන්න... 😃🌿 අපේ ගමත් මෙ වගෙම තාම.ගොඩක්.ලස්සන තැන් ගොඩක් තියෙනව අපි වලපනෙට කිට්ටුව ඉන්නෙ.. පුලුන්නම් විඩියො එකක් කරන්න එන්න 🙏❤🌿 ( මේ රටෙ නාකී ඔක්කම ඉක්කනට මැරිලා යන්න පලයල්ල කිව්වත් අපිට පව් නැ මේ වගෙ රටක් කපූ ඔකුන්ට අත්මයක් නැ අයේ.. )
කලකිරිලා ඉන්නේ මල්ලි වෙනස් කරමු කොහොමහරි, එන්නම් ඔය පැත්තේ ❤🍃💙
එන්න අනිවරෙන්ම 😃😁🌿🎀
ඔයා වගේම ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න ඇත්තටම ආසයි සහෝදරයා. ඔයාගේ ගමනට ජය වේවා ❤️❤️
ස්තූතියි ශලා ජයම ❤💙🍃
බණ්ඩාරවෙල ඉදලත් තාම ගිහින් නෑ. අපිට ලග වැඩි නිසාද මන්දා අගයක් නෑ. ඊලග පාර යන්න ඕනි🥺🥰
අනිවාර්යයෙන්ම යන්න 💙❤🍃
බණ්ඩාරවෙල කොහෙද බ්‍රෝ❤️❤️
@@danuuofficial දියතලාව පාරේ කහගොල්ලේ මචන්
අඩෙ මගෙ අප්පච්චි ගෙ ගම ... මම පුනාගල ලියන්ගහාවෙල බ්රදර්❤️❤️
@@danuuofficial අඩෝ එහෙමද සෙට් වෙමු දවසක🥺💫♥️
මේ වෙලාවේ trip එකක්වත් යාගන්න බැරුව ගෙදරට වෙලා ඉන්න අපි වගේ අයට ඔයාගේ වීඩියෝ මහමෙරක්....නියමයි අයියේ❤️😍
❤💙🍃
මානසික නිදහස උපරිමයි💚🌱♥🌼
❤💙🍃
මේ බයික් එක මාරම මාර වාසනාවන්ත බයික් එකක් බුදු සරනයි මල්ලි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
කියන්න වචන එන්නෙත් නෑ පුදුම ලස්සනක් ඇස්වලට කදුලුත් එනව මෙච්චර ලස්සන රටකනෙ අපි ඉන්නෙ..කවදහරි අනිවාර්යෙන් යනවමයි.. මේක නම් ඇත්තටම පිස්සුවක් අයියේ.. 💚🍀🌱🍂❤️
නංගි ❤💙🍃
සුපිරි අයියේ ✌️✌️ ඒ සුන්දරත්වය නම් මාරයි 😍❤️ ජය වේවා...
ජයම මලයා ❤💙🍃
ඒ කන්දෙ ලස්සන .මේ සුන්දරත්වය විදින්න මාත් ආස කරනවා දවසක.කියන්න වචන නෑ පුදුම ලස්සනයි..
❤💙🍃
තනි අතින් බයික් එක පදින්න එප මචං.😍
වෙල් අස්වද්දපු ප්‍රදේශය "වෙල්ලස්ස"
❤🍃💙
අම්මෝ ලස්සන...කියන්න වචන නෑ අයියේ...ඔයාට ගොඩක් පිං..යන තැන්වල පරිස්සමෙන්..බුදු සරණයි..! 💚💚💚💚
බුදුසරණයි ❤💙🍃
8:41 අන්න එක තමයි, අපිටවුන ලොකුමං හේනේ. බලපන් අපේම රටේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක අපිට හරියට කතාකරගන්න බෑනේ. මේ ප්‍රශ්න ගොඩකට හේතුව හරියට කමියුනිකෙට් කරගන්න බැරිකම. දමිල ටිකක් පුළුවන් වුනානම් හරියට අමුනගෙන කතාකරන්න කියල මට හිතුන වාර අනන්තයි.
ඔව් මචන් අනිවාර්යයෙන්ම ඔය නිසාම ඔය ගමනෙදි මම ටික ටික පුරුදු උනා
ඒ මිනිස්සු හරි අව්‍යාජයි🥺❤ එක අපි අත්විඳීනවා❤ තුප්පැහි දේශපාලකයො කෑවෙ අපෙ අනාගතෙ❤🥺 ආය හදමු❤
❤💙🍃
❤
මන් අහන්නෙ පෙට්‍රල් කොහෙන්ද හොයාගත්තෙ 🙂
යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් 5l දුන්නා
Solo hiker And Dinesh අයියා තමා ආසම💚
මලයා ❤💙🍃
කොච්චර ලස්සන රටක්ද මුන් බංකොලොත් කරේ 😔.. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියනවද ඒ වගේ තැන් වල සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුලුවන්👍👍 ඒත් අපේ මහළු දේශපාලුවො හොරා කාලා රට බංකොලොත් කරා විතරයි රට දියුණු කරන්න කිසිම දෙයක් කලේ නෑ✋😣 නෙළුම් කුළුන වගේ ගොන් ව්‍යාපෘතිය රට තවත් ණය කලා වෙතරයි 😔😔 අපිට රටක් විදිහට දියුණු වෙන්න බෑ තමන්ගෙ රටේ දේවල් අගය කරන්නෙ නැතුව මොකද අපේ රටේ මිනිස්සුත් රටින් එනකන් බලන් ඉන්නවා ඇපල්,දොඩම් වගේ දේවල් ඉතින් රටක් දියුණු වෙයිද 😕 ඇත්තටම මම ආසම travel වැඩ සටහන 💖 ඔයාගෙ වැඩසටහන ඔයාගෙ වැඩසටහන් බැලුවම තියන ප්‍රශ්න අමතක වෙලා යනවා 🙂💖
බොහොම ස්තූතියි ❤💙🍃
මේක නම් මාරම වීඩියෝ එකක් සහෝදරයා කියන්න වචනෑ ඒ තරම් ලස්සනයි වීඩියෝ එකට එහා ගිය ඔයාගේ කතාව සහතික ඇත්ත අපේ රටේ දේශපාලන බල්ලො නිසා අපි අද පට්ට දුකක් විඳින්නේ මගේ ඇස් දෙකට කඳුළු ආව මේ වීඩියෝ එක බලද්දි මේවා දකිද්දී පුදුම දුකක් ඇති වෙන්නේ මේ වීඩියෝ එකේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ සහෝදරයා ඒ තරම් වටිනවා තෙරුවන් සරණයි ඔයාට හැමදාම මේ වගේ ලස්සන විඩියෝ වලින් ලෝකෙටම පේන්න දෙයක් කරමු ජය වේවා සහෝ 💕💕💕💕👍👍👍👍🙏
බොහොම ස්තූතියි සහෝදරයා ජයම ❤💙🍃
පිට රටක හිරවිසිටින මම පළමුවෙන්ම මාගේ මව් රටට හිස නමා නමස්කාර කරමි පුතේ නුබ වැනි පුතුන් බිහිකල දෙමව්පියන් ට බොහොමත් පිං බුදු සරණයි දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා
සුපිරි place එක. 3, 4 පාරක් ගිහින් තියෙනවා. පාර සව්ත්තු නිසා බයික් එකෙ යන ගමන එපා වෙනව. එ උනාට ලස්සනම පැත්තක්.
❤💙🍃
මාරම ලස්සනයි අයියේ ,හිතට පුදුම නිදහසක් දැනෙනවා 💚❤️
ගොඩක් පිං සහෝදරයා ඔබේ හැගීම් අපිත් ඒ විදියටම වින්ද. මේ අපේ අපේ මාතෘබුමිය❤️❤️ අපි මේක හදමු කොහොමහරි 💪💪ජයවේවා තෙරුවන් සරණයි!!
තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃
Wow superbb bro.. this is poonagala udahena Pilking point.. #poonagala our Village 😍
❤💙🍃
නියමයි මල්ලි වැඩේ හොදට කරනව සුබ පැතුම්....