Sulanga Matha Mohothak - Episode 15 - Director's Cut

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 547

  • @madu9831
    @madu9831 5 месяцев назад +12

    සමහරවිට එදා චාරු ආවනම් අද ඔහොම අසංග දියුණු නොවෙන්නත් ඒ දෙන්න අතිශය ආර්ථික දුෂ්කරතා එක්ක ආදරය දුර්වල වෙන්නත් තිබ්බා! සමහර තීරණ අපි ගත්තේ නෑ "ගන්න වුනා" 🌸

  • @madhurubasinghe3628
    @madhurubasinghe3628 3 года назад +90

    දවස් දෙකක් පුරාවට බලලා දැනුයි ඉවර කළේ..., මොන ඉවරයක්ද මං මැරෙනකන් මේ කතාව මගේ හදවතේ ජීවත් වෙයි. ❤️❤️❤️

    • @nimalinisansala-w1x
      @nimalinisansala-w1x 5 месяцев назад

      කොටස් කියක් තියෙනවද

    • @Chamaraupamal
      @Chamaraupamal 4 месяца назад

      උබ තාමා ජිවත් වෙලා ඉන්නවද?

    • @thilankalkm
      @thilankalkm 3 месяца назад

      මමත් හිතන්නේ.......

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 4 года назад +100

    "සුලඟ මත මොහොතක් " අපි හැමෝගෙම පොදු කතාව... ස්තූතියි නිර්මාණයට❤❤

  • @hasavlog
    @hasavlog 4 года назад +100

    ආසම කතාවක් ටික කලකින් අමතක වෙතැයි බියට මා නැවත නැවත විත් බලන්නට හුරුවූවෙක්මි.
    නමුත් මේ කතාව ආයෙත් වරක් බලන්නට මා නොපැමිනේවී. ඒ තරමටම මේ කතවා අත් නොහරින්න බැරි බරකින් හදවතම අල්ලාගෙන. මෙතුවකට බලපු ආසම කතාව විය....

    • @sheni6004
      @sheni6004 3 года назад

      🌼

    • @maduhanz5531
      @maduhanz5531 3 года назад

      මාත් අමතක වෙයි කියලා දෙවෙනි වතාවට බැලුවා ..💔❤️

    • @dilharapalihawadana668
      @dilharapalihawadana668 2 года назад

      Charuta hadunu asanipe mokakda ?

  • @hansiniwijenayake
    @hansiniwijenayake 4 года назад +116

    නුවර කියන්නෙම ප්‍රේමයේ නගරය ❤️ අදත් හෙටත් චාරුලා, අසංගලා ගෙදර කීමට අවනත වේවි... ආදරේ වැව් පතුලෙ ගිල්වාවි.. ආදරණීය නුවර හැරයාවි... such a heart touching work ❣️thank u so much 😇

  • @JB-jn8dm
    @JB-jn8dm 3 года назад +33

    "ඔබ දුකින් පසු වන විට නැවත ඔබේ හදවතට එබී බලන්න.ඇත්ත වශයෙන්ම ඔබ හඩන්නේ කලින් ඔබේ ආනන්දය වී පැවති දෙය වෙනුවෙන් බව ඔබ දකිනවා ඇත.තමන් ආදරය කරන දෙයක් වුවත් මට අයිති නැති නම් ඒ දේ හැබෑවටම අයිති අයට දිය යුතුයි."
    දෙමාපියන්ට දරුවන් වෙනුවෙන්, දරුවන්ට දෙමාපියන් වෙනුවෙන්, පෙම්වතාට පෙම්වතී වෙනුවෙන්, පෙම්වතීට පෙම්වතා වෙනුවෙන්, බිරිදට ස්වාමියා වෙනුවෙන් ජීවිතයේ එක මොහොතකදී හෝ අපි හැමෝටම අත්හැරීමක් සිදු කරන්න වෙනවමයි කියල චරිත ගනනාවක් තුලුන් මනාව කියල දීපු ලස්සනම කතාවක්. ඒ අත්හැරීම් තුල අසන්ග ,චාරුලතා, අමන්ද වගේම අපිත් ජීවිතේ ඉස්සරහට යා යුතුයි. 💕💕

  • @cl610
    @cl610 3 года назад +62

    හදවත නැවතුනා වගේ... ලාංකික ටෙලි නාට්‍යයක් මේ තරම් අඩවලා නෑ මාව...චාරුලතා මොන තරම් නම් දුකක් ඉහිලුවද? දෙමාපියන් සතුටු කරන්න අර තරම් ආත්මීය බැඳීමක් නැති කර ගත්ත චාරුට නේද වැඩියම දුක් උහුලන්න වුනේ...අක්කා එයාගේ ආදරය ලබා ගත්තා, පවුලක් වෙලා ජීවත් වෙනවා..ඒත් චාරු....💔💔අසංගගේ ආදරය..ජීවිතයේ අන්තිම තප්පරය වෙනකන් ලැබුනු ඒ ආදරය ලැබිලත් අයිතිකරගන්න චාරුට බැරිවුණා..ඒ හිතට මොනවා හිතෙන්න ඇතිද..දෙමාපියන්ගේ වැරදි තේරීම නිසා ඒ දෙන්නම කොච්චර දුක් ඉහිලුවද? ආදරය කියන්නේ අයිති කර ගැනිමම නෙවෙයි කියන එකට හොඳම උදාහරණය අසංග...සාර්ථකම නිර්මාණයක්...තාමත් හදවතේ කටුවක් ඇනුනාවගේ වේදනාවක්......💔💔💔

  • @sadanipraba668
    @sadanipraba668 4 месяца назад +7

    ගොඩ කාලෙකින් ඇස් වලට මොකක්දෝ හැඟීමක් එක්ක කඳුලක් ඉණුවා.
    ඒ සුළඟ මත මොහොත ගැන කියල දුන්නට බොහොම ස්තුතියි ❤

  • @indunildharmasena1239
    @indunildharmasena1239 2 года назад +23

    පළවෙනි රූප රාමුවේ සිට අවසන දක්වා skip නොකර බලපු එකම නාට්‍යය, ඒ තරම් ලස්සනයි, දෙබස් විලාසය අපූරුයි, මගේ ජීවිතේ අමතක නොවන නාට්‍යයක් වෙයි මෙය. තවත් මෙවැනි නිර්මාණ කරන්න. ❤️

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 3 года назад +119

    කෙටියෙන් කිව්වොත් මේක බාවනාවක් වාගේ.පාතාලය හොර දේශපාලුවන්ගේ මැරයන්ගේ චරිත නැති අද්වීතිය නිර්මාණයක් මෙවන් නිර්මාණයක් නැවත ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න .ස්තුතියි රුක්මල් නිරෝශන් මහතානෙනි ඔබට

    • @maheshikaridmini4265
      @maheshikaridmini4265 3 года назад +3

      Harima lassana kathawak...me wage adare karapu ayata me kathawa danenawa wadi..me kathawema jeewath wenawa kiyala danuna...eka husmata baluwa....❤️

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 3 года назад +43

    අපි හැමොගෙම ජීවිතවල අඩු වැඩියෙන් මේ දේවල් තියෙනවා. දෙමාපියන්ගේ හිනාව වෙනුවෙන් කැප කරන්න උන ආදර කතා ලෝකේ කොයිතරම් ඇතිද.. එක්වෙන්න අවසර නැති චාරුලා, අසංගලා ගොඩක් ඇති. ඒත් ඒ ආදර කතා සදාකාලිකයි.. ❤️🙏

  • @tharu6017
    @tharu6017 3 года назад +66

    මම නුවර...
    කතාවේ තියන හැම තැනක්ම විඳලා තියනවා..
    මම මේ කතාවට බයයි.සමහර දේවල් අඩු වැඩි වශයෙන් මටත් වෙලා තියනවා..ආත්මය ස්පර්ශ කරපු අනර්ග නිර්මාණය ක්..
    කසුන් සර් ගේ සංගීතේ අපිව කතාව ඇතුලේ ජීවත් කරවනවා..ආදරෙයි සුළඟ මත මොහොතක්.......❤️
    2021.05.27.
    2.08 am....💕

    • @namalibolongha3659
      @namalibolongha3659 2 года назад +2

      ඇත්ත මටත් බය හිතුනා මැදක් හරියෙන් බලන එක නවත්තලා දැම්මා.ඒත් පස්සෙ ආයෙත් බැලුවා. පෙලපත් නිසා අහිමි කරගත් ආදර දව කොතෙක් ඇත්ද?

  • @musiconline9784
    @musiconline9784 3 года назад +18

    Comment එකක් නොදා යන්න හිත දුන්නේ නෑ.... මගේ ජීවිතයට මං මෙච්චර ඇඬුවේ නෑ කිසිම ටෙලි නාට්‍යයකට නමුත් සුළඟ මත මොහොතක් මාව ඇඬෙව්වා.
    කියන්න වචන නෑ ඒ තරම් ලස්සන කතාවක්🥺❤️ පපුව රිදෙනවා බලලා ඉවර වෙද්දි😭
    මං හිතන්නේ සාරංගගේ හොඳම රංගනය මේ නාට්‍යයයෙන් දකින්න පුළුවන් කියාලා. හැම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම උපරිම ලෙස එයාලගේ දායකත්වය මේ ටෙලි කෘතියට දීලා තිබ්බා. විශේශයෙන්ම චාංදනී, ක්‍යුශල්‍යා , මහේන්ද්‍ර, බිමල් හැමෝම ...
    කතාව පුරාවට ගලා යන සංගීතෙන් පුදුම රසයක් කතාවට දෙන්නේ. කතාව ඇතුලේ හැම දෙබසක්ම හැම බැල්මක්ම හැම පරිසරයකම පුදුම විදියට ලස්සනයි . තේමා ගීතයේ ඉඳන් හෑම දෙයක්ම පුදුම ලස්සනක් තියෙන්නේ. කසුන් සර් ඔයා නම් වැඩ්ඩෙක් ඇත්තමයි ඒ සංගීතයෙන් apiwa කොච්චර හැඟීම්බර කලාද 🥺🥺❤️❤️❤️❤️
    අන්තිමට චාරුගෙ ආත්මය අසංගව බලන්න එන හැටි... පහන් ගේ ගිනි ගන්න එක ඒ හැම දේකින්ම පේනවට වඩා දෙයක් කියන්න උත්සහා කලා 🥺🥺❤️❤️❤️
    හරිම හැඟීම්බරයි. ප්‍රේමය විඳලා නැති කෙනෙක්ව වුනත් අඬවන්න තරම් මේ නිර්මාණය ප්‍රබලයි.❤️🔥 රුක්මල් මහතා ඔබතුමාගේ මීළඟ නිර්මාණය එනතුරු බලා සිටිනවා .කණ්ඩායමටම බොහෝම ස්තූතියි 🙏 ❤️ ජය!!!!

    • @rukmaln
      @rukmaln  3 года назад

      බොහෝම ස්තුති 🙏🏻

  • @wasanthapadmajeewa3927
    @wasanthapadmajeewa3927 2 месяца назад +5

    මම මේ කතාව දවස් කීපයක ඉඳලා නරඹමින් අද 2024.10.02 අවසන් කලේ ...හරිම කලාත්මක සංවේදී අති විශිෂ්ට නිර්මාණයක්...හරිම තාත්වික...පරිසරය රඟපෑම් සංගීතය සියල්ල ඉතාම ඉහළම තැනක තියෙන කලකින් දුටු අමුතුම ශෝකයකින් හද වෙලාගත් කතාවක්...❤🎉🎉🎉🎉

  • @sachindamadushan137
    @sachindamadushan137 2 года назад +20

    ලංකාවේ කතාවක මම දැකලා නෑ කිසිම තැනකදි මේ තරම් පරිපූරණත්වයක් ... රංගනය, දෙබස්, සංගීතය, ලොකේශන් මේ හැමදේම හරි ලස්සනට එකතු වෙලා හරි සංවේදී නිර්මාණයක් බිහි කරලා තියෙනවා.. වචන වලට පෙරලන්න බැරි තරම් හැගීමක් මේ කතාවෙන් එලියට දුන්නා. ස්තූතියි මේ නිර්මාණයට දායක උන හැමෝටම. ජයවේවා !!!❤️

  • @chathurangasupun6623
    @chathurangasupun6623 2 года назад +26

    නොමෑකී හදවතේ නැවතුන කතාව ❤️❤️ සුළග මත මොහොතක් 😊ආදරෙයි නිර්මානයට

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 10 месяцев назад +16

    2024ත් බලනවා
    මගේ කතාවත් මේ වගේමයි. 😢
    බැලුවට එපා වෙන්නේ නෑ.
    ආයේ මේ වගේ කතා බිහි වෙන්නේ නෑ.... ඒ ගැන දුකයි..

  • @ninuripathirana6876
    @ninuripathirana6876 2 года назад +27

    අවුරුදු 14 දි (2014) පාසල් යනවා ඒ වයසට හරිහැටි නොතේරනාත් ITN යනකොට තේරෙන විදියට කතාව නැරඹුවෙමි.මොකද්දො කියා ගන්න බැරි අමුතු හැඟීමක් ඒ තළ දැනුන නිසාම තේරෙන වයසට ආවහම නැවත නැවතත් මම මෙය සොයාගෙන බැලුවෙමි.අද වන විට මම 10 වෙනි වතාවකට වඩා මෙය නරඹා ඇත.ජිවිතේ අත් විඳපු ලස්සනම කලා නිර්මාණය මෙයයි.අප සැමගේම හද පතුල තුළ මෙය සදා අමරණීය යි.

    • @rukmaln
      @rukmaln  2 года назад

      බොහෝම ස්තුති

    • @anuradhajayaweera4893
      @anuradhajayaweera4893 5 месяцев назад

      Mage parapure kenek hoyan ava meka
      telecast una aurudda hoya ganna
      2014❤
      Thank you

    • @anuradhajayaweera4893
      @anuradhajayaweera4893 5 месяцев назад

      අවුරුදු 10කට පස්සෙ මඟ හැරුණු අවසානය බලන්න සයුරෙන් එහා ඉදන්😢අපි දෙන්නම
      අපිට හැකි වුණා එක් වෙන්න
      හිත හදාගන්න බලපු කතාව ❤

    • @uudar
      @uudar 3 месяца назад

      2014 මාත් බැලුවා..එතකොට වයස 16...එදා තේරුම් ගත්ත දේට වඩා අවුරුදු 10 කට පස්සෙ දැනෙන හැගීම කොච්චර වෙනස් ද

  • @gayafernando5658
    @gayafernando5658 Год назад +4

    අහම්බෙන් දැකල පැය ගාණක් එක දිගට බලලා දැන් පාන්දර 3.42 යි...අවසානය. හිතපුරාවටම දැනුන ආදරණීයම කතාවක්...මෙ මතකය නම් හැමදාමත් හිතේ හොල්මන් කරාවි. අාදරණීයම චරිත...දක්ෂතම රංගනයන්...ආදරෙයි හැමොටම කියාදුන් යථාර්ථය ට ❤❤❤❤

  • @sandunigunasekara9201
    @sandunigunasekara9201 2 года назад +34

    ආදරේ කරපු නැති ආදරේ විරහ වේදනාව විදලා නැති හදවතක් වුනත් සියයට දෙසීයක් අඩවන්න පුලුවන් කතාවක්.🥺🥺 නිර්මාණය වෙනුවෙන් මහන්සි වුනු සියලු දෙනාටම බොහොම ස්තුති 🙏

  • @Markatalky
    @Markatalky Год назад +7

    කලබලයක් නැතුව නිවීසැනසිල්ලේ බලල ඉවර කලේ අද 2023-03-03. හරිම අපූරුයි! මට ඉන් එහා කියන්න යමක් හිතට එන්නෙ නෑ. මේ කතාව හෝ මෙවැනි කතාවක අඩුව හිතේ තිබිලා තියෙනවා වගේ මේක හරියටම පෑහුනා. කිසිත් නොකියන චාරුව තේරුම් අරගන්න උත්සහ කරලම චාරුත් එක්ක ප්‍රේමයෙන් වෙළුනා. චාරුගෙ හැඟීම් විරහිත මූණත් අහිංසක හිනාවෙන් පිරුණු මූණත් තැන තැන මැවිල පෙනේවි තව ටික කාලයක් යනකල්. ❤️ හරිම අපූරු ආත්මීය නිර්මාණයක්.

  • @nadeeshalakmali1365
    @nadeeshalakmali1365 4 года назад +13

    ඇයි දැන් මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ.ගොඩ කාලෙක ඉඳන් බලන්න හිතන් හිටියේ.අද තමා ඉවර වෙනකන් බලන්න ලැබුණේ හැමදාම tv යද්දී මුල් කොටස් ටික විතරයි බලන්න ලැබුණු.ඒ ටිකත් දහ පාරක් වත් බලලා ඇති. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන කතාවක්. Music location dialogues හැමදේම හරිම ලස්සනයි. හරිම අර්ථවත්.තවත් මෙවැනි අනර්ඝ නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවා.

  • @sulakkanaliyanage3321
    @sulakkanaliyanage3321 9 месяцев назад +8

    මා නුබට කෙතරම් ප්‍රේම කලේද වග මා නැති තැන වේදනාවෙන් රිදුම් දුන් මගේ ආත්මය ඔබට පවසාවි.
    -චාරු-

  • @kanchanaperera4460
    @kanchanaperera4460 Год назад +6

    කතාවක් බලල මේ තරම් හිත රිදිච්ච දවසක් නැතුව ඇති,...කතාවකුත් නැතුව ඇති....කතාව බලලා ඉවර උනේ අද....අන්තිම හරිය බලද්දි මගෙ හිතට මාර විදියට බර උනා ....එ වෙලේ ඉදන්ම හිත කිව්වෙම මෙකට comment එකක් දාන්න කියල.....කතාව බලල ඉවර වෙද්දි මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න ඕනෙ කියල හිතුනා මට....
    දරුවන්ගෙ ජීවිත කැඩපතක් කරගෙන තමන්ගේ හැඩ රිසි සේ බලන දෙමාපියන් මේ ලෝකෙට බිහි නොවේවා.මතු කිසිම දවසක....අවංක් ආදරේ පපුතුරේ දද කරන් ඒ ආදරය ඉල්ලගෙන පස්සෙන් එන අසංගලාත් ඒ උතුම් ආත්මීය සෙනෙහස දෝතින් පිළිගන්න ආස උනත්, දෙමාපිය ආශාවන් පුහු මාන්නයන් නිසා විරහව තුරුළු කරන් සදාකාලිකවම වේදනා විදින චාරුලතාල යලි කිසි දිනක ඔබ,මට හමු නොවේවා...😢😢😢😢හරිම වේදනයි මට අවසානය ගැන😢😢😢😢😢

  • @hashinigunathilake5139
    @hashinigunathilake5139 3 месяца назад +3

    ඒ පියානෝ හඩ ඇතුලේ මුලු කතාවම ගලා ගියා....එකම වාදනය උනත් එක එක අවස්තාවලදී වෙනස් හැගීම් අවුස්සනවා...හිතේ තිබුන හැගීම් හීන් සීරුවට පාරව්වා.. හරි අපූරු නිර්මාණයක්...❤️

  • @kaush__
    @kaush__ 2 года назад +6

    කතාව බලන්න ගත්ත මුල් දවසේ ඉවසීමක් තිබ්බේ නෑ අවසානේ දකිනකම්.ඒත් දැන් හිතෙනවා ඇයි මම මේ කතාව බැලුවේ කියලා.අපි කවුරුත් කැමති නෑ අපේ හිත් බලෙන් රිද්දගන්න 💔
    සාරංග, තිසුරි ඇතුලු හැම රංගන ශිල්පියෙක්ම එයාලගේ චරිත වල හරි අපූරුවට ජීවත් උනා.
    ඒ සංගීතය නිහඩබව තුල අපි ජීවත් උනා ❤️
    අසංග , චාරු , අමන්දා කියන්නේ නිකන්ම නිකන් චරිත විතරක්ම නෙමේ 🥀
    මගේ ජීවිතේ ඉස්සරහට මේ චරිතවලින් මොන භූමිකාව කරන්න වෙයිද කියලා ලොකු බයක් දැණුනා..💔
    ඉතාමත් සාර්ථක නිර්මාණයක් 🖤

  • @UpulFernando-xw4yp
    @UpulFernando-xw4yp 10 месяцев назад +6

    ප්‍රේමය යනු අයිති කර ගැනීම නොවන බව සුලග මත මොහොතක් අපට පසක් කර දුනිමි.තිසුරිගේ රන්ගනය ව්ශිශ්ටයි.

  • @vindyavidanapathirana2079
    @vindyavidanapathirana2079 3 года назад +16

    ගොඩක් ලස්සනයි ..... ස්තූතියි ..... තුවක්කු , පොලිසිය ,පතාලය නැතිවත් හොද teledrama හදන්න පුලුවන් කියලා පෙන්වන නියම උදාහරණයක් .

  • @punyajayasundara4613
    @punyajayasundara4613 8 месяцев назад +4

    මේක මාරයි ❤😢 මම මැරෙනකං මේ කතාව මතක තියෙයි. රගපාපු හැමෝටම අචාරය🎉

  • @Lifeblessed101
    @Lifeblessed101 Год назад +4

    මේ නම් අපේ ජීවිත වල සත්‍ය අඩු වැඩි වශයෙන් මතුකරලීමට සමත් අග්‍ර ගණයේ නිර්මාණයකි. නිර්මාණ දායකත්වය දුන් ඔබ සැමට ස්තූතියි❤️
    " ආදරේ නාමයෙන් අවංකව ප්‍රේම කළ වුන් කිසි දා වෙන් නොවනු ඇත.. ගතින් නොව සිතින් දෙවියන්ට වුව ඔවුන් වෙන් කළ නොහැක.. ආත්මීය ස්පර්ශයෙන් ඔවුන් සදාකල්හිම හදවතේ ලැගුම් ගනු ඇත...
    ඉතිං ආදරණීය දෛවය සැබෑ ආදරවන්තයන් මරණයෙන් මිස අන් කවර හේතුවකින්වත් වෙන් නොකෙරෙත්වා..!

  • @sathsaranigamage367
    @sathsaranigamage367 4 года назад +56

    කතාව බලද්දි හිතාගන්න බැරිතරම් පපුව පිච්චිලා ගියා....

    • @lakmalthanuja9897
      @lakmalthanuja9897 3 года назад +1

      ඒක ඇත්ත පපුව පිච්ච් කතාව බැලුවේ ඒ තරම් දුකයී

  • @sachirathnayake5815
    @sachirathnayake5815 3 месяца назад +3

    චාරුගේ අම්මා,තාත්තා,අක්කා හා අයියා ඇගේ දරුවාට සැබෑ අම්මෙකු තාත්තෙකු වේවී..එසේම ඇයට තමන්ගේම සහෝදරීයක්ද ලැබේවී..සාර්ථක අවසානයක් ...වචන වලින් විස්තර කල නොහැකි තරමේ වටිනා නිර්මාණයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinesharanathunga6598
    @dinesharanathunga6598 3 года назад +5

    මගෙ ජීවිතේ මම බලපු ලස්සනම කතාව.මොනවා ලියන්නද කියලා හිතා ගන්න අමාරුයි ඒ තරමට හිතේ දුකින් පිරිලා.මට මග ඇරිච්ච ලස්සන ආදර කතාවක්.දවස් තුනකින් බලලා ඉවර කලා.ඇස් වල කදුලු පුරෝගෙන බැලුවා.සමහර තැන් වල කදුලු නතර කර ගන්න බැරි උනා.ආයෙත් බලන්න ආසයි.ඒත් ඒ දුක දරා ගන්න ගොඩක් අමාරුයි.තිසුරි ❤️සාරංග❤️ඔය දෙන්නට සුභ පතනවා කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා.ඒ වගේම රුක්මල් නිරෝශ් ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

    • @rukmaln
      @rukmaln  3 года назад

      බොහෝම ස්තුති

  • @sebastian-ig5ne
    @sebastian-ig5ne 4 месяца назад +3

    මෙය මා නැරඹූ පස්වෙනි අවස්ථාව . සෑම අවස්ථාවකදීම දෑස් කදුලින් තෙත් වීණි. මන්ද මමත් නුවර සහ මෙම අවස්තාවන්ගෙන් සමහරක් අඩුවැඩි වශයෙන් වින්ද ඇති බැවින් .තවදුරටත් කීමට කිසිවක් නැත. අහින්සක සොදුරු ප්‍රේමය සදාකාලිකයි.
    ස්තුතියි ඔබට❤ 13.08.2024
    ඉදිරියටත් සුලග මත මොහොතක් සමග ජීවත් වෙමි

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 года назад +5

    අනේ හරිම ලස්සනයි කතාව .හරිම හැගුම්බරයි.හදවතට දැනුනු ආදරණීය කතාවක් .සාරංග අයිය ,තිසුරි අක්කා ,හදවතට දැනෙන්න රගපෑවා .හරියට භාවනාවක් වගේ .ඇස් දෙකට කදුලු පිරුණු වාර අනන්තයි.ඒ තරම්ම හැගුම්බරයි .මෙතෙක් බලපු ටෙලිනාට්‍ය වලින් හොදම ටෙලිනාට්‍ය මේක .එක කොටසක්වත් skip කලේ නෑ.බොහොම ස්තුතියි"සුලග මත මොහොතක්" හැමෝටම .♥️♥️♥️♥️♥️♥️

  • @bhanuamarasinghe4833
    @bhanuamarasinghe4833 3 года назад +27

    මගෙ ආත්මෙට මේක බර වැඩී රුක්මල් මහත්තයෝ...! ජීවිත කාලෙම මේ කතාව හදවත අස්සෙ හුස්ම ගනීවී..!

  • @minolisilva7385
    @minolisilva7385 28 дней назад +1

    හැමදාමත් ආදරෙයි මේ කතාවට.. TV එකෙන් බැලුවට පස්සෙ අද දෙවෙනි පාරටත් බැලුවා.. කවදාවත් අමතක වෙන එකක් නෑ අසංග චාරුලතා සහ මේ හැමෝම..❤

  • @dilannavindumanamperi4116
    @dilannavindumanamperi4116 2 года назад +6

    "හාන්කවිසියක"..කසුන් සර්ගෙ සිංදුවලින් අහපු ලස්සනම සිංදුවක්.වීඩියෝ එක දකිද්දි හිතුනා සිංදුවටම හදපු වීඩියෝ එකක් නෙවෙයි වග.සිංදුවේ තියෙන වීඩියෝ එකේ තියෙන ලස්සන නිසාම හොයන්න ගත්තා.
    "සුළඟ මත මොහොතක්"...
    බලන්න ඕන කියල හිතන් හිටියට අවුරුද්දකටත් වඩා කල් ගියා වෙලාවක් නැති නිසා.බලල ඉවර උනේ දැන්.දවසෙන් බලන්න තරම් ආස හිතුන කතාවක්.හැම episode එකක් අවසානෙම දාලා තියෙන comments කියෙව්වා.
    කතාව,දෙබස්,locations,සංගීතය හීනියට අපිව රිද්දනවා.අඩන්නෙ නැතුව බලනව කියල කාගෙන බැලුවට එහෙම කරන්න බැරි උනා..ස්තූතියි මේ වගේ සංවේදී නිර්මාණයකට දායක උන සියළු දෙනාටම❤️🙏🏼
    කවදාවත් අමතක නොවේවි..🍃♥️
    2022-05-13 / 1.40 a.m

  • @sakunthalajayasekara1992
    @sakunthalajayasekara1992 Год назад +2

    සුළග මත මොහොතක්, පුදුම ලස්සන කතාවක්. හදවත ගොඩක් සංවේදී කරනවා. මං බලව්ව ලස්සන කතාවක්. මගේ ගම නුවර නිසා මේ කතාවේ තැන් මාරම හිතට දැනෙනවා. අසංග චාරු එකතු උනානම්. රුක්මල් සර්, තවත් මේ වගේ ලස්සන ආදර්ශමත් කතා හදන්ඩ ශක්තිය ලැබේවා. නළු නිළියන්ගේ රගපෑම් ද සංගීතයද අති විශිෂ්ටයි.. මං මේ කතාව 10 පාරක් විතර බැලුවා. 😍😪

  • @nisulidayarathna5635
    @nisulidayarathna5635 2 года назад +5

    හරි අපූරු රූප රචනයක්.
    මුල සිට අගටම හරි ආසාවෙන් හිනාව, කදුළ දෙකම එක්ක විදපු නිර්මාණයක්. ජීව්තේ කියන්නෙ සතුට සහ දුක යන අන්තයන් දෙක අතර දෝලනය වන සංසාර චාරිකාවක් බව පසක් කල 'සුළග මත මොහොතක්' කියන මේ ටෙලි කතාව කලාකාමී හදවත් වලට දායාද කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

  • @A.SDharmakeerthi
    @A.SDharmakeerthi 2 месяца назад +2

    එක කෙනෙක් කිව්ව නිසා බලන්න පටන් කතාවක්...
    ඒත් මේ කතාව බලද්දි,
    ඒක කතාවක් නෙමෙයි භාවනාවක්...
    හරිම ලස්සන නිර්මාණයක් වගේම දුක්බර ම අවසානයක්...
    මේවන් නිර්මාණ ආයේම බිහි නොවේවී ද???
    ජිවිතේ විදින්න,ජිවත් විදවන්නෙ නැතුව ඉන්න එක ගැන ලොකු ආදර්ශයක් දුන් කතාවක නිමාවක්....
    ස්තුතී❤️😍👊

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 4 года назад +19

    ස්තූතියි, රුක්මල් නිරෝෂ් නිර්මාණවේදියාණෙනි මේ ලබාදුන් අත්දැකීමට ! ♥️

  • @Amra_sandu
    @Amra_sandu 6 месяцев назад +2

    ගෙවුන ජීවිත කාලෙ බලපු ලස්සනම කතාව.. එයාලා රගපානවා නෙවෙයි ඒ කතාවෙ ජීවත් වුනා‍, අපි එක්කම. ජීවිතේට කොයි අතකින්වත් සම්බන්ධ ඒ වගේ අත්දැකීමක් ගෑවිලාවත් නැති වුනත් ලොකු සංවේදයක් හදවතේ ගැබුරුම තැන ස්පර්ෂ කරපු කතාවක්. ඒ චරිත‍, සංගීතය‍, සිදුවීම්.. මේ වගේ ණිර්මාණයක් ආයෙ කවදාවත් බිහි නොවේවි.
    අපි හැමෝගෙම ජීවිත සුළඟ මත එක් මොහොතක් විතරයි 🤍

  • @hasavlog
    @hasavlog 4 года назад +14

    අවසරයි නික්මෙන්නට
    සුළඟ මතින් මොහොතක්......
    දයාබර රුක්මාල් අයියේ.... ඔබ ආදරයෙන් හදපු,ජීවත් කරවපු, ජීවිතය කියලා දුන්නු, දුක් ඉවසවපු ආදරයෙන්ම ඔබ හදපු මේ ජීවිත ආදරයෙන් හදවතින් වැළඳගත්තෙමි.තිසුරිට ඇති අසීමිත රුචිකත්වය නිසාවෙන්ම මා සුළඟ මත මොහොතකට නතර වුනෙමි. මා ද ඒ සුවඳ වින්දෙමි. මාද ඒ කඳුලි ඉසුලුවෙමි. මා දා ඔවුන් මෙන්ම සිනාසුමෙනි. ආදරය ද උගනිමි. හදවතට කතා කරපු. හදවතේ පතුලටම විත් ලැඟුම් ගත් මේ රසයට අගයක් දෙන්නට වචන මා ළඟ නොවෙමි......... තෙරුවන් සරණයි. ඉදිරියටත් හොඳ නිර්මාණ කරන්න අපේ හිත් වලට.....

  • @virajhewagamage9934
    @virajhewagamage9934 3 года назад +38

    අඩන්නෙ නැතුව කාගෙන බැලුවට අන්තිමට credits වල sounds track එක අහනකොට ඇඩුනා 😭 කතාවෙ මුලු stoyline එකම soundtrack එක ඇතුලෙ හිරකරලා !
    හැමදෙනාටම ස්තූතියි !!!!

  • @niroshanijyasundara-9707
    @niroshanijyasundara-9707 9 месяцев назад +3

    දවස් තුනක් වැඩත් එක්ක කෙහෙම හරි කතාව බලලා ඉවර කරා හිත අැතුලෙන් කිය ගන්න බැරි දුකක් ආවා... ඇත්තටම ඒ වගේ ආදරේ කරන මිනිස්සු ඉන්නවාද.. අවුරුදු 33 අදත් මං දැකලා නැ මිනිස්සු ඒ තරම් ආදරේ කරනවා

  • @yasminm8414
    @yasminm8414 4 года назад +20

    One of de best Sinhalese emotional drama series watched recently.. Great work Cast & Crew of Sulanga Matha Mohothak - keep on continuing creating quality work 💜

  • @sitharichamodika5701
    @sitharichamodika5701 3 года назад +8

    Tv එකේ යනකාලේ ගෙදරින් බලන්න දුන්නේ නැතත් අම්මට හොරෙන් බැලූ කොටස්වල රස මතක තිබූ නිසා නැවතත් සොයාගෙන බැලුවා.ඇත්තටම ඒක මාරම වේදනාබර රසක්.♥️

  • @mkadesilva6944
    @mkadesilva6944 2 года назад +7

    නුවර සීතලෙන් හදවත හිරවුණු කතාවක් . ආදරෙයෙන්ම පටන් අරන් ආදරයෙන්ම නිමා වුණ , අයිතිය ප්‍රේමය කර නොගත් , ප්‍රේමය පමණක්ම අයිතිකරගත් අසංගලා චාරුලතාලා තුළ ඔබත් මමත් එදත් අදත් හෙටත් ජීවත් වනු නොඅනුමානයි . ඉතින් බලාසිටිමු ප්‍රේමාන්විතව සුළඟ මත මොහොතක් විදගන්නට ❤️❤️

  • @matheeshasathsara3030
    @matheeshasathsara3030 11 месяцев назад +4

    "තව ඇසිල්ලකි
    සුළඟ මත මොහොතක් තුල ලබන
    විවේකයකි...
    වෙනත් ස්ත්‍රියක විසින්
    මා බිහි කරනු ඇත..."
    (16/01/2024)
    12:55 a.m 💕...

  • @udayamaladissanayake5180
    @udayamaladissanayake5180 4 года назад +19

    මේ ජීවිතේදි චාරුලා අසංගලා අතුලලා අපිට අනන්තවත් මුණ ගැසේවි..🖤
    තව ඇසිල්ලකි සුළඟ මත මොහොතක් තුල ලබන විවේකයකි.. වෙනත් ස්ත්‍රීයක විසින් මා බිහි කරනු ඇත.. ❤️
    ස්තූතියි ඔබට🖤

  • @indrajoyce7278
    @indrajoyce7278 2 года назад +2

    මම හිසෙ කෙස් ගානට කතා බලනවා.එහෙත් කවදාවත් හිතට රිදුනු හිතට දැනුනු කතාවක් මම මෙ බැලුවාමයි.එක කතාවක් නෙමෙ .ඡිවිතයක්.මැරෙන තුරාවටම අමතක නොවන කතාවක්.සාරංගයි තිසුරුයි චරිතවලට පන දුන්නා.එකයි ඡිවමාන උනෙ.ඡිවිතෙට නොලැබෙන යාලුවො සෙටි එක.අාදරෙයි හැමදාම මෙ කතාවට.ස්තුති සැමටම

  • @chandularajapaksa1618
    @chandularajapaksa1618 11 месяцев назад +2

    I have watched this drama- all the episodes more than 5 times… and I can watch again and again.. one of the best Sinhalese drama i have ever watched.The music, story, acting, environment and everything is so heart touching ♥️🥺

  • @Pb13013
    @Pb13013 29 дней назад +1

    බලපු ලස්සනම කතාවක්, හරිම සංවේදී කතාවක්. මම දන්නෙ නැහැ මේ කතාව බලන ගමන් මං කොච්චර ඇඩුවද කියලා🥺❤️ නිර්මාණය සාර්ථකයි.❤

  • @Ranudiyasasma
    @Ranudiyasasma 4 месяца назад +5

    අවසානය කුමක්දැයි නොදනිමි එය කෙසේ වුවත් අවසානය තෙක් ප්‍රේම කරමි
    සුළග මත මොහොතක් ❤

  • @nimsarakusum191
    @nimsarakusum191 2 месяца назад +3

    2024/10/16 🥺
    සුළග මත මොහොතක් තුල ලබන විවේකයකි......
    අමතක වෙන එකක් නෑ 🤍

  • @kanchukakalhara8763
    @kanchukakalhara8763 3 года назад +6

    Mr.rukmal..
    බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණය කරනවට ❤️
    තෝරබේරගෙන බලන නිර්මාණ අතර ⁣ඔබේ මේ නිර්මාණය අති විශිෂ්ඨ නිර්මාණයක් .. ඒ වගේම රංගන ශිල්පී ශිල්පිනියන් සියල්ලටම හදපිරි ස්තූතිය 🌼..
    ඔබව හඳුනාගන්න මුල් වුනේ W.ජයසිරි මහතා ධර්මසිරි බණ්ඩාරනායකයන් සමඟ youtube වැඩසටහනක කතාබහකදී කියවුනු ඔබේ නම නිසා 🌼

  • @White.....186
    @White.....186 Год назад +3

    තිසුරි..මං එදා ඉදන්ම ආස කරන නිලියක්..🥰✨️අමුතුම හැඩයේ කතාවක්.ඒකෙ රස වචන වලට පෙරලන්න තේරෙන්නෑ.වෙනස්ම විදිහට මාරම ලස්සනට පිලිවෙළට ගලාගෙන ගිය ලස්සන කතාවක්.කියන්න අංශුමාත්‍රයක තරම්වත් අඩුපාඩුවක් නැති විශිශ්ඨ කතාවක්.🔥 තිසුරි ,සාරංග දෙදෙනා ගැන කියන්න වචන නෑ.අපේ වචනෙන්ම කිවුවොත් පට්ටයි මරු..👌 ඒ දෙන්නා ඇතුලුව කුඩා දරුවාගේ පටන් සියලු දෙනාගේ රංගනය හදවතටම දැනුනා.❤️මේ කතාව අප අතරට ගෙන ඒමට කටයුතු කල සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.🌼💖.
    සුළඟ මත මොහොතක්...හදවත් සොරාගෙන එහි ලැගුම් ගෙන හමාරය.🌹.තව තවත් මෙවැනි ආදරණීය ආදර්ශමත් නිර්මාණ අප වෙතට ගෙන ඒමට ශක්තිය දෙර්‍ය ලැබේවා යි පතමි..🍃💞

  • @sakunimihiranthi1207
    @sakunimihiranthi1207 2 года назад +4

    අතිවිශිෂ්ට, පරිපූර්ණ නිර්මාණයක්. ඊයේ රෑ බලන්න පටන් ගත්තෙ අද වෙද්දි බලලා ඉවරයි. ඒ තරමට කතාවට ඇබ්බැහි වුණා. අවසාන කොටස බලද්දි පපුව ඇතුළෙන් අමුතුම රිදුමක් එනවා. ඒක වචනවලට ගළපගන්න තේරෙන්නෙ නෑ. මම හිතනවා මේක බලන සියලුම ප්‍රේක්ෂකයන්ට ඒ වගේ හැඟීමක් ඇතිවෙනවා කියලා. මේ කතාව බලපු පළමු වතාව සහ මම බලන අන්තිම වතාව වෙයි කියලා හිතනවා. ඒ තරම් සංවේදී නිර්මාණයක්. මේ නිර්මාණයට දායක වුණු සියලුම ශිල්පීන්ට බොහොම ස්තුතියි. ❤️

  • @udariwelideniya2163
    @udariwelideniya2163 8 месяцев назад +2

    අවුරුදු ගානකට කලින් සතියකට දවසක් ගානේ බලපු පුදුම තරම් ලස්සන කතාවක්.. ආයෙත් බලන්න හිතුනා. ඒ සංගීතය කතාව හරි ලස්සන කරා. චාරුලතාලා.. අසංගලා ... අදත් කොච්චර නම් ඇත්ද මේ ලෝකේ. ❤
    තවත් මේ වගේ ලස්සන කතා නිර්මාණය කරන්න . අපි බලාගෙන ඉන්නවා .

  • @RashmiRomenika
    @RashmiRomenika 7 месяцев назад +3

    2024/05/04.මේ කතාව ඇයි බලන්න බැරි උනේ කියලා හිතා ගන්න බැ .කොයි අවුරුද්දේ TV එකේ ගියාද මන්දා😢. මේ තරම් සංවේදි කතාවක් බලලාම නැ. නවකාතාවක් කියෙව්වා වගේ . පව් චාරු. ජීවිතය පුදුම විදිහට චාරුට දුක් දුන්නා. දෙමාපියන් නිසා ආත්මගත ආදරය නැති කර ගත්තා..අන්තිමට බන්දලා දුන්න මිනිහා සල්ලාලකමේ ගියා. දරුවාවත් තනි කරල මැරිලා යන්න උනා. 😢😢😢

  • @sujeewaperera4161
    @sujeewaperera4161 3 года назад +9

    ❤️❤️❤️❤️ හිතට දැනෙන අපුරු නිර්මාණයක් .. තිසුරි , සාරංග , චාන්දනි ඇතුලු සියලුම රංගන ශිල්පීන්ට සහ රුක්මල් නිරෝශ් ඔබටත් ගොඩක් ස්තුතියි... ❤️❤️❤️❤️

  • @chamalshalekamge0723
    @chamalshalekamge0723 2 года назад +5

    කොහොමද මෙහෙම නිර්මාණ කරන්නෙ මිනිස්සු...කොච්චර අඩන් නැ කියල හිටියත් එහෙම ඉන්න පුලුවන්කමක් නැ 💕
    බලපු ලස්සනම ටෙලිනාට්‍යය💕💕

  • @shammurose
    @shammurose 2 года назад +11

    ආත්මයම කියවපු , ආත්මයම අඩවපු කතාවක් ❤ 2022.08.11

  • @samanthakumaramallawaarach9228
    @samanthakumaramallawaarach9228 Год назад +2

    අම්මෝ..හදවත නැවතිලා වගේ දැනෙනවා ..මොන තරම් ඒකාද්මික උනාද සමවැදුනද කියතොත් මේක කතාවක්වත් දකින හීනයක් වත් නොව භාවනාවක්...ජීවිතයේ යතාර්තය,මුහුණ දීම,ආභාෂය,පාඩමකට ගැනීම,අනියත බව සියලු දේ.මට වචන වලට පෙරලන්න බැහැ . මාරයි. අග්‍රගන්‍ය නිර්මාණයක් ..සංසාර ගමනක නිමාවක් කොටස් කීපයකින් ඉතා කෙටියෙන් අලංකාර නිමාවක්. අද ටෙලි ගැන දුකයි.අප්පිරියයි. මේ සිත්තම කාලයක් පුරා හදවතේ රැදෙයි. සැබෑ ලෝකයේ කී දෙනෙක්ගෙ නම් ජීවිත කතා මේ වගේ ඇත්ද..? හැමදේකම අවසානය දුකක්.වේදනාවක්."ආ මග කෙටියි.යා යුතු මග දුරයි.නිරතුරු ණුවනැසින් තරණය කල යුතුයි." මේ වෑයමෙන් දනවන ප්‍රත්‍යක්ෂය එයයි.❤️🧡💚🙏🙏🙏

  • @mekalamadushani7402
    @mekalamadushani7402 2 года назад +2

    සමහර කතා එක සැරයෙන් බලලා ඉවර කරන්න පුලුවන්, ඒත් මේ කතාව එහෙම කරන්න බෑ, ආයේ ආයේ ඇවිත් බලාවි, ගොඩාක් ස්තූතිය රැක්මල් නිරෝශ් මහතානනි, මේ තරම් ලස්සන නිර්මාණක් අපට බලන්න ලබා දුන්නට, මේ තරම් ලස්සන නිර්මාණක් කවදාවත් බලන්න නොලැබේවි මෙම කතාව හැර ❤️❤️❤️❤️❤️❤️

    • @rukmaln
      @rukmaln  2 года назад +1

      බොහොම ස්තුති 💙

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 года назад +6

    මේ වගේ ආදරේට ආදරේ කරපු ආදරේ වෙනුවෙන්ම පපුව පැලෙන්න දුක් විදපු කෙල්ලෝ කොල්ලෝ ගෑනූ මිනිස්ස්සු අපි අතරේ කොච්චර ඇත්ද...මේ කතාව ඒ හැම ආදර්වන්තයින්ටම ගොඩ නැහුනු තෝතැන්නක්....ස්තුතියි ඔබතුමාට ...

  • @damayanthi4582
    @damayanthi4582 4 года назад +16

    මෙය බලා ඇඩුවා ගොඩක් මේ ගැන කියන්න තව දේවල් තිබූනත් ***,,,ඔබට හදපිරි ප්‍රණාමය

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 года назад +42

    මේ කතාව බලලා අඩපු නැති කෙනෙක් ඉන්නවානම් කියන්න.පුදුම ලස්සනයි වෙනස්ම කතාවක්.රූක්මල් නිරෝෂ් කලාකරුවානෙණි ඔබට තුති

    • @rukmaln
      @rukmaln  4 года назад +3

      බොහෝම ස්තුති

    • @lakyd1627
      @lakyd1627 3 года назад

      Mee episode eken kthawa iwarai d dr

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 года назад

      @@lakyd1627 mata mathaka vidiyata oke episode 35khoo 40k tibba

  • @sankagunasiri9471
    @sankagunasiri9471 2 года назад +8

    වැඩියෙන්ම හදවතට දැනුන ටෙලිඩ්‍රාම එක මොකක්ද ඇහුවොත් මේකට ඒ තැන දෙන්නම වෙනවා❤️❤️❤️❤️

  • @hawatalk
    @hawatalk Год назад +9

    ප්‍රේමය ප්‍රේමය මුත් අන් කිසිවක් නොදකී,
    ප්‍රේමය ප්‍රේමයම පතා අන් කිසිවක් නොගනී...💖
    - සුළඟ මත මොහොතක් -
    රුක්මල් නිරෝෂ් ඇතුලු නිර්මාණයට සහය වූ සියළු දෙනාට ස්තූතියි ❤

  • @maleekariyakarawana9166
    @maleekariyakarawana9166 4 года назад +21

    අාත්ම සන්තානයම කඩා වැටෙන...අපිට පොදු අපේ කදුලු කතාව.....නිමා විය...😢😢

  • @awanthimunasinghe
    @awanthimunasinghe 3 года назад +5

    අහම්බෙන් ඇස ගැටුණු නිර්මාණයක්. සමාවෙන්න රූපවාහිනී භාවිතය අවම නිසා ටෙලිනාට්‍ය පිළිබඳව දැනගන්නේ හරිම අඩුවෙන්. ඊයේ හවස පටන් අරගෙන මුළු රැයම නොනිදා එක හුස්මට බලලා ඉවර කළත් ඒ දැනුන කම්පනය තාමත් එහෙමමයි. නුවර දන්න කියන හැම අස්සක් මුල්ලකම විහිදුන මේ කතාව වැඩිපුරම දැනෙනවා ඇත්තේ නුවර අහස යට පෙම් කරපු අපි වගේ අයට...
    බොහෝම ස්තූතියි රුක්මල් මේ නිර්මාණයට.

  • @perera9753
    @perera9753 Год назад +2

    නිර්මාණයක් තුළ ජීවත් වූවා නම් එ මෙම නාට්‍ය තුළ පමනි 👍වසර ගණනක් ගත වුවද අදටත් හදවතේ මුල් තැන හිමි මේ නාට්‍යයට පමණයි ......!!

  • @nadeshasugandi6859
    @nadeshasugandi6859 2 года назад +2

    මේ කතාව tv එකේ බලලා දැනුනු වේදනාව අදටත් එහෙමමයි. මම මේක ආයෙම බලන්න බයයි. කතාවක් වුනත් ඒ වේදනාව හිතට දරාගන්න බෑ. හරිම සාර්ථක නිර්මාණයක්. ජීවිත කාලෙම මේ චරිත මේ විදිහට ම හිතේ කොනක ජීවත් වෙයි ♥️♥️

  • @nadeeshalakmal4999
    @nadeeshalakmal4999 3 года назад +5

    අවසන් මොහොතේ මොකුත් නොලියා ගියොත් ලොකු හිස් බවක් දැනෙයි. පිට රටක ගෙවන ඒකාකාරී ජීවිතේ පොඩි නිවාඩුවක් ලැබුන...රූම් එකේ ඉදන් මොනා කරන්න ද මේ දවස් වල එලියට යන්න බෑ ගොඩක් රස්නෙයි...අහම්බෙන් සාරංගගෙ ෆ්බ් එකේ දැක්ක මේ සුලඟ මත මොහොතක් ..කමෙන්ට් කියවලා බැලුවෙ නිකමට වගේ ..ආස හිතුනා මටත් මේ කතාව රස විදින්න ...රූම් එකේ තනියම ඇස් වල කදුලු පුරවන් එක දිගටම භාවනාවක් වගේ වින්දා ...කියන්න වචන නැති තරම් ....හරිම ලස්සන නිර්මාණයක් ...හැමෝම තමන්ගෙ චරිත වලට සාධාරණයක් කලා...ආදරේ ඇත්තටම දෙන දෙයක් ..අපි දුන්නොත් අපිට ලැබෙන්නෙ .....ගොඩක් ලස්සනයි නුවරත් එක්ක තියෙන්නෙ අපි හැමෝටම ආත්මීය බැදීමක් ..ඒ බැදීම් ආයෙත් අලුත් උනා ....මගෙ කතාව මේ විදිටම සිද්ද නොවුනත් ගොඩක් සමානයි ..ඒක නිසාම හදවතට ගොඩක් දැනුනා ...තිසුරි ,සාරංග ...චාරු අසංග හැමදාම හදවතෙ ඉදිවී 😘

  • @ක්රීෂොක්කැල්ලපත

    සංවේදී පුද්ගලයන් මෙමෙ කතා මාලාව රසවිදනම් 100%90අඬන්න ඇති මෙ මාත් එහෙමයි මෙක කතාවක් උනාට අපෙ ජිවිතවලටත් මෙ දෙවල් අත් විදලා තියෙනවා කඩු කිනිසි නැ පාතාලෙ නැ තුවක්කු පිස්ටල් නැ පොලීසි නැ නියමම නිර්මාණය ❤️❤️❤️❤️❤️🌹🌹🌹🔥🔥🔥🔥👍

  • @selmarakela
    @selmarakela 2 года назад +7

    එදා අපි පියමන් කරපු මග වියෝවක දුක ඉතිරි වී ඇත
    එපා (හුලගේ) අරන් යන්නට
    ඔහේ තිබුනාදෙන්
    හැබැ නොවෙනා හීන හරි මිහිරි
    අනන්තය තෙක් රවටලා හිත හිතින් විතරක් පෙම් කරා
    අතීතය දෝතට අරන් අපි අහස් ගගටම විසි කලා

  • @hirunisenarathna4829
    @hirunisenarathna4829 3 года назад +11

    Tv එකෙන් බලපු දවස් වල ඉදන්ම ආසම කතාව... දෙවෙනි පාරට youtube එකෙන් බැලුවෙ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. සුළග මත මොහොතක්❤️

  • @BuddhiniAthushla
    @BuddhiniAthushla 2 месяца назад +2

    ආයේ කවදාවත් මේක ආපහු බලන්න බැහැ.අසන්ග විදපු දුක චාරු වෙනුවෙන් බලන් හිටපු මොහොතවල් දරාගන්න අමාරුයි.

  • @lakshithaMaths
    @lakshithaMaths 3 месяца назад +3

    Hats off mr rukmal. Excellent .❤

  • @paramiprarthana455
    @paramiprarthana455 Год назад +2

    පොඩි කාලේ Tv එකෙනුත් බැලුවා අපෙ අම්මා ගොඩක් ආස කරපු කතාවක් මේ ළගදී ආයෙත් මතක් වෙලා බලන්න හිතුනා... හදවතට දැනෙන විදිහට කරපු ලස්සන නිර්මාණක්...මෙවැනි අර්ථාන්විත නිර්මාණ ඉදිරියටත් කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @sheni6004
    @sheni6004 3 года назад +5

    දෙයියනේ අඩලා මට ඔලුව කැක්කුමකුත් හැදුන....මේ වගේ. තව නිර්මාණ...කරන්න...ඔබට...හැකි වේවා, මේ...නාට්‍යයේ හිටියේ මං ආසම අය,.. ඒ හැමෝටම 💐💐💖💖💖 🌹

  • @tiana931
    @tiana931 2 года назад +4

    premaniya u nuwara ❤️
    hadawathe pathulenma adaraya kara❤️
    hadawathata daragannawath haiyak nathi wena tharamata. dukak dee . ❤️wen una charula asangala kotheknam athda . ❓mulu lankawema .habai wen unath charaluta kawadawath athulala munanogasewaai mage prarthanawa 😢

  • @lakshikasubhashini3277
    @lakshikasubhashini3277 5 месяцев назад +2

    ඊයෙ හවස බලන්න පටන් ගත්තෙ. අද උදේ 8.40 ට බලලා ඉවර කලේ..
    අනේ කියන්න දෙයක් හිතාගන්න බෑ. අඩපු තරමක් මතක නෑ... මන් ආයිත් කවදාවත් මේක බලන එකකුත් නෑ...😪 අසංගලා, චාරුලතාලා ,අතුලලා කොච්චර නම් තව ඉපදෙමින් මැරෙමින් ඇත්ද... කාටවත් ප්‍රේමයේ නමින් මෙහෙම විදවීමක් නම් කවමදාවත් හිමි නොවේවා🙏🙏
    2024.07.06 💔

  • @sitharawijenayake2113
    @sitharawijenayake2113 3 года назад +9

    ආත්මයම ස්පර්ශ කල සංවේදී කතාවක් .."තව ඇසිල්ලකි සුළග මත මොහොතක් ලබන විවේකයකි....වෙනත් ස්ත්‍රියක විසින් මා බිහිකරනු ඇත..."

  • @Thisara_Me
    @Thisara_Me 2 года назад +10

    ඉතාමත් සංවේදී නිර්මාණයක් 😞💙 අධ්‍යක්ෂකතුමාටත් , නලු නිලිකැලටත් බොහොම ස්තූතියි ..💙🌿 2022 February - Niku

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 4 месяца назад +2

    කතවේ කොතැන හෝ,,,,
    ඔබට ඔබව මුණගැසෙනවා සත්තයි....
    සියුම් වේදනාවක් සමග සැබෑම ආදරය තුළින්,,,,
    ආත්මයම ස්පර්ශ කරන
    හරි අපූරු නිර්මාණයක්.....
    ඔබ දුකින් පසුවන විට,,,,,
    ඔබේ හදවතට එබී බලන්න
    ඇත්ත වශයෙන්ම ඔබ අඩන්නේ
    කලින් ඔබේ ආනන්දය වී පැවති
    දෙයක් වෙනුවෙන් බව ඔබ දන්නවා ඇති.....
    ප්‍රේමය ප්‍රේමය මුත් අන් කිසිවක් නොදකී,,,,
    ප්‍රේමය ප්‍රේමයම පතා අන් කිසිවක් නොගනියි......
    .....සුළඟ මත මොහොතක්.....
    හරි අපූරු නිර්මාණයක් 2024/08/09

  • @PavithrathiliniPavithra
    @PavithrathiliniPavithra 9 месяцев назад +2

    ඒ නිර්මාණය .......සංවේදීයි..අධි සංවේදීයි ...සාරංගගේ හොඳම ඉදිරිපත් කීරීම කියලා හිතෙන්නේ ...තිසුරි ..විශිෂ්ඨයි....අනිත් අය ගැන නම් කියන්න අවශ්‍ය ම නෑ ..ඒ සියලු දෙනා කවදත් කොතැනත් අති විශිෂ්ඨයි.....අඬවන්නෙ නැති නිර්මාණයක් අරගෙන රුක්මල් ඉක්මනින් එන්න ....

  • @piyumivindaya2232
    @piyumivindaya2232 4 года назад +10

    Sulanga matha mohothak athwindimata siduwana sama deyakma upekshawen daraganimu.. Nimak nathi me sasara gamane '' thawat sthiriyan wisin apa bihikaranu atha".

  • @muthukathrin8702
    @muthukathrin8702 2 года назад +2

    අද තමයි කතාව බලන්න ලැබුනේ ඉතාමත් සංවේදි හදවතට දැනුනු ඉතා විශිෂ්ට නිර්මානයක්..රංගන ශිල්පින්ගේ අති විශිෂ්ට රංගනය කතාවේ සැම කොටසකම පිළිඹුබු වුනා..මේ වගේ නිර්මාන තව තවත් කරන්න ඔබතුමන්ලාට හැකියාව ලැබේවා කියා පතනවා...මේ කතාව සදහටම අපේ හිත් වල තියේවි 🙏🙏

  • @isurijayathilaka9772
    @isurijayathilaka9772 2 года назад +3

    හරිම ලස්සන, ආදරණීය, සංවේදී,හැඟුම්බර කතාවක්..ප්‍රමාද වි හෝ මේ කතාව බලපු එක සතුටක්.මෙතෙක් කල් බලපු කතා වලින් හරිම ලස්සන කතාවක් ❤

  • @anukedirisuriya4063
    @anukedirisuriya4063 Год назад +1

    දැනට මෙතෙක් මම බලපු හොදම නිර්මාණය . බලන කල මෙය එක් ටෙලි නිර්මාණයක් යැයි නොසිතූ එකම නිර්මාණය RUclips තුල මම දැමූ පළමු comment එක මෙයට දැමුවේ එනිසාමයි..

  • @isharathiloshi1075
    @isharathiloshi1075 Месяц назад +1

    පොඩි කාලේ මේ කතාව බැලුවට හරියට කිසි දෙයක් තේරුනේ නෑ.ඒ හින්දා අහම්බෙන් ආයේ බලන්න හිතුනා.මගේ ජීවිතයේ මම බලපු සංවේදීම කතාව.කතාවක් වුනත් දරාගන්න අමාරුයි🥹🥹🥹🥹🥹2024.10.26

  • @sanjeewaniweerasinghe9462
    @sanjeewaniweerasinghe9462 4 года назад +5

    ලස්සන කතාවක්, දෙමව්පියන් වෙනුවෙන් තමන්ගෙ ආදරය පූජා කරපු කෙනෙක්, තවමත් ඇය අසංගට ආදරය ඇති, මතු ආත්ම වලටත්, අද කාලේ වගේ ඇතිවන tubelight ආදරේ නෙමෙයි මේ, කෙල්ල කොල්ලට බෑ කිව්වොත්, කොල්ල කෙල්ලට බෑ කිව්වොත් සිවිදිවි හානි කර ගන්නවා, ඒ වගේ ආදර කතා වලට මේ කතාව හොඳ ආදර්ශයක්, අසංග ආදරයෙන් පරාද උනාට පස්සෙ එයා යම් තැනකට ආවා. නැති නම් ඔහු තවමත් රගර් ක්‍රීඩකයෙක්. දෙමව්පියන්ටත් වටිනාම දෙයක් නැති කරගන්ඩ වුණා තවත් වටිනා දෙයක් ලබාගන්න. කතාව දවස් දෙකෙන් බලල ඉවර කරා ❤️, corantime නිසා වැඩ නැහැ. 🙏🙏 🙏🙏🙏 ස්තූතියි උඹගෙ කතාවට.

  • @himarandunuge6908
    @himarandunuge6908 3 года назад +2

    අහම්බෙන් හමුවුනු ලස්සනම ලස්සන කඳුළු ගංඟාවක් ගලන්න ඉඩ හැරපු ආත්මයම ස්පර්ශ කරපු කතාවක්💟බැලුවෙ එකපාරයි.බලන්නෙත් එකපාරයි.ආයෙ බලන්න බෑ.ඒ පීඩනය දරාගන්න බෑ එකපාරකට වඩා.ඒ තරම් හදවතට දැනෙනවා...අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ආදරණීය හිත් ඇති සෑම අයෙක්ම මේ ප්‍රේමයට ප්‍රේම කරනවා නොඅනුමානයි.💟

  • @RandunuKumara
    @RandunuKumara 4 года назад +2

    අතිශය සුන්දර නිර්මාණයක්. මම ආසාවෙන් බලන්නේ ආනන්ද අබේනායක මහතාගේ නාට්‍ය පමණයි. ඔහුගේ නාට්‍ය වලට නොදෙවෙනි අනර්ඝ නිර්මාණයක් මෙය. රුක්මාල් නිරෝෂ් අති දක්ෂයෙක්. මෙය මාහට බලන්න උනන්දු කල මේ නාට්‍යයේ දොස්තර පුතා සුළු චරිතය පණ පෙව්ව මාගේ අතිශය හිතවත් මිත්‍රයා සිසිර හෙට්ටිආරච්චි ට බොහෝ ස්තූතියි.

  • @kawshisamarasundara1943
    @kawshisamarasundara1943 2 года назад +6

    සමහර කතා බලලා ඉවර කරන්න පුළුවන්.. ඒත් සමහර කතා එහෙම බෑ.. මේකත් එහෙම කතාවක්.. ආයෙත් කොතනදි හරි මතක් වෙනවා.. ❤️

  • @ingini2574
    @ingini2574 3 года назад +9

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව. ඉස්සරම බැලුවේ Tv එකෙන්. ඒත් ඒ කාලේ එච්චර තේරුමක් තිබ්බෙ නෑ. ❤

  • @sriyanigamage615
    @sriyanigamage615 9 месяцев назад +2

    ගොඩක් ලස්සන ❤️ කතාවක්.
    ආසම නිළියක් තිසුරි යුවනිකා