Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 4,5 тыс.

  • @nishannishagee9785
    @nishannishagee9785 8 месяцев назад +3909

    විව්ස් වෙනුවෙන් සින්දු නොකියන ගායකයො❤ කවදාවත් රැල්ලට ගිහින් මේ ප්‍රේක්ශකයො ටිකට අසාදාරණයක් කරන්න එපා❤ මොකද මේ ෆෑන් බේස් එක ඔයාගෙ හඬට හදවතින්ම ආදරෙයි සුනීර❤😊

    • @lakmalkumara8187
      @lakmalkumara8187 8 месяцев назад +36

      එහෙම.කරන්න බෑ අද කාලේ.මිසුසික් කියන්නෙ බිස්නස් එකක්..❤

    • @nishannishagee9785
      @nishannishagee9785 8 месяцев назад

      @@lakmalkumara8187 එහෙම කරන්න බැරි නෑ. බිස්නස් එකට මුල් තැන දෙන්නෙ නැතුව මියුසික් කරන අය ඉන්නවා. සුනීර, චරිත තව ගොඩක් අය ඉන්නවා.

    • @asankapradeep9275
      @asankapradeep9275 8 месяцев назад +12

      Watina adahasak

    • @CreativeHomosapien-yq7kg
      @CreativeHomosapien-yq7kg 8 месяцев назад +21

      එතකොට ඌ මෙි RUclips ද⁣ාන්නෙ උගේ අපල දුැරැවෙන්න වෙන්න ඇති.😅

    • @methu7188
      @methu7188 8 месяцев назад +5

      Atta ❤️

  • @nadeesharukshani2843
    @nadeesharukshani2843 8 месяцев назад +430

    දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යළි හමු වෙන්නෙ නෑ
    නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
    මාව මතක ද දන්නෙ නෑ!
    තනි වීම වුව ප්‍රේමය ම බව
    යළි යළිත් මේ අදත් පවසමි
    මතක අමතක කරන්නට බැරි
    බැවින් නිහඬ ව බිම බලා ගමි!!
    අතීතේ මතකය දරාගෙන
    නුඹව සිහි කර යළි හිනා වෙමි
    තවත් රිදවිලි මොටද, එබැවින්
    මෙහෙම මෙතැන ම මග නතර වෙමි

    • @chamindaeshwarage3662
      @chamindaeshwarage3662 7 месяцев назад +3

    • @visnawijayagunawardana9577
      @visnawijayagunawardana9577 7 месяцев назад +14

      සමහර රාත්‍රීන් තිබුණා
      ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි
      කෑ ගහලා ඇඩුවට
      විසඳෙන්නෙත් නැති
      පපුව කීතු කරන මතකයන් මතක් වෙන ....
      ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම
      දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා..
      😟🥀

    • @arunaprabath7068
      @arunaprabath7068 7 месяцев назад

    • @IsuruSadaruwan-qv3mx
      @IsuruSadaruwan-qv3mx 6 месяцев назад

      ඒ වචන ටික..මාරම ලස්සනයි..හදවතටම දැනෙනවා❤

    • @_kb..covers_3092
      @_kb..covers_3092 6 месяцев назад

      මෙක pin කරන්න plzz

  • @laksikalakmali9441
    @laksikalakmali9441 8 месяцев назад +625

    මේ හඩ භාවනාවක් වගේ.සුනිල් එදිරිසිංහ, අමරදේව, සනත් නන්දසිරි, අමරසිරි පීරීස්, ටී එම් ජයරත්න වගෙ විශිෂ්ට සංගීතවේදීන්ගෙන් පස්සෙ 21 වන සියවසේ බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්. දෙරණටත් ස්තූතියි කෑ ගහන ගායකයෝ නැතිව හදවතට දැනෙන ගීත ගායනා කරන ගායකයෝ හදුන්වාදුන්නට

    • @kdajith3371
      @kdajith3371 7 месяцев назад +1

    • @AmithaKumari-n7q
      @AmithaKumari-n7q 7 месяцев назад

      Jayen ජය oyata

    • @IshanDisanayaka-se9du
      @IshanDisanayaka-se9du 6 месяцев назад +2

      ඔව් අනිවා ප්‍රවීණ ගායකයෙක් වෙනවා දවසක , හැමෝම ආදරේ කරන ❤❤

    • @Kavindisampath
      @Kavindisampath 6 месяцев назад +1

      අපෙ අම්මත් මාර ආසයි සුනීරට ❤️

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 Месяц назад +1

      මට මුලින්ම මේ සිංදුව ඇහෙද්දීත් හිතුනේ මේක සුනිල් එදිරිසිංහද කියලා

  • @kavinduamayuru5093
    @kavinduamayuru5093 7 месяцев назад +628

    රියැලිටි තරගෙකින් ආව, දාපු sms වලට හරියටම සාධාරණයක් කරපු එකම ගායකයා 🥺❤️💆‍♂

  • @amaljayawardhana2277
    @amaljayawardhana2277 7 месяцев назад +265

    සුනීර සුමංග කියන්නෙ ගායකයෙක් නෙමෙයි
    භාවනාවක් ❤

  • @imashakaushalya8082
    @imashakaushalya8082 2 месяца назад +171

    මමත් එයා රාගම මෙඩිකල් ගියපු දවසෙ හරිම සතුටු උනා( speech and hearing science ).ඒත් ටික කලක් යනකොට මගේ සමාජ මට්ටම එයාට නොගැලපෙන්න ඇති...මට උසස් අධ්‍යාපනයක් ලබන්න බැරි උනත් එයාව ඒ තැනට යනව බලන්න මන් හීන මැව්ව.ඒත් එයාට මම කරපු රැකියාව නිසා එයාගෙ අම්මල තාත්තලගෙන් බලපෑමක් ඇවිත් ඒ ෆැකල්ටි එකේම mbbs කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා කියල මට දැනගන්න ලැබුනා එවිටත් එයා මා එක්ක සුහදව කතා කරමින් හිටිය නමුත් එයා හේතු නොකියම මාව මගහැරියා....ඒත් අදටත් මම රාගම ස්ටේශන්එක ලගින් යනකොට හවස 4ට ලෙක්චර්ස් ඉවර වෙලා ඒ දෙන්න එකට ඉන්නව දකිනකොට මට දැනෙන වේදනාව කියන්න තේරෙන්න නෑ..ඒ මතක හැම එකක්ම හිතා දරාගෙන .අදටත් මම මගේ ජීවිතෙ දිනන්න. උත්සහ කරනව....

    • @Shatrending
      @Shatrending Месяц назад +4

      Aniwarenma jeewithe dinanna puluwan ❤🎉💯

    • @tharangapadmini7407
      @tharangapadmini7407 29 дней назад +2

      හිතේ හයියෙන් ජීවත් වෙන්න දවසක ඔයා බැදලා දරුවෝ ලැබුන ම දාලා නොගිය එක ගැන හිතල ඔයා සතුටු වෙන්න

    • @dr.lochanafernando8615
      @dr.lochanafernando8615 29 дней назад +1

      Respect Putha!

    • @sewwandhiachini3053
      @sewwandhiachini3053 26 дней назад +1

      ඔයාට පුලුවන් ❤️🥺

    • @niroshadudleykumarachandra5256
      @niroshadudleykumarachandra5256 25 дней назад +3

      ඔය හා සමානම අත්දැකීමක් මටත් තියනවා😢

  • @ThripleSMusic
    @ThripleSMusic 8 месяцев назад +234

    මේ හඬට සමකරන්න මෑතකාලීන ගායකයෙක් නැති තරම්. සුනීරගේ කටහඩ කියන්නේ වෙනම භාවනාවක්.

  • @bavaninatasha2717
    @bavaninatasha2717 6 месяцев назад +32

    අමරදේව ශූරීන්ගේ මතක හඩ ආවර්ජනය.... නිහතමානී ඔබට ජය ❤

  • @asiri.001
    @asiri.001 8 месяцев назад +196

    මේ ස්ටයිල් එක වෙනස් කරගන්න එපා මචං..කවදහරි අපිට රස විදින්න පුලුවන් රසයක් දෙන ගායකයෙක්ට දකින්නෙ උබ විතරයි...❤❤

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 7 месяцев назад +1

      පැහැදිලිවම

    • @Lizaliza67-nc4jc
      @Lizaliza67-nc4jc 4 месяца назад

      අනිවාර්යයෙන්

    • @fairymagic6244
      @fairymagic6244 27 дней назад

      අනෙ ඔව්..මේ ස්ටයිල් එක වෙනස් කර්න්න න්ම් එපා මල්ලි..

  • @chamudigunasekara4620
    @chamudigunasekara4620 8 месяцев назад +91

    දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යලි හමුවෙන්නේ නෑ ..
    නුඹම ඇවිදින් නුඹම හැරගිය
    මාව මතකද දන්නේ නෑ....

  • @sapnakaluarachchi7709
    @sapnakaluarachchi7709 7 месяцев назад +50

    එතෙක් මෙතෙක් තුල බිහි වූ ස්ටාර් මිනිස්සු හරි ආදරෙන් එවපු sms එකට තවමත් සාධාරණයක් කරන එකම මනුස්සයා ♥️ එදා අමරදේව සර්ගේ සිංදු තරඟ ඇතුලේ ඔයා කියද්දි මම දැනගෙන හිටියා ඒ අඩුව පුරවන්න පුලුවන් දෙවනි පුරුකක් වෙයි කියලා.. ජයම වේවා. රැල්ලට නොයා හැමදාම මේ විදිහට බබලන්න ♥️

  • @dushanmadhuranga
    @dushanmadhuranga 7 месяцев назад +58

    සුනීර.... ආදරෙයි බං...
    උඹේ කටහඩ අහගෙන හිටියහැකි බං කල්පයක් උනත්....
    උඹට මහා ලොකු ෆෑන් බේස් එකක් නැතුව ඇති... කමක්නෑ.. හැබැයි උඹ එක්ක ඉන්නෙ රැල්ලට යන කබ්බො නෙමේ..... සංගීතය කියන එක හොදටම රස විදින උන්.... ඒ නිසා උන්ට ආදරේ කරපන්... අපි සහ ඒ අතලොස්ස උඹට උබේ කටහඩට ආදරෙයි හුත්තෝ.....❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @randularandularasanjana
    @randularandularasanjana 8 месяцев назад +53

    දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඒත් තව විදවන්න බැ….
    නුබෙ සුවද මතකෙට ගෙනෙනට
    අමතකව උන් දිනක් නැ…..
    තනිවිම ලග පෙරමතක සැම
    යලි යලිත් හදවතින් විදගමි….
    හිමිවිම ලග නොතිබු ප්‍රේමය
    අහිමිවි ගිය පසුව විදවමි….
    නතරවි මුත් දෙහිත් දෙතැනක
    දිනෙන් දින මහ කලක් ගතවුනි….
    සැබැ පෙම්වන්තයින් හැමදා
    වෙන්වුනා එක්වුනේ නැ ලොව….

  • @medhangiisurika4623
    @medhangiisurika4623 8 месяцев назад +334

    "තවත් රිද්විලි මොටද එබැවින්.....
    මෙහෙම මෙතැනම මග නතර වෙමි......"
    අවුරුදු 14ක් ගිහිල්ලත් තාමත් අමතක කරන්න බැරිනම් ජීවිත කාලෙමත් බැරි බව දන්නවා, අදටත් හීනෙන් ඇවිත් බලලා කතා කරලා යනවා.. විරහවත් කොයි තරම් ලස්සනයිද කියලා මේ වචන කටහඩ ඇහෙද්දි හිතෙනවා.. තව විදින විදවන හිත්, මගබලාහිදීම් අනන්තවත් ඇති මිහිපිට.. ඒ හැම හදවතක්ම සුවපත් වේවා! සුනීරට වගේම මේ නිර්මාන වලට පන දෙන්න වෙහෙසෙන හැම කෙනෙකුටම පින් සිද්ද වෙන්න තවත් බොහෝ කාලයක් මේ වචන අපිව ආදරෙන් ජීවත් කරයි... ගොඩක් පින්🙏 තෙරුවන් සරනයි!

    • @MorrisRodrigo
      @MorrisRodrigo 8 месяцев назад +3

    • @dasoontharaka3595
      @dasoontharaka3595 8 месяцев назад +8

      ඒක තමයි කලාව කිය්න්නෙ. මොන තරම් වේදනාවක් හිතේ තිබුනත් මේ වොයිස් එක මේ මියුසික් එක ඇහෙද්දි හිත නිවෙනවා. ඒ විරහව තවදුරටත් වේදනාවක් නොවී ආශ්වාදයක් බවට පත්වෙනවා. ❤🤍

    • @Kankanage
      @Kankanage 8 месяцев назад +2

      අනිවාර්ය යෙන්ම

    • @DevidPriyashantha
      @DevidPriyashantha 8 месяцев назад +2

      Adaraya sundara virahawa thulai...

    • @rupikadesilva8200
      @rupikadesilva8200 8 месяцев назад +1

  • @hansimarasinghe179
    @hansimarasinghe179 8 месяцев назад +18

    දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ....
    නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ....
    තනි වීම උව ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි....
    මතක අමතක කරන්නට බැරි බැවින් නිහඩව බිම බලා ගමි...
    අතීතයෙ මතකය දරාගෙන නුඹව සිහිකර යළි සිනාවෙමි...
    තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි...
    දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ....
    නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ...
    ගායනය - සුනීර සුමංගල
    පද - පනින්දු විදානේ
    සංගීතය - වජිර සුමින්ද
    මේ සින්දුව එනකම් මාස කීයක් නම් බලන් හිටියද ? ජීවිතේ අව්‍යාජම හැගීම් සරලව ,-පනින්දු විදානේ ඔයා හරි ලස්සනට වචන කරලා "දිනෙක අපිටත් වැරදි ලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ..... " මේ වචන වලට වහ වැටිලා ඉතිරි වචන අහන්න ආසාවෙන් හිටියා. ඉතිං සුනීර සුමංග වෙනස් නෑ ඔයාගෙ කලින් සිංදු වගේම මගේ හිතේ මුල්ම තැනක මේ සින්දුව රැදිලා ඉවරයි......
    2024/04/39(Naduni Marasinghe)

  • @ruwansampath9973
    @ruwansampath9973 7 месяцев назад +17

    දන් ඉන්න ගායකෝ හොල්ලලා කඩන සෝඩා බෝතලේ වගේ අද හිටියා හෙට නෑ.වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 8 месяцев назад +103

    දැන දැනත් නුඹ නොලැබෙනා බව
    හිත සොයයි තව
    නුඹේ උණුසුම..
    සිහින දැක්කට
    මැදියමෙත් සිත
    සැබෑ වෙන්නෑ
    සිහින කිසි දින..
    නොලැබුණත්
    සෙනෙහසේ අඩඩුවක්
    සත්තකින් මම
    දකින්නේ නෑ..
    ඉතින් අවසර
    අහිමි පෙමකට
    කවි පෙළක් මට
    ලියා තැබුමට..
    හේශු✍️

    • @jayalaludagepalage9472
      @jayalaludagepalage9472 8 месяцев назад

      හරිම අගෙයි

    • @anuradhaweerasooriya210
      @anuradhaweerasooriya210 8 месяцев назад +1

      තවත් රිදවිලි මොටද එබැවින්.. මෙහෙම මෙතනම මඟ නතර වෙමි.🥺
      දිනක අපිටත් වැරදිලා ඇති..
      මාව මතකද දන්නේ නෑ😊

    • @asokaperera5131
      @asokaperera5131 7 месяцев назад +1

      පුතේ ඔයා අපේ රටේ සන්ගීත ලෝකයට පායපු ඉරක් වගේ.රස විදින්න ගීතයක් ගයන්නෙ කීදෙනාද? නලියන්න, හොල්ලන්න ,දගලන්න සින්දු කියන උනුත් පිස්සො. ඒ කුනුහරප ලියන ඌනුත් පිස්සො.ඒව අගේ කරන මෝඩ රැලත් පිස්සො. ඔබේ පාර හරි.පව් පුරෝ ගන්නැතිව හරි දේ දීල සතුටුවෙන්න පුතේ

  • @sunimra
    @sunimra 7 месяцев назад +107

    ඇය ම ඇවිදින් ඇය ම හැර ගියත් අවසානයේදි "මට වැරදුණා" නොකියා "දිනෙක අපිටත් වැරදිලා ඇති" කීමෙන් ම හැර යාම දෙදෙනා ම පාරවන බවත් ඇය වැරදිකාරියක් නොවන බවත් හැඟවෙනවා. මේ කොමෙන්ටුව ඔහු කෙරෙන් මිදීමෙන් හදවතින් මිය ගිය "ඇය" වෙනුවෙන්.🥀

  • @dptfeed6882
    @dptfeed6882 8 месяцев назад +56

    Comments දැක්කම මාර සතුටක් ආවා..මේ රසත් විදින සෙට් එකක් ඉන්නවා.හරි ටිකයි ඉන්නේ..උන්ගේ හිත් ලස්සනයි..ආදරෙයි❤️

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 7 месяцев назад +25

    ඊයෙ මනෝභාව concert එක බලලා ඇවිත් මේක අහන්නෙ 😍❤️ ඔයාගෙ කටහඩ නම් බාවනාවක්ම තමයි . Live sing කලත් කිසිම වෙනසක් නෑ 🥺❤️🌹

  • @srisashika4138
    @srisashika4138 8 месяцев назад +3772

    මචං ඊළඟ සින්දුව ගහපං Visual එක, රාගම වෛද්‍ය පීඨයේ, කෙල්ල වෛද්‍ය ශිෂ්‍යාවක්, කොල්ලා එලියේ එකෙක්. ගනිං රූප රචනෙට ස්ටේෂන් එක, තේවත්තේ පල්ලිය, කැම්පස් එකේ වල, රාගම ඉඳං දඹුව පාර, හොස්ටල් ටික. හොස්ටල් එක ගාව සන් හට් එකක් තියෙනවා, Girls Hostel එක ගාව පඩිපෙළක් තියෙනවා, හොස්ටල් එකට යන්න කාපට් කරපු පාරක් තියෙනවා, ඒ මැදිං කැම්පස් එකට පාරක් තියෙනවා. ස්ටේෂන් එකෙන් සින්දුව පටංගනිං.කෙල්ල අන්තිම විභාගෙට පාඩම් කරනකොට ටියුට් රූම් එකට ඇවිත් තනි මකනවා, කබල් ct 100 එකේ කෙල්ලගෙ බෑග් කරෙං බඩෙං එල්ලගෙන වයිසරේ නැති හෙල්මට් එක දාගෙන බොඩිගාඩ් වගේ එනවා. ගනේමුල්ලේ වෙල් යාය මැද පාරේ වැස්සට වතුර පිරිලා උතුරනවා, ඒ හරියේ බයිසිකලේ නවත්තලා ආපස්ස හැරිලා "ඔයා මාව දාලා යනවද අහද්දි, ඇස් දෙක දිහා බලං නෑ කියනවා" ,තව දාපං සුරුවමේ හවසට අඳුර වැටෙද්දී යන ගීතිකා එක්ක කලවං වුන කාක්කංගේ නාදෙ එක්ක රත්තරං එක්ක රෝස පාට වුන අහසත් එක්ක කෝච්චියේ නළාවේ හඬ එක්ක සින්දුව ඉවර කරපං. මේ සේරම අල්ලලා රිද්දපං මට. තව තව රිද්දපං.අන්තිමට කෙල්ලව බලන්න ගිහිං කොල්ලා ⁣කැම්පස් එකේ බෝ ගහෙං කොලයක් කඩං බෑග් එකේ දාගෙන එන්නම එනවා. මගෙ හෘද මාංශේ පලපං. උඹට ජය!!!❤

    • @madhurajayasankaweerawala956
      @madhurajayasankaweerawala956 8 месяцев назад +370

      Reply නොකර බැරි වුනා මචං උබගෙ comment එකට. උබේ වේදනාවම ජීවිතේට හයියක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරන උබට ජීවිතේ උබ බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ඕනි. ඔය හා සමානව ආදරේ කරල අවසානෙ අත් හැරල දාල පරාජය බාරගත්තු අය දන්නවා මේක හොදටම. උබට ජය 👍

    • @tharumaproduction
      @tharumaproduction 8 месяцев назад +265

      අද ඒ කෙල්ල කෝ ? දකිනව නම් මේ කමෙන්ට් එක ඇති පපුව පැලිලා මැරෙන්න. දවසකට හරි ආදරේ කළා නම්.. 😢😢 ඒත් ආඩම්බරයි ඔයා ගැන. අදටත් ඒ මතක එක්ක ජීවිතේ ඉස්සරහට යන හැටි ගැන. දවසක හරියන්න ම ඕන ජීවිත ❤❤❤❤

    • @anushadamayanthi8421
      @anushadamayanthi8421 8 месяцев назад +14

      😢

    • @srisashika4138
      @srisashika4138 8 месяцев назад

      @@madhurajayasankaweerawala956 පරාජය බාර අරගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද?

    • @srisashika4138
      @srisashika4138 8 месяцев назад +44

      @@tharumaproduction කොහෙ ඉන්නවද දන්නෙ නෑ.

  • @samadhiniroshani2129
    @samadhiniroshani2129 7 месяцев назад +5

    මේ කටහඩ අහනකොට පුදුම සැනසීමක් දැනෙන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ ඔයාගේ සින්දු ඇත්තමයි හිතට හරිම හුරුපුරුදු කමක් දැනෙනවා මේ ගීත ඇහෙනකොට. තවත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන. ජේසු පිහිටයි.

  • @PrarthanaGuruge
    @PrarthanaGuruge 8 месяцев назад +455

    ගහපු sms වලට සාදාරණයක් කරපු එකම මනුස්සයා ❤ ඔයාට ඉන්නෙ වෙනම vibe එකක fanbases එකක් 🥰 දීගටම මේම සිංදූ කියන්න ලැබෙවා 😇

  • @nilakshijayalath2142
    @nilakshijayalath2142 7 месяцев назад +5

    ආදරේ හිතේ තද කරගන පන ගැහෙන ජීවිත , හදවත් වලට කරන හර්දයාංගික ආමන්ත්‍රණයක්. තම තමන් එතෙක් මෙතෙක් තුර කාලයේ හදවත පසාරු කරගන ගිය ආදරණීය හමුවීම් තම තමන්ගේම මනෝභාවයන් තුළ සිහිපත් කොට කෑ ගස හඩන්නට හදවතට දැනෙන නිර්මානයක්. මෙවැනි නිර්මාණය තවත් කිරීමට ශක්තිය ලැබේවා ඔබට. මේ කාව්‍යමය රසයන් මැරෙන තුරාවට අපිව අපේ වෙලාම ජීවත් කරවන්නට හේතු වේවී

  • @UdaraChinthaka-nx5dg
    @UdaraChinthaka-nx5dg 8 месяцев назад +47

    මම ආසම නූතන යුගයේ ගායකයා. හැම සින්දුවකටම හරිම ආසයි. ඒ හැම එකක්ම හදවතට දැනෙන්න ගායනා කරනවා. අපේ පොඩි අමරදේව. ඔබට සුභපැතුම් ❤️

  • @visnawijayagunawardana9577
    @visnawijayagunawardana9577 7 месяцев назад +24

    සමහර රාත්‍රීන් තිබුණා
    ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි
    කෑ ගහලා ඇඩුවට
    විසඳෙන්නෙත් නැති
    පපුව කීතු කරන මතකයන් මතක් වෙන ....
    ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම
    දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා..
    😟🥀

  • @hansaluwijekoon5466
    @hansaluwijekoon5466 8 месяцев назад +10

    ප්‍රේමනීය කාර්තු මහ වැස්සක්ව
    සිහසුන් කාන්තාරෙට
    නිමේශයක මහා වරුසාවක් වී
    නිහඩව හඩගා රැදේවා
    යොදුන් ගනන ප්‍රේමනීය
    මතක නුබ මා වෙත ලන්කර
    නුබම ඇවිදින්
    නුබම මා හැර ගියද
    ප්‍රේමිය
    අත්හැරුනු පසු වුවද
    තිබිය නොහැකිද ඒ ප්‍රේමයම 🥺

  • @sureshkabral1767
    @sureshkabral1767 7 месяцев назад +7

    මැතකාලයේ බිහි උන තරැ අතරින් ආසකරනම ආදරනියම තරැව ඔබයි පාඩුවේ හදවතට දැනෙන්න රසවිදින්න පුළුවන් බොහෝම ලස්සන විරහගිත පෙලක් ගායනා කල ඔබට ජයවේවා ඔබගේ හඩ දැනෙන තරම් කියන්න බැ ඝෝෂාකාරිත්වයක් නැති ආදරනිය සුන්දර ගිත මව්ගුන පියගුණ ඔබගෙත් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ජායවේවා තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diliniabeysinghe9581
    @diliniabeysinghe9581 8 месяцев назад +27

    දැනෙන මිනිස්සුන්ගෙ හදවතට කථාකරන අපූරු කටහඩක්… හදවතේ නිදාසිටින ගැඹුරු තැන් හෙමිහිට කෙනිත්මින් ඇහැරවන්න.. දෙනෙත් පියාගෙන අහන්න…
    හරිම සුන්දරයි… සුභ අනාගතයක්…😊

  • @tashiGirl-xr8vr
    @tashiGirl-xr8vr 7 месяцев назад +11

    ජීවිතේ තනි තනුවකි..
    පද වයන විට රිදුම් දී...
    සැගවි ගිය අතීතයක..
    ඔහු තවමත් නිහඬවම...
    මල් පාර ලග මතක බංකුවේ....
    තරු පිරුණු රෑ අහස් වියනේ...
    පාළු මැකුවේ හන්තාන සඳ.....🍂🥀

  • @danu4492
    @danu4492 8 месяцев назад +27

    නෙලා ගැනුමට සින්දුවෙන් ඔයාගෙ සින්දු අහන්න ගත්තෙ දැන් මගේ ආසම ගායකයා ඔයා වෙලා ඔයා මේ යන රිද්මය නම් කඩන්න එපා අයියෙ ඉදිරියටම යන්න කියලා සුබ පතනවා❤

  • @sewwandi100
    @sewwandi100 7 месяцев назад +2

    ලස්සනයි . හෙමින් සාර්ථක ගමනක් යන්න සුභ පැතුම්. කේමදාස මාස්ටර් ගේ සංගීත මුසු වට ගීතයක් ඉදිරියට ගේන්න.

  • @SecretTraveller
    @SecretTraveller 8 месяцев назад +1585

    මේක 1M යනවා කියන අය බලමු 💜️💜️
    ජයවේවා කොල්ලෝ

  • @kasunmeenu5514
    @kasunmeenu5514 8 месяцев назад +85

    මල්ලී,,,ඔයා ඩ්‍රීම් ස්ටර් එකේ අමරදේව මාස්ටර්ගේ කුමරියක පා සලබ සැලුනා සිංදුව කියපු දවසේ ඉදලා ඔයාගේ රසිකයෙක් මම,,,,මේ වගේ සිංදු කියන්නේ ඇත්තටම හිත නිවන බෙහෙත්,,,මේ වගේ නිරමාණයක වටිනාකම මිල කරන්න බෑ,,,God bless you දරුවෝ,,💐❤️❤️❤️❤️❤️

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 7 месяцев назад +25

    මෑත කාලයේ දක්ශතාවයෙන් ඉහළින් ම නිරායාසයෙන් ම බැබළෙන ගායන තරුව මේ ❤

  • @nadeeshanagahawatta1193
    @nadeeshanagahawatta1193 Месяц назад +3

    මල්ලී..මේ සිංදු ටික කොච්චර ඇහුවද කියලා මටවත් මතක නෑ..අඬපු තරම වචන කරන්නත් බැහැ. ජය වේවා..

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 7 месяцев назад +4

    ⁣හරිම ලස්සනයි ,තෙරැවන් සරණයි පුතේ ඔයාට වාසනාවන්ත දිගු ගමනක් ඇත ඔබට දිනෙන් දින දියුණුවෙිවා

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 8 месяцев назад +6

    මතක අමතක නොවන, අහිමි වූ පෙම් කතාවක් හැම මනුසතෙක් තුලම මිය යන්න නොදී රැකගෙන රහසේ සගවාගෙන රස විදිනවා.. මෙවැනි කර්ණරසායනයන් මගින් ඒ අතීතයේ හුදකලාව සැරිසරන්න ඉඩ හසර සෑදෙනවා. ඇත්තටම මල්ලි මේ පද ලියැවෙන හුරුඅතට හා තත් වැයෙන දෑතට හා පද වලට පණ දෙන ඔබාලාට මෙවන් නිර්මාණ බිහි කිරීමට සුබපතනවා.
    පොද වැස්සක් වැටෙන මළ හිරු බැස යන සැදෑවක
    දුම් දමන කෝපි කෝප්පයක් හා දේශීය දුම් රොටුවක් අතර
    සගවාගෙන සිටින ඇය හා ගෙවුනු අතීතයේ රස තැන්
    පරිස්සමින් ගෙන රසවිදීමට සුදුසු කර්ණරසයක් ....

  • @Kanchana3619
    @Kanchana3619 8 месяцев назад +21

    දිනෙක අපිටත් වැරදිලා ඇති.ඉතින් යලි හමු වෙන්නෙ නැ.නුබම ඇවින් නුබම හැරගිය.මාව මතකද දන්නෙ නැ..❤මගෙ පලවෙනි ආදර කතාව. මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස් දෙකෙ කදුලු වැටෙනවා.අවුරැදු 10 විතර ගියත්.දිග හුස්මකින් එ වෙදනාව පිටකර වාර .හැමදාම සටුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා.

  • @Shashikalasakalasooriya
    @Shashikalasakalasooriya 7 месяцев назад +25

    අමරදේවයන් හිටියනම් කොච්චර සතුටු වෙයිද🥺, ආදරෙයි සුමංග♥️

  • @Madhura87
    @Madhura87 8 месяцев назад +13

    මේවට ගීත කියන්න බෑ..මේ ගීත නෙවෙයි. මේ ගයන්නේ සමහරෙක්ගේ ජීවිතය. කදුලින් ලියවුන ජීවිතයේ සුන්දරම කාලයක්...
    @suneera sumanga රැල්ලෙන් එලියට ගිහින් මේ දරන වෑයම සුපිරියි. ජයෙන් ජය...💐💐💐💖💖💖

  • @anuradhaekanayake2012
    @anuradhaekanayake2012 8 месяцев назад +6

    හඩත් රුවත් එකවගේම ආදරණීය යි.හැම ගීතයකම හැමෝට ම පොදු වුණු අරුත් තියෙනවා.අහපු ගමන් හිතට වදින්න ඒකත් බලපානවා.මේ වගේ හඩක් හොයල දීපු දෙරණට ස්තුතිය ...!

  • @chithrawijerama2238
    @chithrawijerama2238 7 месяцев назад +7

    මේ විරහගීත හරිම ලස්සනයි පුතේ
    හරිම ලස්සනයි
    අහන්න අහන්න ආසයි
    පදරචනය
    සංගීතය
    ඔබේ හඬ
    තනුව
    අමරනීයයි

  • @greatvideos2014
    @greatvideos2014 2 дня назад

    ආදරේ කරල දාලා ගිය අය විතරක්ම නෙවෙයි විඳවන්නෙ....මේ වගේ උතුරන්න ආදරෙන් ඉඳලා බැඳල දරුමල්ලොත් හදල එකම වහල යට ඉඳන් නපුරුකම් හතුරුකම් වෙනස්කම් කරන තරමට වෙනස් වෙච්ච ආදර කතා...තනියම අතීතය ආවර්ජනය කරමින් එයා කෝ කියල හොයන අයගෙ කතා.....එමටයි! සුනීර, මේ විදියටම දිගටම ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්යය ලැබේවා....රැල්ලට නම් යන්න එපා විකාර සිංදු හදන්න...❤❤

  • @vishwabandara8799
    @vishwabandara8799 8 месяцев назад +35

    ඔයාට විතරක් නෙවෙයි අපේ ඇස් වලටත් කදුළු එන්න තරම් ඒ වචන, සංගීතය වගේම භාවපූර්ණ හඩ වර්ණනීයයි ❤ අවුරුදු 5ක් ජීවිතේම වෙලා උන්නු එයා ගිහින් අවුරුදු ගානක්, අපේ ජීවිත ආයෙ හරවන්න බැරි තරමටම වෙනස් වෙලා, ඒත් ජීවිතේ සියුම්ම තැනක එයා තාමත් පරිස්සමින් ඉන්නවා ලබන භවයක හරි මගෙම වේවි කියන අහිංසක පැතුමත් එක්ක. ඔයා මේ පාරවන්නෙ එ අහිංසක හැගීම් සුනීර. අමරදේව සර්ට පස්සෙ පපුවටම සමීප උනානම් එ ඔයා විතරමයි ❤

  • @pusathiwijesekara2011
    @pusathiwijesekara2011 8 месяцев назад +8

    ඔබ වගේ හදවතට කතා කරන ගායකයෙක් මේ යුගයේ තවත් නැහැ . තව තවත් මෙවන් නිර්මාන ඔබගේ ලයාන්විත හඩින් අහන්නට අප පින් කර තිබෙන බව විස්වාසයි. බුදු සරනයි .

  • @Dinushipoornima96
    @Dinushipoornima96 8 месяцев назад +8

    අනේ මංදා, විරහව මොන තරම් රසයිද කියල සුනීර සුමංග හරි ලස්සනට කියල දෙනවා.
    ඔවු ඇත්තමයි විරහව හරි සුන්දර හැඟීමක්.

  • @sathya5296
    @sathya5296 Месяц назад

    හරිම ලස්සනයි... මියුරුගෙ හඩ හැගීම්බරයි.. නුවන්දිකාගෙ හඩත් හරිම පැහැදිලි , අමුතුම ලස්සනක් ඇති කටහඩක්...

  • @ChandanaJayathilake
    @ChandanaJayathilake 7 месяцев назад +11

    රැල්ලට නොගිය සොදුරු හැගුම් මවන්නා.. ජය වේවා

  • @hirunifernando9250
    @hirunifernando9250 8 месяцев назад +6

    අද කාලේ මෙහෙම හිතට දැනෙන සින්දු අඩුයි.පද රචනය කොච්චර විශිෂ්ට උනත් සින්දුවක් මිනිස්සුන්ගේ හදවතට දැනෙන්නේ ගායකයගෙ කටහඩ සහ හැකියාව මත. තරුණ ගායකයෝන්ගෙන් මං අහපු හ‍රිම හැගුම්බර කටහඩක්‌❤️

  • @chathuri638
    @chathuri638 8 месяцев назад +5

    දිනෙක අපිටත් වැරදුනා.........
    කාලයක් ප්‍රේමයෙන් වෙලුනත්
    අද තනිවීම දෝත දරාගෙන
    මල් පිපුනු අතීතයක්
    තේරුමක් නොමැති වර්තමානයක්
    ගිනි ඇවිලෙන අනාගතයක්
    ඇත්තමයී
    අද නුබවත් හිටියනම් ❤️

  • @surangika2185
    @surangika2185 9 дней назад +1

    ඉස්සල්ලාම අහපු දවසෙ 20 වතාවක් එක දිගට ඇහුවා.. මේක නම් පිස්සුවක්.. ඇයි මේ වචන ,මෙලඩිය හා රූප රචනය මෙතරම් සියුම් පිහිතුඩක් මෙන් වදින්නෙ..❤

  • @thefishkingdom.
    @thefishkingdom. 8 месяцев назад +159

    දැනෙන තරම කියන්න බැරි පද පේලිය
    " දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යලි හමුවෙන්නේ නෑ ...
    නුඹම ඇවිදින් නුඹම හැරගිය
    මාව මතකද දන්නේ නෑ ... ❤️‍🩹 "
    අමරණීය සිංදු ... 🙂❤️‍🩹

  • @_kavindiabeysekara129
    @_kavindiabeysekara129 7 месяцев назад +4

    tiktok එකේ අහම්බෙන් ඇහිලා මේ සින්දුව Release වෙනකන් කොච්චර බලාගෙන හිටියද.. සංගීතය භාවනාවක්.. තේරුම් යන්න මේ වගේ හඬවල් මුණගැහෙද්දි... අමරණීය හඬ පෞරුෂයකට සුභාශිංෂණ.. ජයවේවා සහෝදරයා..! ❤️

  • @ranjikarabel5510
    @ranjikarabel5510 8 месяцев назад +9

    අතීතයේ මතකය දරාගෙන
    නුඹව සිහිකර යලි සිනාවෙමි
    තවත් රිදවිලි මොටද එබැවින්
    මෙහෙම මෙතැනම මඟ නතරවෙමි....

  • @sandatharaka-23
    @sandatharaka-23 7 месяцев назад +4

    සුනීරගේ හඬ භාවනාවක් වගේ පැය ගාණක් උනත් අහන් ඉන්න පුලුවන් එකම සිංදුව...😍

  • @malikakarunarathne7876
    @malikakarunarathne7876 7 месяцев назад +14

    වැරදුනේ කොතනද කියල දැන දැනමත් ඒ වැරදි ආය හදාගන්න බැරිකමින් අසරණ උන හැමෝටම මේ සින්දුව පපුවෙ ගැඹුරුම තැනට දැනේවි.
    ඉතින් වැරදි , වැරදි විදිහට නොගෙන මතකයක් විතරක් කරගෙන ඉස්සරහට යන ගමන්.
    ආදරෙයි ඒ හැම මතකයකටම. තාමත් මූනට හිනාවක් ගේන ඒ ලස්සන මතකෙට. ❤

  • @PriyangiRanasinghe1637
    @PriyangiRanasinghe1637 8 месяцев назад +38

    එදා කැම්පස් එකේදි දැක්කම මට අනේ.... කියලා කියවුනා ඒ තරම් ආදරෙයි එ voice එකට 🥺❤️💐

  • @Sampath1994
    @Sampath1994 8 месяцев назад +111

    තාප්පවල පාප්ප ගාන්න හදන කලේ ඔබේ සිංදු කාන්තාරයට අනෝරා වැස්සක් මල්ලීයෝ❤️ 🙏

    • @ravindudilshan6996
      @ravindudilshan6996 8 месяцев назад +3

      ඒ සින්දු වර්ග දෙකක් බන්

    • @dushhero2081
      @dushhero2081 8 месяцев назад +1

      ඒක ආතල් එකට කරපු සින්දුවක් ගොන්සන්..ෆ්‍රෙඩි සිල්වයි අමරදේවයි එකයිද😂😂😂😂

    • @isurunuwan7944
      @isurunuwan7944 8 месяцев назад +3

      නිර්මාණයක් ගැන වර්ණනා කරන්න තවත් නිර්මාණයක් හෑල්ලුවට ගෙන භාවිතා කරන්නෙපා දෙක දෙවිදියක නිර්මාණ දෙකක් රසයන් දෙකක් ඒ නිසා තවත් නිර්මාණයක් හෑල්ලුවට ලක්කරන්නෙපා.❤

  • @surangika2185
    @surangika2185 9 дней назад +1

    මේ වොයිස් එක, වචන සහ, සංගීතය පිහි තුඩක් මෙන් හදේ ගැබුරුම තැන ස්පර්ශ කරයි.❤

  • @nalikakusumsiri6798
    @nalikakusumsiri6798 8 месяцев назад +6

    සසර් මගකදි වැරදිලා යලි
    පුරුදු ලෙස හමු වෙන්නැතී
    ඒ සුවඳ සිහිනෙකින් වාගේ දැනී පසු පස එන්නැතී,

  • @WathsalaRanathunga-yq6sh
    @WathsalaRanathunga-yq6sh 7 месяцев назад +7

    හෘදයාංගම පද රචනයක්
    සුමිහිරි තනුවක්
    හිත නිවෙන හඬක්❤️

  • @DineshaJayasekara-vg3rf
    @DineshaJayasekara-vg3rf 8 месяцев назад +16

    දෙවියනේ ඒකෙ ලස්සන ... දෙවියො දීපු හඬක්. ආදරෙයි හැමදාමත් ...❤️❤️❤️

  • @KaushalyaArunBandara
    @KaushalyaArunBandara 6 месяцев назад

    හිත නිවන හඩක්. විකාර නැති රසවිදින්න පුලුවන් මේ වගේ ලස්සන සිංදු බිහිකරනවට ගොඩක් පින්

  • @mamakamthi7735
    @mamakamthi7735 7 месяцев назад +128

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @DILESHAS
    @DILESHAS 7 месяцев назад +5

    හාවාත්මකයි හැඟීම්බරයි "නුවඹ ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ "

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 7 месяцев назад +7

    මෙහෙම හඬක් පිනට ලැබුණු ,දිවුල්ගනේ, ක්‍රිශාන්ත එරන්දක ට පස්සෙ ආහපු හොඳම හඬ

  • @atara7721
    @atara7721 2 месяца назад

    මේ හඬ නම් ඇත්තටම පිස්සුවක්. පුදුම ලස්සන ගීතයක්. වචන, තනුව අධිමාත්‍රිකයි ❤
    ලස්සනයි මුලු නිර්මාණයම. ස්තුතියි ඔබ සැමටම 🙏

  • @PramilaWeerasingha
    @PramilaWeerasingha 7 месяцев назад +6

    ජය වේවා ...මල්ලි...ඔය නූතන අමරදේව විදියටයි මට දැනෙන්නේ.....හෑගීම් වචන වලට පෙරලන අපූරුව....

    • @Dprasanna1430
      @Dprasanna1430 7 месяцев назад +1

      මට නම් අමරදේව සර් , අමරසිරි සර් , සුනිල් එදිරිසිංහ සර් 3 ගෙම කටහඬ තියෙන වා හරි පුදුම යි , ❤

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 8 месяцев назад +6

    හදවතින්ම අහන්න පුලුවන් ගීතයක්..හදවත් සුවපත් කරන හඬක් ඔබට තියෙන්නේ...භාවනාවක් වගේ....දෙරණින් බිහිවූ හොඳම ගායකයා විදියටයි අපි ඔබව දකින්නේ....❤❤❤.සුභ අනාගතයක්...

  • @chinthakajayakantha2053
    @chinthakajayakantha2053 8 месяцев назад +6

    හදවතේ ඉන්න නිහතමානි ගායකයෙක් සුභ පැතුම්

  • @vishwainduwara8957
    @vishwainduwara8957 6 месяцев назад +13

    අහන වාරයක් පාසා views වැඩි උනා නම් දැන් මේක මිලියන ගානක් views එකතු වෙලා ඇති. MASTERPIECE❤️🥺💫

  • @okinduimandiw
    @okinduimandiw 8 месяцев назад +10

    ඒ කටහඩ භාවනාවක්......❤❤ දෙරණෙන් බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්.....💕😊

  • @SarathRathnayaka-ic6lt
    @SarathRathnayaka-ic6lt 8 месяцев назад +174

    ඇස් දෙක වහන් අහනකොට අමරදේව සර්වම මැවෙන්නේ වෙන කාටද....
    හැම වචනයකටම හැගීම් පොවන අපේ කාලයේ සොදුරු හැගුම් මවන්නා...❤

  • @BKCook73
    @BKCook73 8 месяцев назад +32

    එදා වගේම අදත් ඔයාව දිනවන්න ගහපු sms වලට මාර වටිනාකමක් ඔයා දෙන්නෙ...ජය වේවා ❤️ මාරම ෆීල් වොයිස් එකක් මේක 🫡❤️

  • @Madhuwanthi
    @Madhuwanthi 7 месяцев назад +2

    හරිම ලස්සනයි... මාගෙ ජීවිතේ වගේ... ගායකයාට ඉදිරියටම ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤

  • @MinistryofJustice-h2h
    @MinistryofJustice-h2h 7 месяцев назад +6

    නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
    මාව මතක ද දන්නෙ නෑ!
    ජිවිතේ පුදුම විදියට විදිනවා ඔබේ හඩ
    දුක නිවන භාවනාවක්
    දිනෙක හැකි නම් හමු වන්න ඔබ
    පතන්නෙමි පැතුමක් මේ ලෙසින්

  • @sarojajayarathne597
    @sarojajayarathne597 8 месяцев назад +11

    ආයෙත් අපේ රටේ රසවිදින්න පුළුවන් සින්දු හැදෙන එක, මේ වගේ ගායකයෝ ඉන්න එක ගැන සතුටක් දැනෙනවා

  • @kelumyva
    @kelumyva 7 месяцев назад +4

    ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඩට..මාරම පිනක් කරලා තියනවා සහෝදරයා උබ.තෙරුවන් සරනයි.❤

  • @dneducation-qb7sx
    @dneducation-qb7sx 11 дней назад

    භාවනාවක් වගේ ඒ හඬ.. හිතට වද දෙන මතකයක් එක්ක ගෙතුන පදවැලක් තියෙයි..ජීවිතේ මා මුහුණ දුන් දුක්බර ම සිදුවීමක්.. ඒක ඔයාගෙ හඬින් ලෝකයා වෙත ගෙනියන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් අයියෙ..

  • @sumedhalakmal6143
    @sumedhalakmal6143 7 месяцев назад +32

    අනුන්ගේ සිංදු කියලා පොර ටෝක් දෙන පරිදි ගෑනුන්ට, පිරිමින්ට මේක අහන්න දීලා කනටත් එකක් ගහන්න ඕනි...!
    උඹට ගහපු sms වලට උඹ විතරයි සාධාරණයක් කළේ...! ❤️✨️
    ආදරෙයි මචන්,
    රැල්ලට නොයා උඹ උඹම උනාට...😌🎉

  • @Dilwijesekara651g
    @Dilwijesekara651g 7 месяцев назад +7

    දෙවියො නිදහසේ මවපු කටහඩක් ❤අහන් ඉන්න ආස කටහඩක් සුබ පැතුම් තව තවත් මේ වගේ වටින නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤️🥰

  • @ramindudivyanjala4445
    @ramindudivyanjala4445 8 месяцев назад +92

    ලක්ශ ගනන් වලට යන්න ඕන මේ වගේ ගායකයොය්❤

  • @gihanerangahettiarachchi
    @gihanerangahettiarachchi 7 месяцев назад

    Vishishta nirmaanayak...
    Puduma lassana sinduwak..
    Thanuwa, sangeethaya, gaayanaya okkoma harima lassanai..
    Dear Suneera, thanks for your contribution for the Sri Lankan music industry..
    80 dashakayee bihi wechcha adatath amathaka nowana gaayakayangen passe meetha kaalaye bihiuna hondama gaayakayek...

  • @rithu_bandara
    @rithu_bandara 8 месяцев назад +10

    සින්දුවේ කෑල්ලක් අහපු දා ඉඳන් සම්පූර්ණ සින්දුව අහන්න බලන් හිටියේ....
    හිත් වලට කතා කරන පද වැලක්,,,,සංගීතයක්... ඒ හැඟීම් තීව්‍ර කරන කටහඬක්. ❤

  • @sajanimadhuwanthi8209
    @sajanimadhuwanthi8209 7 месяцев назад +8

    ඇත්තටම ඇවිත් ඇත්තටම ගියපු මිනිස්සු තමයි අපිට මතක තිබුණේ....ආයෙත් ලස්සන වැඩක් ❤

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 7 месяцев назад +14

    මේ දැනුත් ඔලුව කරකුට්ටං වෙන තරමට ස්ට්‍රෙස් එක තියෙද්දි "දිනෙක අපිටත් වැරදිලා ඇති" අකුරු ටික යුටියුබ් එකේ ටයිප් කරල හොයාගන ඇවිත් ඇහුව. එ වගෙ වෙලාවකත් ඇස් පියාගන අහන්න පුලුවන් සිංදුවක් කියන ගායකයෙක් වෙනව කියන එකම මං දන්නැ මට කියන්න වචන නෑ❤.
    එකම දේ තව අවුරුදු ගානක් ගියත් යූටියුබ් එකේ "සුනීර සුමංග" සර්ච් කලාම ගිනිගන්න ඔලු නිවන මෙ වගේම නිර්මාණම දකින්න ලැබේවා කියන එක. ජය වේවා ❤

  • @chamilgallage3094
    @chamilgallage3094 7 месяцев назад +3

    මේ ධාරාවේ ප්‍රේක්ෂකයන් ට නැවුම් බලාපොරොත්තු ගෙන ආ ඔබට ජය....

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 7 месяцев назад +10

    මෙන්න අමරණීය නිර්මාණ රැල්ලට ආව හිරු ටික්ටොක් තරු වගේද, හරිම ලස්සන නිර්මාණයක් 💗🎶💗

  • @Dew865-h2o
    @Dew865-h2o 8 месяцев назад +8

    සින්දුව අහලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න කිසි දෙයක් හිතේ රැදිලා නෑ..ඒ තරමට මේ සින්දුවෙන් මගෙ හිත හිස් වෙලා සන්සුන් වෙනවා ....🍃🍃

  • @dilupdilshan3181
    @dilupdilshan3181 8 месяцев назад +4

    නොදැක නොදැක ම ඇදෙන විට නුබ දුරක කවියෙකු වුවත් ගැහෙයි මයේ පපුව ඇස් වසන විට සිහිනව ඔබේ රුව බොද වුණා සොදුර මහ රෑ ගැලු කදුලු ගගුලට පියඹන්න ඔබ ඉතින් දුරකට නෑ තරහවක් කිසිවිට නමුදු ඔබ දිනන තැන හිදිමි මා කොනක සැගවී බලා ඔබ දෙස 😊

  • @sakusaku4873
    @sakusaku4873 7 месяцев назад +15

    භාවනාවක්...🥺වැස්ස වෙලාවක earphone දාගෙන උණු කෝපි කෝප්පයක් බොන ගමන් මේක අහන මම..❤මේක අධිමාත්‍රා සහෝදරයා වචන නෑ එතනින් එහාට..🥺❤🌟හදවතේ සියුම් තැන් තදින් ස්පර්ශ කරන්න සංගීතයට පුළුවන්...🌼ජය..

  • @TourwithGG
    @TourwithGG 8 месяцев назад +24

    " දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යලි හමුවෙන්නේ නෑ ...
    නුඹම ඇවිදින් නුඹම හැරගිය
    මාව මතකද දන්නේ නෑ ... "

  • @shnxyz
    @shnxyz 8 месяцев назад +14

    Song lyrics 👇❤
    දිනෙක අපිටත් වැරදිලා ඇති..
    ඉතින් යළි හමු වෙන්නෙ නෑ..
    නුඹම ඇවිදින් නුඹම හැරගිය..
    මාව මතකද දන්නෙ නෑ..!!
    තනි වීම වුව ප්‍රේමයම බව..
    යළි යළිත් මේ අදත් පවසමි..
    මතක අමතක කරන්නට බැරි..
    බැවින් නිහඩව බිම බලා ගමි..!!
    අතීතේ මතකය දරාගෙන..
    නුඹව සිහිකර යළි හිනා වෙමි..
    තවත් රිදවිලි මොටද , එබැවින්..
    මෙහෙම මෙතැනම මග නතර වෙමි !!!!

  • @dilshanignanakumari4575
    @dilshanignanakumari4575 8 месяцев назад +23

    අමතක නොවන ප්‍රේමයක් මටත් තිබෙන්නට ඇති හිතත් පාරවන ඒ ආදරය ලබන්නට වරම් නොලබන්නට ඇති .... නමුදු හමුවුනි බුදුරදුන්ගේ ප්‍රේමය අන් පෙම් අවැසි නැත මට.....

    • @pujanibuddapriya9443
      @pujanibuddapriya9443 8 месяцев назад

      Math a premaya hoyana gaman..budun desu ධර්මය හැරුණු කොට වෙන කිසිම දෙයක් ලොව නැත...

    • @dilshanignanakumari4575
      @dilshanignanakumari4575 4 месяца назад

      J​@@pujanibuddapriya9443 ඔව් ඒ ආදරය නිවන් සුවයටම හේතු වෙනවානේ ඒක සැනසීමක්

  • @devulYt-t5x
    @devulYt-t5x 27 дней назад +1

    දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යළි හමු වෙන්නෙ නෑ
    නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
    මාව මතක ද දන්නෙ නෑ!
    තනි වීම වුව ප්‍රේමය ම බව
    යළි යළිත් මේ අදත් පවසමි
    මතක අමතක කරන්නට බැරි
    බැවින් නිහඬ ව බිම බලා ගමි!!
    අතීතේ මතකය දරාගෙන
    නුඹව සිහි කර යළි හිනා වෙමි
    තවත් රිදවිලි මොටද, එබැවින්
    මෙහෙම මෙතැන ම මග නතර වෙමි

  • @sanjayajayasinghe2720
    @sanjayajayasinghe2720 7 месяцев назад +17

    සිංදු කියන්න ඕනත් නෑ.වීව්ස් හිඟා කන්න මේ රටේ ගීත රසාස්වාදය බල්ලට දාපු වර්තමාන ගායකයාෙ අතර උඹ වගේ මේ රහ දන්න සංගීතයට අාදරේ උන් ඉන්නවා කියල හිතද්දිත් සතුටුයි අැත්තටම.ස්තුතියි මචං...

  • @Sandupama1111
    @Sandupama1111 8 месяцев назад +6

    මේ ලෝකේ තේරුම් ගෙනීමට අපහසුම විෂය ප්‍රේමයයි.........ඉතින් සබද තවත් අහිංසක හිතකට දුකක් දෙන්න එපා... My favourite song❤‍🩹

  • @yasasoshadha-yash
    @yasasoshadha-yash 8 месяцев назад +72

    අලුත් පරපුරේ අයගෙන් Suneera Sumanga අයිය විතරයි තේරුමක් ඇතුව ගීතයක් කරන්නේ... ❤ ජය වේවා අයියේ ඔයාට

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 6 месяцев назад +1

    දිනෙක අපිටත් වැරදිලා ඇති
    ඉතින් යලි හමු වෙන්නෙ නෑ...
    නුඹම ඇවිදින් නුඹම හැර ගිය
    මාව මතකද දන්නෙ නෑ...
    තනිවීම වුව ප්‍රේමයම බව
    යලි යලිත් මේ අදත් පවසමි
    මතක අමතක කරන්නට
    බැරි බැවින් නිහඬව බිම බලාගමි
    අතීතයේ මතකය දරාගෙන
    නුඹව සිහිකර යලි සිනා වෙමි
    තවත් රිදවිලි මොටද එබැවින්
    මෙහෙම මෙතනම මග නතර වෙමි..