කඳුකර කොටිත් එක්ක" කෑගල්ලෙ කදු මුදුනක 🐆|සුදු වදුරා සොයා |සදරාජ වණ අරන

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • සඳරාජ වන අරණ කදුගැට තුනකින් (අක්කර 120 කීන්) සමන්විත නිරන්තරයෙන් මීදුමෙන් වැසීයන සොඳුරු වන පියසකි." ගුරුගොඩ ඔයේ ප්‍රධාන ජල පෝශකයක් වන කුඩා ඔය ආරම්භ වන්නෙද සඳරාජ වන අරණ තුළිනි. මිනිසා විනාශ කර දැමූ ප්‍රදේශයක ඉතිරිව ඇති මේ වනස්පතිය ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් වේ.
    ඓතිහාසික වටිනාකමක් ඇති මෙම කදු පන්තිය සඳරාජ වන අරණ ලෙස නම් ලබන්නට පෙර හැඳින්වූයේ ලේ පලාව නමිනි. තම පෞද්ගලික ඉඩම අනාගතය උදෙසා සංරක්ෂණය කර මෙහි වාසය කරන සියලුම ජීවීන් හට ක්ෂේම භූමියක් ලෙස දායාද කිරීමේ ගෞරවය හිමිවන්නේ අප අතරින් වියෝ වූ පරිසර වේදී සුසිල් කරුණාරත්නයන් හටය.
    ගිරගට නැගි කල ලංකාවේ සතර දිග දැකිය හැකි නැරඹුම් වේදිකාවක් වැනිය. වාර්ශික වර්ශාපතනය මිලිමීටර් 4500 - 5000 ත් අතර වේ. ඖෂධීය වටිනාකමක් ඇති ශාක විශේෂ මෙන්ම ඉතා දුර්ලභ ගණයේ ශාක හා සත්ත්ව විශේෂ ද මෙම වන පියස තුල දැක බලා ගත හැකිය.
    🌱 ඉරරාජ , වනරාජ ,සඳරාජ , කුඩාහැඩයා , මහා හැඩයා ඇතුලු විවිධ ශාක වර්ගද හදුනා නොගත් විවිධ උඩවැඩියා වර්ග , හතු වර්ග , පාසි වර්ග, ලයිකන වර්ග ද නො අඩුව මෙම වනාන්තරය තුල දැකගත හැකිය.
    🦇️ කොටියා, කොළ දිවියා ,හදුන් දිවියා , රන් හෝතබුවා , උනහපුලුවා, පුලුටු ලේනා , සුදු වඳුරන් සහ තවත් ක්ෂීරපායි විශේෂ ද
    🐍 ඇහැටුල්ලා , කටකලුවා , පිඹුරා , අහරකුක්කා, පළා පොලඟා, කඳුකර මූකලන් තෙලිස්සා,පහතරට මූකලන් තෙලිස්සා ඇතුලු තවත් සර්ප විශේෂ ගණනාවක් ද
    🦅 වළි කුකුළා , කැහිබෙල්ලා, අලු කෑදැත්තා , රතු දෙමලිච්චා, දෑ දෙමලිච්චා, කරපටි කන් බස්සා , මැඩි මුහුනා , බිම් බස්සා ඇතුලු පක්ෂි විශේෂ 100කට අධික ප්‍රමාණයක් ද
    🦋 නීල පාරින්ද්‍යා, රජත පති , සියොත්පියා, ඇතුලු සමනල් විශේෂ ද
    🐸 දික් හෝඹු ගස් මැඩියා , ක්ලාට්ගේ කුරු ගෙම්බා, ගන්නොරුව පඳුරු මැඩියා, ඇතුලු විවිධ උභයජීවී විශේෂ ද
    🦎 ගැටහොඹු කටුස්සන් , පිනුම් කටුස්සන් , දිවාසැරි හූනාන් , ඇතුලු උරග විශේශ ද
    🕷 මකුළුවන් සහ විවිධ කෘමි විශේෂ ද
    🍃 හදුනා නොගත් සත්ත්ව විශේෂ ද ඇතුළුව සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් සඳරාජ වන අරණ සිය වාසභූමිය කරගෙන ජීවත් වෙයි.
    ගල් තලාව මත හිදගෙන රාත්‍රී අහස දෙස බලා සිටින විට රාත්‍රී අහසේ විචිත්‍රවත් බව හා වනස්පතිය තුළින් නැගෙන සතුන්ගේ ශබ්දයත් නිදහස් හැඟීමක් තුළ නුඹව ඇද බැඳ තබාගන්නවා නොඅනුමානය.
    කඳවුරු බදින්නන්ට
    රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නන්ට
    වනජීවීන් නිරීක්ෂණය කරන්නන්ට
    වනජීවීන් ඡායාරූපගත කරන්නන්ට
    ශාක පිළිබඳ සොයා බලන්නන්ට
    *ආධ්‍යාත්මික සුවය ලබන්නන්ට
    පාසල් ළමුන්ගේ දැනුම වර්ධනයට සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ව්‍යාපෘති සදහාත්
    තෙලි තුඩෙන් රටා මවන්නන් හටද
    සඳරාජ වන අරණ මහඟු තෝතැන්නකි.
    ඉතිං,
    ඔබ ගෙවන අවිවේකී ජීවිතයෙන් මදක් වෙන්ව නිදහස් නිස්කලංක පරිසරයක මදක් ජීවිතය විදින්න. පිය නගන්න සඳරාජ වන අරණට..........🍃🌱❤️
    පෞද්ගලික රක්ශිතයක් බැවින් පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී පැමිණෙන්න
    දු.ක 0703047755
    www.facebook.c...
    www.facebook.c...

Комментарии • 44