Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 6 тыс.

  • @dharaniabeysinghe509
    @dharaniabeysinghe509 5 лет назад +4438

    කවිය 🖤
    සිංදුවක් ඇහුවට පස්සෙ ඒක මගෙ ආසම සිංදු එකතුවට වැටුණොත් ඒක ගැන ලියවෙන එක මටවත් නවත්තගන්න බැරි දෙයක්.. ඉතින් මේ මට හිතෙන හැටියට කවිය ගැන...
    මට මගේ දැක්මට අනුව ආදරේ සහ ප්‍රේමය දෙකක්. කෙටියෙන් කිව්වොත් ආදරේ කියන්නෙ දැනීමක්. feeling එකක්. ඒත් ප්‍රේමය කියන්නෙ හැඟීමක් emotion එකක්. දැන් හිතෙනවා ඇති මොන අපබ්‍රංසයක්ද ඒ කතාව කියල. මං ඔය ගැටේ මෙහෙම ලිහන්නන්කො. ආදරේ කියන්නෙ අපිට දැනෙන දෙයක්. ඒක නැවත නැවත ඇති වෙන්න පුලුවන්. ඇති වෙවී නැති වෙන්න පුලුවන්. එක එක ස්වරූපයෙන් ඇති වෙන්න පුලුවන්. ඒත් ප්‍රේමය කියන්නෙ ඔය ආදරේ ගොඩක් ස්වරූප එකතු වෙච්චි මනුස්සයෙක්ට එක පාරක් ඇති වෙන්න පුලුවන් කවදවත් අයින් කරන්න බැරි හැඟීමක්. නිකමට හිතන්න අපි මේ සංසාරේ ඉපදි ඉපදී මැරෙනවා. ආත්මෙන් ආත්මෙ එක එක චරිත රඟපානවා. ඒත් ඒ කෙලවර එක නිවීමක් තියෙනවා. ආදරෙයි ප්‍රේමයයිත් ඒ වගේ. ඔය මට හිතෙන හැටි. 😊😌
    අපි කොච්චරවත් ආදරේ කරන්න ඇති ඒත් අපිට හරියනම කෙනා ළඟදි අපි කරන්නෙ ප්‍රේමය. ඒ අපේ නැවතීම. මං ඒ නැවතීම කිව්වෙ අපේ හැඟීම්වල නැවතීම. අපි හැමෝම අපේ ප්‍රේමයම අයිති කරන් හැමදාම නිවෙන්න පින් කරලා නැති වෙන්න පුලුවන් . එහෙම වෙලාවල් වලට ප්‍රේමය හිතේ පුරවන් මැරෙනකන්ම අමතක නොකර වෙනින් ආදරේකට අපි ළං වේවි.
    මං දැන් දිගම දිග පූර්විකාවෙන් පස්සෙ මං කියන්න ආපු දේට එන්නන්. ඔන්න ඔය ප්‍රේමයක හිමි වීම අහිමි වීම ගැන තමයි මට දැනෙන හැටියට කවිය පුරාම තියෙන්නෙ.
    විදුළ රවිශාර කියන multi talented අපූරු මනුස්සයෙක් අතින් තනු නිර්මාණය වෙලා ඔහුම ගායනා කරන ගීතයකට අපූරු පදවැලක් එක් කලේ සඳරුවන් ලියනගේ, නූතන පරම්පරාවෙ තවත් පන්හිඳෙන් හරඹ කරන්නෙක්. ඔහුට අනුව ප්‍රේමය කියන්නෙ කවියක්.
    බොහෝ පෙම් කවි
    ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී
    නොලී කවියක් තිබිය නොහැකිද
    හදේ යම් රිදුමක් දිදී
    තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
    සෙමෙන් පාරන මුත් ඇණි
    සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක
    එවන් හද පාරන බැමි...
    ඉතින් එබැවින්
    නවතිමී...
    හදින් පිටමන්
    නොකරමි...
    ප්‍රේමයට විවාහයක් ඈඳලා අන්තිම හුස්ම වෙනකන්ම ඒ ප්‍රේමය විඳින්න හැමකෙනාටම පින නෑ. ඒ නිසා සමහර ප්‍රේම කතා තියනවා කොච්චරක්වත් හීන තිබ්බට සම්පුර්ණ කරගන්න බැරි වෙන. විදුළ අපෙන් අහනවා එහෙම කතා තියෙන්න බැරිද මේ ලෝකෙ? ඔහු බැඳිලා ඉන්න ඒ බැඳීම ප්‍රේමය ඔහු ලියා අවසන්. ඒ කියන්නෙ ඔහු ප්‍රේමය දිනලා. ඒත් අතරමගකදි ලියාගන්නට බැරි වෙලා ඒ බැඳීම අතින් අත හැරිලා. හරියට අපිව සුව කරන්න කරන්න ගන්න තියුණු සැත්කම් උපකරණයකින් හැමදාටම ඉතිරි උන කැලලක් තියන, සියුම් වේදනා දෙන කැපුමක් වගේ ඒ බැඳීමුත් අපිට සදාතනික වේදනාවක් වෙනවා මිදෙන්න, බිඳින්න බැරි. ඉතින් ඒ හැඟීම් අපි ළඟ නවතිනවා හැමදාටම. අපි ඒ බැඳීම් ළඟ නැවතෙනවා හැමදාටම. ඒ ප්‍රේමය අපේ නැවතීම වෙලා, අපිට අපිවම නැතිවීම වෙලා, අපේ හිතේ අපි මැරෙනකන්ම අපි එක්ක ජීවත් වෙනවා. අපි ඒ හැඟීම ජීවත් කරවනවා.
    නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
    දරා ඉමිහිරි වේදනාවන්
    පෙමින් සගවා තබා ගන්නෙමි
    නොලී ඒ ගීතිකාවන්
    සදාකාලික තැවුල් පොදියක
    රැදී හද පෙලුවත් නිතී
    ලියා අවසන් කවක් කෙලවර
    මැකී වියැකී යා නොදී...
    ඉතින් එබැවින්
    නවතිමී...
    හදින් පිටමන්
    නොකරමි...////
    හිතින් කොච්චරවත් තැවුණ්ත් රිදුනත්, ඇස් රිදෙනකන් ඇඬුවත් ප්‍රේම කරන්නෙක්ගෙ ප්‍රේමය නැති වෙන්නෙ නෑ. ඒ දුකම මිහිරියි ඔහුට. මිහිරියි නෙවෙයි ඉමිහිරියි. ප්‍රේමයේ නාමයෙන් ඔහුට ඒ නොලියවුනු ප්‍රේමයේ හැම මොහොතක්ම වේදනා විඳගෙන දරාගන්නට පුලුවන්. සදාකාලිකවම තැවුනත් ඔහු ඒ ලියපු කවියෙන්, සරලව කිව්වොත් ඒ විවාහය හෝ ඒ බැඳුනු බැම්මෙන් ඔහු මිදෙන්නෙ නෑ. ඉතින් ඒ ප්‍රේමය කියන්නෙ ඔහුගෙ නැවතීම නෙවෙයි ද? ඔහු එයින් නවතිනවා. මැරෙනකන්ම ඒ බැඳීම හිතේ තියාගෙන විඳවමින් විඳිනවා.
    මගේ හිතේ හැටියට ප්‍රේමයට නිර්වචනයක් දුන් ගීතයක් මේ. ඒත් ප්‍රේමය ආදරය ඔයාටවත් මටවත් මෙහෙමයි කියල කියන්න බැරි දෙයක්. ඒත් අපේ ලෝකෙ අපිට ඒ ගැන නිර්වචනයක් අපේ කතාවන් වලින් ලියවෙන්න පුලුවන්. කොහොම උනත් මං ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ කතාවෙ, ඔයාගෙ නිර්වචනය වගේම විඳවීම අඩු, විඳීම වැඩි හැඟීමකින් ඔයාගෙ හිත පිරේවා කියල.
    ධාරා අබේසිංහ 🖤

    • @zendaw2319
      @zendaw2319 4 года назад +114

      පුංචි නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේක ලියලා තියෙන්නේ විදුල නෙමෙයි. වර්තමානයේ දක්ෂතම කවියන්ගෙන් කෙනෙක් වන "සෞම්‍ය සඳරුවන් ලියනගේ" 💜

    • @dharaniabeysinghe509
      @dharaniabeysinghe509 4 года назад +81

      Wagee Gamage බොහොම ස්තූතියි පෙන්වාදුන්නාට 💙 සමාව ඉල්ලනවා මගෙ අතින් සිදුවුණු අත්වැරැද්දට 💙💙 නිවැරැදි කරන්නම් මම ඒක.. නැවතත් ස්තූතියි ඔබට ❤️💙

    • @gayanudarasampath6654
      @gayanudarasampath6654 4 года назад +45

      Oya me song eka gena karana viggrahaya vishishtai.....

    • @dharaniabeysinghe509
      @dharaniabeysinghe509 4 года назад +25

      Gayan Udara Sampath බොහොම ස්තූතියි 😇☺️

    • @jeshartstudio2467
      @jeshartstudio2467 4 года назад +12

      patta

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 Год назад +2087

    මටත් අහම්බෙන් හමිබවුන සින්දුවක් පට්ටම හිතට දැනුණා ❤️❤️❤️❤️❤️❤️ 2023 අහන්නේ කවුද ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @Suhani.W
    @Suhani.W Год назад +458

    අර කතාවක් තියෙන්නේ, "මුහුදේ මෙච්චර මාළු ඉද්දී, ඇයි මේ එක හාල්මැස්සෙක් නිසා නහින්නේ" කියලා...මොනා කරන්නද, ආදරය නිසා හැමදේම...හැමදේම ඉවසන්නේ ආදරය නිසා, කොච්චර හිත් රිදවීම් වුනත් ඉන්නේ, ආදරය නිසා. ආදරය කියන්නේ හරිම අමුතු දෙයක්. ඒත් දවසක එක මොහොතක් එනවා, ඔයාට අන්තිම වතාවට තීරණයක් ගන්න වෙන.
    ඔයාටත් සමහරවිට එහෙම අත්දැකීමක් ඇති ජීවිතේ.
    ඒත් ඒ ආදරය නිසා ජීවිතේ අවුල් කරගන්න එපා කිසිම වෙලාවක. මොකද ආදරය කියන්නේ, අවුල් වෙච්ච ජීවිත හරිගස්සන්න ඕනේ දෙයක් මිසක්, ජීවිත අවුල් වියවුල් කරන දෙයක් නෙවෙයි.
    ඒක නිසා...
    මේක කියවපු ඔයා ආදරය කරන කෙනා, ඔයාගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    දැනටමත් එයාව ලැබිලා නම්, එයා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    හදිස්සියේ හරි, ඔයාට ඔයාගේ ආදරය කරන කෙනා නැතිවුනා නම්, ඔයාගේ ජීවිතේට ලස්සන අලුත් ආදරයක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    "ඉතින්...එබැවින් නවතිමී...
    හදින් පිටමන් නොකරමී..."
    ♥️🥰

  • @itzmaailaaaife
    @itzmaailaaaife Год назад +435

    When the tv advertisement says:
    "ඔබේ ආදරනීයන් ඔබේ ප්‍රතම රාජකාරිය කරගන්න!!"
    I'll remember this masterpiece ❤

  • @LioNKoLLA
    @LioNKoLLA 5 лет назад +2616

    සින්දුවත් විඩ්යො එකත් කියන්න වචන නැහැ මාරම ලස්සනයි!
    මේවා තමයි Trending Number 1 එන්න ඔනේ සින්දු :(

  • @damithmadhusanka5419
    @damithmadhusanka5419 2 года назад +680

    ඉතීන්.......එබැවින් නවතිමි 🥺❤️
    හදීන් පිටමං නොකරමී......
    2022 anyone?

    • @damithmadhusanka5419
      @damithmadhusanka5419 2 года назад +2

      @@shashiniranaweera4632 පිස්සුවක් නේහ්🥺✊❤

    • @maheemasanadi3422
      @maheemasanadi3422 2 года назад +2

      මෙ දැනුත් අහන මන් ❤️

    • @chandupaanjana9077
      @chandupaanjana9077 2 года назад +1

      @@shashiniranaweera4632 2022.09.21 at 06.20🥰🥰🥰🥰🥰🥰danuth ahanawa

    • @ii-so3tk
      @ii-so3tk 2 года назад

      2022.11.15 11.41 a.m.
      Killed my mind

    • @SehansaSilva15
      @SehansaSilva15 2 года назад

      ✌️

  • @sudasuda1871
    @sudasuda1871 10 месяцев назад +2439

    #2024ත් අහන්නෙ කවුද 👍එකක් දාමු බලන්න

    • @gamemaster1736
      @gamemaster1736 9 месяцев назад +4

      😍

    • @NishadiPeiris-l1y
      @NishadiPeiris-l1y 9 месяцев назад +2

    • @Sheharasilwa-o9i
      @Sheharasilwa-o9i 9 месяцев назад +7

      ඇබ්බැහි වෙච්ච සහ කොච්චර ඇහුවත් එපා නොවුන එකම සින්දුව🖤

    • @pawansankalpa
      @pawansankalpa 9 месяцев назад +1

    • @sithmi-y7o
      @sithmi-y7o 8 месяцев назад

  • @shagiya512
    @shagiya512 Год назад +420

    ඒක පාර්ශවික ආදරෙ කරන සැමගේ සිත් සුවපත්වේවා.....❤️🥰

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 года назад +4017

    ජීවත් වෙලා හිටියොත් 2050ත් බලනව...❤️ පට්ටයි බං විදුලයා

    • @kanishkanirman816
      @kanishkanirman816 3 года назад +108

      කොහොමද 2050 මේකෙ Comments වැටෙද්දි😍😍😍

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 года назад +56

      @@kanishkanirman816 ඒ වෙද්දි ජීවත් වෙලා හිටියොත් දැනෙන අධ්‍යාත්මික සුවය.........😍😍😍😍😍😍😍 හම්මේ...

    • @arrowjr5498
      @arrowjr5498 3 года назад +30

      උබ තව අවුරුදු 5යි ජිවත් වෙන්නේ

    • @SanjayaAmaraweera
      @SanjayaAmaraweera 3 года назад +13

      Respect 😔🙏💜

    • @asankapeiris214
      @asankapeiris214 3 года назад +13

      mn nm 2100 yet blnwa patta relax pissek wge wada krla me sinduwa ahaddi wenma lokekta ynwa bn

  • @MalshiAnjalika-co7vh
    @MalshiAnjalika-co7vh 7 месяцев назад +111

    2024 දිත් මේ සිංදුව අහන අය කෝ..... 🤗❤😊

  • @dulara427
    @dulara427 2 года назад +715

    අයිතියක් නොමැති බව දැන දැනත් , කෙදිනකවත් හිමි නොවන බවත් දැන දැනම හිතින් අත්නොහල ප්‍රේමය උත්තරීතරය ඒක පාර්ශවීය වුවද....🥀🙂

  • @LaknaSemini
    @LaknaSemini Год назад +578

    Friends :- eya wena kenek ekka
    yalu unoth ehma...?
    Me :- "ඉතින් එබැවින් නවතිමී..
    හදින් පිටමන් නොකරමී..
    🥺❤‍🩹🌍🐼"
    #2023 anyone 🙂💗🍃

  • @NimshanKashmeera
    @NimshanKashmeera 2 года назад +198

    Lyrics
    බොහෝ පෙම් කවි ලියූ පසුවද
    සියුම් කැපුමක් මෙන් රැඳී
    නොලී කවියක් තිබිය නොහැකිද
    හදේ යම් රිදුමක් දිදී
    තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
    සෙමෙන් පාරන මුත් ඇණි
    සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
    එවන් හද පාරන බැමි
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි
    නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
    දරා ඉමිහිරි වේදනාවන්
    පෙමින් සඟවා තබා ගන්නෙමි
    නොලී ඒ ගීතිකාවන්
    සදාකාලික තැවුල් පොදියක
    රැඳී හද පෙලුවත් නිති
    ලියා අවසන් කවක් කෙලවර
    මැකී වියැකී යා නොදී
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි
    ඉතින් එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි

    • @chenulimenara16
      @chenulimenara16 Год назад

      Tax

    • @ovindunikaweethma6082
      @ovindunikaweethma6082 11 месяцев назад

      ⁣meka pin karanna

    • @samanukwatte5045
      @samanukwatte5045 10 месяцев назад

      බෙහෙවින්ම තුති , වින්දනීය තීව්‍රතාව උදෙසා දැක්වූ මහන්සිට !

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 4 года назад +172

    සමහර සිංදු තියනවා අහන්න අහන්න අඩන්න පුළුවන්...
    ඒත් මේ ගීතය එක පාරක් ඇහුවොත් ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙන්න පුළුවන්...

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 года назад +784

    එයාගෙ ඇස් දෙක , එයාගෙ මුහුණ , එයාගෙ ලස්සන , එයාගෙ පාට , එයාගෙ සුවද , එයාගෙ කටහඩ , එයාගෙ පහස , එයාගෙ සෙනෙහස එයාගෙ ආදරය ....
    අමතක කරන්න බෑ
    Depression කාරයෙක් වගේ මැරෙන්න දෙන්නෙ නැතුව මේ සින්දුව post කරාට ඔබට ගොඩක් ස්තූතියි ......🥺♥️
    ඉතින් එබැවින් නවතිමි🙂 ,හදින් පිටමන් නොකරමි♥️. I love you Sandu ♥️

  • @sandalidissanayake6101
    @sandalidissanayake6101 Год назад +93

    ප්‍රේමය අවැසි මුත් දැන් එහි කිසි වුවමනාවක් නොමැත, නමුත් නුබට හිමි ස්ථානය සදා එලෙසම පවතී...නුබේ මතකයන් සමග ජීවත් වෙමි.😊💔

  • @bhawani__27
    @bhawani__27 3 года назад +223

    ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක
    රකිමි, එනමුදු නො ලියමි;
    දරා විදගමි
    දැවී මිය යමි
    ලියා පිටමං නො කරමී.

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 3 года назад +222

    මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවෙ මං ජීවිතේ ගොඩක්ම ආදරේ කරපු කෙනා එක්ක call එකක ඉද්දි එයා ලඟ දාල තිබුණු radio එකකින්. එදා ඉඳන් අද වෙනකන්ම අහනව. අද එයා මගෙ ලඟ නැතත් මං මේක අහනව පොඩ්ඩක් බමන මතින් youtube ආවොත්. ඇත්ත. ජීවිතේ අපේ ලස්සනම ආදරේ අපිට හිමි වුණා නම් ඒ කලාතුරකින්. කොහේ හිටියත් හැමදාම ඒ අය අපේ හිත් වල ජීවත් වෙනව. ඒ මත ඇවිදිනව. හුස්ම ගන්නව. අපිට තුරුලු වෙනව. ආදරණීය ලෙංගතුකමින් හිනාවෙනව. උරුම වුණු ජීවිතේදි සියලු මිනිසුන්ට තම හුස්ම සමවූ ආදරය හිමි කරගන්නට ලැබේවා! 🙏
    ඉතින් එබැවින් නවතිමි...
    හදින් පිටමන් නොකරමි....
    Lv u forever C..............

    • @randirandi9713
      @randirandi9713 3 года назад +2

      ඔය දෙන්නගේ ආදරය සුන්දර ප්‍රීතිමත් ආදරයක් වේවා ❤️❤️❤️

    • @isharasanjeewanirathnayaka4318
      @isharasanjeewanirathnayaka4318 3 года назад

      ❤️❤️❤️

    • @nimeshasandamini8526
      @nimeshasandamini8526 2 года назад +1

      Pana wage adare karapu kena laga neyi kota denena paluwa kochcharak kiyalada kiyanna ba

    • @ahinsanirmani8830
      @ahinsanirmani8830 2 года назад +7

      මේමත් පිරිමි ලමයි ඉන්නවා කියලා හිතෙද්දි සතුටුයි 🌼 කවදාවත් හිත බර නොවේවා 🙏

    • @nekla1593
      @nekla1593 Год назад

      Rodda🥺❤️

  • @shehan2496
    @shehan2496 2 года назад +602

    මැරෙනකම් අහයි 💯🔥
    අහිමි වන බව දැන දැනත්🥺💔ආදරේ කරණ
    ඇයට හෝ ඔහුටම පමණක්ම ප්‍රේම කරණ ගොඩක් දෙනා ඇති.....🙂💔
    ආදරණීය හදවත් එකතු වේවා!💫

  • @Dew-p5w
    @Dew-p5w Год назад +212

    ප්‍රේමණීය ස්පර්ශයක් වත් නොලබපු මා තවමත් ඔබේ බැල්මකට පවා පෙම් කරමි ඔබ වෙන කෙනෙක්ට ආලය කරන බව දැන ගත් දිනයේ වත් මම ඇඩුවේ නැත මන්ද තවමත් මට සිතෙන්නේ එය නපුරු සිහිනයක් කියා ඔබ නොදන්නවා උනාට ඔබට අසීමිතව පෙම් කරන මම අදත් හෙටත් ඔබ වෙනුවෙන් බලා සිටිමි ❤🥺🥀

    • @maleeshanadeeshanasoysa6004
      @maleeshanadeeshanasoysa6004 Год назад +4

      ❤❤

    • @Sakuni-g2h
      @Sakuni-g2h Год назад +13

      මමත් එහෙමයි one side love එකක්.. ඒත් වැඩක් නෑ ඒකෙන්.. අවුරුදු නවයක් බලන් හිටිය දැන්.. ඒත් එයාට මාව දැනුනෙ නැහැ.. අරමුනු ගැන හිතන්න.. එතකොට සැනසීමයි නොලැබෙන දෙයක් පස්සෙ යනවට වඩා.. මමත් දැන් කරන්නෙ ඒක..

    • @Dew-p5w
      @Dew-p5w Год назад +1

      @@Sakuni-g2h ඔව් ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම හරි යනවා 🥺❤️😔

    • @tharushisampaya
      @tharushisampaya 10 месяцев назад +2

    • @MilniMudari
      @MilniMudari 9 месяцев назад

  • @lewdeniashen5633
    @lewdeniashen5633 5 лет назад +1249

    ඔබ ජීවිතයේ ඉතා කාර්යබහුල පුද්ගලයෙක් විය හැකිය... ඒත් මතු දිනක නැවත තමන්ගේ ජීවිතය දෙස හැරී බැලීමේදී පසුතැවීමක් පමණක් ඉතිරි නොවීමටනම් ඔබගේ ආදරණීයන් වෙනුවෙනුත් කාලය සහ ආදරය වෙන් කරන්න.. 💪💪

    • @wasanaanikethani5197
      @wasanaanikethani5197 4 года назад +24

      Hariyatama hari me song eke theruma. Oya qwa widihata. Mage bf mata aurudu 11ka affair ekakin passe ada ape sambande nawathathamu qwa. Oya qwa de tama ape jiwitheta hethu une. Aththatama meka thama jiwithe hati.

    • @Wanderlust_doctor
      @Wanderlust_doctor 4 года назад +5

      Ammeh ubage comment ekama dekkane

    • @soundeatsasmr2472
      @soundeatsasmr2472 4 года назад +4

      😍🥺

    • @tharushidilhari6557
      @tharushidilhari6557 4 года назад +5

      oya neda nadimalge song eketh theeuma kiwe supiri aiyee... man ekata like ekak dapu kenek

    • @lewdeniashen5633
      @lewdeniashen5633 4 года назад +4

      Tharushi Dilhari නාඩගම් ගීය වෙන්න ඕනි ඔයා කියන්නේ! 😌

  • @dilshanithathsarani555
    @dilshanithathsarani555 2 года назад +109

    බලා සිට නොමැති වන විට, කවදාවකවත් අවශ්‍ය නොවන ලෙසට ගැහැණු හිත් ශක්තිමත් වූ පසු වසන්තය ආවත් නාවත් ගැහැණුන්ට එය නොදැනී යනු ඇත 😊 පුලුවන් තත්පරයේ පවා ඔවුන් සමග රැදෙන්න වරද ඔබේම නිසා පසුවට පසුතැවිලි නොවන්න 🙂❤️

    • @Theampot
      @Theampot 8 месяцев назад +1

      එයා යද්දි කියලා ගියපු ටික එ විදිහටම ඔයාගෙ අතින් ලියවිල මෙතන..🙂💔

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 2 года назад +1387

    අඩේ අප්පා..අවුරුදු තුනක් තිස්සෙම මේ සිංදුව මට ඇහිල නෑනෙ...❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Neelawathura
    @Neelawathura 10 месяцев назад +81

    ශ්‍රී ලංකීය සංගීතය උඩුගම්බලා ගිය වගයි😊❤️2K24

  • @raveenamadhushani4002
    @raveenamadhushani4002 3 года назад +602

    හිතට හරි අමුතු දුක්මුසු හැගීමක් එන්නෙ මට විතරද??? මට ඇත්තටම කදුලු ආවා🙂♥
    සාර්ථක නිර්මාණයක්♥🙂 මං දහස් වතාවකට වඩා ඇහුවා🙂එදත් අදත් හෙටත් එහෙමයි🙂♥ඒ තරම් ලස්සන සිංදුවක්🙂♥

  • @Lamola_
    @Lamola_ 2 года назад +2462

    දෛවයේ දරුණුතම පලිගැනීම නම් අහිමි වන බව දැන දැනත් සමහර බැදීම් මුණ ගැස්වීමයි!
    නමුත් ඒ ආදර කතා තාමත් ඒ හිත් තුල ජීවත් වෙනවා! ❤

  • @GHOST-ws9ie
    @GHOST-ws9ie 2 года назад +7463

    මේ සිංදුව අහන 2000න් පස්සේ උන් ඉන්නවද?🙂

  • @DulenDemitha
    @DulenDemitha 5 месяцев назад +33

    රෑ පාඩම් කර කර ඉද්දී කම්මැලි නිසා Radio එකෙන් ඇහුවේ...හිතුවෙ නෑ මෙච්චර හිතට අල්ලයි කියල්ලා ❤️‍🩹
    Moral of the song:- කවදාවත් අපිට වඩා අපිට ආදරය කරන අපේම අයව නොසලකන්න එපා. කවදම හරි ඒකට පසුතැවෙන්න වෙනවා.....💔❤️‍🩹

  • @illoxfullyy6739
    @illoxfullyy6739 2 года назад +896

    දවසක් කෙනෙක් ඇහුවා ,
    " ඔච්චර කට්ටිය තව ඉන්නෙ ඇයි එකෙක් මත්තෙම නැහෙන්න..අනික උෟට වඩා හොද උන් කොච්චර ඉන්නවද"
    ප්‍රේමයේ අරුත නොදන්නා හිතුමතේට ආල කරන්නවුන්ගෙ වදන් මෙසේය...
    දන්නවද දැකපු පලමු වතාවෙම ආදරේ හිතෙන්නෙ , මහ අමුතු විදිහට හුරු බවක් දැනෙන්නෙ සංසාර ප්‍රේමවන්තයන් හමුවුනාමලු.... එතකොට මැණික උබයි මායි සංසාරෙ ප්‍රේම කරලා ඇති නේද?
    ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නැ ඒ අහංකාර ඇස් දෙකට මට අංශුවකවත් අයිතියක් නැහැයි කියලා....මගෙ හිත තාමත් පිලිගන්නෑ ඔයාට මාව දැනුනෙ නෑ කියලා....මං දන්නවා ඔයා ආදරේ ඇයට...කමක්නැ මං ආදරෙයි හැමදාම ඔයාට..... හේතුවක් නෑ මට මැවෙන්නෙම බොඳ වෙලා උබේ ඔය මත්කරන නෙතග බැල්ම....අවසාන වතාවට නුඹව දුටුවේ නුදුරු දිනයක සවසකය.....
    ප්‍රේමය මම නුඹට ලිව්වා කවි ආකාසෙන් බාගෙකම...
    තරුත් හිනැහෙනවා ඇති මේකිට නම් පිස්සු ගිහිං දාමුද අංගොඩ....
    තනිවෙන්න ඈ සමඟ පතන්නෙම නුඹෙ සතුට.....
    ස්නේහවන්තිය වෙන්නම් මං
    ආලවන්තියකට නුඹව දුන්.....
    ගෙනත් දෙනවද මගේ හදවත
    මටයි මගෙ හිත නැතිවුනෙ...
    සත්තමයි ඉඩ නුඹට විතරමයි හදවතේ...
    මතක් කරලා...
    මතු භවේටත් හමුවෙමු වස්තුව
    හැබැයි කලින්ම මගේ වෙන්න...❤✨
    එතෙක් මා ප්‍රේම කරන්නෙමි ප්‍රේමයට නුඹ නමින්....

    • @saavi1735
      @saavi1735 2 года назад +40

      මගේ කතාවම වෙනස් විදියකට..
      ලස්සනයි 👌

    • @illoxfullyy6739
      @illoxfullyy6739 2 года назад +1

      @@saavi1735 ❤❤❤

    • @dihansadinadi1770
      @dihansadinadi1770 2 года назад +17

      මගේ කතාවමයි🥺😔❤

    • @hansanihansani5626
      @hansanihansani5626 2 года назад +3

      🥺🥀

    • @malshadisanayaka3825
      @malshadisanayaka3825 2 года назад +8

      අනේ ඒක...🥺🥺❤️❤️🔥🔥🔥

  • @wasanafonseka1161
    @wasanafonseka1161 2 года назад +172

    අවුරුදු 02කුත් පහු වෙලා තාමත් මේ සින්දුවට එදා වගේම ආදරෙයි.අපි දෙන්නා ආදරෙයි කියන්න කලින් මන් එයාට කැමති නෑ කියලා හිතලා එයා මේ සින්දුව status දාලා තිබ්බා .මේ සින්දුවේ හැම වචනයක්ම එයාගේ ආදරේ මට තේරුම් කරලා දුන්නා💕. ගොඩක් ම හදවත්ට දැනුනේ "ඉතින් එබැවින් නවතමි හදින් පිටමන් නොකරමි".අපි marry කරාට පස්සෙත් මන් comment එකක් දානවා.
    "ස්තූතියි♥️"

    • @sunandahettiarachchi1863
      @sunandahettiarachchi1863 2 года назад +6

      Dakau lassanama comment eka.hadawathinma wish karanawa oya dennata❤️❤️🙏🙏

    • @wasanafonseka1161
      @wasanafonseka1161 2 года назад +5

      @@binukeshan439 හිතන විදියට හැමදේම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් ඉන්න හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතන්න.හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

    • @wasanafonseka1161
      @wasanafonseka1161 2 года назад +3

      @@sunandahettiarachchi1863 බොහෝම ස්තූතියි..❤️

  • @malkamalka9876
    @malkamalka9876 4 года назад +117

    අපි හැමෝටම තියනවා හදවතේ ලියවුනු ලස්සන ආදර කවියක්.කවුරැත් නොදන්න ලස්සන ආදරයක්.අපේ කරගන්න බැරි කෙනෙක්.

  • @tharindupabasara866
    @tharindupabasara866 Год назад +81

    කල් ඉකුත් වීම් රහිතයි. කනට නෙමේ ඇහෙන්නේ හදවතට 😍❤️

  • @sandiya-7895
    @sandiya-7895 5 лет назад +606

    අහම්බෙන් ටියුබ් එකේ උඩ පහල යද්දි සෙට් උනේ..අම්මෝ යකෝ වොයිස් එක මෙලඩිය වචන ටික වීඩීයෝ එක..පිස්සු වැටුනා..❤️❤️❤️❤️

  • @wathsalaesh
    @wathsalaesh 2 года назад +121

    අද මගේ ආදරේ සදහටම වෙන කෙනෙක්ගෙ වෙනවා.. ජීවත් වෙලා ඉන්නකල් අමතක නොවනම කෙනා එයා... මීට කලින් මේ සිංදුව ඇහුවත් අද තමයි හිතටම දැනුන දවස.... දරාගන්නම බැරිම දවස...🥺 “ඉතිං එබැවින් නවතිමි.. හදින් පිටමන් නොකරමි....” 🥀💔

    • @sahanrashmika3496
      @sahanrashmika3496 Год назад +1

      මෙච්චර දවසක් අහලත් අද තමයි කමෙන්ට් කරන්නෙ ඔය දේ මට වෙලා මාසයයි අදට😪😪😪😪

    • @ishini6716
      @ishini6716 Год назад +1

      Same dr 😢

  • @guidesrilankawithdila8688
    @guidesrilankawithdila8688 2 года назад +3858

    #2023 ත් බලන අය කෝ....👍#Like එකක් දාමු.

  • @පාරාදීසේ-paradise
    @පාරාදීසේ-paradise Год назад +12

    අවුරුදු 4කට ඉස්සෙල්ලා මං මුලින් අහනකොට දැනුන ඒ හැගීම කොච්චර ඇහුවත් තාම ඒ විදිහටම තියෙනවා..මාරම සිංදුවක් හැමදාම අනිවාරෙන් එක පාරක් හරි අහනවා ...ඒ වගේම අවුරුදු 4ක ඉදං මාසෙකට පාරක් මේ සිංදුවට comment එකක් දාගෙන යනවා...❤

  • @radinreanula
    @radinreanula 3 года назад +135

    තමන් පතන ආදරය ලගා කරගන්න බැරුව කී දෙනෙක් හිතින් දුක් විදිනවද 🥺🥺🥺

  • @movidulithmin
    @movidulithmin 2 года назад +118

    ස්ටේටස් එකක් දැකලා අද තමා මුලින් බැලුවෙ....ඇත්තටම මෙව්වා තමා ඉදිරියටම එන්න ඕනෙ නිර්මාණ 💞

  • @tyasasri9997
    @tyasasri9997 4 года назад +1002

    Always love Sri Lanka songs, love from Indonesia😊

  • @Shehan-v6n
    @Shehan-v6n Год назад +41

    මෙහෙම මතකයක් තියෙන කෙනෙක් එක්ක කසාදයක් ඇතුළෙ මම ඉන්නෙ, නිතරම කියනවා මම ඇත්තටම ආදරේ කරපු කෙනාව මට ලැබුනෙ නැහැ, මම ඇත්තටම ආදරේ උඹට නෙමෙයි වගේ කතා.මම කියන්නෙ ඔයාලගෙ හිතේ මෙහෙම දේවල් වැළලිලා තියෙනවා නම් කවදාවත් අළුත් බැඳීම් ඇති කරගන්න එපා. ලොකු පාපයක්. ඒ මතකයත් එක්ක තනියම ඉන්න තව කෙනෙක් ට ඔයා නිසා ඔයාට ඇති වුණු දුක දෙන්නෙපා.

    • @isumvidmalranasinghe5731
      @isumvidmalranasinghe5731 Год назад +1

      EHEMA NM ADARE KARAPU KENA EKKAMA YANNA KIANNA THIENNE DN INA KENA EKKA INA BARI NM

    • @Theampot
      @Theampot Год назад +1

      ඒක වෙනස් කරන්න පුළුවන් වේවි ඔයාට අනිවාර්යයෙන්ම.. ❤

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 4 месяца назад

      ඔයා එයාට ආදරෙයිද

  • @sneshahettiarachchi3243
    @sneshahettiarachchi3243 2 года назад +89

    ගොඩක් කාලෙකට පස්සෙ මම "කවිය" හොයාගෙන ආවා♥️
    “ඉතින් එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි.."🥀
    ඒක එදා වගේම අදත් ලස්සනයි❤️‍🩹

  • @nikeshara0826
    @nikeshara0826 3 года назад +106

    ජිවිතේ කොච්චර අය මුණ ගැහුනත් අපිට ගිලිහෙන්න බැරි අතාරින්න බැරි බැදීමක් ඇත්තටම ජිවිතේට එක පාරයි මුණ ගැහෙන්නේ... පළවෙනියට නොවුනත් ඒ ජීවිතේට එන කෙනා අපේ ජිවිතේ අන්තිම ආදරේ වෙන්නෙ ආයේ අයෙත් ප්‍රේමය තවත් කෙනෙක් වෙනුවෙන් දළුලන්නේ නැති හින්ද කියලයි මට‍ නම් හිතෙන්නේ...ජිවිතේ ලැබීම නොලැබීම කොහොම උනත් ඒ බැදීම අතැරලා ජිවත් වෙන්න උනත් සමහරු ජිවිතේ ඉතුරු කාලේ ගෙවන්නෙම ඒ තමුන්ට දැනුන කෙනා වෙනුවෙන් විතරමයි.. 😔

  • @umeshsandez5029
    @umeshsandez5029 2 года назад +201

    මිනිස්සු අසරණ කරන මේ වගේ සිංදු හදන්න එපා අහන අහන සැරයක් ගානෙ කඳුලු පිරෙන තරමට හරිම සංවේදී සිංදුවක් මේක.මතක ගොන්නක් විනාඩි කීපයකින් ඇස් ඉස්සරහටම ගේනව
    Nice work brother keep it up ❤️

  • @prasanthakarunarathna67
    @prasanthakarunarathna67 Год назад +22

    ගීතය ඉවර නොවන්නට මේ වේදනාව අහවර වන්නනට තිබුණේය.........
    ඉතින් මං උබත් එක්ක තරහය ,,උබට තිබ්බා මා තෙරුම් ගෙන මේ ගීය ඉවර නොකරන්නට....
    ඉදින් එබැවින් නවතිමි...
    හදින් පිටමං නොකරමි.........❤

  • @maheshsududewa4687
    @maheshsududewa4687 3 года назад +63

    මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ අද. මෙච්චර කාලයක් කොහොම මග හැරුනද මනදා. අහම්බෙන් හරි මේ සින්දුව හම්බවුන එක ලොකු දෙයක්. Voice , lyric මාරම ලස්සනයි . ඒත් මම වැඩිපුරම ආස melody එකට. තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවා

  • @kasunchandima93
    @kasunchandima93 2 года назад +730

    සිංදුව ආපු මුල් කාලෙ ඉදන් අහන්නේ.. හැබැයී ජීවිතයටම අදාල වෙයී කියල හිතුවෙ නෑ.. 🖤🖤

  • @akarsharanhaluge1923
    @akarsharanhaluge1923 2 года назад +30

    අහම්බෙන් ඇහුනේ කඩේකට කැම ගන්න ගිය වෙලේ “ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි” මේ ටික මතක තියන් ඇවිත් RUclips එකේ ගහලා බැලුවේ.i love this ❤️

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 месяца назад +3

    මේ දේ ගොඩක් අයට වෙන දෙයක් තමන්ට ආදරයක් තියන කාලයේදි ඔහු හෝ ඇය කරන ආදරය සොයා බැලීම ගැන අවධානයක් තැකීමක් කරන්නෙ නෑ. පීඩාවට පත්වන පාර්ශවය ඉවත් උනාම තමයි තමන් ඔහුට හෝ ඇයට කෙතරම් ආදරයක් තියේද කියලා තේරෙන්න ගන්නේ. ඒකයි හැමෝම වැඩියෙන්ම දැනුන ආදරේ මොකක්ද අහද්දි කලින් පෙම්වතා හෝ පෙම්වතිය කියල කියන්නේ. අහිමි වෙනකොට දැනෙන වේදනාව හිමිවෙලා තියෙද්දි දැනෙන සතුටට වඩා වැඩි...

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 2 года назад +36

    අතීතේ අපිට හමුවෙච්ච සමහර සොදුරු හමුවීම් තියෙනවා.අපි කොච්චර අමතක කරන්න හැදුවත් ඒ දේවල් අපිට කවදහරි දවසක ජීවිතේ මරණයෙන් කෙළවර වෙනකන්ම අමතක කරන්න බැරි තරමටම ඒ දේවල් අපේ හදවතට කිදා බැහැලා ඉවරයි.සමහර අහඹු හමුවීම් කොහොමත් එහෙම තමයි.😢💔

  • @kushannawarathna6897
    @kushannawarathna6897 3 года назад +676

    මේව සිංදු නෙමේ මචන් අධිමාත්‍රා මත්පෙති ❤️❤️
    මේක අහපු හැම එකාටම තමන්ගෙ අතීතෙ අනිවාර්යයෙන් මතක් වෙනව 😓😓😓

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 3 года назад +7

      ANIWA BN MATA MAGE KATHAWA MATHAK UNA VIDEO ONEMA NA WACHANA ATHI RUPA MAWANNA

    • @lavandesilva7757
      @lavandesilva7757 3 года назад +8

      අනේ මන්ද මාර දුකක් ඇති උනේ මට 17යි මම වයසට ගිහින් ආයෙත් මාර දුකක් එක්ක ආව වගේ...😓💖👑

    • @niwanamarna2947
      @niwanamarna2947 3 года назад +2

      Ane aththamai

    • @nipunfernando4300
      @nipunfernando4300 3 года назад +4

      Ohoma athithayak na machan mathak wenna 🙂

    • @Mastermusicband
      @Mastermusicband 3 года назад +1

      Mmm 🥺❤

  • @tharushisavidya9961
    @tharushisavidya9961 2 года назад +55

    විශුවල් එක පේන්නේ නැති තරමටම ඒ වොයිස් එකට , ඒ පද වැල් වලට මත් වෙනවා🥺❤️
    ඉතිම් එබැවින් නවතීමී....
    හදීන් පිටමන් නොකරමී....❤️

  • @upamalikamali6736
    @upamalikamali6736 Год назад +2

    අවුරුදු 4 කට පස්සේ අද තමයි හරියටම මං මේ සිංදුව බැලුවේ . මීට කලින් මේ සිංදුව අහලා තිබ්බට වෙන ගායිකයෙක්ගේ කියලා හිතන් හිටියේ.මට ඔයාව අඳුරගන්න බැරි වුනානේ මල්ලි... ඇත්තටම හරිම ලස්සනයි ඒක ඔයාට සුභ පතනවා මල්ලියෝ මුළු හදවතින්ම ❤

  • @diwankafernando2732
    @diwankafernando2732 3 года назад +107

    ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක
    රකිමි, එනමුදු නො ලියමි;
    දරා විදගමි
    දැවී මිය යමි
    ලියා පිටමං නො කරමී.
    .
    .
    සෞම්‍ය සදරුවන් ලියනගේ

  • @thanujikarunarathne6691
    @thanujikarunarathne6691 2 года назад +323

    අතීතයෙ මතක වෙත රැගෙනයන
    "කවිය"❤
    හදවතේ රිදෙන තැන් පිරිමදින
    "කවිය" ❤
    හමුවීම වෙන්වීම කියාදුන්
    "කවිය"❤
    ජීවිතේ මුණගැසුණු සුන්දරම
    "කවිය"❤
    ~ ❤මේ ඔබටත් මටත් දැනුණු, රිදුනු, රිදෙන, රිදවන ආදරණීය "කවිය"❤ ~

  • @dulminisewwandi1477
    @dulminisewwandi1477 2 года назад +93

    ආදරේ නොකරපු අයටත් කදුලක් ගේන පරණ සිද්දී මතක් කරන ආදරනීය ගීතය ...කවියම විය.💖

  • @EsmiEsmi-o5g
    @EsmiEsmi-o5g 18 дней назад +2

    අවුරුදු ගානක් ගියත් තාමත් හිතේ උඩින්ම ඇහුන හමන් ඇස් වලට කදුලු පුරවන්න පුලුවන් සිංදුවක් ❤️

  • @comeseethefascinatingandbe7296
    @comeseethefascinatingandbe7296 3 года назад +14

    Tik tok එකෙ දැකලා හොයාගෙනම ආවෙ බලන්න
    මට හිතා ගන්න බැරි මෙච්චර ලස්සන සින්දු මොකද හැන්ගිලා තියෙන්නෙ කියලා
    කියන්න වචන නෑ මාරම ලස්සනයි

  • @divyanjalrandunu3948
    @divyanjalrandunu3948 2 года назад +276

    තරහා වෙලා අවුරුදු තුනක් වෙලත් මගේ හිතේ තිබ්බා💔..නමුත් අදහාගන්න බැරි විදියට ආරංචි උනා එයාගෙ හිතෙත් තාම මං විතරයි ඉන්නෙ කියලා♥️...අවුරුදු තුනක් වෙලත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති නොකරගෙන මං ගැනම හිතෙ තියන් හිටියා කිව්වාම...එයා තරම් කෙනෙක් නැහ් මට තවත්😔

    • @shee_n_a6481
      @shee_n_a6481 2 года назад +23

      ඔයා වාසනාවන්තයි 🥺❤️

    • @divyanjalrandunu3948
      @divyanjalrandunu3948 2 года назад +5

      @@shee_n_a6481 thank you🙏

    • @RushDeZil
      @RushDeZil 2 года назад +10

      Eya gaawata yanna

    • @nimesh_lakshan
      @nimesh_lakshan Год назад +17

      මාත් උබ වගේම තමා අවුරුදු තුනකට ලන් වෙලා තරහ වෙලා, එයටත් තාම කෙනෙක් නෑ හැබැයි එයාගෙ හිතේ මොකක්ද තියෙන්නේ කියලා දන්නෙ නෑ.මාත් තාම එයාට ආදරෙයි🥺❤️

    • @navodijayasinghe
      @navodijayasinghe Год назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @anuwa3564
    @anuwa3564 4 года назад +77

    අද වෙනකම් මේක කොහොම මගහැරුනද දන්නෙ නෑ....හරිම ලස්සනයි...ජයෙන් ජයම වේවා කලාකරුවාට !

    • @isharamelbourne
      @isharamelbourne 3 года назад +2

      ඒක තමයි අනුවා, මමත් අදයි ඇහුවේ

  • @nimeshagimhani3589
    @nimeshagimhani3589 Год назад +10

    කවිය ❤
    මමත් හිතන විදිහට ප්‍රේමය දැනෙන්නෙ අපිට එක්කෙනෙක්ට විතරයි.... අපිට ඒ දැනුන හැගීම අපෙන් ඈත් වෙලා ගියත් හදවතේ ගැබුරුම තැනේ තදින්ම වැදිලා තියෙනවා මටත් එහෙමයි මමත් ඒ හැගීම වෙනුවෙන් හුගක් දුක් දරාගත්තා මන් හිතන විදිහට ඒ වේදනාවට කවිය මට ලොකු සහනහක් දුන්නා මම හැමදාම කවිය හොයාගෙන එනවා අදටත් මන් කවියෙන් මගේ හිතේ තියෙන වේදනාව පහ කරගනවා ඇත්තටම කවිය ඒ වචන ටික දැනෙනවා හදවතට. ප්‍රේමය කොයි තරම් සුන්දරව විස්තර කරත් සමහර සිංදු වලින් විරහවද හරි ලස්සනට දනවනවා හදවතට මේ කවිය
    මට දැනුන දේවල් එක්ක ප්‍රේමනීය මිනිස්සු යලි හමුවෙන්න ඕනේ ඒත් කිසි දිනෙක වෙන් වෙන්න ප්‍රේමනීය මිනිස්සු මුන නොගැසිය යුතුයි
    වෙලාවකට මේක දරාගන්න අමාරු දෙයක් හිතේ ආදරේ පුරවන් හිමි නොවන කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක, එන්නේ නෑ කියලා දැන දැන බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙනවා.....
    කවිය ❤
    හරිම ආදරෙයි වචන ටිකට....

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 3 года назад +30

    ඒක නම් භාවනාවක්. මග‌ේ කතාවම ලියවී තිබුනි
    ඉතින් එබැවින් නැවතුනි
    හදින් පිිිටමන් න‌ොකල‌ෙමි

  • @nethmisandamini30
    @nethmisandamini30 3 года назад +175

    හදින් පිටමං කරන්න බැරි අදර කාතා කොච්චර ඇතිද? ❤️❤️

  • @de_vindi
    @de_vindi 3 года назад +158

    ට්‍රෙන්ඩින් එන්නෙ මේව ද ?
    මිනිස්සුන්ගෙ වින්දනය දුප්පත් වෙලා 😪 කොච්චර ලස්සනද මේ සින්දු 💟 Amazing ❤️

  • @SASINI549
    @SASINI549 2 месяца назад +1

    මේ සින්දුව කොච්චර පරණ වුණත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම විදිහට හදවතට දැනෙන ලස්සන කතාවක් ගෙතුන ගිතයක් ඒවගේම ලස්සන හඩක් 💓💓💓
    බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....
    නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි....
    තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි
    සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි…..
    ඉතින් එබැවින් නවතිමි….
    හදින් පිටමන් නොකරමි…..
    නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්...
    පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්....
    සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති...
    ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි....
    ඉතින් එබැවින් නවතිමි….
    හදින් පිටමන් නොකරමි…..
    SO BEAUTIFUL VISUAL , LYRICS & YOUR WONDERFUL VOICE . SUPERB & CONGRATULATIONS & BEST WISHES. VIDULA RAVISHARA SAUMYA SANDARUWAN LIYANAGE BROTHERS
    ❤️❤️❤️❤️❤️😘💞💯💓🔥💗❄️

  • @shyamaleesamarakoon566
    @shyamaleesamarakoon566 5 лет назад +56

    නියමයී කියන්න වචන නෑ.. විරහව කියන්න පුලුවන් උපරිම සංයමයකින් සහ අර්තවත්ව කියනවා. අඩනවා වෙනුවට විරහවෙ ඇති ආදරේ ලස්සනට කියනව.. මේවා තමා එන්නම ඕනි සින්දූ.. ජයම වේවා 👌👌👌😇❤️❤️❤️

  • @ajithlakshman9818
    @ajithlakshman9818 4 года назад +12

    තම කවිය ලිවීමට මහන්සි වෙන පුද්ගලයාහට නිරාආයාසයෙන් තම කවියට තනුව දෙන අය,කවිය තුල ජීවත් වීමේදි අමතක වෙයි ඒත් කවිය ලියලා ඉවර උනාම මතක් වෙනවා ඒ කවිය ගායන කරන්න තනුව ඔනේ කියලා
    ඒත් ඒ මොහොතෙහි තනුව නැත් නම්
    කලකිරීම
    දුක
    යන මේ දේවල් නුබේ කවිය පුරාවටම තනුව වී ඔබ සමග පැමිණියි ❤️

  • @tharurajakaruna611
    @tharurajakaruna611 4 года назад +25

    ජීවිතේ දිහා ආයිත් හැරිලා බලනකොට අපි හැමෝටම මොකක්ම හරි පුංචි දෙයක් තියෙනවා කියලා හිතුනොත් සතුටුවෙන්න අන්න එදාට අපි ජීවිතේ දිනලා ඒත් ඒ බොහොම සුලු පිරිසක් විතරයි. මොකද අපි බහුතරයකට ජීවිතේ හොදම කාලේ හොඳම තැන් මගඇරිලා

  • @User_55-l9e
    @User_55-l9e 9 месяцев назад +5

    මේක අවුරුදු පහකට කලින් අප්ඩේට් කරපු සිංදුවක් වුනාට තාමත් මාර ජනප්‍රියයි ❤

  • @akilaimashi
    @akilaimashi 3 года назад +46

    කතාවෙ කියන මේආදරයත් හරියට නිවුනු තේ එක වගේ
    ♥️
    දකින්නෙ රස බලන්න බැරි උණ මොහොතේ
    ආදරයෙ අඩුව දැනෙන්නෙ ඒ දේ ඈත් උනාට පස්සෙ 💔

    • @damitharathnayaka8775
      @damitharathnayaka8775 3 года назад +1

      මට හිතුනු දේම ඔයාටත් හිතිලා.මං ඒක ලියන්න එනකොට ඔයා ඒක ලියලා. ❤

  • @sudeshjanith9568
    @sudeshjanith9568 2 года назад +32

    මේ සින්දුව මුලින්ම ඇහුවේ මගේ ex ගෙන්.... ඇය කොහේ සිටිනවද දන් නෑ.... හැබැයි මගේ ජිවිතේ ලස්සනම කවියක් වෙලා හදේ රිදුමන් දිදි 💕

  • @San_da_nie
    @San_da_nie 3 года назад +46

    සින්දුවක් නෙවෙයි මේක නම් භාවනාවක් ❤️ තවත් මේ වගෙ මනෝ ලෝකෙක තනි විය හැකි සින්දු බිහි වේවායි ප්‍රාර්ථනා කරමි ❤️

  • @mashi202
    @mashi202 Год назад +2

    මම මේ සින්දුව අහන්නෙ මේ සින්දුව ආව දවසේ ඉදන්. ඒත් කවදාවත් හිතුවෙ නෑ මේක මගේ ජීවිත කතාව වෙයි කියල. මේක ටයිප් කරද්දීත් මට ඇඩෙනව. ඒත් කොහොමහරි දරාගන්න වෙනව මට. ඒ නිසා නවතින්නම් මං මෙතනින්. ඒත් මේ මගේ කතාවේ අවසානේ නෙමේ. හදවතේ ඉදීවි හැමදාටම❤

  • @Akafdo88
    @Akafdo88 2 года назад +48

    කාටවත් හිමි වෙන්නෙ නැත්නම් එ අයව මුන ගස්න්න එපා 💥😪✌️
    (සින්දුව පට්ට)❤️🎇

    • @thiwankadananjaya3393
      @thiwankadananjaya3393 11 месяцев назад

      කාටවත් නෙමෙයි කවදාවත් 😢😢😢😢😢😢😢😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @nipunmewan7436
    @nipunmewan7436 2 года назад +34

    හැමෝටම තමන් පතන ආදරෙ ලැබෙන්න ඕනී .ආදරේට අවංක වෙන්න 🥺 අවංක හිත් වලට කවදාවත් දුකක් දෙන්න එපා 🥺😣

  • @SoundClub4805
    @SoundClub4805 2 года назад +87

    මාරම ලස්සනයි🥺❤️
    අවුරුදු 3ක් ගිහින් අද තමා අහම්බෙන් අහන්න ලැබුනෙ❤️

    • @slblackboy3696
      @slblackboy3696 2 года назад +1

      මත් අද අහන්නෙ. බස් එකේ යද්දි මේක ඇහුනෙ ❤️

  • @nipudsayurangana345
    @nipudsayurangana345 10 месяцев назад +78

    2024 කස්ටිය කෝ 💆❤️‍🔥

  • @achiniumeshi3583
    @achiniumeshi3583 2 года назад +94

    දෛවය ඔබ කෙතරම් කුරිරුද හිමි නොවන ඔහු මට මුන ගැස්වීමට තරම්... අහිමිවීම කොතරම් වේදනාකාරී ද..😔❤️ අතීතයට යන්න තරම් මේ නිර්මාණය හැගුම්බරයි.🙏❤️

  • @KaushiChathu_1994
    @KaushiChathu_1994 4 года назад +28

    මo RUclips එකේ මෙහෙම සිoදුවකට comment එකක් දාන first time කිව්වොත් මo නිවැරැදියි.. මට හිතුනා මේකට අනිවාර්යයෙන්ම comment එකක් දාන්න ඕනිමයි කියලා, මොකද මේ සිoදුව මට ඒ තරමටම දැනුන සිoදුවක් වුන නිසා....
    ගොඩාක්ම ගොඩාක් ලස්සනයි මේ සිoදුව.. අහම්බෙන් තමයි දැක්කෙ මo.. මම සතුටු වෙනවා මේ ලස්සන සිoදුව බලන්න මට හිතුන එක ගැන.. වචන වල නම් පුදුම ලස්සනක් තියෙන්නේ... ඒ වගේම melody එකයි, voice එකයිත් ඒ ලස්සන වචන එක්ක එකතු වුනාම මේ සිoදුවේ කියන්න වරදක් නැති තරම්....
    මේ වගේ තවත් ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න කියලා ඔයාට හදවතින්ම wish කරනවා... 😊😊❤️❤️❤️
    ඉතින් එබැවින් නවතිමි...
    හදින් පිටමන් නොකරමි... 🧡💚💛

  • @DJ-zg9ji
    @DJ-zg9ji 3 года назад +113

    සියල්ල ප්‍රතිභා පූර්ණයි..අතිශය සාර්ථක නිර්මාණයක් .

  • @prageethrukshan8994
    @prageethrukshan8994 10 месяцев назад +1

    ඉතින් එබැවින් නවතිමි ... හදින් පිටමං නොකරමි ... බොහොම ලස්සන යෙදුමක්, අතිශය දරුණු දරාගැනීමක් ... Lyrics, Melody and Music superbly mixed ...

  • @cartoonworld-gu3sd
    @cartoonworld-gu3sd 2 года назад +53

    අවුරැදු 3කට පස්සේ සෙට් වුනේ අනේ මන්දා ඒ ඇස් දෙක, ඒ හිනාව, ඒ මූණ
    I love you Kavee...🙂❤

  • @venurikarunadasa7697
    @venurikarunadasa7697 2 года назад +35

    ඇත්තටම සංගීතය මෙච්චර හදවතේ ගැඹුරට ගිහිල්ලා මනෝභාවයන් ඉස්මතු කරනවා කියන එකට හොඳම උදාහරණයක් තමා කවිය. ඇත්තටම මේ ගීතයේ ගැඹුරු අර්ථය ඉස්මතු කරන සංගීතය, හදවතට කතා කරන ගායනය, සංකේතවලින් ඒ හැඟීම සමීප කරන music video එක, කියන්න වචන නෑ. ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ ගැන සංවේදීව හදවතට සමීප කරවනවා. "කවිය" ගීතයේ සියලුම දෙනාට ජයම පමණක් ලැබේවා!!!

  • @kavishkaisurada6200
    @kavishkaisurada6200 5 лет назад +51

    හරියට කෙටි චිත්‍රපටියක් වගේ....සිංදුවයි, රූප රචනයයි දෙකම එකම විදියට රස විදින්න පුලුවන් නිර්මාණ හරි අඩුයි....මෙවන් නිර්මාණ තමා අවශ්‍ය ....සුභ පැතුම් .....💪👍

  • @AngelFernando-rd5pf
    @AngelFernando-rd5pf 3 месяца назад +2

    සම්මත වුවත් අසම්මත වුවත් ආදරයෙන් බැදුනු සියලු හදවත් එකතුවේවා ❤❤❤❤❤🥹🥹 (සින්දුවනම් මාරම ලස්සනයි )❤❤❤❤❤❤❤❤❤

  • @Yamudagamanak
    @Yamudagamanak 2 года назад +11

    එයා තමයි මට අද මේ සිංදුව එව්වේ. අද මගේ උපන්දිනේ. මමයි එයාව අත ඇරියේ, වෙන විකල්පයක් නැති නිසා... සියදහස් වතාවක් මැරි මැරි ඉපදෙනවා... 😞 හැබැයි තාමත් ඒ මතකයන් මට පණ දෙනවා.

  • @amalidineshika3848
    @amalidineshika3848 2 года назад +12

    ආදරණීයන් වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්න එපා සමහර විට ඔයාගෙ එක වෙනස් වීමක් එයාට ගොඩක් ලොකු දෙයක් වේවි ... නැවත හැරිලා බලනකොට ඔයා ගොඩක් පහුවෙලා වෙන්න පුලුවන් ... එතකොට ඔයා හිටියත් නැතත් එයා තනියම ඉන්න පුරුදු වෙලා ....
    " ඉතින් එබැවින් නවතීමි ... හදින් පිටමන් නොකරමී .... "
    හදින් පිටමන් කරන්න බැරි ආදර කතාවක් අපි හැමෝටම තියනවා ඇති. හිමි නොවුණත් හදවතෙ නොමැකෙන තැනක ඔයා තාමත් ඉන්නවා .... 🖤🥀

  • @peneeshadewmini1217
    @peneeshadewmini1217 2 года назад +29

    කියාගන්න බැරි තරම් දුකක් තනිකමක් දැනෙනවා...
    අහිමි වෙන බව දැන දැන ආදරේ කරන එක තරම් දුකක් තවත් නෑ...කවදාවත් කාටවත් තමන්ගේ ආදරේ අහිමි නොවේවා..❤🙏
    කවදාවත් හිමි නොවුනත් හැමදාම ඒ මතක තියේවි ...

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 года назад +1

      🥺🥺🥺 හිමි වේවා.....අහිමි නොවේවා......❤️❤️

  • @HH_Gallery
    @HH_Gallery Месяц назад +1

    අමාවක හස නිසයි හෙව්වේ මේක... හරිම ආදරනීයම සිංදුවක්.... හිතේ හැම සියුම් නහරකටම කා වදින වචන ටිකක්.... හිත පාරවන සංගීතයක්....
    දෙයියනේ සිංදුවකට මේ තරම් රිද්දන්න පුලුවන්ද....😢

  • @poshithathurupathi7913
    @poshithathurupathi7913 2 года назад +14

    සමහර බැදීම් අතහරින්න වෙනවා ජීවත් වෙන්න නම්.ඒත් හිත තුල ඉපදුන ප්‍රේමය එලෙසමයි මියැදෙනතෙක්. කොහේ හෝ තැනක ඔබ සතුටින් නම් මමත් සතුටින් ඔබ කෙරෙහි ඇති ප්‍රේමය නිසාම ❤️ ඉතින් එබැවින් නවතීමී.හදින් පිටමන් නොකර ඉමි. ❤️

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 2 года назад +37

    මට පණ වගේ ආදරේ කරපු කෙල්ල මං මගේම මොඩ කමට අතහැරියා.. මේක අහද්දි එයාවම මතක් වෙන්නේ. අපහු හැරෙන්න පුලුවන් නම් ආසයි ළඟට එන්න. තාමත් හිතෙන් හූල්ල හුල්ල ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා.වචනයක් හරි ආයේ කතා කරන්න තිබ්බ නම් 😥ඉන්න තැනක හොඳින් ඉන්න C A ( chutiyo) ❤

    • @thilinar7280
      @thilinar7280 2 года назад +2

      math ehma thama😢😢

    • @vimukthigamage5160
      @vimukthigamage5160 2 года назад +5

      මටත් ඔය දේම උනා මචං මේ ගෙවෙන තප්පරයෙත් මන් ඒ වේදනාව විදිනවා ආය කවදාවත් එන් නෑ කියල දැන දැනත් මං බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාව.

  • @nethmianuhasni6723
    @nethmianuhasni6723 Год назад +25

    මට තාමත් හිතාගන්න බෑ ඇයි මම මේ සින්දුවට මෙච්චර ආදරේ කියලා ...අවුරුදු හතරක් තිස්සෙ අහනවා...❤කිසිම හේතුවක් නැතිවම ඇස්වල කදුලු.. ඒ ඇයි.. .මුලින්ම මේ සින්දුව අහද්දී ඒ දැනුන හැගීම අදටත් ඒ විදියටම දැනෙනවා..🥺❤

  • @goodniganga7137
    @goodniganga7137 7 месяцев назад +2

    ආදරෙ කියන්නෙ හරි අමුතු හැගීමක් එ හැගීම හැමෝටම තමන් හිටන කෙනාම තමන්ට උරුම නැති වෙන්න පුළුවන් එහෙත් යම් දවසක ඒ ආදරෙ තමන්ගෙ හැගීම් වලින් දුරස් වෙනව බලන්න උනොත් අපි මොක්ධ කරන්නෙ එක ප්‍රශ්න යක් එ නිස යලිත් නිහඩවන මෙ ලොකෙ උරුම උනු ආදරයක් ලබන්න හැමෝටම පින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව❤

  • @vikkacoc5796
    @vikkacoc5796 2 года назад +19

    මේ සින්දුව අහනකොට මාරම අසරණකමක් දැනෙනවා. ඇස්වලට කඳුළු එන්නෙ දන්නෙම නැතුව. ❤😢 ගිලුනු මතක ඔක්කොම ආයෙත් මතු වෙනවා ❤️

  • @shena704
    @shena704 2 года назад +43

    සමහරවිට මේ සින්දුවෙන් අපිට අතීතයේ රිදුම් විතරක් නෙවෙයි පෙර අත්මයේ රිදුම් පවා හදවතට රිද්දනවා. ඒකයි ආදරෙන් පැරදිලා නැති ආදරේ විදින හිත් වලට මේ සින්දුව අහපුහාම වේදනවාක් දැනෙන්නේ කියා ගන්න බැරි තරමටම සියදහස්පාරක් මේ සින්දුව ඇහුවා ඒත් මට හිතුන දේ මට කියන්න ඕනේ උනා.එක ආත්මයක අපි ප්‍රේමය විදලා ඒ ප්‍රේමය විදවන්න ඇති. ඒක මුලු ආත්මයෙන්ම හදවතේ තැම්පත් කර ගන්න ඇති ❤️

  • @alone_with_you3244
    @alone_with_you3244 2 года назад +162

    එයා මගෙ වෙන්නෙත් නෑ.මන් එයාගෙ වෙන්නෙත් නෑ.කවිරුත් දන්නෙත් නෑ කොටින්ම එයාවත් දන්නෙ නෑ මන් එයාට කැමතියි කියලා.පැලෙන්න ආදරෙයි ❤️🔥
    "නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදිමක් දිදී"
    අපේ කවිය ලියවෙන්නෑ 😞❤️

    • @saramixxx5178
      @saramixxx5178 2 года назад +9

      මටත් ඒ වගේ මතකයක් තියෙනවා. මතක් වෙන කොට දිවිය ලොකෙට ගියා වගේ❤️

    • @Mathiya1
      @Mathiya1 Год назад +2

      One side love🥺❤️‍🩹

    • @devangisadeera4425
      @devangisadeera4425 Год назад +1

      ❤🥺මටත් එහෙම ආදරයක් තියෙනවා

    • @sahanrashmika3496
      @sahanrashmika3496 Год назад +1

      එකගායි❤️❤️

    • @tharushisampaya
      @tharushisampaya 10 месяцев назад

  • @kavindurangana6713
    @kavindurangana6713 Год назад +4

    ඒ. මතකන්
    ඒ. ආදරයත්
    ඒ.ඇස් දෙකත්💎
    අදටත් හෙටටත් හැමදාටමත්
    හදින් පිටමන් නොකරමී...😔😔❤️

  • @danvithana95
    @danvithana95 5 лет назад +275

    ඉස්කෝලේ එක පන්තියේ ඉගෙනගත්ත එකෙක් මෙහෙම මට්‍ටමක ඉන්නවා දැක්කම ඇත්තටම පට්ටම සතුටුයි. Best of luck විදුලයා ❤️❤️ (මිථුන් - දර්ශන සර්ට අනුව 😂)

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 5 лет назад +15

      යාලුවො එක්ක බෑනෙ බෑනෙ මෙක කරන්න 😂😂😂

    • @sanayahsl6538
      @sanayahsl6538 4 года назад +12

      Royal college ColomBo😍

    • @lavandesilva7757
      @lavandesilva7757 3 года назад +11

      ගම කන යාලුවෙක් හැමතැනම ඉන්නවා...😂💕

  • @callmecutie6912
    @callmecutie6912 3 года назад +72

    ඉතින් එබැවින් නවතිමි....♡ 2021 ත් අහනවා 2022 ත් අහනවා

  • @dianaperera4362
    @dianaperera4362 3 года назад +16

    ඉතිං එබැවින් නවතිමි
    හදින් පිටමන් නොකරමි...විශිෂ්ඨ නිර්මාණයක්🌼😊

  • @SOULROCKER1K
    @SOULROCKER1K Год назад +2

    Release කරල අවුරුදු 4කට පස්සෙ තමයි මෙහෙම ලස්සන සිංදුවක් තියනවා කියල දන්නෙත්... visual එකත් ගොඩක් ලස්සනයි...😥😥😥