Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැම පිරිමියෙක්ම ආසයි තමන් ආදරේ කරන ගැහැනු හිත ළග වීරයෙක් වෙන්න.ඒත් ඒ හිතේ තමන් වෙනුවට ඉන්නෙ වෙන වීරයෙක් කියල දැනුනොත් ඔබ මොකද කරන්නෙ?ගෑනු හිත් ළග වීරයො වෙන්න ඕනෙ හින්දම නොහඩා දරාගෙන ඉන්න පිරිමි කී දෙනෙක් මේ ලෝකෙ ඇද්ද?හැම ගෑනු හිතක්ම ආසයි ආදරේ කරන පිරිමියා වීරයෙක් වෙනවට.ඒත් ඉතිහාසෙ ඉදලම ගෑනු වැඩිපුර ආදරේ කරේ ප්‍රතිවීරයන්ට.ඉතින් මං ඔබෙන් මෙහෙම අහන්නම්.අපි ආදරේ වෙන්න ඕනෙ අපිට ආදරේ මිනිස්සුන්ටද?අපි ආදරේ කරන මිනිස්සුන්ටද?අපි ආදරේ මිනිස්සු ඇත්තටම අපිට ආදරෙයිද?අපිට ආදරේ මිනිස්සුන්ට අපි ඇත්තටම ආදරෙයිද?අභී!
Wenamama lokayak❤
❤ Speechless 😢
හරි නම් ආදරේ කරන්න ඕන අපිට ආදරේ මිනිස්සුන්ට . ඒත් අපි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන කෙනාට. ඒකයි ආදරේ නිසා මිනිස්සු විදවන්නෙ. ඒත් අභී මට තියන ප්‍රශ්නේ ඇත්තටම අපිට ආදරේ කරන මිනිස්සු ඉන්නවද?
❤❤❤🎉
අපිට ආදරේ කරන අයට අපි ලං වෙන්න ඕනි... ඒත් අපිට මගහැරෙන්නෙම අපිට ආදරේ කරන මිනිස්සු එයාලාගේ ආදරේ අපි දකින්නේ වදයක් වගේ.. ඒත් දවස එහෙම ආදරයක් නැති උන තැන තේරෙනවා.. එතන කොච්චර සැනසීමක් ආදරයක් තිබ්බද කියලා... එම තේරෙනකොට සමහර විට අපි පරක්කු වැඩි ඇති.... ගෑණු ළමයි හැමදාම හෙව්වේ ආදරේ... අපි හැමදාම හිතුවේ අපි ආදරේ අය අපිව පරිස්සම් කරයි කියලා ඒත් එහෙම නොවෙන්නත් පුලුවන් නේද අභී..🥺
මේ සින්දුව ඇත්තටම මට දැනුනේ තේරුනේ මෙහෙමයි. මේ දෙන්නා එයාලගේ මධුසමයට යන්නේ මේ. ඒත් සාමන්‍යයෙන් අපි දන්න දකින ආදරවන්තයන්ගේ තියන සතුට එයාලගෙන් පේන්න නෑ. විශේෂයෙන්ම ගැහැනු ලමයගේ. ඇත්තටම ඒකට හේතුව විදිහට දැනෙන්නෙ එයා මේ බැඳලා තියෙන්නේ එයා ඇත්තටම ආදරේ කරපු කෙනා නෙවේ. ඉතින් හිත වෙන තැනක තියෙද්දි ගත තව කෙනෙක්ට දෙන්න වෙන වේදනාව ගැහැනු ලමයගෙන් පේනවා.පලවෙනි කොටසෙදි අහනවනේ කප්පරක් ආදරේ දුන්නත් දැනුන් නෑ නේද කියල ඒ කියන්නේ කොච්චර ආදරේ කලත් ඔයාට මාව දැනෙන් නෑ නේද අහනවා. ඒවගේ හිරි වැටුනු ඕලු මල් පිබිදෙන්නේ කවද්ද අහනවා. මට ඇත්තටම මෙතන තේරෙන්නේ ගෑනු ලමයගේ ශරීරය ඇත්තටම පිරිමි ලමයා වෙනුවෙන් ලැබෙන්නේ කවද්ද වගේ හැඟීමක්. ඕලු මල් මට දැනුනේ ඇත්තටම ගැහැනු කෙනෙක්ගේ පපුවට කරපු උපමාවක් වගේ. හිරිවැටිලා තියනකොට අපිට කිසිම දෙයක් හරියට දැනෙන්නේ හැඟෙන්නේ නෑනේ. ඉතින් මේ හිරිවැටීම ගිහින් ඒ හැඟීම් කවද්ද හරියර දැනෙන්නේ, විඳින්නේ වගේ අදහසක් ඒකෙන් දැනෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්න දෙකක් අහනවා. අනිත් කෙනාව මට වඩා දැනෙන්නේ එයා දුන් හාදු නිසාද , ඒවගේම මට රිද්දන්න බැරි නිසා ආදරේ කියනවද කියලා. ඉතින් ඔය ප්‍රශ්න ටිකට ඇත්තටම හරි ලස්සන උත්තර ටිකක් ගෑනු ලමයගෙන් ලැබෙනවා. පෙම් කලා කිව්වාට පෙම් කලා වෙනවාද , ඇත්තටම අපි ඕන තරම් ආදරෙයි, අපි ආදරේ කරනවා කියන්න පුලුවන් , හැබැයි ඇත්තටම ආදරේ නොකරනවා වෙන්නත් පුලුවන්. තරු එළියේ පිපුනු මල් හඳ එලියෙන් මැරුනාද , සමහර මල් තියනවා ඒ මල් පිපෙන්නේ මද ආලෝකයට. ඒ මල් වල පැවැත්මට ඕනේ තරු එලිය වගේ අඳුරත් එක්ක ලැබෙන ආලෝකයක්. ඉතින් හඳ එලිය ලැබුනම ඒ මල් වලට මොකද වෙන්නේ. මැරෙනවද ?ඒවගේම අනිත් ප්‍රශ්නෙටත් උත්තරේ දෙනවා. කලින් කෙනා හාදු දුන්නේ හිතට කියලා කියනවා. ඇත්තටම අපිට අමතක කරන්න අමාරු අපේ හිතේ රැඳුන දේවල්. ඒකයි ඇයගේ මධුසමයදිත් මේ තරම් වේදනාවක් දැනෙන්නේ. අන්තිමට ඇය කියනවා ඇත්තටම වැඩිපුර රිදෙන්නේ කාගේ හිතද කියල දන්නවද කියලා. එතනින් නොකියා කියන්නේ හැමෝටම වඩා ඇය වේදනාවෙන් ඉන්නේ කියලා. දෙවනි කොටස මධුසමයෙන් පස්සේ දවසේ දෙන්නගේ හිතේ තියන ප්‍රශ්න ගැන යන සංවාදයක් විදිහට මට දැනෙන්නේ. පිරිමි කෙනා අහනවා මගේ හිතේ වගේ ඔයාගේ හිතෙත් මන් ඉඳිඳ.එහෙම නැත්තන් ඊයේ රෑ වගේ එයාගේ නමම කොඳුර කොඳුර ඉඳිද කියලා. ඇත්තටම අපේ ආදරේ හීනෙන් උනත් අපිව ස්පර්ෂ කරන්න පුලුවන් දෙයක්. ඉතින් මේ ගෑනු ලමයා කලින් දවසේ ඇත්තටම කලින් ආදරේ කරපු කෙනා ගැන හිනෙන් මුමුණලා තියනවා. ඒවගේම ඊයේ දෙතොල් වලින් තෙමුණ කෝලව ගත උන රැය ඇත්තටම එයාගේද කියලා මේ පිරිමි ලමයා අහනවා. ඇත්තටම එයා ඒක අහන්න හේතුව වෙන්න ඇත්තෙත් කලින් දවසේ රෑ ඇගෙන් මිමිණුන වචන වෙන්නැති. ඉතින් ඒ නිසා ඒ රැය සම්පූර්ණ තමන්ට හිමි උනත් ඒකේ අයිතිය ඇත්තටම එයාගේද කියන සැකය පිරිමි ලමයට එනවා. අන්තිමට අහනවා මගේ රූබර නිලියේ ආදරේ රැඟුමක්ද කියලා. ඉතින් මට හිතෙනවා ඔයා මාත් එක්ක මේ රංගනක්ද කරන්නේ ඔයාට ආදරේ රංගනයක් වගේද කියලා පිරිමි ලමයා අහ්නවා කියලා.මේ ටිකටත් හරි ලස්සන උත්තර ටිකක් ගැනු ලමයා දෙනවා. මගේ නමම ඔබේ නමට ලීවා තව මදි නේද, ඇත්තටම අපි අපේ නම තව කෙනෙක්ගෙ නමට සම්බන්ධ කරන්නේ කසාදෙදි. විශේෂයෙන්ම ගෑනු කෙනා පිරිමි කෙනාට. ඉතින් කසාද බැන්ඳත් තව මදිද වගේ අහ්නවා කියලා මට හිතෙනවා. ඊටපස්සේ පොඩි නෝක්කාඩුවක උත්තරයක් ගෑනු ලමය දෙනවා. ඇත්තටම අපි දකින හීන ගැන අපිට දිව්‍රන්න පුලුවන්ද අහනවා. ඒවගේම කියනවා ආදරේ කියලා මේ තරම් හේතු වලට උත්තර දෙන්න බෑ මොකද ආදරේ සිල්ලර දෙයක් නෙවේ කියලා. අන්තිමටම කියනවා රඟමඩල තාම තරුණයි යන්නම අවසරද කියලා. ඇත්තටම එයාගෙන් අහනවනේ කලින් රූබර නිලියේ ආදරේ රැඟුමක්ද කියලා. ඒකට මේ උත්තරේ දෙනවා කියලා මට හිතෙනවා. නිලියකගේ අවකාශය , එයාගේ ඉඩ තමයි රඟමඩල කියන්නේ. ඉතින් තාමත් මගේ ජීවිතේ හොඳම අවකාශය විවෘතයි යන්නද කියලා ඇය සැමියගෙන් අහනවා. ඇගේ ආදරය ලඟට යාමට කරන ඉල්ලිමක් විදිහටත් මට ඒක දැනෙනවා. ඉතින් ඔන්න ඔහොමයි අභිගේ ගීතයක් බවට හැරුනු සුන්දර කල්පනාව මට දැනුනේ ❤️
Lassanai oya thruma
මටත් දැනුනේ ඒ විදිහෙම තේරුමක් 🥺
@@HiruniHiruni-dz1xh ❤️
@@charinthisilva7915 ❤️
ලස්සන අර්ථ ගැන්වීමක්...❤️
ජීවිතකතාව තුළ මන් මුහුණ දුන් අදුරු සිදුවීමක් අභී, වේදනාත්මක වචන මාලාවක්, වේදනාත්මක රූප රාමුවක් සහ, වේදනාත්මක සන්ගීතයක් සමග එක් කොට සුන්දරව ඉදිරිපත් කළා. යල් පැන ගියපු එක අසුන්දර පැතිකඩක් මට ආයෙමත් පාරක් සිහි උනත්, ඇස් වලට අඩන්නට නොදී, හදවතින් යම් තාක් දුරට හඩමින් මම ගීතය වින්දා. ඔහු කලකට පෙර මගේ ජීවිතයේ පළවෙනි තැන ගත්තු, මගේ හුස්මටත් වඩා මන් ආදරය කරපු, මගේ ලෝකයේ වීරයා උනා. ජීවිතේ පළවෙනි වතාවට, තාත්තට පස්සෙ පිට පිරිමියෙක් පනටත් වඩා විස්වාස කරපු පළමුවන සහ අවසාන අවස්තාව එය උනා. මගේ ජීවිතයට සතුටුදායක හමුවීමක් වෙලා, දහස් වාරයක් හිතෙන් වැටෙමින්, කදුලු උල්පත් වල ආරම්භය සනිටුහන් කරමින්, නික්ම ගිය ඔහු අදටත් මට මුනගැසුනු සොදුරු මිනිසෙක් ලෙසට පමණක් මම දකිනවා.ඔහුගේ නික්ම යාම මාව අගාදයකට ඇද දැමුවා. තුන්වතාවක් ජීවිතය විනාස කරගැනීමට මම උත්සාහ කළා. නොකා නොබී ගතකරපු දින ගනන මටවත් මතක නැහැ. දිග පතරන්ක ප්‍රමානයෙන් ටයිප් කර සෙන්ඩ් කරපු මැසේජ් දුසිම් ගණන් ඩිලිවර් වෙද්දි ඔහු ගලක් උනා. මන් වෙනුවෙන් අඩන්න, වැලපෙන්න නැති උවත් මා වෙනුවෙන් එක් මොහොතක් දුක් වෙන්නවත් ඔහු මට ප්‍රේම කර තිබුනේ නෑ. මුලාව, තනිකම සහ වේදනාව සමග අකමැත්තෙන් හෝ මට මිතුරු වෙන්නට සිදු උනා. මගේ කදුලු, මගේ වේදනාත්මක දුක් ගී අදෝනා, ඔහුට තවත් එක් විහිලුවක් පමනක් වෙද්දි, මම ජීවිතයේ නොගතම යුතු, එක් පව්කාරී, විනාසකාරි, තවත් එක බරපතල තීරණයක් ගත්තා. ඒ ඔහුට වයිර කිරීමට!නමුත් ඒ වයිරය, තරහව ඇතුලේ එකලත් මගේ හිත තුළ බුර බුරා නැගුනේ ඔහු වෙනුවෙන්ම දැවෙන ආදරය පමණයි.වයිර කිරීම, ඔහුට බාධා කිරීම තුළින් මා ප්‍රාර්තනා කළේ, ඔහුට මාව සිහිවීම සහ ඔහුගෙ ආගමනයයි. නමුත් ඒ තුලින් මා තව තවත් ඔහුට පිලිකුළක් උනා. ඔහුගේ මතකයන් අමතක කරගන්නට බැරි තැන මම ජීවිත සෙල්ලමක් කළා. ඒ ඔහුව අමතක කිරීමට වෙනත් පුද්ගලයෙකු යොදාගැනීම. මා කිසි දිනෙක දෙවැන්නාට ප්‍රේම කළේ නැ. මට හුදෙක් අවැසි උනේ, ඔහු නැතත් මා සතුටින් බව ඔහුට ඇගවීමට පමණයි. දෙවැන්නාගේ උත්තරීතර, පිවිතුරු ආදරය මට සෙල්ලමක් පමනක් උනා. මගෙන් ආදරය ඉල්ලන, අතීතය අමතක කරන ලෙස කදුලු හලමින් ඉල්ලන ඔහු අදටත් මට සිතුවම් පටලයක් මෙන් මැවෙනවා. පිරිමි කදුලු හරි බලවත්. හැමදාම නොහැලුනාට ඒ කදුලු හරි බලවත්. මට සිතුනෙම එහෙම. අතීතය අමතක කරන්නද, වර්තමානය අමතක කරන්නද කියන තීරණ දෙක මැද්දෙ මම ආයෙමත් තනි උනා. මම කරපු වැරැද්දේ බරපතලකම මට ඒ වෙලාවෙයි තේරුනේ. අභීගේ 'මතක' සින්දුවේ එන "නිල්පාට කටරොලු මලක නිල පිපුනු හිතකට දෙන්න තිබුනා" කියන පද පෙළ හැමදාම හද තුළ දෝන්කාර දුන්නා. මම පෙරටත් වඩා වේදනා වින්දා. දෙවැන්නා මට පමණක් වීරයෙක් උනු අයෙක්.ඉතින් එවැනි උතුම් මිනිසෙක් මා අහිමි කරගත යුතුද? කෙසේවත් නැත.උතුම් වූ මයිත්‍රී භාවනාව, කාර්‍යබහුලත්වය සහ සිතුවිලි පාලනය කිරීම මගින් නැවතත් පන නොඑන ලෙස ප්‍රතම ප්‍රේමවන්තයා හදවතින් මරා දැමුවා.නමුත් ප්‍රේමය මා මැරුවේ නැ. ඔහුව ආගන්තුකයෙක් ලෙසට දැකීමට මා කල්යත්ම හුරු උනා. දෙවැන්නාට මුලු හදම පිදීමටත්, ඔහුව පුලුවන් කාලයක් රැකගැනීමටත්, ඔහු මා ළග රැදෙන්නේ කවදාටද ඒතාක් ඔහුට ආදරය දෙන්නටත් මා වගබලාගත්තා. නමුත් ඔහු නික්මුනත්, පෙර තරම්ම මා වේදනා නොවිදුනු ඇති බව සත්තයි. ළගදිම අතිනත ගන්න මගෙත්, දෙවැන්නාගේත් ආදරයට වසර හතරක්. දැන් ඔහු මගේ ජීවිතයේ දෙවැන්නෙක් නොවේ. මට ආදරය දුන් ප්‍රථමවැන්නායි.අභි එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ අපි ආදරේ අපිට ආදරේ අයටද? අපි ආදරේ අය අපිට ආදරේද? උත්තරය නැහැ නමුත් මේ තාවකාලික අත්දැකීමක් ගැනිමට අපි පැමිනි මේ කෙටි කාලින මනුශ්‍ය ජීවිතය තුල දුක් විදින්නේ මන්ද. තමාට ආදරය නැති එකෙකුට දිවි දී ප්‍රේම කිරිම පිහි තලයකින් පපු තලය කපන්නා හා සමාන වේදනාවකි. නමුත් තමාට ආදරය කරන්නෙකුට ආදරය කිරීම මල් පෙත්තක් මත සුවසේ නිදන්නා සේ හැගෙන මිහිරකි. සතුටකි. ගිනිගන්නා සිතුවිලි වලින් නිවීමකි. ඔබ ඔබට ආදරය කරන්නෙකුට ප්‍රේම කරන්න. ඔහු/ ඇය ඔබව මිහිරෙන් මිහිරට රැගෙන යාවි. ඔබ ඔබට ආදරය නොකරන්නෙකුට ආදරය කරන්න. ඔහු/ ඇය ඔබව වේදනාවෙන් වේදනාවට රැගෙන යාවි. "අභී" මන් හරි ආසයි ඔයා මේ දේ නතර කරනවනන්. මේ විදියට මම වලදාන මතක ගොඩට අදින එක නතර කරනවනම්. එතකොට මට පුලුවන් පරන මතක වලින් මොහොතක්වත් විදවන්නෙනැතුව ඉන්න.ඒත්,"අභී" මන් ඊටත් වඩා හරි ආසයි ඔයා මේ විදියට මට කතා කරන එකට. එතකොට මට පුලුවන්, නිවී හැනහිල්ලේ කෝපි කෝප්පෙකුත් බොන ගමන් ඔයාගෙ වචන අස්සෙ හිරවෙලා ටික වෙලාවකට අතීතෙ මතක අස්සෙ ගමනක් ගිහින්, ඒවයෙ තියන සුන්දර තැන් අස්සෙ ආයෙ තනි වෙන්න."අභි" මන් ඔයාට සැහෙන්න අකමැතියි. ඒ වගේම සැහෙන්න ආදරෙයි.
මාත් 😘
❤❤❤
ඒ වචන අස්සෙ මාත් අතරමං වුණා 💔
ඒක මගෙත් කතාවඅභි ඔයාගේ වචන හරි අමාරුයි මට ... නිර්මාණය ලස්සනයි ❤️
❤❤❤ මමත් ඒ වචන වල අතරමන් උන තවත් කෙනෙක් ඔයාගෙ අලුත් ජීවිතයට හදවතින්ම සුභ පතනවා
විවාහයෙන් පසු මධු සමය ගත කිරීමට යන තරුණ යුවලකගෙ සංවාදයක් තුළින් මෙදා සැරේ අහිශේකා විමලවීරන්ගෙ අකුරු සහ ඇගේ හදවත මත රටා අඳින හඬ මගෙ හදවත සියුම් ලෙස පාරා දැමූ බව කිව යුතුය.. මේ කතාවේ සැමියා මේ බිරිඳට කප්පරක් තරම් ආදරේ කළත් ඇයට ඒ ගැන දැන්නෙන්නෙ නෑ. ඉතිං හිරි වැටුණ ඕලු මල් වලට සමාන කෙරූ ගැහැණු පපුවේ හිරි ඇරිලා ඔහුගෙ ආදරේ ඇයට දැනෙන්නෙ කවදද කියලා ඔහු ඇගෙන් දින වකවානු අහනවා. එහෙම හරි බලාපොරොත්තුවක් ඔහු ඉල්ලනවා කියලා මට හිතෙනවා.. මං දුන්න හාදු වලට වඩා දැනෙන හාදු කළින් පෙම්වතා දුන්නාද? ඒ ගැන කියලා මට රිද්දන්න බැරි කමට මගෙ ආදරේ දැනෙනවා කියලා ඔයා මට බොරු කියනවද කියලාත් ඔහු ඇගෙන් විමසනවා..ඔහුගෙ ඒ ප්‍රශ්නයට ඇය අපූරු පිළිතුරක් දෙනවා..ආදරේ කළා කීව පලියට ආදරේ කලා වෙනවද.. ඒ ආදරේ කියපු පළියට දැනෙනවද කියලයි මට හිතෙන විදියට ඇය අහන්නෙ.. රෑ අහසේ පායන තරුව පෙම්වතා නම් ඇය සැමියාව සමාන කරන්නෙ හඳට.. පෙම්වතා ළඟදි දැනුන වින්ද ආදරේ සැමියා ළඟ දි අමතක වෙලා යනවද.. අලුත් ආදරයක් ලැබුන පලියට වින්ද ඒ ආදරේ මැරෙනවද කියලයි ඇය ඔහුගෙන් අහන්නෙ.. පෙම්වතා හාදු දුන්නෙ ගතට නෙවෙයි හිතට නම් ඒ ආදරෙ සිහිවෙද්දි ඇගේ හිත අද කොච්චර නම් පිච්චෙනවද..? ඒක එහෙම වෙද්දිත් වැඩිපුරම රිදෙන්නෙ ඔයාටද මටද ? අපි දෙන්නාගෙන් වැඩියෙන්ම රිදෙන්නෙ කොයි හිතටද කියලා ඇය අහනවා.. ඒ දෙන්නාට රිදෙන තරම වෙන වෙනම රූප රාමුවෙ පෙන්නලා දෙන්නත් අමතක කරලා නෑ.. සැමියා ආදර ගින්නෙන් නිවෙන්න වතුර මල යටත්, ඒ වගේම මේ බිරිඳ පිච්චෙන තරම පෙන්නන්න ඇය පුලුස්සන රෝස පෙත්තත් අපූරුවට භාවිතා කරලා තියෙනවා..මොන දේ උනත් මගෙ හිතේ ඔයා ඉන්නවා.. ඒ වගේම ඔයාගෙ හිතෙත් මට ඉඩක් තියෙනවා ද කියලා සැමියා ඇගෙන් අහනවා.. අතීතෙ කුමක් වුවත් අනාගතේ ඇයත් එක්ක ආදරෙන් හරි ලස්සනට අත් අල්ලන් ගමනක් යන්න බලාපොරොත්තුවක් ඔහුට තියෙනවා කියන්න ඒ වචන වලින් මට හැඟෙනවා.. ඊයෙ රෑ අතීතෙ නම් හෙට කියන්නෙ අනාගතේ කියලායි අභී අර්ථ ගන්වලා තියෙන්නෙ.. ඉතිං ඊයෙ වගේ හෙට දවසෙදිත් පෙම්වතාගෙ මතකෙ ඔයාගෙන් මිමිණෙයිද කියලා ඒ සැමියා අහනවා.. නා දලු වතුරෙන් දෙතොල් පහසින් තෙමුණ ඒ කෝල රැය, මංගල රැය මගෙ විතරද කියලා තමයි සැමියා අහන්නෙ.. ඇයට ඒ රැයේ විශේෂය නැද්ද කියලා ඔහු හිතනවා.. කෝල ඔහු විතරද කියලා සැකයක් තිබුණා කියලයි මට හැඟුනෙ. මගෙ ලස්සන නිලියේ මේ ආදරේ රංගනයක්ද, මවාපෑමක් ද කියලා අහන්නත් ඔහු අමතක කරන්නෙ නෑ..ඊට බිරිඳ දෙන පිළිතුරුත් හරිම නිර්මාණශීලීයි..නීතියෙන්ම නම් දෙක එකට ලීවත් අයිතිය ඔහුටම පවරා දුන්නත් ඔහුට මදි නේද කියා ඇය අහනවා.. ඊට එහා යමක් බලාපොරොත්තු වෙනව නේද කියලායි ඇය ඔහුගෙන් ව්‍යංගාර්ථයෙන් අහන්නෙ.. කෙනෙක් රෑ දකින හීනයක් වෙනත් පාර්ශවයකට පේන්නෙ නෑ.. එහෙම තියෙද්දි ඒ ගැන දිව්රලා ඔප්පු කරන්නෙ කොහොමද.. ඇය දකින හීනත් ඇයට සත්‍යම කියා දිවුරන්න හැකිද කියලයි ඇය අහන්නෙ. ඒක ඇය රූප රාමුවේ හරි අපූරුවට පෙන්නලා තියෙනවා.. මට හිතෙන්නෙ ඇය දකින හීනෙ තමයි ඇය වැල්ලෙ ලියන්නෙ.. නමුත් ඔහුට පේන්නෙ ඇය දකින දේ නෙවෙයි ඇය පෙන්නන්න දේ.. ඒ නිසාම ඒ ගැන නොකියා ඉන්න තීරණය කරනවා.. මොකද ආදරේ කියන්නෙ සිල්ලරට කිරන්න ඕනෙ හැඟිමක් නෙවෙයි කියලා ඇය විශ්වාස කරන නිසා.. අවසාන වතාවට ඇය ඔහුට පිළිතුරු දෙන ගමන්ම ඔහුට හිතන්න දෙයක් ඉතුරු කරනවා මම ඔබ ඉදිරියේ රඟපාන නිළියක් නම් මේ රඟපෑම තවමත් පටන් ගත්තා විතරයි.. තව දුරටත් මේ රඟපෑම කළ යුතුදැයි ඇය අවසානයේ ඔහුගෙන් විමසනවා.. අර කළින් ඔහුගෙ හිතේ මැවුන ප්‍රශ්නය, මංගල රැයට කෝල ඔහු විතරද කියන ගැටළුවට ඔහුට අවසානෙ ලස්සන පිළිතුරක් රූප රාමුවෙන් මැව්වා කියලයි මට හිතෙන්නෙ.. අභීගෙ අකුරු, හඬ වගේම මලිත්ගෙ සංගීතය හා හඬත් මේ නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව කිව යුතුමයි.ඒ වගේම ඔවුන් දෙදෙනාගෙම රංගනයද ඉතා විශිෂ්ඨ ලෙස මේ නිර්මාණයෙ සාර්ථකත්වයට බලපා ඇති බව මගේ හැඟීමයි.. තම ආදරේ අහිමිවීමේ දුක, ජීවිතේ ගැන දැනෙන අවිනිශ්චිත බව, කළකිරීම අභීගෙ මූණෙන් මනාවට පෙන්නුම් කරලා තියෙනවා..බලාපොරොත්තු වන ආදරේ නොලැබීමෙ සහ තම ආදරේට වටිනාකමක් නොලැබීමේ වේදනාව, ජීවිතේ ඉදිරියට තැබූ වටිනාම පියවරක් හමුවේ පරාජය වීමේ දුක මලිත් හරි අපූරුවට ඔහුගේ මුහුණෙ ඉරියව් වලින් කියා පානවා..ආදරේ නම් යන්න දීමය.. රඟ මඩල වියපත් වෙමින් පවතී.. ඇත්ත .. ආදරේ නම් බලෙන් රඳවා ගැනීම නොවේ.. දෙපාර්ශවයට විඳවන කාරණාවක් බවට පත් නොකර ආදරේ නම් යන්න දිය යුතුය.. රඟ මඩල නම් ජීවිතේ වියපත් වෙමින් පවතී.. විඳින්නට තියෙන ජීවිතේ විඳවන්න කරුණු හදාගෙන ජීවිතේ අපායක් කරගන්නවාට වඩා තරුණ රඟමඩල තුළදීම තීරණයක් ගත යුතු බව අභීගෙ මේ නිර්මාණයෙන් ඉස්මතු කර ඇත.. හැමදාමත් වගේ ඉස්තරම් නිර්මාණයක් 👌
මට දැනුනෙත් මේ විදියයි🥹❤️
❤️❤️
අම්මෝ එක හුස්මට කියෙව්වා මේ cmnt එක.
අම්මෝ...ඒ කමෙන්ට් එක..❤❤❤
❤️
අභිගෙ අලුත් සින්දුවක් ආවම ඒක දහදොලොස් පාරක් අහලා පරන ඒවත් ආයෙ ආයෙ අහන්නෙ මං විතරයි ද
තව කෙනෙක් ඉන්නව ❤️
mamath
Ai mamat pessuwen ahanawa
මමත් ❤️
Math innwa
රිදවීම කලාවක් නම් අභී එහි පිකාසෝ වෙයි.🥺❤️ much love ABHI ❤️
ඔයා හරි අක්කේ ......
True❤
ඇත්තටම 😞💔...
ඇත්තමයි ඒ කතාව
සහතික ඇත්ත
මලිත්ගෙ රංගනය ඒ මූනේ ,ඒ ඇස් වල හැගීම් ප්‍රකාශනය දකිද්දිත් ඇග හිරිවැටෙනව 😢😢
ඔහොම සිංදු හදන්න එපා අප්පා😔😔 මේ අහන 50 ස් පාර💔
❤
Math.🥺🥀
Me too
Math, nitharama ahanawa.
Mama 100 penala balla athi
අභි කොහොමද හැම සින්දුවක්ම මගේ කතාවට පොඩි හරි සම්බන්ධයක් තියන විදියට ලියන්නේ... නෑ සමහරවිට මං අභි ට ආදරේ නිසා එහෙම හිතින් මවාගෙන ඇති....භාවනා කරන්න ඇස් වහන්න ම ඕනි නෑ.. ❤
ලංකාවේ සංවේදි මිනිස්සු නැ කිව්වොත් මේ සිංදුවේ comments බලන්න ♥️✨️
Eka nam attha
"පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද...රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවද ❤..."ඇය වරෙක කියනවා ආදරය යනු හිත හීරෙක එක, ඒ මැද්දෙන් හිනා වෙන එක කියලා... දැන් අය කියනවා ආදරය කියන්නෙ යන්නට දීම කියා.. සැබැවින්ම ආදරය ඇයව වෙනස් කරලා... කවුරු කොහොම කිව්වත්, ආදරය කියන්නෙ යන්නට දීම කියලා... අපි එහෙම කියන්නෙ අපේ හිත සනසවගන්න මිස ඇත්ත නම් ඔහුගෙ හෝ ඇයගෙ යලි පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා.. මම කතාවක් අහලා තියෙනව ඔබ වරෙක දෙදෙනෙකුට ආලය කරයි නම් ඔබ අනිවාර්යයෙන්ම තෝරාගත යුත්තෙ දෙවැන්නාවයි. මන්ද යත් පලමුවැන්නාට ඔබ සැබැවින්ම ආදරේ නම් දෙවැන්නෙක් සිටින්නෙ කෙසෙද... ළඟ තබා ගන්න බැරි ගොඩක් දේවල් වලට අපි යන්න දුන්නට හිත ඉල්ලන්නෙම ඒ දෙවල්. අපි කරන්නෙම හිත හදාගන්න එක මේ ගීතයේ වගේම..."රඟ මඩල තාම තරුණයියන්නම අවසරද ...?"Abhisheka Wimalaweera ගෙ ගීත වල කියවෙන්නෙ අපේම ජීවිත කතා.. ගීතයෙ පද රචනය, රූප රචනය ඉස්තරම්. ''මතක'' ගීතයෙ ඇය ඉරි දෙකක් මැදින් හරස් ඉරක් අදිනවා වගෙමෙ රගමඩලේදි ඉරි තුන, හතරක් කරනවා.. එයයි සැබෑම යතාර්ථයට. මා ඔබේ ගීත වල හෘද්‍යාංගම බව ප්‍රිය කරමි.. ආදරෙයි අභී ❤️
Ekanam pattaaa
🥺😔
හිතක් දකින්නට, කියවන්නට කාටවත් නොහැකි නිසාම සගවන්නට හැකි දේ බොහෝමයි.. ආදරයේදී තෝරා ගැනීම් කිහිපයක් කල හැකිය.. විවාහයයට එය බාදාවක් නොවී අතිතයෙ මතක ලෙස තැන්පත් කර විවාහයට අවංක විය හැකි නම් අතිතය විටෙක පැමිනියත් සිතින් හඩා මුවින් සිනාසී... විවාහයත් සමග ඉදිරියට යන්න පුලුවන්නම් රිදෙන බිදෙන හිත් සුවපත් වේවී...
ඇය N අකුර M අකුර බවට පත් කරා... N නම් ඇයගෙ පෙම්වතාය M ඇයගේ සැමියාය.. ගෑනූ නම් එසේය.... බොහෝ ගෑනූ පිරිම් දෙපාර්ශවයම බේදයකින් තොරව ආදරය විරහව වෙනුවට ජීවිතයේ සැනසීම සොයයි
මේක අභීගේ කොන්සට් එකක ලයිව් අහන්න පුලුවන් නේද කියලා මතක් වෙද්දි 😍✨️
"මගෙ රූබර නිලියේ ආදරේ රැගුමක්ද " කියලා අන්තිමට කියන තැනදි ඒ voice එක ඇහෙනකොට දැනෙන හැගීම, මට තේරෙන්නෙ නෑ ඒක ගැන කියන්න, ඒත් එක්කම අභී අක්කෙ "රග මඩල තාම තරුණයි යන්නම අවසරද" කියලා අහනකොට , මේ වෙන් වෙන්න අවසර ඉල්ලන විදියෙ ඒ පද පේලි දෙකේ තියෙන සංයමය, වේදනාබර බව, හැගුම්බර බව, විඩාබර බව තව වෙන් කරල කියා ගන්න බැරි කෑ ගහලා අඩන්න තරම් හිතෙන හැගීම් ගොඩාක් ගැබ් වෙලා තියෙනවා කියලා දැනෙනවා
හිතින් වෙන කෙනෙක්ට ආදරේ කරලා, ගතින් වෙන කෙනෙක්ගේ වෙන එකම දුකක්..... ඒ නිසාම වෙන්න ඇති සමහර මිනිස්සු පරණ මතක එක්කම තනියම ජීවත් වෙන්නේ....ඒ මතක හරිම සුන්දරයි ❤
ඒ මතකය එක්කම ජීවත් වෙන්න ආස වුණාට එයා ඉඳුල් කරපු තොල් දෙකවත් වෙන කෙනෙක්ට දෙන්නවත් ආස නැති උනත් තමන්ගේ අයගේ හීන දිනවන්න ඕන නිසා අකමැත්තෙන් වුණත් උනත් ගොඩක් කෙල්ලන්ට කාගේ හරි වෙන්න වුණා ජීවිතේ 😢
@@nalinkaluarachchi1102 hmmmm ඔයා කියන්නේ ඇත්ත 😔😔
@@nalinkaluarachchi11020
"රිද්දන්න බැරිකමට දැනෙනවා කියනවද""පෙම් කළා කිව්වට පෙම් කළා වෙනවාද"හිතට අමාරුම තැන් දෙක 😥✨️
Tharu eliye pipuna mal handa eliyenmarunaada
"Mage wagema oya hithe.."
75 ස් වතාවක් විතර බලලත් ඇයි මේක එපා වෙන්නේ නැත්තෙ😢
කිසිම කාලේක කිසිම ගීත රචනයකට සමාන කරන්න බැරි, කිසිම කාලෙක කිසිම හඩකට සමාන කරන්න බැරි අමුතුම අනන්‍යතාවයක් "අභී". හදවත් සමීපව ස්පර්ශ කරන වචන❤
රූප රචනය බලද්දී ගීතය අමතක වෙනවා✅ගීතය අහද්දී ඇස් පියවෙන නිසා රූප රචනය නොපෙනී යනවා.🙏 ඉතිං ආයේ ආයේ බලනවා.අහනවා 🌷
ඇත්තටම ❤
ඇත්තටම ...
ඒක නම් ඇත්ත
ඒක නම් ඇත්ත කී පාරක් ඇහුවද බැලුවද මන්ද
දවසට කී වතාවක් නම් අහන්න ඇතිද කියලා හිතන්න බෑ...දවස් පහක් අදට...ඒ දවස් පහට මේ ගීතය කෙතරම් ඇහුවද දන්නේ නෑ...හිතට නිවනක් නෑ ගෙනෙන හැම ගීතයක්ම හරි ලස්සනට විඳින්න පුලුවන්...ඔබ හදවතේ රැඳුන නිහතමානි ගායිකාවක්....❤ මෙහි පද අරුත ඔබෙන්ම දැනගන්නට ඇත්නම්.................
ඔව්..මමත් කී පාරක් බැලුවද කියලා මතක නෑ ..ඒ තරම් හිතට දැනෙන ගීතයක්
Mamath.. 😊
Math
Mamath❤
Mamath
Mr.Sunil Wimalaweera කොපමණ අනර්ඝ නිර්මාණ කරලා තිබුනත් එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය අභී...🙂❤️💫
ආදරෙයි 😘
@@abhishekawimalaweera.official❤
@@abhishekawimalaweera.official🥹❤🤗
@@abhishekawimalaweera.officialad
🌷🤍
Abhi වෙනමම Brand එකක් ❤️ කරපු හැම Song එකක්ම Masterpieces ❤️ නිස්සාර ❤️මතක ❤️සබදිනි ❤️හවසක මා ❤️තවම පණ ❤️රඟමඩල ❤️රිදි රිදී ❤️දෙකොපුල් ❤️සීමා නෑ ❤️නේත්‍රා ❤️චන්ද්‍ර මණ්ඩලේ ❤️Vocals + Lyrics + Melody එකකට එකක් දෙවෙනි නැහැ ❤️
ප්‍රේමය නිසා විදවන හිත් සුවපත් වේවා ! 🥺❤️
😥😥😥චේති💔
😥😥😥
කොයිතරම් මවා පෑම් කළත් හැම ගෑනූ හිතකම කොහේ හරි හැංගුන අහිමුවුණු කෙනෙක් ගැන මතකයක් තියෙනවා ....ඉතිං අභී මේ කියන්නේ ඒ හැගීම කියලා මට හහිතෙනවා ❤❤
ගීතය වගේම රූප රචනයත් තරමක් ගැඹුරුයි වගේ මට දැනෙනවා...ඕනම නිර්මාණයක් විවිධ කෝණ වලින් අපිට දකින්න පුළුවන්...අභී හැම වෙලේම අපිට හිතන්න අවසර දීලා තියනවා...ඉතින් මේ මගේ අදහස...මුලින්ම පටන් ගන්නේ වාහනයේ දර්ශනයෙන්,එතනදී කුරුළු පිහාටු පෙන්නුම් කරන්නේ සැහැල්ලු ජීවිත දෙකක් කියලා හිතෙනවා...ඔවුන් යන්නේ මුහුදු තීරයේ ගල් තියෙන තැනකට,විටක ජීවිතය සැහැල්ලු වුනත් හිත් ගල් වෙන්නත්, මුහුදක් වගේ විශාල වෙන්නත් පුළුවන්...නමුත් මේ අතර අර වාහනය ගමන් කරනවා...ප්‍රශ්න අතර ජීවිතය ගලාගෙන යනවා වගේ...මේ මධුසමයට යන යුවල ගෙන් සැමියා බිරිඳගේ සිත දිනාගැනීමට විශේෂයෙන් යහන කාමරය සරසලා තියනවා...යම් තැනක ඔහු පවසනවා හිරිවැටුන ඕළු මල් පිබිදෙන්නේ කවදාද කියලා...ඕළු මල පිපෙන්නේ මඩේ...හැබැයි ඒ මල පිපෙන්නේ මඩෙන් උඩට ඇවිත්...මෙතන සැමියා බිරිඳගේ අතීතය ගැන විමසනවා වගේම ඔහුගේ ආදරය ගැන හරි ලොකුවට පවසනවා...ලං වෙන්න ආසාවෙන් ඇය ඇදට ගියත් ඇදේ තිබුනේ වෙලුන මල් පොකුරක්...ඇය ඒකට අකමැති වෙන්නේ කැප කිරීම ගැන ඔහුගේ දෙඩවීමට අකමැති බවක් පෙන්වමින්...සැමියා පවසන දේ සත්‍යයක් බව ඇගේ ගෙලේ පසුපස ඇති අකුර මලිත් ගේ නොවන "N" අකුරක් පෙන්වනවා...ඒ වගේම ඇය ගෙල සිරවෙන්නම බැද ඇති මාලෙනුත් බැදීම දිස් වෙනවා...ඇය කෙස් කලඹෙන් එය වසාගෙන රාත්‍රිය විදීමට සූදානම් වෙනවා...ඇය සැමියාගෙන් විමසනවා... ආදරේ කියූ පමණින්ම ඒක ආදරය වෙනවද? හැබැයි මේ වෙලාවේ ඇගේ ගෙලේ මාලය නෑ...ඇය තරමක් නිදහස් වෙලා....තරු එළිය පිපුණු මල් සඳ එළියේ මැරෙනවා ද?තරු එලිය කියන්නේ පොඩි එළියක් ඒ එලිය හඳට සමාන නෑ,පෙර පෙම්වතෙක් හිටියට සැමියා තරම් නැති බව ඇය ඉගි කරනවා... නමුත් ඇය ඒ රාත්‍රියේ රෝස පෙති පුළුස්සනවා...ඒ ඇය ඇගේ අතීතය අමතක කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්... හැබැයි මේ වෙද්දි සැමියා තෙත බරිත වෙලා...කාමයද ඔහුගේ හදවතේ බොළඳ බව නිසා වෙන්නත් පුළුවන් ප්‍රේමය ගින්දරක් ඇත්තටම මෙතන වැඩි පුරම හිත රිදෙන්නෙ කාටද? බොළඳ සැමියටද? තමාටද?ගල්ගොඩක කල්පනා කරන බිරිඳගේගෙන් සැමියා අහනවා...ආපහු මම තරම් ම ඔයා මටත් ආදරේ කරනවද?ඊයේ රෑ වගේම හෙටත් කලින් කෙනාගේ ගැනම හිතනවද??මගෙත් එක්ක ඒ ගෙවපූ රෑ සුන්දර වුණේ ඔහුගේ රෑපය මගෙන් මවාගෙන ද???සැමියා ඇත්තටම ඇයට ආදරය කරන බව එක වචනයක තියනවා...ඇය මේ කරන්නේ තමාව රවටන රැගුමක් වුනත් "මගෙ රූබර නිලියේ" ඇය තමන්ගේ කරගෙන අවසානයි නමුත් තවමත් ඔහු සිටින්නේ සැකයකින්....ඔය අතරේ පෙන්වනවා සැමියා රතු වයින් එක බොනවා...මත්වෙලා බොරුවට පුංචි දේත් ලොකුවට කියවන කෙනෙක් බව ඉන් පැහැදිලි වෙනවා....නිහඩව හිටපු බිරිඳ කතා කරනවා කසාද බැඳලා ඉන්නේ ඔයයි මමයි...ඒක ම ඔයාට මදිද? තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මට දැනුන අතීතයක් තිබූනා නමුත් දැන් ඉන්නේ ඔයා ඒක වෙරලේ N අකුර M කරන ආකාරයෙන් පෙන්වනවා...ඇය පවසනවා නමුත් රෑ දකින හීන ගැන මට පාලනය කරගන්න තව කල් යයි...මේ තරමටම ප්‍රශ්න කරන්න තරම් ආදරේ නිවටද??ඔයයි මමයි තාම තරුණයි...ඔයාට හිතෙනවා නම් අපි වෙන් වෙමු කියලා ඇය පවසනවා.... නමුත් සැමියා තවමත් ඇයට ආදරය කරනවා....අවසාන රූප රාමුවේ ඇද මත බිරිඳ ඔහුට අයිති වූ බවට ලේ පැල්ලම තියනවා.... සැමියා ඒ මතට තමන් බොමින් සිටි වයින් එක හලනවා....දෙදෙනා අවසානයට එකම ඇදක වැතිරෙනවා.... විවාහයක ගැඹුර තේරුම් ගත්තා වගේ....සමාවෙන්න වෙනමම පැතිකඩකින් මේ නිර්මාණය විග්‍රහ කරාට...මගේ අදහස මේ තවත් අය සියුම් දේවල් මේ තුළින් දකීවී....අභී...මේ වගේ නිර්මාණය තව තවත් කරන් යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන...තරුණ තරුණියන් සේරටම සංගීතය නිර්මාණය ය රූප කාව්‍යක රසාස්වාදය විදින්න ඇබ්බැහි කරාට පිං... ❤
ඔහු ළඟ හිටියාට ඔය හිතේ මං නේද?අපෙ මතක එක්කලා හීනෙන් පොර බඳිනවද?හඳ අයිති අහසටයි එ් බව දැනුනාමමගෙ සඳවතියේ පොළවට නුඹ බර වැඩි නේද?මා රාග සිතින් බැලුවේ නෑ ඔහුට කියන්නඅපි අතැඟිලි පටලන් හීන දැක්කා නොවෙද?හීන මිසක් ඔබෙ උණුසුම මං නොවින්ද ම එ් රැය හැමදාමත් ඔහුගේ ඔබ පවසන්න.
හරිම ලස්සන පිලිතුරක්
Lassanai...
ලස්සන පද ගැලපීමක්
Godak danuna eka ♥️
Really ..very.,beautyfull
අභිශේකා අක්කේ ඔයාගේ සිංදු ගොඩක් අය ඉස්සරහ ඉදන් අහන්න මං හරි බයයි. ඒවා අස්සේ අපේ හදවත හරි සුන්දර විදියට රිදෙනවා. අපේ ඇස් එක නිමේශයකින් තෙත් කරනවා. 🙄❤️
ගෑනු හැමදාම හෙව්වේ ආදරේ.රණ්ඩු උනේ ආදරේ ලබන්න.එත් බොහොමයක් පිරිමින්ට නොතේරුනෙත් ඒ දේමයි.
Completely truth
වැරදි ....කියන්න බැරි හොඩාක් දෙවල් තියනවා ..😢
ලගදිම 1 M ගහනවා මම බලන අහන තරමටම.... මම වගේ තවත් අය සිටීද ....මේ වෙද්දි 100 වතාවකට වඩා ඇහුවා 👌😘
අභීගෙ දෑතට වගේම කටහඬටත් කවදාවත්ම ඇස්වහක් නම් වදින්න එපා ..මොකද ඔය දැතින් ලියවෙන ලස්සන පදවැල් ඔය හඩින් අපිට තව තවත් අහන්න ඕන ...❤❤❤
ආදරේට කොහෙද නිර්වචන...ආදරේට කොහෙද මාර්ගෝපදේශ..මං බෞද්ධ ... මට දැනෙන විදියටනම් අපේ හිත කෙනෙක් ළඟ නවතින්නෙම සසර පුරුද්දට..කෙනෙක් ළඟදි හිත කීරි ගැහෙන තේරැම් ගන්න බැරි දෙයක් දැනෙනවානම් ඒ කෙනාව අපිට මේ සසරෙ ගොඩක් හුරුයි..ආදරේ කාටවත් තේරුම් ගන්න බැරි ඒකයි..❤️
හිතේ කෙනෙක් තියන් ගතින් තව කෙනෙක්ගෙ වෙනවාට වඩා හොදයි හිතත් එක්කම තනිවෙන එක... ඒ වේදනාව තමන්ටමයි, එහෙම නොවී නොදැනෙන තැනක නැවතුනොත් තව කෙනෙකුත් විදවනවා... නොදැනෙන තැන්වල නවතින්නම එපා___සැනසීමක් නැතිවෙයි❤️
Ehema nawathila imna aya oni tharam athi neda
@@Ranuga1212 සමහරු එහෙම නැවතෙනවා, කාලයක් යද්දි හිත හදාගන්නවා ලැබෙන ආදරේ වෙනුවෙන්, සමහරු ජීවිත කාලෙම විදවනවා 🤧
ඇත්ත 😢😢😢
@@Gihani____21 true 😔
ඒක හරි 😢
දැනුනු කෙනා වෙන කෙනෙක් ඒත් දැන් ආදරේ කරන කෙනා තව කෙනෙක්.. දැනුනු කෙනා toxic.තිබුනෙ toxic relationship ekak. Eth eyath godaak adarei.. adarema thibila madi jiwath wenna kiyla hithala eyagen ඈත් වුනා.. ඒත් තාමත් දැනෙන්නෙ එයාව.. ඒත් මට ඕනි දැනෙන කෙනාව අමතක කරලා දැන් මගේ ලග ඉන්න කෙනා එක්ක හොදින් ඉන්නයි. කොච්චර දැනුන වුනත් ඒක toxic nam එකට ඉන්න බැරි නම් අයින් වෙන්න ඕනි කියල හිතලයි අයින් උනේ.. ඒත් අදටත් මං දන්නවා එයත් මං ගැන හිත හිත ඉන්නවා කියලා.. Me සින්දුව අහද්දී දැන් මං ලග ඉන්න boyfriend ge feeling eka mata denenawa.. මේ වචන වලින්ම නැතත් එයත් මේ දේම මගෙන් අහනවා හැමදාම.. දැනෙන කෙනා ලගට යන්න ඕනි නෑ..ඒත් ලග ඉන්න කෙනාව කවදම හරි ඒ තරම්ම දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤ aluth affair eka patan aran thma masayai.. ithin math thma inne me stage eke me feeling eke.. ඉතිං අභී, මට හිතෙන්නෙම ඔයා මේ සින්දුව කලේ මටම කියලයි..❤
Den hodin athi kiyl hithnawa 🥹❤
Are you ok ?
ඇයි මම මේක සැරින් සැරේ ඇවිත් අහන්නේ?ගීතයකට මිනිස්සු හිතන්නෙවත් නැති තැනක මෙහෙම අතරමං කරන්න පුලුවන් ද?වැඩිපුරම රිදුනේ මගේ හිත... ඔයා දන්න්නවද අභී❤
අද දවසම මේ සිංදුවත් එක්ක ගෙවුණා කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ..මතක නෑ කී පාරක් ආයේ ආයේ ඇහුවද කියල.හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ මේ දෙන්නා ගැනම දුක හිතෙනවා ආදරේ හිතෙනවා හිත රිදෙනවා ඒ වචන ඇහෙනකොට.ඔයාගේ වචන අක්කී මට කියන්න තේරෙන්නෙ නෑ.වචන වලට පුළුවන්ද මෙහෙම හැගීමක් දෙන්න🥺 ඒ වගේම රූප රචනය👌👌👌 මලිත් අයියගේ හඩත් හරිම රහයි ඔයාගේ හඩත් එක්ක ඇහෙනකොට❤️ කියන්න වචන නෑ ඔයා නියමයි.තවත් මේ වගේ නිර්මාණ අපිට දීලා අපිව සනසන්න.රිද්දන්න..කවදාහරි ඔයාගේ හඩ live අහන්න ඕන.ඒක ආසාවක්😍
"පෙම් කලා කිව්වාට පෙම් කලාම වෙනවාද..🥺" හැමදාම වගේ අහී කියන්නේ භාවනාවක් ❤
" ආදරය යනු යන්නට අවසර දීමයි.." felt it deeply 🥺❤
ආයේ ආවොත් ඉන්න දීමයි 🌝♥️
Ehma karanna puluwan unanm ethn man eyata pana wage adarei
අතකින්වත් අල්ලන්නේ නැති ඇහැකින්වත් බලන්නේ නැති මේ රූප රාමු බලන බලන ගානේ හිත කීරි ගැහෙන්නේ මගේ විතරද අනේ
සමාජයේ අපි නොහිතන පැතිකඩවල් ගැන හරිම අපූරුවට ඝවේශණය කරන අභී ඒව පදවැල් වලට පෙරලලා හරිම අපූරුවට ගායනා කරනව මනුස්ස හදවත පතුලටම කිදාබහින්න තරම් සමහර පදවැල් හරිම වේදානාකාරීයි❤❤❤
Lassana puthe adarei parissamin enna budusaranai 🖒
@@thilankalakshan1 💓💓
@@kalumwijesooriya thanks කැළුම් අය්යෙ ..🙏🙏🙏
අහපු වාර ගණන මෙච්චරයි කියලා කියන්න බෑ .ඒ තරමට වෙනස්ම රසයක් දැනුණු ලස්සන වැඩක් .අභී අක්කිගේ රංගනයත් මාරම ලස්සනයි ❤❤❤❤
අභී ගේ සින්දු නිසා මැරි මැරි ජීවත් වෙන්නත් පුලුවන්. නොමැරී ඉන්න හේතුවක් කරගන්නත් පුලුවන්. අනේ මන්දා අභී .❤❤
ඔහුගේ ප්‍රතම ප්‍රේමය මා වූවත් මාගේ ප්‍රතම ප්‍රේමය ඔහු නොවේ... අමතක නොවන ප්‍රතම ප්‍රේමය හීනයක්ම කරන්නට ඔහුගේ පිරිමි හදවතට හැකි වූයේය. සැමදාටම ණැයගැති මා මේ ප්‍රේමයට...❤❤❤❤
හිනාව අමතක වුන තැන කඳුළු ඉස්සර වෙලාම හිතේ තියෙන මානසික යුද්ධේ ගැන ඇස් දිහා බලන ඕනෙම කෙනෙක් ට පේනවා..🙂🥀 ඇය දන්නේ නෑ කා වෙනුවෙන්ද කඳුළු වලට ඉඩ දිය යුත්තේ කියලා, ඒකමයි ඇස් වලින් කඳුලක් පේන්න නැත්තේ.. නමුත් ඇගේ හිත දන්නවා ඔහුගේ යළි පැමිණීම ඇය බලාපොරොත්තු වෙනවා කියලා.. ඔහුත් දන්නවා ඇගේ ගතම ඔහු නමට ලිවත් මදි කියලා ඇගේ හිත වෙනතක නිසා.."රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද🥀..?" හෝ.. මේ රචනයේ බරම තැන, එක මිටට අරං වරු ගානක් උනත් හිතන්න පුළුවන්, නමකට ගතකට ආදරේ කරන හිතකට හරී ලේසී ඇති නමුත් හිතකට ආදරේ කරන ඕනම හිතකට හරි බරයි ඒ වචන.. ඇස් වලට කඳුළු නොදීම හිතක් අඬවන්න පුළුවන් කියලා දැන ගත්තේ ඔය වචන ඉස්සරහා... පිරිමි හිතත් ආසයී ගැහැනු හිත් ලඟ නිවෙන්න, ඒකමයි ගැහැනු වැඩිපුර ආදරේ කරේ ප්‍රතිවීරයන්ට කියලා කියද්දිත් ගෑනු හිත් ළග වීරයො වෙන්න ඕනෙ හින්දම නොහඩා දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඇත්තේ...අයිතියක් නැති හදක අයිතියක් හොයද්දී නොදැනිම තවත් අපි ඇබ්බැහි වෙනවා. ඒත් ඒ හිතේ ඉන්නේ වෙන හිතක් කියලා දැනෙද්දී ප්‍රේමයත් හරියට මිරිඟුවක් වෙනවා!"රඟ මඩල තාම තරුණයියන්නම අවසරද ...?"ඔහු බලං ඉන්නවා ඇය එනකල් දෙවෙනි දවසේත්, තාම මග හරින ඒ හිත ඇත්තටම ඒවීද යාවිද කියලා දන්නෙ නැහැ.. ආදරේ කියන්නේ යන්නට අවසර දීමම නම් ඔහු ඇයට ඉඩ දේවී, ඉතින් ඇය!? 🙂🙏🏻පෑරෙන තැනක් වුවත් ඔයා හරි ලස්සනය ස්පර්ශ කලා. රූප රචනය, පද රචනය, හඬ සුසංයෝගය මෙහෙමයි කියලා අගයක් දෙන්න බෑ, පුදුම ලස්සනයී.. ඔබේ හැම ගීතයටම ප්‍රිය කරන කෙනෙක්! ආදරෙයි අභී ❤
🙂❤️
කොච්චර ඇහුවත් අහන එක නවත්තන්න බෑ..අභී කවදත් ඇබ්බැහියක්.. මලින් අයියගෙ voice acting කියන්න වචන නෑ.. ආදරෙයි අභී.. ❤️🧿
සිල්ලර සිංදු අහන පරපුරක මේවගේ නිර්මාණ අගයන්න පුළුවන් මිනිස්සු ඉන්න බව දකිද්දි ලැබෙන්නේ පුදුමාකාර සතුටක්...ස්තූතීයි අභී .💙💙💙
අභී ඔයාගේ කටහඩ දෙවියෝ දීපු තෑග්ගක් 🥰
මලිත් ගෙ voice එක වෙනම level එකක්.. ❤❤❤
අභිශේකා මහත්මිය..ඔබේම හඬින් මේ ගීතය ගැන විචාරයක් අහන්න ආසයී...මතක ගීතයට වගේ..🥺🥺🥺🥺❤❤❤❤
ඔව් ... මාත් ඒකමයි හිත් හිතා සිංදුව ඇහුවේ ... ඉක්මනින් දැනගන්න ආසයි අපි .... පුදුම රසවත් ... පපුව හිරවෙනවා ....
@@wathsalanihalsinghe4738 🥺🥺
ඉක්මන්ට ගෙන්න 🌹
මටත් ඒක හිතුණා....ඒ කටහඬින්ම ඉක්මනින් විචාරයක් ඕනි😍😍
ඔව් ඒ විචාරය එනකං මග බලාගෙන ඉන්නවා අභී අපි... ❤
මේ සින්දුව ගැන පැහැදිලි කිරීමක් ඕනේමයි.මේක නම් භාවනවක් ❤
අභී කියන්නේ සින්දු කියන මත්ද්‍රව්‍යක් .❤️ තනිකරම ඇබ්බැහි වනසුලු මත්ද්‍රව්‍යක්. ගැලවීමක් නම් නෑ Love u so much ABHI ❤️😘
ඇත්තක්
මම ඔයාගෙ සිංදුවක් එනකන් පිස්සු වෙන් වගෙ බලන් ඉන්න් කෙනෙක්..හැබැයි කොච්චර නොඉවසිල්ලක් තිබ්බත් මට ඔයාගේ සිංදු අහන්න හොදට සෙට් උන වේලාවක් තියෙන්න ඕනි,එ කියන්නෙ හිත ගොඩාක් නිදහස්,නිදහස් වටපිටාවක් ..ඒ ඔයාගෙ සිංදු අනිත් සිංදු වගෙ වෙන්නෙ නැති නිසා..මේ පද වල හිතන්න ගොඩාක් තියන නිසා..social media වල ඔයාගෙ මෙ සිංදුව ගැන ගොඩාක් විචාර,එයාලගෙ අත්දැකීම් මේ සිංදුවත් එක්ක ගලපලා තිබ්බ විදිහ ඉවසීමෙන් බලන් හිටියා මට සෙට් උන වෙලාවක් එනකන්..ඉතිං අද ආවා...මම ආදරය ගොඩාක් අදුනන කෙනෙක් නෙමෙයි ..මම තාම පරිනත ආදරවන්තයෝ එක්ක බලද්දි පොඩි දූවිල්ලක් වගේ..හැබැයි මම දකිනව ආදරයෙ වැඩහිටින අයව ..ඔයාගෙ පද වල තියන මේ අකීකරු කමට,ඒව අපෙ හිත් වල අපි දුර්වලම තැනින්,නැත්නම් අපිට මතක් කරන්න අමාරු තැන් ,අපි ගොඩක්ම ආදරය කරපු තැන් මාර ඉක්මනට උඩට ගන්නවා...මට වෙලාවකට හිතෙනවා ඔයා ඇයි මිනිස්සුන් ගේ දුර්වලම තැන් එක්ක සෙල්ලම් කරන්නෙ කියලා..හැබැයි ම්ම මේ වචන වලට පුදුම තරම් ආදරෙයි..ඔයාට මෙහෙම මිනිස්සු න්ගේ හිත් අස්ස අවුස්සන්න තව තවත් ඔය ලියන අත් ශක්තිමත් වෙන්න ඕනි..ඔච්චර ලස්සනට හිතන හිත ශක්තිමත් වෙන්න ඕනි..ඔයාගෙ පුංචි රසිකාවියක් විදිහට ආදරෙන් අභීට 💛
මේ සිංදුවෙ විග්‍රහය ඔයාගෙන්ම අහන්න ආසාවෙන් ඉන්නවා...හැමදාමත් ඔයාගෙ වචන වලට ආදරෙයි අභී! ලස්සන නිර්මාණය ක් මේකත්
Aniwaryenma
Yes
අභී & මලිත්... හිත නිවන කට හඩවල් දෙකක් ❤️❤️
අභී.... ලොකු ඉල්ලීමක්... මේ සින්දුව ලියනකොට ඔයාගෙ හිතේ තිබුන හැංගුන කතාව ඔයාගෙ හඩින්ම අහන්න ආසයි..❤ අපූරු නිර්මානයට සුබ පැතුම් ❤අභී ❤මලිත්
ඇත්තටම මේකට ගොඩාක් නිර්වචන තියෙනවා... නමුත් අභීගේ හඩින්ම අභීට හැගුනු දේ අහන්න කැමතියි
ඉක්මනටම ❤ මමත් බලන් ඉන්නවා ඔයා මේ කතාව කියනකම්
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද....?රගමඩල තාම තරුණයි යන්නම අවසරද.....? 🥀Beautiful ❤
අනේ ඇයි මෙහෙම දෙයක් කලේ.. හිත අඬන තරම් 😢😢😢😢😢 අභී මලිත් ඇයි මෙහෙම මිනිස්සු මරන්නෙ ?👌👌❤️❤️😇
මෙච්චර දවස් මේ සින්දුව මග ඇරියා..ඒත් අද කමක් නෑ කියලා හිතාගෙන සින්දුව ඇහුවා..අයියෝ අපරාදෙ ඇහුවෙ..පිහියකින් පපුව හෑරුවා නම් මීට වඩා ඉවසන්න පුළුවන්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පැහැදිලිවම ඔව්
ඇත්ත.
කාලෙකදි දෙන්නම ආදරේ කරපු බව ඇත්ත, ඒත් දවසක යන්න ඕන කිව්වොත් හෝ නොකියාම ගියත් ඔවුනට යන්නට ඉඩ දිය යුතුය.. මන්ද? නික්ම යන්නේ පැමිනි බැවිනි. එහිදී කිසිවකු වරදකරුවන් නොවේ, අත් හැරීම තුල අති සුවපත් බව නොදන්නා තරමට අප ආදරයෙන් අසරන වී අති බැවිනි. ආදරය කිසිදා කිසිවකු අසරන නොකලේය.. මන්ද ආදරය ඇති තැන අත්හැරීම තිබූ බැවිනි.. ❤
මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එකම එක වතාවයි.හැමදාම වගේ මාරම ලස්සනයි 🔥❤❤
ඒක නම් ඇත්ත 🙂❤️
දවසට එකපාරක් අහන්නෙ නැතිව බෑ අක්කී❤️❤️පිස්සුවක්...ඇත්තමයි පුදුම තරම් ලස්සනයි❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඔයාගෙ කටහඩ මත්ද්‍රව්‍යක් වගේ...ඔයාගෙ නිර්මාණ වලට සමකරන්න නිර්මාණ මේ මෑතකාලෙක නම් නෑ අක්කී......මායාවක් අක්කී....තෙරුවන් සරණයි❤️❤️❤️ඔයාව ඇත්තටම දකින්න ආසාවක් තියෙනවා....නුවරට ආවත් ඒ concert එක මගහැරුනා අක්කී
තමන්ගේ නමේ අකුරයි ආදරේ කරන කෙනාගේ නමේ අකුරයි තැන් තැන් වල හීනියය කුරුටු ගාන එක මිනිස්සු එකෙන් හරි ආදරණීය හැගීමක් විදිනවා ❤
ආදරයේ විරහව නොදැනුන කෙනෙක් මේ මිහිපිට ඉන්න විදිහක් නෑ අභී..💖💖ඒ වචන ටික හිතේ රිදෙනම තැනට කතා කරනව...💖💖💖
මේ ලෝකෙ මේ දුක පිරිමි වගේම ගෑණු අයත් අත්විදිනවා…කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති සිංදුවක්. කාලෙකින් අහපු. අභිශේකා මලිත් සුසංයෝගය ❤️
මම මේ Song එක අහුවෙ අද 50 වෙනි වතාව. අභී අක්කි ඔයාගේ කටහඩ නම් භාවනාවක්....මලිත් අයියා ඔයාගෙත් එහෙමයි ❤අක්කිගෙ මේ සින්දුවේ වචන මාරයි. ♥️මගේ රූබර නිළියේ ආදරේ රැගුමක්ද. . . . . ❤රග මඩල තාම තරුණයි. . . යන්නම අවසරද. . . . . ❤Thank You So much Both of You 😍🙈(Akki & Aiya)
මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලෙටම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි.......❤She is saying it again in a different way.......🙂❤
එකගයි
ඔව්
Hmm
ලොකු වේදනාවකින් පිච්චි පිච්චි තිබුණ මගේ හිත...හේතුවක් දන් නැහැ...නිවිල ගියා හරි අමුතු විදියකට...😭🌸🥺❤️🩹අභී....❤️🩹 හැමදාමත් කතා කලේ ඇත්ත හදවතට...මොහොතකට හරි මාව සුවපත් කලාට බොහොම පින්..🙏🌸
හිතින් අමතක කරන්න බැරි ආදරයක් අපි හැමෝටම තියෙනවා! ආයේ ඒ ආදරේ මගේ වෙනවනම්! ❤පුදුම ලස්සනයි 🌹
කවදාවත් හමුනොවෙන ලස්සන මතක
❤️දැනෙන්න,උතුරන්න ලැබෙන ආදරය හිමි වෙන්න ඕනෙ හැමෝටම සදාකාලිකවම...❤️
මම දවසට 3සැරයක්වත් මේ සිංදුව අහනවා.මේකෙන් මිදෙන්න මට බැහැ.මම මේ සිංදුවට ඇබ්‍බැහි වෙලා👌🥰
ප්‍රේමයෙන් නොරිඳුනු හිත් පවා මොහොතකට රිද්දවන පද ගැලපීමක් ❤ මාරම රහයි, ලස්සනයි ❤❤❤❤
ඇත්තක් ❤️
ඒ වචන ඇහෙන්නත් කලින්ම රිදෙනවා.. දැනෙනවා..❤අභී❤ නමින් වැටෙන හුස්මත් ආදරයක්... කලාවක්...
Release කරපු දවසෙ ඉඳන් තාම අහනවා ❤️❤️ අභීගෙ වචන 🥺❤️🌹
ඇයි මේක ඇහුවට එපා නොවෙන්නෙ...විසි තිස් පාරක් අහලා අපිම හිත රිද්ද ගන්නෙ...😢💔
දැන් අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ❤ එතරම්ම දැනිලා තියෙන්නෙ ඒ වචන වලටමලිත්ගෙ , අභීගෙ වොයිස් නියමෙට ඒ වචන වලට පණ දෙනවා ❤
නා දලු අතුරෙන් තෙමුන කෝල ඒ රැය මගෙ ද.....මගේ රූබර නිළියේ ආදරේ රැගුමක් ද...ආසම කොටස ❤
මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ ඒ වචන වලට 🌍🌍🌍
පෙම් කළා කිවුවාට පෙම් කලා වෙනවාද...?තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද...?ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද...?වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද...?❤️🩹🥺🥀
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..එක - ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න මිනිස්සු.දෙක - හිතේ සතුට වෙනුවෙන් බැදීම් අත්අරින මිනිස්සු.හැමදාම බැනුම් ඇහුවෙ දෙවෙනි කොටසේ මිනිස්සු.කවුද හරි, කවුද වැරදි කියන්න දන්නෙ නෑ.ආදරේ නම් යන්නට අවසර දෙන්න... 💚
මලිත් පෙරේරගෙ සoගීතයත් කියල වැඩක් නැහැ සුපිරියි..👍👍👍
“Love is letting go” (ආදරය යනු යන්නට අවසර දීමය) කියන සංකල්පය මතුවෙන තුරුම සමවැදී ඇසූ බැලූ නිර්මාණයක්. මලිත් නමැති දඟයෙක් නිවුණු සිද්ධාර්ථයන් කොට නිර්මාණයක් කරන්නට අභිෂේකාට පුළුවන් වුණා. විවේක පාඩුවෙ අහන්නයි බලන්නයි දෙකම ලැබුණම බවුන් වඩන සිතත් සළිත වෙන තරම් දැනීමක නතරවුණා. තව මොනවා කියන්නද... මීපැණි සමඟ අමෘතය මුහුවුණාම...මැවෙන්නෙ දෙවුලොව!
This is a beautiful comment❤
කෙනෙක් හිතේ තියාගෙන තව කෙනෙග්ගේ වෙනවා කියන්නේ ජීවිත කාලෙම මැරි මැරී ජීවත් වෙන එක. ඊට වඩා හොදයි මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න එක.හරිම සංවේදී ගීතයක්..🥺
මිනිස් සන්තානයේ ගැඹුරෙහි පවතින, මතුපිටට පෙන්වීමට තරම් ධෛර්යයක් නොමැති මිනිස් හැඟීම් කවි වදනට පෙරළන ඔබ නම් අපූර්වයි... අභී... ❤️❤️
මේ වචන කී දෙනෙකුගේ අතීත මතක පාරනවා ඇතිද.🍂❤️
සමහර දේවල් තියනවා වචන කරන්න බැරි...හරියට මේ සිංදුවට දාන comment එක වගේ❤️✨️🌀
Ou koccara ehawat epa wenne ne
💔🥺
ඔව් ...මට මේක අහලා පියවි සිහියට එන්න සෑහෙන වෙලාවක් ගියා.....😢
මේ සිංදුව මට ඊයේ හම්බවුණේ... අදට මං 20 පාරකට වඩා මේක ඇහුවා, බැලුවා... ♥️😇 අනේ මන්දා... කියා ගන්න බැරි හැඟීමක් මේ සිංදුව.... 🙃 All the best Mrs. Abhisheka , Mr. Malith & the crew... ❤💞💐
දැන් කීපාරක් ඇහුවද කියලා මතක නෑ💕💕💕 හරිම ආදරණීයයි❤️❤️❤️ අභී❤️❤️❤️
කී පාරක් ඇහුවා ද කියන්න මතක නැ....ඒ හඩවල් දෙකේ ගැලපීම හා පද රචනය ...❤ වර්තමානයේ බිහි වු හොදම නිර්මානයකි😍🎼
Same here... cant get rid of diz ❤additional
ඔයාගේ අර්ථකථනය හරියට හරී අපිට ආදරය කරන කෙනා අපිට දැනෙන්නේ නැත්නම් එයා කොචර කැප කිරීම් කරත් වැඩක් නෑ .එක එයා තේරුම් ගන්න ඔනි බලෙන් කෙනෙක් ලග රැදෙන්නත් බෑ තියාගත්ත වැඩක් නෑ ❤
මලිත් - අහන්න ආසාවෙන් ඉඳපු voice එකක්..අභී - අහන්න ආසම voice එකක්..තව මොකුත් කියන්න ඕනෙද? 😌❤️
ඔව් ගැහැනියෙකට වටින්නේ භෞතිකව දැනෙන ස්පර්ශයට වඩා හදවතට දැනෙන ස්පර්ශය යි..........ජීවිතයේ කවර තත්වයකදී කුමන වකවානුවක දී උවත් ඒ ස්පර්ශය අමතක වෙන්නේ නෑ...
මාතරට Concert එකක් අනිවා ඕන, මේ සින්දුව සජීවීව අහනකන් ඉවසිල්ලක් නෑ, ❤
මම හිතන්නේ මම ලංකාවේ දැක්ක සහ මට ඇහුන කටහඩවල් වලින් මං ආසම කරන කටහඩ අභිශේකා විමලවීර මහත්මියගේ,, ඇත්තටම මම කලාව සම්බන්දව වැඩිය හොයපු කෙනෙක් නෙවෙයි සහ ආස කරපු කෙනෙක් නෙවෙයි ,, හැබැයි ඇයගේ සින්දු ඇහුවට පස්සේ,,මම ඒ සින්දු වල වචන වලට ගොඩක් ආස කලා ඒ වචන වල පුදුම බරක්,, අරුතක් හැංගිලා තියෙනවා,, ඇත්තටම මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ ඇය නිසා,, මම දැනට උසස් පෙළ හදාරනවා කලා අංශයෙන්,, සිංහල විෂය තමයි මගෙ ප්‍රියතම විෂය වෙලා තියෙන්නේ,, ඇය නිසාම කලාවට ආදරේ කරපු මං දැන් කවි,, සින්දු පවා ලියන්න ඇබ්බැහි වෙලා ඉන්නවා,, ඇය ඇත්තටම ලංකාවට සම්පතක්,, ඒ කටහඩ භාවනාවක්...💆♀️✨️❤
භාවනාවක් වගේ ලස්සන හදවතට දැනෙන වචන පෙලක්...කියන්න වචන නෑ..❤️💗❤️"මගෙ වගේම ඔය හිතේ තාම මන් ඉන්නවද....." "වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද ......"❤❤❤
ගැහැනු පිරිමි වෙනසක් නැතුව අපි ආස අනිත් කෙනාට වීරයෙක්, රූබර නිලියක් වෙන්න..... විවාහය ශාරීරික මෙන්ම ආත්මීය බැදීමක්... නොගැලපීම්, අරුචිකම් එක්ක ඉස්සරහට යන්න හිත හදාගන්න බැරි නම්, ඔව්... අපි රංගනය නතර කරන්න ඕනේ....කාට කොහොම දැනුනත්, රිදුනත්... තමන්ගේ යටි හිතේ ආශවන්, මතකයන් නිසා දැනට ලග නතර උන ආදරයට අසාධාරණයක් කරන්න අපිට අයිතියක් නෑ....නමුත් අපිට විතරක්ම ආදරේ කරන කෙනාට කවදා හරි වෙන කෙනෙක් ලගට යන්න උනොත්, ආපහු මේ ප්‍රශ්නෙම අනිත් පාර්ශවයට බලපානවා නේද..ඒ නිසා මං දකින හොදන දේ... අතීතය අතීතයේ ම තියලා, අපි ශක්තිමතව වර්ථමානෙයේ ජීවත් වෙමු.. අදහසක් පමනි..හැම එකටම වගේ මේකටත් මුලු හිතින්ම ආදරෙයි.ජයෙන් ජය අභී! මලිත් ටත් ආශිර්වාදය!
"පෙම් කලා කිව්වාට පෙම් කලා වෙනවාද "අභී අක්කා හැමදාමත් වගේ හරිම ලස්සන වචන ටිකක්... හරිම ලස්සන සංයෝගයක් ❤️❤️❤️නිදහසේ මේ සින්දුව අහද්දි හිත කොනක ඉදන් රිදෙන්න ගන්න හදවත් හැමදාමත් වගේ ඉදීවි.මේක මගේ කතාව කියලා මතක් වෙන අයත් ඇති.අසීමාන්තිකව ආදරේට ආදරේ කරන හිතක් හැමෝටම ලැබෙන්න ඕනි.❤️
අභී ගේ වචන ඉතින් එක පාරක්නම් අහලා කවදාවත් ඇති වෙන්නේ නෑ. ඒක දිගට සිය වතාවක් අහුවත් මදි ❤️❤️❤️
"පෙම් කලා කිවුවාට පෙම් කලා වෙනවාද?" I felt it🥺🥀 අභී ඇත්තටම ඔයා භාවනාවක්.රිදුණ හිතක් හරි අපූරුවට සුවපත් කරන්න පුලුවන් දේවතාවියක්.ගීතය ගැන කියනවනම් හරි ලස්සන අර්ථවත් පද රචනයක් වගේම අපූරු හඬ සුසංයෝගයක්.මේ ගීතය Release වුණාට පස්සෙ කීපාරක්නම් ඇහුවද කියල මටම මතක නැති තරම්.ඒ වගේම මුලු ගීතය පුරාම තියෙන්නෙ ප්‍රශ්න සහ අභී ඔයා පිළිතුරු දීල තියෙන්නෙත් ප්‍රශ්න වලින්මයි ඒ නිසාම මන් මෙහෙම අහන්නම්🌸අභී ඔයාට කොහොමද පුලුවන් වුණේ මිනිස් හිතක් මේ තරම්ම සංවේදී කරන්න?🌸අභී ඔයාට කොහොමද පුලුවන් වුණේ රිදුණ හිතක් මේ තරම්ම සුවපත් කරන්න?අභී ඇත්තටම ඔයා මායාවක්❤
😌
භාවනාවක් කිව්වොත් නිවැරදී ❤️🩹🕊 කොපනවාරයක් ඇහුවත් ඇතී කියලා හිතෙන්නෙ නැති රසක් 🥺 හිතට කතා කරන්න මෙපන වෙහෙසක් දැරු සියලු දෙනාට තුති ♥️ අභී “ මලිත් හඩින් මේ වන් නිර්මාණ තව බලාපොරොත්තුවෙන් නවතිමි .
වත්මන් ලාංකේය ගීත ක්ෂේත්‍රය තුල උඩුගම් බලා පිහිනා යන කලාකාරිනී අභී♥️
සම්මත, අසම්මත, නියම්, අනියම්,හිමි, අහිමි වුවත් ප්‍රේමයට ඇත්තේ ඉපදීම් පමණමයි.සත්‍ය ප්‍රේමයේ මිය යෑමක් නොමැත.❤ මිනිසුන්ගේ හදවත් තුවාල කරලා හදවත් තුළ මරලා දාපු ඒත් මිනිස්සු හිතින් විඳවන හැගීම් මතුකරලා අරගෙන කදුළු වලින් දිය කරලා ඒ මිනිස්සුන්ට සැනසීමක් දුන්නාට ඔබට පින්
මංමුලාව ප්‍රේමය සොයනවානම්,තවත් කල් සොයන්නට වෙර නොගෙන, හොඳමබැස යාමමයි.තරුණයිනම් තවම රඟමඬල...එහෙමමනම් අවසරයි බැස යන්න...අභී...ආදරෙයි හුඟක්... ❤️
ඇගේ සිනා මල් යළිත් පිපීමතු දිනටත් ගෙන ඒ අභිමන්...එවන් මතක මල් පිපී සැලී හදමැවී තිබේ නුබෙ රුව හෙටටත්...❤
N- නිරාන් වෙනුවෙන් ❤ඔයා හරි පුදුමාකාරයි අභීමිනිස්සු නොකියන හංගන සියුම් නමුත් බර තැන් ඔයා හරි ලස්සනට පද කරනවා..මේ නිර්මාණශීලිත්වය ගිනිගන්න හිත් නිවා සනහනවා..හිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් හැමදාමත් විශිෂ්ඨ නිර්මාණ දෙනවා..සදා ජය..ඒ වගේම මලිත් අයියේ ඔයාටත් ජය ❤ බුදුසරණයි ...ගොඩාක් ආදරෙයි
Kauda niran kiynne 😒😒
@@naduninimesha5769 අභීගේ husband ❤️
හැම පිරිමියෙක්ම ආසයි තමන් ආදරේ කරන ගැහැනු හිත ළග වීරයෙක් වෙන්න.
ඒත් ඒ හිතේ තමන් වෙනුවට ඉන්නෙ වෙන වීරයෙක් කියල දැනුනොත් ඔබ මොකද කරන්නෙ?ගෑනු හිත් ළග වීරයො වෙන්න ඕනෙ හින්දම නොහඩා දරාගෙන ඉන්න පිරිමි කී දෙනෙක් මේ ලෝකෙ ඇද්ද?
හැම ගෑනු හිතක්ම ආසයි ආදරේ කරන පිරිමියා වීරයෙක් වෙනවට.ඒත් ඉතිහාසෙ ඉදලම ගෑනු වැඩිපුර ආදරේ කරේ ප්‍රතිවීරයන්ට.
ඉතින් මං ඔබෙන් මෙහෙම අහන්නම්.
අපි ආදරේ වෙන්න ඕනෙ අපිට ආදරේ මිනිස්සුන්ටද?
අපි ආදරේ කරන මිනිස්සුන්ටද?
අපි ආදරේ මිනිස්සු ඇත්තටම අපිට ආදරෙයිද?
අපිට ආදරේ මිනිස්සුන්ට අපි ඇත්තටම ආදරෙයිද?
අභී!
Wenamama lokayak❤
❤ Speechless 😢
හරි නම් ආදරේ කරන්න ඕන අපිට ආදරේ මිනිස්සුන්ට . ඒත් අපි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන කෙනාට. ඒකයි ආදරේ නිසා මිනිස්සු විදවන්නෙ. ඒත් අභී මට තියන ප්‍රශ්නේ ඇත්තටම අපිට ආදරේ කරන මිනිස්සු ඉන්නවද?
❤❤❤🎉
අපිට ආදරේ කරන අයට අපි ලං වෙන්න ඕනි... ඒත් අපිට මගහැරෙන්නෙම අපිට ආදරේ කරන මිනිස්සු එයාලාගේ ආදරේ අපි දකින්නේ වදයක් වගේ.. ඒත් දවස එහෙම ආදරයක් නැති උන තැන තේරෙනවා.. එතන කොච්චර සැනසීමක් ආදරයක් තිබ්බද කියලා... එම තේරෙනකොට සමහර විට අපි පරක්කු වැඩි ඇති.... ගෑණු ළමයි හැමදාම හෙව්වේ ආදරේ... අපි හැමදාම හිතුවේ අපි ආදරේ අය අපිව පරිස්සම් කරයි කියලා ඒත් එහෙම නොවෙන්නත් පුලුවන් නේද අභී..🥺
මේ සින්දුව ඇත්තටම මට දැනුනේ තේරුනේ මෙහෙමයි.
මේ දෙන්නා එයාලගේ මධුසමයට යන්නේ මේ. ඒත් සාමන්‍යයෙන් අපි දන්න දකින ආදරවන්තයන්ගේ තියන සතුට එයාලගෙන් පේන්න නෑ. විශේෂයෙන්ම ගැහැනු ලමයගේ. ඇත්තටම ඒකට හේතුව විදිහට දැනෙන්නෙ එයා මේ බැඳලා තියෙන්නේ එයා ඇත්තටම ආදරේ කරපු කෙනා නෙවේ. ඉතින් හිත වෙන තැනක තියෙද්දි ගත තව කෙනෙක්ට දෙන්න වෙන වේදනාව ගැහැනු ලමයගෙන් පේනවා.
පලවෙනි කොටසෙදි අහනවනේ කප්පරක් ආදරේ දුන්නත් දැනුන් නෑ නේද කියල ඒ කියන්නේ කොච්චර ආදරේ කලත් ඔයාට මාව දැනෙන් නෑ නේද අහනවා. ඒවගේ හිරි වැටුනු ඕලු මල් පිබිදෙන්නේ කවද්ද අහනවා. මට ඇත්තටම මෙතන තේරෙන්නේ ගෑනු ලමයගේ ශරීරය ඇත්තටම පිරිමි ලමයා වෙනුවෙන් ලැබෙන්නේ කවද්ද වගේ හැඟීමක්. ඕලු මල් මට දැනුනේ ඇත්තටම ගැහැනු කෙනෙක්ගේ පපුවට කරපු උපමාවක් වගේ. හිරිවැටිලා තියනකොට අපිට කිසිම දෙයක් හරියට දැනෙන්නේ හැඟෙන්නේ නෑනේ. ඉතින් මේ හිරිවැටීම ගිහින් ඒ හැඟීම් කවද්ද හරියර දැනෙන්නේ, විඳින්නේ වගේ අදහසක් ඒකෙන් දැනෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්න දෙකක් අහනවා. අනිත් කෙනාව මට වඩා දැනෙන්නේ එයා දුන් හාදු නිසාද , ඒවගේම මට රිද්දන්න බැරි නිසා ආදරේ කියනවද කියලා.
ඉතින් ඔය ප්‍රශ්න ටිකට ඇත්තටම හරි ලස්සන උත්තර ටිකක් ගෑනු ලමයගෙන් ලැබෙනවා. පෙම් කලා කිව්වාට පෙම් කලා වෙනවාද , ඇත්තටම අපි ඕන තරම් ආදරෙයි, අපි ආදරේ කරනවා කියන්න පුලුවන් , හැබැයි ඇත්තටම ආදරේ නොකරනවා වෙන්නත් පුලුවන්. තරු එළියේ පිපුනු මල් හඳ එලියෙන් මැරුනාද , සමහර මල් තියනවා ඒ මල් පිපෙන්නේ මද ආලෝකයට. ඒ මල් වල පැවැත්මට ඕනේ තරු එලිය වගේ අඳුරත් එක්ක ලැබෙන ආලෝකයක්. ඉතින් හඳ එලිය ලැබුනම ඒ මල් වලට මොකද වෙන්නේ. මැරෙනවද ?
ඒවගේම අනිත් ප්‍රශ්නෙටත් උත්තරේ දෙනවා. කලින් කෙනා හාදු දුන්නේ හිතට කියලා කියනවා. ඇත්තටම අපිට අමතක කරන්න අමාරු අපේ හිතේ රැඳුන දේවල්. ඒකයි ඇයගේ මධුසමයදිත් මේ තරම් වේදනාවක් දැනෙන්නේ. අන්තිමට ඇය කියනවා ඇත්තටම වැඩිපුර රිදෙන්නේ කාගේ හිතද කියල දන්නවද කියලා. එතනින් නොකියා කියන්නේ හැමෝටම වඩා ඇය වේදනාවෙන් ඉන්නේ කියලා.
දෙවනි කොටස මධුසමයෙන් පස්සේ දවසේ දෙන්නගේ හිතේ තියන ප්‍රශ්න ගැන යන සංවාදයක් විදිහට මට දැනෙන්නේ. පිරිමි කෙනා අහනවා මගේ හිතේ වගේ ඔයාගේ හිතෙත් මන් ඉඳිඳ.එහෙම නැත්තන් ඊයේ රෑ වගේ එයාගේ නමම කොඳුර කොඳුර ඉඳිද කියලා. ඇත්තටම අපේ ආදරේ හීනෙන් උනත් අපිව ස්පර්ෂ කරන්න පුලුවන් දෙයක්. ඉතින් මේ ගෑනු ලමයා කලින් දවසේ ඇත්තටම කලින් ආදරේ කරපු කෙනා ගැන හිනෙන් මුමුණලා තියනවා. ඒවගේම ඊයේ දෙතොල් වලින් තෙමුණ කෝලව ගත උන රැය ඇත්තටම එයාගේද කියලා මේ පිරිමි ලමයා අහනවා. ඇත්තටම එයා ඒක අහන්න හේතුව වෙන්න ඇත්තෙත් කලින් දවසේ රෑ ඇගෙන් මිමිණුන වචන වෙන්නැති. ඉතින් ඒ නිසා ඒ රැය සම්පූර්ණ තමන්ට හිමි උනත් ඒකේ අයිතිය ඇත්තටම එයාගේද කියන සැකය පිරිමි ලමයට එනවා. අන්තිමට අහනවා මගේ රූබර නිලියේ ආදරේ රැඟුමක්ද කියලා. ඉතින් මට හිතෙනවා ඔයා මාත් එක්ක මේ රංගනක්ද කරන්නේ ඔයාට ආදරේ රංගනයක් වගේද කියලා පිරිමි ලමයා අහ්නවා කියලා.
මේ ටිකටත් හරි ලස්සන උත්තර ටිකක් ගැනු ලමයා දෙනවා. මගේ නමම ඔබේ නමට ලීවා තව මදි නේද, ඇත්තටම අපි අපේ නම තව කෙනෙක්ගෙ නමට සම්බන්ධ කරන්නේ කසාදෙදි. විශේෂයෙන්ම ගෑනු කෙනා පිරිමි කෙනාට. ඉතින් කසාද බැන්ඳත් තව මදිද වගේ අහ්නවා කියලා මට හිතෙනවා. ඊටපස්සේ පොඩි නෝක්කාඩුවක උත්තරයක් ගෑනු ලමය දෙනවා. ඇත්තටම අපි දකින හීන ගැන අපිට දිව්‍රන්න පුලුවන්ද අහනවා. ඒවගේම කියනවා ආදරේ කියලා මේ තරම් හේතු වලට උත්තර දෙන්න බෑ මොකද ආදරේ සිල්ලර දෙයක් නෙවේ කියලා. අන්තිමටම කියනවා රඟමඩල තාම තරුණයි යන්නම අවසරද කියලා. ඇත්තටම එයාගෙන් අහනවනේ කලින් රූබර නිලියේ ආදරේ රැඟුමක්ද කියලා. ඒකට මේ උත්තරේ දෙනවා කියලා මට හිතෙනවා. නිලියකගේ අවකාශය , එයාගේ ඉඩ තමයි රඟමඩල කියන්නේ. ඉතින් තාමත් මගේ ජීවිතේ හොඳම අවකාශය විවෘතයි යන්නද කියලා ඇය සැමියගෙන් අහනවා. ඇගේ ආදරය ලඟට යාමට කරන ඉල්ලිමක් විදිහටත් මට ඒක දැනෙනවා.
ඉතින් ඔන්න ඔහොමයි අභිගේ ගීතයක් බවට හැරුනු සුන්දර කල්පනාව මට දැනුනේ ❤️
Lassanai oya thruma
මටත් දැනුනේ ඒ විදිහෙම තේරුමක් 🥺
@@HiruniHiruni-dz1xh ❤️
@@charinthisilva7915 ❤️
ලස්සන අර්ථ ගැන්වීමක්...❤️
ජීවිතකතාව තුළ මන් මුහුණ දුන් අදුරු සිදුවීමක් අභී, වේදනාත්මක වචන මාලාවක්, වේදනාත්මක රූප රාමුවක් සහ, වේදනාත්මක සන්ගීතයක් සමග එක් කොට සුන්දරව ඉදිරිපත් කළා. යල් පැන ගියපු එක අසුන්දර පැතිකඩක් මට ආයෙමත් පාරක් සිහි උනත්, ඇස් වලට අඩන්නට නොදී, හදවතින් යම් තාක් දුරට හඩමින් මම ගීතය වින්දා.
ඔහු කලකට පෙර මගේ ජීවිතයේ පළවෙනි තැන ගත්තු, මගේ හුස්මටත් වඩා මන් ආදරය කරපු, මගේ ලෝකයේ වීරයා උනා. ජීවිතේ පළවෙනි වතාවට, තාත්තට පස්සෙ පිට පිරිමියෙක් පනටත් වඩා විස්වාස කරපු පළමුවන සහ අවසාන අවස්තාව එය උනා. මගේ ජීවිතයට සතුටුදායක හමුවීමක් වෙලා, දහස් වාරයක් හිතෙන් වැටෙමින්, කදුලු උල්පත් වල ආරම්භය සනිටුහන් කරමින්, නික්ම ගිය ඔහු අදටත් මට මුනගැසුනු සොදුරු මිනිසෙක් ලෙසට පමණක් මම දකිනවා.
ඔහුගේ නික්ම යාම මාව අගාදයකට ඇද දැමුවා. තුන්වතාවක් ජීවිතය විනාස කරගැනීමට මම උත්සාහ කළා. නොකා නොබී ගතකරපු දින ගනන මටවත් මතක නැහැ. දිග පතරන්ක ප්‍රමානයෙන් ටයිප් කර සෙන්ඩ් කරපු මැසේජ් දුසිම් ගණන් ඩිලිවර් වෙද්දි ඔහු ගලක් උනා. මන් වෙනුවෙන් අඩන්න, වැලපෙන්න නැති උවත් මා වෙනුවෙන් එක් මොහොතක් දුක් වෙන්නවත් ඔහු මට ප්‍රේම කර තිබුනේ නෑ. මුලාව, තනිකම සහ වේදනාව සමග අකමැත්තෙන් හෝ මට මිතුරු වෙන්නට සිදු උනා. මගේ කදුලු, මගේ වේදනාත්මක දුක් ගී අදෝනා, ඔහුට තවත් එක් විහිලුවක් පමනක් වෙද්දි, මම ජීවිතයේ නොගතම යුතු, එක් පව්කාරී, විනාසකාරි, තවත් එක බරපතල තීරණයක් ගත්තා. ඒ ඔහුට වයිර කිරීමට!නමුත් ඒ වයිරය, තරහව ඇතුලේ එකලත් මගේ හිත තුළ බුර බුරා නැගුනේ ඔහු වෙනුවෙන්ම දැවෙන ආදරය පමණයි.වයිර කිරීම, ඔහුට බාධා කිරීම තුළින් මා ප්‍රාර්තනා කළේ, ඔහුට මාව සිහිවීම සහ ඔහුගෙ ආගමනයයි. නමුත් ඒ තුලින් මා තව තවත් ඔහුට පිලිකුළක් උනා.
ඔහුගේ මතකයන් අමතක කරගන්නට බැරි තැන මම ජීවිත සෙල්ලමක් කළා. ඒ ඔහුව අමතක කිරීමට වෙනත් පුද්ගලයෙකු යොදාගැනීම. මා කිසි දිනෙක දෙවැන්නාට ප්‍රේම කළේ නැ. මට හුදෙක් අවැසි උනේ, ඔහු නැතත් මා සතුටින් බව ඔහුට ඇගවීමට පමණයි. දෙවැන්නාගේ උත්තරීතර, පිවිතුරු ආදරය මට සෙල්ලමක් පමනක් උනා. මගෙන් ආදරය ඉල්ලන, අතීතය අමතක කරන ලෙස කදුලු හලමින් ඉල්ලන ඔහු අදටත් මට සිතුවම් පටලයක් මෙන් මැවෙනවා. පිරිමි කදුලු හරි බලවත්. හැමදාම නොහැලුනාට ඒ කදුලු හරි බලවත්. මට සිතුනෙම එහෙම. අතීතය අමතක කරන්නද, වර්තමානය අමතක කරන්නද කියන තීරණ දෙක මැද්දෙ මම ආයෙමත් තනි උනා. මම කරපු වැරැද්දේ බරපතලකම මට ඒ වෙලාවෙයි තේරුනේ. අභීගේ 'මතක' සින්දුවේ එන "නිල්පාට කටරොලු මලක නිල පිපුනු හිතකට දෙන්න තිබුනා" කියන පද පෙළ හැමදාම හද තුළ දෝන්කාර දුන්නා. මම පෙරටත් වඩා වේදනා වින්දා. දෙවැන්නා මට පමණක් වීරයෙක් උනු අයෙක්.ඉතින් එවැනි උතුම් මිනිසෙක් මා අහිමි කරගත යුතුද? කෙසේවත් නැත.
උතුම් වූ මයිත්‍රී භාවනාව, කාර්‍යබහුලත්වය සහ සිතුවිලි පාලනය කිරීම මගින් නැවතත් පන නොඑන ලෙස ප්‍රතම ප්‍රේමවන්තයා හදවතින් මරා දැමුවා.නමුත් ප්‍රේමය මා මැරුවේ නැ. ඔහුව ආගන්තුකයෙක් ලෙසට දැකීමට මා කල්යත්ම හුරු උනා. දෙවැන්නාට මුලු හදම පිදීමටත්, ඔහුව පුලුවන් කාලයක් රැකගැනීමටත්, ඔහු මා ළග රැදෙන්නේ කවදාටද ඒතාක් ඔහුට ආදරය දෙන්නටත් මා වගබලාගත්තා. නමුත් ඔහු නික්මුනත්, පෙර තරම්ම මා වේදනා නොවිදුනු ඇති බව සත්තයි. ළගදිම අතිනත ගන්න මගෙත්, දෙවැන්නාගේත් ආදරයට වසර හතරක්. දැන් ඔහු මගේ ජීවිතයේ දෙවැන්නෙක් නොවේ. මට ආදරය දුන් ප්‍රථමවැන්නායි.
අභි එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ අපි ආදරේ අපිට ආදරේ අයටද? අපි ආදරේ අය අපිට ආදරේද? උත්තරය නැහැ
නමුත් මේ තාවකාලික අත්දැකීමක් ගැනිමට අපි පැමිනි මේ කෙටි කාලින මනුශ්‍ය ජීවිතය තුල දුක් විදින්නේ මන්ද. තමාට ආදරය නැති එකෙකුට දිවි දී ප්‍රේම කිරිම පිහි තලයකින් පපු තලය කපන්නා හා සමාන වේදනාවකි. නමුත් තමාට ආදරය කරන්නෙකුට ආදරය කිරීම මල් පෙත්තක් මත සුවසේ නිදන්නා සේ හැගෙන මිහිරකි. සතුටකි. ගිනිගන්නා සිතුවිලි වලින් නිවීමකි. ඔබ ඔබට ආදරය කරන්නෙකුට ප්‍රේම කරන්න. ඔහු/ ඇය ඔබව මිහිරෙන් මිහිරට රැගෙන යාවි. ඔබ ඔබට ආදරය නොකරන්නෙකුට ආදරය කරන්න. ඔහු/ ඇය ඔබව වේදනාවෙන් වේදනාවට රැගෙන යාවි.
"අභී" මන් හරි ආසයි ඔයා මේ දේ නතර කරනවනන්. මේ විදියට මම වලදාන මතක ගොඩට අදින එක නතර කරනවනම්. එතකොට මට පුලුවන් පරන මතක වලින් මොහොතක්වත් විදවන්නෙනැතුව ඉන්න.
ඒත්,
"අභී" මන් ඊටත් වඩා හරි ආසයි ඔයා මේ විදියට මට කතා කරන එකට. එතකොට මට පුලුවන්, නිවී හැනහිල්ලේ කෝපි කෝප්පෙකුත් බොන ගමන් ඔයාගෙ වචන අස්සෙ හිරවෙලා ටික වෙලාවකට අතීතෙ මතක අස්සෙ ගමනක් ගිහින්, ඒවයෙ තියන සුන්දර තැන් අස්සෙ ආයෙ තනි වෙන්න.
"අභි" මන් ඔයාට සැහෙන්න අකමැතියි. ඒ වගේම සැහෙන්න ආදරෙයි.
මාත් 😘
❤❤❤
ඒ වචන අස්සෙ මාත් අතරමං වුණා 💔
ඒක මගෙත් කතාව
අභි ඔයාගේ වචන හරි අමාරුයි මට ...
නිර්මාණය ලස්සනයි ❤️
❤❤❤ මමත් ඒ වචන වල අතරමන් උන තවත් කෙනෙක් ඔයාගෙ අලුත් ජීවිතයට හදවතින්ම සුභ පතනවා
විවාහයෙන් පසු මධු සමය ගත කිරීමට යන තරුණ යුවලකගෙ සංවාදයක් තුළින් මෙදා සැරේ අහිශේකා විමලවීරන්ගෙ අකුරු සහ ඇගේ හදවත මත රටා අඳින හඬ මගෙ හදවත සියුම් ලෙස පාරා දැමූ බව කිව යුතුය..
මේ කතාවේ සැමියා මේ බිරිඳට කප්පරක් තරම් ආදරේ කළත් ඇයට ඒ ගැන දැන්නෙන්නෙ නෑ. ඉතිං හිරි වැටුණ ඕලු මල් වලට සමාන කෙරූ ගැහැණු පපුවේ හිරි ඇරිලා ඔහුගෙ ආදරේ ඇයට දැනෙන්නෙ කවදද කියලා ඔහු ඇගෙන් දින වකවානු අහනවා. එහෙම හරි බලාපොරොත්තුවක් ඔහු ඉල්ලනවා කියලා මට හිතෙනවා.. මං දුන්න හාදු වලට වඩා දැනෙන හාදු කළින් පෙම්වතා දුන්නාද? ඒ ගැන කියලා මට රිද්දන්න බැරි කමට මගෙ ආදරේ දැනෙනවා කියලා ඔයා මට බොරු කියනවද කියලාත් ඔහු ඇගෙන් විමසනවා..
ඔහුගෙ ඒ ප්‍රශ්නයට ඇය අපූරු පිළිතුරක් දෙනවා..
ආදරේ කළා කීව පලියට ආදරේ කලා වෙනවද.. ඒ ආදරේ කියපු පළියට දැනෙනවද කියලයි මට හිතෙන විදියට ඇය අහන්නෙ.. රෑ අහසේ පායන තරුව පෙම්වතා නම් ඇය සැමියාව සමාන කරන්නෙ හඳට.. පෙම්වතා ළඟදි දැනුන වින්ද ආදරේ සැමියා ළඟ දි අමතක වෙලා යනවද.. අලුත් ආදරයක් ලැබුන පලියට වින්ද ඒ ආදරේ මැරෙනවද කියලයි ඇය ඔහුගෙන් අහන්නෙ.. පෙම්වතා හාදු දුන්නෙ ගතට නෙවෙයි හිතට නම් ඒ ආදරෙ සිහිවෙද්දි ඇගේ හිත අද කොච්චර නම් පිච්චෙනවද..? ඒක එහෙම වෙද්දිත් වැඩිපුරම රිදෙන්නෙ ඔයාටද මටද ? අපි දෙන්නාගෙන් වැඩියෙන්ම රිදෙන්නෙ කොයි හිතටද කියලා ඇය අහනවා.. ඒ දෙන්නාට රිදෙන තරම වෙන වෙනම රූප රාමුවෙ පෙන්නලා දෙන්නත් අමතක කරලා නෑ.. සැමියා ආදර ගින්නෙන් නිවෙන්න වතුර මල යටත්, ඒ වගේම මේ බිරිඳ පිච්චෙන තරම පෙන්නන්න ඇය පුලුස්සන රෝස පෙත්තත් අපූරුවට භාවිතා කරලා තියෙනවා..
මොන දේ උනත් මගෙ හිතේ ඔයා ඉන්නවා.. ඒ වගේම ඔයාගෙ හිතෙත් මට ඉඩක් තියෙනවා ද කියලා සැමියා ඇගෙන් අහනවා.. අතීතෙ කුමක් වුවත් අනාගතේ ඇයත් එක්ක ආදරෙන් හරි ලස්සනට අත් අල්ලන් ගමනක් යන්න බලාපොරොත්තුවක් ඔහුට තියෙනවා කියන්න ඒ වචන වලින් මට හැඟෙනවා.. ඊයෙ රෑ අතීතෙ නම් හෙට කියන්නෙ අනාගතේ කියලායි අභී අර්ථ ගන්වලා තියෙන්නෙ.. ඉතිං ඊයෙ වගේ හෙට දවසෙදිත් පෙම්වතාගෙ මතකෙ ඔයාගෙන් මිමිණෙයිද කියලා ඒ සැමියා අහනවා.. නා දලු වතුරෙන් දෙතොල් පහසින් තෙමුණ ඒ කෝල රැය, මංගල රැය මගෙ විතරද කියලා තමයි සැමියා අහන්නෙ.. ඇයට ඒ රැයේ විශේෂය නැද්ද කියලා ඔහු හිතනවා.. කෝල ඔහු විතරද කියලා සැකයක් තිබුණා කියලයි මට හැඟුනෙ. මගෙ ලස්සන නිලියේ මේ ආදරේ රංගනයක්ද, මවාපෑමක් ද කියලා අහන්නත් ඔහු අමතක කරන්නෙ නෑ..
ඊට බිරිඳ දෙන පිළිතුරුත් හරිම නිර්මාණශීලීයි..
නීතියෙන්ම නම් දෙක එකට ලීවත් අයිතිය ඔහුටම පවරා දුන්නත් ඔහුට මදි නේද කියා ඇය අහනවා.. ඊට එහා යමක් බලාපොරොත්තු වෙනව නේද කියලායි ඇය ඔහුගෙන් ව්‍යංගාර්ථයෙන් අහන්නෙ.. කෙනෙක් රෑ දකින හීනයක් වෙනත් පාර්ශවයකට පේන්නෙ නෑ.. එහෙම තියෙද්දි ඒ ගැන දිව්රලා ඔප්පු කරන්නෙ කොහොමද.. ඇය දකින හීනත් ඇයට සත්‍යම කියා දිවුරන්න හැකිද කියලයි ඇය අහන්නෙ. ඒක ඇය රූප රාමුවේ හරි අපූරුවට පෙන්නලා තියෙනවා.. මට හිතෙන්නෙ ඇය දකින හීනෙ තමයි ඇය වැල්ලෙ ලියන්නෙ.. නමුත් ඔහුට පේන්නෙ ඇය දකින දේ නෙවෙයි ඇය පෙන්නන්න දේ.. ඒ නිසාම ඒ ගැන නොකියා ඉන්න තීරණය කරනවා.. මොකද ආදරේ කියන්නෙ සිල්ලරට කිරන්න ඕනෙ හැඟිමක් නෙවෙයි කියලා ඇය විශ්වාස කරන නිසා.. අවසාන වතාවට ඇය ඔහුට පිළිතුරු දෙන ගමන්ම ඔහුට හිතන්න දෙයක් ඉතුරු කරනවා මම ඔබ ඉදිරියේ රඟපාන නිළියක් නම් මේ රඟපෑම තවමත් පටන් ගත්තා විතරයි.. තව දුරටත් මේ රඟපෑම කළ යුතුදැයි ඇය අවසානයේ ඔහුගෙන් විමසනවා..
අර කළින් ඔහුගෙ හිතේ මැවුන ප්‍රශ්නය, මංගල රැයට කෝල ඔහු විතරද කියන ගැටළුවට ඔහුට අවසානෙ ලස්සන පිළිතුරක් රූප රාමුවෙන් මැව්වා කියලයි මට හිතෙන්නෙ..
අභීගෙ අකුරු, හඬ වගේම මලිත්ගෙ සංගීතය හා හඬත් මේ නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව කිව යුතුමයි.ඒ වගේම ඔවුන් දෙදෙනාගෙම රංගනයද ඉතා විශිෂ්ඨ ලෙස මේ නිර්මාණයෙ සාර්ථකත්වයට බලපා ඇති බව මගේ හැඟීමයි.. තම ආදරේ අහිමිවීමේ දුක, ජීවිතේ ගැන දැනෙන අවිනිශ්චිත බව, කළකිරීම අභීගෙ මූණෙන් මනාවට පෙන්නුම් කරලා තියෙනවා..
බලාපොරොත්තු වන ආදරේ නොලැබීමෙ සහ තම ආදරේට වටිනාකමක් නොලැබීමේ වේදනාව, ජීවිතේ ඉදිරියට තැබූ වටිනාම පියවරක් හමුවේ පරාජය වීමේ දුක මලිත් හරි අපූරුවට ඔහුගේ මුහුණෙ ඉරියව් වලින් කියා පානවා..
ආදරේ නම් යන්න දීමය..
රඟ මඩල වියපත් වෙමින් පවතී..
ඇත්ත .. ආදරේ නම් බලෙන් රඳවා ගැනීම නොවේ.. දෙපාර්ශවයට විඳවන කාරණාවක් බවට පත් නොකර ආදරේ නම් යන්න දිය යුතුය..
රඟ මඩල නම් ජීවිතේ වියපත් වෙමින් පවතී.. විඳින්නට තියෙන ජීවිතේ විඳවන්න කරුණු හදාගෙන ජීවිතේ අපායක් කරගන්නවාට වඩා තරුණ රඟමඩල තුළදීම තීරණයක් ගත යුතු බව අභීගෙ මේ නිර්මාණයෙන් ඉස්මතු කර ඇත..
හැමදාමත් වගේ ඉස්තරම් නිර්මාණයක් 👌
මට දැනුනෙත් මේ විදියයි🥹❤️
❤️❤️
අම්මෝ එක හුස්මට කියෙව්වා මේ cmnt එක.
අම්මෝ...ඒ කමෙන්ට් එක..❤❤❤
❤️
අභිගෙ අලුත් සින්දුවක් ආවම ඒක දහදොලොස් පාරක් අහලා පරන ඒවත් ආයෙ ආයෙ අහන්නෙ මං විතරයි ද
තව කෙනෙක් ඉන්නව ❤️
mamath
Ai mamat pessuwen ahanawa
මමත් ❤️
Math innwa
රිදවීම කලාවක් නම් අභී එහි පිකාසෝ වෙයි.🥺❤️ much love ABHI ❤️
ඔයා හරි අක්කේ ......
True❤
ඇත්තටම 😞💔...
ඇත්තමයි ඒ කතාව
සහතික ඇත්ත
මලිත්ගෙ රංගනය ඒ මූනේ ,ඒ ඇස් වල හැගීම් ප්‍රකාශනය දකිද්දිත් ඇග හිරිවැටෙනව 😢😢
ඔහොම සිංදු හදන්න එපා අප්පා😔😔 මේ අහන 50 ස් පාර💔
❤
Math.
🥺🥀
Me too
Math, nitharama ahanawa.
Mama 100 penala balla athi
අභි කොහොමද හැම සින්දුවක්ම මගේ කතාවට පොඩි හරි සම්බන්ධයක් තියන විදියට ලියන්නේ... නෑ සමහරවිට මං අභි ට ආදරේ නිසා එහෙම හිතින් මවාගෙන ඇති....
භාවනා කරන්න ඇස් වහන්න ම ඕනි නෑ.. ❤
ලංකාවේ සංවේදි මිනිස්සු නැ කිව්වොත් මේ සිංදුවේ comments බලන්න ♥️✨️
Eka nam attha
"පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද...
රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවද ❤..."
ඇය වරෙක කියනවා ආදරය යනු හිත හීරෙක එක, ඒ මැද්දෙන් හිනා වෙන එක කියලා... දැන් අය කියනවා ආදරය කියන්නෙ යන්නට දීම කියා.. සැබැවින්ම ආදරය ඇයව වෙනස් කරලා... කවුරු කොහොම කිව්වත්, ආදරය කියන්නෙ යන්නට දීම කියලා... අපි එහෙම කියන්නෙ අපේ හිත සනසවගන්න මිස ඇත්ත නම් ඔහුගෙ හෝ ඇයගෙ යලි පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා.. මම කතාවක් අහලා තියෙනව ඔබ වරෙක දෙදෙනෙකුට ආලය කරයි නම් ඔබ අනිවාර්යයෙන්ම තෝරාගත යුත්තෙ දෙවැන්නාවයි. මන්ද යත් පලමුවැන්නාට ඔබ සැබැවින්ම ආදරේ නම් දෙවැන්නෙක් සිටින්නෙ කෙසෙද... ළඟ තබා ගන්න බැරි ගොඩක් දේවල් වලට අපි යන්න දුන්නට හිත ඉල්ලන්නෙම ඒ දෙවල්. අපි කරන්නෙම හිත හදාගන්න එක මේ ගීතයේ වගේම...
"රඟ මඩල තාම තරුණයි
යන්නම අවසරද ...?"
Abhisheka Wimalaweera ගෙ ගීත වල කියවෙන්නෙ අපේම ජීවිත කතා.. ගීතයෙ පද රචනය, රූප රචනය ඉස්තරම්. ''මතක'' ගීතයෙ ඇය ඉරි දෙකක් මැදින් හරස් ඉරක් අදිනවා වගෙමෙ රගමඩලේදි ඉරි තුන, හතරක් කරනවා.. එයයි සැබෑම යතාර්ථයට. මා ඔබේ ගීත වල හෘද්‍යාංගම බව ප්‍රිය කරමි..
ආදරෙයි අභී ❤️
Ekanam pattaaa
සහතික ඇත්ත
🥺😔
හිතක් දකින්නට, කියවන්නට කාටවත් නොහැකි නිසාම සගවන්නට හැකි දේ බොහෝමයි.. ආදරයේදී තෝරා ගැනීම් කිහිපයක් කල හැකිය.. විවාහයයට එය බාදාවක් නොවී අතිතයෙ මතක ලෙස තැන්පත් කර විවාහයට අවංක විය හැකි නම් අතිතය විටෙක පැමිනියත් සිතින් හඩා මුවින් සිනාසී... විවාහයත් සමග ඉදිරියට යන්න පුලුවන්නම් රිදෙන බිදෙන හිත් සුවපත් වේවී...
ඇය N අකුර M අකුර බවට පත් කරා... N නම් ඇයගෙ පෙම්වතාය M ඇයගේ සැමියාය.. ගෑනූ නම් එසේය.... බොහෝ ගෑනූ පිරිම් දෙපාර්ශවයම බේදයකින් තොරව ආදරය විරහව වෙනුවට ජීවිතයේ සැනසීම සොයයි
මේක අභීගේ කොන්සට් එකක ලයිව් අහන්න පුලුවන් නේද කියලා මතක් වෙද්දි 😍✨️
"මගෙ රූබර නිලියේ ආදරේ රැගුමක්ද " කියලා අන්තිමට කියන තැනදි ඒ voice එක ඇහෙනකොට දැනෙන හැගීම, මට තේරෙන්නෙ නෑ ඒක ගැන කියන්න, ඒත් එක්කම අභී අක්කෙ "රග මඩල තාම තරුණයි යන්නම අවසරද" කියලා අහනකොට , මේ වෙන් වෙන්න අවසර ඉල්ලන විදියෙ ඒ පද පේලි දෙකේ තියෙන සංයමය, වේදනාබර බව, හැගුම්බර බව, විඩාබර බව තව වෙන් කරල කියා ගන්න බැරි කෑ ගහලා අඩන්න තරම් හිතෙන හැගීම් ගොඩාක් ගැබ් වෙලා තියෙනවා කියලා දැනෙනවා
හිතින් වෙන කෙනෙක්ට ආදරේ කරලා, ගතින් වෙන කෙනෙක්ගේ වෙන එකම දුකක්..... ඒ නිසාම වෙන්න ඇති සමහර මිනිස්සු පරණ මතක එක්කම තනියම ජීවත් වෙන්නේ....ඒ මතක හරිම සුන්දරයි ❤
ඒ මතකය එක්කම ජීවත් වෙන්න ආස වුණාට එයා ඉඳුල් කරපු තොල් දෙකවත් වෙන කෙනෙක්ට දෙන්නවත් ආස නැති උනත් තමන්ගේ අයගේ හීන දිනවන්න ඕන නිසා අකමැත්තෙන් වුණත් උනත් ගොඩක් කෙල්ලන්ට කාගේ හරි වෙන්න වුණා ජීවිතේ 😢
@@nalinkaluarachchi1102 hmmmm ඔයා කියන්නේ ඇත්ත 😔😔
@@nalinkaluarachchi11020
"රිද්දන්න බැරිකමට දැනෙනවා කියනවද"
"පෙම් කළා කිව්වට පෙම් කළා වෙනවාද"
හිතට අමාරුම තැන් දෙක 😥✨️
Tharu eliye pipuna mal handa eliyenmarunaada
"Mage wagema oya hithe.."
75 ස් වතාවක් විතර බලලත් ඇයි මේක එපා වෙන්නේ නැත්තෙ😢
කිසිම කාලේක කිසිම ගීත රචනයකට සමාන කරන්න බැරි, කිසිම කාලෙක කිසිම හඩකට සමාන කරන්න බැරි අමුතුම අනන්‍යතාවයක් "අභී". හදවත් සමීපව ස්පර්ශ කරන වචන❤
රූප රචනය බලද්දී ගීතය අමතක වෙනවා✅ගීතය අහද්දී ඇස් පියවෙන නිසා රූප රචනය නොපෙනී යනවා.🙏 ඉතිං ආයේ ආයේ බලනවා.අහනවා 🌷
ඇත්තටම ❤
ඇත්තටම ...
ඒක නම් ඇත්ත
ඒක නම් ඇත්ත කී පාරක් ඇහුවද බැලුවද මන්ද
දවසට කී වතාවක් නම් අහන්න ඇතිද කියලා හිතන්න බෑ...දවස් පහක් අදට...ඒ දවස් පහට මේ ගීතය කෙතරම් ඇහුවද දන්නේ නෑ...හිතට නිවනක් නෑ ගෙනෙන හැම ගීතයක්ම හරි ලස්සනට විඳින්න පුලුවන්...ඔබ හදවතේ රැඳුන නිහතමානි ගායිකාවක්....❤ මෙහි පද අරුත ඔබෙන්ම දැනගන්නට ඇත්නම්.................
ඔව්..මමත් කී පාරක් බැලුවද කියලා මතක නෑ ..ඒ තරම් හිතට දැනෙන ගීතයක්
Mamath.. 😊
Math
Mamath❤
Mamath
Mr.Sunil Wimalaweera කොපමණ අනර්ඝ නිර්මාණ කරලා තිබුනත් එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය
අභී...🙂❤️💫
ආදරෙයි 😘
@@abhishekawimalaweera.official❤
@@abhishekawimalaweera.official🥹❤🤗
@@abhishekawimalaweera.officialad
🌷🤍
Abhi වෙනමම Brand එකක් ❤️ කරපු හැම Song එකක්ම Masterpieces ❤️
නිස්සාර ❤️
මතක ❤️
සබදිනි ❤️
හවසක මා ❤️
තවම පණ ❤️
රඟමඩල ❤️
රිදි රිදී ❤️
දෙකොපුල් ❤️
සීමා නෑ ❤️
නේත්‍රා ❤️
චන්ද්‍ර මණ්ඩලේ ❤️
Vocals + Lyrics + Melody එකකට එකක් දෙවෙනි නැහැ ❤️
ප්‍රේමය නිසා විදවන හිත් සුවපත් වේවා ! 🥺❤️
😥😥😥චේති💔
😥😥😥
කොයිතරම් මවා පෑම් කළත් හැම ගෑනූ හිතකම කොහේ හරි හැංගුන අහිමුවුණු කෙනෙක් ගැන මතකයක් තියෙනවා ....ඉතිං අභී මේ කියන්නේ ඒ හැගීම කියලා මට හහිතෙනවා ❤❤
ගීතය වගේම රූප රචනයත් තරමක් ගැඹුරුයි වගේ මට දැනෙනවා...
ඕනම නිර්මාණයක් විවිධ කෝණ වලින් අපිට දකින්න පුළුවන්...අභී හැම වෙලේම අපිට හිතන්න අවසර දීලා තියනවා...
ඉතින් මේ මගේ අදහස...
මුලින්ම පටන් ගන්නේ වාහනයේ දර්ශනයෙන්,එතනදී කුරුළු පිහාටු පෙන්නුම් කරන්නේ සැහැල්ලු ජීවිත දෙකක් කියලා හිතෙනවා...ඔවුන් යන්නේ මුහුදු තීරයේ ගල් තියෙන තැනකට,විටක ජීවිතය සැහැල්ලු වුනත් හිත් ගල් වෙන්නත්, මුහුදක් වගේ විශාල වෙන්නත් පුළුවන්...නමුත් මේ අතර අර වාහනය ගමන් කරනවා...ප්‍රශ්න අතර ජීවිතය ගලාගෙන යනවා වගේ...
මේ මධුසමයට යන යුවල ගෙන් සැමියා බිරිඳගේ සිත දිනාගැනීමට විශේෂයෙන් යහන කාමරය සරසලා තියනවා...යම් තැනක ඔහු පවසනවා හිරිවැටුන ඕළු මල් පිබිදෙන්නේ කවදාද කියලා...ඕළු මල පිපෙන්නේ මඩේ...හැබැයි ඒ මල පිපෙන්නේ මඩෙන් උඩට ඇවිත්...මෙතන සැමියා බිරිඳගේ අතීතය ගැන විමසනවා වගේම ඔහුගේ ආදරය ගැන හරි ලොකුවට පවසනවා...ලං වෙන්න ආසාවෙන් ඇය ඇදට ගියත් ඇදේ තිබුනේ වෙලුන මල් පොකුරක්...ඇය ඒකට අකමැති වෙන්නේ කැප කිරීම ගැන ඔහුගේ දෙඩවීමට අකමැති බවක් පෙන්වමින්...
සැමියා පවසන දේ සත්‍යයක් බව ඇගේ ගෙලේ පසුපස ඇති අකුර මලිත් ගේ නොවන "N" අකුරක් පෙන්වනවා...ඒ වගේම ඇය ගෙල සිරවෙන්නම බැද ඇති මාලෙනුත් බැදීම දිස් වෙනවා...ඇය කෙස් කලඹෙන් එය වසාගෙන රාත්‍රිය විදීමට සූදානම් වෙනවා...
ඇය සැමියාගෙන් විමසනවා... ආදරේ කියූ පමණින්ම ඒක ආදරය වෙනවද? හැබැයි මේ වෙලාවේ ඇගේ ගෙලේ මාලය නෑ...ඇය තරමක් නිදහස් වෙලා....තරු එළිය පිපුණු මල් සඳ එළියේ මැරෙනවා ද?තරු එලිය කියන්නේ පොඩි එළියක් ඒ එලිය හඳට සමාන නෑ,පෙර පෙම්වතෙක් හිටියට සැමියා තරම් නැති බව ඇය ඉගි කරනවා... නමුත් ඇය ඒ රාත්‍රියේ රෝස පෙති පුළුස්සනවා...ඒ ඇය ඇගේ අතීතය අමතක කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්... හැබැයි මේ වෙද්දි සැමියා තෙත බරිත වෙලා...කාමයද ඔහුගේ හදවතේ බොළඳ බව නිසා වෙන්නත් පුළුවන් ප්‍රේමය ගින්දරක් ඇත්තටම මෙතන වැඩි පුරම හිත රිදෙන්නෙ කාටද? බොළඳ සැමියටද? තමාටද?
ගල්ගොඩක කල්පනා කරන බිරිඳගේගෙන් සැමියා අහනවා...ආපහු මම තරම් ම ඔයා මටත් ආදරේ කරනවද?ඊයේ රෑ වගේම හෙටත් කලින් කෙනාගේ ගැනම හිතනවද??මගෙත් එක්ක ඒ ගෙවපූ රෑ සුන්දර වුණේ ඔහුගේ රෑපය මගෙන් මවාගෙන ද???
සැමියා ඇත්තටම ඇයට ආදරය කරන බව එක වචනයක තියනවා...ඇය මේ කරන්නේ තමාව රවටන රැගුමක් වුනත් "මගෙ රූබර නිලියේ" ඇය තමන්ගේ කරගෙන අවසානයි නමුත් තවමත් ඔහු සිටින්නේ සැකයකින්....
ඔය අතරේ පෙන්වනවා සැමියා රතු වයින් එක බොනවා...මත්වෙලා බොරුවට පුංචි දේත් ලොකුවට කියවන කෙනෙක් බව ඉන් පැහැදිලි වෙනවා....
නිහඩව හිටපු බිරිඳ කතා කරනවා කසාද බැඳලා ඉන්නේ ඔයයි මමයි...ඒක ම ඔයාට මදිද? තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මට දැනුන අතීතයක් තිබූනා නමුත් දැන් ඉන්නේ ඔයා ඒක වෙරලේ N අකුර M කරන ආකාරයෙන් පෙන්වනවා...ඇය පවසනවා නමුත් රෑ දකින හීන ගැන මට පාලනය කරගන්න තව කල් යයි...මේ තරමටම ප්‍රශ්න කරන්න තරම් ආදරේ නිවටද??
ඔයයි මමයි තාම තරුණයි...ඔයාට හිතෙනවා නම් අපි වෙන් වෙමු කියලා ඇය පවසනවා.... නමුත් සැමියා තවමත් ඇයට ආදරය කරනවා....අවසාන රූප රාමුවේ ඇද මත බිරිඳ ඔහුට අයිති වූ බවට ලේ පැල්ලම තියනවා.... සැමියා ඒ මතට තමන් බොමින් සිටි වයින් එක හලනවා....දෙදෙනා අවසානයට එකම ඇදක වැතිරෙනවා.... විවාහයක ගැඹුර තේරුම් ගත්තා වගේ....
සමාවෙන්න වෙනමම පැතිකඩකින් මේ නිර්මාණය විග්‍රහ කරාට...මගේ අදහස මේ තවත් අය සියුම් දේවල් මේ තුළින් දකීවී....
අභී...මේ වගේ නිර්මාණය තව තවත් කරන් යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන...තරුණ තරුණියන් සේරටම සංගීතය නිර්මාණය ය රූප කාව්‍යක රසාස්වාදය විදින්න ඇබ්බැහි කරාට පිං... ❤
ඔහු ළඟ හිටියාට ඔය හිතේ මං නේද?
අපෙ මතක එක්කලා හීනෙන් පොර බඳිනවද?
හඳ අයිති අහසටයි එ් බව දැනුනාම
මගෙ සඳවතියේ පොළවට නුඹ බර වැඩි නේද?
මා රාග සිතින් බැලුවේ නෑ ඔහුට කියන්න
අපි අතැඟිලි පටලන් හීන දැක්කා නොවෙද?
හීන මිසක් ඔබෙ උණුසුම මං නොවින්ද ම
එ් රැය හැමදාමත් ඔහුගේ ඔබ පවසන්න.
හරිම ලස්සන පිලිතුරක්
Lassanai...
ලස්සන පද ගැලපීමක්
Godak danuna eka ♥️
Really ..very.,beautyfull
අභිශේකා අක්කේ ඔයාගේ සිංදු ගොඩක් අය ඉස්සරහ ඉදන් අහන්න මං හරි බයයි. ඒවා අස්සේ අපේ හදවත හරි සුන්දර විදියට රිදෙනවා. අපේ ඇස් එක නිමේශයකින් තෙත් කරනවා. 🙄❤️
❤❤❤
ගෑනු හැමදාම හෙව්වේ ආදරේ.රණ්ඩු උනේ ආදරේ ලබන්න.එත් බොහොමයක් පිරිමින්ට නොතේරුනෙත් ඒ දේමයි.
Completely truth
වැරදි ....
කියන්න බැරි හොඩාක් දෙවල් තියනවා ..
😢
ලගදිම 1 M ගහනවා මම බලන අහන තරමටම.... මම වගේ තවත් අය සිටීද ....මේ වෙද්දි 100 වතාවකට වඩා ඇහුවා 👌😘
අභීගෙ දෑතට වගේම කටහඬටත් කවදාවත්ම ඇස්වහක් නම් වදින්න එපා ..මොකද ඔය දැතින් ලියවෙන ලස්සන පදවැල් ඔය හඩින් අපිට තව තවත් අහන්න ඕන ...❤❤❤
ආදරේට කොහෙද නිර්වචන...ආදරේට කොහෙද මාර්ගෝපදේශ..මං බෞද්ධ ... මට දැනෙන විදියටනම් අපේ හිත කෙනෙක් ළඟ නවතින්නෙම සසර පුරුද්දට..කෙනෙක් ළඟදි හිත කීරි ගැහෙන තේරැම් ගන්න බැරි දෙයක් දැනෙනවානම් ඒ කෙනාව අපිට මේ සසරෙ ගොඩක් හුරුයි..ආදරේ කාටවත් තේරුම් ගන්න බැරි ඒකයි..❤️
හිතේ කෙනෙක් තියන් ගතින් තව කෙනෙක්ගෙ වෙනවාට වඩා හොදයි හිතත් එක්කම තනිවෙන එක... ඒ වේදනාව තමන්ටමයි, එහෙම නොවී නොදැනෙන තැනක නැවතුනොත් තව කෙනෙකුත් විදවනවා... නොදැනෙන තැන්වල නවතින්නම එපා___සැනසීමක් නැතිවෙයි❤️
Ehema nawathila imna aya oni tharam athi neda
@@Ranuga1212 සමහරු එහෙම නැවතෙනවා, කාලයක් යද්දි හිත හදාගන්නවා ලැබෙන ආදරේ වෙනුවෙන්, සමහරු ජීවිත කාලෙම විදවනවා 🤧
ඇත්ත 😢😢😢
@@Gihani____21 true 😔
ඒක හරි 😢
දැනුනු කෙනා වෙන කෙනෙක් ඒත් දැන් ආදරේ කරන කෙනා තව කෙනෙක්.. දැනුනු කෙනා toxic.තිබුනෙ toxic relationship ekak. Eth eyath godaak adarei.. adarema thibila madi jiwath wenna kiyla hithala eyagen ඈත් වුනා.. ඒත් තාමත් දැනෙන්නෙ එයාව.. ඒත් මට ඕනි දැනෙන කෙනාව අමතක කරලා දැන් මගේ ලග ඉන්න කෙනා එක්ක හොදින් ඉන්නයි. කොච්චර දැනුන වුනත් ඒක toxic nam එකට ඉන්න බැරි නම් අයින් වෙන්න ඕනි කියල හිතලයි අයින් උනේ.. ඒත් අදටත් මං දන්නවා එයත් මං ගැන හිත හිත ඉන්නවා කියලා.. Me සින්දුව අහද්දී දැන් මං ලග ඉන්න boyfriend ge feeling eka mata denenawa.. මේ වචන වලින්ම නැතත් එයත් මේ දේම මගෙන් අහනවා හැමදාම.. දැනෙන කෙනා ලගට යන්න ඕනි නෑ..ඒත් ලග ඉන්න කෙනාව කවදම හරි ඒ තරම්ම දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤ aluth affair eka patan aran thma masayai.. ithin math thma inne me stage eke me feeling eke.. ඉතිං අභී, මට හිතෙන්නෙම ඔයා මේ සින්දුව කලේ මටම කියලයි..❤
Den hodin athi kiyl hithnawa 🥹❤
Are you ok ?
ඇයි මම මේක සැරින් සැරේ ඇවිත් අහන්නේ?
ගීතයකට මිනිස්සු හිතන්නෙවත් නැති තැනක මෙහෙම අතරමං කරන්න පුලුවන් ද?
වැඩිපුරම රිදුනේ මගේ හිත... ඔයා දන්න්නවද අභී❤
අද දවසම මේ සිංදුවත් එක්ක ගෙවුණා කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ..මතක නෑ කී පාරක් ආයේ ආයේ ඇහුවද කියල.හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ මේ දෙන්නා ගැනම දුක හිතෙනවා ආදරේ හිතෙනවා හිත රිදෙනවා ඒ වචන ඇහෙනකොට.ඔයාගේ වචන අක්කී මට කියන්න තේරෙන්නෙ නෑ.වචන වලට පුළුවන්ද මෙහෙම හැගීමක් දෙන්න🥺 ඒ වගේම රූප රචනය👌👌👌 මලිත් අයියගේ හඩත් හරිම රහයි ඔයාගේ හඩත් එක්ක ඇහෙනකොට❤️ කියන්න වචන නෑ ඔයා නියමයි.තවත් මේ වගේ නිර්මාණ අපිට දීලා අපිව සනසන්න.රිද්දන්න..කවදාහරි ඔයාගේ හඩ live අහන්න ඕන.ඒක ආසාවක්😍
"පෙම් කලා කිව්වාට පෙම් කලාම වෙනවාද..🥺"
හැමදාම වගේ අහී කියන්නේ භාවනාවක් ❤
" ආදරය යනු යන්නට අවසර දීමයි.." felt it deeply 🥺❤
ආයේ ආවොත් ඉන්න දීමයි 🌝♥️
Ehma karanna puluwan unanm ethn man eyata pana wage adarei
අතකින්වත් අල්ලන්නේ නැති ඇහැකින්වත් බලන්නේ නැති මේ රූප රාමු බලන බලන ගානේ හිත කීරි ගැහෙන්නේ මගේ විතරද අනේ
සමාජයේ අපි නොහිතන පැතිකඩවල් ගැන හරිම අපූරුවට ඝවේශණය කරන අභී ඒව පදවැල් වලට පෙරලලා හරිම අපූරුවට ගායනා කරනව මනුස්ස හදවත පතුලටම කිදාබහින්න තරම් සමහර පදවැල් හරිම වේදානාකාරීයි❤❤❤
Lassana puthe adarei parissamin enna budusaranai 🖒
❤
@@thilankalakshan1 💓💓
❤
@@kalumwijesooriya thanks කැළුම් අය්යෙ ..🙏🙏🙏
අහපු වාර ගණන මෙච්චරයි කියලා කියන්න බෑ .ඒ තරමට වෙනස්ම රසයක් දැනුණු ලස්සන වැඩක් .අභී අක්කිගේ රංගනයත් මාරම ලස්සනයි ❤❤❤❤
අභී ගේ සින්දු නිසා මැරි මැරි ජීවත් වෙන්නත් පුලුවන්. නොමැරී ඉන්න හේතුවක් කරගන්නත් පුලුවන්. අනේ මන්දා අභී .❤❤
ඔහුගේ ප්‍රතම ප්‍රේමය මා වූවත්
මාගේ ප්‍රතම ප්‍රේමය ඔහු නොවේ...
අමතක නොවන ප්‍රතම ප්‍රේමය
හීනයක්ම කරන්නට ඔහුගේ පිරිමි හදවතට හැකි වූයේය.
සැමදාටම ණැයගැති මා මේ ප්‍රේමයට...❤❤❤❤
හිනාව අමතක වුන තැන කඳුළු ඉස්සර වෙලාම හිතේ තියෙන මානසික යුද්ධේ ගැන ඇස් දිහා බලන ඕනෙම කෙනෙක් ට පේනවා..🙂🥀
ඇය දන්නේ නෑ කා වෙනුවෙන්ද කඳුළු වලට ඉඩ දිය යුත්තේ කියලා, ඒකමයි ඇස් වලින් කඳුලක් පේන්න නැත්තේ.. නමුත් ඇගේ හිත දන්නවා ඔහුගේ යළි පැමිණීම ඇය බලාපොරොත්තු වෙනවා කියලා.. ඔහුත් දන්නවා ඇගේ ගතම ඔහු නමට ලිවත් මදි කියලා ඇගේ හිත වෙනතක නිසා..
"රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද🥀..?"
හෝ.. මේ රචනයේ බරම තැන, එක මිටට අරං වරු ගානක් උනත් හිතන්න පුළුවන්, නමකට ගතකට ආදරේ කරන හිතකට හරී ලේසී ඇති නමුත් හිතකට ආදරේ කරන ඕනම හිතකට හරි බරයි ඒ වචන.. ඇස් වලට කඳුළු නොදීම හිතක් අඬවන්න පුළුවන් කියලා දැන ගත්තේ ඔය වචන ඉස්සරහා... පිරිමි හිතත් ආසයී ගැහැනු හිත් ලඟ නිවෙන්න, ඒකමයි ගැහැනු වැඩිපුර ආදරේ කරේ ප්‍රතිවීරයන්ට කියලා කියද්දිත් ගෑනු හිත් ළග වීරයො වෙන්න ඕනෙ හින්දම නොහඩා දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඇත්තේ...
අයිතියක් නැති හදක අයිතියක් හොයද්දී නොදැනිම තවත් අපි ඇබ්බැහි වෙනවා. ඒත් ඒ හිතේ ඉන්නේ වෙන හිතක් කියලා දැනෙද්දී ප්‍රේමයත් හරියට මිරිඟුවක් වෙනවා!
"රඟ මඩල තාම තරුණයි
යන්නම අවසරද ...?"
ඔහු බලං ඉන්නවා ඇය එනකල් දෙවෙනි දවසේත්, තාම මග හරින ඒ හිත ඇත්තටම ඒවීද යාවිද කියලා දන්නෙ නැහැ.. ආදරේ කියන්නේ යන්නට අවසර දීමම නම් ඔහු ඇයට ඉඩ දේවී, ඉතින් ඇය!? 🙂🙏🏻
පෑරෙන තැනක් වුවත් ඔයා හරි ලස්සනය ස්පර්ශ කලා. රූප රචනය, පද රචනය, හඬ සුසංයෝගය මෙහෙමයි කියලා අගයක් දෙන්න බෑ, පුදුම ලස්සනයී.. ඔබේ හැම ගීතයටම ප්‍රිය කරන කෙනෙක්!
ආදරෙයි අභී ❤
🙂❤️
❤❤❤
කොච්චර ඇහුවත් අහන එක නවත්තන්න බෑ..අභී කවදත් ඇබ්බැහියක්.. මලින් අයියගෙ voice acting කියන්න වචන නෑ.. ආදරෙයි අභී.. ❤️🧿
සිල්ලර සිංදු අහන පරපුරක මේවගේ නිර්මාණ අගයන්න පුළුවන් මිනිස්සු ඉන්න බව දකිද්දි ලැබෙන්නේ පුදුමාකාර සතුටක්...ස්තූතීයි අභී .💙💙💙
අභී ඔයාගේ කටහඩ දෙවියෝ දීපු තෑග්ගක් 🥰
මලිත් ගෙ voice එක වෙනම level එකක්.. ❤❤❤
අභිශේකා මහත්මිය..ඔබේම හඬින් මේ ගීතය ගැන විචාරයක් අහන්න ආසයී...මතක ගීතයට වගේ..🥺🥺🥺🥺❤❤❤❤
ඔව් ... මාත් ඒකමයි හිත් හිතා සිංදුව ඇහුවේ ... ඉක්මනින් දැනගන්න ආසයි අපි .... පුදුම රසවත් ... පපුව හිරවෙනවා ....
@@wathsalanihalsinghe4738 🥺🥺
ඉක්මන්ට ගෙන්න 🌹
මටත් ඒක හිතුණා....ඒ කටහඬින්ම ඉක්මනින් විචාරයක් ඕනි😍😍
ඔව් ඒ විචාරය එනකං මග බලාගෙන ඉන්නවා අභී අපි... ❤
මේ සින්දුව ගැන පැහැදිලි කිරීමක් ඕනේමයි.
මේක නම් භාවනවක් ❤
අභී කියන්නේ සින්දු කියන මත්ද්‍රව්‍යක් .❤️ තනිකරම ඇබ්බැහි වනසුලු මත්ද්‍රව්‍යක්. ගැලවීමක් නම් නෑ
Love u so much ABHI ❤️😘
ඇත්තක්
මම ඔයාගෙ සිංදුවක් එනකන් පිස්සු වෙන් වගෙ බලන් ඉන්න් කෙනෙක්..හැබැයි කොච්චර නොඉවසිල්ලක් තිබ්බත් මට ඔයාගේ සිංදු අහන්න හොදට සෙට් උන වේලාවක් තියෙන්න ඕනි,එ කියන්නෙ හිත ගොඩාක් නිදහස්,නිදහස් වටපිටාවක් ..ඒ ඔයාගෙ සිංදු අනිත් සිංදු වගෙ වෙන්නෙ නැති නිසා..මේ පද වල හිතන්න ගොඩාක් තියන නිසා..social media වල ඔයාගෙ මෙ සිංදුව ගැන ගොඩාක් විචාර,එයාලගෙ අත්දැකීම් මේ සිංදුවත් එක්ක ගලපලා තිබ්බ විදිහ ඉවසීමෙන් බලන් හිටියා මට සෙට් උන වෙලාවක් එනකන්..ඉතිං අද ආවා...මම ආදරය ගොඩාක් අදුනන කෙනෙක් නෙමෙයි ..මම තාම පරිනත ආදරවන්තයෝ එක්ක බලද්දි පොඩි දූවිල්ලක් වගේ..හැබැයි මම දකිනව ආදරයෙ වැඩහිටින අයව ..ඔයාගෙ පද වල තියන මේ අකීකරු කමට,ඒව අපෙ හිත් වල අපි දුර්වලම තැනින්,නැත්නම් අපිට මතක් කරන්න අමාරු තැන් ,අපි ගොඩක්ම ආදරය කරපු තැන් මාර ඉක්මනට උඩට ගන්නවා...මට වෙලාවකට හිතෙනවා ඔයා ඇයි මිනිස්සුන් ගේ දුර්වලම තැන් එක්ක සෙල්ලම් කරන්නෙ කියලා..හැබැයි ම්ම මේ වචන වලට පුදුම තරම් ආදරෙයි..ඔයාට මෙහෙම මිනිස්සු න්ගේ හිත් අස්ස අවුස්සන්න තව තවත් ඔය ලියන අත් ශක්තිමත් වෙන්න ඕනි..ඔච්චර ලස්සනට හිතන හිත ශක්තිමත් වෙන්න ඕනි..ඔයාගෙ පුංචි රසිකාවියක් විදිහට ආදරෙන් අභීට 💛
මේ සිංදුවෙ විග්‍රහය ඔයාගෙන්ම අහන්න ආසාවෙන් ඉන්නවා...හැමදාමත් ඔයාගෙ වචන වලට ආදරෙයි අභී! ලස්සන නිර්මාණය ක් මේකත්
Aniwaryenma
Yes
අභී & මලිත්... හිත නිවන කට හඩවල් දෙකක් ❤️❤️
අභී.... ලොකු ඉල්ලීමක්... මේ සින්දුව ලියනකොට ඔයාගෙ හිතේ තිබුන හැංගුන කතාව ඔයාගෙ හඩින්ම අහන්න ආසයි..❤ අපූරු නිර්මානයට සුබ පැතුම් ❤අභී ❤මලිත්
ඇත්තටම මේකට ගොඩාක් නිර්වචන තියෙනවා... නමුත් අභීගේ හඩින්ම අභීට හැගුනු දේ අහන්න කැමතියි
ඉක්මනටම ❤ මමත් බලන් ඉන්නවා ඔයා මේ කතාව කියනකම්
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද....?
රගමඩල තාම තරුණයි යන්නම අවසරද.....? 🥀
Beautiful ❤
අනේ ඇයි මෙහෙම දෙයක් කලේ.. හිත අඬන තරම් 😢😢😢😢😢
අභී මලිත් ඇයි මෙහෙම මිනිස්සු මරන්නෙ ?👌👌❤️❤️😇
මෙච්චර දවස් මේ සින්දුව මග ඇරියා..ඒත් අද කමක් නෑ කියලා හිතාගෙන සින්දුව ඇහුවා..අයියෝ අපරාදෙ ඇහුවෙ..පිහියකින් පපුව හෑරුවා නම් මීට වඩා ඉවසන්න පුළුවන්
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පැහැදිලිවම ඔව්
ඇත්ත.
ඇත්ත.
ඇත්ත.
කාලෙකදි දෙන්නම ආදරේ කරපු බව ඇත්ත, ඒත් දවසක යන්න ඕන කිව්වොත් හෝ නොකියාම ගියත් ඔවුනට යන්නට ඉඩ දිය යුතුය.. මන්ද? නික්ම යන්නේ පැමිනි බැවිනි. එහිදී කිසිවකු වරදකරුවන් නොවේ, අත් හැරීම තුල අති සුවපත් බව නොදන්නා තරමට අප ආදරයෙන් අසරන වී අති බැවිනි. ආදරය කිසිදා කිසිවකු අසරන නොකලේය.. මන්ද ආදරය ඇති තැන අත්හැරීම තිබූ බැවිනි.. ❤
මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එකම එක වතාවයි.
හැමදාම වගේ මාරම ලස්සනයි 🔥❤❤
ඒක නම් ඇත්ත 🙂❤️
දවසට එකපාරක් අහන්නෙ නැතිව බෑ අක්කී❤️❤️පිස්සුවක්...ඇත්තමයි පුදුම තරම් ලස්සනයි❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඔයාගෙ කටහඩ මත්ද්‍රව්‍යක් වගේ...ඔයාගෙ නිර්මාණ වලට සමකරන්න නිර්මාණ මේ මෑතකාලෙක නම් නෑ අක්කී......මායාවක් අක්කී....තෙරුවන් සරණයි❤️❤️❤️ඔයාව ඇත්තටම දකින්න ආසාවක් තියෙනවා....නුවරට ආවත් ඒ concert එක මගහැරුනා අක්කී
තමන්ගේ නමේ අකුරයි ආදරේ කරන කෙනාගේ නමේ අකුරයි තැන් තැන් වල හීනියය කුරුටු ගාන එක මිනිස්සු එකෙන් හරි ආදරණීය හැගීමක් විදිනවා ❤
ආදරයේ විරහව නොදැනුන කෙනෙක් මේ මිහිපිට ඉන්න විදිහක් නෑ අභී..💖💖ඒ වචන ටික හිතේ රිදෙනම තැනට කතා කරනව...💖💖💖
මේ ලෝකෙ මේ දුක පිරිමි වගේම ගෑණු අයත් අත්විදිනවා…කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති සිංදුවක්. කාලෙකින් අහපු. අභිශේකා මලිත් සුසංයෝගය ❤️
මම මේ Song එක අහුවෙ අද 50 වෙනි වතාව. අභී අක්කි ඔයාගේ කටහඩ නම් භාවනාවක්....
මලිත් අයියා ඔයාගෙත් එහෙමයි ❤
අක්කිගෙ මේ සින්දුවේ වචන මාරයි. ♥️
මගේ රූබර නිළියේ ආදරේ රැගුමක්ද. . . . . ❤
රග මඩල තාම තරුණයි. . . යන්නම අවසරද. . . . . ❤
Thank You So much Both of You 😍🙈
(Akki & Aiya)
මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලෙටම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි.......❤
She is saying it again in a different way.......🙂❤
එකගයි
ඔව්
Hmm
ලොකු වේදනාවකින් පිච්චි පිච්චි තිබුණ මගේ හිත...
හේතුවක් දන් නැහැ...
නිවිල ගියා හරි අමුතු විදියකට...😭🌸🥺❤️🩹
අභී....❤️🩹
හැමදාමත් කතා කලේ ඇත්ත හදවතට...
මොහොතකට හරි මාව සුවපත් කලාට බොහොම පින්..🙏🌸
හිතින් අමතක කරන්න බැරි ආදරයක් අපි හැමෝටම තියෙනවා! ආයේ ඒ ආදරේ මගේ වෙනවනම්! ❤පුදුම ලස්සනයි 🌹
කවදාවත් හමුනොවෙන ලස්සන මතක
❤️දැනෙන්න,උතුරන්න ලැබෙන ආදරය හිමි වෙන්න ඕනෙ හැමෝටම සදාකාලිකවම...❤️
මම දවසට 3සැරයක්වත් මේ සිංදුව අහනවා.මේකෙන් මිදෙන්න මට බැහැ.මම මේ සිංදුවට ඇබ්‍බැහි වෙලා👌🥰
ප්‍රේමයෙන් නොරිඳුනු හිත් පවා මොහොතකට රිද්දවන පද ගැලපීමක් ❤ මාරම රහයි, ලස්සනයි ❤❤❤❤
ඇත්තක් ❤️
ඒ වචන ඇහෙන්නත් කලින්ම රිදෙනවා.. දැනෙනවා..
❤අභී❤ නමින් වැටෙන හුස්මත් ආදරයක්... කලාවක්...
Release කරපු දවසෙ ඉඳන් තාම අහනවා ❤️❤️ අභීගෙ වචන 🥺❤️🌹
ඇයි මේක ඇහුවට එපා නොවෙන්නෙ...විසි තිස් පාරක් අහලා අපිම හිත රිද්ද ගන්නෙ...😢💔
දැන් අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ❤ එතරම්ම දැනිලා තියෙන්නෙ
ඒ වචන වලට
මලිත්ගෙ , අභීගෙ වොයිස් නියමෙට ඒ වචන වලට පණ දෙනවා ❤
නා දලු අතුරෙන් තෙමුන කෝල ඒ රැය මගෙ ද.....
මගේ රූබර නිළියේ ආදරේ රැගුමක් ද...
ආසම කොටස ❤
මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ ඒ වචන වලට 🌍🌍🌍
පෙම් කළා කිවුවාට පෙම් කලා වෙනවාද...?
තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද...?
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද...?
වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද...?
❤️🩹🥺🥀
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..
එක - ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න මිනිස්සු.
දෙක - හිතේ සතුට වෙනුවෙන් බැදීම් අත්අරින මිනිස්සු.
හැමදාම බැනුම් ඇහුවෙ දෙවෙනි කොටසේ මිනිස්සු.කවුද හරි, කවුද වැරදි කියන්න දන්නෙ නෑ.
ආදරේ නම් යන්නට අවසර දෙන්න... 💚
මලිත් පෙරේරගෙ සoගීතයත් කියල වැඩක් නැහැ සුපිරියි..👍👍👍
“Love is letting go” (ආදරය යනු යන්නට අවසර දීමය) කියන සංකල්පය මතුවෙන තුරුම සමවැදී ඇසූ බැලූ නිර්මාණයක්. මලිත් නමැති දඟයෙක් නිවුණු සිද්ධාර්ථයන් කොට නිර්මාණයක් කරන්නට අභිෂේකාට පුළුවන් වුණා. විවේක පාඩුවෙ අහන්නයි බලන්නයි දෙකම ලැබුණම බවුන් වඩන සිතත් සළිත වෙන තරම් දැනීමක නතරවුණා. තව මොනවා කියන්නද... මීපැණි සමඟ අමෘතය මුහුවුණාම...මැවෙන්නෙ දෙවුලොව!
This is a beautiful comment❤
කෙනෙක් හිතේ තියාගෙන තව කෙනෙග්ගේ වෙනවා කියන්නේ ජීවිත කාලෙම මැරි මැරී ජීවත් වෙන එක. ඊට වඩා හොදයි මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න එක.හරිම සංවේදී ගීතයක්..🥺
මිනිස් සන්තානයේ ගැඹුරෙහි පවතින, මතුපිටට පෙන්වීමට තරම් ධෛර්යයක් නොමැති මිනිස් හැඟීම් කවි වදනට පෙරළන ඔබ නම් අපූර්වයි... අභී... ❤️❤️
මේ වචන කී දෙනෙකුගේ අතීත මතක පාරනවා ඇතිද.🍂❤️
සමහර දේවල් තියනවා වචන කරන්න බැරි...හරියට මේ සිංදුවට දාන comment එක වගේ❤️✨️🌀
Ou koccara ehawat epa wenne ne
💔🥺
ඔව් ...මට මේක අහලා පියවි සිහියට එන්න සෑහෙන වෙලාවක් ගියා.....😢
මේ සිංදුව මට ඊයේ හම්බවුණේ... අදට මං 20 පාරකට වඩා මේක ඇහුවා, බැලුවා... ♥️😇 අනේ මන්දා... කියා ගන්න බැරි හැඟීමක් මේ සිංදුව.... 🙃
All the best Mrs. Abhisheka , Mr. Malith & the crew... ❤💞💐
දැන් කීපාරක් ඇහුවද කියලා මතක නෑ💕💕💕 හරිම ආදරණීයයි❤️❤️❤️ අභී❤️❤️❤️
කී පාරක් ඇහුවා ද කියන්න මතක නැ....ඒ හඩවල් දෙකේ ගැලපීම හා පද රචනය ...❤ වර්තමානයේ බිහි වු හොදම නිර්මානයකි😍🎼
Same here... cant get rid of diz ❤additional
ඔයාගේ අර්ථකථනය හරියට හරී අපිට ආදරය කරන කෙනා අපිට දැනෙන්නේ නැත්නම් එයා කොචර කැප කිරීම් කරත් වැඩක් නෑ .එක එයා තේරුම් ගන්න ඔනි බලෙන් කෙනෙක් ලග රැදෙන්නත් බෑ තියාගත්ත වැඩක් නෑ ❤
මලිත් - අහන්න ආසාවෙන් ඉඳපු voice එකක්..
අභී - අහන්න ආසම voice එකක්..
තව මොකුත් කියන්න ඕනෙද? 😌❤️
ඔව් ගැහැනියෙකට වටින්නේ භෞතිකව දැනෙන ස්පර්ශයට වඩා හදවතට දැනෙන ස්පර්ශය යි..........ජීවිතයේ කවර තත්වයකදී කුමන වකවානුවක දී උවත් ඒ ස්පර්ශය අමතක වෙන්නේ නෑ...
මාතරට Concert එකක් අනිවා ඕන, මේ සින්දුව සජීවීව අහනකන් ඉවසිල්ලක් නෑ, ❤
මම හිතන්නේ මම ලංකාවේ දැක්ක සහ මට ඇහුන කටහඩවල් වලින් මං ආසම කරන කටහඩ අභිශේකා විමලවීර මහත්මියගේ,, ඇත්තටම මම කලාව සම්බන්දව වැඩිය හොයපු කෙනෙක් නෙවෙයි සහ ආස කරපු කෙනෙක් නෙවෙයි ,, හැබැයි ඇයගේ සින්දු ඇහුවට පස්සේ,,මම ඒ සින්දු වල වචන වලට ගොඩක් ආස කලා ඒ වචන වල පුදුම බරක්,, අරුතක් හැංගිලා තියෙනවා,, ඇත්තටම මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ ඇය නිසා,, මම දැනට උසස් පෙළ හදාරනවා කලා අංශයෙන්,, සිංහල විෂය තමයි මගෙ ප්‍රියතම විෂය වෙලා තියෙන්නේ,, ඇය නිසාම කලාවට ආදරේ කරපු මං දැන් කවි,, සින්දු පවා ලියන්න ඇබ්බැහි වෙලා ඉන්නවා,, ඇය ඇත්තටම ලංකාවට සම්පතක්,, ඒ කටහඩ භාවනාවක්...💆♀️✨️❤
භාවනාවක් වගේ ලස්සන හදවතට දැනෙන වචන පෙලක්...කියන්න වචන නෑ..❤️💗❤️
"මගෙ වගේම ඔය හිතේ තාම මන් ඉන්නවද....."
"වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද ......"❤❤❤
ගැහැනු පිරිමි වෙනසක් නැතුව අපි ආස අනිත් කෙනාට වීරයෙක්, රූබර නිලියක් වෙන්න..... විවාහය ශාරීරික මෙන්ම ආත්මීය බැදීමක්... නොගැලපීම්, අරුචිකම් එක්ක ඉස්සරහට යන්න හිත හදාගන්න බැරි නම්, ඔව්... අපි රංගනය නතර කරන්න ඕනේ....
කාට කොහොම දැනුනත්, රිදුනත්... තමන්ගේ යටි හිතේ ආශවන්, මතකයන් නිසා දැනට ලග නතර උන ආදරයට අසාධාරණයක් කරන්න අපිට අයිතියක් නෑ....
නමුත් අපිට විතරක්ම ආදරේ කරන කෙනාට කවදා හරි වෙන කෙනෙක් ලගට යන්න උනොත්, ආපහු මේ ප්‍රශ්නෙම අනිත් පාර්ශවයට බලපානවා නේද..
ඒ නිසා මං දකින හොදන දේ... අතීතය අතීතයේ ම තියලා, අපි ශක්තිමතව වර්ථමානෙයේ ජීවත් වෙමු.. අදහසක් පමනි..
හැම එකටම වගේ මේකටත් මුලු හිතින්ම ආදරෙයි.
ජයෙන් ජය අභී! මලිත් ටත් ආශිර්වාදය!
"පෙම් කලා කිව්වාට පෙම් කලා වෙනවාද "
අභී අක්කා හැමදාමත් වගේ හරිම ලස්සන වචන ටිකක්... හරිම ලස්සන සංයෝගයක් ❤️❤️❤️
නිදහසේ මේ සින්දුව අහද්දි හිත කොනක ඉදන් රිදෙන්න ගන්න හදවත් හැමදාමත් වගේ ඉදීවි.
මේක මගේ කතාව කියලා මතක් වෙන අයත් ඇති.
අසීමාන්තිකව ආදරේට ආදරේ කරන හිතක් හැමෝටම ලැබෙන්න ඕනි.❤️
අභී ගේ වචන ඉතින් එක පාරක්නම් අහලා කවදාවත් ඇති වෙන්නේ නෑ. ඒක දිගට සිය වතාවක් අහුවත් මදි ❤️❤️❤️
"පෙම් කලා කිවුවාට පෙම් කලා වෙනවාද?" I felt it🥺🥀
අභී ඇත්තටම ඔයා භාවනාවක්.රිදුණ හිතක් හරි අපූරුවට සුවපත් කරන්න පුලුවන් දේවතාවියක්.ගීතය ගැන කියනවනම් හරි ලස්සන අර්ථවත් පද රචනයක් වගේම අපූරු හඬ සුසංයෝගයක්.මේ ගීතය Release වුණාට පස්සෙ කීපාරක්නම් ඇහුවද කියල මටම මතක නැති තරම්.
ඒ වගේම මුලු ගීතය පුරාම තියෙන්නෙ ප්‍රශ්න සහ අභී ඔයා පිළිතුරු දීල තියෙන්නෙත් ප්‍රශ්න වලින්මයි ඒ නිසාම මන් මෙහෙම අහන්නම්
🌸අභී ඔයාට කොහොමද පුලුවන් වුණේ මිනිස් හිතක් මේ තරම්ම සංවේදී කරන්න?
🌸අභී ඔයාට කොහොමද පුලුවන් වුණේ රිදුණ හිතක් මේ තරම්ම සුවපත් කරන්න?
අභී ඇත්තටම ඔයා මායාවක්❤
😌
භාවනාවක් කිව්වොත් නිවැරදී ❤️🩹🕊 කොපනවාරයක් ඇහුවත් ඇතී කියලා හිතෙන්නෙ නැති රසක් 🥺 හිතට කතා කරන්න මෙපන වෙහෙසක් දැරු සියලු දෙනාට තුති ♥️ අභී “ මලිත් හඩින් මේ වන් නිර්මාණ තව බලාපොරොත්තුවෙන් නවතිමි .
වත්මන් ලාංකේය ගීත ක්ෂේත්‍රය තුල උඩුගම් බලා පිහිනා යන කලාකාරිනී අභී♥️
සම්මත, අසම්මත, නියම්, අනියම්,හිමි, අහිමි වුවත් ප්‍රේමයට ඇත්තේ ඉපදීම් පමණමයි.සත්‍ය ප්‍රේමයේ මිය යෑමක් නොමැත.❤ මිනිසුන්ගේ හදවත් තුවාල කරලා හදවත් තුළ මරලා දාපු ඒත් මිනිස්සු හිතින් විඳවන හැගීම් මතුකරලා අරගෙන කදුළු වලින් දිය කරලා ඒ මිනිස්සුන්ට සැනසීමක් දුන්නාට ඔබට පින්
මංමුලාව ප්‍රේමය සොයනවානම්,
තවත් කල් සොයන්නට වෙර නොගෙන,
හොඳම
බැස යාමමයි.
තරුණයිනම් තවම රඟමඬල...
එහෙමමනම් අවසරයි බැස යන්න...
අභී...
ආදරෙයි හුඟක්... ❤️
ඇගේ සිනා මල් යළිත් පිපී
මතු දිනටත් ගෙන ඒ අභිමන්...
එවන් මතක මල් පිපී සැලී හද
මැවී තිබේ නුබෙ රුව හෙටටත්...❤
N- නිරාන් වෙනුවෙන් ❤
ඔයා හරි පුදුමාකාරයි අභී
මිනිස්සු නොකියන හංගන සියුම් නමුත් බර තැන් ඔයා හරි ලස්සනට පද කරනවා..මේ නිර්මාණශීලිත්වය ගිනිගන්න හිත් නිවා සනහනවා..හිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් හැමදාමත් විශිෂ්ඨ නිර්මාණ දෙනවා..සදා ජය..ඒ වගේම මලිත් අයියේ ඔයාටත් ජය ❤ බුදුසරණයි ...ගොඩාක් ආදරෙයි
Kauda niran kiynne 😒😒
@@naduninimesha5769 අභීගේ husband ❤️