Wow 🤩 enjoyed every bit..please continue these DIY Tech projects as a series 👏🏼👏🏼🔥…I have myself a 4* wheel truck 🛻 which I bought..”Sunedha Soldier” is impressive and his pack is next level 💯…how you bring up Dehami daughter is a perfect example for modern day parents..love her smile and cuteness 😊❤️
Sir, you are the best dad. Even though you have lots of responsibilities to keep up you find the time to spend some quality time with your child and make RUclips videos. Kudos to you .
Mr.ruchira. you are doing a great job.i hope more and more people would join with you and grab knowladge.i created a microscope after watvhing your previous video,im gonna give it to a student who is interested in science.keep up the good work.really appriciate it.
Sir wage 1000 hitiyanam lankawa mitawada දියුණු wela ඇත්තටම sir pin denna ona ලංකාව dala yanna පුළුවන් kama thiyedi lankawe innwata sir wage බුද්ධිමතුන් godak ලංකාව dalayanawa
දැහැමිට ඉන්නවා නියම තාත්තා කෙනෙක් ඔබ කරන මේ කර්තව්‍යයට ඔබට පින් 😀
ගොඩක් ස්තුතියි
eka nam aththa...maru thaththai duwai..he hee
ඔයා හරි 👍
සිංහල මිනිස්සුන්ට වැරදුන තැන තමයි ලමයි පාම් කුකුල්ලු වගේ හදන එක.මේ වගේ ලමයි හැදුවොත් හරිම වටිනවා රටක අනාගතය ට.බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
උගත්කමට වඩා බුද්ධියක් තියෙන පියාණන් කෙනෙක්...ලංකාවේ උගත්තු යැයි කියාගන්නා උදවියට නැත්තේම බුද්ධිමත් භාවය..දරුවාට නිදහස්, නිවහල් මනසකින් සිතීමට උදව් කරනවා...දේශපාලන කුණුහරුප බලන වේලේ ජීවිතයට ආදර්ශයක් එකතුකරගන්නට පුළුවන් වීඩියෝ එකක්..ජයවේවා...
ekagi ratata mehem wela thiyenne ek hinda ❤🥲
Sir oya roda hatharai deparansal,adaala dewal gaththa tean kitanna puluwanda....
සහතික ඇත්ත කතාව
😂hako
ලංකාවේ මේ වගේ තාත්තා කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවාමයි. ගොඩක් දැනුම තියනවා කියන අයට practically මේ වගේ වැඩක් කරගන්න බෑ. තාක්ෂණික දැනුමත් උපරිමයි, හොදටම පැහැදිලි කරනවා. සුපිරිම තාත්තා කෙනෙක්. සුබ පැතුම් සර්.
Hi nisal ayye.. ❤🎉.. Oyath ithim me side ek expert ne.
දැහැමිගෙ හිනාව හරි ම ලස්සනයි . ළමා මනස කියවන්න පුළුවන් ,විනිවිද දකින්න පුළුවන් ළමය ඉස්සරහ එයාගෙ සිතුවිලි වලට ගැලපෙන විදිහට ඉන්න පුළුවන් ,ක්‍රමානුකූල චින්තනය ගොඩනගන විද්‍යාඥයෙක් . සැබෑ ම ළමා විශ්ලේෂකයෙක්. ආඩම්බරයි ඔබ ගැන .
බොහොම ස්තුත්යි . එහෙමම සිතුවෙත් නැහැ. විනෝදජනක ලෙස පරිසරය නරඹන්න අවස්තාවක් හැදුවා
ලමා කාලයක් තිබුනු කෙනෙක්ට ලමා මනස තේරුම් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි
aniwaryen.....
@@ScienceWithRuchira ඔබතුමාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න. දැනගැනීමට ඉතාම අවශ්‍ය කරුනක් සදහා..🙋🏻♂️🙏
😍
මම හිතන් හිටියේ scientist කෙනෙක්ගේ දරුවෙක් හරි අවාසනාවන්ත ඇති. මොකද කාර්‍ය්බහුල බවත් එක්ක දරුවාව මග ඇරෙනවාඇතිකියලා. ඒත් අද තේරුම් ගත්තා බුද්ධිමත් සහ මානව ගුණ පිරිමනුස්සයකු කුමන වෘත්තීය තෝරාගත්තත් එයා ගේ සමීපතම අයට වෙන යුතුකම් මග නොඇරෙන බව. ඔබේ අව්‍යාජ සිනහව නිසා එක මොහොතක් වීඩියො එකේ ස්කිප් කරන්න හිතෙන්නේ නෑ ❤️
මට මගේ පුංචි කාලේ නැවත ආවර්ජනය වෙනවා මේක දකිද්දි. හඳුංකූරු පෙට්ටි වලින් තමයි මං පොඩිම කාලෙ සෙල්ලම් කාර් හදාගත්තෙ. රෝද වලට දැම්මෙ කැරට් පෙති කපලා. එතකොට ඒව වියළෙද්දි හැකිළෙන හැටි, ඒවට ආදේශක යොදාගත්තු හැටි, බුදුරැස්මාලා මෝටර් හතරක් එක පාර දාල 4Wheel කරගන්න උත්සාහ කරපු හැටි, ඒවගෙ Speed එක Torque එක ගැන පුංචි කාලෙම ගත්තු අත්දැකීම් අද මං ඉන්න තැනට එන්න විශාල පිටුවහලක් වුණා. අද මමත් Research Scientist කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තෙන්ම දෙමවුපියන් දරුවන්ව හොඳට වටහා ගන්නවා නම්, එයාලට අවශ්‍ය නිදහස සහ තර්ක මත පදනම්ව හිතන්න පුරුදු කරනවානම් මේ රට ගොඩනගන අලුත් පරම්පරාවක් බිහිවේවි. ඇත්තෙන්ම සතුටුයි ඔබ මේ කරන කාර්‍යයට.
මේ ගැන අහන්න බොහොම සතුටුයි. මෙලෙස ඉදිරිපත් කලේ පුංචි දෙයක් උනත්, සිසුන්ට නම් වටිනා ව්‍යාපෘතියක්
ඔව් දැන් Arduino තිබුණට ඉස්සර අපි Circuit හදන්න පුරුදු වුණා. මං හිතන්නෙ දැන් දරුවො Arduino සහ Coding ඉගෙනගන්නවා. නමුත් Board එකේ Error එකක් ආවොත් ඒක Troubleshoot කරන්න Repair කරගන්න දන්නෙ නැහැ. එතන Basic Electronic නැති එක ලොකු Vacuum එකක් විදිහට මම දකිනවා. ඉස්සර විදුසර පත්තරේ ඉලෙක්ට්‍රොනික ලෝකයෙන් කොටස (ධර්මසේන පින්නදූව සහ ජී.ඩී. සුදසිංහ මහත්වරුන් ඉදිරිපත් කළ) ලොකු සේවයක් කළා 80/90 කාලෙ.
මම ත් ඔව්ව හදනවා 😎😎
Research sceintist knek wenne khmd?
ඇත්තටම මම කැමතියි සර් කතා කරන විදිහට
බොහොම ස්තුත්යි
Maath..Knk ge hithak kisima widihakin riddenneh..
දැහැමි කියන්නෙ දිනෙක මේ රටට හොද මොලයක්.ඔබ වගේම බුද්දිමත් කෙනෙක් වෙයි එයත්.දුවෙක් උනත් පුතෙක් වගේම හදන්න සර්.ලෝකෙට මූන දෙන්න නම් ඒක තමයි වෙන්න ඕන
බොහොම ස්තුත්යි
හරිම ආදරණීය තාත්තා කෙනෙක්.. ලෝකේ ලස්සන කරන , මානව සංහතියට ම වැඩදායි උතුම් දරුවෙක් ඔබ ඇසුරෙන් නිර්මාණය වේවි අනිවාර්යයෙන් ම
මාත් මේ දවස්වල rc car එකක් හදනගමන් ඉන්නෙ. ඒකෙ body එක තමයි දැන් හදන ගමන් ඉන්නෙ.😊😊😊 ඒක brushless motor එකක් දාල හදල තියෙන්නෙ. 50km/h වගේ speed එකක් තියෙනව.
@HIRUSHA ONLINE 😊
Adoh pattane
@@Dulina501 🙃
RC transmitter එකයි receiver එකෙයි diagram එක දෙන්න පුළුවන්ද? නැත්නම් arduino ද?
@@lahirumadusanka6028 නෑ. ඒක arduino නෙමෙයි. ඒක කරදරයි. Car එකක්නම් ඒකට වෙනම code එකකුත් plane එකක් නම් ඒකට වෙනම code එකකුත් ලියන්න ඕනි. ඒ නිසා මන් transmitter එකකුයි receiver එකකුයි ගත්තා. Flysky Fsi6 transmitter එකයි FsiA6B receiver එකයි.
ඇත්තටම ගුරුතුමා ඔබතුමා කථාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් වැඩ්ඩෙක් තමයි.
ස මේ වැඩේ දිගටම කරගෙන යන්න.
එහෙමම නැහැ. ගොඩාක් අඩුපාඩු තියනවා මගේ
දැහැමි හරී පින් පාටයි.වීඩියෝ එකම එළියයි. සර් වගේ තාත්තා කෙනෙක් ලබන්න ලොකූ පිනක් තියෙන්නත් ඕනා.
ගොඩක් වටින වීඩියෝ එකක් මේක. අපේ රටෙ අය මේ වගේ දේවල් වැඩි වැඩියෙන් බලලා කඩෙන් අරගන දෙන චයිනා කෑලි වෙනුවට ගෙදරම හදන දේවල් දෙන්න පෙළබෙනවා නම් හොදයි.ඉස්සර අපට කඩෙන් සෙල්ලම් බඩු තිබ්බේ නෑ.කොස්කොල ඔටුන්න,මංඤ්ඤොක්කා නැටි මාල, රබර් ඇටෙන් රූනෙක් , මේ වගේ දෙයක් හදා ගන්න පුලුවන් නම් අද මොනතරම් වටිනවද.සර් ඔබතුමාට දීර්ඝායුශ වේවා!💗💓💞
මේ වගේ performance තියෙන වාහනයක්
කඩෙන් ගන්න වාට වඩා ඒවා හදන විදිහ ගැන කියාදෙනවාට ගොඩක් ස්තූතියි සර් 🙏
sira
ගොඩක් ස්තුතියි
මෙන්න channel.scientist කෙනෙක් උනාට ගොඩක් නිහතමානී කෙනෙක්...මේ channel එක දිගටම කරගෙන යන්න sir. HATS OFF 😀😍
පොඩි කාලෙ පොඩි මෝටරයක්, LED බල්බ් එකක් හම්බුනාම මාර සතුටක් තුබුනෙ😊. එක එක විදියට සෙට් කරලා මොනවහරි හදනවා. හැබැයි ඉතින් ලොකු වෙද්දි ඒ තිබ්බ ආසාවල් වලට මොනවා උනාද මන්දා😭. සර්ගෙ වීඩියෝ එක අදත් නියමයි 👌 .
Eka atta ane😑😑😑
Phone eka hambunama serama nathiwuna.🥺
@@knowledgelk eka aththa.. phone ekath karadarayak. api rassawal walata hirauna dawalta mahansiwela awama rata tikak nidahase inna balanne.. kochchara kamathi unath karanna nidahasak na..
@@knowledgelk hm. Aththa.
Math issara ehemai bn😑
සුනේධාගෙ රාජකාරි ටිකනම් ඇත්තටම අගයන්න වටිනවා. ඒවා දැහැමි විසින්ම හිතලා පවරපු රාජකාරි. අපේ දුවගෙත් ඒ වගේ යම් යම් ක්‍රියාකාරකම් ගොඩක් තියනව.
බොක්කෙන්ම උගන්නන Sir කෙනෙක්..අනිත් අය Like,subscribe,shere ඉල්ලද්දි ඔබතුම වීඩියෝ වලින් අලුත් දේවල් හදන්න කියනව..ඔබතුමා නියම විද්‍යාඥයෙක්......🙏🙏🙏🙏
සර් මම පුද්ගලිකව ගොඩක් ගරු කරන චරිතයක්.විද්‍යාත්මක වීඩියෝ නිර්මාණය පිලිබඳ වීඩියෝව නරඹමින් ඉන්නෙ.ඇත්තටම අපි පොඩි කාලෙ ආසවෙන් ඉගෙන් ගත්ත විද්‍යාත්මක දේවල් හරි ආස හිතෙන විදියට කියල දෙන්න සර් දක්ෂයෙක්..මම අද Electrical & Electronic Engineer කෙනෙක්.පොඩි කාලෙ ඉදලා ආස කරේ විද්‍යාවට..ඒ මම ආස පැත්තට යන්න සර්ගෙන් ලොකු නැඹුරුවක් ලැබෙනවා..හදවතින්ම ස්තූතියි සර්..සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා,තව තවත් වැඩි වැඩියෙන් දැනුම ලබා දීමට හැකිවේවා..හැකි නම් මා හට ඇති ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා ගැනීම සඳහා ඔබතුමා සම්බන්ධ කරගත හැකි මාධ්‍යයක් ලබා දිය හැකි නම් අගනේය.(දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක්).නැතහොත් මාගෙ දු.ක අංකය 0773042639.ඔබතුමාට හැකිනම් Whats app message මගින් මා හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි.අප පාසලේත් ඔබ තුමාගේ දේශනයක් පැවැත්වීමට අදහස් කරමි.එබැවින් මාහට ඒ සඳහා සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
බොහොම ස්තුතියි සර්,මිනිස්සුන්ට තේරෙන විදිහට ඔබගේ දැනුම බෙදා දෙනවට.
මේවගේ දේවල් තාමා ලංකාවේ අපිට ඕනි. අපේ දරුවන්ට අනාගතයක් දෙන්න.
විද්‍යාව , තාක්ෂණය දැන්වත් දියුණු කරගත්තෙ නැත්නම් ඉදිරි අනාගතය අපිට ශාප කරයි.
අනිත් රටවල් දියුණු වෙද්දී උබල බලන් හිටපු එක විතරද කරේ කියල.
ඉතාමත්ම වැදගත් ක්‍රියාකාරකමක්. නිර්මාණශීලී පරපුරක් බිහි කිරීමට මෙවැනි දේ හරිම වටිනවා. ඔබට තුමා කරන මේ සමාජ මෙහවර ඉහලින්ම අගය කරම්.
ගොඩක් ස්තුතියි
මොනා නැතත් හැමදාම හිනාවෙලා හිතේ සතුටින් වැඩේ කරනවා...සුපිරි...❤️🔥
මාත් දැනටමත් රොබෝ කාර් එකක් හදල තියෙනවා .මම computer codeing නුත් කරනවා .මම කැමතියි රොබෝ තාක්ෂනය විෂයට .කොහොම උනත් මේකත් රොබො තාක්ෂණට අදාල දෙයක්.වීඩියෝ එක නියමයි හොදට කියල දෙනවා සුබපතනවා සර්ට සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
ගොඩක් ස්තුතියි
දැහැමි පැටියො මමත් දැහැමි. ඔයා හරිම ලස්සනයි මාත ඇත්තටම ඔයාවගේ මයි ඔය වයසෙදි මැනික.......💖💖💖💖💖
සුනේධගෙ චක් එක...
සුනේධගෙ බත්.... අප්පා ඒ හුරතලේ...❤️❤️
සුබ අනාගතයක් වේවා දෝණි! 😊❤️
උසස් පෙළ ඉවර උන ගමන් අනිවාරෙන් මේවට යොමුවෙනවා.
ගොඩාක් ස්තූතියි සර්...
පොඩි කාලෙ පොඩි මෝටරයක්, LED බල්බ් එකක් හම්බුනාම මාර සතුටක් තුබුනෙ😊. එක එක විදියට සෙට් කරලා මොනවහරි හදනවා. හැබැයි ඉතින් ලොකු වෙද්දි ඒ තිබ්බ ආසාවල් වලට මොනවා උනාද මන්දා😭. සර්ගෙ වීඩියෝ එක අදත් නියමයි
තාත්තායි දුවයි හරිම ආදරණීයයි...❤️❤️❤️
බොහොම ස්තුතියි
හැම දේටම වඩා ඔබේ අරමුණ ඉතා උතුම් අති විශිෂ්ට එකක්.එයට හිස නමා ආචාර කරමි.🙏🙏🙏
හදවතට දැනෙන ගුරුවරයෙක් ඔබතුමා....❤
ගොඩක් ස්තුතියි
සර්ගෙ අමුතු හිනාවට කැමති අය මේ කොනට😀👇
බොහොම ස්තුත්යි
Ow attatama
ඒක හදවතින්ම එන දෙයක් මමත් ආසයි සර්ගේ හිනාවට
අනිවා
😍😍
ඔබනම් හරිම නිහතමානීම බුද්ධිමතෙක්.ස්තුතී....
එහෙමත් නැහැ, ගොඩක් අඩුපාඩු මගේ තියනවා. ඇත්තටම, ඔබට දවසක මාව හම්බවුනොත් තේරේවි
මටත් ආසයි සර්ව ඇත්තටම මුන ගැහිල කතා බහ කරල අදුනගන්න, ඒත් සර් වගේ කෙනෙකුගේ කාලය මම වගේ කෙනෙකු වෙනුවෙන් යොදවන එක අපරාදයක් වෙයිදෝ කියල මම ඒකට සර්ට කරදර කරන්න, මට නෑනෝ ටෙක් ආයතනය හරිම ලගයි, සර්ට පොඩී වෙලාවක් හරි මං වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක මට ගොඩක් ලොකු දෙයක්.
@@ScienceWithRuchira 🤨අඩු පාඩු නැත්තේ කාගෙද සර් ? සර් ඇත්තෙන්ම බුද්ධිමත් කෙනෙක් 😁😁😁
හරිම වටිනවා සර්.. නියමයි.. Biology, physics පොඩි කාලෙදීම දරුවා විනෝදයෙන් ඉගෙනගන්නවා.. මේ හරහා ලමයා STEM subjects වලට දක්වන ආශාව වැඩි වෙනව.. හරිම වටිනවා.. සැබෑම ආදර්ශමත් ආදරනීය තාත්තෙක් ඔබ.. බුදු සරනයි.. හැම තප්පරේම මම බැලුවා.. නංගි බබා හරිම ශෝක්.. hehehe... මගේ පුංචි අම්මාගේ පුතාගේ වයසම වගේ..
මම ගොඩාක් ඉගෙන ගෙන නෑ,ඒත් මම මේ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන්.මට මේ කියන කරුණු හොඳට තෙරෙනවා.ඔබ තුමාට ගොඩාක් ගරු කරනවා.විද්‍යාව ගොඩාක් මට වටිනවා,මොකද මම මේ දේවල් බුද්ධ දර්ශනය එක්ක කොතරම් සම්බන්ධ වෙනවාද හොයනවා.ඔබට තුමාට ගොඩාක් පින්.
ගොඩක් ස්තුත්යි, මමත් ගොඩක් ඉගනගෙන නැහැ. ගොඩක් ස්තුත්යි මේ වීඩියෝ එක බැලුවාට.
ඉතාම ආදරණීයයි.සියක් දහසට ඔබට සුභ පැතුම් ❤
ගොඩක් ස්තුතියි
මමත් ඔය වගේ ගැජට්ස් හදන්න කැමතී.
ගොඩාක් ස්තූතියී.ගොඩාක් වටින වීඩියෝවක්.
ඔබගේ වටිනා වීඩියෝ අතරින් හරීම ආසාවෙන් නරඹපු ලස්සනම වීඩියෝව.. දෙමාපියන් දරුවන් සමග bonding වෙන්නෙ කොහොමද ඉතා ලස්සනට දැක්ක
ඇත්තමයි රටක් විදියට ඉස්සරහට යන්නනම් සර්ගේ වගේ මේ වගේ වටිනා චැනල් ඕනෙමයි... 1M subscribers එන්න ඕන චැනල් මේවා... ඉක්මන්ටම සර්ට 1M වලට යන්න පුලුවන්... බුදු සරණයි සර්ටයි පව්ලෙ ඔක්කොටමයි...❤❤
සුනේද❤❤මරු මරු එහෙම වීඩියෝ එකක් කරන්න
ඔබ අප රටේ රැදී සිටීමත් රටේ වාසනවක්... ඔබට හිස නවා ආචාර කරනමා මහත්මයා..
බොහොම ස්තුතියි සර් දුවගේ හිත ඇතුලේ ජීවත්වෙන තාත්තෙක් සහ ළමා මනස කියවන එකනම් හරිම විද්‍යාත්මකයි. මම විනෝද වුනා හුඟක්. දුව හරිම ආදරණියයි. එයා ආමි එකට යයිද දන්නෑ නේද? මම මේක මගේ පොඩි ශිෂ්‍යයින්ට දෙනවා. මමත් මේක හදනවා .
This is a very creative work. Thank you so much for sharing your knowledge with the people of Sri Lanka. Our country needs more people like you.
It's my pleasure
yes it is.highly agreed.
සර්ගෙ කතාවට ඕන තරම් වෙලා පාඩම අහගන ඉන්න පුලුවන් කම්මැලි නැතිව❤️❤️❤️
මේ වගේ වීඩියෝ බලලා ඒ දෙය අගය කරන එක විතරක් නොකර, හැමෝම පොඩි පොඩියට මේ වගෙ දේවල් කරන්න පටන් ගන්න.
මාත් university කාලෙ පොඩි පොඩි projects කලා. Tronic Yaka කියල youtube චැනල් එකක upload කලා.
👍
සර් රික්තය සහ එහිදී ද්‍රව්‍ය උෂ්ණත්වය හැසිරීම ගැන වීඩියෝ එකක් කරන්න
බොහොම ස්තුත්යි
Scientist කෙනෙක් කියද්දි සාමාන්‍යයෙන් හිතට ආවෙ බටහිර විද්‍යාවෙන් අන්තවාදී වුන චරිතයක්. ඒත් අහම්බෙන් වගේ ඔබතුමාගෙ වීඩියෝවක් දැක්ක දවසෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම නැති වුණා. ඔබතුමා අපූර්ව මනුෂ්‍යයෙක්. අපූරු ආදරනීය තාත්ත කෙනෙක්. ඔබතුමාටත් චූටි දූටත් තෙරුවන් සරණයි!😍
ts
Add a public comment...
Wow. හරිම ලස්සනයි සර් .💛💚
සර් රොබෝ කෙනෙක්ගෙ අතක නැවෙන දිගඇරෙන සන්දිය හදන විදියත් කියල දෙන්නකො දවසක.
මම පොඩි කාලෙ රොබෝකෙනෙක්ගෙ චැසිය යාන්ත්‍රිජ කොටස හැදුවා.
ඒත් සර්කිට් එක හදන්න දන්නෙනැති නිසාවැඩේ නතරකලා.💡
උගත්කමට වඩා බුද්ධියක් තියෙන පියාණන් කෙනෙක්...ලංකාවේ උගත්තු යැයි කියාගන්නා උදවියට නැත්තේම බුද්ධිමත් භාවය..දරුවාට නිදහස්, නිවහල් මනසකින් සිතීමට උදව් කරනවා...දේශපාලන කුණුහරුප බලන වේලේ ජීවිතයට ආදර්ශයක් එකතුකරගන්නට පුළුවන් වීඩියෝ එකක්..ජයවේවා...
සර් පුළුවන් න්ම් ඔය ජීප් එක මුල ඉදන්ම හදන විදිහ , ඕනි බඩු ටිකයි , ආඩියුනො බෝඩ් එක ප්‍රෝග්‍රැම් කරන විදිහ , ඇප් එක හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේනන උත්සාහ කරන්නකො... ආසයි එකක් හදන්න
හොඳයි ඉදිරියට කරමු, වෙන ප්‍රොජෙක්ට් එකක් මුල ඉඳලා අගට
@@ScienceWithRuchira ගොඩක් ස්තූතියි සර් ❤️
@@ScienceWithRuchira we are waiting for you sir.
අප්පච්චි දෝණි හරිම ආදරණීයයි. මේ මහගු කාර්‍ය දිගු කාලයක් කිරීමට සර් ට හැකියාව ලැබේවා 😍
I changed my mind to educate my children in a different way as per your instructions. it's a brilliant idea, sir. thanks a lot.
හැම වීඩියෝ එකක්ම නියමයි සර්ගෙ ප්‍රසන්ට් කිරීම නම් සුපිරි ජයවේවා
Wow 🤩 enjoyed every bit..please continue these DIY Tech projects as a series 👏🏼👏🏼🔥…I have myself a 4* wheel truck 🛻 which I bought..”Sunedha Soldier” is impressive and his pack is next level 💯…how you bring up Dehami daughter is a perfect example for modern day parents..love her smile and cuteness 😊❤️
ඉතාමත්ම වටිනවා. ඇත්තටම ඒ ගැන කියන්න වචන නෑ. මමත් දැනගෙන හිටියේ නෑ ඒකේ අන්තර්ගත වෙලාතියෙන, සර් කියපු සමහර ඉලෙකට්‍රොනික උපාංග ගැන, .
තවතවත් මෙවැනි කාලෝචිත දේවල් ඉදිරිපත් කිරීමට ශක්තිය දෛර්‍යා ලැබේවා !
ඔබට තෙරුවන් සරණයි !
Sir, you are the best dad. Even though you have lots of responsibilities to keep up you find the time to spend some quality time with your child and make RUclips videos. Kudos to you .
ඉතාම වටිනා channel එකක් 😍👏
ඔබතුමාගෙ දැනුමෙ ප්‍රතිඵල දැහැමිට විතරක් නොදී රටටම බෙදාදුන්නට ස්තුතියි ,,
🌷❤️👍
තාත්තා කියන්නෙ ඔයා වගේ අයට ❤️❤️❤️❤️
නියමයි සර් මෙි පිලිබද තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය යි ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
කොච්චර හැදුවත් හරි ගියෙ නැ sir ගෙ video එක බලලා තමා හරියටම හරි ගියෙ sir ට ගොඩක් ස්තූති ❤️❤️❤️❤️😘
ගොඩක් ස්තුතියි
❤️
❤
Sir jeep eka සුපිරි , sir ta hoda නිර්මාණශීලි හැකියාවක් තියෙනවා
Mr.ruchira. you are doing a great job.i hope more and more people would join with you and grab knowladge.i created a microscope after watvhing your previous video,im gonna give it to a student who is interested in science.keep up the good work.really appriciate it.
ඔබේ දිරිමත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.
මේ වීඩියෝ එක ගේනකන් බලාගෙන හිටියෙ සර්🔥
ගොඩක් ස්තුත්යි ඔබට
සුපිරිම වැඩක් සර්........ දිගටම මෙි වගේ වීඩියෝ කරන්න.
හිත හොඳ විද්වතෙක්. දැනට ලෝකය යන පරම්පරාවට අපේ රටත් ගන්න හදන ඔබේ උත්සහයට හිස නවා අාචාර කරමි. අර 225ත් ඔය විදියට හිතුවනම් අපේ රටේ නම අැහෙනකොටත් අනිත් රටවල් පවා හොලවන්න තිබුණා😍😍😍😍
නියමයි sir මේ වගේ video එකක් එනකන් බලන් හිටියේ.....
ගොඩක් ස්තුතියි
දැහැමි ගොඩාක් වාසනාවන්ත දරුවෙක්.සුබ ගමන්
*වීඩියෝ එක හුගක් වටිනවා 😍. සර් අගහරු මත මිනිස් ජනාවාසයක් හදන හැටි සහ එය පවත්වාගන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද* ☺
සර්ගෙ වැඩසටහන් හරිම හොඳයි, බලන් ඉන්නත් ආසයි ❤ සර් පුළුවන් නම් වාහනේකට Portable A/C එකක් හදා ගන්න විදිහක් දාන්නකො 😀
අනේ සර් වගේ වියත් බුද්ධිමත් සුන්දර මිනිසුන් මේ ලංකා මාතාවට කොයි තරම් වටිනා සම්පතක්ද? 🙏❤️
හ්ම්, මම එහෙමම වියත් වත් බුද්ධිමත් වත් නැහැ. ඔබ මාව ඇත්තට දන්නවා නම් එහෙම කියන එකක් නැහැ
ඇ සර් 😯😯😯
Sir wage 1000 hitiyanam lankawa mitawada දියුණු wela ඇත්තටම sir pin denna ona ලංකාව dala yanna පුළුවන් kama thiyedi lankawe innwata sir wage බුද්ධිමතුන් godak ලංකාව dalayanawa
Bluetooth eka ganna tiyanawada
Sirge nihathamani kama nam ❤❤❤
අදමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ .ආසයි බලන්න ජය වේවා..
ජාතික රූපවාහිනිය ජපන් රජයෙන් අපට තිළිණ කලේ හොඳම දේ දරුවන්ට. යන පාඨයත් ඇතුලත්ව. නමුත් අද වෙනත් වෙනත් නාලිකා තුලින් බිහිවන විවධ රූපවාහිනී වැඩසටහන් දරුවන්ගේ දැනුම වර්ධනය උදෙසාම නිර්මාණය වන්නේද යන්න පවතින ගැටලුවකි. නව නිර්මාණ බිහිවීම තුලින් දරුවන්ගේ අනාගතය තීරණය කිරීම අපට පහසුවක් වන්නේය. මීට දශක කීපයක් එපිට දරුවන්ගේ නව නිර්මාණ දැනුම දියුණු වී තිබුණානම්, එදා කුඩා දරුවන් නොහොත් අද වැඩිහිටියන් කෙතරම් දැනුමකින් පරිපූර්ණද. එසේනම් රට තුල සිදුවන ආර්ථික අහේනිය, පොහොර ගැටළුව ආදී එකී මෙකී නොකී ගැටළු කෙසේනම් රට තුල විසදේවිද...සෑම අතින්ම දක්ෂතා ඇති තාක්ෂණික දැනුමෙන් යුත් දරුවකු බිහිකරමු...ස්තූතියි ඔබේ මෙම වෑයම රටට තිළිණ කරනවාට...❤📖❤
බොහොම ස්තුත්යි, ඔබගේ අදහස මමත් දරනවා
අප්පච්චිගෙ චූටි දූ......හරිම දක්ෂ දරුවෙක්....තෙරුවන් සරණයි.❤️
ඇත්තටම හොද දෙයක් රුචිර Sir අද පෙන්නුවේ. මේ Arduino Platform එක ගැන දැන් පාසල් විෂය නිර්දේශයේත් ඇතුලත් කරලා තියනවා. මගේ RUclips Channel එකේ මේ වගේ Projects හදන විදිය ගැන Videos ගොඩක් මම කරලා තියනව. කැමති අයට ඇවිල්ල බලන්න කියල ආරාධනා කරනවා. ❤
හරිම අපුරුයි sir, මේ වගේ දේවල් සමාජ ගත කිරීම ගැන ගොඩක් පිං.මේ හැම දේටම ස්තුතියි.
Thank you very much sir.. Godak asawen hitiye me wage video ekakata :)
You are most welcome
Sir, steam engine එකක ක්‍රියාකාරීත්වය ගැන video එකක් කරන්න පුලුවන්ද...
ශ්‍රී ලාංකිකයන් හැටියට අපිත් හිත් වලින් පොඩි ළමයි තාම. Great content!
උබෙ කමෙන්ට් එක පට්ට ගොබ්බයි 😂
සර් අළුත් architecture concepts ගැන වීඩියෝ එකක් කරන්නකො...
rc එකනම් නියමයි සර්..
බොහොම ස්තුත්යි
සර්ගෙ කටහඩ හරිම ලස්සනයි හොද වීඩියෝ එකක්
5:49 බෑග් එකේ ටැට්ටරයක බඩුනේ 🤭
මාරම අසාවෙන් බැලුවා සර්.... ඒත් සර් මේ වීඩියෝ ඒක කරන වෙලාවේ මදුරුවන් ගොඩක් දකින්න ඉන්නවා... පරිස්සම්වෙන්න ... අපිට ඔබ වැනි මිනිසුන් ගොඩක් වටිනවා... බුදුසරණයි
බොහොම ස්තුතියි සර්, ඇත්තටම දැනුමැත්තො ආයතනයකට තමන්ගෙ රැකියාවට කොටු වෙනවනම් ඔවුන්ගේ සහ හුදී ජනයාගේ වෙනසක් මම නොදකිමි. නමුත් ඔබ ඊට වෙනස් ඔබගේ දර්ශනය ලාංකීය ජාතීයට වැදගත්. ලංකාවෙ තියන රාමුගතවිච්ච සුපිරි මොල ටික ඔය වගේ මිනිසුන්ට සමීප උනොත් ලංකාව මේ වැටිල ඉන්න වලෙන් ගොඩ යන එක ඇත්තටම අපේ ජීවිත කාලයේදී දකින්න පුලුවන්.
ඔබ කියන කතාවට මම ගොඩක් එකඟයි.
නියමයි නියමයි ඔයාගෙ කර්තවය.මට ත් ආසයි ඉගෙන ගන්න
සර් " මහා පිපිරුම් වාදය" ගැන වීඩියෝ එකක් කරනකෝ... විශේෂයෙන්ම පිපුරුමට කලින් තිබුණ දේ ගැන. ඇයි ඒක පිපුරුණේ කියන දේවල් ගැන..
විශේෂ සාපේක්ෂතාවාදය ගැන කතා කරන්න ගත්තේ මේ ගැන ඇරඹුමක් ගන්න
Harima Cute Duwa 🥰 Wish you all the best..
සර් බොහොම ස්තූතියි.👍👍👍👍👍👍 සර් කලූ කුහරය ගැන විඩියෝවකින් අපව දැනුවත් කරන්න පුළුවන් ද
ඉදිරියේදී කතා කරන්නම්
හරි සර් 👍👍👍👍👍
ඔබතුමාගේ විදු දැනුමටයි , පිය සෙනෙහසටයි දෙකටම ස්තූතියි
🤩🤩🤩 නියමයි සර් 👍
බොහොම ස්තුතියි
දුවගේ අත මදුරුවෙක් කනවා. හරිම ලස්සන ඉදිරිපත්කිරීමක්
මේවගේ එව්වා තව ඔනේ ☺️
ගොඩක් ස්තුතියි
ගොඩක ස්තුතියි සර් වීඩියෝ එකට, සර් පුලුවන්නම් අපට විද්‍යාත්මක දැනුම ලබා ගැනීමට හොද පොත් ගැනත් කියනවද ?
forward and reverse වලටත් proportional controlling දැම්මනම් ලේසියි නේද ?
සර් Golden Ratio එක ගැන විඩියො එක ගැන විඩියෝ එකක දෙන්න පුලුවන්ද ✨️
මම මේ රටේ ආදරය කරන මිනිසුන්ගෙන් එක් ප්‍රදානම චරිතයක් තමයි ඔබතුමා..
ලංකාවටම වටින චරිතයක් ❤ .. ජයවේවා sir🙏
11:10 පුස ගැන කියනකොට පුසෙක් පස්සහ බැම්මේ යනවා mission එකකට
නියම වැඩක් සර් සර්ට ජයවේවා!