Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පහුගිය දවසක නාට්‍යයක ෂුටින් ඉවර වෙලා මම ගෙදර එනකොට ටිකක් රෑ වුනා. උදේ ඉඳන් ෂුටින් තිබුන නිසා මම එදා ගෙදර ආවේ හොඳ පණ ගිහින්. වැඩේ කියන්නෙ එදා බිමලුත් ගෙදර නෑ. එයා හිටිය නම් රෑ කෑමට මොනව හරි හදල තියනවා ෂුවර්! අම්මෝ ගෙදර ආවම හරිම පාලුයි. ගෙට ගොඩ වුනු මම මුලින්ම බිමල්ට කෝල් එකක් දීලා දවසේ විස්තර කතා කරලා ඊට පස්සේ කල්පනා කලා මේ වෙලාවේ හැටියට කන්න මොනවද ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. ඔන්න ඔය වෙලාවෙ තමා මට රාමෙන් රහට නූඩ්ල්ස් එකක් හදා ගත්ත නම් කියලා හිතුනේ.මුලින්ම මම වතුර භාජනයක් ලිපේ තියලා ඒකට නූඩ්ල්ස් ටික කඩලා දාලා ලුණු කුඩු ටිකකුත් එකතු කරාලා තැම්බෙන්නට තිබ්බා. නූඩ්ල්ස් ටික හොඳින් තැම්බුනාට පස්සේ ලිපෙන් බාගෙන වතුර ටික පෙරලා ඉවත් කරලා කැඳ ගතිය යන්න තවත් පාරක් හොඳට සෝදලා පෙරලා තියා ගත්තා. ඒ අතරෙම ෆ්‍රීසර් එකේ ඉතිරි වෙලා තිබුන ප්‍රී-කුක් චිකන් සොසේජස් කරල් කීපයකුත් අරගෙන අයිස් ගතිය යන්න වතුර භාජනයකට දැම්මා. ඊට පස්සේ සෝදලා පිරිසිදු කරල ෆ්‍රිජ් එකේ තියලා තිබුන ළුෑණු කොල කීපයකුත් සුදුළුෑණු බික් තුන හතරකුත් එලියට අරගෙන කුඩාවට කපාගෙන පිඟානක අඩුක්කර ගත්තා. අයිස් ගතිය ගියාට පස්සේ සොසේජස් කරල් කීපයත් කුඩා පෙතිවලට කපාගෙන පිඟානෙන් අඩුක් කරගත්ත මම කුඩා වීදුරු බෝල් එකක් අරගෙන ඒකට සීනි තේ හැන්දක් , ඔයිස්ටර් සෝස් මේස හැඳි භාගයක්, සෝයා සෝස් මේස හැඳි දෙකක් සහ ඇල් වතුර කෝප්ප කාලක් එකතු කරලා හොඳින් කවලම් කරගෙන සෝස් එකක් හදා ගත්තා.ඊළඟට පෑන් එකකට පොල් තෙල් ටිකක් දාලා ලිපේ තියලා ඒක රත්වීගෙන එනකොට කුඩාවට කපා ගත්ත සුදුළුෑණු සහ කපාගත් ළුෑණු කොල වලින් භාගයක් එකතු කරගෙන හැන්දෙන් ඒ මේ අත කලවම් කරමින් මද වේලාවක් බැදෙන්නට හැරියා. ඒකටම කෑලි මිරිස් සහ අමු තුනපහ කුඩු එකතු කරපු මම සියල්ල හොඳින් තෙම්පරාදු කරගත්තා. පස්සේ කලින් හදාගත්ත සෝස් මිශ්‍රණයත් එකතු කරලා හැඳිගාමින් විනාඩි 3ක් විතර මද ගින්දරේ තැම්බෙන්නට හැරියා. මිශ්‍රණයේ දියර ගතිය හිඳී තරමක් ඝන වෙනකොට තම්බාගෙන පැත්තකින් තියාගත්ත නූඩ්ල්ස් ටිකත් ඒකට එකතු කරලා මිශ්‍රණය හොඳින් දැවටෙන විදිහට ඒ මේ අත පෙරලමින් කලවම් කරගත්තා. ඔන්න ඊටත් පස්සේ පෙති කපාගත්ත චිකන් සොසේජස් ටික නූඩ්ල්ස් එකට එකතු කරල මිශ්‍ර කරගෙන ලිපෙන් බාගත්තා. විශ්වාස කරන්න ඒ සුවඳට මගේ කටට කෙල ඉනුවා. මම නූඩ්ල්ස් ටික බෝල් එකකට දාගෙන ඊට උඩින් ඉතිරි ළුෑණු කොළ ටික එකතු කරලා අන්තිමටම තල ඇට ටිකකුත් දාලා සරසා ගත්තේ කෑමක් වුනාම බඩ වගේම ඇහැත් පිනවන්න ඕන නිසයි. ඔයාලත් ට්‍රයි කරලා බලන්න ගෙදරදිම හදාගන්න පුළුවන් මේ රාමේන් ස්ටයිල් නූඩ්ල්ස් එක ඇත්තටම රසයි!🥰ආදරෙන් සුජානි! 🔥🥘❤
❤💖💚💗💜💛💝🤎🤍🩷🩵🩶
❤❤❤
මම ඔයාලා හිනෙන් නූත් දැක්කා ඔයායි බිමල් අයියා යි තව ගොඩාක් අය හිටියා මූහූදූ . වෙරළ තීරයේ ඉතිං ඔයා ලා හොදින් ද❤🌹
Even if you boiled half a packet of noodles, you used very little and also left some sausages pieces on the chopping board. You would have taken the ingredients for the dish just for one person. Anyway, hope it came out yummy!
Looks yummy. I'm definitely going to make it ❤
👍
Nice... ❤❤
Rasa ne wage😮
බුදුසරණයි ❤️❤️❤️
Thankyou for sharing.💐💐💐
Sausages badinne nadda ohoma dammama amuwen kanawa wagene 😮
Pre cook sousages
Shaaa ❤
ලස්ස්නයි, පිලිවෙලයි❤❤❤❤
❤❤
Gedara lassna video akak Ganna ko akki
😮😮😮
❤❤❤❤❤❤
Fail
පහුගිය දවසක නාට්‍යයක ෂුටින් ඉවර වෙලා මම ගෙදර එනකොට ටිකක් රෑ වුනා. උදේ ඉඳන් ෂුටින් තිබුන නිසා මම එදා ගෙදර ආවේ හොඳ පණ ගිහින්. වැඩේ කියන්නෙ එදා බිමලුත් ගෙදර නෑ. එයා හිටිය නම් රෑ කෑමට මොනව හරි හදල තියනවා ෂුවර්! අම්මෝ ගෙදර ආවම හරිම පාලුයි. ගෙට ගොඩ වුනු මම මුලින්ම බිමල්ට කෝල් එකක් දීලා දවසේ විස්තර කතා කරලා ඊට පස්සේ කල්පනා කලා මේ වෙලාවේ හැටියට කන්න මොනවද ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. ඔන්න ඔය වෙලාවෙ තමා මට රාමෙන් රහට නූඩ්ල්ස් එකක් හදා ගත්ත නම් කියලා හිතුනේ.
මුලින්ම මම වතුර භාජනයක් ලිපේ තියලා ඒකට නූඩ්ල්ස් ටික කඩලා දාලා ලුණු කුඩු ටිකකුත් එකතු කරාලා තැම්බෙන්නට තිබ්බා. නූඩ්ල්ස් ටික හොඳින් තැම්බුනාට පස්සේ ලිපෙන් බාගෙන වතුර ටික පෙරලා ඉවත් කරලා කැඳ ගතිය යන්න තවත් පාරක් හොඳට සෝදලා පෙරලා තියා ගත්තා. ඒ අතරෙම ෆ්‍රීසර් එකේ ඉතිරි වෙලා තිබුන ප්‍රී-කුක් චිකන් සොසේජස් කරල් කීපයකුත් අරගෙන අයිස් ගතිය යන්න වතුර භාජනයකට දැම්මා. ඊට පස්සේ සෝදලා පිරිසිදු කරල ෆ්‍රිජ් එකේ තියලා තිබුන ළුෑණු කොල කීපයකුත් සුදුළුෑණු බික් තුන හතරකුත් එලියට අරගෙන කුඩාවට කපාගෙන පිඟානක අඩුක්කර ගත්තා. අයිස් ගතිය ගියාට පස්සේ සොසේජස් කරල් කීපයත් කුඩා පෙතිවලට කපාගෙන පිඟානෙන් අඩුක් කරගත්ත මම කුඩා වීදුරු බෝල් එකක් අරගෙන ඒකට සීනි තේ හැන්දක් , ඔයිස්ටර් සෝස් මේස හැඳි භාගයක්, සෝයා සෝස් මේස හැඳි දෙකක් සහ ඇල් වතුර කෝප්ප කාලක් එකතු කරලා හොඳින් කවලම් කරගෙන සෝස් එකක් හදා ගත්තා.
ඊළඟට පෑන් එකකට පොල් තෙල් ටිකක් දාලා ලිපේ තියලා ඒක රත්වීගෙන එනකොට කුඩාවට කපා ගත්ත සුදුළුෑණු සහ කපාගත් ළුෑණු කොල වලින් භාගයක් එකතු කරගෙන හැන්දෙන් ඒ මේ අත කලවම් කරමින් මද වේලාවක් බැදෙන්නට හැරියා. ඒකටම කෑලි මිරිස් සහ අමු තුනපහ කුඩු එකතු කරපු මම සියල්ල හොඳින් තෙම්පරාදු කරගත්තා. පස්සේ කලින් හදාගත්ත සෝස් මිශ්‍රණයත් එකතු කරලා හැඳිගාමින් විනාඩි 3ක් විතර මද ගින්දරේ තැම්බෙන්නට හැරියා. මිශ්‍රණයේ දියර ගතිය හිඳී තරමක් ඝන වෙනකොට තම්බාගෙන පැත්තකින් තියාගත්ත නූඩ්ල්ස් ටිකත් ඒකට එකතු කරලා මිශ්‍රණය හොඳින් දැවටෙන විදිහට ඒ මේ අත පෙරලමින් කලවම් කරගත්තා. ඔන්න ඊටත් පස්සේ පෙති කපාගත්ත චිකන් සොසේජස් ටික නූඩ්ල්ස් එකට එකතු කරල මිශ්‍ර කරගෙන ලිපෙන් බාගත්තා. විශ්වාස කරන්න ඒ සුවඳට මගේ කටට කෙල ඉනුවා. මම නූඩ්ල්ස් ටික බෝල් එකකට දාගෙන ඊට උඩින් ඉතිරි ළුෑණු කොළ ටික එකතු කරලා අන්තිමටම තල ඇට ටිකකුත් දාලා සරසා ගත්තේ කෑමක් වුනාම බඩ වගේම ඇහැත් පිනවන්න ඕන නිසයි. ඔයාලත් ට්‍රයි කරලා බලන්න ගෙදරදිම හදාගන්න පුළුවන් මේ රාමේන් ස්ටයිල් නූඩ්ල්ස් එක ඇත්තටම රසයි!🥰
ආදරෙන් සුජානි! 🔥🥘❤
❤💖💚💗💜💛💝🤎🤍🩷🩵🩶
❤❤❤
මම ඔයාලා හිනෙන් නූත් දැක්කා ඔයායි බිමල් අයියා යි තව ගොඩාක් අය හිටියා මූහූදූ . වෙරළ තීරයේ ඉතිං ඔයා ලා හොදින් ද❤🌹
Even if you boiled half a packet of noodles, you used very little and also left some sausages pieces on the chopping board. You would have taken the ingredients for the dish just for one person. Anyway, hope it came out yummy!
Looks yummy. I'm definitely going to make it ❤
👍
Nice... ❤❤
Rasa ne wage😮
බුදුසරණයි ❤️❤️❤️
Thankyou for sharing.💐💐💐
Sausages badinne nadda ohoma dammama amuwen kanawa wagene 😮
Pre cook sousages
Shaaa ❤
ලස්ස්නයි, පිලිවෙලයි❤❤❤❤
❤❤
Gedara lassna video akak Ganna ko akki
😮😮😮
❤❤❤❤❤❤
Fail