ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු ANANDA WICKRAMAGE & MANEL WANAGURU - PERFECT MATCH WITH KALUM 🌹

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 194

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 года назад +20

    කැලුම් අයියා ,,, ඔයා ලස්සනට වැඩ සටහන කරනවා...බලන්න ආස හිතෙන විදියට. ඇවිත් ඉන්න මනුස්සයට නිදහසේ කතා කරන්න දෙනව.ඔයා හොද ඇහුම්කන් දෙන්නෙක්..ඒකයි විය යුත්තේ. ගිරව් වගේ ඔහේ කියවන සමහර නිවේදකයන්ට ඔයා හොද ආදර්ශයක්. සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට. බුදු සරණයි අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +3

      බොහොම පිං ඔබතුමියට මේ වටිනා ආදරනීය ඇගයීමට
      තෙරුවන් සරණයි 💐💐💐

    • @ayanthishamikawattage2230
      @ayanthishamikawattage2230 2 года назад

      So true.. beautiful program and perfect presenting... ♥️
      Theruwan saranai 🙏🏼💖

    • @irfaniru1082
      @irfaniru1082 Год назад

      Wowww bro

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 года назад +23

    හොද යුගදිවියක් ගතකරන වාසනා වන්ත කලාකරුවන් අතලොස්සෙන්..කෙනෙක් වීම සතුටුයි ..ඔබ දෙපලට දීර්ගායුෂ

  • @chandanasilva4857
    @chandanasilva4857 2 года назад +27

    පබා ටෙලි නාට්‍යයේ මර්වින්. ඒ චරිතයට වෙන නළුවෙක් මටනම් හිතා ගන්නවත් බෑ. ඇගයීමකට ලක්‌ නොවුනත්. නිදුක් නිරෝගී සුවය පතනවා ඔබ දෙපළටම. ❤❤❤

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 года назад +1

      අනිවාර්යයෙන්ම සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන ඒ චරිතයට..කොතරම් සමාජ ආදර්ශයක් දුන්න ද

  • @shanikakumari7852
    @shanikakumari7852 2 года назад +10

    කලා ලොවේ නිහතමානී කමින් පිරි දක්ෂ කලා තරු දෙපලක් කලා ලොවේ ලස්සන නමක් රැකගෙන දිගුමනක් පැමිණි ඔබ දෙපලට දිර්ඝායුශ පතමි ❤️❤️🙏🙏 කැළුම් අයියෙ ඔයාටත් ජයෙන්ජයම වේවා♥️🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි ශානිකා නංගී

  • @claudioumesh1781
    @claudioumesh1781 2 года назад +11

    මතක ඇති කාලයක ඉදන්, පෞද්ගලිකව කැමතිම කලාකරුවන් දෙදෙනෙක්..
    ඔබ දෙදෙනා ගැන කෙටියෙන් ලියා අවසන් කළ නොහැකි වුණත්, මෙසේ යමක් ලියන්නට සිතුවෙමි
    අව්‍යාජ බවේ ආනන්දයෙන් පිරුණු
    ඔබේ හදවත් දෙකෙන් පෙනෙන්නේ
    සුන්දර මානෙල් මල් දෙකකි මා හට
    ඒ සුන්දර මානෙල් මල් දෙකෙන්
    ජනිත වුණු පුතුන් දෙදෙනා තුළින්
    සංකේතවත් වන්නේ ඔබ දෙදෙනා තුළ
    තිබෙන අව්‍යාජ බවේ ආනන්දයයි.
    ඔබට ජේසු පිහිටයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +3

      හරිම ලස්සනට ලියලා තියෙනවා
      ඔබටත් තෙරුවන් සරණයි

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 9 месяцев назад +1

    අවුරුද්දකටත් වැඩි පරන වැඩසටහනක් අද තමයි බලන්නෙ. හරීම ලස්සනයි වැඩසටහන. අාදර්ශමත්ව විවාහ දිවිය ගත කරන අාදරණීයම යුවලක්, අානන්ද මානෙල් යුවල. දක්ෂතම කලාකරුවන් දෙපළක්. ඔවුන් දෙපළ අපේක්ෂා කරන විදිහටම දිවිය පුරා අාදරෙන් සතුටින් එක්ව ගතකරන්නට ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!🙏🙏💐💐

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 2 года назад +11

    ආදර්ශමත් ආදරණීය කලාකරුවන් යුවළක්...
    නිහතමානී ආදරණීය පුතුන් දෙපළකගේ දෙමාපියන්...
    ඔබ දෙපළගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ❤️🙏

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 года назад +4

    මර්වින් අංකල්ගේ චරිතය කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඒ කතා අහලා කොච්චර හිනා උනාද.ඔහු ඒ චරිතයට උපරිම සාදාරණයක් කලා.ඔහුගේ රගපෑම් දැන් දකින්න නැති නිසා දුකයි.ඔව්න්ගේ රංගනය බලන්න මාරම පෙරේත කමක් තියෙන්නෙ.ඔවුන්ට නිරෝගි සුවය සහ දීර්ඝායු❤️🌹😘

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 года назад +4

    පළමුවෙන්ම කියන්න ඕන වැඩසටහන logo එක ගොඩක් ලස්සනයි..ඒ වගේම වැඩසටහන ඔබින..ආදර්ශමත්යුග දිවියක් ගත කරන දෙදෙනෙක් කැඳවාගෙන ආවට ගොඩක් ස්තුතියි...අපේ ප්‍රවීණ කලාකරුවන් අමතක වී යන කාලයක..මෙවැනි සුන්දර ආදර්ශමත් වැඩසටහනකින් හරි ඔවුන්ව අප වෙත කැඳවාගෙන එන්න උත්සාහ කරන ඔබට ගොඩක් ස්තුතියි..ගොඩක් ආදරේ කරන කලාකරුවන් දෙපලක්...මානෙල් මහත්මියට මම ගොඩක් ආස කරනවා වෙලාවකට ඇය පුංචි ළමයෙක් වගේ...ඇගේ අදටත් ඇති ඒ හුරුබුහුටි කමට මා ගොඩක් ඇලුම් කරනවා..මානෙල් මහත්මිය ඉඳහිට හෝ රංගනය තුළින් අපට දකින්න ලැබෙනවා..දැනටමත් ඇයි දිවිතුරා ටෙලිනාට්‍යයේ..දායක වෙනවා...ආනන්ද මහත්මයත් අපට ඉන්න වටිනා කලාකරුවෙක්..නමුත් ඔහු දැන් විවේක සුවයෙන් පසුවන නිසා...මේ වගේ වැඩසටහන කින් ඇරෙන්න අපට මොහු දකින්න ලැබෙන්නේ නැත...එයටත් කැලුම් මල්ලිට ගොඩක් ස්තුතියි ....කැලුම් මල්ලි ඔබ ඔහුව හොයාගෙන ගියේ අප වෙනුවෙන් කියන්න අප හොඳින් දන්නවා...එය අපටත් එම දෙපළටත් ගොඩක් වටිනවා....මේ දෙපළ නිතර නිතර කිව්වා වගේම ඔවුන්ගේ පාඩුවේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත් වන කලාකරුවන් දෙපලක්..අපේ මේ ආදරණීය කලාකරුවන් දෙපලට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරන ගමන්ඔවුන් දෙපලගේ යම් පාර්ථනාවක් වේද...ඒවා ද ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවාඔබල තුන්දෙනාටම තෙරුවන් සරණයි මල්ලි...🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +2

      බොහොම පිං මානෙල් අක්කා හැමදාමත් වගේම හදවතින්ම කරනා මේ වටිනා ඇගයීමට
      මට මේ වදන් සුවිශාල ශක්තියක්
      තෙරුවන් සරණයි

  • @nimchala3611
    @nimchala3611 2 года назад +4

    ගොඩක් දෙනා ආදරය කරන
    ආදර්ශමත්
    ආදරණිය..
    සුන්දර..
    අව්‍යාජ
    නිහතමානී යුවලක්..
    කලා වට සම්පතක් සැමට ආදර්ශයක් .
    තෙරුවන් සරණයි .!!...

  • @shamithd9367
    @shamithd9367 2 года назад +5

    මානෙල් මහත්මිය ඒ කාලෙ බෝනික්කියක් වාගෙමයි !! ආනන්ද මහත්මයත් ඉතාම කඩවසම් !! ඒත් බලන්ඩ ඒ මිනිස්සු රස්සාව , රස්සාව විදියට කරල , පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන විදිය !!! හරිම ගෞරවනීයයි !! කලාකරුවන් ට වඩ වඩාත් ආදරේ හිතෙන්නෙ , පුද්ගලික ජීවිතේත් මේ වගේ ආදර්ශවත් විදියට ගත කලාමයි !! මගේ ප්‍රණාමය ඔබ දෙපලට !!

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 года назад +8

    👌කලා ලෝකයේ perfect match එකක් ගහාපු සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියපු මම දකින සුපිරි බුලට් දෙකක් 🙏✌

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 7 месяцев назад +2

    ආනන්ද වික්‍රමගේ මහතා දැක්කා අපි නුගේගොඩදී මමයි අක්කයි නැත්දා බලන්න යද්දි 1997 දි දිර්ඝායුෂ ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤❤❤🎉

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 года назад +3

    ආදර්ශමත් යුවලක් කැලුම් මානෙල් වානගුරු ආනන්ද වික්‍රමගේ දෙපලට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
    ඒ වගේම හැමදාමත් මම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තව ඉදිරියටත් මෙවැනි හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      ඔබතුමියට බොහොම ස්තුතියි
      💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 года назад +5

    Thank you for bringing them today...Extraordinary talented and a blessed couple

  • @madushanipiyumika6209
    @madushanipiyumika6209 2 года назад +3

    ඔබ දෙපලට නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 года назад +1

    මම හරිම කැමතිම නළුනිළි යුවලක්.දැන් අපිට වැඩිය දකින්නට නැති අපිව ගොඩක් සතුටු කල මේ අය ගැන විස්තර ගෙන එන ඒකට කැළුම් ඹයාට ගොඩාක් ස්තුතියි.ඒවගෙම ඒ දෙන්න ගොඩක් සතුටු වෙනවා ඒ අයව මේ විදියට මතක් වෙන එක ගැන.ඒදෙපළටම නිදුක් නිරෝගී සුවය හා සතුට මම ප්‍රාර්ථනා කරන අතර ඔබට මේ දේවල් කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි පතමි.👍♥️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 года назад +3

    good morning මල්ලි හරි ලස්සන වැඩසටහනක් අද...සම්පූර්ණ වැඩසටහන හවස බලමු...ගොඩක් ස්තූතියි ඔයාට

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +1

    මමනං අානන්ද මහත්තයාගේ සේපාලිකා කාතවෙ ඉස්කෙල මහත්තයාගේ චරිතයට මමගොඩක් කැමතියි මනෙල් මහත්මියගේ ලස්සන කැලුමඅයට සුභපැතුම🙏🙏💓💗💖🌷🌷🌷

  • @priyanthigamage265
    @priyanthigamage265 2 года назад +1

    හරිම ආදරණීය චරිත දෙකක්. ඒ වගේම හරිම ආදරණීයව ලස්සනට පවුල් ජීවිතය ගෙනයන කලා පවුලක්. ජනිත් සහ සංකේත් ආදරණීය පුතුන් දෙදෙනෙක් මොවුන් සිටින වැඩසටහන් අපි ඉතා ආසාවෙන් නරඹන්නෙ රස විදින්නේ.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 года назад +3

    Kalum අයියා ඔයා මගෙ ආසම නිවෙදකයා.අයියා ඩිලානී අබේවර්දන අක්කා ekka සන්වාදයක් කරන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි නංගී
      ඇය ඉන්නෙ ඇමරිකාවෙ

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 года назад +2

    හරිම ලස්සනයි program එක කැලුම්.
    ඉතාමත්ම වටිනා ආදර්ශයක් එම දෙපලගෙන් අපට ගන්න පුලුවන්.
    ඒවාගේම මට පුංචි වේදනාවක් දැනුන මානෙල් මහත්මියගේ films මතක් වෙද්දි. 😔
    ඔබ දෙපලට ජෙසු පිහිටයි.
    ඔයට ත් කැලූම්.
    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ලෙනින්.
      තෙරුවන් සරණයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 года назад +2

    ජීවිතේ ලැබුනු හැම කාලයක්ම ලස්සනට ගත කරන දෙන්නෙක්. බොහෝම ආදරනියයි . සතුටින් පරිස්සමෙන් ඉන්න ඔබ දෙදෙනා සහ දරුවන් . ❤️❤️💐💐❤️❤️💑💐💐🙏🙏 තෙරුවන් සරණයි .

  • @diliniudeshika6418
    @diliniudeshika6418 Год назад +1

    කැලුමි සර් ඔබ ඇත්තටම හොද ඇහුන්කමි දෙන්නෙක්.මේ ගතිය බහුතරයක් අතර නැ.මේ අයට තමයි කලාකරුවෝ කියන්නෙ.එ කාලේ ගෙදර ආලින්දයෙ ඉදගෙන ගෙදර හැමෝම එක්ක නරඹන ටෙලි නාට්‍යය තිබුණේ.මේ කලාකරුවන්ට දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 года назад +4

    I wish them both a happy and health long life🙏 Thanks Kalum for another great program 💐❤

  • @haresheranga
    @haresheranga 2 года назад +1

    බොහොම කැමති යුවලක්! වෙනද වගේම ලස්සන කතාබහක්. නිරෝගී සුවය පතනවා.

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 года назад +2

    Good morning kalum.Excellent very perfect matching couple in sri lanka artists. Still remember their beauty in 1970 to 2022.stilll veeery pretty manel wanaguru. No age barriers for keeping beauty for ever.good example. Thanks kalum.sooo interesting. Stay safe budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Thank you so much nalani for your kind words
      Appreciate it very much

  • @dilrath2497
    @dilrath2497 2 года назад +2

    අනේ ගොඩක් කැමති දෙපලක් ❤❤❤ ගොඩක් ආසාවෙන් බැලුවා අදත් ...

  • @dananjaya2623
    @dananjaya2623 2 года назад +1

    නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 года назад +1

    මානෙල් මහත්මිය කියපු කතාව සහතික ඇත්ත දැන් ඉන්න අය
    එනවා යනවා ඇත්තටම ඒකාලෙ රග පාපු සියලුම දෙනා අපෙ හිත්වල තාමත් ආදරෙන් හැදිලා තියෙනවා ඹබ දෙපලටම ජයෙන් ජයම වේවා කැලුම් මහත්තයා ඹබ ටත් ජේසු පිහිටයි ඹබලා වැනි අය නැවත මේ ලෝකේ පහල වෙයිද??🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි
      ඔබට තෙරුවන් සරණයි

  • @idona905
    @idona905 2 года назад +1

    රසවත් කතාබහක්. ඔවුන් දෙදෙනා ජනප්‍රියම කාලයේදීත් නිහතමානීව හිටිය හින්දා අදටත් මිනිස්සු ආදරෙයි. (ආනන්ද සිහිපත් කරපු උපාලි අත්තනායක මහතා අපේ විශ්වවිද්‍යාල ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක්. ඔහු අපට අමතක නොවන ගෞරවනීය චරිතයක්). වේදිකාව එලිය කල ආනන්දත් සිනමාව එලිය කල මානෙලුත් රඟපෑ චරිත අපිට අදටත් හොඳට මතකයි. මම ඔවුන් දෙදෙනාට නිදුක් නීරෝගී සුවය පතනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐🙏

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 2 года назад +2

    ආනන්ද අයියා ,මානෙල් අක්කා හරිම ආදරනීය යුවලක්
    අපි එකට වැඩ කලා වැනීසියේ වෙලෙන්දා නාට්‍යයේ .
    පුතාලා දෙන්නටත්,ඔයාලා දෙන්නටත්,අලුත උපන් පුංච් මුනුබුරාටත් ,ලේලියටත් ,තුනුරුවන් සරනයි .
    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .❤️🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි රත්නා💐💐💐

  • @rizwanyaseen9666
    @rizwanyaseen9666 2 года назад +2

    An excellent program with my favorite actor Mr Ananda. Teared a bit too while seeing their bond and love. Wishing them a healthy, wealthy, long life.
    Will you believe, I recently watched Baba tele drama’s all jokes clips in the You tube. Mr Ananda is an excellent comedian 👍

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 года назад +2

    කැළුමි මල්ලී ප්‍රවීන නළු ජගත් චමිල එක්ක එන්නකො....මානික්කාවතේ ඔහුගේ රඟපෑම සුපිරි

  • @chandrakanthi9652
    @chandrakanthi9652 2 года назад +3

    Ane a,dennage ahinsaka balaborotthu,,a,,aurinma ituwawa

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 года назад +1

    Ananda vikramage mahathmayage daksha ranganayak athulath une..".eka da wahi". Film eke.. a wenuwen ethumata 1993 sarasavi film festivel eke merit award ekak labuna...a gana kiyapu nathi eka aduwak. ..asama dedenek. Manel mahathmiyath itha daksha niliyak.. dirgayu dedenatama..kalum aiya oba kohomath karanne supirima wada ne..jayen Jaya weewaa...

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 2 года назад

    ආදරණීය කලාකරුවන් දෙපළට 🙏 තෙරුවන් සරණයි ! වැඩ සටහන ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරන ඔබත් හරි ආදරණීය නිහතමානී කලාකරුවෙක් . තෙරුවන් සරණයි ඔබටත් . 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 💐💐💐

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 2 года назад +1

    Nice couple. Thank you Kalum for this interview.

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 4 месяца назад +1

    ආදරණිය යුවලක් තෙරුවන් සරණයි කැලුම් සර් ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏👌👌👌🌷🌷🌷

  • @braveheart5696
    @braveheart5696 Год назад +1

    A decent couple and family. Wish them all the best!

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 года назад +1

    Another great interview.Wish both of them healthy and blessed life.Perfect match indeed. Thanks Kalum you are great.Stay blessed 💐💐💐🙏🙏🙏

  • @geethakurera785
    @geethakurera785 2 года назад +2

    It was really nice listening to their conversation. Wish both of them Good Health, Happiness and Peace of mind. Stay Blessed.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Many thanks 💐
      Please keep watching
      More to come GEETHA

  • @shiromaperera2203
    @shiromaperera2203 2 года назад +2

    Ideally matching couple with a strong
    bond aiya.I really respect them and wish them good health happiness and long life. Good luck to you as well aiya.

  • @shobishobi8763
    @shobishobi8763 10 месяцев назад +1

    Good luck all the best God bless

  • @shobishobi8763
    @shobishobi8763 10 месяцев назад +1

    Wish you both good health long life

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 года назад +1

    Harima Lassana wada satahank.Nillasoya baluwe "Anusha" eke.Chudamanikkaya baluwe "Metro" eke.
    Pasal soudure kalayata hitath aragiya oyala thidena. Bohoma tuti oyala thidenatama. Nihatamani yuwalak.Budu saranai

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 года назад

    ගොඩක් ම ආදරය කරන දෙදෙනෙක් ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කැලුම් අය්යේ ඔබටත් බොහොම පින් හිත නිවෙන සැනසෙන වදනින් අපිට ලස්සන දේවල් දෙනවට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි චමිලා💐💐💐

  • @irinduakash8767
    @irinduakash8767 2 года назад +2

    ආනේ,,,,,,මර්වින් ,මම කැමතිම නළුවෙක්,අදත් බැළුව පබා jokes .සුභ පැතුම් ඔබ දෙපලට,කැළුම් මහතාට thanks

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @kumarisitha5161
    @kumarisitha5161 2 года назад +1

    Manel wanaguru Ananda wikkrmage depala adaraniya yuwalak .1996 wasare wage Mata mathakayi me depala '' saththayi me aeththayi''" kiyana drama akak karanna .ape gedara awa.Aya pradarsanaya une nehe.puthala dennath Akka awe.mthakada Danne nehe.manel Akka Ada kiwwa mage adum aedum harima piliwealayi kiyala.harima daksha depalalak .niduk nirigi weewa.oba depalatath kelum puthatath budu saranayi .Dewi pihitayi.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      🙏🙏🙏🙏🙏💐💐💐💐💐
      Theruwan Saranai obathumiyata

  • @madumadi2655
    @madumadi2655 2 года назад +1

    තෙරුවන් සරණයි සර් ලස්සනයි වැඩ සටහන... හැකි නම් කවින්ද්‍ය අධිකාරි ගෙනෙන්න..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි මදූ
      තෙරුවන් සරණයි

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 2 года назад +1

    ආදරනීය දෙපලක් සමග ආදරනීය කථාවක්
    ලස්සනයි සුන්දර යි
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthiecyril9580
    @kanthiecyril9580 2 года назад +1

    Ananda Wickramage and Manel Wanaguru... Such talented and very humble personalities. 🌹💕 Stay Blessed 🙏 Kelum Wijesuriya...your interviews are so great, Thank you for bringing lovely personalities... and highly admired. 👋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      My pleasure. Please keep watching
      If possible PleSe share these videos

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 года назад +1

    Me thumiya ragapapu “pawan susum” geethaya mathak wenawa. Obata bohoma sthuthi.

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 года назад +1

    Blessed day Mr,and ,Mrs Wekramage ,,stay safe god bless 🙏Thank you Mr Kalum

  • @Gmus279
    @Gmus279 2 года назад +5

    මම දැන් ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ "මාලනී ෆොන්සේකා " මහත්මියව ගෙන්නනකම්

  • @buthmi136
    @buthmi136 2 года назад +4

    ආදරනීය යුවලක් ♥️♥️

  • @hansaperera8826
    @hansaperera8826 Год назад +1

    Nirogimath.subam.suba.upan.dinakweywa❤❤

  • @maduliyanage
    @maduliyanage 2 года назад +1

    නියමයි කැලුම් අයියා..ගොඩ දවසකින් ආවේ..මම හරිම ආස දෙන්නෙක් දීර්ඝායුශ පතනවා ඔබ දෙපලට♥️♥️♥️♥️💃

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      💐💐💐

  • @ranjufdo9100
    @ranjufdo9100 2 года назад +1

    ananda.mahahathmayath.harima.dakshayek.suba.pathanawa.oba.depalata.

  • @KW-tb5nw
    @KW-tb5nw 2 года назад +1

    Oba depalata niduk neerogi deergausha prarthana karanawa 🙏

  • @mauricedemel6142
    @mauricedemel6142 2 года назад +2

    Shaa ape supiri couple ekka.

  • @aroshaishan4377
    @aroshaishan4377 2 года назад +1

    Palamuvenma thanks karanna one kalum Obata hoda ugadiviyak gatha karana hoda Kala sheshraye inna adarshamath cupal ekak evagema hoda puthun dedenekge demau piyan. Adath dennama harima lassanai. Adareiiii oyalata❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Bohoma isthuthi arosha
      Theruwan Saranai

    • @aroshaishan4377
      @aroshaishan4377 2 года назад

      @@kalumwijesooriya Arosha kiyanne mage putha kalum putha Mata me phone eka birth ekata dunna. Eyage namin thibunath mama thamai eyage ammi. Reply karanne mama. Obata thanks kalum mama Rupika. 🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад +1

    තෙරැවන්..සරනයි..දෙව්.පිහිටයි

  • @vdthennakoon3978
    @vdthennakoon3978 2 года назад +1

    Budu saranaidani dakimath satuti

  • @shalinipolpitiya-px7jy
    @shalinipolpitiya-px7jy Год назад +1

    Dusheni & Uddika ekata programme ekak karannako..

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 года назад +1

    Man asama dennek . Deergayu wewaa🙏🙏🙏❣️💐

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 2 года назад +1

    වටිනා සාකච්ඡා වක් මේ විදිහේ ආසාවෙන් බලන්න අහගෙන ඉන්න පුළුවන් අයව ගෙනල්ලා ඔබගේ වැඩ සටහන් ඔප නැංවීම හරිම අගෙයි කැළුම් මල්ලි ගේ ඉදිරි වැඩ සටහන් ද මේ ආකාරයෙන් ම සාර්ථක වේවායි ඉතා සිතින් පතමි.❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි අක්කා 🙏💐

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 года назад +1

    Wishing you both the very best. Good health, happiness and wealth.

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 2 года назад +1

    Aasawan baluwa Tnq sir

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 года назад +1

    Harima asawen balanne me weda satahana lassanata karanawa

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 года назад +1

    Tama wada. ada rata balannam.Budu saranai

  • @samanwijayarathne3501
    @samanwijayarathne3501 10 месяцев назад +1

    ආදරේ ඔබ දෙපලට ❤

  • @sasakumlanka8087
    @sasakumlanka8087 2 года назад +1

    අනන්ද මහත්මා නිකන් කතා කලත් හිනා යනවා අපේ දැවන්ත කලා කරැවෝ ඔවුන්ගේන් පස්සේ කවුද මෙවා බාරගන්නේ

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 года назад +1

    හැමදාමත් ආදරණීය කාගෙත් ආදරය දිනා ගත්තු යුවලක්. මම හරිම කැමති දෙපලක්. ඒ වගේමයි ඔවුන් ගේ දරුවෝ දෙදෙනා. දීඝායු වේවා! ඔබ දෙදෙනාටම. තෙරුවන් සරණයි!! ජේසු පිහිටයි!!! 🙏🏻❤️❤️
    මල්ලී මට මදාරා වඩුගේ නංගිලගේ ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එක එවන්නකෝ පුළුවන් නම්, ඔයාටත් තෙරුවන් සරණයි!! 🙏🏻❤️
    🇮🇱🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි
      තවම මදාරාගේ වැඩසටහන කළේ න්හැ

  • @jayaathauda403
    @jayaathauda403 2 месяца назад +1

    Oba naluwek nowa sith pahan karanna samowama minisun bawata pathkarana pinwantha
    Ahinnsaka sabama minisathbhawe prathimurthiyaki

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 года назад +1

    Adarsamath charitha💐👌👌👌

  • @charlainewilliams40
    @charlainewilliams40 9 месяцев назад +1

    My son is also a Royalist. We have to face the same problem re my third son.

  • @anushaanusha6622
    @anushaanusha6622 2 года назад +1

    Ane mama godak Adarema dennek deergausha labeva

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +1

    කැලුමඅයියට ගොඩක් පිං.මෙදෙන්නම එකට.පෙන්නුවට හැමදාම.අදරේයි මනෙල් .මහත්මියට.අන්නද.මහත්තයට 🙏🙏🙏💖💕💞🌷🌸🌼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 года назад +2

    ගොඩක් හොදයි අද ආපු දෙන්නා ආදරෙයි ඔයාලා දෙන්නට බුදුසරණයි 🙏

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 10 месяцев назад +1

    Deergayu wewa legends ❤❤❤❤

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 года назад +2

    Theruvansaranai Adaraneeyan thidenatama adarei godariyakma pathami niduk neerogi suvaya

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 2 года назад +1

    විශිෂ්ටයි

  • @chandipathiraja2446
    @chandipathiraja2446 2 года назад +2

    ආදෙරෙන් බැලුවා

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 года назад

    May they be well n happy always

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 года назад +1

    Lassanai 👍❤️🌷🙏🇰🇼🇱🇰

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 Год назад +1

    math janithge upan dine dawasema ipadichcha kenek math demaupiyanta asimithawa adare karana kenek, mema depalata udaw awashanam mata maseg ekak thiyanna ,tel ,nambar eka,sthuthii

  • @kumarimendis3773
    @kumarimendis3773 2 года назад +1

    Great couple ❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Athi visishta Rangana Vidahapapu Adrashavath Dedeneki. puthra Rathnayath ithama Daksatha pennum KARANA Swabadahamen Ratrlata Dun Dayadayanya Vagkeema Nayanethuwa Ratata itukala Rata Binduwata Vattapu Papaye Sahapayata kotaskaruwan Novena. Uthum Ganaye Kala shilpeen Thidenki.Adambarai oba gena

  • @PAGE46035
    @PAGE46035 2 года назад

    Mal liyakam badi pem sithuwam adi.......Mr. Ananda wickramage really you overshadowed great Ravindra randeniya in that movie.

  • @ranjufdo9100
    @ranjufdo9100 2 года назад +1

    harima.lashshana.famili.ekak.

  • @chamalthenuwara2061
    @chamalthenuwara2061 2 года назад +1

    මම තමා 1වෙනියට බැලුවෙ හොදේ..🎁 ඕනෙ මටත්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      🙏😂💐💐💐💐💐

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 года назад

    Harima lassana pilisadarak, Adraye karana Adere couple ekak, punchikale ape sihina mathake. Harime wadagath widihete giwathwan adereniye couple ekak..Obe depelet thawa idiryetath aderenme giwthwenne ape asirwadat samge, THERUWAN SARANAI OBE SIYALUDENATE. 😍😍 mame Sweden 🇸🇪 rate site..

  • @ahasazanaz944
    @ahasazanaz944 3 месяца назад +1

    Mervin charitheta Oscar sammaneth podi wediy Ananda mahatthayo.eka athi wishishta rangapemak hasyatath eha giya deyak eke thibuna.

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 2 года назад +1

    💐💐💐💐💐

  • @ranjufdo9100
    @ranjufdo9100 2 года назад +1

    wasa.charitha.karanna.dakshai.manel.mahathmiya.apitath.baya.hithnawa.namuth.bonikkiyak.wage.harima.lashshanai

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 Год назад +1

    👍👍👍

  • @tharini4817
    @tharini4817 2 года назад +1

    Best program aiye.

  • @siherath1385
    @siherath1385 2 года назад +1

    LOVE AND HAPPYNESS ARE A PERFECT LIFETIME MATCH.
    KEEP IN TOUCH...
    "ANANDA ME RE HARI HEDAIE."
    KAUDA PAAWENA "MANEL"
    MALAKWAGE ME"....
    TRUE LOVE WITH TIGHT BONDS NEVER ENDS THOUGH THERE ARE BENDS..
    A NICE UPLOADING.

  • @ananya__f
    @ananya__f 2 года назад +4

    අද වැඩසටහනත් #විශිෂ්ඨයි කැලුම් මහත්මයා..
    සිංහල සිනමාවට සම්බන්ධ බොහෝ දැවැන්ත චරිත (රංගන ශිල්පීන්, සංගිතඥයන්, අධ්‍යක්‍ෂ වරුන් ආදිය) සමඟ සම්මුඛ සාකච්ඡා වල නියැලුණත් සිංහල සිනමාවේ #ප්‍රධානම_තාරකාවියන්_ද්විත්වය (මාලිනී ෆොන්සේකා සහ සබීතා පෙරේරා මහත්මීන් ) ඔබට මග හැරුණ් කෙසේද? 🙄 🤔 🤔 🤔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +2

      මග හැරුනේ නැගැ
      මාලනී ෆොන්සේකා මහත්මිය රැගෙන එන්න මා උත්සාහ කරන්නම්
      සබීතා මහත්මියට කීපවරක්ම කතාකළා
      ලගදීම එතුමිය එයි කියා හිතනවා