School Anthem - Nugawela Central College (සැරදේ පුරසඳ ලෙස සැරදේ)

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024
  • විද්‍යාලයීය ගීතය
    සැරදේ පුරසඳ ලෙස සැරදේ
    නුගවෙල මැදි මහ විදුහල් මාතා
    සැරදේ පුරසඳ ලෙස සැරදේ
    හෙළදිව මැදරට සෙංකඩගල පුර
    අන්තිම සිංහල රජ දහනේ
    සිරිබර මනහර මෙපියස හෙළිකල
    නුගවෙල විදුහල් මැණීයනේ
    ඔබ ගුණ සයුරකි ඔබ නැණ පහනකි//
    අප ජය බිම ඔබ වේ
    නුගවෙල මැදි මහ විදුහල් මාතා
    සැරදේ පුරසඳ ලෙස සැරදේ
    ඔබ උකුලෙහි නැළවෙන අප සැම එක දරුවන් බව දනිමු
    රන් සොයුරු දමේ බැ‍දෙමු
    ගුණයෙන් නුවණින් සතුටින් දියුණට සැපතට පා නගමු
    අපි නොනැවත පෙරට යමු
    ඔබ නම සමරමු හෙළ විරුවන් ලෙස රට දැය වැඩ වඩමු
    මතු සිරිලක බබළවමු
    නුගවෙල මැදි මහ විදුහල්මාතා
    සැරදේ පුරසඳ ලෙස සැරදේ
    පද රචනය - විද්‍යාලයීය ආචාර්ය අපවිත් වී වදාල රාජකීය පණ්ඩිත නුගවෙල පඤ්ඤා‍ජෝති නාහිමි
    තනු නිර්මාණය - නුගවෙල මධ්‍ය විද්‍යාලයීය පාඨාශාලාචාර්ය ඩී.ජී.එදොරිස් මහතා
    වර්ෂය - 1958
    පාසල් ගීතයේ වැදගත්කම - සෙන්කඩගල රාජධානියේ අති පෞරාණිකත්වය පාසල් පරිසරයේ ඇති රමණීයත්වය හා එහි අභිමානය විදහා දැක්වීමයි.

Комментарии •