Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • "ගුලිඑල්මෝ මර්කෝනි" ඔයාල අහල ඇති නේද ? වයර් සම්බන්ධතාවයකින් තොරව එක තැනක සිට තවත් තැනකට තරංගයක් යවන්නත් එය ග්‍රහණය කරගන්නත් පුළුවන් කියන අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල ලෝකෙ මුලින්ම ආවෙ ජීවිතේ කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ල නැති මෙතුමාගේ හිතට. අහසෙන් එන අකුණු සැර පොළොවේ යම් තැනකට වදිනවනම් අපි කතාකරන දේකුත් තවත් තැනකින් ගන්න බැරිද කියන සිතුවිල්ල එයාට ඇවිල්ල තියෙන්නෙ වැස්ස වෙලාවට අහස දිහා බලාගෙන ඉද්දි. තමන්ගෙ හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරල අද අපි භාවිතා කරන රැහැන් රහිත සියලු තාක්ෂණයන්ගේ මූලාරම්භය ලෝකයට දායාද කල මේ උත්තමයාගේ නිවසට අපි ගිය ගමන ගැන ඉතා රසවත් තොරතුරු රැසක් මෙම වීඩියෝවෙන් බලන්න ❤️
    ඉතා වැදගත්
    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Комментарии • 798

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  3 года назад +244

    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.

    • @thilinamaduwantha1587
      @thilinamaduwantha1587 3 года назад +17

      ලංකාවේ හොරු......තමා නියම හොරු ඔතෙන්ට ආවෝත් ඔය කාසල් එකත් උස්සං යයි 🤣🤣🤣🤣

    • @IT-cz2un
      @IT-cz2un 3 года назад +7

      100 k වලට තව ටිකායි..... දාපු හැම විඩියෝ එකක්ම තත්පරයක් නෑර බලලා තියනවා..... 🤩youtube වල ආසාවෙන්ම බලපු චැනල් එක.... Congratulations

    • @abaiya7868
      @abaiya7868 3 года назад +4

      Supiri. ඔබගේ මහන්සියට බොහොම ස්තුතියි ...

    • @surangaprabath5652
      @surangaprabath5652 3 года назад +1

      අයියා me gana දැනුවත් kalata ඔයාට ගොඩක් esthuthi .loku දැනුමක් lada gattha.👍❤️🌹🙏

    • @slgreenwheels2421
      @slgreenwheels2421 3 года назад +1

      Marconi..ti voglio bene❤️❤️❤️

  • @Abinawaramatemple
    @Abinawaramatemple Год назад +2

    මේ වැඩසටහන නරබන්නට කාලයක් ගතවෙනවා එහෙත් හරිම සුන්දර වැඩසටහනක් හොදයි දැනුමක් ලැබුනා කියලා මට හිතෙනවා ඇත්තටම හරිම සතුටුයි ඔබතුමා කරන මේ සත් කාර්ය මහත් සතුටක් කින් යුතුව ප්‍රකාෂ කරනවා ඇත්තටම ඔබතුමා ට පිං සිද්ද වෙනව නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 года назад +7

    ඔබතුමාගේ අදහස් වල කිසිම වැරද්දක් නැ
    ලංකාවෙ ජතිකයයි යයි කියා ගන්න නාලිකාවකවත් මෙි වාගේ වටින දෙයක් පෙන්වන නවා දැකලා නැ
    ගොඩක් ස්තුතිය ඔබතුමාටත් පවුලේ සැමටත් ජය

  • @shamalperera4875
    @shamalperera4875 2 года назад +9

    මේ වාගේ වටිනා වීඩියෝ සිංහල කෙනෙක් කලානම් ඒ ඔබතුමා පමණයි ....ලොකුම දැනුමක් ,ආකර්ශනීය විස්තර කිරීම ඔබගේ උපන් හැකියාව අනර්ඝ යි...

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +13

    බලන්නකෝ ඒ විස්තර කිරීම.. ඕනිම පොඩි ලමයෙකුට තේරෙන භාෂාවෙන්.. හරීම වැදගත් .. මාර්කෝනි මහත්තයා ගැන කියපු ඒ ලස්සණ කතාව.. අවසාන මොහොතේ මාර්කෝනි මහත්මා ගේ පිලිරුව ලග ඔබතුමා හැගුම් බර වීම.. අතිවිශිෂ්ටයි ... ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @artofthemusic694
    @artofthemusic694 2 года назад +4

    ඔබ කරන මේ සේවය ඉතාම අගය කරමි. ඔබ මේ දැනුම ඕනෑම කෙනෙකුට තේරෙන්න කියල දෙන ආකාරය ඉතාම ආකර්ශණියයි. ඔබ ඉතා දක්ෂ සන්නිවේදකයෙක්. තවද ඔබ තුල පවතින නිහතමානි ගුණය අපව ඔබ කෙරෙහි ඇද බැද තබාගනී - ස්තූතියි මෙම සේවය තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවා.

  • @Abinawaramatemple
    @Abinawaramatemple Год назад +1

    හරිම ලස්සනයි වැඩසටහනක් මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න වචනමදඉ එතරම් සාර්ථක වේ කරන්න තව තවත් හොදම කරගෙන යාමට සත්ත්ව සවාරිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය පතමි ඉටුකර ගැනීම මට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @jpSL
    @jpSL 3 года назад +4

    දැනුම සහ අත්දැකීම් ගෙන එන ඔබතුමාට ස්තුතියි සුදන්තක මහත්මයා.අර කියපු විදිහට හිට්ලර් ගැන වීඩියෝ මාලාවක් කරන්න.මම හරි ආස චරිතයක්.ඒකාධිපතියෙක් කියලා මිනිස්සු හිට්ලර්ට අකමැති වුණාට යම් ආදර්ශය ගන්න පුළුවන් අපිට හිට්ලර්ගෙන්.ශබ්ද දූෂණය ලංකාවේ තත්ත්වය ගැන කතාව හරි අපේ මිනිසුන්ගේ සද්දෙ අනවශ්‍ය කතාවයි වැඩක් ඇතුව හෝ නැතුව එහාට මෙහාට දුවන එකයි විතරයි චින්තනය මොට්ට වෙන්න හේතුව ඒකයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +2

      මටත් ලොකු කුතුහලයක් තිබුනා හිට්ලර් ගැන. ඒ නිසාම මම එයාගෙ Mein Kamf සහ වේබර් මාසර් විසින් හිට්ලර් ගැන ලියපු ජර්මන් පොත් කියෙව්වා. මහ පුදුම ආත්ම විශ්වාසයක් තිබුන මිනිහෙක්.

  • @CnAudioStories
    @CnAudioStories 3 года назад +4

    සුදන්තක මාම දෙනියායෙත් ඇවිල්ල තියෙනවා...මම දෙනියායේ...ගොඩක් සතුටුයි...
    ගොඩක් ලස්සනයි වීඩියෝ එක නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...
    මමත් දැන් A/LPhysics ඉගෙන ගන්නව...
    ලෝකයම තාක්ෂණික අතින් දියුණු වෙන්න හේතු වුණු ගොඩක් වටින අමතක නොවන ඉතිහාස කතාවක්...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ඔව් මම විහාරහේනෙන් එනසාල්වත්ත පාරෙ ගිහිල්ල Rainforest හෝටලේ ඉඳල තියනවා තුන් පාරක්.

  • @headsport3023
    @headsport3023 3 года назад +18

    මෙච්චර කල් හිතාගෙන ගිටියේ "ගුග්ලි මාර්කෝනී" කියලා😂අද තමයි හරිම නම් " ගුලි එල් ලෝර් මාර්කෝනී " දැන ගත්තේ❤️❤️

    • @thilinapeiris5655
      @thilinapeiris5655 3 года назад +1

      ගුබ්ලිමෝ මාර්කෝනි 😁

    • @oreothecat18
      @oreothecat18 2 года назад +1

      “ගුලිඑල්මෝ” , Gli* කියන අකුරු තුන ශබ්ද කරන්න ලංකාවෙ හෝඩියේ අකුරක් නෑ. ඒ නිසා හරි විදියට නම් "ගුලි" කියල ශබ්ද කිරිම වැරදියි. ඉතාලි භාශාවෙ විශේශ ශබ්ද කිරීමක් තමයි GLI කියන ශබ්දය.

    • @earthlove1310
      @earthlove1310 2 года назад +1

      Guglielmo Marconi ගුග්ලිඑල්මෝ මාර්කෝනි

    • @oreothecat18
      @oreothecat18 2 года назад

      @@earthlove1310 gli කියන එකේ g අකුර "ග්" විදියට ශබ්ද කරොත් එකත් වැරදියි. ග්ලි අකුරු එකතු වෙල අමුතුම ශබ්ද කිරීමක් තමයි හැදෙන්නෙ. "ග්ලි" ලියල තියෙන විදියටම ශබ්ද කරොත් වැරදියි. මෙකත් හරියට german භාශාවේ umlaut වගේ තමයි.

  • @Unknown-b7z
    @Unknown-b7z 2 года назад +2

    ඔබතුමාට ගොඩක් පින් අපගේ තරුණ පරපුරට මෙවැනි ගුණවත් නැණවත් වැඩසටහන් ගෙන එනවාට. මෙවැනි කටයුතු ඉදිරියට කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා අපි සියලු දෙනාම වෙනුවෙන් කරමු.
    බුදු සරණයි!!

  • @dammikaranathunga10
    @dammikaranathunga10 2 года назад +3

    අපි වෙනුවෙන් ලොකේ වටේ ගිහින් අපිට කවදාවත් දකින්නට නොලැබෙන අහන්න නොලැබෙන දේවල් පෙන්නලා දීලා ඉතා පැහැදිලිව තේරුම් කරලා දුන්නට ගොඩක් පින් අයියාට....good luck....❤️❤️❤️😀👊👊🤘🤘

  • @heshandushmantha5284
    @heshandushmantha5284 3 года назад +8

    සුදන්ත අයියේ ඔෆිස් ඉන්න වෙලාවට ඔයාගෙ අලුත් වීඩියෝ එකක නොටිෆිකේශන් එකක් ආවම ඒම මතක තියාගෙන ඉදල කජු ටිකකුත් අරගෙන ගෙදර ඇවිත් බියර් ටින් එකක් කඩාගෙනම තමයි වීඩියෝ එක බලන්නේ.😊 ඒ තරමට වැඩේ ඉන්ට්‍රස්ටින්.ඔයාගේ දැනුම වගේම ඉදිරිපත් කිරීමේ හැකියාව සුපිරි. ජයවේවා අයියේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      මරුනේ ලඟක හිටියනම් මමත් සෙට් වෙනවා 😍

    • @heshandushmantha5284
      @heshandushmantha5284 2 года назад +1

      එහෙම කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද අයියේ.මොනතරම් වැදගත් දේවල් කතාකරන්න තිබ්බද රට රටවල් ගැන.අවංකවම ඔයා මාර පොරක් හොදේ ලංකාවට ආව වෙලාවක කියන්න සෙට් වෙමු.ඔයා ආසකරන ඒ නිශ්ශබ්ද පරිසරය මෙහෙ තියෙනව. 😊

  • @KasunRomen
    @KasunRomen 2 года назад +5

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🔥♥️

  • @supunchathuranga6701
    @supunchathuranga6701 3 года назад +11

    ඔන්න ඔබතුමාගේ සම්පූර්ණ කතාවම අපි ඇහුවා ඔබතුමා ශ්‍රී ලාංකීය අපිට මාර්කෝනි කෙනෙක් ...සුභ අනාගතයක් 🔉🔉🔉🎙️🎙️💿️🎧🎤😇😇😇😇

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 3 года назад +7

    ස්තූතියි අයියේ අපි රැමේනියා ඉදලා බොහෝම ආශාවෙන් උනන්දුවෙන් බලන්නේ. ජයෙන් ජයම වේවා , බුදු සරණයි ! ජේසු පිහිටයි! ❤❤❤❤💪💪💪💪💪💪💐💐💐💐💐💐

  • @danushkajeewantha8057
    @danushkajeewantha8057 2 года назад +7

    ඉතාම හොද අධ්‍යාපන චාරිකාවක්...දිගටම කරගෙන යමු...

  • @ureshadilshan1
    @ureshadilshan1 3 года назад +18

    අදත් වෙනදා වගේ ඔබේ අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති ! මේ අත්දැකීම සැබෑ ලෙසම විදින්න බලාපොරොත්තු වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනේ ! ජයවේවා ✌

  • @kokilamahagamage1102
    @kokilamahagamage1102 2 года назад +3

    මනසට පවන් සලනවා වගේ සැනසීමක් ඔබේ කතා විලාසයෙන් මහා දැවැන්තයෙකුගේ දැනුමක් ලැබුවෙමි... ඔබට බොහොමත් ස්තුති💪❤️❤️🙏🙏🔥🔥

    • @inokapriyadarshani5226
      @inokapriyadarshani5226 2 года назад +1

      ගමනට පෙර සූදානම .හරි අපූරුයි සුදන්තක ඔයාගෙ ඉදිරිපත් කිරීම්. දරුවන්ට, ආදරණීය බිරිඳට ඔබට තෙරුවන් සරණයි

  • @tharukashehan4398
    @tharukashehan4398 2 года назад +3

    මාර පුදුමයි එතුමා ගැන.මේ ලෝකෙ නැති දෙයක්නේ ඉදිරිපත් කලේ අවු: 21 දී . ඔබතුමාට බොහොම ස්තුතිය මේවා කියල දෙනවට පෙන්නනවට. ගිහින් බලන්න බැරි උනත් මෙහෙම හරි දැකපු එකට පට්ට සතුටුයි ❤️

  • @prabathlahiru3728
    @prabathlahiru3728 3 года назад +2

    ඔයා වීඩියෝ එකේදි අපේ ගමේ නම කිව්වා දෙනියාය ඇත්තටම මට සතුටුයි ඔයා සියලු දේ ගැන හිතන නිසා වෙලාවකට පුංචි දුකක් තියෙනවා එ අයියා මගේ ඥාතියෙක් නොවීම පිළිබඳව ඒ තරමට මම අයියට ගෞරව කරනවා අයියා සංචාරය කරන අතරතුර ලබාදෙන උපදෙස් අදහස් මැණික් තරම් වටිනවා වචනෙන් කියන්න බැරි තරම් සතුටක් අයියා පිළිබඳ ව තිබෙනවා ජය වේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ලොකු සතුටක් දැනුනා ඔයාගෙ comment එක කියෙව්වම ❤️❤️😘

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. මේ දේවල් ලේසියෙන් කෙනෙකුට බලන්න හම්බෙන දේවල් නෙමෙයි. මම මීට කලින් මාර්කෝනි සම්බන්ධව මෙච්චර තොරතුරු අහල තිබුණේ නෑ. අනේ ගොඩක් ස්තූතියි සර්.🙏🙏 මේවගෙ වීඩියෝ ඉස්සරහටත් අනිවාර්යයෙන් ඕනි..ඒ වගෙම ගුවන්විදුලිය නිපදවීම සම්බන්ව නිකොලායි ටෙස්ලාගෙ සම්බන්යකුත් තියනවා. මොකද රැහන් රහිත සන්නිවේදනය පිලිබදව මුල්වරට මත පල කලේ එතුමා. එතුමාගෙ පර්යේෂන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර 17 ( පරීක්ෂණ 17) ක් එකට එකතු කරල තමයි මාර්කෝනි ගුවන්විදුලිය නිපදවල තියෙනෙ. වැදගත්ම දේ, ඒ නීතිවිරෝධීව නෙමෙයි.. මොකද ටෙස්ල තමන්ගෙ නිර්මාන වෙන අයට බවිතා කරන්න නිදහස දීපු පුද්ගලයෙක්. හේතුව තම නව නිර්මාණ විකුණල 💰 හම්බ කරන්න එතුමගෙ උවමනවක් නොතිබුන නිසා.....

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 2 года назад +1

    ඉතාම විශිෂ්ඨ වීඩියෝ එකක්.අපි මොන තරම් ගෞරවයක් දැක්විය යුතු පුද්ගලයන්ද?ස්තූතියි සුදන්තක මහත්තයෝ…අපිට ලෝකය පෙන්වනවට දැනුම දෙනවට ගොඩක් ස්තූතියි.කියන්න වචන නෑ ඔබනම් දේව දූතයෙක්.මේ වීඩියෝ සහ දැනුම අපේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ කරගන්න පුළුවන්නම් අපිට නොලැබුන ගොඩක් දේවල් අපේ අනාගත පරපුරට ලබාගන්න හැකිවේවි.අපේ රටේ අනාගත පරපුරට හොඳ උද්දීපනයක් දේවි.මේ වගේ විශිෂ්ටයින් අපේ දරුවන්ගෙ හිත්වලට කාවැද්දවීම ඔබතුමාගෙ මේ වීඩියෝ වලින් අනිවාර්යෙන් කරන්න පුළුවන්.නමින් විතරක් දැනගෙන සිටි මාර්කෝනි හිතේ තැම්පත්කලා ඔබ.ඔබටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි.....!

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 года назад +1

    මම ලංකාවේ කුඩා ටවුමක ඉන්න කෙනෙක් ලංකාවේ නිරෝධායන ඇඳිරිනිතියේ පළමු අදියරේ දී මම ඔබ තුමා කියපු නිහැඬියාව වින්දා .. අවු 40 ක මාගේ ජිවිතයේ
    මා වින්ද ඉහළම නිහැඬියාව වින්දා කුරුළු හඬයි සුළං ශබ්දය විතරයි අසුනේ... මිනිස් කට හඬක් වත් ඇසුනේ නෑ ...ටවුමේ මිනිස්සු ගම්බිම් බලා ගිය නිසා ... ඒත් දැන් ටික ටික ඒ කර්කශ වාහන හඬ සහ යන්ත්‍ර සුත්‍ර ශබ්ද ඇහෙන්න පටන් අරගෙන කොරෝනාවත් අමතක වෙලා මිනිසුන්ට ...

  • @dilsarashehan8689
    @dilsarashehan8689 2 года назад

    ඔබ නිවැරදි.... ශබ්ද දූශනය ඉතාමත්ම වැරදි ...මම පාසල් ශිෂයෙක් මන් ලංකාවෙ ජීවත් වෙන්නෙ ....හැමදාම අප නිසව අසල එක් නිවසක ඉතාමත්ම ශබ්දයෙන් සින්දු දානවා... එක ලොකු හිසරදයක් ...... මිනිස්සු වෙනස් විය යුතුයි....

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 2 года назад +4

    ලොකෙවටෙ සුදත්ත channel එකට 100k පිරිසක් එකතුවි තිබෙනවා ගොඩක් සතුටුයි.❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 года назад

    අද තමයි බැලුවේ.ස්තුතියි සියලූදෙනාටම. ඔබතුමා කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත. ලංකාවේ තියෙන්නෙ පුදුම ශබ්ද දූෂණයක් . ගෙවල්වල මිනිස්සු කතා කරන කොට අනෙක් අය ගැන හිතන්නේම නැහැ. විශේෂයෙන් දමිළ භාෂාව කතා කරන අය. හරිම වටින වීඩියෝ එකක්.කියවල තිබුණාට ඒ තැන් දකින කොට හරිම ආසයි.පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 Год назад

    අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති ! මේ අත්දැකීම සැබෑ ලෙසම විදින්න බලාපොරොත්තු වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනේ ! ජයවේවා

  • @ceylonvillagefood3620
    @ceylonvillagefood3620 3 года назад +6

    හෙට උදේ වෙද්දි සබ්ස්ක්‍රයිබ් ලක්ශයයි.අපිට හරිම සතුටුයි.😍😍😍 සුදන්තක මාමට බුද්දිමත් ප්‍රේක්ෂකයො ලක්ශයක් 🔥🔥

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 года назад +4

    අනිත් අය ගැන හිතන , අනිත් අයගේ දේවල් නොසොයන රටක් හරිම ලස්සනයි . නිහඩ බව නව නිර්මාණය න්ට මග පෙන්වයි.

  • @zonebag5326
    @zonebag5326 2 года назад +2

    සුදන්ත අයියා නියමයි ....ඔයා නම් නියම ගවේෂකයෙක්.....මාර රසවත් විදියට ඉදිරිපත් කරනව......අපිට මාරම සතුටින් බලන්න පුලුවන්.....ඔබ තුමාට තව ගොඩක් අවිදින්න සහ දියුණු වෙන්න වාසනාව ලැබේවා ....🧡🧡🧡👍

  • @wadaperera
    @wadaperera 2 года назад +1

    හරිම ආසාවෙන් බැලුවෙ මේ වීඩියෝ එක . අපි අහපු දැකපු නැති දේවල් තමයි මහත්තයා ගොඩක් මහන්සී වෙලා අපිට බලන්න අරගෙන එන්නෙ. ඒක කොච්චර වටිනවද . අනික් එක... ඔබතුමා වැදගත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන විදිහ හරිම සංවේදීයි. ආයෙමත් ලස්සන වීඩියෝ ගේනකල් බලාගෙන ඉන්නවා .

  • @gihaniperera6934
    @gihaniperera6934 2 года назад +2

    මාකෝර්නි ගැන අහල තිබුනට මේ තරම් පැහැදිලිව, ලස්සනට හරියටම කතාව දැනගත්තෙ අද තමයි. ගොඩක් ස්තූතියි මාමෙ මේ කරන මෙහෙයට... ❤️🙏💐

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 2 года назад +2

    අදත් ලස්සනයි ගොඩක් .ඔයා හොද නිවේදකයෙක් අයියේ .තවත් වැඩසටහන් ඉදිරියට දෙන්න ඔබට සුබ පතනවා...💐💐💐

  • @wmaperera
    @wmaperera 3 года назад +3

    හුගක් දේවල් අහලා තිබ්බාට දැකලා තිබ්බේ නැහැ..ඒ වෙනුවෙන් ඔබට බොහෝ පිං...තව සුලු මොහොතකින් ලැබෙන Silver button එකට සුබ පැතුම්..

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 года назад +2

    Everybody never forget about Marconi ,because of this vedio .I invited my friends to see ur vedios .

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 Год назад

    මං පුවත්පතක දැකපු ලිපියක තිබුණා මාර්කෝනිට කලින් රේඩියෝ තරංග සම්ප්‍රේෂණය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළේ ඉන්දීය ජාතික විද්වතෙක් බව එතුමා සොයාගත් දේ මාර්කෝනි විසින් නැවත සොයාගැනීමක් කර ඇති බවත්,එය තමා කළ සොයාගැනීමක් බව ලෝකයට ඉදිරිපත් කළ බවත් එම ඉන්දීය විද්වතා ගේ නම මට හරියටම මතක නැති වුණත් මේ පිළිබඳ ඇත්ත දැන්ගැනීමට කැමතියි.බොහෝම ස්තූතියි ඔබතුමාට.

  • @MrUdaya00123
    @MrUdaya00123 2 года назад +1

    හැමදාම වගේ අදත් ඔබ අපිට සොදුරු දසුන් වගේම හොද දැනුමක් ලබා දුන්නා..ඒ දැනුම ගොඩාක් වටිනවා..ඔබ නිසා හූගක් වටිනා දේවල් දකින්න ලැබෙනවා.. ස්තූතියි ඔබට ...

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 года назад +1

    මිල කල නොහැකි අගයක් ඇති ගොඩක්ම හොද වීඩියෝ එකක්..කොහොමද සුදන්තක මහත්තය භෞතික විද්‍යාව බෑ කියල කිව්වට ඉතාලි භාෂාව භාවිත කරල මාර්කෝනි මහත්තයගේ මුල්ම රේඩියෝව සද්දය අහන්න ඕන කියල චුට්ටක් වීඩියෝ කරගත්ත හැටි..ඔබතුමාට ජයෙන්
    ජයවේවා....

  • @thelife8836
    @thelife8836 2 года назад +6

    ඔන්න මේ දැන් subscribers 100 000 ගැහුව🥳🥳🥳😎👍👍❤
    8k ඉදලම චැනල් එකත් එක්ක හිටිය😊😊😊🌹🌹🌹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @spacedh5275
    @spacedh5275 3 года назад +7

    100 K subscribers loading..... 24 වෙනිද ට 100 K වෙයි වගේ. ජය වේවා සුදන්තක මාමේ😌🔥

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 года назад +4

    නැවත නැවතත් කියන වගනම්, ඔබ විශිෂ්ඨ
    ගුරුවරයෙකි . මෙරට සිටින 90%ක්වූ
    බඩගෝස්තරවාදී ගුරුවරුන්ට නියම
    ආදර්ශමත් විදුහල්පතිවරයෙකි.
    🇱🇰🇱🇰🌾🌾

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +2

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @user-gj5fs6tv1d
    @user-gj5fs6tv1d 3 года назад +3

    Notification eka apu gaman awe...😍😍😍❤️❤️superb video..

  • @abeygunasekarachandima7016
    @abeygunasekarachandima7016 2 года назад

    ඉගෙනගෙන තිබුනට අද තමයි සියල්ල හරියටම දැනගත්තේ.ගොඩක් පින් මේවා පෙන්වනවට👍

  • @samindajayasena1192
    @samindajayasena1192 2 года назад +1

    ඔබතුමා නම් මට විශ්වකෝෂයකි ..පුදුම ව්දිහට ඉගෙන ගන්නෙ ජීවිතය ගැනත් අපරිමිත ලෝකය ගැනත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 года назад

    මේක නම් මරු වීඩියෝ එකක් හරියට මටම දුන්න වගේ, මාර්කෝනි මමත් ඉතා ප්‍රිය කරන චරිතයක්, මෙතුමා ගැන මම දැනගන්නේ හයේ පංතියේ ගුවන් විදුලි කාර්මික ශිල්පය හදාරන අතරතුර, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දී. මමත් ඔයා වගේම ගම ගාල්ල. මේකත් හරිම වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි.
    È come regalarmi un bel video, Marconi è un personaggio che amo molto, l'ho conosciuto mentre studiavo ingegneria radiofonica in sesta classe al St. Aloysius College di Galle. Sono del tuo stesso villaggio. Anche questo è un video molto prezioso grazie mille.

  • @neethasarojani4452
    @neethasarojani4452 2 года назад

    මම හතේ පන්තියේ ඉන්න කාලෙ අපේ English textbook එකේ තිබුණා මාර්කෝනි රේඩියෝ ව සොයාගැනීම ගැන පාඩමක්. ඒකෙ තිබුන පින්තූරෙ හරියටම මේ මාර්කෝනිගෙ ගෙදර පින්තූරෙ මේ විදියටම තිබුණා. එයාගෙ ප්‍රතිමාවත් එක්කම. ඔබතුමාට ගොඩක්ම පිං සිදුවෙනවා මේ තරම් පැහැදිලි ව මේවා දෙනවට.

  • @anomagamage801
    @anomagamage801 Год назад

    අදත් හරිම වැදගත් වීඩියෝ එකක් නැරඹුවා ...ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි .....ගොඩක් දැනුමක් ලබා ගත්තා .....තෙරුවන් සරණයි ඔබ තුමාගේ පවුලේ සියලුම දෙනාට .......සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.....
    දීර්ඝායුෂ ලැබේවා ......🙏🙏🙏

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 2 года назад +1

    Harima lassana video ekak 💯💯💯💯💯
    100K SUBSCRIBERS wenakan noiwasillen balan innawa

  • @lakmaldayananda2923
    @lakmaldayananda2923 2 года назад

    දවසින් දවස මේ චැනල් එකට මම් පිස්සුවෙන් වගේ ආකර්ෂණය වෙනව❤️👌නියමෙට කරනව අයියෙ ඔයා වැඩසටහන්Keep it up..wish u the best

  • @udshehan4794
    @udshehan4794 2 года назад +2

    මේ කියපු ටික නම් මාරම විදියට හිතට වැදුනා !!! සහතික ඇත්ත... නියම රත්තරන් වටින ඔවදනක් ඔබතුමා මිනිස්සුන්ට ඒ දුන්නේ - 25:32

  • @somakommala6229
    @somakommala6229 2 года назад +1

    Oba thuma karana me sewayata godak godak godak thanks..jayama wewa..

  • @heshanprabath401
    @heshanprabath401 3 года назад +2

    ගොඩක්ම වටින video එකක් ලොකුම දෙයක් ඉගෙනගත්තා..අද අපි මේ ලොකේ වටේ තාක්ශණයෙන් ඇවිදින්නේ එතුමා නිසා..මුලු ලෝකයකම එකම තැනකට ගන්න පුලුවන් උනේ අද මෙතුමා නිසා..❤මාර්කෝනි 🙏🙏🙏 ගොඩක් පින්

  • @okithadhamsara1066
    @okithadhamsara1066 2 года назад

    අපට කවදාවත් යන්න බැරි වෙයි කියල හිතනව..... මෙවන් තැනකට... ගොඩක් වටිනව මම කැමතී මේ වගේ දේවල් වලට මොකද අපි පොත පතේ අහල තිබුනට කියවල තිබුනට... මොන වගේද කියල දැක්කෙ මේකෙන්.... තව වීඩියෝ ඇත.. නමුත් මට මේක ගොඩක් හොඳයි.... දරුවෙක්ට වටිනව කියවන දේට වඩා දකින දේ මතක හිටිනව වැඩියි...... බොහොම ස්තුතියි.....කවුද බන් මෙච්චර ලස්සන. වටිනකම කියන්න බැරි වීඩියෝවට අන්ලයික් කරපු ගොබ්බ රැල....

  • @sumedhajayakody6538
    @sumedhajayakody6538 2 года назад +1

    මට හිතෙනව අපි හරිම වාසනාවන්නයි යු ටියුබි ඵක හරහා හරි ඔබවැනි වටිනා ගුරැවරයෙක් මුනගැසිම. ඔබ පුදුම දක්ශයෙක් .විවිද ට්‍රැවල් විඩියෝ බලල තියෙනව ඒව ටිකක් බලනකොට ඵපාවෙනව. හරියට කතාකරගන්නවත් බෑ.ඔබෙි ඉදිරිපත් කිරිමෙි ශයිලියත් හරි විෂිශ්ඨයි. ඔබට ජය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад

      ගොඩාක් ස්තුතියි සුමේධ ඔබට ❤️🌹

  • @ranveerwagela5104
    @ranveerwagela5104 2 года назад +1

    Onnaa adaa 100000 gahawwaaa pattama සතුටුයි 😉👍✨️✨️🎊️🎊️🎊️🎊️🎆🎉️

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 года назад

    Maney Thanks Dear Sudanthaka Putha For Marconi s History That's Greatest ඔබලා සැමටම තෙරුවන් සරණයි 🙏❤🙏

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 2 года назад +2

    ඔබතුමා අපට මාර්කෝනි මහත්තය ජීවමානව පර්යේෂණය කළ ආකාරය පෙන්වා දුන්නා.ඒක හරියට අපි ඔහුත් සමග සිටිය හා සමානයි.ඒ විතරක් නෙමෙයි හර්ට්ස් (සංක්‍යාතය) යන වචනය ලොවට ආ විදිය එතකොට මාර්කෝනි මහත්මයාගේ පවුල් පසුබිම, සහ වැදගත්ම පණිවුඩය දැනටත් මාර්කෝනි ගම්මානයේ වැසියන්ගේ නිහඩ නිස්කලංක ජීවන රටාවේ වැදගත්කම අපට කියා දුන්නා. මතක තියා ගන්න අනිවාර්යයෙන්ම ඔබතුමාගේ මේ ගවේෂණාත්මක සංචාරයන් සදාකාලිකව රන් අකුරෙන් සියළු දෙනාගේම සිත්වල ලියැවේවි‍.බොහෝමත්ම ස්තුතියි (හැකි වෙලාවක් තිබුණොත් මැසෙන්ජර් පණිවුඩය බලන්න)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ස්තුතියි කමල්. මම බලන්නම්

    • @kamalchathuranga4086
      @kamalchathuranga4086 2 года назад

      @@lokewatesudanthaka May triple gems bless you.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 месяцев назад

    මුලින්ම කියන්න ඕන ,කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගටම video එක රස වින්දා මේ ලබා දෙන දැනුම ගැන නම් කියලා වැඩක් නෑ. මාමාට පුදුම හැකියාවක් තියෙන්නේ මිනිස්සුන්ව ආකර්ශනය කර ගන්න සහ මනසට දැනෙන්න කතා කරන්න .ගොඩක් ම ගොඩක් ස්තූති☺️❤️

  • @sanjeewaanagirathna
    @sanjeewaanagirathna 2 года назад

    Godak watina dewal Dana gattha , thank you so much... Godak watinawa

  • @harshanishalika7866
    @harshanishalika7866 2 года назад +1

    ගොඩක් පිං. ගොඩක් දේවල් ඉගෙනගත්තා.🤩

  • @sanjeewamaduranga2991
    @sanjeewamaduranga2991 2 года назад +3

    සම්පූර්ණ වැඩසටහනෙන්ම මම කැමතිම part එක ලංකාවේ මිනිස්සුන්ට සද්ද දාන හැටි කියල දුන්න එක... අනුන්ට විඳවීමක් දීල තමන්ට වින්දනයක් ලබා ගන්න එකේ තියෙන නිශ්පල බව හොදින්ම තේරුම් කරල දුන්නා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +2

      "අනුන්ට විඳවීමක් දීල තමන්ට වින්දනයක්" ගොඩක් වටින වාක්‍යයක් ❤️

    • @sanjeewamaduranga2991
      @sanjeewamaduranga2991 2 года назад

      @@lokewatesudanthaka ලක්ෂයට සුබපැතුම් ....!

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 года назад

    බොහොම අගෙ කරනව, අපිත් එක්ක Marconi බලන්න ගියාට. (මට දෙනෙන හෑටී). අර පෑය 5:30 අපතෙ ගියෙ නෑ. අපෙ රටට ගන්න තියෙන වටිනා ආකල්ප පෙන්වවීම්ම ඉතා ලොකුදෙයක් ඒක මෙ යුගයෙ අවශ්යතවයක්. Thanks Lot.

  • @sajeeabey4592
    @sajeeabey4592 2 года назад +1

    ඔබතුමාගෙ මෙම වැඩසටහනනමි සෑහෙන දැනුමක් ලබාදෙන මෙන්ම අන් අය දිරිගන්වනසුළු වැඩ සටහනක් . බොහොම ස්තුතියි .

  • @knishanisashikala
    @knishanisashikala 3 года назад +2

    Niyamai obata apawa lokema අපූරු ස්ථාන walata gihin දැනුවත් karana ekata .obata දීර්ඝායුෂ prarthana karanawa 🔥❤️❤️👍

  • @hirunishashinika2328
    @hirunishashinika2328 2 года назад +1

    ඔබේ අත්දැකීම් අපි සමග මේ විදියට බෙදා ගන්නවට බොහොම ස්තුතිය.

  • @shamalishamali6391
    @shamalishamali6391 2 года назад

    Me wage වැදගත් දේවල් අපිට දැනගන්නට oba නිසා godak thank ජයවේවා ඔබට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 года назад +1

    නියමයි සර්.පාලුවෙන් හිටියේ.බලන්න කලින් කමෙන්ට් කරන්නේ... පරිස්සමින් ඉන්න.❤️❤️😍😍👍👍

  • @adamamaradasa1231
    @adamamaradasa1231 2 года назад +1

    දැනගෙන සිටිය නැති ගොඩක්දේවල් දැනගත්තා. thank you very much

  • @mohamedrazick7893
    @mohamedrazick7893 2 года назад

    මේක තනීකරම අධ්යාපන චාරීකාවක්.හරීම වීශේෂය්.ස්තුතීය් සර්.

  • @shalikamadusanka2771
    @shalikamadusanka2771 3 года назад

    ඔබතුමා නිසා කවදත් දැකපු නැති තැන් කවදත් අහපු නැති කතා දැනගන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මම ඔබතුමාගෙ විඩීයෝ බලන්න පටන් ගන්න කොට හිටියේ 5000 දැන් ලක්ෂයට තව ටිකක් සුබ පැතුම් ඔබ තුමාට

  • @sisirakumara8512
    @sisirakumara8512 2 года назад

    ඉතාම වැදගත් වෙනවා. ස්තූතියි ඔබට ජය වේවා. තෙරුවන් සරණයි. .. සිසිර...

  • @sheelaalfred5267
    @sheelaalfred5267 3 года назад +1

    අදත්. Asawen video eka beluwa ammo igenaganda දේවල් godai thanks hemotama jesu pihitai

  • @CM2099Rap
    @CM2099Rap 2 года назад +1

    අද සෙට් උනේ ඔබේ වීඩියෝ බලන්න ,
    මේක ගොඩක් වැදගත් .
    ඔබට දීර්ඝායූ ලැබේවා . 👌🙂

  • @pathumsangeeth7677
    @pathumsangeeth7677 3 года назад +1

    කොහොමද මාමේ. මගෙ පළවෙනි comment එක.අදත් ගොඩක් ආසාවෙන් බලන්නෙ මාමගෙ වීඩියෝ එක.මාමට මේ වගෙ දේවල් අපට පෙන්වීමට දරන උත්සාහය ගොඩක් අගය කරනව.ඒ වගේම ගොඩක් ස්තුතියි,ගොඩක් පිං පවුලේ හැමෝමත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න මාමේ.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dayasilideundara536
    @dayasilideundara536 2 года назад

    Thank sudanthaka l live in Canada but,l never seen before like this education and learn more .Thank you a lot.

  • @sunilfernando1056
    @sunilfernando1056 2 года назад

    Sudanthaka obatumata yahapatakma weva.......මෙවැනි දේවල් appi සියලු දෙනා වෙනුවෙන් pennanawata..ජයවේවා ...සුවපත් දිවියක් සුවපත් දවසක් ....💃💃💃💃🏆️🏆️💎💎👍👍🙏🙏😀😀🎉️🎉️🍇🍇

  • @chandanadippitawithana4259
    @chandanadippitawithana4259 3 года назад +1

    හරිම ලස්සනයි .හරිම වැදගත් .මාර්කෝනි ඔබ උච්චාරණය කරන විදිය නිවැරදි ඇති.ලංකාවතුල එය උච්චාරණය කරන්නේ ම'කෝනි ලෙසයි.ඔබට අපේ ප්‍රණාමය .

    • @teeshamadara2590
      @teeshamadara2590 2 года назад

      මල්ලි මෙහෙ සද්ද කරන්නේ මෙහෙම තමයි

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 3 года назад

    හායි සුදන්තක අයියෙ
    අදත් ඔයා කාලයකට පස්සෙ වෙනස්ම video එකක් ගෙනාවා ,නියමයි .හරි ශොක්.දන්න, ලොකයට දෙයක් දායාද ශේෂ්ඨ මනුස්සයෙකුගේ නොදන්න පැත්තක් ඔයා අපට කියලා දුන්නා ,පෙන්නුවා.ඒක වටිනවා ඇත්තටම .මේ වගේ පුද්ගලයකු සම්බන්ධයෙන් video ඉදිරියටත් ගෙන්න.ඒ අය හිටිය තැන්,සොයාගත්ත දේ,පරිහරණය කරපු දෑ දැනුම සොයන අයට හරි වටිනවා.මමත් පෞද්ගලිකව එවට හරි කැමතියි භෞතික ව්ද්‍යා ව හදාරලා තියෙන නිසා.
    සතුටුයි .බුදු සරණයි සුදන්තක අයියෙ .

  • @nadund1
    @nadund1 2 года назад

    මාර ලස්සනයි.. ඒවගේම wisthara කිරීම මරු

  • @sisithal
    @sisithal 3 года назад +4

    වැඩිහිටියන්ට මෙන්ම පාසල් ළමුන්ට ඉතාමත් වටිනා වැඩසටහනක්
    ඉතාම රසවත් ලෙස විස්තර කර දුන්නාට සුදන්තක AIYATA ස්තු ති යි .

  • @isuruudana5486
    @isuruudana5486 2 года назад

    Wenada wagema balanna kalinma Like kara.. Dannawane sudanthaka Ayyage Program ithin superb...

  • @upulpaltiha5685
    @upulpaltiha5685 2 года назад

    සුදන්ත අද තමා වඩසටහන බැලුවෙි ඉතාමත් වැදගත් විදියට විස්තර කරනවා හරිම වටිනවා ඹහු ගැන ඇත්තටම බලන්න ආසයි 'මොකද මම ගුවන්විදුලියට සමිබන්දව වැඩ කලා, මගෙත් ආසවක් තියෙනව ඉතාලියට සංචාර ය සදහා එන්න කොවිඩි පුශ්න ඉවරවුනාම , පස්සේ කාලේ ඹහූ මාර්කොනි කියලා ගුවන්විදුලි උපකරණ සමාගමක් තිබුනානේද‍් මොකද එකේ උපකරන තමා අපේ ගුවන් විදුලියේ භාවිතා කලේ

  • @appuhamisir
    @appuhamisir 3 года назад +1

    ඔයාට ගොඩක් ස්තුති අපිට මේ දැනුම දෙනවාට .ඔක්කොම බලලා ඉවර වුනා.

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 года назад +3

    නියමයි අයියා සුපිරි..හිට්ලර්ගේ video එකත් කරන්න,Bs

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад

    Superb waaaaaaw oba thumata anekawarayak thank you pin oba thuma ge mahansy ya mila kala nohaka , good luck perfect BS 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sam-d6614
    @sam-d6614 3 года назад +4

    වීඩියෝ එක හරිම ලස්සනයි ඒවගේම අද්‍යාපනිකයි බොහොම ස්තුති ඔබට සුදන්තක මහත්මයා ❤️

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 года назад +2

    වැදගත් සහ ලස්සන වැඩ සටහනක්.බොහොම ස්තුතියි ඔයාල ඔක්කොටම.

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 года назад

    නොදන්න බොහෝ කරුනු දැනගන්න ලැබුන. බොහොම ස්තුතියි.

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 года назад

    100k වෙන්ඩ ආසන්නයි..මට හරි සතුටුයි..මං අහම්බෙන් දැකපු චැනල් එක දිනෙන් දිනම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගෙන එක්වීම ගැන..හොඳම දේ හොඳින්ම වැළඳ ගන්නවා කියන එකට හොඳම නිදසුනක් මේ වැඩසටහන..ජයම වේවා...👍🎀🎋🎗️🎖️️🎉️🎉️🎉️🎉️

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 года назад +2

    අයියේ ඔයාටත් ඒ හොයාගැනීම කල මාර්කෝනි මහතාටත් ස්තුති වන්ත වෙනවා 🙏🙏🙏🙏

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 года назад +2

    හොඳ වැඩසටහනක් ආසාවෙන් බැලුවා හැම වැඩසටහනක්ම බලනවා

  • @prabuddasrimal7740
    @prabuddasrimal7740 2 года назад +2

    ගොඩක් වටින විඩියෝ එකක්
    ගොඩක් ස්තුතියි..

  • @sarojanianusha7802
    @sarojanianusha7802 3 года назад +7

    ඔබ තුමාගේ විඩියෝ හරිම වැදගත් බොහොම ස්තුතිය 🙏

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 года назад +3

    Thank you very much for the Video, uncle. I see, peaceful mind and peaceful environment always help to people to spark new ideas in them. 💖💖💖

  • @manelpriyanthi755
    @manelpriyanthi755 3 года назад +3

    ඔබට පින් මෙවැනි වැදගත් දේවල් බලන්න අපිව කැටුව යනවට දහස්වාරයක් ස්තූතියි. සුභ දවසක්

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 Год назад

    Greatly appreciated. From the UK.

  • @kameeradilshan
    @kameeradilshan 3 года назад +3

    සුදන්තක අන්කල් නිකන්ම නිකන් සංචාරකයෙක් නෙමේ දැනුම් සාගරයක් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි ❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 года назад

    සර් ඇත්තටම විශ්ව කෝෂයක්.දැනුම් සම්භාරයක් තියෙන ඉතා හොඳ මහත්මයේක්.එකයි මම සර් කියන්නේ.මම සර් කියනවා කියලා කෙනෙක් මට බැනලා කමෙන්ට් කරලා තිබ්බා.කිසිම දේකට සැලෙන්න එපා.ගොඩක් හොඳ වීඩියෝ එකක්.ඇත්තටම යුරෝපයේ න් තමා හැම උගතෙක් ම බිහිවෙලා තියෙන්නේ....❤️😍😍👍👍👍

  • @lasachandima
    @lasachandima 2 года назад +1

    Subscribers 1000 අඩු ගණනකින් එකතු උන මම
    අද Subscribers 100 k අයියා එක්ක එකතු වෙලා හිටියා ...
    අද දවස අයියට මතක හිටින දවසක් වේවී ....
    ජය වේවා !!!
    💗💘💕💘💗💘💕💘💗💘💕

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад

      මුල ඉඳලම මගේ වීඩියෝ බැලුවා නේද ස්තුතියි ගොඩාක් ❤️