Tissa Jananayake - Episode 206 | මරණාසන්න අත්දැකීම්

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 750

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 2 года назад +588

    මං වැඩිදුර අධ්‍යාපනය හදාරලා නෑ.ඒත් මම ඊයේ රාත්‍රියේදීත් මේ මරණයෙන් පසු අපි කොහෙටද අයිති කියලා හිතුවා.ඒ මගේ තාත්තාගේ මරණය මතක් වුණ නිසා.පොඩි කාලේ මගේ ලොකු හීනයක් ආසාවක් තිබ්බා මැරුණ කෙනෙක්ට පණ දෙන විදිය හොයන්න.සතෙක් මැරුණත් ඌව තුරුල් කරන් ආයේ පණ ගන්න උත්සාහ කරනව මං ඌගේ පපුවේ තෙරපුමක් කරලා.ඒ තරම් පොඩි කාලේ උණක් තිබ්බා ලෝකෙම හොයා නොගත් දෙයක් හොයා ගන්න.ඒකෙන් මුලු ලෝකෙම දිනන්න.ඒත් මං දන්නවා මැරුණ කෙනෙක්ට පණ දෙන්න බෑ කියලා.ඒත් මට මරණය හා මතු භවය පිළිබඳව ඉගෙන ගන්න ආසාවක් තිබුණා.මට ආව සමහර බාධක නිසා අධ්‍යාපනය මං මගින් අතහැර දැම්මා සර්.ළමයින්ගෙන් අධිමානසික විද්‍යාව හදාරන්න ආසද අහද්දී මටත් ඉබේටම ඔව් කියවුනා සර්.හරිම ආසාවෙන් සර්ගේ යූටියුබ් වීඩියෝ බලනවා මං.දීර්ඝායුෂ ලැබේවා සර්.තෙරුවන් සරණයි !❤❤❤🙏🙏🙏

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 2 года назад +258

    ආයුබෝවන් සර්.. මට මරණාසන්න අත්දැකීමක් තියෙනවා... 2019 අප්‍රේල් 15 වෙනිදා මම හවස 6.10 ට විතර, නාවුල අඹන කියන ස්ථානයේදී අඹන් ගඟේ එක පාරටම වැඩිවූ ජල පහරකට හසුවෙලා ගහගෙන ගිහිල්ලා ගිලුනා.. මම හොඳටම ගිලුනා සර්.... පතුලක් අහු වෙන්නේත් නෑ ඒ තරම් ගැඹුරුයි. මට හොඳටම මතකයි උන සිදුවීම් පෙළ... අනේ හුස්ම ටිකක් ගන්න ආසාවට උපරිම උත්සාහ කලා සර් ගොඩට පීනන්න. ඒත් මම උත්සාහ කල අවස්ථා තුනේදීම මට වතුර පෙවුනා.. හරි වේදනයි. කියන්න බෑ ඒ වේදනාව. මගේ වටේ වතුර පාර ජල බුබුළු එක්ක කැලති කැලතී යනවා.. මම ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින් ඉඳලා මරණානුස්සතිය හා සතිපට්ඨානය යම්තාක් ප්‍රගුණ කලා... බොහොම පොඩි අවබෝධයක් ඒ වෙද්දි මට ඒ භාවනා ක්‍රම ගැන තිබ්බා... ඉතින් පෙනහළු වල අන්තිම හුස්ම පොදත් එලියට ගිය ගමන් කට ඇරිලා වතුර පෙනහළු අස්සට යන්න ගත්තා... මේ වෙද්දි මාව බේරගන්න මගෙත් එක්ක ගිය නෑදෑයෝ උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා සර්. මේ වෙද්දි මට දැනුනා මේ මගේ ජීවිතයේ අවසන් නිමේශය කියලා.. අපමණ වේදනාවක් මට දැනෙන කොට මට මතක් උනේ මේ කාරණා 3 යි.
    1. සම්මා සම්බුද්ධරාජයාණන් වහන්සේ ජීවිතය දුකයි මරණය දුකයි කිව්වේ මේ තරම් දුක් විඳින්න වන නිසා නේද කියන දේ 🙏🙏🙏
    2. අනේ තව ටිකක් ජීවත් වෙන්න තිබ්බා නම් මාර්ගඵලයක් අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා හිතුනා...
    3. මගේ ජීවිතය මරණය කරා එළඹ ඇත.. මේ මගේ ජීවිතය අත් හැරිය යුතුයි කියන දේ හිතුනා...
    කොහොම හරි එතකොටම වගේ මම තුන් පාරක් මාළුවෙක් ගැහෙනවා වගේ ගැහිලා යනවා විතකයි මතක... අවට තනිකරම කෑලි කපන තරම් කලුවර උනා... එතකොටම සර් මගේ ඉදිරිපසින් තිරයක් මැවුනා... මගේ ජීවිතයේ මෙතෙක් කල් කල සියළුම පින් පව් ඔක්කොම හිතාගන්න බැරි තරම් වේගයෙන් දකින්න ගත්තා... පුදුමාකාර පැහැදිලි දර්ශන ටිකක් මම දැක්කේ... කිසි තැනක නවතින්න බෑ.... ඔක්කොම වේගයෙන් පෙනෙනවා... මෙහෙම ඉද්දි මම දැකපූ ඒ දර්ශනය නැති වෙලා ආයෙත් කළුවර උනා... වටේම තනිකර කලුවරයි... එතකොටම වගේ රේඩියෝ එකක සද්දේ බිංදුවේ ඉඳලා උපරිමයට වැඩි වෙන්නේ යම් සේද ඒ වගේ මගේ කනට ශබ්ද ඇහෙන්න ගත්තා... ඇස් ඇරලා බලනකොට මම වැල්ලේ... මගේ එක්ක ආපු නෑයෝ අඬනවා වැළපෙනවා.... මම ගිලුන වෙලාවේ ඉඳලා විනාඩි 5 ක් වගේ යන්න ඇති... මම ගිලුන වෙලාවේ ඉඳලා ඔක්කොම කෑ ගහපු කෑගැහිල්ල අහලා එතනට අපි වගේ නාන්න ආපු අයියලා 5 දෙනෙක් විතර එකතු වෙලා මගේ ජීවිතය බේරලා තියෙන්නේ 🙏🙏🙏🙏 අදටත් මම ණය ගැතියි ඒ රත්තරං කොල්ලෝ ටිකට 🙏🙏🙏 කොහොම හරි ඒ ඔක්කොම වෙනකන්, මගේ පණ ආයේ මට අරන් දෙන්න හදපු කිසි දෙයක් මට මතක නෑ... මට මතක අර රූප පෙළ විතරයි... ඒ වෙද්දි මම මරණාසන්න අත්දැකීමක් විදියට අර චිත්ත වීථි දැක්කා... තව ටිකක් වෙලා ගියා නම්, මගේ ජීවිතය බේර ගත්තේ නැත්නම් මගේ මරණය ඒකාන්තයෙන්ම වෙනවා... 😔😔😔
    අන්තිමට ලියන්නේ.. බුදුන් වහන්සේ දේශනා කල පරිද්දෙන් අප විසින් මේ ඝෝර කටුක සංසාරය අතික්‍රමනය කල යුතුමයි.. නැතිනම් මේ වගේ භයංකාර මරණ කොයි තරමක් විඳින්න වෙයිද දන්නේ නෑ... 🙏🙏🙏🙏

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 2 года назад +30

      ඔබේ අත්දැකීම බේදාගත්ත එකට ස්තූති..🙏

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 2 года назад +4

      @@JanakaAbeyratne 🙏🙏🙏

    • @SLANYTUBE
      @SLANYTUBE 2 года назад +8

      මේ අත්දැකීම ගන්නවා...

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 года назад +8

      Oyage welawa thaama awilla naa etakan oyata me looke jiivath wenna wenava kohoma hari..welawa aawoth yannama wenava 😥😥
      Mawat ohoma gilila tiyenava maat hituwe mareii kiyala eeth ehema une naa mata

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 2 года назад +2

      @@SLANYTUBE 🙏🙏🙏

  • @udnilan8253
    @udnilan8253 2 года назад +12

    සර් මටත් මගෙ 2010 දී ඔපරේශන් එකකදී මාව කෙලවර එන්න එන්නම හීනී වෙන බටයක් ඇතුලට වැටෙනවා දැනිලා තියෙනවා., අදයි දන්නේ ඒ මරණාසන්න අත්දැකීමක් කියලා., 🙏 මාත් 99න් බේරිලා තියෙන්නෙ සිහිය එද්දි අපෙ පන්සලේ පොඩිහාමුදුරුවෝ මගෙ ඇද ලග ඉදන් පිරිත් කියනවා🙏❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 года назад +12

    ඒක තමා බුද්ධ දේශනාවේ කියල දෙන්නෙ , ඔබ නිතරම පුරුදු පුහුණු කරන දෙයක් විතරයි මරණ මොහොතේ සිහිපත් වෙන්නේ කියලා ...අඩුම තරමේ බුදු ගුණ ටික වත් නිතරම සිහිපත් කරන්න පුළුවන් නම් ,සතර අපායෙන් අත මිදෙන්න පුළුවන් ....ඊට වඩා බණ භාවනා කරන්න පුළුවන් නම් බොහොම පින්වත් වෙයි සසර ගමන ...සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි !!! සෙත් වේවා !!!

  • @karambewemedhananda3440
    @karambewemedhananda3440 2 года назад +96

    යුද්ධයක් ඇත. ජයක් නැත. සියල්ලෝම මරණයෙන් ජීවිතේ කෙලවර කරයි... භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා....

    • @Vihara-82.s
      @Vihara-82.s 2 года назад +2

      🙏🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

    • @jeewaka59
      @jeewaka59 2 года назад

      යුද්ධයක් ඇත. ඉන් ජයගත් උතුමෝ ද ඇත. ඒ උතුමෝ බුදූ පසේබුදූ මහරහත් සහ රහතන් වහන්සේලා වෙති....අනාගාමී සකදාගාමී සෝවාන් උත්තමයෝ මේ මරණයෙන් % 95 ක්ම මිදුන අය වෙති....නිවන් පතා ස්ථීර සීලයක පිහිටා කටයුතු කරන උතුමෝ හැර අන් සියල්ලෝම මරණයෙන් පරාද වූයෝය...

    • @chandracc9203
      @chandracc9203 2 года назад

      Tanks sar.

    • @chandracc9203
      @chandracc9203 2 года назад

      Godak sthuthi sar.

  • @naturalworld885
    @naturalworld885 2 года назад +64

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.
    .පුනර්භවය..අධි මානසික විද්‍යාව..මනෝ විද්‍යාව..මරණාසන්න අත්දැකීම්...වගේ දෙවල් ගැන ඔබතුමා දන්න කරුණු තව තවත් මේ විදියට සමාජගත කරන මෙන් දැනුම් පිපාසිත අප කාරුණිකව ඉල්ලා සිටිමු...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

    • @pasindupabasara
      @pasindupabasara 2 года назад +2

      රාමුව චැනල් එකෙත් මේ ගැන හොද විස්තරයක් තියෙනව

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Год назад +2

    ඔබ තුමාගෙ වීඩියෝ එකක් හෝ දෙකක් මම හැමදාම බලන්න පුරුදු වෙලා ඉන්නෙ, ඇත්තටම මහ පුදුම විදියට දැනුම ප්‍රවර්ධන වෙන්නෙ, ඔබ තුමාට ඇත්තටම පින්, ❤️👍

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 2 года назад +45

    සර්ට ගොඩක් ස්තූතියි,🙏🙏🙏
    තව තවත් දහස් ගණන්ගේ දෑස් පෑදීමට සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...💫
    තෙරුවන් සරණයි,අපේ සර්ට...🙏☸️
    ☸️🙏🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 2 года назад +152

    ලෝකයේ හැමෝටම මුහුණ දෙන්න වන සිදුවීමක් මරණය. ඒ පිළිබදව දැනූවත් කරාට තුති සර්ට.

    • @p.n.w9944
      @p.n.w9944 2 года назад +4

      ඇයි මීට කලින් දැනන් හිටියෙ නැද්ද නාකි නැන්දෙ 😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

    • @T1P2Fdo
      @T1P2Fdo Год назад

      ​@@p.n.w9944 මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට අපහාස කරන්නෙ නූගත්කම නිසා බව අවබෝධ කරගැනීමට ඉක්මනින් හැකියාව ලැබේවා!!

    • @museenmrm932
      @museenmrm932 Год назад

      Ŕoña

    • @museenmrm932
      @museenmrm932 Год назад

      Tonsil to change čuh88jj.
      M#
      Roja and

  • @thusithanavarathne551
    @thusithanavarathne551 2 года назад +88

    මමත් ගුරුවරයෙක්. ඒත් මේ වගේ පිංවන්ත ගුරුවරයෙක්ගේ වීඩියෝ බලන්න ඇත්තටම අපිත් පිං කරලා තියෙන්නෙ ඕනෑ. ❤ බුදු සරණයි! සර්. 🙏

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 Год назад +3

      ඔයත් හොඳ හදවතක් තියෙන කෙනෙක් බව පැහැදිලියි පුතේ .
      තෙරුවන් සරණයි

    • @museenmrm932
      @museenmrm932 Год назад

      B
      Roja970roja99

    • @museenmrm932
      @museenmrm932 Год назад

      Roja

    • @MrKeetaya
      @MrKeetaya Год назад

      oyata English baha neda. Mewa sir internet eke English walin thiyena ewa copy karala kiyanne

  • @Tharushi-t4h
    @Tharushi-t4h 2 года назад +13

    ඇත්තටම මරණය පිළිබඳ ලොකු කුතුහලයක් ඇති වුණා . මරණය නිර්වචනය කරන්න Sir ගත් වෑයමට බොහෝ ම ස්තූතියි

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 2 года назад +11

    අපේ පිනට පහල වූ ඔබ තුමාට ගොඩාක් පිං...

  • @victorccreations1443
    @victorccreations1443 2 года назад +167

    මෙම මාතෘකාව සම්බන්ධව මීට වඩා දිගු විස්තරයක් සර්ගෙන් බලාපොරොත්තු වෙමි....

    • @hashan1
      @hashan1 2 года назад +3

      ❤❤

    • @thisarunimsara2135
      @thisarunimsara2135 2 года назад +9

      රාමුව වීඩියෝ එක බලන්න

    • @ajithkumara3848
      @ajithkumara3848 2 года назад +3

      ,ඔව්

    • @sandunmadusanka3045
      @sandunmadusanka3045 2 года назад +2

      @@thisarunimsara2135 මොකක්ද ඒ වීඩියෝ එක?

    • @Shinnokツ
      @Shinnokツ 2 года назад +10

      @@sandunmadusanka3045 Raamuwa කියලා youtube channel එකක් තියෙනවා ඒකෙ තියෙනවා 40 min විතර දිග වීඩියෝස්.
      එකේ "මරණාසන්න අත්දැකීම් " කියලා වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න..ඒ චැනල් එකේ ඒවා ලොකුවට කතාකරනවා සාක්ශිත් එක්කම ඒ චැනල් එක කරන සර් තව ගොඩක් වීඩියෝ කරලා තියේ ඊජිප්තුවේ පිරමීඩ,කාල තරණය,කාලය,ගුරුත්වාකර්ශනය ,සිහින,ලෝකය කියන්නෙ simulation එකක්ද වගේ ..තව ගොඩක් තියේ බලන්න

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 Год назад +14

    සර්ගෙ විඩියෝ බල බල අපිත් ආයෙත් ඉගන ගන්නවා... හිනා වෙවී මොලෙටත් අවශය දැනුම යවනවා ඔබ තුමා 💐💛

  • @somahalpegamage
    @somahalpegamage 2 года назад +11

    අලුත් ම අත්දැකීමක් ලැබුවා ගුරුතුමනි ,අපට බුද්ධිමත් ව හිතන්නට අවකාශ සලසන ඔබතුමා නිති සෑරදේවා!දරුවන්ගේ මෙන් ම වැඩිහිටි අපේත්, ගෞරවය හා ප්‍රණාමය ලබන්නට ඔබතුමා භාග්‍යවන්ත ගුරු පියෙක් .තෙරුවන් සරණයි !

  • @kasunperera-gq3jx
    @kasunperera-gq3jx Год назад +12

    මම මැරිල ගොඩ ආපු කෙනෙක්... ලොකු අන්දකාරයක් දිගේ යන්න වෙන කතාව ඇත්ත... ඊට එහා ජීවත් වෙන මිනිස්සු පිලිනොගන්න දේවල් ගොඩක් මට පෙනුන විනාඩි 5ට අදික කාලයක් තිස්සෙ

    • @kelumlasantha3477
      @kelumlasantha3477 Год назад +2

      ඒක කියන්න

    • @rathnayak7155
      @rathnayak7155 Год назад +1

      ඔයා කොහේ කෙනෙක්ද කියන්නකෝ

    • @NalinSuranga-jj2rp
      @NalinSuranga-jj2rp Год назад +1

      E kathawa athta mage hoda yaluwek vawe gilinna gihin beragatta kenek. Eyath ohoma katawak kiuwe..

  • @pushpamanel9039
    @pushpamanel9039 2 года назад +33

    අමිහිරි සහ බය හිතෙන මාතෘකාවක්‌. ඒත් බොදුනුවන් හැටියට මෙනෙහි කල යුතු මාතෘකාවක් තෙරුවන් සරණයි ආදරෙයි අපේ සර්ට

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 года назад +25

    අනේ සර් සුපිරි මිනිසුන්ට හැදෙන්න නම් ඔය ටික බැලුවත් ඇති අපේ සර් ෂුවර් හොඳ භාවයකට යනවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @pasindupabasara
    @pasindupabasara 2 года назад +32

    රාමුව සහ තිස්ස ජනනායක එකම මාතෘකාව දෙවිදියකට😇😇😇

    • @maleeshathanuka4538
      @maleeshathanuka4538 2 года назад +1

      Matat matak uan ekanm ❤️

    • @rmngunathilake5388
      @rmngunathilake5388 Год назад +1

      ඔව්, රන්දික විජේසිංහ මහතාගෙ වීඩියෝ වලිනුත් ලොකූ දැනුමක් එනවා, ඒ වගෙම රුචිර විජේසේන මහතාගෙ වීඩියෝ වලිනුත් ඒ වගෙ..

    • @GaminiManathunga-fw4bo
      @GaminiManathunga-fw4bo 8 месяцев назад

      රහතන් වහන්සේගේ මේ අවස්තාව කොහොමද .

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 года назад +26

    සර් මේක ගැන සම්පූර්ණ දන්න දේවල් ඔක්කොම එකතු කරලා වීඩියෝ එකක් කරන්නකෝ, ළමයින්ට නැතුවත් අපිටම කියලා හරි ❤, මරණය ලැන ඉගෙන ගන්න මාර ආසයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

    • @pasindupabasara
      @pasindupabasara 2 года назад +1

      රාමුව චැනල් එකෙත් මේ ගැන හොද විස්තරයක් තියෙනව

  • @sachinsena7866
    @sachinsena7866 2 года назад +30

    එල සර්. අභිධර්ම දේශනාවේ චිත්ත වීථි පිළිබඳව හැදෑරීමේ දී මරණ මොහොතේ සිත හැසීරීම ගැනත් මතු නැවතත් භවයක් සැකසෙන අයුරුත් මනාව සදහන් වේ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 года назад

      @@thilinaranasinghe3322 ලංකාවේ උන්ට puke අරින්න බැ. වේගෙන්

  • @wxvp5117
    @wxvp5117 5 месяцев назад +1

    බුදු දහම සත්‍යයි. බුද්දිමතුන්ටම අවබෝද වේවා.............❤❤

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 года назад +10

    මේ ටිකම ධර්මයෙන් කියන්න පුළුවන් මැරෙන්න ඉන්න කෙනෙක්ට ඊළඟ නිමිත්ත පේනවා ගති නිමිති පහළ වෙනවා සතර අපායට යන්න හෝ දිවේ ලෝකයට යන්න හෝ ඊළඟ නිමිත්ත පේනවා බුදුරජාණන් රජාණන් වහන්සේ දේශනා කරනවා ගති නිමිති පේනවා කියලා තෙරුවන් සරණයි සර්

  • @rachelperaud1945
    @rachelperaud1945 2 года назад +6

    මගේ හොදම ගුරුවරයා. බඩ ටිකක් දාල. (මටත් පේන දේවල් 😁😁)

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 года назад +2

    හරිම ආශ්වාදජනකයි සර් වීඩියෝව, ඒ වගේම මාර දැනුමක් ලැබුණා. ඔබට තිසරණ පිහිට වේවා!

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 года назад +6

    අද නමි සර් කතාව අවසන් කලේ අපිව වැට උඩ තියලා හිතන්න යමක් ඉතුරැ කරලා. ස්තුතියි සර්.❤️❤

  • @gayathri1037
    @gayathri1037 2 года назад +68

    මේ කතාව මතක් වුණොත් මැරෙන මොහොතේ😀,අවුලක් නැද්ද සර්,
    මොකද දන්නවා ද සර්ගෙ පාඩම් එච්චර මතක හිටිනවා,තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🤗

    • @tenukaprasanna5886
      @tenukaprasanna5886 2 года назад +3

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @punyaprasadini
    @punyaprasadini 2 года назад +5

    මම සංසාර මන්දිර කියවලා තියෙනවා ... 🥺🥺🥺 මම තව ඒ වගේ පොත් ගොඩක් කියවලා තියෙනවා . වැඩියෙන්ම articles . මේ subject එක ගැන articles ගියා ඉස්සර මම පොඩි කාලේ හැමදාම ලංකාදීප පත්තරේ කියවනවා. ඒකෙ ඉස්සර ගියා පුනර්භව ගැන දැං නං නෑ. ම්ං '21 A/l batch එකේ. Sir ගේ class නං ආවේ නෑ මම english medium කරේ. සර් ගේ නැන්දම්මා නම් නෑ කෙනෙක් අපේ , කෑගල්ලේ නේ අපේ ගෙට පල්ලේ 🥰 යලි උපන් දැරිය එකත් කොටස් විදිහට articles තිබුනා. මං ඒව ගැන කියවන්නෙ හරිම ආසාවෙන් . LBL ගැනත් මං පොතක් කියෙව්වා ඒකෙ නම නං මතක නෑ ඒක නිකං සාස්තර එකක් කියලා හිතෙනවා මුලදි ඒත් එහෙම නෑ ඒක scientifically තියෙනවා ලස්සනට . Exam ඉවර උනාම ආයෙ මේ ගැන තව හොයන්න ඕනෙ, මං ඒ කාලේ ඉදන් ආසයි 😍 හරිම interesting . Thank you sir මේක ගැන video එක දැම්මාට . ❤️

  • @semasingherani705
    @semasingherani705 2 года назад +4

    බොහොම ස්තූති සර් දීර්ගායුෂ ලැබේවා ඉපදුන සෑම කෙනෙකුට මරණයට මුහුණ දෙන්න වෙනවා .ධර්මය ,සහ කර්මය අනුව හොඳ අවබෝධයක් හැමදාම සර්ගෙ උපදෙස් උගන්වන ආකාරය ඉතාමත් වැදගත් ස්තූති සර් තෙරුවන් සරණයි !🙏

  • @thanushkamanju
    @thanushkamanju 2 года назад +2

    ඉතාමත් සිත් ගන්නා සුලු ක්ශේස්ත්‍රයක්, දැනගන්නට හරිම ආසයි මෙවැනි පරීක්ෂණ ගැන , ස්තුති සර්.🧘

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 2 года назад +2

    සර් සර්ට ගොඩාක් ස්තූතියි අනිත් චැනල් එකින් දාන පාඩම් ටික නිසා මේ දවස්වල ගේමක් ගහන් යනවා.තවදුරටත් අම්මලාට කරදර කරන්න බෑනෙ.සර්ට ගොඩාක් ස්තූතියි නැවත වරක් ❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 2 года назад +38

    අදත් ජීවිතේට ලොකු අවබෝධයක් ලබාගත්තා සර් ..සර්ට අපමණ පින් 🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 года назад +2

    ගොඩක් ස්තුතියි සර්.මේ දාල තියන cooments වලිනුත් දැනීම ලබා ගත්ත.සියල්ල අවබෝධ කර ලෝක සත්වයාට මහා කාරැණිකව ජිවිතය අවබෝධ කරගැනීමට මගපෙන්වු අමාමෑණි තථගත බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.......🙏🏼🙏🏼🙏🏼

  • @Shinnokツ
    @Shinnokツ 2 года назад +5

    සර් ගේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම පට්ට සතුටක් ආවෙ.❤කවදා හරි සර් ගෙ පන්තියට එනවමයි💪

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Год назад +3

    මම තද නින්දක සිටිද්දී ජීවය සැරිසැරූ අවස්ථාවකට පත් වුණා.නිදාසිටි කාමරයේ වහලෙහි හිලකින් මා රිංගා යනවා දැනුනා අවකාශයට. සඳකිරණ වගෙයි ආලෝකෙ තිබුනෙ. තද සුළඟකින් සීතලේ මම තල්ලුවෙලා ගියා. නැවතුනෙ කනත්තක. මල් වඩම් අතන මෙතන දැක්කා. මට බය හිතුන වේ ගයෙන් ආපසු හැරී පාවෙලා ආවා නිවසටම. ගිය තැනින්ම කාමරේ ඇඳ උඩට පහත් වෙලා වටපිට බලනකොට නිදා සිටි දරු තිදෙනා සිටියා. මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. මට හොඳටම දැනුනා මම මනෝ කයෙන් නික්ම ගියේ කියලා. යන අතරේ තද සීතලක් දැනුනා සුළඟේ. 👻 එදා පටන් හිත ගැන library ගිහිල්ලා පොත් හොය හොය කියෙව්වා. මට හොඳටම දන්නව එදා මම😮කයෙන් වෙන්වෙල ගමන ගියේ කියලා. ඒ පොත්වල තිබුණා මනස ගමන් කරනවා කියලා කය තියලා. කාමරේට ඇතුල් වෙනකොටම මම දැක්කා මං ඇඳ උඩ නිදාගෙන ඉන්නවා. මට හිතාගන්න බැරි වුණා හීනයක් නම් නෙමෙයි ඒක.සමහරවිට සුළඟේ තල්ලුවී ආවේ නැත්තං මාගේ මරණය නියතං. දරුවන් තුන්දෙනාම අසරණ වෙනවා. එයාලගේ වාසනාවකට මම බේරුණා. මම හරියට දැන් බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව මරණානුස්සතිය අනිත්‍ය භාවනාව වඩනවා. ධර්මය හැර කිසිවෙකුට පිරිසරණක් මේ ලෝකයේ නැහැ. තථාගතයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🧘 පිංවන්ත ගුරුතුමාටත් සියළු දෙවි රැකවරණ ලැබේවා!!!🤍🤍🤍💯💯💯🧘

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Год назад

    සර්ව නිදුක් නිරෝගී ව ආයු බොහෝ වේවා!!! සම්බුදු දහම ආශ්‍රිතව ජීව විද්‍යාව කියාදීම නිසා සිසුන්ටත් දහමේ සත්‍යය අවබෝධ කර ගැනීමට ඔබතුමාගෙන් පිටුවහලක් වෙනවා. මහා පිනක් ඔබතුමා කරගන්නේ. ස්තුතියි!🎉🎉🎉 තෙරුවන් සරණයි!!!🙏🙏🙏 තව තවත් ධර්මාවබෝධය වේවා!!!🤍🤍🤍🙏🙏🙏🥀🥀🥀☸️☸️☸️🧘

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад +2

    A.s. බාලසූරිය මහතාගේ දේශනා අහනවා නම් සර් කියන්නේ ඇත්ත කියලා වැටෙනවා . සර් ඔබට හා අපේ යාලුවො සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 2 года назад +2

    දවසම උනත් අහන් ඉන්න පුලුවන් වටිනා දේශනා ස්තුතියි සර්

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 2 года назад +1

    මරණය ...පුනර්භවය මේ ගැන බුදු දහම අනුව යම් කරුණු ටිකක් දැනගෙන හිටියා ..නමුත් සර් දේශනය තුල ඉට වඩා යමක් තිබුනා..සර් ගොඩාක් පින්.මේ ගැන පැහැදිලි කීරිමක් කලාට ..තෙරුවන් සරණයි !❤️🙏

  • @pamodyamaleesha606
    @pamodyamaleesha606 2 года назад +10

    අදත් සුපිරියක් සර්❤️❤️.... ෆොන්සේකා ලොක්කා Miss your tipper 😹😹

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM 2 года назад +4

    සර් ඕක කියනකොට මම එදා පන්තියේ ඉස්සරම පේළියේ වාඩි වෙලා හිටියා..🙂bio වලට මෙච්චර ආස උනේ සර් හින්දමයි.

  • @hw462
    @hw462 Год назад

    ලස්සන පැහැදිලි කිරීම ක් 🏆
    ඒත් එක දෙයක් වැරදි සර් . බූදූ දහමට අනුව, ඔව් අපි මැරෙනකොට ඊළග භවය සැකසිල තමයි අපේ පන යන්නේ හැබැයි ඒ භවය සැකසෙන්නේ අන්තිමට පහල වෙන සිත අනුව නොව අප කල කර්ම පල අනුවයි . අපි මේ භවයේ සහ පෙර භවවල පල නොදුන් කර්මත් මේ අතරට වැටෙනවා ! 🙏

  • @anulakumari6684
    @anulakumari6684 2 года назад +1

    මම කාලයක් මේ මරණාසන්න අත්දැකීම් ගැන තියෙන පොත් බැලුවා. මම ඒ මාතෘකාවට ආසයි. නමුත් දැන් ගොඩක් කාලෙකින් පොතක් බලන්න බැරිවුණා. මේ දේශනයට මම හරිම ආසාවෙන් සවන්දුන්නෙ.ඔබතුමන්ට බොහොම ස්තුතියි.

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya 2 года назад +2

    මම් ගොඩක් උනන්දු මාතෘකාවක්... ගොඩක් ස්තූතියි සර්...❤️❤️❤️

  • @danushsri956
    @danushsri956 2 года назад +3

    බොහොම වටිනා video එකක්.ගුරුතුමාට තෙරුවන් සරණයි🙏❤️❤️

  • @florenceherath5519
    @florenceherath5519 2 года назад +1

    ඔබතුමාට ඉස්තුතියි දැනුවත් කරිමගැන. හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නේ.

  • @chamothchamoth8593
    @chamothchamoth8593 2 года назад +5

    සර් අධි මානසික විද්‍යාව ගැන තව විස්තර කරලා වීඩියෝ දාන්න සර්.මේ ගැන හොයන්න ආස හිතෙනවා මේවා දැක්කම.

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 года назад +1

    අනේ සර් මම දැකපු තවත් ගොඩක් වටිනම විඩියෝ එකක් මේ වගේ තව අපිට මරණය ගැන විඩියෝ ඕනේ සර් තවත් ජීව විදයාවේ ශරිරයේ වෙන සිදුවිම් සැත්කම් ගැන විඩියෝ ඕනේ සර් අපිට අපේ ශරිරයේ වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ මාරම වටිනවා සර් ඔබ ගුරු දෙවියෙක් ❤️🙏
    සියල්ල අනිතයයි සතුටින් ඉන්න නොපමාව කුසල් රැස් කරගන්න 🙏
    සසාර මන්දිර ගැන මම හොයනවා 🙏

  • @rasanjalisenavirathna9394
    @rasanjalisenavirathna9394 2 года назад +3

    මට හිතෙනවා සර් තමාව අවබෝධ කරගත් පුද්ගලයෙක් කියලා.තෙරුවන් සරණයි

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 года назад +6

    මම maths කරන්නේ අපිට බැරිද parapsychology degree එක කරන්න 🥲, මම පොඩි කාලේ ඉදන් මාරම ආසයි ඔය මෝහනය , ටෙලිපති වගේ දේවල් ගැන හොයන්න 😍.

  • @dilhararasanka9960
    @dilhararasanka9960 2 года назад +7

    මෙහෙම හරි කියලා දෙන්න ඉන්නේ සර් විතරයි ❤❤❤❤❤

  • @daaklih
    @daaklih 2 года назад +1

    ඒකනම් ඇත්ත සර් අපි වැඩිහරියක් බලන්නේ කාගෙවත් රෙදි දිහා තමයි .හැමෝම මැරෙන බව දැන දැනත් ඒකට දෙයක් කරගන්න බලන්නෙ නෑ. මරණය කියන්නෙ හරිම වේදනාකාරී දෙයක් කියලා මම අහලා තියනවා .ලොකු වේදනාවකින් ඉන්න වෙලාවලට මම බුදු ගුණ සිහිකරලා තියනවා මැරෙන කොට මට බුදු ගුණ සිහිකරන්න පුළුවන් ද බලන්න .

  • @Dona-w3z
    @Dona-w3z 2 года назад +5

    මමත් හැම මොහොතම හිතන දේ..මරණයෙදි දැනෙන හැඟෙන දේ ගැන...නිවැරදිව දැන ගන්න ආසයි...මැරිල බැළුවත් කාටවත් කියන්න බෑනෙ 😁

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 года назад +13

    ජීවිතය ගැන අවබෝධ කර ගැනීමට වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @sepalakankanamge1146
    @sepalakankanamge1146 2 года назад +3

    සර්ගේ video ගොඩක් වටිනවා සර් thank you ❤️‍🔥

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 года назад

    බලන්න කළින්ම 👍 දාන්න ඕන mata ...ජය වේවා sir...තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් ...❤❤❤🙏🙏🙏

  • @isurikaperera6227
    @isurikaperera6227 2 года назад +15

    Sir i havent learn biology but i really appropriate your words . When thinking alone we can identity that.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад +1

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne

  • @jamesappuhami
    @jamesappuhami 2 года назад +1

    ඔබ තුමාට බොහොම ගොඩාක් ඉස්තුතිය් සහ ගොඩක් ආදෙරෙඉ. ♥️ for the explanation of many different themes . I’m bit elder to you. Living 35 years abroad.
    මට හිතෙන්නේ අපි ජීවත් වෙන මේ ලොකයේම තමා Heaven එකඉ Hell එකඉ තියෙන්නෙ.
    මරනය ඉතාම සුන්දර දෙයක් " only if" අපි ජිවත් වෙන කාලය තුල මෙ ලොකයෙ සෑම දෙටම ආදරෙය කලොත් ❤( if we Love and respect all the human beings/ animals/ trees and entire Nature you will experience a wonderful life after life.

  • @mayallbeeaze
    @mayallbeeaze 2 года назад +9

    මම හරි අමාරුවෙන් A/L කරේ, 1997 වාණිජ. ඒ කාලේ මට පුදුම පිස්සුවක් තිබුණා ඔය දේවල් ගැන දැනගන්ඩ.. එඩ්ගා කේසි ගේ කතා එහෙම එහෙං මෙහෙං අහගෙන හිටියා...
    සර් වගේ අය ඒ කාලේ හිටියේ නෑ. හිටියත් ඉන්ටනෙට් නැතිනිසා සමහරවිට ප්‍රසිද්ධ නැති වෙන්ඩ ඇති..
    සර් ඒ කාලේ හිටියනං, මට A/L අවශ්‍ය නෑ, සර්ගේ ක්ලාස් එකකට යනවා එහෙනං. සර්ගෙන් දැනුම ලබාගන්ඩ.
    ගොඩක් පිං!!

    • @pasindupabasara
      @pasindupabasara 2 года назад +2

      raamuwa balanna

    • @mayallbeeaze
      @mayallbeeaze 2 года назад +1

      @@pasindupabasara බලනවා ඒකත්..👍

  • @ruwan70
    @ruwan70 2 года назад

    සර් මමත් මේ පොත ඩවුන්ලොඩ් කරගත්තා ආදරෙයි ඔබ තුමට බුදුසරණයි 🙏🙏🙏

  • @heraldperera5160
    @heraldperera5160 2 года назад +4

    You're brilliant and independent teacher and you have taught to my daughter biology well and she is doing nursing degree in Australia . Thanks lots Jananayake.

    • @spa1085
      @spa1085 Год назад

      I recommend reading books by Dr.. Brian Weiss if you're interested in learning about what happens when you die and after. He has written several books using his experiences with his patients. According to his research there is a period between death and the next life. According to his research we reborn again and again with our loved once, the roles could be changed. Like how සිදුහත් and යශෝධරා born together in many lives.

  • @kavindushashi7188
    @kavindushashi7188 2 года назад

    බුදු දහම තුල මරණය හා මරණාසන්න අද්දකිම් තියනවා එක ගොඩක් වේදනා කාරි අද්දකිමක්

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 года назад

    හරිම වැදගත් සර් මේ වීඩියෝ එක.... නොදන්න දේවල් ගොඩාකින් දැනුවත් වුණා..... බොහොම ස්තූතියි

  • @nadeeshanadeesha597
    @nadeeshanadeesha597 2 года назад

    මම කැමතිම මාතෘකාව ..මරනය ගෙන හොයන්න ගොඩක් ආසයි..මාත් පොත් කියවල ගොඩක් විස්තර කිය්වල තියෙනවා....ගොඩක් ආසයි විසතර දැනගන්න..ඒත් අපිට විස්තර දැනගන්න විදියක් නෑ..thank you sir..

  • @hithpathiru
    @hithpathiru 2 года назад

    ඉතා වටිනා දේශණයක්. විශ්වයේ අපි නොදන්න දෑ බොහෝයි.
    විශ්වයේ පරිමාව
    ...............................
    ඉලෙක්ට්‍රෝනය
    ලෝකය වූ
    ඒ මත වූ රටක නැතිද
    ජීවීන්
    ඇහැට නොපෙනෙන
    පෘතුවියද
    ඉලෙක්ට්‍රෝනයක්
    විය නොහැකිද
    ජීවියෙකුට
    අපට නොපෙනෙන
    ඉතින්
    සියල්ල දත් යැයි සිතන
    කිසිත් නොදන්න
    හිතකට
    හැඟේද විශ්වයේ සොබා දම
    කිසිවිට
    ............................................
    පුෂ්ප කුමාර රස්නායක

  • @indramanifonseka
    @indramanifonseka 10 месяцев назад

    සර්ට දෙවි පිහිටයි. මම සර්ව බලන්න එන්නම්. දෙවි පිහිටයි.

  • @chandibadullage7145
    @chandibadullage7145 2 года назад +3

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට

  • @AnuWickramasingha
    @AnuWickramasingha 2 года назад +3

    මරණය කියන්නේ කෙනෙකුට ලැබෙන අවසාන අද්දැකීම එත් අනිත් අද්දැකීම් වගේ තව කෙනෙකුට කියන්න පුළුවන් එකක් නෙවේ තමන්ටම තනිවම විද දරා ගන්න වෙන අද්දැකීමක් 😪

  • @NehaMathews-q1j
    @NehaMathews-q1j 6 месяцев назад +2

    සර්ට කොහොමද ඔයවගේ මොලයක් ලැබුනේ. පුදුමාකාර මතකයක්. අනේ සර් ඇස්වහ කටවහ වෙන්න එපා. අපේ සර්ට තව තවත් මතක ශක්තිය වැඩි වේවා ... මෝඩ මට හරිම ආසයි මරණාසන්න අත්දැකීමට ප්‍රතම එක වචනයක් කතා කරන්න . ඒ අවස්ථාව මට ලැබේවා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 года назад +4

    Onama gonekta therena Biology නම් Tissa Jananayake ..Brand ekak ..❤❤❤

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 2 года назад +1

    මං කියවලා තියෙනව NDE ගැන පරිවතනය කල පොතක්, මරණාසන්න අත්දැකීම් කියල . දයා රෝහණ අතුකෝරළ සර්ගෙ මං හිතන්නෙ. මේක හරිම අපූරු මාතෘකාවක් සර්, ඒ ගැන තව දේවල් ඉදිරිපත් කලා නම් වටිනව.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +7

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandikamali1100
    @sugandikamali1100 2 года назад +4

    Ane sir 2024 mage duwatath sir lagata igena ganna enna labenna❤️❤️❤️💕💖🙏

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 2 года назад

    අනේ සර් තව මේ ගැන පැහැදිලි කිරිම් ඕනි 🙏🙏😉 මං ආසයි මේකට ගොඩක් ❣️❣️❣️❣️

  • @iroshandilshanbandara3311
    @iroshandilshanbandara3311 2 года назад

    හරිම අසාවෙන් අවධානයෙන් සවන්දුන්නා බොහොම ස්තුති සර් ❤️❤️.....

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 2 года назад +1

    Budu saranai මහත්තයා හැමෝටම amathaka wela thiyannet ekamai

  • @javindrawasala9398
    @javindrawasala9398 2 года назад +3

    I had 2 times experienced. Already gone, but still living as a perfect person ❤️

  • @juniors7914
    @juniors7914 Год назад +1

    Thankyou sir ❤
    Sir, මරණය ගැන කියවන්න හොදම පොතක් - (තිබ්බත මළ පොත by- Ewans-Wentz) (පරිවර්තනය = W. M ගුණතිලක / ගුණපාල ධර්මසිරි )

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 Год назад +1

    ජීවිතය මහ පුදුමාකාරයි ..සර් ස්තූතුයි ..

  • @achalaperera5893
    @achalaperera5893 Год назад

    ඔබතුමාට ,ඉක්මන් සුවය ලැබේවා !

  • @chathura5898
    @chathura5898 2 года назад +3

    තෙරුවන් සරණයි sir 🙏🙏🙏❤️❤️❤️❤️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Год назад

    මොන තරම් හොද දේවල් අපට කියා දෙනවද..
    තෙරුවන් සරණයි 🙏 දෙවිරැක වර්නයි.. ස්තූතියි 🙏

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 года назад +2

    ඔබ තුමාට මම ඇත්තටම ගරු කරන්නේ බුදුන් වදාල දර්ශනය විද්‍යාව සමග සත්‍ය වචයෙන්ම තිබෙන තැන ගැන අවබෝධයෙන්ම සියලු දෙනාගෙම දැනුම සදහා මේ කරුනු ඉදිරිපත් කිරීම සම්බධවයි ගොඩාක් ස්තූතිය ගොඩාක් පිං biology නොකල උනත් ජීවිතේ ගොඩාක් දේ උබ නිසා ඉගෙන ගත්තා ❤️🙏

  • @sheronvimukthipereraoffici2530

    හරිම ලස්සනට කියලා දෙනවා sir

  • @sadpabian4843
    @sadpabian4843 Год назад

    Mea sir.jananayakage. lectures ahanakota thama sirge watinakama thearenne.itha vatina ugathek. Aagoollanva api araksha kalauthui.ethumata god bless.

  • @kavindagayashan6886
    @kavindagayashan6886 2 года назад

    අලුතෙන් හිතන්න ලොකූ දෙයක් අරන් ආවට ගොඩාක් ඉස්තූතී සර් 😚❤️

  • @harshachamalkumarasena8301
    @harshachamalkumarasena8301 2 года назад

    ලස්සන පොතක් තියනවා මිනිස් සිත සහ සසර සබදතා අතුල මංචනායක මහත්තයා ලියපු එකේ මේ වගේ කතා ගොඩක් තියනවා ලස්සන පොතක් ඒක

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 2 года назад +4

    Sir thanks ,very good snd very interested lecture ,you develop the skills ,talents ,capabilities and creativity of the students and those who much interst to learn soul of the human, good luck ,healthy life and a long life .

  • @kajithachamupathisenanayake
    @kajithachamupathisenanayake 2 года назад +4

    Thankyou sir...!!!

  • @nimalkumara5675
    @nimalkumara5675 2 года назад +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 2 года назад +4

    මරණය අති සුන්දරයි..🥰🥰

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg 2 года назад

    ඇත්තටම සර් ..සර්⁣ කියල දෙන ඒවා පුදුම මතකයක් තියෙන්නෙ අපි හරි ආසාවෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න එන්නෙ ගොඩාක් දැණුමක් තේරැමක් අපි ලබාගන්නවා සර්ට තෙරැවණ් සරණයි..

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 2 года назад +3

    මම ආසම කාලෙක ඉඳලා තොරතුරු හොයපු මාතෘකාවක්

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Год назад

    සර්ට තෙරුවන් සරණයි 🙏😊

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 года назад +1

    තෙරුවන් සරණයි සර් ☸️🙏

  • @rexmangunawardena873
    @rexmangunawardena873 2 года назад +3

    තෙරැවන් සරණයි සර්.........

  • @mahegodagenilusha9275
    @mahegodagenilusha9275 2 года назад

    අද නම් විඩියො එක මදි කියලා හිතුනා සර් කතව ටිකක් තිබුන නම් බලන්න මං ආසම විස්තරයක් කිවුවෙ සර් ස්තුති

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl Год назад

    මතු බුදු වන බෝධි සත්වයෙකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subaperera3322
    @subaperera3322 Год назад

    ධර්මය හා විද්‍යාව නිසි ලෙස උගත හැකි ය... 🙏🙏🙏

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +1

    Good 👍 speech