ගැඩවිලි දියර පොහොර ගෙවතුවගාවට How to make Wormy compose liquid fertilizer at home gedawili diyara

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 415

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  2 года назад +50

    ගැඩවිලි දියර පොහොර ගෙදරම හදමු
    ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය .
    ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි.
    ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි.....
    පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි.
    මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය.
    ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය.
    ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි.
    තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි.
    අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය.
    ගැඩවිල් පොහොර භාවිතා කිරීම
    මෙහිදි ගැඩවිල් දියර පොහොර ජලය සමඟ 1:1අනුපාතයට දමා මිශ්‍ර කර ශාකවලට යෙදිය යුතුය.‍ ගැඩවිල් දියරයට 10% ක ගව මුත්‍රා එක් කිරීම මඟින් සාරථක පළිබෝධ නාශකයක් ලෙසින් භාවිත කළ හැකිය.
    ගැඩවිල් දියර පොහොරවල
    පෝෂක අගයන්
    pH අගය - 7.5
    EC අගය - 0.28 ඩෙසිසීමන්/ මීටර්
    සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය -0.01%
    ශාකයට උරා ගත හැකි පොස්පරස් ප්‍රමාණය -1.05
    පොටෑසියම් - 25 (මිලියනයට කොටස්)
    කාබනික ගොවිතැනේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර නිෂ්පාදනයයි. එහෙත් පාරිසරික ගොවිතැන එතැනින් නතර නොවේ. පාංශු පෝෂණය සංරක්‍ෂණය හා වර්ධනය කරමින්, ගොවියාගේ අතමිට සරු කරමින්, ගොවිපොළ හා මානව පරිසර පද්ධතිය ද ආරක්‍ෂා කරන ආහාර නිෂ්පාදනයක් පිළිබඳව පාරිසරික ගොවිතැනේදී කතා කරන නිසා වටිනාකම අතින් කාබනික ගොවිතැනට වඩා එය වඩා ඉහළය. පණු පොහොර හරහා කෙරෙන කෘෂි කර්මාන්තයක් වේ නම් අන් සියල්ලටම වඩා එය පාරිසරික ගොවිතැනට සමීපය.
    දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ. ඉන්දියානුවන් වඩාත් ඉදිරියට ගොසිනි

    • @danushkaviraj6205
      @danushkaviraj6205 2 года назад

      masan gahe gedi lassaanta tiyanwa api heduwa gaha lokui den wahale gawata mal pirila gedi enne uparima ekai nethnam ekath ne kubi ne pohorath danwa

    • @praveenmadhawa4947
      @praveenmadhawa4947 2 года назад

      ඉතුරු වෙන බත් එහෙම දාන්න හොද නැද්ද

    • @lkshanlkshan7331
      @lkshanlkshan7331 2 года назад +1

      වි වගාවට මෙය වතුර 10l ට 1l ට අනුපාතයටද දාන්නේ. දවස් කියෙන් කියටද ගොයමට දාන්නේ ...

    • @duossamsung1759
      @duossamsung1759 2 года назад +1

      Very good

    • @charithpriyankara2670
      @charithpriyankara2670 Год назад +2

      Sir oyata pin. Mehema kiyala dunata. Sir meketa "ALL BISIYA Kola damoth Gadawil panuwo vinasa weida?

  • @MAX-qm2ur
    @MAX-qm2ur Год назад +10

    මම සෑහෙන්න කාලයක් බැලුවා...දැක්ක හොද මනුස්සයෙක්...සුපිරි...ජයවේවා සහෝදරයා....❤️❤️

  • @janakakumara8851
    @janakakumara8851 Год назад +7

    ඔබතුමා බොහොම නිහතමානී ,සරල,අව්‍යාජ ,රටට ආදරේ ඇති මිනිසෙක්...ඔබට දීර්ඝායුශ ලැබේවා!! නිරෝගිමත් වේවා!! තෙරුවනේ බලයෙන් ආරක්ශාව සැලසේවා....❤❤

  • @isurusampath5652
    @isurusampath5652 2 года назад +26

    ආයෙත් අපේ මිනිස්සු පරිසරයට ගහ කොලට සතා සිව්පාවට සමීපව ජීවත් වෙන කාලයක් උදා වෙයි කියල හිතෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි !!!

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 Год назад +6

    ඔබනම් විශිෂ්ඨයි . කිසිදු සැගවීමකින් තොරව තාක්ෂණය ලබා දෙනවා තෙරැවන්සරණයි

  • @shyamalikumari5668
    @shyamalikumari5668 Год назад +3

    ඔබ තුමා අපේ රටට මහා සම්පතක්....

  • @luwis1987
    @luwis1987 Год назад +2

    සුපිරියට තේරෙන සිංහලයන් ඔක්කොම කියලා දෙනවා.ජය වේවා ඔබ තුමන්ට

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 года назад +16

    ගොඩාක් වැදගත් වීඩියෝවක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏.

  • @priyankaherath6048
    @priyankaherath6048 2 года назад +10

    ඔබතුමාගේ වැඩසටහන ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුතියි...

  • @Himi-Diri
    @Himi-Diri 9 месяцев назад +2

    ස්තුතියි..කියන්න බැරිතරම් වටිනවා🎉🎉🎉🎉🎉🎉ඔබතුමාට නිරෝගො සුවය....ලැබේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  9 месяцев назад

      බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9

  • @rasikasanjeewani3449
    @rasikasanjeewani3449 2 года назад +20

    ඔබතුමාගෙ උපදෙස් අපිට නම් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි

  • @BagyaHasintha
    @BagyaHasintha 9 месяцев назад +2

    ඔබ‍ට ගොඩක් පිං මේ තොරතුරු අපට පැහැදිලි කරලා දෙනවට

  • @iroshapriyadarshani5550
    @iroshapriyadarshani5550 8 месяцев назад +1

    බොහොම පැහැදිලිව කියා දෙනවා. බොහොම ස්තුතියි.. ඔබතුමාට ජය වේවා..

  • @sandamaliliyanage5804
    @sandamaliliyanage5804 2 года назад +12

    හරිම පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූති නිහාල් මහත්මයා ඔබ ජාතියට සම්පතක් නිදුක්ව නීරෝගීව දිගු කලක් යෙහෙන් වැජබී මෙවන් සමාජ සත්කාරයන් ඉටු කිරීමට ශක්තිය දයිරිය තව තවත් ලැබේවා.තෙරුවණ් සරණයි ඔබට.

  • @sagithkoralavidanage8854
    @sagithkoralavidanage8854 2 года назад +4

    මෙලෙස නිසියාකාරව සෑමදෙයක්ම කියාදෙන ඔබතුමාට ස්තුතියි ගොඩක් පිං

  • @nimashani5959
    @nimashani5959 2 года назад +16

    මුලු ලෝකෙටම ඔබතුමා ශක්තියක්.

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa1069 2 года назад +6

    ඉතාමත් වටිනව ඔබතුමාගේ මෙම දැනුම...

  • @kandymafia1747
    @kandymafia1747 2 года назад +2

    ඔබතුමාට පින් නිහාල් මහත්තයෝ මේ දෙන දැනුමට

  • @sumithragamage8442
    @sumithragamage8442 2 года назад

    බොහොම ස්තුතියි මහත්මයා ඔබ තුමාට සයලූදෙවියෝ පිහිට ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @subodhasenarathna9497
    @subodhasenarathna9497 2 года назад +3

    ඔබේ වැඩසටහන විශිෂ්ට යි.ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි

  • @wsfernando9878
    @wsfernando9878 2 года назад +4

    දැනු ලබදෙනවට ගොඩාක් ස්තූතියි

  • @darshikamanori7417
    @darshikamanori7417 2 года назад +2

    ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ඔබට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 года назад

    ඔබතුමාගේ වැඩසටහන්
    සියල්ල බලනවා නිහතමානිව ඉතා හොඳින් පැහැදිලි කරනවා ඔබට බොහොම පින්

  • @kusumpeiris7107
    @kusumpeiris7107 Год назад +2

    MR.NIHAL ,YOU ARE A GREAT PERSON.GOD BLESS YOU......

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 Год назад

    ඔබතුමාට බොහොම පිං ගොඩාක් ස්තුතියි ගුරුමුෂ්ටියක් නැතිව හැමදෙයක්ම කියදෙනවට තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @wasanthamuramudalige
    @wasanthamuramudalige Год назад

    ඉතා ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක්. රටට අවශ්‍යම මනුෂ්‍යයෙක්.

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 2 года назад +3

    මේ උපදෙස් මිලකරන්න බෑ ඒතරම් වටිනවා..ස්තූතියි නොසගවා දැනුවත් කිරීම ගැන..🙏 🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 7 месяцев назад +1

    Nihal sar godak danuma me polowen igena gena thiyena bawa penawa athidaksa govi mahathayek budusaranai sar obat

  • @UpendrePaulWelangoda
    @UpendrePaulWelangoda 8 месяцев назад

    කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 2 года назад +5

    හරිම වටිනවා . බොහෝම ස්තුතියි

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani5528 2 года назад +2

    ගොඩක් වටිනා vedeo akak.බොහොම ස්තුති ඔබ තුමා ta

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +6

    ඉතාමත් වැදගත් වැඩ සටහන ස්තුතියි ඔබ‍ට.

  • @sanjayaindika5780
    @sanjayaindika5780 2 года назад +2

    ඉතා වැදගත්...බොහෝම ස්තුතියි ඔබතුමාට..

  • @janithapradeepmusic7277
    @janithapradeepmusic7277 Год назад

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් . බොහොමත්ම ස්තුතියි ඔබට

  • @dammikapathiraja112
    @dammikapathiraja112 7 месяцев назад

    ඔබට තෙරුවන් සරණයි කරන සියලු වැඩ සාර්ථක වේවා

  • @ncgeja
    @ncgeja 2 года назад +7

    ගොඩක් වටිනවා

  • @sarathananda6963
    @sarathananda6963 2 года назад +1

    වටිනා පොහොරක් . ඔබට ස්තුතියි !

  • @sameeramalsri3287
    @sameeramalsri3287 2 года назад +4

    ඇත්ත වශයෙන් හරිම වැදගත් ,ස්තුතිය

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 года назад +5

    නියමයි නිහාල් මාමේ තෙරුවන් සරනයි ❤

  • @premakumararanjith847
    @premakumararanjith847 Год назад

    ඔබට බොහොම ස්තූතියි. තවද ඔබේ මුෂ්ටියක් නොමැති ව සරල පැහැදිලි කිරීම ඉතා වැදගත්

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg Год назад

    Bohoma pin obe wagawan sarusara wewa thawa thawath yahapath katayuthu karanna sakthiya lebewa theruwan sarani

  • @sanjayapremarathna1821
    @sanjayapremarathna1821 2 года назад +3

    ගොඩක් ස්තුති ඔබ තුමාට...

  • @slsenuva1386
    @slsenuva1386 2 года назад +5

    ස්තුතියි තෙරුවන් සරනයි නිහාල් මහත්තයා

  • @සුමේදචතුරංග
    @සුමේදචතුරංග 2 года назад

    මාත් මේක හදලා බැලුවා ගොඩක් සාර්ථක උනා, ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @ariyadasabamunuarachchi169
    @ariyadasabamunuarachchi169 2 года назад +2

    ස්තුතිය හදවතින්ම .බුදු සරණයි ඔබට .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад

    පසට ජීවය ලබාගැනීමට ඉතා හොඳ පොහොර යහළු යෙහෙළියනේ .
    Enda oram michcham nallam ammaa appaa pillengale .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад

    හරිම ප්‍රයෝජනවත් වැඩ සටහනක්..
    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
    ඔබට බෙහෙවින් ම පිං

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 года назад +2

    බොහොම ස්තුතියී මේගැන දැනුවත් කළාට

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 7 месяцев назад

    Obathuma kiwa daruwanta me saka gana hadala kiyala denna kiyala aththatama eka saththayak mama gewathu wagaw kala mage duwa dan viwaha wela ayath gewathu wagawa karanawa ithin obata godak danuma me wagawan පිළිබඳව mana කළමනාකරණය පිළිබඳව danuma athi visalai budusaranai saranai sar obata ජයවේවා

  • @neranjanaramani2888
    @neranjanaramani2888 Год назад

    බොහොම පින් ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 2 года назад +1

    බොහොම වටින කියන අදහස බොහොම යක්
    ස්තුතිය.

  • @garukamudalige7142
    @garukamudalige7142 Год назад

    නියම පැහැදිලි කිරීමක්..❤❤❤❤❤ස්තූති ඔබට.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 года назад +6

    අති විශිෂ්ඨයි..ස්තූතියි ඔබට

  • @නිල්මිනී
    @නිල්මිනී Год назад

    බොහොම ඉස්තූතියි නිතර අපිට දැනුවත් කලාට බුදු සරණයි 🙏🙏🙏🙏♥️

  • @dineshsanjeewa881
    @dineshsanjeewa881 Год назад

    ගුරු මුෂ්ටියක් නැතුව කියා දුන්නාට ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි

  • @jayasinghagunasekara-to8kv
    @jayasinghagunasekara-to8kv Год назад

    ඔබ තුමාට ගොඩාක් පිං😃

  • @chandimaliyanage983
    @chandimaliyanage983 Год назад

    මමත් අද හැදුවා .බොහොම පින් ඔබතුමාට .

  • @chandanih.u.2659
    @chandanih.u.2659 8 месяцев назад

    ඔබ රටට සම්පතක්..
    තව තවත් ශක්තිය ලැබේවා ...

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 года назад +4

    Thank you Nihal your useful information all the blessings for good health always

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад

    බුදුසරනයී සර් බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Год назад

    ඔබ තුමා නම් විශිෂ්ට යි... 💓💓👍👍👍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 2 года назад +1

    තමන් දන්නා දේ සමාජයේ යහපත දියුණුව උදෙසා සැම දෙනා දැනුවත් කරමින් ඔබ විසින් සිදු කරනු ලබන මෙහෙවර ඉතා උදාර වේ..එය ඉදිරියට කරගෙන යාමට ඔබට නිබඳ ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි .

  • @haselamalinga8458
    @haselamalinga8458 Год назад

    බොහොම වටිනා වැඩසටහනක් ඔබට බොහොම පිං 🙏

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 2 года назад +1

    Very clear. Therefore, excellent. I wish Nihal Putha a long life with wealth, health, and happiness.

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 года назад +4

    ඉතාමත් වැදගත්

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 месяца назад

    Thank you obathumata theruwan saranai ජයවේවා

  • @anurapiyathissa8400
    @anurapiyathissa8400 2 года назад +3

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයාට ඔබ ඉතාමත් honda මිනිහෙක් ගරු කළ යුතු කෙනෙක් ස්තූතිය ඔබට

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 года назад +1

    Very Very great THOUSANDS
    How important so important than political speech

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 8 дней назад

    සම්මානයෙන් පිදුම් ලැබිය යුතු , අප රටට මහඟු සම්පතක් ඔබතුමා . අති විශිෂ්ඨ විග්‍රහයක් . බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . හැකිනම් , බැරලය පිරුණු පසුව ගැඩවිළුන් නොමරා කොම්පෝස්ට් වෙන් කරගන්නේ කෙසේ ද කියලත් විවරණයක් කරන්න .

  • @prabathranasinghe1711
    @prabathranasinghe1711 2 года назад +2

    කෑන් එක පිරැනම මොකද කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්න. වැඩෙ නම් සුපිරි.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +8

    තෙරුවන් සරණයි අයියේ ❤

  • @pradeepkumara5850
    @pradeepkumara5850 Год назад

    ඉතා වටිනවා ඔබතුමාවත් ඒ ක්‍රියාවත් තව දෙයක් කියන්න මහත්තයෝ ඒ තමයි ඔය බදුනට ජලය එක් කරද්දි බූගත ජලය පමනක් යෙදීම ක්ලෝරීන් ජලය පනුවාට අහිතකරයි තෙරුවන් සරනයි

  • @liliandealwis1202
    @liliandealwis1202 2 года назад +4

    Thank you very much for your guidance to make gadawil diyara pohora.I have already made this method.I have heard that there is a special kind of worms and where can I get them? Thanks

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 2 года назад +2

    நன்றி சகோதரா.... வாழ்த்துக்கள் வாழ்க வளமுடன் வளர்க

  • @shshntiawabi7601
    @shshntiawabi7601 2 года назад +2

    බොහොම ස්තුතියි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 2 года назад +1

    මේ පොහොරත් හදන්න ඔනෙ .watamara ;ගොම දියර පොහොරත් මරු.ස්තුතියි

  • @lgcsanjewa3622
    @lgcsanjewa3622 2 года назад +3

    ඉතාම වැදගත්

  • @mangalathotawatta4118
    @mangalathotawatta4118 Год назад

    great presentation. Very genuine and comprehensive presentation. Good luck

  • @muttong6269
    @muttong6269 5 месяцев назад +1

    Hi. Dear Nimal i am very proud of you . because you have a very good ability to explain step by step. How about can we add egg shells into that process's. Thanks for your kind explanation. Sarath wijesuriya. 86 Excelsior Heights Craigiburn Victoria. Australia 3064

  • @ishusewwandi6625
    @ishusewwandi6625 2 года назад

    Obathumage upades apita godaak watinawa..godak pahadiliwa kiyala denawata godaak sthuthi..budu saranai...

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 Год назад +6

    කිසිම ගුරු mustiyak නැතුව හැමදේම පැහැදිලිව සරල බසින් කියලා දෙනවා ඔබ අගය කලයුතුම කෙනෙක් ස්තුතියි නිහාල් අය්යේ

  • @thesangeethgg
    @thesangeethgg 2 года назад +2

    ලෙස්ලි මහත්තයගෙ වැඩසටහනක් බලල මමත් ළඟදි ඉඳන් මේක පටන් ගත්තා 🌿🌴🌷

  • @sakunthalaperera8113
    @sakunthalaperera8113 2 года назад +1

    හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි නිහාල් මහත්තයා. මේකට ඉතිරි වෙන බත් දාන්න හොඳ නැද්ද

  • @DamithSamarathunga
    @DamithSamarathunga Год назад

    Godaak watinawa oba tumaage vistaraya

  • @RandimaDharmabandu
    @RandimaDharmabandu 6 месяцев назад

    Nihal sir thamay pahadiliva kiyala denne meka gana.. thank u sir. Vyaparayak vidiyata meka karanne kohomada kiyalath vedio ekak avoth hoday sir.

  • @upulbandara3685
    @upulbandara3685 2 года назад +1

    ස්තූතියි දැනුවත් කිරීමට

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 2 года назад +1

    මල්ලි මම ඉන්නෙ Canada වෙ මට මේ video එක බලලා හරිම සතුටු හිතුන ඔයාට ගොඩාක් පිං මේ උපදෙස් වලට මම මගේ ලංකාවෙ ඉන්න නංගිට මේ video එක අරිනවා ඔබට ගොඩා පිං🙏🙏🙏🇨🇦

  • @suranji31
    @suranji31 Год назад +1

    ගොඩාක් ස්තුති

  • @BagyaHasintha
    @BagyaHasintha 9 месяцев назад +1

    ජය වේවා ඔබ‍ට

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 8 месяцев назад +1

    ස්තුතියි

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 года назад +2

    සුපිරි ජයවේවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад

    නියමයි හරිම වැදගත් පැහැදිලි යී ආයුබොහෝවේවා මම ඕමාන් වල ඉන්නේ ගම රාජාන්ගනේ බුදුසරනයී සර්

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 2 года назад

    ඔබට බොහොම ස්තූතියි...

  • @dhanushkafernando2249
    @dhanushkafernando2249 2 года назад +3

    බොහොම ස්තුතියි .

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 5 месяцев назад

    ස්තුතියි .ඔබතුමට ස්තුතියි ❤

  • @jagathathukoralla1936
    @jagathathukoralla1936 2 года назад +1

    budusaranai obathumata

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 Год назад +1

    දැක්ක සරලම කොල්ලෙක්

  • @sameerarandika9591
    @sameerarandika9591 2 года назад

    Godak kalekin oba thumawa dekke... Apita oba thunage sahaya thawa awashshai.... Thank you...

    • @wimalasirinugawela4055
      @wimalasirinugawela4055 7 месяцев назад

      ඔබ වටිනා මහත්මයෙක්.බුදුසරනවේවා.

  • @JimLanka
    @JimLanka Год назад +1

    බැරල් එකෙන් දුගඳක් පිටවෙනවද කියලා දැනගන්න පුලුවන්ද? නාගරික පරිසරයක පොඩි ඉඩක මේකක් හදාගන්නයි අදහස. ස්තූතියි මේ අගනා සේවයට ❤️

  • @jinapalahewage8373
    @jinapalahewage8373 10 месяцев назад

    අපේ ගෙවත්තෙ තියෙන බින් එකේ ගැඩවිල්ලු ටෙනිස් බෝල් වගෙ ගුලි ඉන්නෙ.ඔබේ වීඩියෝ එක දකින්න කලින් ඒක අපිට පුදුමාකාර කරදරයක්. දකින්නත් අප්පිරියයි.ගැඩවිලාගෙ වටිනාකම කියාදුන් ඔබට ගොඩාක් ස්තූතියි.🙏