The Most Beautiful Train Station | Pattipola | ලංකාවේ උසම දුම්රිය ස්ථානය | පට්ටිපොල | Nuwaraeliya

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024
  • පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට 1897m ක් ඉහළින් පිහිටා ඇත. මෙය ලංකාවේ බදුලු දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අතර පොඩි මැණිකේ දුම්රිය ඇතුළු බහුතරයක් නවත්වන දුම්රිය ස්ථානයකි.
    මෙම දුම්රිය ස්ථානය මධ්යම පලාතේ නුවරඑලිය දිස්ත්රික්කයෙහි පිහිටා ඇති අතර කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආසන්න වශයෙන් කිමී. 225 ක පමණ දුරක් ගෙවූ විට ප්රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානය හමු වේ. මෙහි ආරම්භය 1893 වර්ෂයේදී පමණ සිදු වී ඇත.
    මුහුදු මට්ටමේ සිට මීටර් 1897 (අඩි 6240) පමණ උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය අපේ රටේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වේ.
    එමෙන්ම ලොව පිහිටා ඇති පළල අඟල් 5.5 වූ පටු අමාන දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා උසම ස්ථානය නොහොත් Summit Level පිහිටා ඇත්තේ ද පට්ටිපොල දුම්රිය ස්ථානය ආශ්රිතවයි
    උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ගමන්කිරිමේදී තිබෙන සීඝ්ර නැග්මෙහි අවසානය පට්ටිපොල දුම්රිය ස්ථානය වන අතර එතැන් පටන් බදුල්ල දක්වා ඇත්තේ බැස්මකි. නුවරඑලිය දිස්ත්රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් තිබෙන සුන්දර පට්ටිපොල පාන්දර 3 වන විට 10°c ආසන්න උෂ්ණත්වයක් හෝ ඊටත් අඩු උෂ්ණත්වයකට ළඟා වේ.
    ද්විත්ව එන්ජින් වල උපකාරයෙන් ධාවනය වන බදුල්ල රාත්රී තැපැල් දුම්රියෙහි අනෙක් එන්ජිම pilot කිරීමද සිදු වන්නේ සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය හි වන අතර කොලඹ කොටුව තෙක් ධාවනය වන (down) තැපැල් දුම්රිය පසුපස Banking එන්ජිම ඉස්සරහට සවි කිරීමද , එලෙසම බදුල්ල තෙක් ධාවනය වන (up) දුම්රියට ගම්පොලින් ලබා දෙන banking එන්ජිම ඉස්සරහට සවි කිරීම ද මෙම දුම්රිය ස්ථානයේදී සිදු වේ. දුම්රිය සේවයකයන් අතරින් දුෂ්කරතම රාජකාරියක් ලෙස සැලකෙන එන්ජින් Shunting කිරීම නොහොත් එන්ජින් දෙකක් සම්බන්ධ කිරිමෙහි නියතු සේවක මහතා සිදුකරන ඒ කටුක සේවය නිසා ඔහුගේ රැකියාවේ කටුකත්වය වෙන කිසිදු shunter කෙනෙක් නොලබන නිසාද පට්ටිපොල තවත් ආරකින් වැදගත් වේ. දුෂ්කර බව වැඩිම shunting වරයා සිටින, අවම උෂ්ණත්වයකට ලක්වන දුම්රිය ස්ථානය නිසාත් පට්ටිපොල තව දුරටත් සුවිශේෂ වේ.
    ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතරින් 07 වන ස්ථානය හිමි අපේ රටේ ප්රධාන මාර්ගය නොහොත් උඩරට දුම්රිය මාර්ගයෙහි පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ.
    Pattipola railway station is the highest railway station in Sri Lanka. It is located 1897m above sea level. This is located on the Badulu railway line in Sri Lanka and is a station where most of the Podi Menike trains stop.
    This railway station is located in the Nuwara Eliya district of the Central Province and is approximately km from the Colombo Fort railway station. Pattipola railway station is found as the 62nd railway station on the main road after a distance of 225 km. It started around 1893.
    Located at a height of 1897 meters (6240 feet) above sea level, this railway station is the highest railway station in our country.
    Also, the world's 5.5-inch wide narrow-gauge railway, the highest point or Summit Level, is located near the Pattipola railway station.
    Pattipola railway station is the end of the rapid ascent on the upland road from Rambukkana to Badulla and from there it is a bus to Badulla.
    Due to its location in the Nuwara Eliya district and due to certain weather changes, most days around 5.00 - 5.30 in the evening, the surrounding environment is covered with fog and a small rain shower also creates this beautiful environment. Sundara Pattipola, which usually has a temperature as low as 17°c - 16°c at 6,7 in the evening, reaches a temperature of 10°c or even lower by 3 in the morning.
    The piloting of the other engine of the Badulla night mail train, which runs with the help of twin engines, is also done at Sundara Pattipola station, and the banking engine is installed in front of the back of the mail train running (down) to Colombo Fort, similarly, Gampolin is used for the train running (up) to Badulla. The provided banking is also installed in front of the engine at this station.
    Pattipola is also important in another way because because of the harsh work Mr. Constantu Sevaka does in connecting two engines, which is considered to be the most difficult duty among the railway workers, no shunter gets the harshness of his job. Difficulty Pattipola is further distinguished by the railway station with the highest shunting and the lowest temperature.
    The Pattipola railway station is located on the main road of our country, which is the 7th most difficult railway in the world, and is located between the two railway stations of Ambewela and Ohia.
    #pattipola
    #nuwaraeliya
    #train station

Комментарии • 45