Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )
HTML-код
- Опубликовано: 7 ноя 2024
- ~ අම්මා වගේ ~
මේ සසර ගමනේ කුමක් හෝ පිනකට,මම ඉපදුනා ආදරේ කරුණාව පිරිච්ච පුංචි ගෙදරක, සාමාන්‍ය පවුලක, බඩපිස්සි විදියට. මංමේ ලෝකෙ සුන්දරත්වය දැක්කෙ මගෙ අම්මගෙන් තාත්තගෙන් සහ මගෙ අක්කාගෙන්. මගේ අක්කා,ඇය තමයි මට නැකතටත් කලින්ම බත් කැව්වෙ,අකුරු කියෙව්වෙ. ඇය තමයි මගේ මුළු ජීවිතයම පාට කලේ. ඇය අදවෙනකොට රසායනික ඉංජිනේරුවරියක්. ඇයගේ විවාහය ඇය දුටුව සුන්දරම හීනයක්. ඇය වෙනුවෙන් මා තුළ ඇති හැඟීම් ගැයීම මා දුටු සුන්දරම හීනයක්. මේ ඒ හිනෙට අත්තටු ලැබුන මොහොත. මෙතැන් පටන් මේ ගීතය ආදරණීය ඔබ සැමට බාරයි !
-කාංචනා අනුරාධි -
~ AMMA WAGE ~
Because of something really good I have done in my past journey of life I got the chance to born as the youngest daughter in beautiful and loving family. I experienced the beauty of life through the eyes of my father, mother and my elder sister. She didn't wait for the auspicious hour to feed me and to teach me. Now she is a chemical engineer. Her wedding was a huge dream of her. To sing my feelings for her was a beautiful dream of me.This is the moment I fulfill it. From now on this song is yours !
Kanchana Anuradhi -
ARTIST :KANCHANA ANURADHI
LYRICS :KANCHANA ANURADHI
MELODY : KANCHANA ANURADHI / DINESH GAMAGE
MUSIC : AMITH GURU
MIX & MASTERING : AMITH GURU @ICONRAIN PRODUCTION
RECORDER ARRANGEMENT : SARADA CHULASINGHE
DIRECTOR : CHAMOD MADURANGA
CONCEPT:KANCHANA ANURADHI /CHAMOD MADURANGA
DIRECTOR OF PHOTOGRAPHY :CHAMOD MADURANGA /NIROSHAN RANKOTUWA/
HANSANATH CHAMINDU
EDITOR AND COLORIST: HANSANATH CHAMINDU
EDITING STUDIO TIKIRI FILMS
ALBUM ART : CHAMEERA J HETTIARACHCHI
HAIR & MAKEUP : SEWWANDI PERERA
COSTUME : ANUSHA KALUARACHCHI
අම්මා සහ අක්කා කියන වචන දෙකම එකම අකුරෙන් පටන් ගන්නෙ ඒ නමින් හඳුන්වන ස්වරූප දෙකෙන්ම විහිදෙන්නෙ එකම වර්ගයේ සුවඳක් නිසා. අක්කා කෙනෙක්ට වාසනාව ලැබෙනවා අම්මෙක් උපත දීපු මලක් පෙති විහිදලා පිපෙන හැටි බලාගෙන ඉන්න.
අවුරුදු අටක් අම්මලගෙ ලොකු අත්වල විතරක් එල්ලිලා හිටපු මගෙ සුළඟිල්ල අල්ලා ගත්ත පුංචි රෝස පාට අතක් නිසා මාත් මව්වත්කමේ මුල්ම අංකුරය පළඳගත්තා. මට මතකයි ඒ වෙනකොට ඉස්කෝලෙ දෙක වසරෙ හිටපු මං පැය ගාණක් ඒ බිළිඳු මූණ දිහා බලාගෙන හිටපු හැටි. මගේ පුංචි දෑත් වලින් තරමක් බයෙන් නමුත් අතිශය ආදරයෙන් ඈ ඔසවා ගත් හැටි. අද වෙනවිට ඈ මගේ උරහිසත් ඉක්මවා ගිහින් දැන් මාවත් වඩාගන්නවා.
නංගි කෙනෙක්ගෙ ආදරේ කියන්නෙ අවුරුදු ගාණක ඇවෑමෙන් විඳින්න ලැබුන නිසාද මන්දා මගේ ජීවිතේ මං වැඩියෙන්ම පුහුණු කරන ප්‍රේමයන් අතර මේ ආදර වර්ගය ඉහළින්ම තියෙනවා. කුසෙන් නූපන් නමුත් හදවතින් බැඳුන, ලේ බැම්මට දෙවෙනි නොවන ලෙංගතු අක්කලා නංගිලා සෑහෙන්න පිරිසකුත් මට ඉන්නවා.
ඒ අතරිනුත් ඉතාම විශේෂ කෙනෙක් තමයි මේ ගීය ගයන්නෙ.
ඒ ලෙවල් පන්ති පටන් ගත්ත දවස්වල කෝච්චියෙදි මගෙ ළඟට ඇවිත් කතා කරපු ලස්සන හුරතල් චූටි කෙල්ල, ඊට පස්සෙ එක පන්තියෙත්, ඉස්කෝලෙත්, පාඩම් සඟයා ඉඳන් ළඟම යාලුවෙක්ගෙනුත් එහාට කාංචනා තමයි නංගියෙක්ට උනත් අම්මෙක් වෙන්න පුලුවන් කියල මට ඔප්පු කරලා පෙන්නපු කෙනා.
මගෙන් සහය ලැබුන අවස්ථාවල විතරක් නෙවෙයි මං කිසිදු සහයක් නොදුන් තැන්වලදි වගේම, මම මගේ නරකම සහ දුර්වලම ස්වරූපයෙන් සිටියදී පවා පුරුදු සෙනෙහසින්ම පිළිගත් , අදටත් නොවෙනස් හිතින් මා වැළඳගන්නා මට වඩා වයසින් බාල මුත් හදවතින් උසස් වන ඇය මේ ගීය ගයද්දි මගේ ඇස් තෙමෙන්න ඒ බැඳීමත් හේතු වෙන්න ඇති.
ඒ වගේම කාංචනා මේ ගයන උත්තරීතර හැඟීමේ හිමිකාරිය ඇගේ දක්ෂ , ධෛර්යමත් අක්කා .. නිහඬ නමුත් හැමදෙයක්ම නිරීක්ෂණය කරමින් කාංචනා පසුපස ඉන්නා හයිය මාධවී අක්කා ඔබ ඇරඹූ යුග දිවිය වාසනාවන්ත වේවා !
හැම අක්කා කෙනෙකුටම නංගී කෙනෙකුටම මේ ගීය ඇසේවා !!
තව තවත් තදින් දෑත් අල්ලාගෙන ඉන්නට වරම් ලැබේවා !!!
බොහොම ස්තුතියි නංගි ඔයාගේ ආදරණීය වචන වලට...හැමදාම නංගි ලග ඉන්නවට...💖
❤️❤️❤️
❤❤😍😍
😢😢ඇත්තටම මගේ අක්කත් ඒ වගේමයි!!!!!!
❤❤
Thank you so much everyone. 💖
Love you all 💖
Love you too akke😊💜
❤😘
Love you too akki❤️❤️
Love u akki☺️♥️
love you too Anu Akkii💗🥺..
මාගෙන් ඈතට
යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පළඳා
හදේහී නැගෙනා
හැගුමන් බෝමා
පවසනු බෑ නුඹ හා
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ//
දෙව් දූ නුඹමයි
මල් වැහි වෑහෙයි
කුමරුන්ගේ තුරුලේ නිවෙනා
මා පිය සෙනෙහේ
නුඹෙ හිස පළඳා
වැජබේවා... සැමදා
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ//
❤️❤️
දැනෙනා තුරු මා,කාලි,උදුරාවී සින්දුවලින් අපේ හිත් උදුරගත්ත කාංචනා අනුරාධි අක්කා හැමදාම අපේ හදවතේ ගායිකාව❤🎧🎧😘
Aniwaren
ඒක නම් ඇත්ත..❤️
පුංචි තරුවේ, තනියම මේ 2කත් මරු 😍🔥❤
Godak lassanai akke
Aniwaryen
යොවුන් පරපුරේ විශිෂ්ඨතම female voice එක කාංචනා අක්කිගේ voice එක තමයි ❤
👍
😘
ඒක ඇත්ත
විටෙක අක්කා ද විටෙක අම්මාද තවත් විටෙක හොද ම යාලුවාද විය.ඒ දේ කරන්න පුලුවන් මේ ලෝකෙ අම්මාට හැර එකම එක්කෙනාටයි ඒ තමයි අක්කා.වයස යන්න යන්න අම්මාට කියන්න බැරි ජීවිතේ සමහර දේවල් අක්කාට කියන්න පුලුවන්.ජීවිතේ එන සමහර ප්‍රශ්නවලට අක්කා මූණ දෙන හැටි බලලා නංගි කෙනෙක් හැටියට ඉගෙන ගත්තු පාඩම් අනන්තයි.මේ ලෝකෙ හැමෝටම නැතත් වාසනාවන්තයෝ අතළොස්සකට හම්බුවෙන ඒ අක්කා කියන උරුමය කවදා හෝ සංසාරේ අපේ ම අම්මා කෙනෙක් වී ආපු හරි ලස්සන බැදීමක්.ඒ බැදීම වචන වලට පෙරලන්න බැරි තරම් ම ලස්සනයි ,සුන්දරයි ,හරි ආදරනීයයි ,හිතට හරි ම සැනසීමක් ලෙංගතුකමක්.රණ්ඩු වෙන්න ගහගන්න වගේම දුකක්දැනුන වෙලාවට බදාගෙන අඩන්න අම්මා හැරෙන්න අක්කාගෙ තරම් උණුහුමක් තවත් කොහෙන්ද.දවසක් එයි ඒ කිරිල්ලි මගේ කැදැල්ලෙන් පියාඹලා එයාගෙ ආදරණීය කුරුල්ලගෙ කැදැල්ලට යන.එදාට අඩන්න කදුලු ඉතිරි කරගන්න ඕනි නිසා අමාරුවෙන් හරි ඒ හැගීම වචන වලට පෙරලනවා මගේ ආදරණීය අක්කාට වගේම මේ ලෝකෙ සුවහසක් ආදරණීය අක්කලා වෙනුවෙන්.අම්මාට පසු මෙලොව මම දුටු ශක්තිමත් ම කාන්තා චරිතය ඇයයි.ඒ සුන්දර චරිතය ගැන මේ වගේ සුන්දර හඬකින් ගීයක් අහන්න ලැබුන එකත් මොන තරම් දෙයක්ද....ආදරෙයි මගෙ අක්කේ හැමදාමත්❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම මේ ගීතයටත්❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤😍 දෝනී 😘😘😘😘😘 ආදරෙයි
😘😘😘
සහෝදරයෙක් සහෝදරියක් නැති මට මේ සිංදුව අහලා මේක මෙච්චරම දැනුනම් සහොදරියන් ඉන්න අයට මේ වගේ දවසකදී කොහොම හැගීමක් එනවා ඇද්ද?????
Atttama math me wage dawasakatq muhina denna wenawa kiyala hitenakota godak Duka hithenawa..akkath ekka kochchara randu unath Akka thamai mage deweni amma😢😥😘😘😘
අක්කෙ මමත් ඔයා වගේමයි ඔයා කොහෙද ඉන්නෙ? දෙවියො මොන දේ දුන්නත් මට දීල නැති එකම දේ සහෝදර කම.. 😭😭
මේ ගීතය අහනකොට මගේ ඇහැට කඳුළු ආවා.. මටත් නංගියෙක් ඉන්නවා පණ වගේ.. මට වඩා අවුරුදු 13ක් බාලයි.. ඇත්තටම කිව්වොත් මගේ ළමයෙක් වගේ.. මට මතකයි අම්මට එයාව ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම මම හිතුවේ නංගියෙක් තමා කියලා.. එයාව ලැබිලා ගෙදර එක්කන් ආවට පස්සේ සතුට වැඩි කමට මං සතියක් ඉස්කෝලේ ගියේ නෑ 😂😂 පොඩි කාලේ ඉඳලම මං එයාව බලාගත්තෙ, කෑම කැව්වේ, නෑව්වේ, එයාගේ ඇඳුම් හේදුවේ.. දැන් මගේ උසටම ඉන්නවා.. අපි දෙන්නා දැන් හොඳම යාළුවෝ වගේ.. මොන දේ
උනත් සහෝදරියක් ඉන්නවා කියන්නේ මාර හයියක්. බලන් ගියාම මගේ නංගිට වඩා මගෙ පළවෙනි ළමයා එයා තමා.. 🥰🥰
අනිවාර්යයෙන්ම කියාගන්න බැරි තරම් ලොකු හයියක්❤️❤️❤️
🥺❤️
ඔයාගෙයි මගෙයි කතාව ටිකක් එක වගේ... මගේ නංගිත් මට වඩා අවුරුදු 13 ක් බාලයි...දැන් එයාට 13 එයාව ඉස්පිරිතාලෙ ඉදන් වඩාගෙන ගෙදර අරන් ආවෙ මම... ඒ වගේම මාසයක් යන්න කලින් එයාව නාවන්නත් මං පුරුදු වුනා... කැවුවා, පෙවුවා, රෙදි හේදුවා හරියට මගේ ළමයෙක්ට වගේ... මගෙ නංගිත් දැන් මං තරමටම උසට ඉන්නවා... අම්මට තරම්ම එයා මටත් ආදරෙයි... මං හිතන්නෙ මේ ලෝකෙ මාව වැඩිපුරම අදුරන කෙනෙක් ඉන්නවනම් ඒ මගේ නංගි තමයි... මගේ එකම සතුට එයා හොද තැනක ඉන්නවා දකින එක... ඔයාගෙ නංගියි මගේ නංගියි මේ ලෝකෙ හැම සහෝදර සහෝදරියකගෙම බැදීම් හැමදාම රැකේවා! ❤️
@@gishanimalwanage ♥️♥️♥️♥️
Ow mage nangit mt wada awurudu 15k balay .tm chutiy eya mget palaweni lamya wage❤👭
මගේ අක්කාව මතක් වුනා මේ සිංදුව අහද්දි. මම මගේ අක්කාට ගාථාවකුත් හදලා තිබුනා.
අම්මා නැති කලට/බත් උයලා දෙනවා මට/ආයු දීගං වස්ස සථං/ අක්කා පාදං නමා මහං.
💜💜💜💜
❤
❤️
❤❤❤
තීක්ෂණ අයියේ ඔයා හරිම ගරු කරන්න ඕන කෙනෙක් ❤️❤️❤️
හැම අක්ක කෙනෙකුටම ඉන්නවා ලස්සන නංගි කෙනෙක්🙂 😘😍
විශ්වාස කරන්න අහපු පලවෙනි පාරම ඇඩුනා😢අක්කා කෙනෙක් නැති මට මෙහෙමනම්... හදවතටම දැනුනා අක්කෙ ❤❤
best lyrics ❤
Best melody ❤
Best voice ❤
කියන්න වචන නෑ 😍❤
Owww❤️🥺🥺🥺
අක්කා කෙනෙක් නැති වුනත් ඒ හැගීම් ඒ හඩින් නොවඩුව දැනුනා❤️
My favorite female singer ❤️
අපේ පැත්තෙත් එන්න වස්තු
Same here
ලබන ආත්මේ එකම ප්‍රාර්ථනාව සහෝදරියෙක්
අනේ ඔව් මාත් 😭❤️
මගෙත්❤️
Mageth
Mt nm epa
@@saarahselin5562 ai ehma kynnee 😑
කවදා හරි දවසක මටත් අත්විදින්න වෙන දෙයක්... කොහොම දරාගන්නද එදාට කියලා හිතාගන්න බෑ... මගේ ලෝකෙ දෙවනි අම්මා තමා මගේ අක්කා ...♥️ ගොඩක් වෙලාවට අම්මා නොදන්න ගොඩක් දේවල් දන්නෙ එයා... හැමදාම මට හයියක් වෙන්නෙ එයා... මට ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග එයා... හැමදාම පතන්නෙ එයාව... කවදාවත් මට වැටෙන්න දීලා නෑ,
Music කියන්නෙ අක්කගෙයි මගෙයි ජීවිතේ වගේ...♥️ හැමදාම මං සිංදුවක් කිව්වොත් කවුරු මොනා කිව්වත් , ඒක කොච්චර කැත වුනත් ,ලස්සන වුනත් එයා තමා හොඳම comment එක දීල හැමදාම මට ලොකු ශක්තියක් වෙන්නෙ ♥️
අද වගේ මතකයි මට මට නිදිමත වුනාම මං කොට්ටෙත් අරන් එයාලගට ගියාම ඒයා උකුලට අරන් කවි කිය කිය මාව නලවනවා... ♥️
ළඟදිම එයාට මාව දාලා යන්න වෙන දවසක් එයි ඒත් එදාට මං කොහොම ඉවසයිද කියලා හිතාගන්නවත් බෑ... මං කැමති නෑ ඒ දවස ඉක්මනට උදාවෙනවට ඒ වෙන මොනවත් නිසා නෙවෙයි එයා නැතුව මට ඉන්න බැරි නිසා...
ඒ ගැන මතක් වෙන හැමවෙලාවකම මං ගොඩක් අඬනවා ... කොහොම ඉවසන්නද මං කැමති නෑ මගේ අක්කව දෙන්න කාටවත්... 😔♥️
හැබැයි ආයෙ හිතනවා ඒ ගැන ... මං ආසයි එයා ලස්සන මනාලියක් වෙන දවස දකින්න එයාගෙ ජීවිතේ ලස්සනම දවස මම ආසයි plan කරන්න ... එයාට මං ගොඩා....ක් ආදරෙයි ♥️
ඒ වගේම මට ඉන්නවා එකම කුසින් ඉපදුනේ නැතත් මගේම කියලා අක්කිලා ටිකක් මට ගොඩක්ම ඉන්නෙ අක්කිලා....♥️ ඒ හැමෝටම මං මගේ අක්කට වගේම ගොඩා....ක් ආදරෙයි ♥️
මං හිතන්නෙ ඕනම නංගි කෙනෙක්ට අක්කියෙක් ඉන්නම ඕනෙ අම්මා කෙනෙක් වගේ ආදරෙන් බලාගන්න, අම්මා කෙනෙක් වගේ ළඟින් ඉඳන් හැමදෙයක්ම කියලාදෙන....
එයා ,
විටෙක මට මගේ අම්මා
විටෙක මගේ සහෝදරිය
විටෙක මගේ හොඳම යාළුවා ♥️
කියන්න බැරි තරම් ආදරෙයි මම මගේ අක්කලා ඔක්කොටම ♥️
ඇත්තමයි අක්කි ඔයාගෙ ඒ voice එකට මමයි අක්කයි ගොඩා.....ක් ආසයි .... භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි.... ♥️
මේ වගේ සිංදුවක් කරපු එකට ගොඩක් respect කරනවා අක්කි... පටන් ගත්ත වෙලේ ඉඳන් මට ඒ දවස මතක් වෙලා ගොඩක් ඇඬුනා..😔
ඔයාගෙ music life එකට හදවතින්ම සුබපතනවා අක්කි ♥️ හැමදාම මේ වගේ ලස්සන songs කරන්න අක්කි... ආදරෙයි ගොඩා............ක් ♥️
බුදුසරණයි 💛 පරිස්සමින් ඉන්න , සතුටින් ඉන්න හැමදාම .....🌹
♥️😘✨️ i am soo lucky to have sister like u... lv u soo much 😘😘😘😘♥️✨ you are my everything ....✨😊
මං ආසම ගායිකාව ඔයා😌❤️. අද කාලෙ බයිල සිංදු වගේ නෙවෙයි ඔයා ගැඹුරින් අපේ හදවත් අමතනවා 😍😳💚
අපේ පැත්තෙත් එන්න වස්තු
ඇස් වල කදුලු බේරන්න තරම් සංවේදි වුන සින්දුවක්.හරි ලස්සනයි ❤❤😍
Kanchi කියන්නේ Brand එකක් 😌❤️🧘
මට අක්කා කෙනෙක් නැහැ.. එත් මේ විඩියෝ එකයි සොන්ග් එකයි දැක්කාම මට අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන වැඩක් කාංචි යාලුවෙක් මෙච්චර ලොකු තැනක ඉන්න එක ගැන මාරම සතුටක් තියෙන්නේ.. ඉස්සර ඉංග්‍රීසි පන්තියේ ස්ංදු කියපු .. ස්කෝලේ හැම රැස්වීමකම සිංදු කියපු, කදුලු හෙලා නෑබිලියට සහල් ගරපු අම්මා ❤ ආඩම්බරයි
දස මසක් කුසේ නොදැරුවත්,ලේ කිරිකර නොපෙව්වත්,අක්කා මගේ දෙවෙනි අම්මාමය. ගොඩක් ස්තූතියි කාන්චනා අනුරාධි. ඒ සින්දුව හදවතටම දැනුනා. ♥️♥️🤗🤗
මාගෙන් ඈතට යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පලදා ❤️❤️❤️
අම්මා වගේ දුන් ආදරේ
රකිමි සදා සංසාරයේ ❤️❤️❤️
ජය 👌👌👍👍❤️❤️🤩🤩😍😍😍
අනේ මට ජිත්යා කිව්වා අහන්න මැණික ඕක ඇහුවම හිරිගඩු පිපෙනවා කියලා. ඇත්තටම කදුළු ආවා. මටම කියලා අක්කාකෙනෙක්වත් නංගිකෙනෙක්වත් නැති වුනාට ඒ බැදීම කොච්චර ලස්සනද කියලා මගෙ වටේ එහෙම ඉන්න අයගෙන් මට දැනිලා තියෙනවා. ඔයාගේ කටහඩත් එක්ක මේක පුදුමම විදියට මේ වචනත් එක්ක හදවතටම දැනෙනවා නංගි මැණික. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න. තව තවත් මෙවැනි නිර්මාණයන් කරන්නට ශක්තිය ලැබේවා ඔයාට. අක්කාටත් සුබ වේවා හැමදාමත්! ආදරෙයි 😙😙😙❤️🙏 මේක හැම වෙඩින් එකකම ඇහෙයි ආය 😙❤️🤩❤️
සහෝදර බැම්මක ප්‍රබලම ස්පර්ශය මා වින්දේ ඇයගෙනි. ඇය නොමැති මගේ ලොව කෙතරම් අඳුරුදැයි මම දුටුවේ ඇය නික්ම ගිය මොහොතේ සිට ය. හෙට සිට මට තනිවම සිනාසෙන්නට අපහසු වූවත් ඔබ පැළඳි කිරුළ දකින විට මගේ හදෙහි නැගෙන බොහෝ හැඟුමන් නොපවසාම සැඟවී යනු ඇත. ඉතින් "අක්කේ" ඔබ අම්මා වගේ දුන් ආදරේ සංසාරය පුරාවට ම සදා මම රකිමි. කාංචනා අනුරාධි මෙනවියගේ හැඟුමට ඇගේම හඬත්, ඇගේ හා දිනේෂ් ගමගේ මහතාගේ තනුවත් අමිත් ගුරුළවෙල මහතාගේ සංගීතයත් උම්බලකඩ වඩ මිරිස් හා ලූණු සමඟ කන්නා වැනිය.
හැඟුම - චනිර දුලංජය රණතුංග
මේ වගේ ලස්සන නිර්මාණ අතරෙ මම හැමදාම බලනව හැඟුම අකුරැ කරල ඇති කියල...ජය වේවා.
අපේ පැත්තෙත් ඇවිත් සහයෝගයක් දෙන්න වස්තුලා
අක්කගෙයි නංගිගෙයි බැදීම ලෝකේ ලස්සනම බැදීමක්...සින්දුව ඉක්ම්නට ඉවර උනා කියල හිතුනා...තව ටිකක් වෙලා අහන්න තිබ්බ නම්..🥺🥺❤️❤️🔥🔥🔥🔥🔥🔥
මට සහෝදරියක් නැති උනත් ඒ හැගීම හිතට දැනිලා ඇස් වලට කදුළු උනපු ගායනයක්,මේ යුගයේ ඉන්න,දක්ශ හදවතට දැනෙන්න ගයන ගායිකාවක්,සුභ පැතුම් අක්කා💖💖
මමත් ඔයා වගේමයි... මොන දේ තිබ්බත් මට නැති එකම දේ සහෝදරකම අක්කෙ... කියාගන්න බැරි තරම් වේදනයි.. මොකක් හරි කරපු පවක් වෙන්න ඇති අක්කෙ මගෙ... මේ ආත්මෙදි හුගක් පින් කරනව ලබන ආත්මෙදිවත් සහෝදරියක් ලැබෙන්න කියල
mamath❤
අක්කි, මම මේ comment කරන්නෙ සින්දුව අහන අතරෙ, මට අක්කි කෙනෙක් නෑ ඒත් ඇස් දෙකට කඳුළු ආවා.. මීට එහා මම කියන්න ඕන වෙන එකක් නෑ අක්කි.. Good luck! and Stay Blessed! We need more from you! Love you loads.. ❤️💯
ශ්‍රී ලංකා සංගීතයට ලැබුණු වටිනාම කටහඬක්. ❤️
හරිම ලස්සනයි චූටික්කී ♥️
Thank you so much akki 💖
Akkiyo oya හදක් වගෙ බබලන්න ඔනෙ 🙂👍❤️❤️❤️❤️❤️❤️ ඔයා ගෙ සිංදු හද ටම දැනුනා
ඇගේ ලය කිරි කරන්නට තරම් වෙරනොවූවත් ඇය මව් නැති තැන මවක් වූවාය ; මව් ඇති තැන සහය මවක් වූවාය.
මල්ලීට නංගීට ටික කවාපොවා මව් මෙන් ආදරයෙන් හැදූ ආදරණීය සහෝදරිය වූවාය.
ඈ හෙලු හුස්මක් හුස්මක් පාසා සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් කැපකල නූතනයේ උදාර අක්කන්ඩියක් වූවාය.
නිමක් නොමැති ගැටළු සමුදායකට මැදිවූ නමුදු ඉන් බිඳක්වත් නොපෙන්වු දිරිය කතක් වූවාය.
ඈ හෙලන එකදු කඳුලක් කඳුලක් පාසා සැම වෙනුවෙන් තවත් ශක්තිමත් වූවාය.
සැමවිටම ඔවුන්ගේ ඉදිරි රැකවරණය පිලිබඳව ඈ කැපවූවාය.
ගෙදර දෙවැනි මව් ඇය විය.
එය ඇගේ අනාගත ගමනට නේකවිධ අත්දැකීම්වලින් සපිරුන තෝතැන්නක් විය.
අයනු එකම වුවද "ම" ට පෙර "ක" හෝඩියට පැමිණියේ ඇගේ මෙහෙවරද මව්ට නොදෙවෙනි අගයක් ගැබ් වී ඇති නිසදෝදැයි සිතන්නට අවැසිය.
සමාජයීය රටාවන් මෙන්ම කාලානුරූපීව වෙනස්වන මෙම තරුණිය අක්කා නම් චරිතයේදීනම් තුන්කලටම එකලෙස අද්විතීය ගුණ සමුදායකින් පිරිපුන් කතක් බව අවිවාදාත්මකය.
මම මෙය ලීවේ සෑහෙන කලකට පෙර මට අත්විඳින්නට ලැබුණු මගේ සමීපතමයන්ගේ කතාවන් කිහිපයක් හේතුවෙන්. අද කංචි එයට තවත් හොඳ අරුත්ගැන්වීමක් දුන්නා කියල මට දැනුනා.
ජය ❤️
අනුෂා මෙවැනි දරූවන් බිහිකරපු ඔයාට පින් ඔයාගේ නිහතමානිකම දරුවන්ට ලැබුලා තියෙනවා සැමදා රැක දෙවා
හරිම ලස්සනයි අක්කි..❤ඇත්තටම ඇඩුනා මේක බලද්දි..මගේ අක්කවමයි මතක් උනේ..අක්කා තමා මේ ලෝකෙ හොද කෙල්ලෙක් විදිහට ඉන්න විදිහ කියලා දුන්නෙ..හැමවෙලේම හොදම යාලුවෙක් වුනා මට..අනිත් කාටත් වැඩියෙන් මාව තේරුම් ගත්තා..එයා මේ අවුරුද්දේ බදිනවා..අනිවාරෙන් මේ සින්දුව මං කියනවා එයාගෙ wedding එක දවසට..❤හොද අක්කා කෙනෙක් කියන්නෙ නංගි කෙනෙක්ට ආශීර්වාදයක්..මටත් ඒ ආශිර්වාදය ලැබිලා තියෙන්නෙ..😍❤
ඇහැට කදුලක් ආවා❤️😢 විශිෂ්ඨ නිර්මාණයක්👍❤️ සුබ පතනවා අක්කි
අපේ පැත්තෙත් එන්න වස්තු
මට ඉන්නෙ අයියා කෙනෙක්.එයාට මේක අදේශ කරගත්තම ඇත්තටම ඇඩුනා අක්කේ.හරිම ලස්සන සින්දුවක්
අනේ මටත් අක්ක කෙනෙක් හිටියානම් කියලා හිතුනා🙂 ගොඩාක් ලස්සනයි කංචි අක්කේ. ආදරේ ගොඩාක් 💕
අම්මා හැරුනු විට දෙවෙනි අම්මා කිව්වොත් හරි මට හිතෙන්නෙ අක්කා කියන්නෙ දෙවෙනි අම්මා ඒ බැදීම කියලා නිම කරන්න බෑ සංසාරික බැදීමක් ඒක අක්කි ඔයාගෙ සිංදු හරිම ලස්සනයි තව තවත් ඉදිරියටම යන්න වසනාව ලැබේවා මං හිතන වා මේක නව පරපුරෙ සිත් දිනාගත් සිංදුවක් වෙවි ❤️
අනේ සින්දුව තව දික් උනා නම් කියලා හිතුනා අක්කේ 😍😍❤️❤️
මගේ ජීවිතේ මගේ අම්මාට පස්සේ දෙවැනි අම්මා මගේ අක්කා මේ ගීතය සියළුම සහෝදරියන්ට උපහාරයක් වේවා❤️
ලබන ආත්මායෙදී එකම ප්‍රාර්ථනාව සහොදරියක් අක්කා කෙනෙක් මෙක අහද්දී අක්කීයො ගොඩක් දුක හිතුනා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සහෝදර සෙනෙහස වචනයෙන් කියලා නිම කරන්න බෑ💕😍🌼
මටත් ඉන්නවා අම්මා දෙවැනි නැති ආදරයක් අක්කගෙන් ආදරෙයි මගේ අක්කියෝ ❤️🔥❤️🔥❤️🔥❤️🔥
මේක තවම අහන්න ගත්තේ නෑ මන් ඒත් ලස්සනම සිංදුව මට නම් කාලි❤️😋
❤️
Aiya 💖
♥️
ඇස් දෙකට කඳුළු ඉනුවා..සහෝදර බැඳීම කියන්නේ මහ පුදුම දෙයක් .ඒක මේ ලෝකෙ අම්මටයි තාත්තටයි පස්සෙ අපිට හම්බෙන ඊලග ආදරේ . ඔයා ඒ කතාව හරි ලස්සනට වචනවලින් ඔපමට්ටම් කරල ලස්සනම ලස්සන නාද මාලාවක් එක්ක හැමෝගෙම හදවත්වලට කතා කරන ගීතයක් නිර්මාණය කරල තියෙනවා .. ඇත්තටම මේ ගීතයේ පහු වෙලා යන හැම තත්පරයකම තියෙන්නෙ ඔයාගෙයි අක්කගෙයි තියෙන ඒ අසීමිත ආදරේ .
ඉතින් කාංචනා මේක තමා ඔයා අක්කට දීපු ලොකුම තෑග්ග. ❤️❤️
Thank you nanga for your love 🥺❤
Thank you ishk 💖
ලස්සනයි සින්දුව අක්කි😘මගේ අක්කිත් බැදලා යනකොට දැනුනු දුක ඒ විදිහටම මේ සින්දුව ඇහුවට පස්සේ දැනුනා❤දෙවෙනි අම්මා අක්කි තමයි💓
මේ සින්දුව මෙච්චරටම හදවතට දැනෙන්නේ , මන් අක්කා කෙනෙක්ගේ නන්ගි කෙනෙක් නිසාද, නන්ගි කෙනෙක්ගෙ අක්කා කෙනෙක් නිසාද කියලා තේරෙන්නේ නෑ...💖😢
ආසම චරිතයක් ලංකාවේ ගොඩාක් ඉහල ඉන්න ඕන කෙනෙක් අක්කෙ ඔයා රටේ අවාසනාව😢
අම්මාගේ තාත්තාගේ බැදීමෙන් පස්සේ, සහෝදර බැදීම තරම් වෙන ශක්තිමත් බැදීම් නැහැ මේ ලෝකේ❤️ මන් නම් මගේ ජීවීතේ වැඩුපුරම ආදරේ මගේ අක්කාට❤️ මගේ දෙවනි අම්මා වගේ එයා නම් මට❤️ 😉 ගොඩක් ස්තූතී කාංචනා අක්කේ මේ සිංදුව තුලින් මතකයන් නැවත්තත් අලුත් කරා මගේ😘❤️ Good Luck 💪
හරිම ලස්සනයි දුව .ඔයා g අනාගතය සාර්ථක wawa .tharuwansarani .පරිස්සමෙන් ඉන්න. 🌹❤🌟💑🌝
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අහන් සැනසෙන්න පුලුවන් 😌❤️
ආසම Voice එකෙන් ආසම සිංදුවක්.... ඊයෙ අහල කිව්ව වගේම හරිම රහයි මේක.. Trust me your vocals do magic ❤
Thank you so much aiya 💖
අම්මා වගේ දුන් ආදරේ..
මටත් ඉන්නවා අම්මාගේ ආදරේට දෙවැනි නැති ආදරයක් දෙන අක්කෙක් (අෂි)
මේක අහද්දි එයාව මතක් වෙනවා. ❤️
අක්කේ ඔයාට තව තවත් ශක්ති,දර්ය ලැබෙන්න ඕනේ,අලුත් නිර්මාණ කරන්න....❤️💪😍
හැම තාත්තෙක්ගෙම සිතිවිලි . මට මතකයි ඔයා මේ පොත මට ස්කෝලෙදි කියවන්න දුන්නා ☺️ ඒ වගේම මට හරිම සතුටුයි කාන්චනා ඔයා අද මේ වගේ මිනිස්සුන්ගෙ හිත් සනසවන නිර්මාණය කරන දක්ශ ගායිකාවක් උන එක ගැන හුගක්.. ආදරෙයි හැමදාම ❤
🙄🙄
ගෙදර තනි එකා..ඒක හන්දා තදේටම දැනුනා♥️කංචියා♥️♥️♥️♥️
සිංදුව අහද්දි ඇත්තටම ඇඩුනා මට..මොකද මට මතක් උනෙ මගෙ අක්කිව..එයාත් මාව දාලා යන්න ලගයි මනමාලියෙක් වෙලා..එයා තමා මගෙ දෙවනි අම්මා..❤❤🌼
මටත් අක්කව මතක් වෙලා ඇඩුන .... එයත් කවදාහරි දවසක මෙහෙම යයි කියල 😪 ලස්සන නිර්මාණයක්...😗
ඔයාව ලැබෙන්නේ නෑ කවදාවත් කියලා දැන දැනත් මම වසර ගනනක ඉදන් ඔයාට ආදරේ කරනවා....කාංචනා.... හැමදාම සතුටින් ඉන්න.... 💐💐💐💐💐 බුදු සරණයි
Eththatama mata sahodara sahodariyo ne..eth nangiyo man me sinduwa den sehena warayak ehuwa ae taram hadawatha sparasha kala.oyage hema sinduwakma ehuwe puduma taram asawakin.teruwan saranai nangiyo..digu gamanakata asiri...dawasaka oyath me rate minissunge hadawathe gaikawa wenawamai....
මමත් අක්ක කෙනෙක් ... චූටි නංගියෙක් ඉන්නවා මටත් චූටි කිව්වට ලොකු කෙල්ලෙක් දැන් ඒත් ඉතින් මගේ චූටි පැටියානේ... එයා ඉපදුන දවසේ ඉදලා මාස තුනක් හිටියා හොස්පිටල් එකේ අඩු මාසෙන් හම්බුන නිසා... හැබැයිගෙදර ආවට ප්ස්සේ ත් මට යන්න දුන්නේ නෑ එයාගේ ළගට මං එයාව බැලුවේ කාමරේ ජනේලෙන් . චූටි කකුල් උස්සන් දාන සෙල්ලම් හරි ආදරෙන් බලපු මං යන්තම් එයා බඩගාන කාලේ ඉදලම අතේමයි තියන් හිටියේ ... දකින දකින හැමෝම කිව්වේ මං තමයි එයාගේ අම්ම කියලා .... එදා ඉදලා එයා දිහා මං නොබලපු එක දවසක් මට මතක නෑ ... කොටින්ම එයා මට ගෙයින් පිට එක රැයක් ඉන්න දුන්නෙවත් නෑ ....මගෙ යාලුවොන්ගේ අම්මල මාව බලෙන් නතර කරගත්තෙ ගෙවල් වල මොකද මං බැදලා ගියපු දවසක එයාට සංකාව හැදෙයි කියලා.... එයා අසනීප වෙලා හිටිය හැමදවසකම ඉස්කෝලේ නොගිහින් මං හොස්පිටල් හිටියා එයා ළග ... එයා අම්ම එක්ක හොස්පිටල් ඉන්නේ නෑ.... මාව ඕනී කියලා අඩනවා.. මං ඒ ලෙවල් වලට පාඩම් කලේ නංගිගේ හොස්පිටල් ඇද ළග බින වාඩි වෙලා . . හැබැයි සමහර වෙලාවට මට ඒවට කේන්ති ගියා මොකද මට ඉස්කෝලේ යන්න වෙන්නේ නැති නිසා...නංගියාට අවුරුද්දක් වෙනකොටම අපේ අම්මා ඇක්සිඩන්ට් වුනා. ඒ දවස් වල ත් මං ඉස්කෝලේ ගියෙ නෑ මොකද ගෙදර දාහක් දෙනා හිටියත් නංගිව නලවන්න පුලුවන් මට විතරයි නිසා.... ගෙදර සර්වන්ට් ලා කීයක් හිටියත් එයාලට තිබුනේ නංගෙ කෑම ටික හදන්නයි රෙදි ටික සෝදන්නයි විතරයි. මොකද නංගි එක තප්පරේකට මගේ අටින් බහින්නේ නෑ......... විශ්වාස කරයිද දන්නේ නෑ ඔයාලා නංගියා මහ පාන්දර අඩ අඩ අම්ම කුක්කු හොයද්දී එයා බිව්වේ මගෙන්. හැබැයි එතකොට මං හත වසරේ . 🤭 .. මං එහෙම රවට්ට්ටලා තමයි කිරි බෝතලේ කටේ ගැහුවේ එයගෙ. ...... ඒ කොහොම හරි මේ සිංදුව අහනකොට මට මගේ චූටි කෙල්ල පැටියා මතක් වෙනවා..... කාලයක් යනකොට මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ජීව්ත වෙනස් වෙනවා..... අවසානයේ අක්ක කෙනෙක් විදියට සහෝදරියක් විදියට මට දැන් හිතෙනවා මං අසමත් කියලා.... මට මගේ නංගියා මගෙන් ඈතයි කියලා දැනෙනවා..... මතක් වෙන හැම තප්පරේම කදුලු එනවා.... කමක් නෑ හැබැයි මට් අන්තිම තප්පරේ හරි එයාගේ කටින් මාත් එයගේ අම්ම ව්ගේ කියලා ඇහෙන්න ලැබුනෝත් ඒ හොදටම ඇති . 😊❤️
ඔයාගේ හැම සිංදුවක්ම වගේ හරිම ලස්සනයි
ලස්සනම ලස්සනයි නංගි..මටත් අම්මා වගේ අක්කා කෙනෙක් ඉන්නවා..ඇත්තටම ඒ බැදීම ගැන කියන්න වචන නෑ...මගේ සුබපැතුම්❤️❤️
අක්කා අම්මගේ වගේම ලොකු ආදරයක් පොඩි කාලෙ ඉදන්ම දුන්නා එයාගෙ ඇස් දෙක වගේ අපිව බලා ගත්තා...අක්කා....අක්කා බදින දවසෙ ගොඩක් ඇඩුවා❤❤❤❤❤❤
දෙවනි මවක් වගේම හොඳ යෙහෙලියක් වෙන්න පුළුවන් අක්කා කෙනෙක්ටම විතරයි.🖤
ලස්සන වැඩක් ජය වේවා💪🙂
අම්මේ ......ගොඩක් දුකයි ඒ සිංදුව
සීනි බෝතලේ මූඩිය ඇරලා ඒක උඩින් නේද හැන්දා තියලා ආවේ.අක්කා හිටියා නම් මතක් කරලා දෙයි 😁😁මාත් අක්කා කෙනෙක්..හරිම ලස්සනයි ගීතය ❤️❤️❤️
මටත් ඉන්නව අක්ක කෙනෙක් මගෙ නොවුනට එයා මගෙම අක්ක...ආදරෙයි මම ගොඩක් ඒ හැම පාර්තනාවක්ම එයාගෙ ඉටු වෙන්න ඕනෙ......ආදරෙයි ගොඩක්.... iilaga para idn magem akka wenna one...mona pasne awat eya ekka mama innawa hama dma..
රංඩු බැනුම් ගොඩයි ලෝකෙ හොදම අක්කයි මල්ලි එයයයි මායි එක කුස ඉපදුන් නැති උනාට......එයා මේ coment eka දකින්න කියල මම පාර්තනා කරනව....❤❤❤
Mage malliya adreii godk 😘❤️❤️
Hamadam mage sahodaray wel inna 💓💓
හැමදාමත් වගේම මගෙ හිතේ අංක එකේ ගායිකාව...💕✨️ All the best Kanchi akka ♥️💪
අපේ පැත්තෙත් එන්න වස්තු
අක්කා කෙනෙක් නැති වුණාට අක්කා කෙනෙක් හිටියනං කියල හැම දාම දැනෙනවා...
මේ සිංදුවත් ඒ විදිහටම දැනුනා...
Beautiful song💕
මටත් දෙවැනි අම්මා කෙනෙක් ඉන්නවා..අම්මට වගේම මාත් මගේ අක්කට හුගාආආආආආආආආආආආආආආආආආආක්ක් ආදරෙයි 😢😘😘🙏🙏💖💖💖💘💘ලස්සන සිංදුව අක්කෝ😍🙌
akki oyage katahadagana kiyanna wachana na thanikarama bawanawak ..........🥰🥰,akkita hoda marage life ekak wewa.......💖💯🫂....
මටත් අක්කා කෙනෙක් ඉන්නවා ඇත්තටම ගොඩක් දැනුනා මේ සිංදුව 😍😍😍 superb 🔥🔥
ane akki mata aduna akki me song eka ahala.etharam hadawathatama danuna akki
😍 අනේ ලස්සනයි කාංචි.. සිංදුවයි ඔයයි අක්කයි තුන් දෙනාම. . ❤️
Akkata tiyan adeereee thawath wadi unaa meek balala... 💓. Deyk lag tiyenkl hugak deewalwala agee apit terenne nee.. kochchr watinwd kiyal haeiyt danenna ee dee nathi wennama oonaa..😌😍
හදවතට දැනුණු හරිම ලස්සන සිංදුවක්..අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ .. මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් කරන්න අක්කාට සුබ පතනවා..🧚❤️
කාංචනා නංගි. සහෝදර කම ලෙයින් හිමිවුන සුන්දරම බැදීමක්. මගේ නංගිත් 25 අතිනත ගත්තා . ඒක දුක සතුට සමව එක්වූ මොහොතක්. ඔයාගෙ අක්කටත් අයියටත් සුභ විවාහ දිවියක් වේවා🙏🙏🙏
ලස්සනම හැගීමක්....මුදාහැරීම....සහෝදර ප්‍රේමය ඉහවහා යාමක්...💗👍
Oyanam ඇත්තටම දක්ෂ කෙනෙක් නංගී .ආදරෙයි හැමදාම තවත් අර්ථවත් ගීත ලියන්න ගයන්නට ලැබේවා .e වගේම හැමදාම ඔයාගෙ ගීතයක් අහන්න අපිට වාසනාව ලැබේවා .
අම්මෝ අක්කා .. ඔයාගෙ voice එක..😍😍😍😍 කොරෝනා නැති කාලෙක.. අපේ කැම්පස් එකේ ශෝ එක්කට එන්නම ඕනෙ... හොදෙ...😊😊😊😊😊😊😋😘
මටත් ඉන්නවා අක්කා කෙනෙක් එයා පශුවෛද්යවරියක්. එයා මගෙම අක්කා නොවුනත් අපි එකට හැදුනු නිසා කිසි වෙනසක් දැනුනෙ නෑ. ඒ එයා දැක්ක හීනෙත් හැබෑ උනා. එයත් දැන් මවක්.මේ නිර්මාණය නිසා සංවේදී උනා.අක්කේ ඔයාටත් සුබ පතනවා තවත් මෙ වගෙ නිර්මාණ කරන්න . අක්කා කෙනෙක් අම්මා කෙනෙක්ගෙ වගකීම ලැබෙන්නෙ පොඩි කලෙදිමයි. හිතට වදින ලස්සන නිර්මාණයක් . Good luck akki. You' re proud to be a rathnawaliyan.❤️❤️
සින්දුව තව වෙලා තිබ්බා නම් කියලා හිතුනා...
අපේ පැත්තෙත් එන්න වස්තු
සින්දු කියන්න පුලුවන් ඕනෙම කෙනෙක් ගායිකාවක්. ඒත් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන ගායිකාවක් වෙන්න හැමෝටම බෑ. Greate work🔥. Keep it up.
අනේ මටත් අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා.....❤
ජීවිතේ සුන්දරම වගේම හැඟුම් බර අවස්ථාවක් ලස්සනට වචන වලට පෙරළපු ගොඩක් ලස්සන සිංදුවක්. හරිම ලස්සනයි කාංචනා.
හදවතේ ගායිකාව කාංචනා අනුරාධි♥️✨💯
අපේ පැත්තෙත් එන්න වස්තු
මාරම ලස්සනයි අක්කි ඔයා කියන සින්දු. අපි අක්කිට හැමදාම ආදරෙයී.❤❤❤❤❤❤
මගෙ චුටි මල්ලි බබො මෙ ඔයාගෙ අක්කි ඔයාට හැමදාම ආදරෙයි මාත් ඔයාට අම්මෙක් වගෙනෙද පන
ඇහැට ආව කඳුල හිරකරගන්න පුදුම ගේමක් දුන්නෙ 😌
අනේ මේකනං හදවත ගලෝගෙන යන කටහඬක්. 😍🙏
This is soo beautiful! Having two younger sisters I feel this so deep in my heart 🥺♥️
මට අක්කා කෙනෙක් නෑ..එත් මේක අහුවහම මට අක්කා කෙනෙක් ඉන්න හැගීමක් ආව..හිත් සංවේදී කරනවට ස්තූති කංචි..💖💖
අාසම ගායිකාව💜🌷
හරිම ලස්සනයි🌼
කාංචනා හරි ලස්සනයි 😍😍
දෙමාපියන්ට පස්සේ, මේ ලෝකේ අපිට වැඩියෙන්ම ආදරේ පිරිසක් ඉන්නවා නම් ඒ සහෝදර/සහෝදරියො විතරයි. 💥
සහෝදර බැදීමක් කවදාවත් විදලා නැති මට මේ සින්දුව ඇහෙද්දී මෙච්චර ඇඩුනනම් සහෝදර සහෝදරීයන් ඉන්න අයට කොහොම දැනෙනවා ඇත්ද 🥺🥺
අනේ මම ගොඩක් ආසයි ඔයාගෙ හඩට හරිම පැහැදිලි හඩක්. ඇත්තටම මේ ඔයාගෙ අක්කද. 🥰🥰
අනේ මන් ආසම කටහඬ ..හරියට බාවනාවක් වගේ
Kanchana anuradige මෙ song එක මගෙ හිතෙන් මකෙන්නෙ nh
අනේ අක්කේ හරිම ලස්සනයි ගීතය මට අක්කා කෙනෙක් නෑ කටහඩ පරිස්සම් කර ගන්න බුදුසරණයි
ඈත්තටම ඔයා වගේ සහෝදරියක් ලබන්නත් පිනක් ඕන kanchii💖