අරගලකරුවන් ගේ පිච්චුවාට මට ලැබුණේ හිඟන වන්දියක් ( මහින්ද කහගම කියයි)

Поделиться
HTML-код
  • Опубликовано: 9 фев 2025
  • මහින්දක හඳගම මහතාා ඔහුගේ කොම්පඤ්ඤ වීදියේ අරගල
    කරුවන් විසින් ගිනි තැබීමෙන් පසු අලුත් වැඩියා කළ නිවස ඉදිරිපිට සිට අද දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා
    ඔහු පවසා සිටින්නේ
    (මට ලැබුනේ හිඟන වන්දියක්ලෙසයි)
    මේ දිනවල වන්දි ලබාගත් ,ලබාදුන් ආකාරය පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවේ දී කල එළිදරව්ව පිලිබඳව හාණිපූර්ණ වන්දිලාබියෙකු වූ මාගේ කියමනත් මාධ්‍යයෙන් එළිදැක්වීම සුදුසු යැයි සිතමි. එදා අරගලභූමියට වත් නොගිය පොලු කෑල්ලක් වත් නොතිබූ, නිරායුධව සිටි මට තදබල ප්‍රහාරයක්ද එල්ල කරමින් මගේ හෝමගම නිවස හා වාහනයද ගිනිබත් කරමින්, කොළඹ වොක්ෂෝල් පටුමගෙහි පිහිටී මගේ තෙමහල් නිවස කඩා බිඳ විනාශ කර මංකොල්ල කෑමකටද ලක්විය.මගේ හිසට වැදුනු තදබල හෙල්මට් ප්‍රහාරයන් හේතුවෙන් රෝහල් ගතවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට මා පත්කරනු ලැබුවා.ඒ කාලය තුල කල පොලිස් පැමිනිලි,හාණිපූර්ණ වාර්තා,ප්‍රදේශීය ලේකම් වාර්තා,ජනාධිපති කොමිෂම් වාර්තා,ඇතුලු මෙකි නොකි සියලු වාර්තා ලබාදුන්නද මට ලැබුනේ හිඟන වන්දියකි. එයද මා වන්දි ඉල්ලා ගියේ නැත.මා හිඟමනේ ගියෙද නැත.රජය විසින් යෝජනා කල වන්දි වෙනුවෙන් පෙනී සිටියෙමි. එහේත් මට හිමිවුයේ හිඟන වන්දියකි. තක්සේරුව ට ආපු අන්ධ ගොලු,බිහීරි නිළධාරින්ගේ අසත්‍ය වාර්තාවන් හේතුවෙන් මට නිසි වන්දිය නොලැබිනි. එනිසා කෝටිගනන් වන්දි ගත් අයටත් ලැබිය යුතු වන්දි ලැබි ඇද්දැ'යි මා නොදනිමි . රජය කියන ආකාරයට පාර්ලිමේන්තුවේ ඉන්දවා තක්සේරු නිලධාරින්ට බලහත් කාරකම් කර වන්දි ලබා ගත්තේ නම් එය වැරදිය .ඒ පොදු ජනයා සතු මුදල්ය. ඒ ගැන
    රජයේ විමසිල්ල සාධාරණය.
    මගේ මියගිය මවගේ පියාගේ පිංතුර දෙකම මා සතුව නැත. බොහෝ අයගේ ඉපැරණි දේපල,ගෘහ උපකරණ ,මතක සටහන් ව්නාශ විය. ගීතා කුමාරසිංහයන්ගේ විනාශවී ගිය කලා කුසලාන නැවත කාටවත් ලබාදිය නොහැකිය. එවායේ වටිනාකම මුදලට සීමාකල නොහැකිය . ඒ නිසා ගිනි තැබූ බොහෝ අය අදත් ගරු අධිකරණයේ විභාගවන නඩුවලට පෙනී සිටියි.මා රජයෙන් ඉල්ලා සිටින්නේ වෙනත් නඩු කඩිනමින් විභාගයට ගන්නවා සේම මේ නඩුත් කඩිනම් කර විභාගකර වැරදි නැති අය නිදහස් කර ඔප්පුවෙන වැරදිකරුවන්ගේ දේපල රාජසන්තක කර ගෙවූ වන්දි පියවාගන්නා ලෙසයි. මට ලැබුනු වන්දියේ අසාධාරන කම ගැනද විමසා බලන ලෙසයි.

Комментарии • 12

  • @asankasampathchandrasiriga7906
    @asankasampathchandrasiriga7906 День назад

    බලු වැඩ නොකර ඉන්න ඕනි. වපුරන හැටියට තමයි අස්වැන්න

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 часов назад

    වන්දි මුදල් jvp පක්ෂ අරමුදලින් ඉල්ලා ගන්න. තිරිසන්නු ගෙවල් ගිනි තියලා වන්දි ගැන කතා කරනවා. ගිනි තිබ්බ අයටත්, මේ ආණ්ඩුවටත් ඕවායේ ප්‍රතිවිපාක ලැබෙනවාමයි !!!

  • @Rox-p3j
    @Rox-p3j 23 часа назад

    හෙලු ගඩ්ඩා පල 😅

  • @ShiromanArachchige
    @ShiromanArachchige День назад

    පවු අප්පා.රබර් ලී දාලා තියෙන්නේ

  • @FunnyBunny-y8t
    @FunnyBunny-y8t 23 часа назад

    ජංගියක් අරන් දෙන්නද?

  • @asankasampathchandrasiriga7906
    @asankasampathchandrasiriga7906 День назад

    හෙලුවෙන් පාරෙ යවපු එකට කම්ප්ලේන් කරේ නැත්ද

  • @LakmalWanigasekara-qk2tw
    @LakmalWanigasekara-qk2tw 18 часов назад

    මහින්ද තමයි ඕඩර් දුන්නේ

  • @ayomarathnayake5478
    @ayomarathnayake5478 День назад

    Thota honda wade

  • @sanjeevanisamanmali3802
    @sanjeevanisamanmali3802 17 часов назад

    Tho mokatada aragalaya maddata awe