E A D E බිමට නැමි ඉති - ඉද්ද මල් මැද E A D E ඉවරයක් නැතී - කතා කිය කිය F#m A B දෑත් පටලන් ඇවිද යන්නට A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ E A D E නුඹට මා ලියූ - කවිත් එක දෙක E A D E මියුරු ස්වරයකින් - ගයන මා දැක F#m A B සතුට නිම් හිම් නැතිව විදිනට A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ E A D E සිහින් සීතල - ගත වෙලෙන විට E A D E උරහිසේ හිස - හොවා හෙමිහිට F#m A B සුසුම් අහුරක සුවය විදිනට A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ E A D E රැයේ සීතලේ - ගුලිව තුරුලට E A D E සැලුනු මල් කෙමී - සුවය විඳ විඳ F#m A B දෙතොල් පහසක රසය විදිනට A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ A B E නුඹට ඉන්නට තිබුනා මා ළඟ
Stream / download :vyd.co/Nubatainnatathibuna
Zzrrzr
මේක මරු වැඩක්. ජයවේවා ♥️🍷
❤🥃
හරියටම රෑ 10:05 වෙලාව🙂වෙලක් ගාව තනියම bike එක නතර කරන් bike එකේ ශීට් එක උඩ ඉදගෙන අහස බලන් මේ සිංදුව අහන් ඉන්නේ පුංචී හුලං පාරකුත් වදින ගමන් කියාගන්න තෙරෙන්නේ නැති දුකක් ඇග පුරා දුවනවා ඉස්සර යාලුවෝ ගොඩක් හිටියට දැන් තනියම ඉන්නේ ඉස්තූතී මේ සිංදුවට දැන් මගේ තනියට ඉන්නවට😊❤️
** *වෙනස් එකෙක්* **
🙂🌸
@anjanathathsarani5634 ❤❤❤
@@moon.1111. 🌹❤
❤❤
@@Glaze-wo8pu ❤️❤️❤️
නුඹ හැර ගිය දිනයේම
මෙය අසන්නට ලැබීම
දෛවයේ සරදමකි.
දුන් හැම මතකයකටම තුති.
😢
ළමැදෙ උණුහුම් - සෙමෙන් තුරුලුව
නෙතට රසදුන් - නුඹව දැක දැක
සිහින් ස්වරයෙන් - සුසුම් අසනට
මටත් ඉන්නට තිබුණා නුඹ ළඟ ...
ඉවරයක් නැතී - සිහින මව මව
නුඹගෙ කෙළිලොල් - සිනා බල බල
ගතෙහි උණුහුම් - සුවය විද විද
මටත් ඉන්නට තිබුණා නුඹ ළඟ ...
දෙතොල කුලුදුල් - පහස විද විද
සිතක උණුහුම් - හැගුම් පොදි බැද
හීන අහුරක - පැතුම් පුරනට
මටත් ඉන්නට තිබුණා නුඹ ළඟ ...
මටත් ඉන්නට තිබුණා නුඹ ළඟ ...
🤍🥺
තව ලියන්න ❤
අහිමි වීම අදුරුය,
එහෙත් යලි හමු වීමේ බලාපොරොත්තුව සොදුරුය,
එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤️
Aney aney api oka ahala thiyanawa
❤
♥️
❤️
Anuka ayye uba neti thenak na
මේ සින්දුවේ කෑල්ලක් tiktok එකෙන් අහලා සින්දුවේ වචන කීපයක් අහුලගෙන yt එකේ සර්ච් කරලා මේ සිංදුව හොයාගත්තා. මේ සින්දුව මුල්ම පාරට අහනකොට හිරිගඩු පිපිලා ඇස්වල කදුලු! කියන්න වචන නෑ. මාරම ලස්සනයි සින්දුව!
Same here
ඔව් හොදේ මමත් මේ දැන් ඒකම තමයි සහෝදරයා කරේ
තවත් කෙනෙක් අහයි කියලා ගොඩක් ඉරිසියයි.ඒ තරම් මගේ වෙලා වගේ දැනෙනවා.❤❤❤
true 😌
😐♥️
මටනම් ඉරිසියා නැ
❤️❤️
අම්මාපා පුතේ ඇත්ත කතාව ගොඩක් ඉරිසියා හිතෙනවා ..ලොබයි ...
මගෙ හදවත විලාප දෙනව.ඇයි මං මේකට ඇබ්බැහි වෙන්න පරක්කු උනේ.නිතරම මිමිනෙනව " නුඹට ඉන්නට තිබුනා මා ලඟ " මගෙනුත් පදයක් දාලා " මටත් ඉන්නට තිබුනානම් නුඹ ලඟ ". තනිකරම ඒකපාර්ශ්විකයි
නුබට ඉන්නට තිබුනා මා ලග....හැමෝම යන්න ඇති හිතෙන් ඒ කෙනා ලගට...❤❤
😢
සිංදුවක් එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙනවා.මේකේ මුල්ම ටික අහද්දි දැනෙන්නේ මගේ අම්මව.අත් දෙකේ එල්ලිලා ඉවරයක් නැතුව කියව කියව යන්න ඔයාට තව ඉන්න තිබ්බේ අම්මේ මං ගාව .එයා පිළිකාවක් හැදිලා මාව දාලා ගිහිල්ලා අවුරුද්දක්.මුල් පද ටික අහනකොට අම්මව මතක් වෙන හේතුව හිතාගන්න බෑ.ඇස් දෙක රතු වෙනවා හැමදාම
දෑත් පටලන් ඇවිද යන්නට ආසයි අම්මේ ඔයා එක්ක ආයෙමත් 💔😥
😢😢😢
Mge husband ge ammth eyawa dala giya cancer ekkin.den auruddak wenawa.e dennth hugk adaren hitiye.weding ekt kalinm eya giya.
Adoo 😔💔
😓💔
🥺
E A D E
බිමට නැමි ඉති - ඉද්ද මල් මැද
E A D E
ඉවරයක් නැතී - කතා කිය කිය
F#m A B
දෑත් පටලන් ඇවිද යන්නට
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
E A D E
නුඹට මා ලියූ - කවිත් එක දෙක
E A D E
මියුරු ස්වරයකින් - ගයන මා දැක
F#m A B
සතුට නිම් හිම් නැතිව විදිනට
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
E A D E
සිහින් සීතල - ගත වෙලෙන විට
E A D E
උරහිසේ හිස - හොවා හෙමිහිට
F#m A B
සුසුම් අහුරක සුවය විදිනට
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
E A D E
රැයේ සීතලේ - ගුලිව තුරුලට
E A D E
සැලුනු මල් කෙමී - සුවය විඳ විඳ
F#m A B
දෙතොල් පහසක රසය විදිනට
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
A B E
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
Nice work Dude❤
😻💖
thanks brother
Keep it up bro
💚
ඉවරයක් නැතිව කතා කියන්න නුබ නැති උනත්,
උබට මා ලිවු කවි,
ආයි මගේ හඩින් අහන්න බැරි උනත්,
දැත් පටලන් ඇවිදින්න අපිට බැරි උනත්,
නුබට මා ලග ඉන්නට බැරි උනත්,
මම තවමත් නුබට ආදරේ
කිසි අඩුවක් නැතිව කරමි.❤️🩹
Great work brother 🖤
Reply song for this song...
"ඉද්ද මල් වැටි පාර මැද අද
අතීතෙක බැඳි මතක මල් ඇත
දෑත් පටලන් ඈත යන්නට
නුඹ කියන්නට තිබුණා පෙර මට...
ලිව්ව කවියක පද පෙලක මම
රැඳී උන් බව නොමදැනුන සඳ
ගයන පදයක සතුට මම බව
නුඹ කියන්නට තිබුණා පෙර මට...
සීත මීදුම වෙලන විට ගත
මගේ සුසුමක සුව ඇවැසි බව
සීතේ උණුසුම මමම වන බව
නුඹ කියන්නට තිබුණා පෙර මට...
අඳුර කපනා සඳ අහස් ගැබ
නැගී එද්දී සෙමෙන් රෑ කල
තුරුල් කර සිප සනසවන බව
නුඹ කියන්නට තිබුණා පෙර මට..."
ඒක පට්ට 😍😍👌👌
@@Thiran-2264 Thank you very much 🥰
Meka oya liyapu ekakda
@@sadalisadali553 ඔව් මම ලිව්ව එකක් 😃😃
@@kanchana1131 reply song eka widihata release karanna darling
lassanai eka
කැම්පස් එක research , thesis, assignments කරද්දී stress නිවාගන්න මේක අහන මම❤️🥺
හෙට semester exams ඒ stress එක නිවාගන්න අහන මම 😊❤
මේ සින්දුව අහන්න මේ තරම් පරක්කු උනේ ඇයි කියලමයි හිතෙන්නේ.. ඒකට හරියන්න එක දිගට අහනවා අහනවා ඉවරයක් නෑ ❤ මේ කටහඬක් නෙමෙයි භාවනාවක්..වචන වලට පණ දෙන්න පුලුවන් මොකක්දෝ මන්දා ආත්මයක් තියෙන කටහඬක් 🥰 සින්දුව ලියපු කෙනත් ආයේ නෑ ලියලා තියෙනවා දැනෙන්නම 🥰
ඔව් සින්දුව ලියපු කෙනානම් superb තමා❤
මේක තමා එයාගේ ආසම සිංදුව. එයා ගිහිං දැනට අවුරුද්දක් වගේ කාලයක්. වෙලාවකට පරණ අතීතෙට ආසා හිතුනම එයා කැමති සිංදු ඔක්කම මම එක දිඟට අහනවා. දැන් නම් එයා වෙන කෙනෙක් එක්ක හොදින් ඇති. එයා හොදින් නම් ඒ ඇති. ❤
චාමරලා ඔක්කොම එකයි.. 😍❤️
😂
@@erandiSilva-kh5kobf මතක් වුනාද 😂
රෑට අහන්න හොද නැති සින්දු 🥺❤️.. කියන්න වචන නෑ නියමයි 💯🔥
මේ ගීතය ඇතුලෙ මං ජීවත් වෙනවා 😢 ජීවිත කාලයක්ම මේ ගීතය අහං ඉන්න තරම් හදවත ස්පර්ශ කරන්න තරම් ශ්‍රේශ්ටයි 🎉❤
අද අහම්බෙන් හම්බුනේ..
කොහේද තිබුනේ මේ ලස්සන පද ❤❤❤❤❤❤
ආදරේ❤
හිතේ ඇඳුනු
ඒ රූපේ
හිතින් මවාගෙන
සීතල කළුවරේ
ඇස් වහගෙන
අහද්දි
මේ සිංදුව කියන්නේ තනිකරම ඇබ්බැහිවීමක් 🖤
භාවනාවක් ❤️❤️😌
යාගොඩ station එකේ ඉදන් කැලනියට යනකන් කීපාරක් අහනවද හැමදාම ❤️🩹🤕.. addicted ❤️🩹🙏
නොසිටිය නිසයි මෙතරම් දුක....
හීනයක් අතීතය......
නොසිටිය නිසයි මෙතරම් දුක...
සැලෙන සිත ළග.....
හීනයක් අතීතය....
ඇසුනු මෙ කවි පෙළ....
ඇසට කදුලක් ගෙන ආවෙ නම් මගෙ විතරද...
හ්ම්........
හම්බුන පළවෙනි දවසේ ඉදන් හැම මතකයක්ම මතක් වෙන තරමටම මට ඔයා නැතුව පාළුයි දරුවෝ ❤️🩹🍓 ඉන්න තැනක සතුටෙන් හැමදාම ඉන්න....මං ආදරෙයි....
තනිකරම භාවනාවක්. බිදිලා තියෙන හදවත් වලට beat එකකින්වත් ගැස්සෙන්න නොදී හිමිහිට ඒ හදවත් සනසනවා. එහෙම අය කොහොමද නිකන් ම artist කෙනෙක් වෙන්නේ. මම අහන්නේ එයාලා හිත නිවන මැජික් කාරයෝ නෙවේද.....🖤
ආදරයේ මුලකුරු මට කියා දුන් ඔබට අනේකවාරයක් පින් පෙත් පමුණුවමි.නුඹ ව අහිමි කරගත් වියෝ වේදනාවෙන් තෙවසරක් ගත උන තැන ද මෙවන් සඣ්ඣායනා අසද්දී නුඹව සිහියට නැගෙන බව ලියා තබමි... ❤️
♥️🙏
බොහෝ තනිකමින් පිරි රාත්‍රීන් වල ඔබගේ ස්වර මා අසලින් රැඳුනි ස්තූතියි...❤
2024 anyone❤🥺
රැයේ සීතලේ.. ගුලිව තුරුලට...
සැලුනු මල් කෙමී.. සුවය විද විද...
දෙතොල් පහසක රසය විදිනට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
හිතට බර වැඩී...
පෑරෙන හැඟුම් විඳ..
කඳුලු බිඳු වැටී
සේදෙන පාට ගෙන ...
හිතට රිද්දා සතුටු වන්නට..
නුඹට ඉන්නට තිබුනා.... මා ළඟ
❤️
❤️
❤
❤️
💚
තනියම මාහ රැට අහන්න ඔන
සිංදු තමයි මෙවා ඇගෙ
හිරිගඩු පිපෙනව.
👍👍👍💖💖💖👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩
අයියේ මොකක්ද මේ නිර්මාණ තනිකරම වෙනම ලෝකයක් වෙනමම රහක්. ඔයාගෙම concert එකක අපි හමුවෙමු. කියන්න වචන නෑ සහෝදරයා... absolutely wonderful 😍
අනේ ඔව් ඔයා හරි මේ සින්දු අහනකොට නිකන් හැම දේම නැවතුනා වගෙ හරි අමුතු හැගිමක් හිතට දැනෙනවා...❤️❤️❤️
Concert krnwda?
@@DMDKDissanayake ow ane marama feel ekak thiyenne
බිමට නැමි ඉති.. ඉද්ද මල් මැද
ඉවරයක් නැතී.. කතා කිය කිය
දෑත් පටලන්.. ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග...
නුඹට මා ලියූ.. කවිත් එක දෙක
මියුරු ස්වරයකින්.. ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග..
සිහින් සීතල.. ගත වෙලෙන විට
උරහිසේ හිස.. හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග...
රැයේ සීතලේ.. ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී.. සුවය විද විද
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග...
ඔව් නුබට ඉන්න තිබුනා මා ලග..මේ ගෙවෙන තත්පරයෙත් එහෙනම් නෑ මේ තරම් වේදනාවක්..ආදරෙයි ගොඩක්..එදත් අදත්..හැමදාම...එක වගේ...ඔයා එනකම් බලන් ඉන්නවා ...Dasun❤Madhavi
වැටී උන් පිච්ච මල් ලං කර
බිමම සරසා ප්‍රේමයම තවරන්න
තනියම මොකට සුවද නැති කොට
නුබට ඉන්නට තිබුනා මා ළග
හ්ම්ම්.... මේ සිංදුව අහන ගමන් කමෙන්ට් බලද්දි අමුතුම දුකක් දැනෙනවා. ❤❤
සිංදුවට ගැලපෙන අත්දෑකිම තියන මම 😥❤
සිතින් දැවි දැවි
මා මියෙන විට
සියුම් වදනින්
මා සිහිල් කොට
සෙමින් යා කරමින්
මුවට මුව
නුඹට ඉන්නට
තිබුනා මා ළඟ..
සොඳුරු මදහස
පිරි ඔබේ මුව
මගේ දිවියට
අහිමි ඔය රුව
මතක සැමරුම්
හද දවන විට
ඇහෙන් ගලා හැලුනා
කඳුලු බිම..
නුඹට මා ලියූ.. කවිත් එක දෙක...
මියුරු ස්වරයකින්.. ගයන මා දැක...
සතුට නිම් හිම් නැතිව විදිනට...
නුඹට ඉන්නට තිබුනා මා ලග...
මේ සිංදුව සම්පුර්ණයෙන් අහන්න ඇයි මේ තරම් පරක්කු වුනේ කියලා හිතෙනවා🥺❤
දුක් වෙනව මෙච්චර පරක්කු වීම පිලිබදව මේ ගීතයට සවන් දීමට..
ආත්මීය බැදීමක් ඒක..🥺🥺🥺💓💓සින්දුවක් නෙවේ මේකනම්..❤❤🥺
Everytime when singer says "නුබට ඉන්නට තිබුනා මා ළඟ". It feels every dimensions 🥺❤️
මම තාමත් පසුතැවෙනවා මෙතරම් ප්‍රමාද වී මෙය ඇසීම සම්බන්දව 🥺🌸
කාලයක් හිතේ උඩින්ම තිබ්බ ගියක්...❤❤❤
🖤
e feeling ek gena kiynn wachn ne sahodaraya🥺❤️
🤤🤤🤤🥺🥰
ඇඬෙනවා 🥺😣🖤
ලස්සනයි නේද
@@kusalprageeth8150Ow machan 🥺❤
ඉතිම් ආදරණිය ටියුලිප් මල....
නුඹ නොමැති මෙ සමයන්
වැරෙන් අල්ලා ගෙන
යාමට මා වෙහසෙමි
නමුදු විඩාබර කඳුලු
කැට ඇස් අඟින්
වැටෙයි මතකයන් බිඳ
💜️
මේවා සිංදුද... මේවා සිංදු නෙමෙයි...මේවා ජීවිතය..!!! ❤👼👌
ඔයාගේ කටහඬ මනුස්සයෙක්ව නිවන්නට ලැබුනු අශිර්වාදයක් ❤
ඔව්..නුඹට ඉන්නට තිබුනා මා ලග...
ඔයගේ මතකයන් එක්ක,
ඔය මට ලෝබයි කියලා අහන්න එවපු මේ සිංදුව.(සැත්තැම්බර් 5)
අද මාව මැරෙන්න නොදි ජිවත් කරවනවා.
ජනිත් දසනායක..🥥🖤
හිතුවේ නෑ කවදාවකවත් හැමදේම මේ වගේ හීනයක් වෙයි කියලා...😢❤
නුබ මා හැර ගොසින් හෝරාවක් ගත වී නොමැත.නමුදු ඔබ මා මතකයෙන් අමතක වන්නේ මා මියෙන දිනයේදිය ❤
හරිම ලස්සනයි ❤පුදුම ලස්සන කටහඩක්......මං ආසම ගායකයා කියලා කෙනෙක් මීට කලින් ඉදලා නෑ.....ඒත් දේදුන්නේ පාට පාටින්....සිංදුවේ cover එක අහලා ඒක ගායනා කරපු ගායකයා නම බලලා මේ හොයන් ආවේ කවුද මෙච්චර ලස්සනට සිංදු කියන්නේ බලන්න...ඇත්තමයි පුදුම තරම් ලස්සනයි....❤❤🥰🥰 ආසම ගායෙකුත් හම්බ වුණා.......❤
වචනයි හඩයි මියුසික් එකයි තනිකරම පිස්සුවක් ❤️🌼
නුඹට ඉන්නට තිබුනා මා ලග🥺
Woow..❤ හරිම ලස්සනයි.. Voice එක හරිම මිහිරියි..සංවේදියි..පදවැල.. තනුව.. හැමදේම ඇත්තටම ලස්සනයි.. මාත් ඇබ්බැහිවෙලා මේ සින්දුවට ❤️❤️❤️🌹🌹🌹🌹🌹
බලන්න බෑ හිතට බර වැඩී මේ පද... අහන්න බෑ හිතට බර වැඩී මේ හඬ...
මේවා වචනවත් හඬවල් වත් නෙවෙයි... මේ අධිමාත්‍රා ඖෂධ 🥺🥀
නුවර වැස්සේ රෑ මැදියමේ මේක අහනකොට❤️❤️❤️❤️
බිමට නැමි තිබු..
ඉද්ද මල් මැද.....
ඉවරයක් නැති කතා කිය කිය..
දැත් පටලන් ඇවිද යන්නට..
නුබට ඉන්නට තිබුනා මා ළග..
😣❤️
අහපු විඳපු ගීත ගොඩක් අස්සෙ අහම්බෙන් play වුණ සින්දුවක්. ඇයි මෙච්චර පරක්කු වුණේ..
ආපස්සට ආපස්සට බැලුවාම ජීවිතේට ළඟම සින්දුව මේකදෝ කියලා හිතුණා. ඒක හරියට හදවත පසාරු කරගෙන ඊතලයක් ගිහින් ඒ සිදුර මැදින් හීතල සුළඟක් හමලා ඒ වේදනාව නැති කරන්න හදනවා වගේ අමුතු හැඟීමක්. ලියූ කවි පද, ගැයූගී පද, ඇස් කොණින් කියූ කතා, ගෙවුණ ගෙවුණ තප්පරයක් පාසා එකතු වුණ ලස්සන ලස්සන මතක ගොන්නක් ආය ආයම මතක් කරන කියාගන්න බැරි අමුතු හැඟීමක්. නොපෙන්වුවත්, නොකීවත් ගොඩක් දෙනෙක් විඳින හැඟීමක්. වේදනාවක් වුණත් ආදරෙන් විඳින හැඟීමක්.. 🥺♥️
"ඉවරයක් නැති කතා කිය කිය..
දැත් පටලන් ඇවිද යන්නට..
නුඹට ඉන්නට තිබුණා මා ළඟ.." 🍃
හිත හරිම බර මේ මැදියම් රාත්‍රීයේ මට අහම්බෙන් හම්බුන ලස්සන සිංදුවක්......බොහෝම ස්තූතියි මේ වැනි නිර්මාණයක් දායද කල ඔබට...
සිහින් සීතල ගත වෙලෙන විට
උරහිසේ හිස හොවා හිමිට....
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග.....❤️
බිමට නැමි ඉති ඉද්ද මල් මැද
ඉවරයක් නැතී කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග 😔
සුභ අනාගතයක්...............
අනාගත අපේක්ෂාව..........
කරච්චල් සංගීතයට ........
සංවර සංගීතයක් ......
ජීවිත කාලයටම අමතක වෙන්නේ නැති පද පේලියක්..
"නුබට ඉන්නට තිබුනා මා ලග.."
මේකත් එක්තරා භාවනාවක්..❤️😇හෙමින් හෙමින් උඩට එයි,දවසක් එනවා මිනිස්සු හෝ ගාල හොයාගෙන එන...
අනේ දෙවියනේ මෙය අහනකොට දරාගන්න බැහැ ඇස්වල කදුළු කඩා හැලෙන්නේ මටත් නොකියම ❤️
සින්දුවක්, සම්පූර්ණයෙන්ම විවෘත වෙලා දුක බෙදාගන්න පුළුවන්, මට වගේම දැනෙන යාළුවෙක් ළඟ ඉන්නවා වගේ තරම් හැඟීමක් අරන් එනවා නම්..., මේ තමයි ඒ සින්දුව..!
මං අවුරුද්දක් විතර තිස්සේ තාම එක දිගට අහන, ගෙවා ගන්න අමාරු දවස්වල රෑට දිගම දිග තත්ත්පර ගෙවා ගන්න උදව් කරන, කවදාවත් එපාවෙන්නැති සිංදුව..!
හැමදේම එපා වෙලා වගේ දැනෙන, කාටවත් කියාගන්න බැරි තරම් කඩාගෙන වැටෙන තැන් වල පැත්තකට වෙලා ඇස් පියාගෙන දෙතුන් සැරයක් අහන සින්දුව..!
මේක ඇතුලේ මොකක්දෝ හැඟීමක් තියෙනවා.. පරණ හොද වෙච්ච නැති තුවාලයක් පෑරෙන වේදනාවයි, ආදරණීය උණුහුමකුයි එකට කලවම් වෙච්ච මොකක්දෝ හැඟීමක් ඒක..! ඒ හැඟීම මාව පාරව පාරව නිවලත් දානවා..!
මේ ලියන මොහොතෙත්, මං දරා ගන්න බැරි ස්ට්‍රෙස් එකක ඉදලා එළියට එනවා.. රෑ පුරාම මේ සිංදුව අහන් ඉදලා..!
03.33 a.m. - my best painkiller 🥺❤️
Parawala niwanawa...aththa...
හිමිවේවා,හමුවේවා,අහිමි නොවේවා!.ප්‍රේමය...දුන් හැම මතකයකටම තුති..🥀✨IM
ඔව් නුඹට ඉන්න තිබුණා ..
එහෙනම් ගෙවන තප්පර වේදනාවක් නොවන්න තිබුණා
එළිවෙන දවසටත් මා වෛර නොකරන්නට තිබුණා .... 🐯❤️
සුන්දර නිර්මාණයක් ❤️
සත්තකින්ම ❤️❤️හිරු එලිය දැකීමත් ඔබ නැතුව කරදරයක් 😥😥
😖
ජිවත් වීමම වේදනාවක් නොවෙන්න තිබ්බා නුඹ හිටියානම් 💔
සියල්ල අත්හළ මනසකින් මේ වගේ ශබ්ද රූපයක විඳීම ලබන අත්දැකීම.... හැමෝටම ලබන්න බෑ සහෝ.... 🙃
💙💙💙💙
මේ තරම් ඉවසීමෙන් සංගීත සංයෝජනය කරන්නත් ගායනය කරන්නත් සංගීතය පිලිබඳ දැනුමට වඩා එහා ගිය සංගීත අවබෝධයක් තිබිය යුතුයි..... ජයවේවා මල්ලි ❤️❤️❤️
ආදර ජීවන අත්දැකීම් ඇතුලේ වෙන වෙනම ලෝක වල දිවෙන අපුරු මිනිත්තු කිහිපයක් ✌️💙❤️🔥🍀
වෙනම ලෝකයක් 😍✨
මේක අහල දුක් වෙන්නෙ ඇයි කියල කල්පනා කරන තාම ලව් එකක් තිබිලවත් නැති මම 😂❤. ඇත්තටම මේක ඇබ්බැහියක් ❤❤🩹🩹
ඇබ්බැහි වන සුළුය😇
කටහඬ,,තනුව,, වචන🌟
තනිකරම රස ගුලාවක්❤
තවත් හිත නිවෙන නිර්මාණ අරන් එන්න!
සුබපැතුම්✨️
Playlist එකේ උඩම, හදවතේ යටම තියෙන සින්දුවක්...🔥👼💆💆
ෆොටෝ එකකින්වත් තාම දැකලා නෑ...ඒත් කටහඩින් හොදට අදුරනවා.මාරම ලස්සනයි අයියා ❤️
දක්ෂ වාදන ශිල්පියෙක්.. නමුත් රහසේ වැඩ කරන කෙනෙක්..❤
ජීවිතේ පුදුමාකාර අහම්බයකින් හමු උණු ප්‍රේමණීයයන් වෙනුවෙන් ලියැවුනු විප්රලම්බීය සියුම් කම්පනයක්. පපුවෙ එක තැනක නොනැවතී වේගයෙන් ගැහෙන රිදුමක් හදන ප්ර්රේමණීයම ගීතයක්..චාමර ඔබට ඒ වෙනුවෙන් මගේ ප්‍රේමණීයම ස්තූතිය.❤
ලාංකීය ප්‍රේක්ෂකයා වෙනුවෙන් උපරිම රසව්න්දනයක් ගෙන ඒම වෙනුවෙන් ඔබට හදපිරි ස්තූතිය ..🙏🙏❤
Ammo meka ❤️❤️❤️ Kudu gahana ekekta meka ahanna dunnoth, U kudu gahana eka nawattala meka aha aha idie.
අපේම අත්දැකීම් වචන වලට පෙරලල වගේ. 🥺🥺❤️❤️❤️ පුදුම විදිහට හදවතට කතා කරන පද.. ඒ වගේම ගැලපෙන කටහඬක්. මේ වගේ ලස්සන නිර්මාණ තවත් කරන්න ලැබේවා..🙏🙏🙏
හදෙහි පිරි ඇති සෙනෙහෙ විද විද
අහිංසක නුඹෙ මුව පොඩිත්තට
හාදු වැස්සක් දිදී ඉන්නට
මටත් ඉන්නට තිබුනා... නුඹ ළග
මටම නුඹ ලියු කවි සිංදු පද
ගයන නුඹගේ ළගින් හිදගෙන
දෑස් කදුළින් බරව හෙමිහිට
මටත් ඉන්නට තිබුනා... නුඹ ළග
කොටු පවුරෙ ගල් බැම්ම උඩ හිද
මුහුදු සුළගේ සුවය විද විද
නුඹේ දෑතේ පැටලි ඉන්නට
මටත් ඉන්නට තිබුනා... නුඹ ළග
රැයේ සීතල බව දැනෙනවිට
හෙමින් ලංවී නුඹේ පපුවට
නුඹේ තුරුලේ ගුලිව ඉන්නට
මටත් ඉන්නට තිබුනා... නුඹ ළග
මේ සිංදුව අහන ගානෙ ඇඩෙනව..ඒ වචන ඔයාගෙ වොයිස් එක භාවනාවක් වගේ ♥️ හිත රිදි රිදී ආයෙම නිවෙනවා..මට වචන නෑ ඒ ෆීලින් එක ගැන කියන්න..ජීවිතේ මම අහපු ලස්සනම ගීතය මේක..තව තවත් ඉදිරියට මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා❤️😍
පොඩි වැස්සක් එක්ක වටේටම අදුරු වෙලා.. පොඩි අකුනුත් ගහනවා... කාමරේ ජනේලෙ අයිනට වෙලා.කැලයක් දිහා බලාගෙන මේ සිංදුව ඇහුවනම් 🥺❤️
සීතල බියර් කෑන් එකක් එක්කෝ වයින් වීදුරුවක් ඒත් නැත්නම් කෝපි කෝප්පයක් හරි කමක් නෑ අතේ තියාගෙන 💜️💐
තනිකරම කලාගාරයක් ❤️🩹
සිංදු තියෙනවා ඇහුවෙ නැතුව හිටියනන් හොදයි කියල හිතෙන.....
රිද්ද ගන්න ඕනෙ නන් අහන්න
❤️❤️❤️❤️❤️❤️❤️
නුඹට මා ලියූ කවිත් එක දෙක
පුස් කකා හිනැහේය අද මට
මගේ තනියට වාරු දෙන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග...
පුස් කන්න පෙර මගේ කවි පොත
කියව කියවා රස විදින්නට
එහි අරුත් පහදවා දෙන්නට
මටත් ඉන්නට තිබුනා නුඹ ලග...
හිමි වෙලත් අහිමිව හිදින ඔබ
තනි නොකර මා නුඹ අවැසි කල
ජීවිතේ කර්කශම යුගයක
අපට ඉන්නට තිබුනා අපි ලග....❤
සිය වතාවකට වැඩිය අහන්න ඇති. ඒත් තාමත් මුල් පද හතරෙන් එහාට නොඅඬා අහන්න බෑ 😪💕
මාරම feeling ekak enne ahaddi.ඇත්තටම මට දැනුනේ ආදරේ ලග දැනෙන විරහ වේදනාවෙදී ගැහැණිය හා පිරිමියා හට ඒ විරහ මොහොතේ විදින්න තිබුන ආදරය එකිනෙකා හට ඒ මොහොත ගත කරන්න හොදම විදිහ හැටියට.❤️😍
ටික්ටොක් එකකින් මේ සිංදුව මුලින් ඇහුනේ..අවුරුද්දකට විතර කලින්....එදාම හොයලා සම්පූර්ණයෙන් ඇහුවා❤️ අදටත් ඒ සිංදුවට තියෙන ආසාව අඩු වෙලා නෑ
පිස්සුවක්💝🎼✨
වචන වලට මේච්චරටම පන දෙන්න පුලුවන්ද? පුදුම තරම් රස නිරිමාණයක් ♥️
හද නිවන පද,එයට ගැලපෙනම හඬ , සියුම් රිදවිල්ලකුත් එක්කම ගලායන .සංගිතය ,තනුව .මිහිරිමයි .විරහවක් වුවත් තඳින් සැම හිත් බැඳෙන. අපූරුයි ඒගීතය .නුඹට ඉන්නට තිබුනා මාළඟ 🌹❤
නොදැනීම.. නොදැනෙන්නට.. හිතේ අගුලූ ලූ තැන් පිරිමදින අපූරුව... 💜️
ඈතකට ගේනිච්චා......අති විශිශ්ට නිර්මානයක්
ඇස් කදුලින් තෙත් කරන...
පපුව මැද්දට සියුම් වේදනාවක් ගෙන එන .....
එයාගෙ ඇස් නැවත නැවතත් මතක් කරන ...
මේ සිංදුව 🥺❤️🙏
වශීයක් 💓🙏
දෑත් පටලන් ඇව්ද යන්නට නුඹට ඉන්නට තිබුනා මා ළග... ❤
මොකක්ද මේ කටහඩ ❤️🥺 ඇබ්බැහි උනා 🥺 ගැමි කටහඩක් ලස්සන නිර්මාණයක් ❤️🥺
මන් දන්නෙ නෑ.මේවා සින්දු වලටත් වඩා හැගීම් 🖤🥺 අවුරුදු දෙකකට පස්සෙත් මගේ ෆේවරිට්ම ගොඩෙ තියෙන එක සිංදුවක් මේ❤
ඒ වොයිස් එක ❤
කොච්චර හිතුවත් අන්තිමට හිත නවතින තැන.
"නුඹට ඉන්නට තිබුණා මා ලග"