Nakshatra | රාහුට අයට නැකැත් ගැන ඉගෙන ගමු | අද, සා, සියාවස

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • #astrology #trending #horoscope
    රාහුට අයත් නැකැත් - අද, සා, සියාවස
    නැකැත් පන්තියේ 6 වැනි නැකැත වන “අද” නැකැත මැණික් ගලක ස්වරූපයක් ගනී. මෙය මිථුන රාශියේ අංශක 6, 40 සිට 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රය තුළ මෙම නැකැතේ සිටින සියලුම ග්‍රහයෝ නැකැත් අධිපති වන රාහුගේ පාලනයට මෙන්ම රාශි අධිපතියා වන බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි. අද නැකැතට හිමි ශරීර අවයව ලෙස උරහිස, අත් මෙන්ම බෙල්ලද සඳහන් කළ හැකිය.අද නැකැත රාහුට අයත් නැකැතක් බැවින් දශා කාලය වසර 18කි. අද නැකැත් හිමියාට හිමි පොදු පලාපල පහත පරිදි වුවද අදාළ ජන්මියාගේ ජන්ම පත්‍රය තුළ බුධ ග්‍රහයාගේ බල දුබලතාව මත එම පලාපල ප්‍රතිඵලදීම අඩු වැඩි වන බවද තරයේ මතක තබාගත යුතුය.
    නැකැත් පන්තියේ 15 වැනි නැකැත වන සා නැකැතද රාහු නම් ඡායා ග්‍රහයාට අයත් වෙයි. පබළු ඇටයක ස්වරූපයෙන් යුත් මෙම නැකැත සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරන තුලා රාශියේ අංශක 6, 40 සිට අංශක 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. මෙම නැකැතේ සිටින සියලුම ග්‍රහයන් නැකැත් අධිපති වන රාහු ග්‍රහයාගේ සහ රාශි අධිපති වන සිකුරු ග්‍රහයාගේ පාලනයට නතු වෙයි. මෙම නැකැතට ශරීර අවයව ගණනාවක් හිමි වෙයි. ඒ අතර වකුගඩු, මුත්‍රා මාර්ගය, මුත්‍රාශය ආදිය ප්‍රධානයි.
    “සා” නැකැතින් උපන් පුද්ගලයාගේ පොදු පලාපල සැලකීමේදී මොවුන් නිතර සතුටින් සිටීමට ප්‍රිය කරන, රාජ්‍ය ගෞරව සම්මාන ලබන ජනප්‍රිය වන චරිතයකි. නමුත් මොවුන් විරුද්ධ ලිංගිකයන්ට ළොල් වෙයි. දෙවියන්, බුදුන් විශ්වාස කරන මොවුන් යුක්තිගරුක, නිතර ප්‍රිය වචන කතා කරන, දැනුම් සම්භාරයකින් යුත්, වාණිජ කටයුතුවලට දක්‍ෂ, උගත්කමින් යුත්, වේදයෙහි දක්‍ෂ අයෙකි. මොවුන්ගේ විශේෂත්වය වනුයේ රාජකාරිය දේවකාරිය සේ සැලකීමයි. නමුත් මෙම පලාපල ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයාගේ බල දුබලතාව මත අඩු වැඩි වන බවද සිත තබාගත යුතුයි.
    රාහුට හිමි අවසාන නැකැත වන “සියාවස” නැකැත ගැන අවධානය යොමු කරමු. “සියාවස” නැකැත නැකැත් පන්තියේ 24 වැනි නැකැතයි. වටයක් බඳු ස්වරූපයකින් යුක්තය. මෙම නැකැත ශනි ග්‍රහයා අධිපතීත්වය දරන කුම්භ රාශියේ අංශක 6, 40 සිට අංශක 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රයේ සියාවස නැකැතේ සිටින ග්‍රහයන්, නැකැත් අධිපති වන රාහුගේ මෙන්ම රාශි අධිපති වන ශනිගේ පාලනයට යටත් වෙයි. මෙම නැකැතට අයත් ශරීර අවයව වනුයේ බත්කෙණ්ඩ, වලළුකර හා නාභියයි.
    ----------------------------------------------
    Related Videos:
    • Unveiling the secrets ...
    • Astrology for beginner...
    • Astrology and Human be...
    • Identifying auspicious...
    -------------------------------------------------------------------
    Follow :
    Facebook - / kedtastrology
    Contact :
    ☎️ 0774 818 653
    Kosala Edirisinghe
    KEDT Astrology Research Institute & Consulting Firm
    No.19/1/1
    Navinna Road,
    Kahaduwawatta,
    Galle.
    👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
    #astrology #lagnapalapala2024 #trending #astrologyforecast

Комментарии •