රේස්ටුරන්ට් රසට ගෙදරදීම චයිනීස් බත් එකක් හදා ගමු | Seafood Rice | Spicy Chilly Mix Rice 🥢🦑🦐🦀🐙
HTML-код
- Опубликовано: 7 ноя 2024
- අද මම ඔයාලට අරගෙන ආවේ චයිනීස් රේස්ටුරන්ට් ඒකටත් වඩා රසට ගෙදරදීම හදාගන්න පුලුවන් චයිනීස් රයිස් රෙසෆි එකක්. මේක හදා ගන්න ගොඩක් ලේසි කියන්න බැහැ මොකද මේකට ඕන කරන අමුද්‍රව්‍ය ප්‍රාමාණය ටිකක් වැඩි හැබැයි මම මේ පෙන්නලා තියන විදියට දේවල් දාලා හදාගත්තෝත් ඔයාලට පුළුවන් මේක ගොඩක් රසට හදා ගන්න. ඒ වගේම තමයි මේකට මම පාවිච්චි කරලා තියන මස් මාළු වර්ග ඔයාලගේ කැමැත්ත අකමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මස් මාළු වර්ග ගොඩක් කන්න කැමති කෙනෙක් නම් මේ රයිස් ඒක ඔයාටම තමයි හරියන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
සූදූරූ සම්බා හෝ බාස්මති බත් 500g
බීෆ් 100 g
චිකන් 100 g
ඉස්සෝ 100 g
ඔක්ටපස් 100 g ( කුඩා බූවල්ලන් )
සෝසේජස් 50 g
බිත්තර 2
වෙලිච්ච මිරිස් කරල් 5
ලොකූ ළූණු ගෙඩි 1
කැරට් 100 g
ලීක්ස් 50 g
මිරිස් කුඩු තේ හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 3
ගාර්ලික් පේස්ට් තේ හැඳි 1
චීලි සෝස් තේ හැඳි 1
හොට් සෝස් තේ හැඳි 1
ඔයිස්ටර් සෝස් තේ හැඳි 1
සීනි තේ හැඳි 1/2
රස අනුව ලුණු සහ ගම්මිරිස්
#chinesefood #chinese #rice