නටපන් නයිහාමී / නා කොල අන්දම් / මහ කැලයක බෙනයක ඉහලම කුලයක / නයියඩි වන්නම
HTML-код
- Опубликовано: 2 ноя 2024
- නයි ජනවහර ගැන එකතුව මේ ලින්කුවෙන් කියවන්න පුළුවන්
1drv.ms/w/s!Ar...
1. නටපන් නයිහාමී
නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී
පුප්පා පෙනේ හැඩ
පෙන්නා උඹේ වැඩ
නටපන් නයිහාමී //
උඹ
නටපන් නයිහාමී
පෙට්ටි පියන ටිකක් අරිනවා
උඹ ටික ටික එයින් ඇදෙනවා
නළාවෙ තාලයට නටනවා
පෙනේ කරන් එයට පිඹිනවා
පුෂ්ෂ්
දෂ්ඨ කළත් බයක් ඇත්තෙ නෑ
පොඩි බේතක් මේන් තියෙනවා (1.1)
නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී
උඹ උන්නේ හුඹහක් ඇතුළෙයි
මම ගත්තේ හුඟක් වෙහෙසිලයි
මෙල්ල කළෙත් දහ දුක් විඳලයි
දත් හැළුණත් නයා නයාමයි (1.2)
පුෂ්ෂ්
යන්න ගියත් යන්න දෙන්න බෑ
දරු පවුලක් උඹෙන් රැකෙනවා
නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී
පුප්පා පෙනේ හැඩ
පෙන්නා උඹේ වැඩ
නටපන් නයිහාමී
නටපන් නයිහාමී
උඹ
නටපන් නයිහාමී... ///
පද රචනය: සිරිල් ඒ. සීලවිමල
තනුව, සංගීතය, සහ ගායනය: සිසිර සේනාරත්න
නා කොල අන්දම්
නා කොල අන්දම් පෙන නොවටින්නේ
බෝ කොල අන්දම් පෙනය දියන්නේ (2.1)
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයන් නයි හාමී //
දරමිටි බඳිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී (2.2)
කැබිලිති අරගන ගැරඬි නටාවී (2.3)
පෙනය නැතිව අපි අසරණ වේවී
පෙනේ දියන් නයි හාමි //
නා කොල අන්දම්…
ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ (2.4)
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියන් නයි හාමි //
නාකොල අන්දම්…
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
තනුව, සංගීතය, සහ ගායන: ගුණදාස කපුගේ
මහ කැලයක බෙනයක
මහ කැලයක බෙනයක ඉහලම කුලයක නාග රාජයෙක් උන්නා
ඉඳ හිටලා උදයට සවසට ලස්සන තාලෙට පෙනේ කරන්නා
තඩි ගැරඬි පතයෙකුත් කොටයක හුඹහක ඒ ළඟපාතම උන්නා
පෙන ගොබයට හරියට ඉරිසියාවෙනුයි උන්දෑ කාලේ ගෙවන්නා
ගැරඬියා හවසට තෑගිත් අරගෙන නයා බලන්නට ආවා
මට පැයකට තමුසෙගෙ පෙනේ දෙනවදැයි යාප්පුවෙන් වගෙ ඇහුවා (3.1)
පෙනයක් ඔහේට මොකටද ඇත්තට නයා ගත් කටට ඇසුවා
මට මගෙ තරම පෙන්නන්නට ඕනැයි ගැරඬියා උත්තර දුන්නා
මහ කැලයක බෙනයක...
අනුන්ගෙ පෙනයක් අරගෙන පළඳා නයෙක් වෙන්න බෑ කිසිදා
නයි පෙනේ කරනකොට කැබිලිති වනලා පලක් වන්නෙ නෑ මතුදා (3.2/2.3)
පෙනෙයක් නැතිනම් පෙනේ තියෙන අය කරන කියන දේ බලලා
තම තමන්ගෙ තරමත් දැනගන් යාළූ නයා කීවා හිනැහීලා
මහ කැලයක බෙනයක...
පද රචනය: ප්‍රියානන්ද විජේසුන්දර 1983
තනුව සහ සංගීතය: සනත් නන්දසිරි
ගායනය: ෆ්‍රෙඩී සිල්වා
නෛ අඩි / නයියඩි වන්නම
ඉපිද එ බෝසත් නා ලොව වාරෙක
පැහැද රකිති සිල් නරලොව වනයෙක
බො වද දෙමින් අල්වා අහිකුණ්ඨික
පැසක ලමින් නටවා දුක් දී නෙක (4.1)
අන්දමකින් ඉඳ පෙණය නගායේ
සන්දම මෙන් දැහැඩින්/දැහැනින් වක ලායේ
රන්දම මෙන් ගත වටින් දිලීයේ
පන්දම ලෙස දණ දී නටවායේ
බෝ කොළ අන්දම් පෙණය නගායේ
නා කොළ අන්දම් පෙණ හකුළායේ
ලෝ තුළ රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරෙ සිට ආයේ (4.2)
දිගා සිරුර කොටසක් හකුලා මුඩි
නගා ගතය ලෙළවා කරමින් දැඩි
රඟා සිරින් පිඹිමින් නදයෙන් වැඩි
වහා අසන් මෙම වන්නම නයියඩි
ගායනය: චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
සංගීත අධ්‍යක්ෂණය: පියසාර ශිල්පාධිපති
බටනලාව: රංජිත් ප්‍රනාන්දු
බෙර: සුමතිපාල ශිල්පාධිපති
ශබ්ද පරිපාලනය: දයානන්ද පෙරේරා (ජනකලා)
පියසාර සහ කාන්ති ශිල්පාධිපති ගල්කිස්සේ කලාපුර ඉදිරිපත් කරන ලද නයියඩි වන්නම් රංගනයකින් පටිගත කර සිංග්ලංකා කැසට් පටයක ඇතුළත් කරන ලද හඬ පටයකි.
ඡායාරූප: දයාන් විතාරණ - Видеоклипы
හරිම ලස්සනයි. ස්තුතියි මෙහි පල කලාට.
"පක්ෂී නාදේ රෑත් ඇසේවී, හීන් හඬම දෙත් නයි" - ජෝන් ද සිල්වා 1904 රාමායණ නාටකය - වාල්මිකී 5th century BCE
මහත්මයා මෙයයි විය යුත්තෙ...හරිම අගෙයී...!!!