Siri Gauthama Bodhinwahanse Wadamakaraweema
HTML-код
- Опубликовано: 6 ноя 2024
- මින් වසර 2642කට පෙර වෙසක් පුන් පොහෝ දිනයක දඹදිව කපිලවස්තු පුර ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් සේක. ඒ අසිරිමත් දිනයේ දී ම ගයාවේ නේරංජරා නදීතෙර අසබඩ ඇසතු වෘක්ෂයක් හුදෙකලාව පොළොවෙන් මතුවන්නට විය. අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේ, මින් වසර 2607කට පෙර බුද්ධගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් මර සෙනඟ පරදවා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කලේ ඒ උතුම් වෘක්ෂය සෙවණේ දී ය.
එතැන් පටන් ඒ උතුම් වෘක්ෂය “බෝධින් වහන්සේ”යන නමින් සකල ලෝකවාසි බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවන්නට විය.බොහෝ දෙවිමිනිසුන්ට සුගති සැප සලසාලු ඒ උතුම් ජයසිරි මහ බෝධින් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි.
අලංකාර ලෙස සරසන ලද නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවු මගෙහි සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය පෙරහැරකින් වැඩමකරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැම්පත් කෙරිණි.අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකල අසිරිමත් බෝධිවන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.
මේ උතුම් පුණ්යකර්මයෙන් ජනිතවූ සියලු පුණ්‍යධර්මයන්, මේ පිංකමට ධනයෙන් ශ්‍රමයෙන් දායකවූ සැමටත් දැක බලා අසා සතුටු වූ සැමටත් අනුමෝදන් වෙත්වා!
සිරි ගෞතම බෝ රජාණන් වහන්සේගේ අනුහසින් සැමට සෙත සැලසේවා!
තෙරුවන් සරණයි!
සාදු! සාදු!! සාදු!!!
sadu sadu sadu anumoodami
සාදු , සාදු , සාදු .....!!!; භාග්‍යවතුන් වහන්සේට සෙවන දුන් ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ...!!!; නමෝ බුද්ධාය ...!!!
🙏🙏🙏
Sadu! sadu!! sadu!!!
සාදු! සාදු!! සාදු!!!