විජේරත්න වරකාගොඩ WIJERATHNA WARAKAGODA - LEGENDS WITH KALUM - EPISODE 2 🌷

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • "රගහල දැන් ඇත අඩ අදුරේ
    අප දෙදෙනා පෙම් පිළිසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිමගිරි අරණේ..."
    අපි හැමෝගේම ගෞරවාදරයට උපරිමයෙන්ම පාත්‍ර්‍ වූ සම්මානනීය රංගන වේදී, ගුවන්විදුලි චරිතාංග රංගන ශිල්පී
    විජේරත්න වරකාගොඩ මැතිතුමා
    වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය 💐
    මේ එතුමාගේ මුල්ම RUclips කතාබහයි.👌
    මේ එහි දෙවන දිගහැරුමයි...
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA RUclips නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #wijerathnawarakagoda
    #legendswithkalum
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #muwanpelessa

Комментарии • 240

  • @idona905
    @idona905 2 года назад +12

    මට මේ වැඩසටහන ගැන ලියන්න කල් ගියේ වැඩසටහන් දෙකම ආයෙ පාරක් බැලුව නිසා. මම ඇති වෙන්න හිනා වුනා කාලෙකට පස්සෙ. හරිම අව්‍යාජ මනුස්සයෙක් වගේම ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්.
    මම ඔහුව සහ ඒ පවුලේ අයව පෞද්ගලිකව දන්නවා. මගේ සටහන ලියන්න කලින් මම මේ පිටුවෙ තියෙන අනික් සටහනුත් කියෙව්වා. ඒවායිනුත් ගම්‍ය වුනේ හැම කෙනෙක්ම මේ වැඩ සටහන් දෙක කොයි තරම් අගය කරලා තියෙනවාද කියලා. ඇත්තෙන්ම මෙවැනි කලාකරුවෙකුට රාජ්‍ය මට්ටමින් දිය යුතු වටිනා උපහාරයක් ඔබ අතින් සිද්ධ වෙලා තියෙන්නෙ කැලුම්. අපේ රටේ නාට්‍ය කලාව, සිනමාවට, ගීතයට වගේම රාජ්‍ය සේවකයෙකු ලෙස වටිනා සේවයක් කරපු ඔහු මේ වැඩසටහනින් තවත් වරක් මුළු ලෝකයටම ගිය එක ගැන මට තියෙන්නෙ හරිම සතුටක්. ඔබට මම ගෞරව කරනවා මෙවැනි වටිනා මෙහෙවරක් කරපු එතුමාව මෙවැනි කතාබහක් තුලින්, ඔහුව නොදැන සිටි අළුත් පරම්පරාවට මෙවන් අපූරු වැඩසහනක් මගින් දායාද කිරීම ගැන. ඔහුගේ කතාබහ ඔස්සේ අතීතයේ රටේ තිබු සමාජයීය, ආර්ථික, සංස්කෘතික වටිනාකම් සහ අද දවසේ ඒ වටිනාකම් බිඳ වැටී ඇති අයුරුත් තරුණ පරම්පරාවට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැන ඔබට කෘතඥ වෙනවා. ඔබේ මුළු වැඩසටහන් අතුරෙන් වටිනාම එක් වැඩසටහනක් ලෙසට මම මෙය නම් කරනවා. විජේරත්න වරකාගොඩ මහතාට නිදුක් නීරෝගී දිවියකට සුබ පතන අතරේ මෙවැනි අගනා වැඩ සටහන් කරන්නට ඔබට අවස්ථාව, ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා! 🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +3

      මොනතරම් නම් වටිනා ඇගයීමක්ද...
      මේ තම්‍යි මගේ ජීවිතේ මට ලැබෙන සම්මාන 👌
      ඔබතුමියට බොහොම පිං
      තෙරුවන් සරණයි

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 года назад

      ඇත්තටම ජාත්‍යන්තරයට යන්න ඕන කතාවක් සහ චරිතයක් අති දුර්ලභ මැණිකක් මෙතුමා ❤️❤️❤️💎💎💎🙏

    • @upalisamarasinghe7827
      @upalisamarasinghe7827 2 года назад

      මට තියන පුදුමය නම්, ඔය සම්මාන දෙන සම්මාන කඩ කාරයන්ට මේ වැඩසටහන් නොපෙනේද.පෙනපෙනී නොබලා සිටීද?.

  • @C424c424
    @C424c424 2 года назад +16

    අදහාගන්න පුලුවන්ද අවුරුදු අසූනමයක්වෙලත් එතුමාගෙ තියන මතක ශක්තිය හරිම පුදුමයි ඒවගේම එතුමා හරිම නීරෝගියි..වැඩසටහන තවත් තිබුණ නම් හොඳයි කියල හිතෙනව ඒතරම් ලස්සනයි වැඩසටහන එතුමාට නිදුක් නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව තව තවත් අපේ කළාකෙත සරුසාර කරන්න වාසනාව ලැබේවා කියල ..කැළුම් අය්යෙ ඔයාටත් ගොඩක් පින් මෙතුමා වගේ ශ්‍රේෂ්ඨා කළාකරුවන් මේ වැඩසටහනට අරන් එනවට..🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට ....
      👍👍💐💐💐💐💐

  • @rohini9599
    @rohini9599 2 года назад +6

    සිතින් මහලු නොවන අපුරු රන්ගවේදියා👍👍

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 года назад +2

    කැලුම් ගේ හොන්දම,වටිනා වැඩ සටහනක්. අපි නොවරදවාම බලනවා.නෙතළි නානයක්කාර මහත්මිය සමග වැඩ සටහනක් කරන්න .ස්තූතියි .UK අපි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 💐💐💐

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 года назад +3

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

  • @C424c424
    @C424c424 2 года назад +3

    එතුමා ඒ කියපු රැකියා ස්ථානවල තියන නීති රීති අදටත් ඒ විදිහටම වලoගුයි..

  • @C424c424
    @C424c424 2 года назад +11

    සිනා සාගරයක් බලන්න අදත් ආවෙ ගොඩක් ආසාවෙන් ...ඉන්දියාවෙ දිලීප් කුමාර් වගේද අපේ රටේ විජේරත්න වරකාගොඩ කියන අසහය නළුව..💓💓💓💓

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 2 года назад

      වරකාගොඩ මහත්මයා වගේ ශිල්පීන් කා සමගවත් සසඳන්න අපහසුයි... ඒ හාස්‍ය උපතින්ම රැගෙන විත දොතින්ම හුදෙක් අපගේ රසාස්වාදය සඳහාම කැප වී සිටින නිසාවෙන්ම..

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 года назад +7

    දවසක් හරි අහගෙන ඉන්න පුළුවන් ඔහුගේ කතාව ඒ තරම් ආසයි වැදගත්. ඔබ‍ට දීර්ගායු ලැබේවා. තව තවත් කලාකටයුතු වල සම්බන්ද වෙන්න ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා බුදුසරණයි සියලු දෙවිපිහිටයි. ආදරෙයි අපි ඔබ‍ට හැමදාම ත් 🙏

  • @mayasri609
    @mayasri609 2 года назад +1

    මම ආසරෙ කරන උත්තමයෙක් විජේරතන වරකාගොඩ කියන්නේ නිරෝගි සුව දිර්ගායුස ලැබේවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 5 месяцев назад +1

    ඔබතුමා අති විශිෂ්ට ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්... එදා වගේම තාමත් අද පරම්පරාවත් එදා පරම්පරාවත් ඔබතුමාට ගොඩාක් ආදරේ... දීඝායුම ලැබේවා ඔබතුමාට 🙏🙏🙏❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 года назад +2

    හරිම ලස්සන වැඩසටහනක් හරිම අසයි අහගෙන ඉන්න හරිම රසවත් ඉතිං ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏 කැළුම් මහත්මා ඔබටත් බොහොම ස්තුති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐

  • @chandanideepika3893
    @chandanideepika3893 2 года назад +1

    නිදුක් වේවා ,නීරෝගී වේවා .
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🌹🙏🌹❤️

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +1

    කොචිචර ඇහුවත් එපා නොවන කතා බහක්, රටම ආදරේ කරන චරිතයක්, ආදරෙයි හැමදාම , බුදුසරණයි , ❤️❤️❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 2 года назад +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
    බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 года назад +2

    ඉල්ලීමකුත් කලා දෙවෙනි epi ය දාන්න කියල,...මාර ලස්සන වටිනා අගනා කතා බහක්,......පලමු කතාබහ තුන්පාරක් බැලුවා,... එක වචනයක් නෑ අහක දාන්න,......චිරං ජයතු කෝරලේ මහත්තයෝ ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි අශේන්

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 года назад +1

    හරීම ආශාවෙන් සහ කුතුහලයෙන් බැලුවා කැලූම්.
    ඉතාමත්ම වැදගත් වටිනා මහත්මයෙක් එතුමා. මම හරීම ආශාවෙන් ඇහූවේ මුවන් පැලැස්ස.
    ගොඩාක් ස්තුතියි ඔබේ වැඩසටහන ට.
    ජේසූ පිහිටයි කැලුම් 🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ලෙනින්
      💐💐💐💐🙏🙏🙏🙏
      තෙරුවන් සරණයි

  • @thilini7765
    @thilini7765 2 года назад +3

    කොයි තරම් ආසාවෙන්ද මේ කතාබහ නැරඹුවේ..❤️තුන් වෙනි කොටසක් තියනව නම් ඒකත් බලනවා. දවසක්ම උනත් එතුමගේ කතා අහගෙන ඉන්න පුලුවන්..
    වරකාගොඩ මහත්මාට දීර්ගායුශ ලැබේවා.. අපේ ආයුශත් අරන් තවත් බොහෝකල් නිරෝගිමත්ව ජීවත් වේවා..!!🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි තිලිණි
      මේ අපේ ජාතික සම්පත්

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 года назад

      තවත් ඉන්ටර්වීව් කරන්න එතුමා

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 месяца назад +1

    නිදුක් නිරෝගී සුවය ඔබ.දේපලට බුදු සරණයි ❤❤❤❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 года назад +3

    වචන නැහැ ස්තූති කරන්න. හරිම රසවත් හරවත්...වරකාගොඩ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්. 💐🙏 Thank you Kalum 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි ජීවන්ත
      🙏💐🙏💐

  • @nsaththanayaka9591
    @nsaththanayaka9591 2 года назад +5

    ආසාවෙන් බැලුවා. ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි කැලුම් අයියේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Год назад +1

    අසහායරංගවෙිදියාට,,ආදර,කලාකරුවා නන්ට,,තවතවත්,ශක්තිය,ලැබෙිවා,හරිම,ආසවෙන්,බලන්හිටියේ,,කතාව,නියමයි,,පරක්කු,වෙලා,හරි,බලන්න,ලැබිම,සතුටක්,කැලුමි ,මහතාටත්,ස්තුතිය බුදුසරණ යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @amithamudalige358
    @amithamudalige358 2 года назад +1

    ඉතාම නිහතමානී චරිතයක්.ජයලත් මනෝරත්න සූරීන්ගේ අවමංගල්‍යය දා හමුවී ඔය විදියට ම දීර්ඝ වෙලාවක් මා සමගත් නොයෙක් දේ කතා කළ අයුරු මතක් වෙනවා.දීර්ගායු වේවා!

  • @disanayakadisa1969
    @disanayakadisa1969 2 года назад +1

    harima asawen baluwe kalum aiyye godak garu karana watina kala karuwek niduk nirigi suwaya labewa budusaranai thanks kalum aiyye

  • @rukanthsameera8563
    @rukanthsameera8563 2 года назад +2

    බොහොම ස්තුතියි කැලුම් මහත්මයා.. මෙරට මෙහෙම සම්මුඛ සාකච්ඡා නරඹන්නේ සීමා සහිතව තෝරා ගත් පිරිසකගෙ පමණයි. ඉතින් ඔබ තුමන්ගේ වැඩ සටහන් ඒ අතරින් හරි ආසාවෙන් නරඹනවා.. ඇත්තටම වෙහෙසක් නෑ..
    නිවේදකයෙක් ඉගෙන ගත යුතුම ප්‍රගුණ කළ යිතුම නිශ්ශබ්දතාව ඔඔබගෙන් දකිමි, එය වැඩසටහනට ආභරණයක් මෙන්ම ආරාධිතායාටත් කරන සාධාරණයක්.. ඉතින් දිගටම මෙවැනි දෑ ගෙන එන්න ඉඩ කඩ ඇති හැම විටකම නරඹන්න..
    බොහොම ස්තුතියි.. නැවත නැවතත්..!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම පිං ඔබතුමාට මේ බොහොම වටිනා ඇගයීමට 🙏💐🙏💐🙏💐🙏💐

  • @gafoorbuilding9336
    @gafoorbuilding9336 Год назад +1

    මුවන්පැලැස්සෙ හෙඩ් මෑන් මාරම ආසයි ඹබතුමාට දැක්කම හිත පිරෙනවා ජීවිතයට ඔබතුමාගෙන් ගන්න ආදර්ශ ගොඩාක් තියනවා දීර්ඝායුෂ ලැබේබා මුවන්පැලැස්සෙ හෙඩ් මෑන් චරිතය හැමදාය මතකයේ රැදෙනවා කැලුම් ඹබට පින් මේ වගේ උත්තමයොන්ගෙ ජීවිතය ගෙනහැර පෑවාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nimchala3611
    @nimchala3611 2 года назад +6

    ආසාවෙන් බලන් ඉදලා දැන් තමයි බලලා ඉවර වුනේ.
    ඉවර වෙනකම්ම බලලා අදහස ලියන්න හිතුනා.
    ඇත්තමයි හරිම රහට කතා කරන අදහස් ඉදිරිපත් කරන අව්‍යාජ සුන්දරම රංගවේදියෙක් මෙතුමා. ප්‍රකාශ කරන සමහර වචන පරණ භාෂා උච්චාරනයේ වුනාට එවා හරිම කනට මිහිරියි මෙතුමාගේ ප්‍රකාශනය. මං හිතන්නේ කලාවේ ඉන්න එකම කෙනත් මෙතුමාම තමයි මෙසේ ප්‍රකාශ කරන. මෙතුමාව නිර්වචනය කරන්න , ගුණ ලියන්න තරම මා පරිනත නැත ලියා නිම කරන්නට නොහැකිය, හොඩියේ අකුරු පවා මදි ඇතැයි සිතේ. පොදුවේ "අසමසම" විජේරත්න වරකාගොඩ මහතා කලාවට මැණිකකි.
    නිදුක් නීරෝගී වේවා.!!..
    දීර්ඝායුෂ ලැබේවා.!!...
    තෙරුවන් සරණයි .!!...
    කැළුම් අයියත් අද නිර්ලෝභීව ලොකු සතුටක් විදින බව වැඩසටහන පුරාවට දැක්කා සිනාවම එක්ක.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      ඔබ හරි නංගී
      ඉතාමත් ආසාවෙන් කරපු වැඩසටහනක්
      බොහොම ස්තුතියි

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 2 года назад +1

    හරිම ලස්සන program එකක් කැළුම්....හරිම ආසාවෙන් බැලුවා...
    ඔයට ගොඩක් ස්තුතියි...😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි සින්තියා

  • @sriyani2865
    @sriyani2865 2 года назад +2

    අද සිකුරාදා අපට නිවාඩු දවස උදේ පාන්දර 9විතර නැගිට්ටා 🤣🤣🤣🤣 මේ කතාවේ දෙවැනි කොටස හිනාවෙලා පණ ගියා අදනම්
    මුල්ම රංගනය අහලා . නිදුක් නිරෝගී ජීවිතයක් ඔබ තුමා ට කැළුම් ඔයාටත් ස්තුතියි මෙතුමා ගෙනාවට ඉඩ ලැබෙන විදිහට ඔබේ වැඩ සටහන් බලනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි ශ්‍රියානි 💐💐💐💐💐

  • @dmsdissanayake9315
    @dmsdissanayake9315 2 года назад +1

    අනේ කැලුම් අයියා ලොකු වගකීමක් ඉශ්ට කලේ ඔයා, බොහොම ස්තුතියි ඔයාට

  • @nilakshirup7235
    @nilakshirup7235 2 года назад +2

    හරිම ආසාවෙන් අහපු ඔහුගේ ජිවිත කතාව..❣️ ජිව්තයට බෝහෝම දේ ඉගෙන ගත්තා
    තවත් බෝහෝ කල් නිදුක් නිරෝගීමත් දිව්යක් ගෙවන්න ශක්තිය ලැබේවා ....🙏
    නිදුක් වේවා
    නිරෝගීමත් වේවා
    දීර්ඝ ආයුෂ ලැබේවා .....🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 🙏💐🙏💐

  • @theparadise...5991
    @theparadise...5991 2 года назад +1

    මෙතූමාගේ ජීවිත කතාව ආදර්ශමත් අත්දැකීම් වලින් පරිපූර්ණ මහා පුස්තකයක්. මෙතුමාගේ කතාව මෙවැනි වැඩසටහන් දෙකකට තරම් ලගු කිරීමට තරම් ඔබ සාහසික උනේ ඇයි කැලුම් මහත්මයා. ? කොහොම නමුත් බොහොමත්ම ස්තුතියි මෙතුමාගේ කතාව ජනගත කළාට... Thanks 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @sriyanikh3964
    @sriyanikh3964 2 года назад +1

    උදෙන්ම දැක්ක මේ වැඩ සටහන නමුත් පෝන් එකෙන් බලන නිසා බලන්න වෙලාවක් තිබුනෙ නැහැ අනේ හරිම ආදරනීයයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා ජේසු පිහිටයි කැලුම් අයියෙ ගොඩක් ස්තුතියි මෙතුමා ගෙ කටහඩ අහන්න සැලස්සුවට ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ශ්‍රියානි

  • @nilanthilank9215
    @nilanthilank9215 2 года назад +3

    මට නම් හිතෙන්නේ නිමානොවන කතාවක් කියලා කැලුම් අයියේ ..අතීත ....වර්තමාන ..අනාගත වැඩිහිටියන් ට..මෙන්ම..තරුන ..බාල වයසේ අයටත් මෙවැනි චරිත වලින් හොද අත්දැකීම් ලබන්න පුලුවන් ..මෙවැනි අය ඔබ්ගේ කතාබහින් ලොවට හදුන්වා දීම් ඔවුන්ට කරන ගෞරවයක් ...එතුමාට දීර්ගායුස .පතන අතර වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි ..🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි නිලන්ති 🙏💐
      ඔබටත් තෙරුවන් සරණයි

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 года назад

      @@kalumwijesooriya පොතක් ලියන්නකෝ අයියා,..මෙතුමා ගැන,..

  • @HardeepSingh-tn5rx
    @HardeepSingh-tn5rx 2 года назад +1

    mama godak garu karana charitha2 oyath warakagoda mhatmayat 🌟💚

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 года назад +2

    සත්තකින්ම ඒ සුන්දර කතාබහ නම් මොන තරම් අපූරැද හොඳ අවංක මිනිසාට ලෝකෙ කොහේ ගියත් දෙවියන් උදවු කරනවා ඒ වගේම ඔහු උගත් දක්ෂ මිනිසෙක් රටට ගොඩක් වටිනා පියෙක් ස්තූතියි කැලුම් අයියේ මෙවන් සුන්දර මිනිසුන් අපි හමුවට ගේන එකට ..ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි අංජුලා 💐💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 года назад +1

    ජීවිතයම රසවත් ...හරිම ආසාවෙන් අහගන ඉන්න පුලුවන් ...ඔබතුමාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ...නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා 🙏❤❤❤

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 года назад +1

    Bohoma lassana wadasatahanak baluwa .bohoma sthuthi.budu saranai

  • @wasanthadasanayake2961
    @wasanthadasanayake2961 2 года назад +1

    Wish Mr.Warakagoda Good Health And Long Life by the Grace of Noble Triple Gem !

  • @Mdes7777
    @Mdes7777 2 года назад +2

    This is absolutely a very decent gentlemen. These Men are Few and far in-between modernday Sri Lanka. Probably the very last generation.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 года назад +4

    අනේ මල්ලියෝ..හරිම ආසාවෙන් කතාවට සවන් දීගෙන හිටියා ඔබ මෙන්ම මමත්..මටනම් කියන්න තියෙන්නේ මේ තුමාගේ පින මයි මේ හැමදේම..මේ තරම් වයසක සිටියත්..හැමෝම වගේ මමත් පුදුම වෙන්නේ මේ තුමාගේ ඇති මතකය.එක තැනකවත් කියනවද බලන්නකො මට මතක නෑනේ කියලා..මොන තරම් උගත් ප්‍රවීණ වුවත් හරිම සරල..මහත්මයෙක්❤එතුමා නිෂ්පාදකවරුන්ගේ ගෙවීම ගැන කියද්දී..කැලුම් මල්ලි ඔයාගේ මුවගට නැගුනු හිනාව..හරිම අව්‍යාජයි.මටත් හිනා ගියා එතුමාගෙ කතාවට..ඔයාගේ තෝරාගැනීම මල්ලි හරිම විශිෂ්ටයි...නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙතුමාට..ගොඩක් ආදරෙන්..මල්ලි ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම පිං මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට .🙏💐🙏💐🙏💐🙏💐
      මෙය මට හරිම වටිනවා
      මෙතුමා ජාතික සම්පතක්

  • @dharanimadugoda
    @dharanimadugoda 2 года назад +1

    Kalum I don’t have words. This has got to be the best programme I’ve seen done with a veteran. Mr Waraks is phenomenal. You did excellent background research and brought the best out. Not one word to miss in this entire conversation. I wish you the very best 🙏🏼💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Dear Dharini
      Many thanks fir your kind words. 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 года назад +1

    ඉස්සර අපිත් මුවන්පැලැස්ස ඇහැව්වා අපට 📺 නොතිබුණු හරිම සුන්දර නිදහස් කාලයක් මතක් වෙද්දිත් හරිම සතුටුයි ඔබතුමාට දීර්ඝායුෂ පතමි කැළුම් අයියෙ ඔයාටත් ජ⁣යෙන් ජයම වේවා♥️🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ශානිකා 💐💐💐💐🙏

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 года назад +1

    😃😃😃ඇත්තටම හරිම අගෙයි ඔබේ වැඩසටහන ..💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 💐🙏

  • @vasanthifernando2020
    @vasanthifernando2020 2 года назад +1

    Really wionderful program . Thanks Kalum. He is an asset to my country . you had given him a freedom to express his speeach. That made this program beautiful . Thats why i like your videos. What aan educated person and wonderful personality he had.God bless him

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Thank you so much VASANTHI
      💐💐💐🙏🙏🙏🙏
      Please keep on watching

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 года назад +1

    Extremely beautiful.It’s amazing to see how he can remember all the names,places,year the incidents took place.Now it self have started forgetting some names😀.I wish him long life.May God’s blessings be with you always Mr Warakagoda. Thank you very much Kalum for the beautiful interview.God bless you too.💐💐💐🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Thank you so much dear Lankika 💐💐💐💐💐

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 года назад +1

    හරිම සුන්දර ර0ගන ශිල්පියෙක් එතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා , කැලුම් අයියෙ ඔයා කරන මේ ජාතික මෙහෙවරට සුබ පතනවා 🌷

  • @roshanariyadasa936
    @roshanariyadasa936 2 года назад +1

    Ane kochara lassanada thawa kalaya thibbanam hodai kiyala hithuna theruwan saranai dennatama kelum ayye theruwan saranai...

  • @wasanthidesilva9829
    @wasanthidesilva9829 2 года назад +1

    Multi talented but still a down to earth personality. Real legends 🙏💐🧡
    The way you finished the programme was really torching.
    Thank-you Kalum for one of the best.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 года назад +1

    Lassana kathantharayak dirgayu......dennatama

  • @C424c424
    @C424c424 2 года назад +5

    පුලුවන් නම් නෙතලි නානායක්කාර මහත්මියවත් වැඩසටහනකට ගෙන්වන්න .🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      මම කීපවරක්ම කතා කළා නංගී 😪

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 года назад +1

    Thanks Kalum for bringing this true legend to your program💐💗 I wish him Good health for many more years 🙏

  • @claudeanurudha7907
    @claudeanurudha7907 2 года назад +2

    What a lovely charactor.A multi talented personality .Thank you sir for your great service to the radio industry.

  • @hashinitharaka7759
    @hashinitharaka7759 2 года назад +1

    ❣️❣️❣️❣️❤️❤️❤️❤️හරිම සුන්දර කතාබහක්..💫💫💫

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි හශිනි
      🌺💐🌺💐🌺💐🌺💐

  • @krishabeywardane
    @krishabeywardane 2 года назад +4

    I waited until you upload the 2nd part.. very interesting conversation. what amazes me the most is his Memory. He remembers every person's name, every place, etc. That is just absolutely phenomenal for an 89yr old. My Granddad was the same spot on Memory.. Me on the other hand, cant remember what i ate for lunch.😃🤣 What a generational twist.. will be sharing on my social platforms.. GenX's are missing these conversations like how we use to have. We sit with our grandparents and listen to their old stories, those days we thought boring as hell, but now we are missing them crazy..
    Thanks Kalum aiya.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Thank you so much for these kind words. 💐💐💐💐💐🙏🙏🙏

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 года назад +1

    That "ඕව්... ඕව්.... ඕව්..." Of Korale mahathyhaya's was n is the best in those dialogues...our respect to you fr gvng us an oppotunity to cherish our memories of the past programmes n dramas by interviewing the relevant artist.. I think you hv yr interviews while looking at the screen, and it makes us feel that we too hv joined it. Usually the interviewer n interviewee hv a face to face interview n we only listen.. Here you make us feel that we are there with you'll..which is great I should say... Do keep up yr good work.. Good luck Mr. Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +2

      Thank you so much for this very valuable comment 💐
      Appreciate very much your kindness

  • @dananjaya2623
    @dananjaya2623 2 года назад +1

    ලස්සනට වැඩ සටහන කළා, ඔබ දෙපලටම තෙරුවන් සරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි දනන්ජය

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 года назад +3

    වැඩසටහන ම නාට්‍යයක්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 👍💐

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 года назад +1

    Beautiful shades of green.

  • @rupakodikara15
    @rupakodikara15 2 года назад +1

    Atthamai , kisima paluwk nethuwa ; unanduwen ,ashawen, ahagena inna puluwan.
    Sathutin kathakarana honda wedihitiyek.
    Niduk neerogeewa digukal jeewath wewa!
    Kelum puthe may poojopaharayata oyatayh bohoma pin.

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 2 года назад +1

    බුදු සරණයි ඔබ තුමන්ට ♥♥

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +1

    දවස් ගානක් උනක් අහගෙන ඉන්න පුළුවන් ඔබතුමාගෙ ජීවිත කතාව ගැන , මම ගොඩාක් ආදරෙ කරන සුන්දර කළාකරුවෙක්, ආදරෙයි හැමදාම , හැමදාම නීරෝගි සුවයයෙන් ඉන්න ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @SeekersMontessori
    @SeekersMontessori 2 года назад +2

    What fine characterization he did..brilliant team too 💖

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 года назад +2

    වරකාගොඩ සහෘදයාණෙනී, තවත් වසර 89 ක් ආයුබෝවේවා

  • @C424c424
    @C424c424 2 года назад +4

    ඒ කාලෙ සරත්චන්ද්‍ර මහත්මයාගෙ වාහනේ චෙක් කරාවගේ අද කාලෙ ලොකු ලොක්කෙක්ගෙ වාහනේ.චෙක් කරන්න ගියානම් පොලිස් රාලහාමිගෙ ජොබ් එකත් ඉවරයි .😁😁

  • @pasindujeewakakasthurirath7558
    @pasindujeewakakasthurirath7558 2 года назад +1

    Mata wayasa awurudu 20i namuth mama methumage charaitha walata marama asai oyata bhoma sthuthi kalum unkal me wadasatana methumath eka karata mama kotas dekama baluwa marama lassani

  • @dharanimadugoda
    @dharanimadugoda 2 года назад +1

    His memory is incredible. I wish him long life. Our generation is probably the last that will see great personalities like this ❤

  • @kr4264
    @kr4264 2 года назад +1

    This Episode too was very interesting
    Enjoyed it alot...

  • @nimchala3611
    @nimchala3611 2 года назад +3

    ආසාවෙන් බලන් ඉන්නේ බලන්න අයියේ 😊

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 года назад +1

    Katandarayak ahagena hiteya mahatwaru dennatama jaya sriiii j p

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 года назад +1

    Congratulations again,
    watch both parts of this interview,
    Thanks.💚💚

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 года назад +1

    May you have long life God bless you

  • @nalani7377
    @nalani7377 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍isthuthii kelum sir meweni adaraniya kala karuwek genawata muwan pelessa thamath ahanawa

  • @HasalakaTV
    @HasalakaTV 2 года назад +1

    නිදුක් වේවා

  • @kumarisitha5161
    @kumarisitha5161 2 года назад +1

    Kelum puthe oya kiyanawA wijeerathna warakagoda mahatha harima kadawasam kiyala.ow .oyath godak kadawasam.mama Ada idanma oyata godak adare keruwa.mage puthata tharanma.mage puthata den wayasa . Awrudu 35 k.mama kiyanawa a kale mage putha Loku unama oyawage wenna kiyala.ithin ape gedara Aya Hina wenawa.denuth mage yaluwo kiyanne kelumge Amma kiyala.budu saranayi puthe,Dewi pihitayi.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Bohoma isthuthi obathumiyata 💐💐💐💐💐
      Theruwan Saranai

  • @chandaniperera2350
    @chandaniperera2350 2 года назад +1

    බුදුසරණයි

  • @kwick257
    @kwick257 2 года назад +1

    Really enjoyed.. thanks for this lovely interview....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      My pleasure.
      Please share this video if possible

  • @tilakwithanage24
    @tilakwithanage24 2 года назад +1

    Your talent is very excellent kalum Aiya.Respect you!!!

  • @hashijayawardane2389
    @hashijayawardane2389 2 года назад +1

    Wonderful episode with a legend. Hope to see Raween Kanishka in an episode as well.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Thank you so much
      💐💐💐💐
      Invited through a message
      No response from him yet

  • @pandukabalasooriya2902
    @pandukabalasooriya2902 2 года назад +1

    I enjoyed your conversation very much. Mr. Warakagoda's knowledge and language skills showed us what a great person he is. His ability to create sense of humor is amazing. I enjoyed this program very happily, but I also felt sad under this conversation . The reason is because this conversation reflects the gradual decline of the Sri Lankan society. I appreciate the re-highlighting of the good qualities we had in of our society through such programs. Thank you and wish you all the best.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Thank you so much Panduka for these kind words. Appreciate it very much
      🙏💐🙏💐🙏💐🙏
      If possible please share this video in your what’s app chat groups and social media platforms 🙏

    • @pandukabalasooriya2902
      @pandukabalasooriya2902 2 года назад +1

      Dear Mr. Wijesooriya.sure will do. And i really appreciate your efforts towards educating people. Your effort is commendable among so many worthless utube channels.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      @@pandukabalasooriya2902 thank you so much 🙏
      Yes I am trying my level best to change the RUclips culture here but it’s extremely as most of our people only like to watch gossip and third grade stuff. Please see the very low number of views for a good quality program of a legend in SRILANKA. How many people take time to go through his life story and learn and take some valuable inputs their lives. ? This is very pathetic
      But will continue to go on my line of work and your words are really encouraging me to move on with more quality productions. 🙏

    • @pandukabalasooriya2902
      @pandukabalasooriya2902 2 года назад +1

      @@kalumwijesooriya You are welcome sir. And i am a good fan of yours since දූ දරුවෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      @@pandukabalasooriya2902 💐💐💐🙏

  • @janakisamarakoon5791
    @janakisamarakoon5791 2 года назад +1

    Budusaranai

  • @MSMA1982
    @MSMA1982 2 года назад +1

    අනේ දෙයියනේ රට නොදියුණු කලේ නලුවන් අපේ හරීම නිහතමානී මිනිසුන් අපේ ආවිසත් අරන් මටත් වඩා කල් ඔබ ඡීවත්වේවා
    ලස්සනම ඡීවිත මේවා කාටවත් හිරිහැරයක් නෑ සතුටින් සැපෙන් ඡීවිතය ගෙවනවා
    විජේරත්න වරකාගොඩ රන්ඟ දරයානනී බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 11 месяцев назад

    පලමුවෙන්ම කැලුම් අයියා ට ස්තුතිවන්ත වෙනවා ..මෙවැනි ප්‍රවීන කලාකරුවන් පිලිබද තොරතුරු අපි ට ලබාදීම පිලිබදව ...
    ඉතින් විජේරත්න වරකාගොඩ
    කියන රංග ධරයා ගැන කියන්න දේවල් අපමනයි ..
    මුවන්පැලැස්ස , කෝරළේ මහත්තයා ... ඒකාලයේ ගුවන් විදුලියේ ඒ කතාව ඇහුවා ..
    හරිම තේජාන්විත චරිතයක් ..
    සිලිදි ,පිනා ,, ජන්තු
    කවදාවත් අමතක නොවන චරිත ...
    අනේ ඉතින් මම ගොඩක් ආසම
    රංග ධරයෙක් තමයි ...
    විජේරත්න වරකාගොඩ මහතා ටත් චිත්‍රා වරකාගොඩ ගොඩ මැතිනියට ත් දීර්ඝයුශ ප්‍රාර්ථනා කරමි ...
    නිදුක් නිරෝගි සුව ය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 месяцев назад

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 года назад +1

    Dear Kalum,
    Thanks You for this great job

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 года назад +1

    Theruwansarani 🌷🙏🙏🙏🌷 Chiran jayathu 🙏🌷🙏

  • @thusharamartin6524
    @thusharamartin6524 2 года назад +1

    Wijerathna Warakagida may you live long
    God bless you

  • @tilakwithanage24
    @tilakwithanage24 2 года назад +1

    Good person, Good actor.Respect you

  • @anomarankoth2199
    @anomarankoth2199 2 года назад +1

    Harry asawen sathutin hinawewi baluwa obathumata dalada samidu pihitai...kalum sar oyatath goodak thanks mewage watina ayawa aran enawata

  • @ajanthakumari44
    @ajanthakumari44 2 года назад +1

    Deergayusha labeema obathumata ❤️❤️❤️

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 года назад +1

    Lassanai ❤️🌺🇱🇰🇰🇼

  • @chandanahewage993
    @chandanahewage993 2 года назад +1

    අයි ජම්පින් එගොඩ මෙගොඩ වෝටර් මගේ දණක් උසට ඒ අගලෙන් මේඅගලට පැන පැන මම ගියා ගෙදර

  • @shiromaperera2203
    @shiromaperera2203 2 года назад +1

    Aiya i remember the episode
    "My body fish is dancing" in "Muwanpelessa".Radio episodes are more lively than film. We also can imagine. Because their voicing is excellent .

  • @dineshnavaratne7534
    @dineshnavaratne7534 2 года назад +1

    Amazing interview 👏. Please try to get Swarna M for an interview please. Dinesh from Toronto

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Thank you so much Dinesh
      Invited Ms Mallawarachchi couple of times and she said she will come one day.
      Don’t know when she will come
      Can’t bother her again and again
      So will wait and see

  • @jayaminimudiyanselage1417
    @jayaminimudiyanselage1417 2 года назад +1

    Oba depalatama ape adaraya❤️❤️

  • @roshiniherath8072
    @roshiniherath8072 2 года назад +1

    අනෙ අහන් ඉන්න ආසයි නේද .එයා රට ගිහින් ගේ හදල දැන් අපි කරන්නෙත් ඒවමයි .පව්ලට ගොඩක් ආදරේ කරපු කෙනෙක් නිරෝගි සුවය ඔබට වරක් සර් ❤

  • @sanushkaas5794
    @sanushkaas5794 2 года назад +2

    Ane රොඩ්නි වර්ණකුලසූරිය mahathmayawa genannako...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +1

    තව වැඩසටහනක් කරන්න

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 года назад +1

    WISH HIM HAPPY HEALTHY LONG LIFE

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 года назад +1

    හිත නිවුනා

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад

    Teruvan saranai obatumata dirgau veva nidukma veva nihathmanivu obatuma adatat hadavatavala raditiyenava bojoma satitui ettenma kelum mahatmayaneni obatat bohoma stuti

  • @anandapiramannage4175
    @anandapiramannage4175 2 года назад +1

    අපිට වැඩිය කැලුම් රසවින්දා නේද.. සමහර වෙලාවට කට අරගෙන අහගෙන ඉන්නේ.. බොහොම ස්තුතියි මෙවැනි අග්‍රගනයේ විශිෂ්ටයින් සමාජයට ගෙන ඒම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ආනන්ද💐💐💐💐