උරුමය සොයා අම්පාර "බලාන"කදු ශිකරයට | දවස් තුනක් | කිලෝමීටර පනස් දෙකක් | පලමු කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 2 авг 2024
  • මහා වනාන්තරයකට මැදිව තිබෙන ගල් ගෙවල් හොයාගෙන "බලාන"කන්දට ගිය සුන්දර සහ දුශ්කර ගමන.
    වේලාව පාන්දර තුන පසුවී තිබූ අතර අප ඒ වන විටත් කොලඹින් පිටත් වී සිටියෙමු. මහනුවර මහියංගන මාර්ගයේ දහ අට වංගුවට ආසන්න වෙත්ම කුඩා වර්ශාවක පෙර මං සළකුණු මතු වූයේ කදු නැගීමේ ආශාව මදක් අඩු කරවමිනි. පිනි වැටී තෙත්ව තිබෙන මාර්ගය හරහා අප මහඔය දක්වා ගමන් කල අතර ,පෙර දිනෙක නුවරගල ගිය ගමනේදී තිබූ තරම් දැඩි හිරු රශ්මියක් මෙවර නැති වූයේ අපට මගදී හමු වූ පිළිගැනීමේ වර්ශාවෙහි ආශිර්වාදයක් ලෙසයි.
    මහඔයෙන් බොරපොලට ගමන් ගත් අප මුලින්ම සොයා ගියේ අප හිතවත් විජේ මාමාවයි. බොරපොල ගම්මානයේ ජීවත් වන ගැමියකු වන විජේ මාමා, තරුණ කාලයෙන් වැඩි කලක් ගත කොට තිබුනේ නුවරගල ආශ්‍රිතව තිබෙන මහ වනාන්තයේ දුව පැන ඇවිදමින් බව අප මීට පෙර නුවරගල පැමිනි අවස්ථාවේදී විජේ මාමා සමග කතා බහ කිරිමෙන් අපට තහවුරු වී තිබුනි. ලොකු පීරිස් වැනි කදු නැගීමේ ප්‍රවීනයකු සිටියදීත්, විජේ මාමාගේ සහය මෙම ගමනට ලබා ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ අපට මෙන්ම විජේ මාමාටද මෙම මහා වනාන්තරයේ සැගවී ඇති ගල් ලෙන් සහ කදු මුදුන් වලට යාමට තිබූ කුතුහලය සහ ආශාවයි. දැනටත් පොල්ලෙබැද්ද ගම්මානයේ ජීවත් වන ආධිවාසීන් සහ දඩයක්කරුවන්ගේ උගුල් සහ පියවි ඇසට නොපෙනෙන ලෙස බැද ඇති තුවක්කු වලින් ප්‍රවේශම්කාරීව ගමන් කිරීමටත් විජේ මාමාගෙන් නොමද සහයක් අපට හිමි විනි.
    සුපුරුදු පරිදි සොභාදහමට අනුගත වන පරිදි කොල පාටට හුරු අදුමෙන් සැරසුනු අප දින තුනකට අවශ්‍ය බඩු බාහිරාදිය සහ වියලි ආහාරත් රැගෙන ගමන ආරම්භ කරන විට වේලාව දහවල් එක හමාර වී තිබුනි. මධ්‍යහ්නය වන තුරු ගමන් ආරම්භ කිරීම නොහැකි වූයේ ,අව් රශ්මිය නොමැති කාලයේදී අලි ඇතුන්ගේ ක්‍රිරීයාකාරකම් බහුල වන නිසාවෙනි.
    බොරපොල වැව පසුකොට අලි වැටෙන් රිංගාගත් අප ,අවතීර්ණ වූයේ තැනින් තැන කෙටිව වැවී තිබෙන ඉලුක් ගාල් වලින් සෑදි ඇති සමතලා නොවූ කිලෝමීටර් ගනනාවක් එක එල්ලයේ දැකගත හැකි තෘණ භූමියකටයි. තැනින් තැන උස්ව තිබෙන කුඩා කදු ගැටයක් දෙකක් අතරින් ඈතින් පෙනෙන්නට වූයේ සුන්දර නුවරගලයි.
    මින් පෙර අවස්ථාවේදී නම් නුවරගල දෙසට ලං වත්ම සැනසුම් සුසුමක් හෙලනු හැකි වූ නමුත් මේ චාරිකාවේ නම් හැගෙන්නට වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැගීමකි. මක් නිසාදයත් අපගේ ගමන අවසන් වන්නේ නුවරගල කන්දටත් එහා ඇති කදු ගනනාවක් තරණය කිරීමෙන් අනතුරුව හමුවන ගමනාන්තයක නිසාවෙනි.
    මෙලෙස යම් දුරක් ගමන් කිරීමෙන් අනතුරුව හමු වන්නේ මදක් උස්ව වැවී ඇති මානා පදුරු වලින් බහුල ප්‍රදේශයකි. තැනින් තැන ඇති තේක්ක ගස් වල පොතු ගලවා අතු කඩා බිම දමා තිබුනේ, හදවතට යම් කුහුලක් එක්කරවමිනි . මක් නිසාද යත් මෙලෙස තේක්ක පොතු ගලවා අතු කඩා දමා ආහාරයට ලබා ගන්නේ අන් කවරකුත් නොව අලි ඇතුන් විසිනි.
    සෙමින් ගමන් ගත් අප සොබාදහම විදිනවාට වඩා ,සැළකිලිමත් වූයේ වට පිටාවෙන් විය හැකි අනතුරු ගැනයි. ගත වූයේ නිමේෂයකි! අප ගමන් ගත් කැලෑබද අඩි පාරට ඔබ්බෙන් වම් පසට වන්නට මීටර පහලොවක පමන දුරින් තේක්ක කොල පොඩි වන ශබ්දයට සැළකිලිමත් වූ අපට දැකගත හැකි වූයේ මහා විශාල කෙනෙරක් සහ කුඩා අලි පැටවකු ඉතා ඉක්මනින් අප මග හැර යන විලාශයයි. ඈතට යත්ම කුංචනාදයකින් දෙකකින් සමු දුන් ඔව්න් දෙදෙනා ඔවුන්ගේ නිජ භූමියෙන් ඈතකට නික්ම ගියේ අපට සොභාදහම විදින්නට ඉඩ හසර සකස් කර දීමෙනුයි.
    කිලෝමීටර හයක පමන දුරක් ගමන් කිරීමෙන් අනතුරුව, හමු වූයේ සිනිදු වැලි පරයක කෙලවර සෙමින් ගලා යන පැහැදිලි දිය දහරකි. දිගු වෙලාවක් ගමන් කල අප මද විවේකයක් ගැනීමට අසල තිබූ ගල්පරයක අසුන් ගත් අතර බඩ කට පිරෙන තුරු ජලය පානය කල පසුව වටපිටාව දෙස අවධානයෙන් බැලූ අපට දිස් වූයේ වලසකුගේ පා සළකුණුයි. දිය මංපෙත් හරහා, කුඩා කදු පල්ලම් හරහා, ඇත්බැද්ද කදු පන්තිය සහ රැවුලා හෙල කදු පන්තිය පසු කල අපට ඒ අතරදී නොයෙකුත් බෙහෙත් ශාක සහ විවිධ වූ සුන්දර සිදුවීම් වලට මුහුන දීමට සිදු විය. මේ වන විට තවත් කිලෝමීටර හතක පමන දුරක් වනාන්තරය මධ්‍යයට අප පැමිණ තිබිනි. අප ඉදිරියෙන් දිස්වූයේ සුන්දර ඔයකි. මැණික් ඔය නමින් පටබැදී ඇති එය, නුවරගලින් සහ ඇත්බැද්දෙන් එන ජල දහරා එකතුව පෝෂණය වී සුන්දරව පහලට ගලා බසී.
    අපගේ ගමනාන්තය තවත් ඈතින් පෙනෙන අතර ,අප අපට හමු වූ අලි ඇතුන් සහ අනෙක් සතා සිව්පාවුන්ගේ ජල පහසුව ලබා දෙන මැණික් ඔයට පැන නා ගත්තේ දහවල් ආහාරය සුවසේ ලබා ගැනීමට අවශ්‍ය වූ නිසාවෙනි.
    සීතල වතුර ටිකක් නාගෙන බත් ටිකක් කාලා ආයෙත් ගමන පටන් ගන්නකම් අපිත් එක්කම පොඩි විවේකයක් ගමු.
    පළමු කොටස මෙපමනයි. හෙට දවල් එකට බලන්න පුලුවන්
    අනිත් කොටස තව ටික දොහකින්.. ලස්සන වීඩියෝ එකක් එක්කම බලමු. - මම දීනේෂ්

Комментарии • 957

  • @mansaranna
    @mansaranna 2 года назад +395

    දිනේෂ් අයියේ කියන්නේ ඉතිං ටාසන් වගේ තමයි 💙 කියන්න වචන නෑ සුපිරි ✌️ Waiting for part 2 🌱

    • @dinesharajakaruna5910
      @dinesharajakaruna5910 2 года назад +10

      Oyage vidio maruuu.mage putha hari asai

    • @h.p.jayawardhana
      @h.p.jayawardhana 2 года назад +12

      ඔයත් බලනවද 🤓🙆❤️‍🔥

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 года назад +8

      Oyage campaign videos cha. Apita travel vlogs denna

    • @shainbro5823
      @shainbro5823 2 года назад +9

      මන් සරන්නෝ අලුත් වීඩියෝ එකක් ඔනි ඉක්මනට ❤️🌿

    • @hansimalshani4430
      @hansimalshani4430 2 года назад +6

      ඒ කතා වැඩක් නෑ ඔයත් අලුත් වීඩියෝ එකක් දාන්න ඕන ලගදිම..දිනේෂ් ගෙ වගේම ඔයාගෙ වීඩියෝ බලන්නත් මග බලන් ඉන්නෙ..😊😊

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 года назад +124

    දිනේෂ් අයියා Video එකේ ඔයාටම Unique වෙච්ච ඒ ගතිය වෙනදා වගේම තියෙනවා ජය 🤝 ❤🌿

  • @mansaranna
    @mansaranna 2 года назад +18

    1st comment eka magen 💙

    • @dimuthu3491
      @dimuthu3491 2 года назад

      අපි ඔය මහත්තයගෙ වීඩියොත් බලනව ඈ 😍

    • @Wansliu
      @Wansliu 2 года назад

      Hay

    • @ip6868
      @ip6868 2 года назад

      Malli geth thawa video ekak ikkamanata onne 👍🌴❤️‍🔥❤️

    • @lakshan4331
      @lakshan4331 2 года назад

      බොසා

  • @NirmalChinthaka-g8k
    @NirmalChinthaka-g8k 13 дней назад +1

    ඔයාගේ මේ විඩියෝ බලලා මන් පිස්සු වැටිලා ඉන්නෙ අයියා.ලන්කාව මෙච්චර ලස්සනයි කියලා දැනගත්තේ ඔයාගේ මේ විඩියෝ බලලා.. මන් දැන් ඉන්නේ ඩුබායි වල .. ලන්කවට අපු දවසේ ඉදන්ම ඔයා වගේම මත් ලන්කවේ සුන්දරත්වය හොයගෙන ඇවිදිනවා අයියා... ඔයාට ගොඩක් පින් මේ සුන්දර පුන්චි රටේ ලස්සන මන් වගේ දැකගන්න වාසනාවක් නොතිබූනු අයට පෙන්නනවට අයියා....❤❤❤

  • @sandzbern
    @sandzbern 2 года назад +89

    විජේ මාමාට වතුර එක පිළිගන්නපු විදිය හරිම වටිනවා brother ❤ ආදරෙයි..ඔහොම යමු ❤🌿

    • @janakasirinanda2258
      @janakasirinanda2258 2 года назад +3

      එකෙන්ම ඒක ෆට්ට 🔥🔥♥️

    • @hashenthennakoon9523
      @hashenthennakoon9523 2 года назад +2

      ඔව් ඒක නම් හරිම නිහතමානී 👍

  • @hansimalshani4430
    @hansimalshani4430 2 года назад +3

    බලන්න හදිස්සියට ඔෆිස් එකේදි ටිකක් බැලුව..ඒත් දැන් තමයි ඔක්කම බලල කමෙන්ට් කරන්න ටයිම් එකක් හම්බ උනේ..වීඩියෝ එක සුපිරියි අයියේ..ඉතිරි එකත් ඉක්මනට තිබුනොත් හොදයි...😊😊අර මුලදි හම්බ උන යාලුවො රන්චුව ඔයාගෙ වීඩියෝ එකට මාරම ලස්සනක් එකතු කරා..සත්තු උනත් ඔයා හරි සුන්දර කෙනෙක් කියල තේරුන් අරන් වගේ එයාලත්...වෙනද වගේම ලස්සන තැනකදි ආයෙත් හම්බ වෙමු අයියෙ ..දිනේශ් පැතුම් ❤️❤️ඔයාට සුබ පැතුම්...😍😍

  • @dinalisaranga1645
    @dinalisaranga1645 2 года назад +2

    Salor ගේ වීඩියෝ එකට අයියා දාපු comment එක දැකලා බැලුවේ. අයියා තරම් නිහතමානී travller කෙනෙක්ගේ වීඩියෝ බලන්න ලැබුණු එක පිනක්.🙏🙏👍👍💪💪

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 года назад +18

    තිසාහාමිලා, පොරමොලා, හදුනලා, සුදුහූරලා රවුම් ගහපු පාරවල් දිගේ.....
    ඔය පැත්තේ රවුම් ගහන්න ස්පිට්ල්ගේ, මැකීගිය දඩමං, වන සරණ.....හොද හේතු තමා ❤️💚

  • @madhushikalugama1855
    @madhushikalugama1855 2 года назад +7

    අද හුදෙකලා ප්‍රදේශයක් උනාට බලාන රැවුලුගල,මඩුකන්ද කියන්නේ මිනිස්සුන්ගේ වගාබිම් තිබුණු තැන්..ඒත් දශක කීපයකට පෙරාතුව..වාර්ගික අර්බුධයත් එක්ක මේවා හුදෙකලා උනා..එත් වෙලාවක හිතෙනවා මිනිස් වාසයෙන් එපිට තිබුණු නිසා අදත් නොනැසී ඒ සුන්දරත්වය නිර්ලෝභීව විඳගන්න පුලුවන් කියලා.කොයි හැටි වෙතත් මේ සුන්දරත්වය විදින්න නම් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා..
    විජේ මාමා කියන්නේ හොද මනුස්සයෙක්..මටත් වතාවක් එයා එක්ක යන්න පුලුවන් උනා..හැබැයි වෙනස මේ වගේ සුන්දරත්වය විදින්න නෙවේ....ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන්ම මේ කැලය ආරක්ෂා කරන්න..ජයවේවා..

  • @danpriyasad2557
    @danpriyasad2557 2 года назад +23

    දිනේෂ් ගේ එවා මම නමි මග හරින්නෙ නැතුව බලනවා කතා කරන විදිය සහ කරන වැඩ දැක්කම යන තැන් දැක්කම හිතා ගන්න බැ නිරෝගී සුවය ලැබෙිවා සහොදරයා ...තව තවත් ශක්තිය ලැබෙිවා...

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +9

      නිහතමානී අගය කිරීමට ස්තූති.. සොභාදහම රැකගැනීමට සහ එහි උන්නතිය සදහා හඩ නගන ඔබට අනේකවාරයක් ස්තූති..🌿❤️🇱🇰👏

    • @user-bw7ms8qw8s
      @user-bw7ms8qw8s 10 месяцев назад

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 года назад +65

    මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ වචන නෑ කියන්න. මුලු ගමනේ ම මුලු අත්දැකීමම අපි එක්ක ලස්සනට බෙදා ගන්නවා.❤️ love you 😍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 года назад +14

    කැමරාව ඉස්සරහ කරන රඟපෑමක් නෙවෙයි නම් ඔය රියල් උඹම නම් පට්ට කොල්ලෙක් යාළුවා උඹ නම්... අර මාමට දෙන ගරුත්වය දැක්කම මම උඹට ගරු කරනව මචං ❤ ජයෙන් ජයම වේවා ❤👌🌟

    • @slj3145
      @slj3145 2 года назад

      pala ballo yanna 😂😂👎

  • @krishankalpage3566
    @krishankalpage3566 2 года назад +21

    දිනෙන් දින දියුණු වේවා ❤️

  • @ganushlasantha5822
    @ganushlasantha5822 2 года назад +30

    අවාරෙ සිරිපා වීඩියෝ එක දෙවනි සැරේට බල බල හිටියෙ 🖤🖤

  • @Badshen99
    @Badshen99 2 года назад +29

    අයියගේ වචන හසුරුවන විදියෙන් තේරෙනවා පරිසරයට තියෙන ලැදිකම කොච්චරද කියල අපිට හයික් කරන්න බැරි උනත් ඔයාල මේ දාන වීඩියෝ එකකින් අපිත් ඒ අත්දැකීම විදිනවා දිගටම ඔය විදියට ගමන් යන්න පරිසරය පරිස්සන් කරන්න ඔයාලත් පරිස්සන් වෙන්න අයියේ ජය වේවා බුදුසරණයි ❤

    • @shyamamawelage9342
      @shyamamawelage9342 Год назад

      ඔයා ල හරිම උත්සහ වන්තයි...අපෙන් සුබ පැතුම් ශක්තිය ලැබේවා ❤❤

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 10 месяцев назад +2

    බිම වැටිල තියන කොලයක පවා අමුතු සුන්දරත්වයක් දකින කෙනෙක් දිනේෂ්.සුන්දර මනුෂ්‍යයෙක්

  • @sumedhasampath6283
    @sumedhasampath6283 2 года назад +9

    අයියා විජේ මාමාට කරන උපහාරය නම් නියමයි ❤️❤️ඔය වගේ සුන්දර මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අප්‍රසිද්ධව ඉපදිලා අප්‍රසිද්ධව මැරෙන්නෙ වෙන්නෙ...ඒත් අයියා ජීවිත වලට වටිනාකමක් එක් කරනවා....මට බමරකන්ද දිය ඇල්ල අමතක උනත් විජේ ඇල්ල අමතක වෙන්නෙ නෑ ❤️❤️බුදු සරණයි අයියා ට,විජේ මාමට ,ලොකු පීරිස් ට❤️❤️💪💪

  • @OSHANVOLG
    @OSHANVOLG 2 года назад +38

    කොරොනා වයිරසය නිසා ගෙදරට වෙලා ඉන්න අපිට 🙈🌲🌳🌴 ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතියි

  • @amandaurapolage4845
    @amandaurapolage4845 2 года назад +16

    හරි ලීඩර් කෙනෙක් නෑනේ අපිටත් 😅💪🏻

  • @abeeshalakshan8927
    @abeeshalakshan8927 2 года назад +7

    සද්දාතිස්ස රජ්ජුරුවන්ගෙ මාලිගාව නුවරගල කන්ද අතුලේ .ලංකාව හාමතෙන් බේරගන්න පුලුවන් සම්පත් තියන නුවරගල .අපේ ගමෙ අපි යන්නේ නැති තැන් ඔයා පෙන්නනවා එක මරු❤️

  • @nruthyagraphics5858
    @nruthyagraphics5858 2 года назад +6

    හැමදාම වගේ මේක ගැන කියන්න වචන නම් නැහැ .දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා .වැඩිහිටි කෙනෙකුට වතුර එකක් දෙනකොට ඔය වගේ අවස්ථාවක දාගෙන ඉන්න cap එක ගලවලා දෙන්න ඔයාට මතක් වුන එක😮😮 wow ඒක දැක්කම ඔයා මරු👌 කියලා හිතුණා ❤️ මම හිතං හිටියේ film එක බලන්න .ඒත් ඔයා දුන්නේ episode එකක්😃 Episode 02 දෙනකන් බලං ඉන්නවා❤️☘️🌿🖤ඉක්මනට ඕනේ 😍

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 2 года назад +5

    මේක බලන්න සතියක් හිටියා..එක්සෑම් ඉවර වෙනකම්😍♥️🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      ගොඩාක් ස්තූති

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 10 месяцев назад +1

    මමත් පුදුම විදියට දිනේෂ් මහතාගෙ videos වලට ඇබ්බැහිවෙලා.ඒතරම් ලස්සනයි ඉදිරිපත්.කිරීම. ඒ වගේම අපේ රටේ ලස්සන තැන් පෙන්වන ආකාරයට මේ විදියට ආසයි සංචාරය කරන්න. ❤

  • @pasanmaleesha1278
    @pasanmaleesha1278 2 года назад +18

    නුවරගල ගැන වීඩියො වලින් දැක්ක සුපිරිම එක DAP . කවුරුත් වැඩිය ගිහිල්ල නැති මේ වගේ වියලි කලාපය ගැන වීඩියෝ නම් නියමයි. 100% සුපිරි.❤🍀

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj 2 года назад +6

    හැමෝටම බැ ඔයාට වගේ ස්වභාදාහමට ඔච්චර ආදරෙන් කතා කරන්න , ආදරෙ කරන්න, ඒකට ගොඩක් පින් කරල තියෙන්න ඕනේ, බුදුසරණයි පරිස්සමින් ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      බෙහෙවින්ම ස්තූති .. බුදු සරණයි

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 2 года назад +27

    අවාරේ සිරිපා ගමනෙන් සෙට් වුනේ අයියේ ඔයාව..... පට්ට අලුත් එකක් එනකන් බලන් හිටියේ. හදවතින්ම wish කරනවා

    • @sanjiwapriyadarshana2083
      @sanjiwapriyadarshana2083 2 года назад

      Reply akak onimay🌝

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 года назад +1

      Math machoo ft video tika

    • @wesgi
      @wesgi 2 года назад +1

      Math

    • @manothvindana2761
      @manothvindana2761 2 года назад

      මමත් බැලුවෙ අවාරේ සිරීපාදෙ එතන ඉදන් සේරම බැලුව

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 года назад +35

    ජීවිතේ ගොඩක්ම විදින වාසනාවන්තම පුද්ගලයෙක්... මුලු ගමනම අපි එක්ක බෙදාගන්නවා... ඒකටයි කැමතිම❤️🇱🇰

  • @user-cl7ow2yw6t
    @user-cl7ow2yw6t 2 месяца назад +1

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🫀😍❤️

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 2 года назад +3

    අර මාමට වතුර කෝප්පෙ දෙනකොට දාගෙන හිටපු cap එක ගලවලයි ඒ වතුර එක දුන්නේ.. ඒ නිහතමානී ගරු කිරීමට ආදරෙයි.. ❤ නියම වැඩක් අයියා.. ජීවිතේ විඳින්න තියෙන හොඳම විදිය මේක.. ❤අයියා.. ❤️

  • @nipunisewwandi6846
    @nipunisewwandi6846 2 года назад +12

    ලස්සන වීඩියෝ එකක් අපිට දෙන්න වින්ද වේදනාව දන්නේ කකුල් දෙක විතරයි 🥺
    ජය 🌴🌳🍃🍂❤️

  • @nagoyaa.r6197
    @nagoyaa.r6197 2 года назад +3

    ලස්සනම හදවතක් තියන මනුස්සයෙක්👏♥️🍃

  • @tharakagimhan4909
    @tharakagimhan4909 2 года назад +2

    ඔය හැමතැනකම ඇවිදල තියෙනව.. ඔය විජේ සීය එක්ක.. වැව අයිනෙ තියන ගෙදර... හරිම හොද මනුස්සයෙක්.. කැලේ ගැන අස්සක් මුල්ලක් නෑර දන්නව.. අවුරුදු 70ක් විතර වෙනව.. ඒ උනාට මී හරකෙක් එක්ක උනත් ඔට්ටු වෙන්න හයිය හත්තිය තියෙනව.. හරි සතුටුයි.. මතකයක් මෙහෙම බලන්න හම්බවෙච්ච එක

  • @thilinabandara7395
    @thilinabandara7395 2 года назад +9

    අංග සම්පූර්ණ මනුස්සයෙක්❤ ලස්සන ජීවිතයක් ❤

  • @ip6868
    @ip6868 2 года назад +3

    Video eka danakan blan hitiyee 👍❤️🌴 patta ❤️‍🔥supiri❤️‍🔥lassanai ❤️සුන්දරයි ❤️ koi ගියත් parissamen තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dimuthu3491
    @dimuthu3491 2 года назад +3

    Notifiya ආපු ගමන් ආවෙ

  • @ATW116
    @ATW116 2 года назад +4

    ඔබ දැක්ක පේර වගේ කීවේ, කුකුරුමාන්/මදනපල නැමති වමනකාරක ගුණය සහිත වටිනා දේශීය ඖෂධීය ශාකයි.මෙවැනි තොරතුරු හා දර්ශන රැගෙන එන,
    Mr.Dinesh ඔබතුමාට තවත් ශක්තිය ලැබේවායි පතනවා.

  • @dulajsankalpa3259
    @dulajsankalpa3259 2 года назад +5

    සමහර ක්ලිප්ස් ගන්න පැය ගානක් ඇවිදින ගමනේ ආයේ අඩි 50,100ක් ආපස්සට එනවා..පින් අයියේ ❤️🙏

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 года назад +14

    තොප්පිගල - නරකමුල්ල,
    වැලිකන්ද - නෙළුගල
    අපේ උරුමයන් සැගවුනු ප්‍රදේශ දෙකක්. යන්න පුළුවන්න ගොඩක් වටිනවා

  • @maleeshadissanayaka5439
    @maleeshadissanayaka5439 2 года назад +2

    Superb brother 🙌 😻
    බලාගෙන හිටියෙ video එක දානකන් ❣️🇱🇰

  • @user-ng5uc9eg5q
    @user-ng5uc9eg5q 2 года назад +3

    ,අනේ වීඩියෝ එක දාල සතියකට පස්සෙ දැක්කෙ මාරම සතුටුයි දැක්කාම,ඒත් අන්තිමටම ඉවර කරද්දි මාරම දුකක් ආවෙ 😥😥😁❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      ගොඩාක් ස්තූති .... අවසාන කොටස බැලුවද

    • @user-ng5uc9eg5q
      @user-ng5uc9eg5q 2 года назад +1

      @@DineshAPathum ඔව් අය්යෙ බොහොම ස්තූතියි ඔයාට මේ වගේ වීඩියෝ අපිත් එක්ක බෙදා ගන්න එක ට ❤️❤️❤️❤️

  • @madubhashaniweerasinghe5747
    @madubhashaniweerasinghe5747 2 года назад +4

    අපිට ලස්සන දේවල් පෙන්නන අයියට ගොඩක් ස්තූතියි. 💪🌿ලගදිම හැමෝම දන්න චැනල් එකක් වේවි ❤

  • @teckmalli1021
    @teckmalli1021 2 года назад +3

    Niyamai ❤️‍🔥

  • @sandamalinirupa9513
    @sandamalinirupa9513 Год назад

    අපේ රටේ ගොඩක් සුන්දර තැන් තියෙන vedioes ,IMMEGES මන් බලනවා...
    DAP සුපිරි🙏❣️

  • @ishankasadamali4259
    @ishankasadamali4259 Год назад +1

    අවාරේ සිරිපා කරැනා වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ වීඩියෝ ගොඩාක් බැලුවා. ලස්සන වීඩියෝ ගොඩාක්. හරිම ලස්සනයි දිනේෂ් අයියේ ඔයා නම් නියමයි. 👍

  • @isurusandamina
    @isurusandamina 2 года назад +17

    අලුත් එකක් එනකන් බලන් හිටියේ.පරිස්සමෙන් අයියේ❤️

  • @Nirosh675
    @Nirosh675 2 года назад +4

    ''ලස්සන දේවල් බලන්න අවදානමක් ගන්නම වෙනව'' හැමදාමත් වගේ සුන්දර ගමනාත්තයක්.ජය වේවා!

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Год назад

    අනිවාර්යයෙන් වැඩ්හිටියන්ට ගරු කිරිම ඉතා වැදගත් බුදු සරණයි

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 2 года назад +2

    අමිමෝ සුපිරි මම මෙිවා ඩවුන්ලෝඩි කරලා ටිවි එකෙන් බල්න්නෙ එතකොට පටිට

  • @kulasekara5679
    @kulasekara5679 2 года назад +11

    ඉවසීමෙන් බලාගෙන හිටිය එක නම් පාඩුවක් නෑ වගෙයි. Vlog eka ලස්සනයි💪 ජය වේවා ලොකු පීරිස් , විජේ මාමා 💪

    • @umeshakulasekara826
      @umeshakulasekara826 2 года назад

      ඔව් ඔව් පාඩු නෑ...... ජය වේවා.... 🤩🌝

  • @mapamilee4635
    @mapamilee4635 2 года назад +7

    මේක කෙලින්ම ඇබ්බැහියක් ආයෙ වචන නෑ ❤️❤️❤️🌹🌹🧘🧘🧘

  • @SachiyasDiary
    @SachiyasDiary 2 года назад +4

    එනකන් බලන් හිටියේ ❤️

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 года назад +20

    අද vlog එකත් හරිම ලස්සනයි. ගොඩක් පරිස්සමෙන් හැමදාමත් මේ වගේ vlogs කරන්න ලැබෙන්න කියලා විෂ් කරනවා. ❤️

  • @rashmisandakelum8467
    @rashmisandakelum8467 2 года назад +4

    එ ගෙවුන විනාඩි 55 දැනුනේ මාත් ඔයාලා එක්ක අවා වගේ... මහන්සි වෙලා සීතල වතුර නලා රස කෑම වේලාක් කන එ හෑගීම මට දැනුනා..😌😍 සල්ලී දීලාවත් ගන්න බැරි එ සුන්දරත්වය දුන්නට ගොඩක් පින් අයියේ.😘😘😘😘

  • @OSHANVOLG
    @OSHANVOLG 2 года назад +9

    ස්තුතියි අයියේ 🌺මේ ලස්සන පරිසර අපිට පෙන්නුවාට

  • @manishaasangi6683
    @manishaasangi6683 2 года назад +2

    පිස්සුවෙන් වගේ video ටික බලලා මේ video එක එනකල් බලාගෙන හිටියේ්..කියන්න වචන නැහැ ..මාරම ලස්සනයි.❤👍 දැන් ඇබ්බැහි වෙලා..මේකනම් පිස්සුවක්..ආදරෙයි ❤ පරිසරය ඒ විදිහටම අපිට විදින්න දෙනවාට 🌿❤️❤️❤️

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 2 года назад +2

    good luck ayiya 😍💚✌

  • @glamoureofblackarrow2327
    @glamoureofblackarrow2327 2 года назад +3

    Video එකක් එනකම් බලන් හිටියෙ අයියෙ පරිසරේ ලස්සනත් එක්ක ඉගෙනගන්නත් ගොඩාක් දේවල් කියල දෙනවට ගොඩාක් පින්❤️❤️

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 2 года назад +3

    අමිිමෝ දැක්ක කල් මල්ලීයො පරිස්සමට වැඩ කරන්න මෙදවස්වල වැස්සනෙ බුදු සරනයි

  • @lakmalepc1283
    @lakmalepc1283 2 года назад +1

    පරිසරකාමී ඔඛයි අපේ විරැවා🖤💚🖤

  • @sujee1425
    @sujee1425 2 года назад

    හරිම ආසාවෙන් බැලුවේ අම්පාරෙ වෙලත් මම මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නැ හරිම ලස්සනයි ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 года назад +11

    හැමදාමත් වගේ සුපිරි වීඩියෝ එකක් තමයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingwiththaka417
    @gamingwiththaka417 2 года назад +7

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ,වෙනද වගේම Good luck brother ❤

  • @sakunthayomal174
    @sakunthayomal174 2 года назад +2

    Video apu gaman baluwa ..hamadama wage kiyanna wachana na ft ma 💪💪💓💓💓💓✌✌✌👌👌👌

  • @vishwavihaganath333
    @vishwavihaganath333 2 года назад +1

    apita balanna bari sthana ayya pennanawa godak pin ayye

  • @supunkavishka2397
    @supunkavishka2397 2 года назад +7

    බලන ගමන් ..😍😘...අයියේ මේක එනකල් බලන් හිටියේ...තෑන්ක්..යූ..බලලා ඉවර වෙලා ....කියන්න...❤

  • @Ish_Mind
    @Ish_Mind 2 года назад +5

    නියමයි ❤

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Год назад

    ආයුබොවන් මම දිනේශ් ❤ අයියේ මඟ හැරුනු වීඩියෝ බලන්න ලැබිමම සතුටක්.... කන්දක් නගින්න හරි ආසයි දැන්නම්. විජේ මමා ත් සුපිරි ඈ.... අපේ හදවතේ මතකයේ ඇති සංචාරකයා 🍃🍃🍃🍃❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Год назад +1

    Oya godak watina manussayek

  • @isuruprabhath2724
    @isuruprabhath2724 2 года назад +3

    දිනේෂ් අයියගේ වීඩියෝ දිග වෙන තරමට අපි කැමති..හැම තත්පරයක්ම රසවත් 😍
    දෙවනි එක දානකල් බලන් ඉන්නවා ❤

  • @dayansathsara6272
    @dayansathsara6272 2 года назад +5

    අම්මෝ ඇති යන්තම් දිනේෂ් අයියේ බලාගෙන හිටියේ අප්ලෝඩ් කරනකම් අපි සෙට් එකම බලන ගමන් තව විඩියෝ ඔනේ බුදු සරණයි අයියේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම 💟😋

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika8074 2 года назад

    අනෙ පුතෙ ඔයාල යන හැම තැනම මම බලනව ඔයාල කැලේ මැදින් යනකොට මගෙ ඇග වෙවුලනව කදු නගිද්දි මගෙ කකුල් වෙවුලනව සත්තු එයි කියල බයයි දෙවියන් වහන්සේ ගෙ ආරක්ශාව ලැබේවා තෙරුවන් සරනයි වැවුවලින් නාද්දිනම් ආසයි මම හරි ආසයි ලස්සන තැන් බලන්න මමඉන්නෙ මාලදිවයිනෙ නිවාඩු ආවාම බලන්න යනව ආදරෙයි පරිස්සමින්

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 Год назад

    අම්පාරේ ලස්සන පෙන්නනවට බොහොම ස්තූතියි

  • @ashenkothalawala4157
    @ashenkothalawala4157 2 года назад +3

    Ayye❤❤❤❤

  • @jeewanthads1724
    @jeewanthads1724 2 года назад +4

    විජේ ඇල්ල... ඒක හරිම අපූරුයි මිත්‍රයා 🙂👌

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      විජේ මාමා වෙනුවෙන් හදවතින්ම කල වැඩක්.. බෙහෙවින්ම ස්තූති

  • @malithpabasara2827
    @malithpabasara2827 2 года назад +2

    මේවා හරි නම් TV එකේ යන්න ඕනේ ඒවා. ඒ තරම් වටිනවා❤️‍

  • @kingproyt5348
    @kingproyt5348 2 года назад +2

    නියමයිනේ

  • @wnt6596
    @wnt6596 2 года назад +4

    එල, එල සහෝදරයා , පරිස්සමින් දිනා

  • @tharuranasinghe7489
    @tharuranasinghe7489 2 года назад +7

    අන්නේ ලස්සනයි දිනේෂ් අයියේ.....ලොකු හයික් එකක් දැම්මට thanks හොදේ....පරිස්සමින් ඉන්න බුදු සරනයි.......😍🤗

  • @harshatharanga2862
    @harshatharanga2862 2 года назад +1

    ස්තූතියි සහෝදරයො මේ දේවල් පෙන්නුවට පොඩ්ඩක්වත් skip නොකර බලන වීඩියෝ ඔයාගෙ ඒව විතරයි සුබ ගමනක් බුදු සරනයි ගොඩාක් වෙලා නොගෙන වීඩියෝ දාන්න සහෝ හැමෝම පරිස්සමෙන් ජය ...

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 года назад +1

    Wahane yana tikath poddak dammana thawath patta❤

  • @nishushani3336
    @nishushani3336 2 года назад +3

    අම්මෝ ඇති යන්තම.හැමදාම අලුත් video1එනකම් බලන් හිටියේ.යන එන ගමන පරිස්සමින්.බුදු සරණයි..😘😘

  • @nethum_nimsara
    @nethum_nimsara 2 года назад +4

    නියමයි අයියේ❤️🔥

  • @ruwankumara8197
    @ruwankumara8197 2 года назад +1

    Part 2එනකම් බලන් ඉන්නේ මාරම ලස්සනයි ගමන. බුදුසරණයි පරිස්සමට. ❤❤

  • @gamingmartiya619
    @gamingmartiya619 Год назад

    පින් කරපු ඇසක් ඔබට හිමී 💕😍

  • @sasifdo3642
    @sasifdo3642 2 года назад +7

    අම්මොව්ව්ව් මෙන්න විඩියො එක දලා😍😍බලන ගමන් ඉන්නෙ 😍😍💪

  • @SP-lh9qo
    @SP-lh9qo 2 года назад +4

    අම්මෝ පට්ට ආසාවෙන් ඉදියෙ අලුත් වීඩියෝ එකක් එනකම්😍😘

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 Год назад

    නියමයි ගමන.. Ataharinna hitennema na 9yalat ekkama apit nikanma yanawa, බුදුසරණයි

  • @thusanthapathirana738
    @thusanthapathirana738 Год назад

    Balanna kalim onna damma oyage wada සටහන godak ලස්සනයි me දැරණියගල kosgha kande තියනවා rajuruwa galak parana oekak oya yanna ගොඩක් වටිනවා

  • @sanjuartist
    @sanjuartist 2 года назад +3

    ස්වභාදමට තියන ආදරේ තේරෙනවා ඔයා එයත් එක්ක කතා කරනවා දැක්කම🤍

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 года назад +3

    පට්ට brother😍💫

  • @travelwiththanushka9508
    @travelwiththanushka9508 2 года назад +1

    දෙවනි පාරත් බැලුව වීඩියෝ එක අයිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 2 года назад +2

    මෙච්චර සුන්දර වීඩියෝ එකකට unlike කරන මිනිස්සුත් ඉන්නවනෙ හැබෑවටම.. 🤨 ලස්සනට නිහතමානීව කරන සුන්දර vlog එකක්. නියමයි අයියා, ලංකාවේ #beargrylls

  • @ishankadilshan10
    @ishankadilshan10 2 года назад +6

    🥰🥰❤❤ කිව්ව වෙලාවටම.

  • @chamirawewakumbura5412
    @chamirawewakumbura5412 2 года назад +4

    The best virtuous, disciplined traveler I have ever seen. Best of luck for your further . Mali❤️❤️🌳🌿💚

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 2 года назад +1

    Vedio eka anakam balan hitiye..balalama comment ekak dennam,soo excited .....😍😍😍

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb3208 2 года назад +1

    අම්පාරේත් දියඇලි තියෙනව කියලා අද දැනගත්තු මම 😌 ....
    ස්තූතියී දිනේෂ් ලොකු පීරිස් , මාමා 😌❤️❤️❤️

  • @koreannetwork
    @koreannetwork 2 года назад +4

    කොරියාවේ ඉදලා ආදරෙන් බලනවා හැමදාම... නියමයි.. ❤❤😘😘

  • @sampathindrarathna3675
    @sampathindrarathna3675 2 года назад +4

    මම බලපු හොදම Video එකක් අපිත් මේ ගමන යනවා වගේ දැනෙනවා.. කියන්න වචන නැ මචන්.. සුපිරිම... ❤❤
    එක දිගටම බලගෙන හිටිය ඉවර වෙනකල්ම..කරන හැම දෙයක්ම පරිස්සම් ඇතුව කරගෙන තවත් සාර්ථක වෙන්න කියලා පතනවා.. 👌👌
    තව දෙයක් මචන්... 35:06 පෙනුම ගැන හිතන්නෙ මොනාද උබ ලස්සනයි... 😜😜

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      එහෙනම් ගොඩ... ගොඩාක් ස්තූති

  • @sunilxcode
    @sunilxcode 2 года назад +1

    සොභාදම් බිමේ දිදුලනා රැස්කිරනින්
    ඔබේ සුන්ඳර වදන් සවනේ රැවුදිදී....
    මේ නැගෙන්නේ අපේ මවුබිමේ
    අභිමානයයි......
    ඔබේ දෑතේ ශක්තිය මේ
    පින්බිමේ ධන උල්පතයි......

  • @ajiwm7991
    @ajiwm7991 Год назад +1

    MN inne 11vasare O/l valata padam karala mahannsi unama balanne oyage video thamai ...math dann godak than vala giya vage danenava ..
    Thank you. D A P Dinesh aiye⛰️⛰️⛰️⛰️