ඉතාලියේ පාසැල් අධ්‍යාපනය | Education system in Italy

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,2 тыс.

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  3 года назад +182

    බටහිර රටවල අධ්‍යාපනය කරන්න සල්ලි ගන්නව කියන ප්‍රචාරය සම්පුර්ණ වැරදි පට්ටම කෙබරයක්. ලංකාවෙයි ඉගෙන ගන්න සල්ලි යන්නෙ. ඉතාලියේ ඉගෙන ගන්න ළමයි ඉන්න පවුල් වලට assegni famigliare කියල මාසිකව රු. තිස්දාහක් පමණ වන දීමනාවක් ඉතාලි රජයෙන් දෙනවා. ඒක මමත් ලබනවා. කිසිම කෙනෙක්ගෙ පස්සෙ නොයා මගේ පේ ෂීට් එකටමයි ඒක එකතුවෙලා එන්නෙ. මෙහේ අධ්‍යාපනය සල්ලි යනවකියන කතාව ලංකාවෙ මිනිස්සු අන්දන්න හදපු පට්ටම කෙබරයක්. කාලයක් ඉඳලම සැළසුම් සහගතවම ලාංකික ජනතාව බරපතල ඇන්දීමකට ලක් කොට තිබෙනවා දූෂිත බලවේග විසින් බොරු ප්‍රචාරය කිරීමෙන්. සල්ලි යන්නෙ පාසැල් පොත් වලට විතරමයි. ඒකත් දුප්පත් අයට ඕනතරම් සහන තියනවා රජයෙන් සහ නාගර සභා වලින්. ඉස්කෝලෙ විනෝද ගමන් වලට පවා දුප්පත් ළමයින්ට ඉස්කෝලෙන්ම සල්ලි දෙනවා. ලංකාවෙ හීනෙකින්වත් හිතන්න බැරි නිදහස් නොමිලේ අධ්‍යාපනයක් මේ රටවල තියෙන්නෙ. යුනිෆෝම් නැති නිසා තමන්ට තියෙන ඕනම ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් වීමත් ලොකු වියදම් අඩුවක්. දැන්වත් ලෝකය ගැන ලංකාවෙ පතුරවා තිබෙන බොරු මත වටහා ගන්න මෙන් හැමෝගෙන්ම ඉල්ලනවා. ස්තුතියි 🙏

    • @therightside360
      @therightside360 3 года назад +6

      Oya ඉස්සෙල්ලා තෙරුම් ගන්න යුරෝපයේ මිනිසුන් දියුණු උනේ අනුන්ගේ රටවල් මංකොල්ල කාලා .ඔයා ඉස්සෙල්ලා අපේ රට වක්‍රව විවෙචනය කරන වැඩේනම් කරන්න එපා.ඔයා ඉතාලි කාරයන්ගේ බැල මෙහේවර කරාට ලංකාවේ දක්ශ මිනිසුන් කවුරුත් ඔයාලා වගේ සුද්දගේ සපත්තු ලේවකන්න යන්නේ නෑහැ ඔයාලා උන්ගේ වහල් වැඩ කරාට කමක් නැහැ හැමොම එහෙම නෑ ඔයා අපිට බයිලා කිව්වට ඔයාට කී පාරක් හිතිලා තියනවද ලංකාවට යන්න ඔයා වගේ 10 ගුනයක් හම්බ කරන්න පුලුවන් මිනිසුන් මෙහෙ ඉන්නවා ඔයාලගේ ලමයි ඉගෙන ගත්තත් එ අයට ඔයාලගේ ලමයි තවත් වහලේක් තමයි එ නිස ඔයා සුද්දගේ පස්ස ලෙව කෑවට කමක් නෑ එකේ රහා ලොකෙට කියලා අපේ රට හැහැල්ලු කරන්න එපා

    • @ssmfernando
      @ssmfernando 3 года назад +53

      @@therightside360 මේ කියන දේවල් ඇහෙද්දී උහුලගන්න අමාරුයි නේද? ඔබ තුමා දන්නවද මේ සුදන්තක මහත්මය සුද්දන්ගේ පස්ස පැත්ත ලේවකනවද, නැත්තම් එතුමා යටතේ සුදු මහත්වරු වැඩ කරනවද කියල. ඉස්සර අපේ මුතුන් මිත්තන් සුද්දගේ අහවල් එකත් ලෙවකාලා තමයි ගොඩ ගියේ. හැබැයි එහෙමයි කියලා යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන අපේ සිංහලයෝ සුද්දන්ගේ අරක ලේවකන්නේ නැහැ. දැන් තියෙන්නේ දියුණු ලෝකයක්. හැමෝම සම සමව වැඩ. මටනම් හොදටම විශ්වාසයි සුදන්තක මහත්මයටනම් හිතිලා නැතුව ඇති ඉතාලිය වගේ රටක් දාල ලංකාවට යන්න. මොකද යුරෝපේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල තියෙන කොලිටි ඔෆ් ලයිෆ් එක දැනගන්න එන්නම ඕන. එක තමයි එතුමත් ඒ පැහැදිලි කරනේ. එතුමාගේ දරුවෝ මෙහෙ ඉගෙන ගෙන අමතුවරුන්ගේ ලියුම් නැතුව, කාටවත් කඩේ යන්නේ නැතුව හොද ජොබ් එකක්, බිස්නස් එකක් පටන් ගනී. එක නෙවෙයි ඔබ තුමා මොකෝ මේ සුද්දගේ youtube එකට වෙලා කරන්නේ?

    • @sam-d6614
      @sam-d6614 3 года назад +29

      ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම හොදයි මගේ දරුවත් ඉතාලියේ අද්‍යාපනය ලබන නිසා මේ කියනදේවල් ප්‍රායෝගිකව මම දන්නව. ඒත් සමහර කුහකයො දාන කමෙන්ට් ගැන බොහොම කනගාටුදායකයි කොහොමත් ඇත්ත කියනකොට ලංකාවේ ඉන්න දේශපාලනේට පස්ස අල්ලන උන්ට ‍රිදෙනව තමයි ඔබතුමා මේ කරන දැනුවත් කිරීමට ඒ දේවල් අදාල කරගන්න එපා.අවසානයට කියන්න තියෙන්නෙ ලංකාවේ දරුවො ගැන බොහොම කනගාටුයි.

    • @u_bate
      @u_bate 3 года назад +19

      @@therightside360 මෙතුමා ව්‍යපාරිකයෙක් කාගෙවත් ළඟ වහල්කම් කරන කෙනෙක් නෙමෙයි

    • @surangawaruna5762
      @surangawaruna5762 3 года назад +30

      සුදන්තක මහත්මා කරන්නේ අපේ රට විවේචනය කරන එක නෙවෙයි .සිංහල මිනිස්සු ගේ ඔලුව සුද්ද කරන එක. අපේ රටේ ඉන්න දේශපාලුවෝ දන්නවා යුරොපයේ ඉගැන්වීම් ක්‍රමය .උන් දන්නෙ නෑ වගේ ඉන්නව .කපටි කමට .තමන්ගේ මඩිය ගැන විතරයි හිතන්නෙ..හැබැයි ගොඩක් මිනිස්සු දන්නෙ නැ වෙන රටවල සිස්ටම් එක.. මේ පිලිබද දැනුවත් කරන එක හොඳයි ........එක්කෙනෙක් කමෙන්ට් එකක් දාල තියනවා රටවල ට අවිත් පස්සවල් ලෙවකනවා කියලා ...කිසිම ලෝකය ගැන දැනුම ක් අත්දැකීමක් නැතුව වැරදි එහෙම කියන එක..බටහිර රටවල් විතරක් නෙවෙයි .කොරියාව .ජපානය වගේ රටවල් තුලත් වැඩකරන ආයතනය තුල උවත් උස් පහත් බේදය නෑ .මම කොරියාව රට වැඩ කරලා තියනවා .මහන්සි වෙලා ආවම ලොක්ක තමයි කෝපි එක හදලා දෙන්නෙ . කෑම කන්නෙ එකට.වෙන වෙනම නෙවෙයි ..වෛද්‍යවරු .සාමාන්‍ය සේවකයන් කියලා කිසිදු කෙනෙක් ට වෙනසක් නැ කිසිදු තැනක . දැන් ජිවත් වෙන්නෙ ඉතාලියෙ. මෙහෙත් එහෙමයි .අපි පිට ජාතිය කියලා වෙනසක් කරන්නෙ නැහැ කවරු වත් .අපේ රටේ මිනිස්සු තමයි කරන කුහක කම් ඔක්කොම කරන්නෙ..අපේ රටේ වටින්නේ සාරවත් පොලොව සහ ගහකොළ .සතා සිව්පාවුන් විතරයි .අනිත් ඔක්කොම හොයන්නේ අනුන්ගේ වැරදි .එකෙක් පාගන උඩට යන්නේ කොහොමද ... සුදන්ත මහතා කරන්නේ මිනිසුන් ගේ ඔලුව හදන එක. ඒකටත් ගරහන්න එපා. මිනිස්සු මේ රටවල ට අව්ත් ලංකාව ට යන්නේ නැත්තේ ඇයි. මේ රටවල හොදින් ජිවත් වෙන්න පුළුවන් නිසා.....අනික නිකම් නිකමුන් වගේ ඉන්නෙ නැතුව .හොරකම් කරන්නේ නැතුව . මේ රටකට ඇවිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගන්න එක ලංකාවේ දේශපාලුවක්ට වඩා වටිනවා.වැදගත් ...

  • @SrilankaEU
    @SrilankaEU 3 года назад +65

    බොහොම වැදගත් .කවදාවත් කවුරුත් මෙහෙම පැහැදිලි කරලා නොදන්න රටක, නොදන්නා ක්‍රමවේදයක් කියලා දෙන්නේ නෑ.ඔබ තුමා කරන වැඩපිළිවෙළ ඉතාමත් අගෙයි.බොහොම ..ස්තුති..❤️‍🔥

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      ඔබටත් ගොඩක් ස්තූතියි

  • @snawarathne4393
    @snawarathne4393 3 года назад +45

    තාත්තා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා. ආදරෙයි දිගටම කරගෙන යන්න ආසම channel එක ❤️❤️❤️

  • @janithnuwan666
    @janithnuwan666 3 года назад +76

    මේක බැලුවහම මාව උස්සල පොළවේ ගැහුව වගේ උනා ලංකාවේ අපි ස්කෝලෙ ගිහින්නැ අපි ගිහින් තියෙන්නේ වධකාගාර වලට කියලා කිවුවොත් එකේ වැරැද්දක් නෑ. මේ වගේ වීඩියෝ දිගටම දාන්න ලoකාවේ මෝඩ යින්ගේ මොලේ පැදෙන්න. මේව බලලා දෙයක් යිගන ගන්න.
    ඔබ තුමාට බොහොම ස්තුති...!

    • @kaviya2532
      @kaviya2532 3 года назад +4

      එකගයි ❤👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +5

      ඔබට ගොඩක් ස්තුතියි ජනිත්. මේ යථාර්ථය අපි හැකි පමණින් අසරණ සමාජයට වටහා දෙමු.

    • @janithnuwan666
      @janithnuwan666 3 года назад +6

      @@lokewatesudanthaka අපි අසරණයි ඇත්තටම ලංකාවේ දේශපාළුවෝ මිනිස්සුන්ගේ ඔලුව විකාර කරලා තියෙන තරන් කීවොත් අපේ මිනිස්සුන්ගේ එකම හිනේ තමයි හල් ටිකයි අල පරිප්පු ටිකයි අඩුවට ගන්න එක. මේ විඩීයෝ බලනකොට පුදුම වේදනාවක් දෑනෙන්නේ. මේවගේ පාසල් ප්ධතියක් ගැන හීනයක් මේ මිනි්සුන්ට දනවන්න පුළුවන් වෙයිද කියන්න මට තේරෙන්නෑ. දිගටම මේවගේ වීඩියෝ කරන්න අපේ මිනි්සුන්ගේ ඇස් පදන්න. ඔබ තුමාට සුබපතනවා.

    • @gllanka1447
      @gllanka1447 3 года назад +4

      මන් දන්නෑ පිස්සු කතා කරනවද ළමයෝ ඔයා අවුරුදු විස්සක්ඇමරිකාවේ ජීවත් වෙච්ච මිනිහෙක් නේද අද ජනාධිපති පුටුවේ ඉන්ඳලා තියෙන්නේ අවුරුදු විස්සක් ඇමරිකාවේ එයාගෙ දරුවො ඇමරිකාවේ ඉස්කෝල වලට නෙවෙයිද ගියේ 😩

    • @janithnuwan666
      @janithnuwan666 3 года назад +2

      @@gllanka1447 mewata denna uththara ne 😒

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  3 года назад +83

    ඔබේ සියලුම කමෙන්ට් වලට මම පුළුවන් තරමින් හෝ පිලිතුරු ලියනවා ඉඩ ලැබෙන හැම විටකම. පිලිතුරු පමා වීම ගැන කණගාටු නොවන්න. හැකි ඉක්මනින් ලියමවාමයි. ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 3 года назад +153

    ලංකාවේ මොට්ටයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය ගැන හරිම කනගාටුයි.. දුකයි අපේ ළමයින්ගේ අනාගතය ගැන.. ස්තූති දැනුවත් කිරීමට...

    • @tkpraja7753
      @tkpraja7753 3 года назад +4

      This is one of the best video given by you with a very wide explanation ❤️ Thank you so much for your great effort, very valuable

    • @tkpraja7753
      @tkpraja7753 3 года назад +3

      It is preferable if you number your episodes so that every one could see everything. It is my idea

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +3

      @@tkpraja7753 Thanks dear 🙏 will do it.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +30

      ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තරම් අවිධිමත් දුෂිත වෙන කිසිම රටක් මට තවම අහු උනේ නෑ. අවම වශයෙන් අප්‍රිකාවෙවත්. හරිම දුකයි.

    • @simplelifewithDilkiandSangeeth
      @simplelifewithDilkiandSangeeth 3 года назад +12

      @@rohanwijesingha7554 ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන තේරුම් ගන්න පුලුවන් යාලුවා උබ දාලා තියන කමෙන්ට් එක දැක්කාම.. සුදන්තක සුද්දන්ගේ පුක හෝදනවාද දන්නේ නම් නෑ... හැබැයි ඔයා නම් ඔය ලංකාවේ මොකෙක් හරි පඩංගු දේශපාලන පක්ශෙක පුක හෝදන බවක් නම් පේනවා..

  • @M.Mravindusanketh
    @M.Mravindusanketh 3 месяца назад +1

    මම මෙ සැත්තැම්බර් වල ඉස්කොලෙ යනව අන්කල්ගෙ මෙ විඩියො එක බලලා මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ස්තුති අන්කල්🙏🙏🙏❤️❤️❤️🇮🇹

  • @dshnet5218
    @dshnet5218 3 года назад +47

    සුදන්තක මහත්තයෝ ඔයා මේ කරන එක හරිම වැදගත් බොහොම ස්තුතියි මම නම් හරිම ආසාවෙන් මේ වැඩසටහන් ....

  • @enokaperera1232
    @enokaperera1232 3 года назад +75

    👍👍👍මගේ බබාලත් ඉගෙන ගන්නෙ ඉතාලියේ. අැත්තටම අපිත් මානසිකව නිදහසේ ඉන්නවා ෙම ඉතාලි අද්‍යාපන ක්‍රමය නිසා. අපේ දරුවෝ.අමතර පංති යන්නෙ නැහැ. විබාග තියෙනවා අපි දන්නෙත් නැහැ. ගුරුදෙගුරු රැස්විම තියලා තමයි විබාගය දරුවෝ කලා කියන්නෙ ප්‍රතිපලත් උසස්. අපිත් නිදහස් දරුවොත් නිදහස්❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +16

      ඔව් මේ අධ්‍යාපන ක්‍රමය සහමුලින්ම රජය වගකීම දරනවා. දරුවන් යනු රාජ්‍යයේ සම්පතක් ලෙස. ලංකාවෙ රාජ්‍ය ඒ සියල්ල ගුරුවරු දෙමාපියන් පිට දාල ඉන්නවා. අති දුෂ්කර ජීවන යුද්ධයට අමතරව දරුවන්ගේ අධ්‍යාපන යුද්ධය රටම ආපස්සට ඇදගෙන යනවා.

    • @limpid1653
      @limpid1653 3 года назад +1

      @@lokewatesudanthaka Ape tate Lamai SIMENTHI KOTTA karagahagena pasel yanne (pasel bagaya ha Poth)

  • @shamalperera4875
    @shamalperera4875 3 года назад +22

    ඉතාම හොද පැහැදිලි නිරවුල් විග්‍රහයක්...ඔබතුමා විතරයි මේ වාගේ ව්දේශීය පාසල් අධ්‍යාපන system එක පලමු වතාවට අපිට සිංහලෙන් කියලා දුන්නේ... ස්තුතියි ....අපේ බලධාරීන්ට මේවා පෙනේවා.. තවත් මේ වාගේ වැදගත් වීඩියෝ ගේන්න ...ජයවේවා ඔබතුමා ට....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +4

      ස්තුතියි ඔබට. බලධාරීන් මේවට බකට් අදිනවා ස්තිරවම විවිධ යටි අරමුණු නිසා. ජනතාව වැඩිපුර දැනුවත් වීම මගින් තමයි යම් බලපෑමක් කළ හැක්කේ

  • @ictsuperguru
    @ictsuperguru 3 года назад +20

    අපි ඉන්නේ හිරගෙදරක.🙁💔.මං නම් දවසක මේ රටින් යනාවමයි කියන එක හීනයක්.මම විදපු පිඩනය දවසක මගේ දරුවෙක් හිටියොත් නොදන එක මානසික නිදහස ලබා දෙන එක මගේ හීනයක්.🙂🍀.අවුරුදු 16 පනිද්දී ආදරය කරන්න ඕනි ඇවිදින්න ඕනි.සතුටින් ඉන්න ඕනි..🙂🍀.අපිට බැරි උනත් එක අලුත් පරම්පරාවට හරි ලැබෙන එක තමා එකම සතුට. .කොන්ඩෙ කපලා රැවුල කපලා යන එකලු විනය ..කෙනෙක් කොන්ඩෙ රැවුල කපන විදිහෙන් රැව්ල කපන විදිහෙන් ඒකේන් තව කෙනෙක්ට හානියක් වෙනවද .. නැනෙ ඉතින් ඇයි තමන් කැමති විදිහට කරගන්න දෙන්ණේ නැත්තේ...ඇයි ඒ වගේ ගොබ්බ නිති තියෙන්නේ හරි දුකයි ඇත්තටම.🙁💔..

  • @amilachandimal758
    @amilachandimal758 3 года назад +20

    ⁣ඇත්තටම හොඳ දැනුමක් ලැබුවා
    අපේ සංස්කෘතියත් ඒක්ක ඔය හැමදෙයක්ම කරන්න අමාරැයි
    ඇත්තටම හොඳ දෙවල් ගොඩක් තිබුන.
    ස්තුතියි ඔබට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +5

      ඔවු මේ හැම දෙයක්ම බැරි උනත් දරුවන්ගෙ මානව හිමිකම් වත් රැකෙන විදියට වැඩ වෙනවනම් ඒකත් ඇති.

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 3 года назад +6

    ගොඩක් වටින පැහැදිලි කිරිමක්. මටත් මේ අත්දැකිම තියෙනවා.ගොඩක්ම ලස්සනයි ළමයා ඉස්කෝලෙ ට ඇතුල් කරන විදිය. මගේ පුතා මෙහෙ ඉපදිල ඉස්කෝලෙ ‍යන වයස ආවම ඉස්කෝලෙ දාන්න යනකොට මටම පුදුම හිතුනා ඒ ක්‍රමවේදය ගැන.ලංකාව ගැන ඇත්තටම දුකයි.
    ජයෙන් ජයම වේවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      ඔව් දැන් ඉන්ටර්නෙට් එකෙන්ම විතරක් ළමයව දාන්නත් පුළුවන්. ඉස්කෝලෙ පටන් ගන්න දවසට එක්කගෙන යන්න විතරයි තියෙන්නෙ

    • @WedikkaraSampathSilva
      @WedikkaraSampathSilva 3 года назад

      @@lokewatesudanthaka ඔව් සුදන්තක මම පුතාව asilo nido දාන එකේ ඉදන්ම හැම දෙයක්ම කලේ. Internet හරහා. Openday එකට ගිහින් ඉස්කෝලෙ බලල එනවා..

  • @LA-hx5kk
    @LA-hx5kk 3 года назад +28

    Europa අදයාපන අතිවිශ්ශ්ටයි.එමගින් ඉතා බුද්ධිමත් සහ තමගෙ වැඩ තනියම කරගනිමට තරම් ශක්තිමත් පුද්ගලයකු බිහිකරනව. Germany යෙ Ausbildung ක්‍රමය ඉතා විශිෂ්ට ක්‍රමයක්. ඔබ ඇත්ත කතාකිරිම නැවත් ඉස්තුති 🙏🍻

    • @rocketman9212
      @rocketman9212 3 года назад +2

      Deutschland koheda oya?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +6

      ඔව් ජර්මනියත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු කැපකිරීම් ගොඩක් කරන රටක්.

    • @rbulahtsinhalage6323
      @rbulahtsinhalage6323 3 года назад +2

      Ow mat Deutschland inna nisa aya anu matha karanwa

  • @savinduherath3605
    @savinduherath3605 3 года назад +8

    පුන්චි පුන්චි දේවල් ගොඩක් එකතු උනාම අන්තිමට එයාල ගොඩනගල තියෙන්නෙ ළමයගේ සිට වැඩිහිටියා දක්වා විකාශනයේ Personality එක තමයි . 👌🏻 ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🏻

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඔව් ළමයා කියන්නෙ රටේ සම්පතක් ලෙස මෙයාල හිතන්නෙ. දෙමාපියන් යනු බාරකරුවන් පමණයි

  • @sajith_848
    @sajith_848 3 года назад +8

    බොහොම ස්තුතියි මාමේ.ඔයාගේ vedio එකෙන් ගොඩක් දැනුම ලබා ගත්තා.මමත් කවදා හරි ඕස්ට්‍රේලියා යනවා මයි.මම ලංකාවේ ඉපදිලා අහිමි කරගත්ත අවුරුදු 21 ක් පමණ කාලය මම නැවත එහෙදි ලබා ගන්නවාමයි. ඔබතුමා මේ ලංකාවේ ඉන්න මිනිස්සුගේ හිත් වෙනස් කරන්න ඕන.ලංකාවේ කොහෙ ගියත් තියෙන්නේ දුක.ඒ ගැන මිනිස්සු හිතන්නෙ නැ. එන්න එන්නම උද්දමනය ඉහළ යනවා.ඔබව අගය කරනවා.ඔබට ජය වේවා...

    • @sadeep_5
      @sadeep_5 3 года назад +1

      mt tma 20i,mmth australia ynw bro

  • @dreamcatcher11.11
    @dreamcatcher11.11 3 года назад +9

    මම දරුවන් සම්බන්ධයෙන් හැමදාම දැකපු හීනේ...කදුලු ආවා මේක බලද්දී.මම හැමතිස්සෙම හිතන්නේ ලමයි හැදෙන්න ඕනා කිසිම බලපෑමක්,පීඩනයක් නැතිව කියලා.බොහොම ස්තුතියි ඔබට මේ දැනුවත් කිරීමට ❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔබේ ඒ මානුෂීය සිතිවිල්ලට ගරු කරනවා. කිසිම ගුරුවරයෙකුට ඔබේ දරුවන්ට ගහන්න බනින්න අනුබල දෙන්න එපා. එය ඔබේ කාරියක් මිස ඔවුන්ගේ කාරියක් නෙවෙයි.

  • @shamalperera4875
    @shamalperera4875 3 года назад +41

    අපේ ලංකාවේ ඔබතුමා කීවා වාගේ "තනතුරු ඌෂ්නේ " කාගෙන් තියෙනවා ....මුල මතක නෑ,සල්ලි හෝ,තනතුර නිසා යාලුවෝ අමතක වෙනවා....ඒ ලංකාවේ හැටි...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +4

      ඒ මානසිකත්වය දෙන්නෙ ළමා කාලය පුරාම දෙන පීඩනයෙන්. හිත ඇතුලෙන් සමාජයට වෛර කරන මිනිස්සු බිහි වෙන්නෙ. හිත් ඇතුලෙ අනිත් අය ගැන තෙතමනයක් ඇති වෙන්නෙ නෑ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයෙන්

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 года назад +15

    හැමෝම සිස්ටම් වෙනස්වෙන්න ඕන කියද්දි වෙන්න ඕන කො⁣හොමද කියල හීනකින්වත් හිතන්නැති පැති තියනව කියල දැනගත්ත.😍😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +4

      ඔව් වෙනස් වෙන්න ඕන කොහොමද කියල කවුරුවත්ම නොකියන්නේ මේව කියන්න බය නිසයි.

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 3 года назад +10

    මම ශ්‍රී ලංකාවේ 🇱🇰 10 වසරේ ඉගෙනගන්න student 👨‍🎓කෙනෙක්. මේක බලපුවාම මට ඇත්තටම හිතුනා අපි විදින දුක මොකක්ද කියලා මට ලංකාවේ Education system එක එපා වෙලා තියෙන්නේ.homework kare නැතහොත්,අතුගැවේ නැතත්,කොන්ඩේ වුණත් ගුටි කන්න ඕනෙ කවදා ලංකාව වෙනස් වෙයිද දන්නෙ නෑ අපිට කොහොම වුනත් අපිට පස්සෙ අයට වත් මේක වෙනස් වෙන්න ඕනේ Italy 🇮🇹 මගේ favorite රටවල් කීපයෙන් එකක් කවදාහරි දවසක යන්න ඕනේ 🥰

  • @jagathrathnasekara1903
    @jagathrathnasekara1903 3 года назад +6

    ලංකාවේ ඉතාමත් අවතක්සේරුවෙන් සලකන පිරිසක් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්( සහ වැඩිහිටියන්) ඒ අය පාසැලේ පමනක් නොව මුළු මහත් සමාජය ම කොන් කරනවා.ඔබට හැකියාවක් තිබෙනවා නම් ඒ වැනි දරුවන් ට ඉතාලිය ඇතුළු බටහිර රට වල ඇති මානුශීය ඇගයීම සහ ඔවුනට ඇති අධ්‍යාපන අවස්ථා කෙසේ දැයි සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් කරන මෙන් ඉල්ලනවා...ඔබට බෙහෙවින්ම ස්තූතියි...ජයවේවා...

  • @ravindrajayalathwijekoon6219
    @ravindrajayalathwijekoon6219 2 года назад

    සුදන්තක අයියේ ඔබට ගොඩාක් ස්තූතියි මෙවැනි දැනුවත් කිරීම් වලට.පාලකයන් කෙසේවෙතත් පාලිතයන්හරි දැනුවත් වෙලා ඉදිරියේදී මොකක් හෝ ක්‍රියා මාර්ගයක් ගනීවි මෙම දැනුවත් වීමෙන.බොහොම ස්තූතියි.

  • @ruwansagara1552
    @ruwansagara1552 3 года назад +4

    ගොඩාක් වටිනවා මගේ දරුවෝ පාසල් යන්නේ මෙහි මේ දේවල් දැනගෙන හිටියට හරියටම දැන ගත්තේ අදයි බොහොම ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔබත් දරුවනුත් ඉතා වාසනාවන්තයි

  • @Pushpa-x6z
    @Pushpa-x6z 3 года назад +16

    හරිම සතුටුයි ඉතා වටිනවා ,ආසාවෙන් බලන් හිටියා. සමහර වීඩියෝ දෙතුන් වතාවක් බැලුවා. ලෝකය පිලිබද දැණුමින් අපව සන්නද්ධ කිරීම ට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @bathiboy
    @bathiboy 3 года назад +24

    ඉතාලි පාසල් යන අපි😍මේක දැකලා ලංකාවේ අහිංසක කොල්ලො කෙල්ලො ඉන්නහැටි😔

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +5

      ඔඑ අනේ පෙම්වතුන්ට දුක ඇති

    • @HarithaSithuwam
      @HarithaSithuwam 3 года назад

      @@lokewatesudanthaka ඔව් අප්පා

  • @SrilankaEU
    @SrilankaEU 3 года назад +3

    ඔබතුමාගේ විනෝදාත්මක හා ප්‍රියජනක ඉදිරිපත් කිරිම සුපිරි .කියන්න වචන නෑ..එක තත්පරයක් වත් අහක දාන්නේ නැතුව බැලුවා..සතුටුයි.. ජය ❤️‍🔥👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔයාට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹

  • @cmpremarathna1275
    @cmpremarathna1275 3 года назад +21

    පාසලේදී ගුරුවරයාට බය(හෝ බය බවපෙන්වන ) ,පාරේදී පොලිස්කාරයාට බය (හෝ බය බවපෙන්වන ) ,තමුන්ගේ සේවාස්ථානයේදී තමුන්ට පහළ සේවකයින් හා තම සේවාදායකයින් බයකරගැනීමට උත්සාහ ගන්නා,දේශපාලකයින් ලඟ නැවෙන ඇඹරෙන හුරුතල්වෙන,සමාජ අයිතීන් හා සමාජ යුතුකම් නොදන්නා ස්‌වයං විනයක් නැති බහුතර මහජනතාවක් බිහිකරේ මේ අධ්‍යාපන ක්‍රමයයි!

  • @kbt3831
    @kbt3831 2 года назад +3

    ලංකාවේ දේශපාලකයන් සහ යම් පංතියක් විසින් සාමාන්‍ය ජනතාවට වසා ඇති දේ හෙලිකල එකට ඇත්තටම ස්තුතියි සහෝදරයා. 88/89 කාලයේ දී ඔබ අපේක්ෂා කල වෙනස මේ ආකාරයෙන් ද වෙනස් කල හැකි බවට මම විශ්වාස කරනවා. දැන් තුවක්කුව ට වඩා සමාජ මාධ්‍ය ප්‍රබලයි. ජයවේවා!

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 года назад +13

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. මට ඉංග්‍රීසි බෑ. ඒත් අනිත් දේවල් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි නැතුව තැනකට එන්න අමාරුයි. මං වගේ අය තව කොච්චර ඉන්නවද. ගොඩක් බාධක මැද ඉගෙන ගත්ත මං වගේ කෙනෙක් පිටරටක අධ්‍යාපනය ලැබුවනම් මං ඉන්නෙ කොතනද කියලා මට හිතා ගන්න බෑ.
    අපේ රටට මෙහෙම වුණේ පාලනයේ දුර්වලතා, ආත්මාර්ථකාමී පිරිසක් ඉන්න නිසා. නූගත් ජනතාවක් හිටියොත් තමයි මේ රටේ දියාරු දේශපාලනය රැදෙන්නෙ දුකයි. 😖

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 3 года назад

      Duk wenna epa uthsha kaloth bary wenne naha goda yanna.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ජනතාව දැනුවත් කිරීමයි එකම විසඳුම

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Год назад

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් සර්.ගොඩක් දේවල් දැන ගත්තා සර්....👍👍❤️❤️💯💯

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 года назад +11

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්.❤️❤️ ඔක්කො වීඩියෝ බ්ලල ඉවරයි ඉක්මනින් දාන්න. ආසාවෙන් බලන්නෙ,😍

  • @pradeepnilantha1359
    @pradeepnilantha1359 3 года назад +2

    ඉතාලියේ අධ්ධයපනය ගැන ගොඩාක් දැනුමක් ලැබුණ බොහෝම ස්තුතියි‌

  • @channapradeep9443
    @channapradeep9443 3 года назад +6

    ගොඩක් වටිනා විදියෝ එකක්, ලංකාවටත් මේවලින් ගත යුතු ගොඩාක් දේවල් තියෙනවා .💗💗💗💖💖💖

  • @Roshanwijesinghe
    @Roshanwijesinghe 3 года назад

    Thank you අයියේ... ලොකු වේදනාවක් තියනවා අපි ගැන... සෑහෙන්න හෙව්වා මෙයාලගෙ අධ්‍යාපන ක්‍රමය ගැන.

  • @xpeakcv
    @xpeakcv 3 года назад +38

    ඔය වගේ ඇත්තම නිදහස් අධයාපනයක් හැදුව නම්, ලංකාවේ මිනිස්සු හූරන් කන පාලකයන්ට ඉන්න හම්බෙන්නෙ නැති නිසා ඔය දේවල් කොහොමත් කරන්නෙ නෑ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +7

      ඔව් එහෙම නොකරන්නේ දේශපාලන අතකොලු වලට රැකියා බෙදා දීමටයි. කොච්චර උගත් උනත් බලු තක්කඩි දේශපාලු හොරෙක්ගෙ ලිවුමක් නැතුව මොකක්වත් දෙන්නෙ නෑ. රැකියා දීම දේශපාලුවන්ට තහනම් කළ යුතුයි

  • @umeshkrishan9277
    @umeshkrishan9277 3 года назад +1

    මේක නම් සුපිරි පැහැදිලි කිරීමක්.
    ඇත්තටම ලංකාවෙ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලන කොට ලංකාවෙ අපි විදල තියෙන්නෙ හරිම දුකක්.

  • @Motiqu89
    @Motiqu89 3 года назад +14

    ඔක්කොම එක දිගටම ඇහුවා. හරි ආසාවෙන් ඇහුවා. අපේ රටටත් අපිට ගැලපෙන ළමයින්ට වදයක් නොවන තරගකාරී නොවන අධ්‍යාපනයක් කවදහරි වෙීවි කියලා හිතනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඊලඟ වීඩියෝ වල මම ඒ ගැනත් පෙන්නල දෙනව මල්ලී

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 3 года назад +1

    ඔබ කරන්නේ ඉතාම වැදගත් දෙයක් .ලංකාවේ අධ්‍යාපන බලධාරීන් හට මෙයින් ගත හැකි දෑ බොහෝයි.එහෙත් ඔවුන් මෙයට සවන් දේවිදෝ කියා සැකයි.

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 3 года назад +8

    මෙම ක්‍රමය ලංකාවේ දැන් දැන් හදුන්වා දෙමින් යනවා කියලා මම සතුටින් දැනුම් දෙනවා ...මොකද මමත් ගුරුතුමෙක් ...මම සෞන්දර්ය විෂය තමයි උගන්වන්නේ...(පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය )සබරගමුවේ තියෙන පාසලක....ඉතින් අපි ක්‍රමය වෙනස් කරමින් යනවා .....මෙම ක්‍රමය ලොකේ ගොඩක් ට්‍රයි කරනවා...21century teaching skills ....කියලා තමයි මේකට කියන්නෙ .....අපේ ප්‍රශ්නය තමයි වෙනස් වෙන්න පරක්කු වෙන එක.....ක්‍රමවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය දෙන්න පෙරමුණ ගන්නෙ නෑ ....දේශපාලනය කරන අයට වඩා කඩේ යන උගත් බුද්ධිමත් හාදයෝ දුශිතයි.....ඉතින් මේක වෙනස් කළොත් උන්ට වැඩ වැඩි වෙනවා....ඉතින් බොරැ කරනවා..... උන් දොරමඩලාවේ බයිලා ගහනවා .....ඉතාලිය හොදයිට වඩා අපේ එවුන් අප්සට්.....ගුරුවරයෙක් විදියට වෙනස් දෙයක් කරනවා .....හැබැයි දාලා යන්නේ නැහැ ......වෙනස් කරනවා .....වෙනස් වෙනවා .....අපේ සින්දුවක් තියෙනවා .....ආදි කාලේ සිංහලුන් ගේ රස්නෙ තියෙන කල්...පොතේ ඉන්න රජවරුන් ගේ හුස්ම වැටෙන කල්......රටෙි මුලම වංසේ කබල් ගගා ඉන්න කල්......වැඩේ නැතත් නම රැකෙන්න කතාව ඇති බං//.......ජයවේවා ....bro......

    • @krishandanushka7922
      @krishandanushka7922 3 года назад +1

      Aniwa sir..2023 aluth adeyapana kramak enawa kiyanawa nade sir..aka awoth hodie..
      Anika sir me kiyana theram oya ratawal wela adeyapanaya sundera na..sali gewala adeyapanaya labanna oni..lankawe hamotama sali nane..a athin lankawe nidehas adeyapana dena akama athi sir..waradi tiyenawa..habai oya aluth adeyapana karamaya gena aka godak hodie sir..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      අහන්නත් සතුටුයි වෙනස් වීමක් වෙමින් තිබෙනවා කියන එක. සාමාන්‍ය පෙල ඉවර උන දාට පහුවදාම උ.පෙ. ට පංති කියල මම දැක්කා. ලෝකෙ අවාසනාවන්තම ළමයි ඉන්නෙ ලංකාවෙ බවයි මගේ හැඟීම. ඉහල මට්ටම හුඟක්ම ආගමික සංස්කෘතිය හණමිටි උලුප්පමින් විවිධ අයුතු යටි වාසි ලබන නිසා වෙනස් වෙන්න දෙන්නෙ නෑ. වෙනස් උනොත් සුවිශාල දූෂිත පිරිසකගේ බඩට තදින් වදිනවා. ඔබට හදවතින්ම සුබ පතනවා කල්ප ❤️❤️🌹🌹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +3

      @@krishandanushka7922 සල්ලි ගෙවනව කියන්නෙ සම්පුර්ණ වැරදි මතයක්. ලංකාවෙයි ඉගෙන ගන්න සල්ලි යන්නෙ. ඉතාලියේ ඉගෙගන්න ළමයි ඉන්න පවුල් වලට assegni famigliare කියල මාසිකව රු. තිස්දාහක් පමණ වන දීමනාවක් ඉතාලි රජයෙන් දෙනවා. ඒක මමත් ලබනවා. කිසිම කෙනෙක්ගෙ පස්සෙ නොයා මගේ පේ ෂීට් එකටමයි ඒක එකතුවෙලා එන්නෙ. මෙහේ අධ්‍යාපනය සල්ලි යනවකියන කතාව ලංකාවෙ මිනිස්සු අන්දන්න හදපු පට්ටම කෙබරයක්

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 2 года назад +1

    හැමදේම පිලිවෙලට ලස්සනට කියලා දෙනවා... ඇබ්බැහි වෙලා අපි මේකට... ආදරෙයි... ජය වේවා හැමදාම ❤💪

  • @mrcrazy7835
    @mrcrazy7835 3 года назад +17

    නියමයි සර් ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා සුපිරි වැඩක් ❤️🇱🇰👌👌👌👌

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ස්තුතියි ❤️❤️

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 года назад +1

      😃🌹🧊🏥🏬🏬🗻🏔️⛱️🏖️🎭☎️📲🎭🖨️💿☎️📱☎️📞

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 3 года назад +3

    ලංකාවෙ සමහරක් යුරෝපා රටවල් වලට බැන්නට එ් රටවල මිනිස්සු විනය ගරුකය්. මම ලංකාවෙදිම යුරොපියන් එක එක රටවල අය සමග වැඩ කරල තියෙනවා. කෙලොග්ස් කියන ජාත්යන්තර අායතනයෙ ලංකාවෙදි. ජිවිතයෙ පලමු වරට විදේසිකයන් සමග වැඩ කලේ. ඉතාමත් සතුටින් වැඩ කරන්න පුලුවන් වුනා. එ් වගේම පලමුව විදෙස් රටක සේවයට අාවමත් මුල්ම දවසෙ කලේ අැමරිකන් අයෙක් අපි සියලුම දෙනා බස් එකකට නංවාගෙන එ් අවට තිබුන සියලුම අායතන ගැන පැහැදිලි කරමින් අප සමග ඉතා සුහද සිලිව සංචාරයක් කිරිමය්. එ්ක අපිට ඉතා ප්රයෝජනවත් වුනා රැකියාව කිරිමට. ලංකාවෙ ඉන්න බුද්දිමත් දක්ස රටට අාදරය කරන අය පාලන බලයට එනවානම් ලංකාවත් සුරපුරයක් කරන්න පුලුවන් ඉතා ඉකමනින්ම. thanks

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඔව් කවුරු ආවත් ජන ජීවිතය ඉතාම සරළ කරීම සදහා සියලුම සංකීර්ණ නීති රීත් සහ සැලසුම් වෙනස් කළ යුතුමයි

  • @dailycool356
    @dailycool356 3 года назад +10

    ගොඩක්ම වැදගත් video එකක්....all the best 😍.ලංකාවෙ හැමදෙනෙක්ම මෙහෙම දැනුවත් කරනවට ඔබට බොහොම පිං ☺️☺️

  • @ThinkLabSL
    @ThinkLabSL 3 года назад +10

    අයියේ ඔයාගේ වීඩියෝ එකේ මාර දැනුමක් අපිට ගන්න තියෙන්නෙ. මේ වීඩියෝ එක අපේ අධ්‍යාපන ඇමති ,ගුරුවරු ,ආගමික නායකයෝ, දෙමව්පියෝ සියල්ලෝම බලන්න ඕන එකක්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      මේකෙ ඉතිරි කොටස් ඉදිරියෙදි දානවා මල්ලී. ලංකාවෙ අධ්‍යාපනය ගැන හැමෝටම නැවත වරක් හැරිල බලන්න හිතන්න යමක් දෙන්නයි මට ඕන.

    • @89tharaka
      @89tharaka 3 года назад

      @@lokewatesudanthaka man asai ඉතාලියට

  • @ajanthajayaweera2540
    @ajanthajayaweera2540 3 года назад +13

    ඔබ තුමාගේ දැනුවත් කිරීමට ස්තූතියි.ඔබ තුමා කියපු කාරනා එකින්එක මගේ පාසල් කාලයට ගලපා බැලුවා, එතනදි මම ලබපු මානසික පීඩනය කොපමණද කියල නිම කරන්න බැරි වුනා,🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඔබේ අවංකත්වයට ස්තුතියි මටත් මගේ දරුවන්ටත් එවැනි අත්දකීම් බහුලයි. ළමයින්ගේ ගෞරවය අභිමානය තඹ සතේකට මායිම් නොකරන සමාජයක් විපරීත වීම පුදුමයක් නෙවෙයි.

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 года назад +7

    ඉස්කෝලේ lamai රන්ඩු කරන්නෙ නැද්ද ,ඒවට දඩුවම් කරන්නෙත් නැද්ද .මෙ වගේ ඉස්කෝලවල ඉගනගන්න ලංකාවේ ලමයි කොහොමත් කැමැති .ලංකාවේ මෙ වගේ තිබ්බනන් මොනව වෙයිද .ඉතාලි යේ ඉස්කෝල පට්ට .🤘🤘🤘🤘🤘

  • @nelumsanjay4696
    @nelumsanjay4696 3 года назад +8

    heaven on earth, thanks, good program, I wish to be there in Europe rest of my Life

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      Thanks dear

    • @sammurphy4122
      @sammurphy4122 3 года назад +1

      When you consider the climate that is not harsh throughout the year, the natural beauty with white sandy beaches, mountains, hills and waterfalls, the diversity of flora and fauna the only country that can be called “ heaven on earth “ is none other than SRI LANKA. In it’s rich soil anything grows at anytime of the year. Unfortunately the politicians with no goals and no foresight have destroyed this country and its inhabitants and made it into a “hell on earth”. A desert like Dubai with unbearable weather and barren land with no biodiversity and a tiny country with no natural resources like Singapore are both made into “heavens on earth” in less than 50 years. Their rulers had plans and goals that they carried out to benefit the entire population of the country and not just the politicians and the upper class. Our rulers of all parties not only plundered Sri Lanka but also invited and are still inviting foreign powers to join them in plundering our resources and potential future income and to destroy our land for personal monetary gains that will devastate our country for pennies on the dollar agreements that has no benefit to the general public of Sri Lanka. So saaaaad!!!!!!!!

  • @Danushka06
    @Danushka06 3 года назад

    ඉතාමත් වටින පැහැදිලි කිරීමක් අතිවිශිෂ්ටයි, අපේ රටේ අධ්‍යාපනය ගැන ඇත්තෙන් ම දුකයි, කවදා මෙවන් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අපේ රටට හඳුන්වා දෙයි ද හිතාගන්නවත් බෑ මේකී දියුණු අධ්‍යාපනික පරිසරයන් ගැන පහදා දුන් ඔබතුමාට හදපිරි ප්‍රණාමය, ජය වේවා!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ලංකාවෙ මේව කරන්න පාලකයො කැමති නෑ. එයාල කැමති උනත් අන්‍තිමේ අන්තවාදීන් ටිකක් හරි විරුද්ධ වෙලා වැඩේ නවත්තාවි.

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 года назад +20

    ලංකාවේ අද්‍යපණය,ආයතන,පාසල් මස් කඩයකට සමානයි.😭😭😭🙏

  • @ppihilippihili361
    @ppihilippihili361 3 года назад

    ඔබට බොහොමයක් ස්තුතියි ! බටහිර අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධව

  • @saraththennakoon4941
    @saraththennakoon4941 3 года назад +95

    සැහැල්ලුවෙන් මානසික පීඩනයක් නැතිව ලංකාවේ ඉගෙන ගන්න ඉඩක් නැහ බිස්නස් එකක් වෙලා අධ්‍යාපනය

    • @Visibletoanyone82
      @Visibletoanyone82 3 года назад +3

      Ada o/l pepper nam kiyala wadak ne

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 года назад +4

      @@Visibletoanyone82 අද ගනං නේ 😓 හෙට හොඳට පාඩම් කරලා ලියපං 😁

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +4

      ඔවු රාජ්‍ය මට්ටමින් නිසි ප්‍රතිපාදන නොදී අතහැර දැමුනු අධ්‍යාපනයක් ලංකාවෙ තියෙන්නෙ

    • @DINUSHAprasadWIMALAgunasekara
      @DINUSHAprasadWIMALAgunasekara 3 года назад +1

      Api danna vidiyata adyapanaya pradana karma 2 tibe ekak danuma soyagena yama anika danuma labadima godak batahira European .nagenahira Asia ratavl danuma soyagena yama kramaya bavitha krai asiyava Africa America samahara ratavl ape kramaya danuma labadima anugmanaya krai , England vala pava Pasal ( collage) adyapana karma dekama bavitha kranu labe .me dekama waradi Khanna katavth ba . Oya kiyana system Gana balanna one rata ha samajaya anuva Ekata galapena vidiyata nathuva loke hodama kramaya vena Finland kramayavth ekaparata lankavta galapenna. oya oyakiyana italy supiriore lamayai lankave AL lamayai dennatama UK ,Us ,Au university akakta yanna labana avasthava ekai
      Lankave adyapanaya aluth venna ona e ratata galapena vidiyata

    • @helavanjana729
      @helavanjana729 3 года назад +1

      ඒක ඇත්ත

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 3 года назад +1

    Uncle italy wala school system eka gana kiyaladenakota hithenawa api yanne iskolawalatada kiyala, apiwa marawa marawa ugannanawa, jeewithetawath wedak nathi dewal poth wala thiyenawa, me rate innath api paw karala thiyenawa, dukai me rate godak aya me ratin yanne me nisai eth salli nathi aya kohomada yanne, api wage ayata monadawenne, uncleta thank you mewage ewa katahakaranawata
    me video eka balan inna aya innawane anagathe hari me rate sampoorna system eka wenas wenna kiyala prarthana karanawa,
    Dan me rate uda thanwala inna aya me rata kawa degolloma maaruwen maaruwata awilla rata winasa karanawa, habai a okkoma karanne apimai , dukai sundara lama kaalayak apita hambawunnathi ekata, kawadahari me rata wenas karanawa me generation eka, 🙂

  • @wasanathamel1183
    @wasanathamel1183 3 года назад +6

    මගේ දුවත් ඉතාලියේ භාෂා විශය හදරන්නේ උසස් පාසලේ පලමු වසරේ මේ වෙනකොට එයා භාෂා 3ක් ඉගෙන ගන්නවා .මට හරිම සතුටුයි එයා නිදහසේ ඉතා හොදින් එයාගේ අනාගතේ යන්න ඕනා මාර්ගය පාසල තුලින් සම්පුර්ණයෙන් හදනවා.හරිම නිදහස් අදහස් එක්ක එයා ඉතාලි මිතුරු මිතුරියන් එක්ක හොදින් ඉගෙන ගන්නවා.මට ඇත්තටම කනගාටුයි එහෙම බලද්දී ලංකාවේ අපේ පාසල් කාලය හා අපි කිසි දෙයක් නොදැන ගත් කරපු ඒ කාලය ගැන.ඒ නිසා මම අම්මා කෙනෙක් වශයෙන් මගේ දුවත් එක්ක හැමදේම කතාබහ කරනවා යාලුවෝ වගේ.බටහිර රට වල ලමයි හරියට හැදිලා නෑ කියන ලංකාවේ සමහර අයට තේරෙන්නේ නෑ .ලමයි කොටට ඇන්දාට,poneඑක්ක් පාවිච්චි කලාට ඒක නෙවෙයි වරද ලමයි තව කෙනෙක්ට ගරු කරනවා දෙමාපියන් ගරු කරනවා දරුවන්ගේ අදහස් වලට.ගුරුවරුන් ලමයි එක්ක යාලුවෝ වගේ ලමයින්ට තැන දෙනවා එයාලා වෙනුවෙන් තීරන ගන්න.ලංකාවට කවදාද පුලුවන් වෙන්නේ හැම දරුවෙක්ගෙම අනාගතේ අධ්‍යාපන මගින් ගොඩ නගන්න...

    • @wasanathamel1183
      @wasanathamel1183 3 года назад +4

      Sumith Dasanayakaලංකාවේ නේ .ඔහොම කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ ..ඇත්තටම දරුවෙක්ට වරදින්න කියලා අම්මා කෙනෙගේ හිට රිදෙනකන් බලන් ඉන්න ඔයාලා වගේ අය කොයිතරම් පහත්ද .හැබැයි දවසක මගේ දුව ඉතාලි ජාතික කෙනෙක් එක්ක අනිවාර්යයෙන් විවාහ වෙල සතුටින් ජීවත් වෙයි කුස්සි අම්මෙක් නෝවී.ඒ නිසා ඔබතුමා එ ගැන කරදර වෙන්න එපා

    • @sarathnawarathna7402
      @sarathnawarathna7402 3 года назад

      Oba hariyatama hari. Mage duwath me rate hugak hodata egena gannawa. Mulimma mama baya una scuola danna. Mokada, ape rate culture ekai, mehei wenas nisa. Mage waife nitharama daruwata hoda naraka kiyala denawa. Eyath buddimath hoda daruwek. Obe duwa wage mage duwath kawada hari italy kollek vivaha karagena jeevithe satutin genayai. Eyala api wage nove. Buddimath daruvo.

  • @eshanvirantha9731
    @eshanvirantha9731 3 года назад

    Attatama harima hoda video tiyanne.itama watina video.bohoma isthuti.bohoma pin

  • @lahirusupunchandra
    @lahirusupunchandra 3 года назад +3

    අරමුණ වෙනස් වෙලා කම්මැලි වෙලා හිත ඉබාගාතේ දුවන්න හදනකොටම මන් කරන්නේ අයියගේ චැනල් එකට එන එක. දැන් උදේ 1.12 යි වෙලාව. කිසිම කම්මැලි කමක් නෑ. වීඩියෝ එක පසුබිමින් තියාගෙන මන් වැඩ. කියන්න තේරෙන්නේ නෑ මට දැනෙන්නේ මන් මේ වෙලාවේ ඉන්නේ ඉතාලියේ කියල. මේ වීඩියෝ එකම මේ බලන්නේ දෙවෙනි වතාව. ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ලස්සන කමෙන්ට් එකක් ලහිරු මල්ලී. ගොඩක් සතුටුයි මට ❤️

    • @lahirusupunchandra
      @lahirusupunchandra 3 года назад

      @@lokewatesudanthaka ❤️

  • @bavindusenanayake548
    @bavindusenanayake548 2 года назад

    අහනකොටත් මාරම සතුටින් අහන්නෙ..අද්‍යාපන කොච්චර කට්ටක් කියලද අපි හිතන් ඉන්නෙ..දැන් තමයි තේරෙන්නෙ අද්‍යාපනය කියන්නෙ මොකද්ද කියල..Thanks sir

  • @uncmusic2005
    @uncmusic2005 3 года назад +31

    අපේ ඉස්කෝලෙ විනය කියන්නෙ කොන්ඩෙ කපන එකයි, කලිසමේ වාටියයි ත්මා 😅😅😅

  • @ajithshanakajayawardana3279
    @ajithshanakajayawardana3279 3 года назад +1

    ඉතාමත් හොද පහැදිලි කිරීමක් කෙරුවට ස්තුතියි, පොඩි දෙයක් මමත් කියන්න කැමතියි ඔබ කියපු සෙරෙප්පු සහ සපත්තු දැමීම ගැන, සෙරෙප්පු දාන්න දෙන්නෙ නැති එකම හේතුව ලමයගෙ කකුලට තියෙන එකම ආරක්ශාව සපත්තුවෙන් ලබෙන හින්ද, පාසල් භූමියට අතුල් උනාම එහිදි අනතුරු වීමේ අවදානම නැති කිරීම පාසලේ වගකීම නිසා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ශා .... ඇත්තටම මට ඒක අමතක උනා කියන්න. ස්තුතියි ඔබට ❤️❤️🌹🌹

  • @vimukthikd
    @vimukthikd 3 года назад +6

    ආසාවෙන බැලුව අවසාන වෙකම්ම.
    බොහෝම ස්තුතියි.

  • @legocreator2530
    @legocreator2530 3 года назад

    Bohoma isthuthi me information walata.
    Mata wadagatha thorathuru
    Jesu phitai obata❤️

  • @rowfernandez8552
    @rowfernandez8552 3 года назад +9

    නියම කතාව අයියේ...🙏🙋
    ඔක්කොම බැලුවා...❣️🙋❣️🙋👩‍❤‍💋‍👩

  • @sahanalfa8719
    @sahanalfa8719 3 года назад +2

    මමත් ගුරුවරයෙක් ඔබ තුමාගේ කතාවට 100% එකගයි..

  • @nimashani2691
    @nimashani2691 3 года назад +29

    මම යනවා ඉතාලි, ස්කෝලේ යන්න. මුල ඉදලා. යන අය ඉන්නවනම් කියන්නෝ 😁😁

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +7

      😆😆 මටත් එහෙමම හිතෙනවා. But too late 😥

    • @miracles35151
      @miracles35151 3 года назад +1

      Mamath ithaliye inne.mage daruwo mehe pasel yanawa.eth den duwata 12n,puthata 10n thamai genawe .harima dukai pera pasel adyapanaya deeganna beruwa giya eka.e witharak newei apitath mehe iskole yanna tibbanam kiyala hithenawa.chooty kale indalama lamai harima winayagarukai.methana tiyenne lankawe wage wedihiti garuthwaya newei.mehe wedihitiyo garuthwaya kiyala deyak balaporottu wenneth ne .mehe tiyenne eka haa samaanawa sema manushyekutama tiyena garuthwaya witarai.ay api lankawe ipadune kiyala hithenawa.sudanthaka mahathaage me video eka hari watinawa.lankawe parlimenthuwe inna harakta dakinna lebunana nam hondai.

    • @miracles35151
      @miracles35151 3 года назад

      Me video eka lankawe assak mudalak nera prachaaraya wiya yutui.paw lankawe daruwo.wahallu wage.mage wayasa 43y.ithaliye inne.mehe pasel yanna tibbanam hondai kiyala hitenawa.

    • @nimashani2691
      @nimashani2691 3 года назад +2

      @@miracles35151 රට හදන්න දියුණු කරන්න ඉන්න උන් කරන්නේ පිල් බෙදීගෙන එක එකාට පද හදනවා . අපි හැමදාම සංවර්දනය වෙමින් පවතින රටක් විතරයි

    • @sandunisathsara7484
      @sandunisathsara7484 3 года назад +3

      අනේ මාත් එනෝ 😭

  • @tharangagunawardena2230
    @tharangagunawardena2230 3 года назад +1

    I personally like the way you think and all your comments about Sri Lanka is absolutely correct. you are doing a great job and no one else done this before because some srilankans living in Europe, USA or Canada does not share any information because they have some jealousy and they do not like others succeed. But you are giving out everything you know and experienced throughout your journey. Highly appreciated your effort and humanity. You will get negative comments but, don't worry its because of the jealousy of Sri Lankan's, that's their nature and I would say its because they are corrupted. I wish that you will have the strength, good health and God's blessing to serve the community those who seeks your support & those who appreciate your commitment.

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 года назад +3

    This is an excellent video Mr. Sudhanthaka. We can learn a lot and system change in education is essential in Sri Lanka.

  • @dasunfernando4746
    @dasunfernando4746 3 года назад +1

    ලංකාවේ අපි අපේ අනාගත පරපුර කොහෙද යන්නේ ? කොහෙටද දක්කන්ඇයිද ? ඇයි අපිට මේ අධ්‍යාපනය නොලැබෙන්නේ 😫😫😫😫😫😫 ජීවිතේ අහපු ලස්සනම වැඩසටහන් තිබුනේ ඔබ තුමාගේ.ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 года назад +5

    This is a little bit long video (96 minutes). But you must watch this.
    Sudanthaka is revealing about real truth.
    If you have children please watch this full video...
    Good job Sudanthaka 🌷🌷🇱🇰🇱🇰 I am really appreciate your nice work.

  • @sugathjagoda669
    @sugathjagoda669 3 года назад +1

    ඉතාමත්ම වැදගත් වීඩියෝවක් ලංකාවෙ තියෙන්නෙ ආත්මාර්ථයකාමී රොබෝවරු බිහි කරන අධ්‍යාපනයක් .......

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 года назад +21

    මේක සංචාරයක්ම නෙමෙයි.අත්දැකීම් බෙදාගැනීමක්...මාමාට පුළුල් දැක්මක් තියෙනවා.මේ වගේ ප්‍රවාහන,සෞඛ්‍ය ක්ශේත්‍ර ගැන එහෙමත් අතරින් පතර වීඩියො ඕන

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +5

      ඔව් පුතා මම හැම දෙයක් ගැනම අපේ රටේ වෙනස් විය යුතු සියුම් තැන් පෙන්වා දෙන්නම් හැකි පමණින්

  • @leninjohnson1816
    @leninjohnson1816 3 года назад +9

    This is one best video n u giving wider explanation ❤️ Thank u so much for u r great effort, I wish most Sri Lankan’s would watch this!! Stay safe n strong

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 года назад +16

    ස්තුති ඔබට.
    ටියුෂන් කියලා දෙයක් තිබෙනවද කියලාවත් නොදන්න ඉතාලියේ අධ්‍යාපනය ගැන අපිට කියාදුන්නාට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      එහෙම දෙයක් මෙහේ කවුරුවත්ම දන්නෙ නෑ. මේ ලෝකප්‍රකට සියලු උගතුන් බුද්ධිමතුන් බිහි කරන්නේ දෙමාපියන් කිසිම බරක් නැති පාසල් ක්‍රමයෙන්ම පමණයි

    • @sudathchandrakumara6444
      @sudathchandrakumara6444 3 года назад

      මහාචාර්ය සුදන්තක මැතිතුමා ඔය මේ වගේ විචාරයක් කරන්න ඔයාට තියෙන අධ්‍යාපන සුදුසුකම් කියන්නකෝ

  • @susantharathnayake5075
    @susantharathnayake5075 2 года назад +1

    මමත් wales වල ඉස්කෝලේ ගියා එහේ ගුරුවරු පට්ටටම හොඳයි පංතියේ හැම ළමයෙක්ම හරිම friendly
    ක School පටන් ගන්නේ ,ඉවර වෙන්නේ 9.00- 3.00 ට මට girlfrien කෙනෙකුත් හිටියා litchard prprimary school

  • @chanduim8501
    @chanduim8501 3 года назад +8

    මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ගිය පාසලෙත් එපාම කරපු ගුරුවරයෙක් හිටියා.අදටත් මගේ හිතේ පිළිකුළක් තියෙනවා ඔහු ගැන.නිකම් මිදුලෙ ඇවිද්දත් වේවැලෙන් ගහනවා.පන්තියේ නැගිට්ටවලා ගෙදර පව්ල් පරිසරය පවා අහනවා.ගෙදර ප්‍රශ්න තියෙන ළමයි කොච්චර ඉන්නවද.ලමයිගේ බෑග් ප්‍රසිද්ධියේ අඳිනවා.ලියුම් ඒවා මේවා හොයන්න.පීරීයඩ්ස් දවස් වල අමතරව අරන් යන ෆෑඩ්ස් පවා එලියට දානවා.මිශ්‍ර පාසලක පිරිමි ළමයි ඉස්සරහ එහෙම උනාම දැනෙන අසරණ කම කියලා වැඩක් නෑ .අපි ඒ මනුස්සයව දැක්කම ඉස්සර හැන්ගෙනවා.ඒ තරම් කුරිරු මිනිහෙක්.මාත් උපරිම මානසිකව වැටිලා හිටියේ.ඒ නම් පවට ගුරුවරු උන උන්.අපේ රටේ කවදාවත් ඒවා,වෙනුවෙන් පාසලක කතා,කරන්න දරුවන්ට බෑ .ඇත්තටම අපේ රටේ මේ කාලකණ්ණි අද්‍යපන ක්‍රමයත් පාසල් වල ඉන්න බහුතරයක් ගුරුවරුන්ගේ කාලකණ්ණි ක්‍රියාකලාපත් හින්දා දරුවෝ පුදුම අසරණයි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      බලන්න ඔයා ගෑණු ළමයෙක් වෙලත් එහෙම දේවල් උනාම අසරණ කමටවත් පිලිසරණක් නීතියෙන්වත් නැති නිසා හිත් සමාජය කෙරෙහි වෛර බඳින එක කොච්චර සාමාන්‍යද. එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඒව මතක හිටිනවද ළමයින්ට. ලංකාවෙ දෙමාපියොත් අන්තිම වැරදියි ගුරුවරුන්ට තමන්ගෙ දරුවන්ට ගහන්න බනින්න අනුබල දෙන එක. ඔයා වගේ මාන්සික පීඩනය ලබල වැඩිහිටියන් වූ අය අපේ සමාජයේ වැඩියම ඉන්නෙ.

  • @chamilapriyankara1619
    @chamilapriyankara1619 3 года назад +1

    දුකයි ලංකාව ගැන ,අපි ගැන , රටේ හෙට ගැන , පාලකයෝ හැමදාම මේ රටේ මිනිස්සු මානසිකව තැන් තැන් වල හිර කරලා තියෙන්නේ ,ස්තුතියි ඔබ තුමාට

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +7

    මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ සංශෝධනයක් කරන්න ඕනේ , මට නම් එපා වෙලා තියෙන්නේ ,පට්ට දුකයි මට මම ගැනත්, මේ අනිත් යාළුවෝ ගැනත්,😓😓😓😓😓

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      සමාජයේ කතිකාවක් නිර්මාණය වෙන්න ඕන.

  • @rasikarupasinghe6119
    @rasikarupasinghe6119 3 года назад

    ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහෝ ම ස්තුතියි. ලංකාවේ ගුරුවරියක් විදිහට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගේ මේ වැඩසටහනෙන්. ඉතා වැදගත් දේශනයක් ලෙසයි මම මෙයට සවන්දුන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමය හරිම ගෝත්‍රිකයි කියලා හිතෙනවා. උත්සාහ කරනවා හැකි පමනින් පාසල තුල ලමයාට නිදහස් මානසිකත්වයකින්යුතු ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීමට.

  • @wadaperera
    @wadaperera 3 года назад +3

    සුබ උදෑසනක් වේවා සුදන්තක මහත්තයා .... ඇත්තටම එක තප්පරයක් වත් මිස් කලේ නෑ මේ වීඩියෝ එකේ.... ඒ වගේම නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොන වගේ අධ්‍යාපන ක්‍රමයකටද කියලා මට හරියටම තේරුනේ අද කියලා තමයි මට හිතෙන්නේ .. අපි කොච්චර පීඩනයකින් ද ඉගෙන ගත්තේ .. අපේ දරුවො අද කොයි තරම් මානසික යුද්දයක් කරනවද කියලා ඇස් දෙකට කදුළු ආවා. ඇත්තටම වචන නෑ මහත්තයා මේ වීඩියෝ එක ගැන කියන්න ..ඒ තරමටම ගොඩාක් දේවල් දැනගත්තා. ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් දරුවෙකුට හරි අධ්‍යාපනයක් ලබන්න ඔය වගේ රටකට එන්න ක්‍රමයක් තියෙනවද කියලා කියන්නකො... ඒක ඔබතුමාට විතරක් නෙවෙයි ඔබතුමාගේ දරුවන්ටත් පිං සිද්ද වෙන සත්කාර්‍යයක්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      නිදහස් අධ්‍යාපනය කියන්නෙ ලංකාවෙ ක්‍රමයත් එක්ක නිකම්ම හිස් වචන ටිකක් විතරයි. ලෝකෙ වෙනත් රටවල අධ්‍යාපන නිදහස සහ රජයෙන් දෙන නොමිලේ අධ්‍යාපනය ගැන හාංකවිසියක් නොදන්න සමාජයක් අපිට තියෙන්නෙ. ලංකාව තරම් දරුවන්ගෙ අධ්‍යාපන වගකීම දෙමාපියන් පිට පටවපු වෙනත් කිසිම රටක් නෑ. මේ සේරම ක්‍රමක්‍රමයෙන් අපේ ජනතාවට තේරුම් කරල දෙන්න මම ආසයි. එය තේරුම් ගැනීම ගැන ඔබට තුති

  • @harsha0724036303
    @harsha0724036303 3 года назад

    අනේ..ඇත්තමයි... මේ රටවල් ඉන්නේ කොතද කියලා හිතෙනවා හරිම ප්‍රායෝගිකයි... ගොඩක් වටිනවා ඔබතුමා හැමදාම මේ වගේ වටින දේවල් කියලා දෙන එක... ❤❤

  • @janakaweerakantha6638
    @janakaweerakantha6638 3 года назад +56

    ඇත්තෙන්ම අපේ රටේ විනය ගැන හරිම කනගාටුදායකයි..මෙහෙ උන්ගෙ තියෙන්නෙ උඩගු කමයි 'පුහු මානයයි විතරයි මේරට කවද හැදෙයි ද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +6

      වෙනස් විය යුතු දේවල් ගැන කතාකරන්නත් බය වීමක් තියෙන්නෙ

    • @rainbowabc3217
      @rainbowabc3217 3 года назад +4

      ඔබ හරි ජානක, වැඩි දෙයක් ඕනැ නැහැ සමහර අය comment එකකට reply කරන හැටි බලන්න ...

  • @diliniperera2297
    @diliniperera2297 3 года назад +1

    Godak watina video akak. Bohoma sthuthi. Balan ennawa aluth video aka anakam.

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 года назад +3

    ඇත්ත.අපියනකොටනම් පාසල් හරියට වදකාගාරවගේ.ගහනව බනිනව,ගුරුවරු හරියට උගන්වන්නෙනෑ.ළමයින්ට කතාකරන්න දන්නෑ.ගුරුවරු ළමයි හැමෝටම උඹ,බං,ගොනා,බූරුව කියල කතාකරන්නෙ.ළමයින්ටත් ඒක සාමාන්‍යයි.අපිට ගණන්වලට6 පන්තියෙ සිට 11 පන්තියට එනකම් එකම ටීච කෙනෙක් හිටියා.එයා පොතේ තියෙන නිදසුනම බෝඩ්එකේ එයා තනියම හදනව.ඒකරල කියනව.හා දැන් හැමෝම මේක පොතේ ලියාගෙන අභ්‍යාස කරන්න කියනව.ඉතින් පුළුවන් එකා හදනව.බැරිඑකා නිකං ඉන්නව.O/l වලදි පන්තිගියඅය හැර අනිත් ඔක්කොම ගණන් fail.එතනින්ම ඉවරයි අධ්‍යාපනය.ඔන්න ලංකාවෙ අධ්‍යාපය.හොදයිනම් ඔච්චර පෞද්ගලිකව පන්ති තියේවියැ.ලංකාවෙ තමයි අදටත් ඉහලම මුදලක් වියදම්කරගෙන ළමයි ඉගෙනගන්නෙ.දෙමව්පියො නොකානොබී පන්තියවනව.මොකද පාසලේ උගන්වන්නෑනෙ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      මමත් හිතන්නෙ ලංකාවෙ තරම් දරුවෙකුට උගන්වන්න ආදායමට සාපේක්ෂව වියදම් යන වෙනත් කිසිම රටක් ලෝකෙ නෑ කියලයි. මේ අසාධාරණ ක්‍රමේ කාටවත්ම නොපෙනෙන එකයි ලොකුම අවුල

  • @slwonder1972
    @slwonder1972 3 года назад

    i am thilak from peradeniya. I appreciate, you are grate, i am shairing you every body thank you

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +17

    ඕස්ට්‍රේලියාවේ කිසිම ගුරුවරයෙක් ළමයෙක්ට ගහන්න බැහැ,,, ඒකට මෙහෙ මට මතකයි මම 6වසරේ ඉද්දී මගේ යාළුවා තරුෂ ඉතිහාසය ගෙදර වැඩ කරන්න අමතක වෙලා, ඉතිහාසය අමරසිංහ සර් දිග වේවලකින් ගහලා අවසානේට තරුෂ ලෙඩ වුනා, ඒ තරම් මහ අමන ගුරුවරු ඉන්නේ මේ සක්කිලි රටේ👿👿👿🤬🤬🤬🤬🤬🤬🤬

    • @canrointernational6308
      @canrointernational6308 3 года назад +4

      සර් නෙමෙයි අමරසිංහ බල්ල කියන්න උට දැන් ගිහින් ගහන්න

  • @hemajayantha2351
    @hemajayantha2351 3 года назад +1

    ලංකාවේ හිගන දේශපාලක්යින් උන්ගේ ළමයිට ඔයරටවල යවලා ඉගැන්නුවට අපේ රටේ ඔවැනි අද්‍යාපනයක්‌ හදන්න දෙන්නේ නෑ ඔබ‍ට ගොඩක් පිං

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +3

    උසස් පෙළ විෂයන් තියෙනවා 60කට වැඩිය , ඒකෙන් තමන්ට කියලා මුදලක් හම්බ කරගන්න පුළුවන් වෙන්නේ විෂයන් 5,6 කින් විතරයි, අනිත් එව්වා මගුල් මේ 2021 ට යාවත්කාලීන වෙලා නැහැ තවම යල් පැන ගිය දේවල් තියෙන්නේ

  • @dinithnethmika
    @dinithnethmika 3 года назад +1

    ඇත්තට සුදන්තක මාම ලංකාවට ආදර්ශෙට ගන්න මේ වගේ විඩියො එකක් කරපු එක ගැන ගොඩක් ස්තූතියිවන්ත වෙනවා..
    ලංකාවට නිදහස ලබපු දවසෙ ඉදන්
    ලංකාවේ කාලෙන් කාලෙට පත් උනු නායකයො කලේ ලංකාව විකුණන් කාපු එකයි රට අගාධයකට තල්ලු කරපු එක විතරයි.මේකට ගොඩක් හේතු උනෙ එදා ඉදන් ලංකාව පාලනය කලේ ඔලමොට්ටල තක්කඩි පාලකයන් හින්දයි.(මම මේ හැම කෙනෙක්ටම බනිනව නෙමෙ හොද උගත් පාලකයො ලංකාවේ හිටියා ඒ උනාට ඔලමොට්ටල තක්කඩි හිනදා ඒ අයට රට හරියට ගොඩ ගන්න බැරි උනා අපේ අවාසනාවකට)
    ලංකාවේ හොද නිර්මාණශීලී අදහස් තියෙන කොල්ලො කෙල්ලො
    ඕන තරම් ඉන්නවා. ඒත් ඒ අයගෙන් හරියට වැඩක් ගන්න අපේ
    අය දන්නෙ නැති හින්ද ඒ ජීවිත නිරපරාදේ නාස්ති වෙලා යනවා.උසස් පෙල,සාමාන්‍ය පෙලින් ලමයිව මනින එක හරිම වැරදියි.මොකද සැගවුනු දක්ශතා තියෙන ලමයි ඕන තරම් ඉන්නවා.ඒ අයගේ හැකියාවන් එලියට ගන්න පුලුවන් අධයාපන ක්‍රමයක් නෙමේ ලංකාවෙ තියෙන්නෙ,ඇත්තට හරිම දුකක් දැනෙනවා මගෙ රට ගැන.මගෙ රටට මෙහෙම වෙලා තියෙන එක ගැන....

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +3

    ඔබ තුමාට පින් සිද්ද වෙනවා , මේ වගේ වටිනා දේවල් ගැන වීඩියෝ දානවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖

  • @jpSL
    @jpSL 3 года назад +1

    මිල කළ නොහැකි සමාජ සත්‍යයක් ඔබතුමා කිවුවේ.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම මගින් සෑහෙන්න තරමේ සමාජ පරිවර්තනයක් කළ හැකි බව පිළිගත යුතුමයි.ළමයින්ට අවශ්‍ය ඩෙස්ක් එකක් පුටුවක් හරියට දී ගන්න බැරි අසමත් පාලකයෝ මෙහෙ ඉන්නේ.

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +6

    අනික මෙහෙ ගුරුවරු ගුරුවරියන් ළමයින්ට කායික වද හිංසා, මානසික හිංසා කරනවා කිසිම ආදරයක්, respect නැහැ ළමයිනට , ඔවුන් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙනවා ගෞරවය එහෙත් ළමයින්ට ඒ ආදරය ගෞරවය දෙන්නේ නෑ, කුහකයි , නපුරුයි බොහොමයක් ගුරුවරු

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 года назад

    හොඳ අවබෝධයක් ලබා ගත්තා..Thanks....

  • @canrointernational6308
    @canrointernational6308 3 года назад +19

    වැඩවසම් පාසල් ක්‍රමය ඒකකේන්ද්‍රීය අද්‍යාපනය වහල් විනය මූසල ගුරුවරු නිසා තමයි අපේ රට මේ තත්වයෙන් තියෙන්නෙ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +4

      මට ගුරුවරු ගොඩක් කතා කලා. ඒව් අයත් අසරණයි සමාජ මතය නිවැරදි තනක නැති නිසා

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 года назад

    අපිගැන අපිටම දුකයි.ඔබතුමාගේ පැහැදිලි කිරීම නිවැරදියි.ලංකාවෙ අපි පුදුම විදියට අසරණවෙලා.පාසලකට ඇතුලත් කිරීමේ සිට රැකියාවක් සොයාගැනීම දක්වාම දේශපාලනය මැදිහත් වීම,මිනිස්සු දේශපාලකයන් පසුපසයාම සාමාන්‍යදෙයක් වීම ,, මිනිස්සු දේශපාලකයන්ගේ වහල්ලු බවට පත්වීමට හේතුවක්.

  • @wasanthakumara846
    @wasanthakumara846 3 года назад +4

    මමත් ගුරුවරයෙක්. සුපිරි පැහැදිලි කිරීමක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ගොඩක් ස්තුතියි ඔබට 🌹🌹❤️❤️

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 года назад +1

      නෑනෙ ! Bro මොනවද ඔයා උගන්නන්නෙ

  • @tharindupathirana4169
    @tharindupathirana4169 3 года назад +1

    How free, discipline these people are, the system of everything, not only the education, but all the systems are... That's why they're called "Developed Nations". Actually it is such a sin that we born in a country like LK~ Thank You very much for making us informative ayya...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      Yes of cause dear developed means not only buildings and roads 😆❤️

    • @tharindupathirana4169
      @tharindupathirana4169 3 года назад +1

      ​@@lokewatesudanthaka We got neither infrastructure nor education! Shame!

  • @shiromalisenavirathna5537
    @shiromalisenavirathna5537 3 года назад +8

    යුරෝපීය රටවල් නියම මිනිසෙක් නිර්මාණය කරන ආකාරය ගැන හරි අවබෝධයක් අපේ රටේ මිනිස්සු මෙම වීඩියෝව දැකලවත් ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක් ඒත් රටේ අවාසනාවට මේ අසහනකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න රටට මිනිසුන්ට ආදරය කරන්න හිතන කිසිම පාලකයෙක් ලංකාවේ නැහැ..ඔබ තුමා දුටු ඒ සමාජය මාත් දැක්කා ඒ නිසාම හරිම දුකයි ලංකාවේ තත්වය ගැන..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      ඔව් ඇත්තටම. දෙමාපියන් වශයෙන් හරි එකිනෙකා වෙනස් වෙනවනම් කාලයත් එක්ක ඒක සමාජ වෙනසක් වේවි

  • @pemasirikahawalageperera5967
    @pemasirikahawalageperera5967 3 года назад +1

    බොහොම වටිනව දැනුවත් කිරිම. ස්තුතියි.

  • @dailycool356
    @dailycool356 3 года назад +44

    මම නං හිතන්නෑ ලංකාව කවම දාවත් මේ බටහිර ලෝකය ලබන දියුනුව ලබයි කියල 😥.....මමත් ආසයි europe වල ඇවිත් ඉගෙන ගන්න 🥺🥺....europe වලට ඉපදුනු සහ යන්න පුලුවන් උන මාමල වගේම ලංකාව අනෙක් අය සහ අනෙක් දුප්පත් රටවල මිනිස්සු හරිම වාසනාවන්තයි 😃❤️‍🔥.මම ඒ වාසනාවන්ත මිනිස්සු දිහා බලල සතුටු වෙනව ☺️.කවදහරි මමත් මේ රටකට යනවමයි ආයෙ නොඑන්නම 😃

    • @sohanwd4026
      @sohanwd4026 3 года назад +2

      Wish you all the best👍👍👍

    • @dinusinali4291
      @dinusinali4291 3 года назад +12

      හරිම ආසාවෙන් අහන් හිටියේ. අපි ඉපදුනදාා සිට මැරෙන තෙක්ම අසහනයෙන් ජිවත් වෙන්නෙ .ජාති ,ආගම් ,කුල මල, අසාදාරන නිති රිති.පාට පක්ෂ වලට බෙදිලා.උඩරට පහත රට.අනේ මන්ද පිස්සු හැදෙනවා .

    • @krishandanushka7922
      @krishandanushka7922 3 года назад +2

      Mu kiyana theram italya hode..inna aya dennawa..italy inna aya lankawata enna baruwa innawa...italy corona walin iwarata iwara kara..job nathuwa godak aya gewal wela...

    • @sajithmadusanka2028
      @sajithmadusanka2028 3 года назад +6

      @@krishandanushka7922 ඉරිසියා කාරයෙක්. ඔන්න අපේ මිනිස්සුන්ට මරන්න පුලුවන් දේවල.😏

    • @krishandanushka7922
      @krishandanushka7922 3 года назад

      @@sajithmadusanka2028 bro ai ahana italy wela minissu iye news welath giya nade lankawata genna ganna kiyala ke gahnawa italy aya..godak ayage job nathi wela..me corona kale kohe ratakata wath yanna hode na..adu una giyata kamak na..den gihilla amaruwe wetenna epa..

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 года назад +1

    එක දිගට සම්පූර්ණ විඩියෝවම බැලුවා .ලන්කාව වගේ රටක් හැදෙනවනම් හැදෙන්න ඕන දේවල් තමා මේ හැබැයි කොතනින්ද පටන් ගන්නේ .දරුවන්ට මේ දෙවල් දෙන්නත් ගුරුවරු ඔවුන්ගේ ලමා කාලයේ ඉදන්ම මේදෙට හුරුවෙන්න එපැයි .සම්පූර්ණ මුල ඉදන් මකලා හදන්න ඕන ක්‍රරමයක් නේද

  • @cecil46628
    @cecil46628 3 года назад +3

    You are doing good job. Tel us about the religions in those countries.I know in many countries religion is not taught in the school as a subject.But here they ask about your religion when your child is about to enter to the school. So nobody is religious in Sri Lanka.ලංකාවේ ආගම පාසැලේ සිටම වදයක් සමහරුන්ට එය ආභරණයක්, හැබැයි කවුරුවත්ම එය පිළිපදින්නේ නෑ.

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 года назад

    Lokaya පිළිබඳ දැනුම ලබාදීම පිළිබඳ ඔබට bohoma ස්තුති .mewa eheddi අපේ ලංකාවේ ළමයි kana කට්ට gena පුදුම දුකයි .italye හිටියත් පාසැල් සම්බන්ධව මේ රටෙහි ක්‍රියාත්මක වන ක්‍රියාදාමය දෙන ගට්තේ ඔබේ විඩියෝ එක හරහා ස්තුති