ayiya malli කන්තලේ පුංචි පුතාගේ කතාවේ තවත් දිගුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 22 окт 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
    2024.10.22
    කන්තලේ පුංචි පුතාගේ කතාවේ තවත් දිගුවක්
    ආදරණීය දේවිකා අක්කා හා ජෙට්වින් සිගිරිය හෝටලයේ කළමනාකාරිනී ප්රියන්තිකා මිස් දරු පවුලට පිහිට වුන අයුරු , ජාති ,කුල ,ආගම් ,බේද පසෙකලා
    මනුස්ස කමට වැඩ කරන
    සමාජ ඇසට ඔබත් එක්වන්න ,
    එන්න අපි වෙනස් විදිහට හිතමු.
    0773416157 කාංචන
    හඳුනා නොගත් රෝගයකින් ආබාධිත වූ තම වැඩිමහල් දරුවා බේරා ගැනීමත් දෙවැනි දරුවාද එම රෝගයටම ගොදුරුවීමේ අවදානමක් පෙනි පෙනී දැඩි වේදනාවෙන් යුතුව දිවි ගෙවන අසරණ මවක් පිළිබඳව පුවතක් කිතුල්උතුව ප්රදේශයෙන් වාර්තාවෙයි
    තවමත් දහවැනි වියේ පසුවනේ සෙනුර ගිහංස අවුරුදු එකහමාරක් පමණ වයස වෙද්දී තම මවද දෙදෙනාම ඇද වැටී එකවරම රෝගාතුර වූ බව මව කියයි. එදා සිට මේ දක්වාම ඔහුට දණහිසෙන් පහළ අප්රාණික වී ඇවිද ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ආබාධිත දරුවෙකු වූ බව චන්ද්රිකා විමලරත්න තිස්පස් හැවිරිදි මව පැවසුවාය.
    මෙම පිරිස අංක අංක 339 / 1 කිතුල්උතුව අග්බෝපුර කියන ලිපිනයේ පදිංචිව සිටිති.
    කටු මැටි ගැසු පුංචි කාමර දෙකක් තනාගෙන චන්ද්රිකා විමලරත්න මහත්මියත් එච් .ජී .ගුණසිරි සැමියාත් අවුරුදු පහක් වූ පුංචි පුතත් වයස අවුරුදු දහයක් වූ වැඩිමහල් පුතත් ජීවත් වෙති.
    අඩුපාඩු ලෙඩ රෝග කොතෙක් තිබුණත් ඔවුන් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරණ කටයුතු වලින් පදිංචිව සිටින පැළ යොදාගෙන තිබෙන අයුරුද අපට දැක ගැනීමට හැකි විය
    දවසකට එක වේලක් දැඩි දුෂ්කරතා මැද උපයා සපයා ගන්නා ඔවුන් ආහාර හිඟයකින් පෙළයි , විමලරත්න මව කියා සිටියේ වසර ගණනාවකට ඉහතදී තමන් සමගින් ගමන් කරමින් සිටියදී එකවරම පය පැටලී තම දරුවා යට වූ බවය . එදා සිට මේ දක්වා දිවයිනේ විවිධ රෝහල්වලින් දේශීය ආයුර්වේද ක්රම වලින් ප්රතිකාර කළ බවය. සේසතම නැති වන තුරු ප්රතිකාර කළද තවමත් තම පුතු දනගාමින් ඇවිදින බවයි
    මේ වන විට පුත්රයාගේ අධ්යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති වත් බවද ඇය කියයි , එමෙන්ම දෙවනි දරුවා මෙවර පාසැලට ඇතුළත් කළ බවත් ඇයට පාසලේ ගුරුවරියගෙන් ලැබී ඇත්තේද තවත් කම්පනයට පත්වන පුවතකි, එම දරුවාගේ ද ක්රියාකාරීත්වය ඇවිදීම සහ සිරුරේ හැඩය වෙනස් වන බව ගුරුවරියට නිරීක්ෂණය වීම නිසා ඔහුද වෛද්යවරයෙකුට පෙන්වන ලෙස ඇයට දැනුම් දී ඇත්තේ මීට දින දෙකකට ඉහතදීය.
    වැඩිමහල් පුතා ඇවිද්දවා ගැනීම සඳහා දස අතේ කුසගින්නේ කල්පනා කරමින් සිටින මෙම මවට ගුරුවරියගෙන් ලැබුණු පණිවිඩය දරා ගැනීමට තරම් නොහැකි බව ඇය කඳුළු සැලමින් පැවසුවා
    තමන් හඩන වාර අනන්ත බවත් තමාට හැකි නම් තමාගේ කකුල් දෙක දරුවාට දෙන බවද මෙම මව සංවේදීව සඳහන් කරන්නට වූවාය. අප මෙම නිවසට යන අවස්ථාවේ අඩුම තරමේ සීනි ඇටයක් ලුණු ඇටයක්වත් නිවසේ තිබෙනු දැක ගැනීමට නොහැකි විය
    මෙම පවුලේ සැමියා වන එච්. ජී .ගුණසිරි කුලී වැඩක් සොයාගෙන ගොස් තිබිණි, කටු මැටි ගැසූ නිවස හතර වටේම සවස් වන විට වන අලින්ගේ විවිධ සංදර්ශන බව මෙම පුංචි පැටව් කියයි .
    ආර්ථික දුෂ්කරතාවයක් ඇති වුවද දේශපාලනය නිසා අස්වැසුම සහ සමෘද්ධි සහනාධාරය පවා අහිමිවී තිබීම විශේෂත්වයකි .රජයෙන් දිළින්දන් වෙනුවෙන් ලැබිය යුතු දීමනාව දේශපාලනය නිසා අහිමි වුවද ඔවුන් නොසැලී මෙවරත් තම පක්ෂයේ නායකයා ජනාධිපති කරවීම සඳහා පුංචිගෙ පැළ උපයෝගී කරගෙන තිබෙන අයුරු අපට දිස්විය
    කෙසේ වෙතත් මෙවැනි දිළිඳු පවුල් සහ ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් දේශපාලනය කිරීමේ ඇති අයිතිය දිළිඳුකමට වෙන් කළ නොහැක ,ඔවුන්ගේ ලිපිනය අංක අංක 339 / 1 කිතුල්උතුව අග්බෝපුර , මේ පවුලේ අයට ජංගම දුරකථනයක් හෝ බැංකු ගිණුමක් නොමැත, මව ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන් දෙදෙනා වෛද්යවරයෙකුට පෙන්වා ප්රතිකාර ලබා ගැනීම සඳහා කාගේ හෝ උදව්වක් උපකාරයක් ලබා දෙන ලෙසය .

Комментарии •