සාදු සාදු සඟ රුවනට මං තුටින් වඳින්නේ (කවි) | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 8 апр 2022
  • කළණ මිතුරු පිළිසරණින් - බුදු බණයි අසන්නේ
    සුපහන් සිත් ඇති කරගෙන - නුවණ යොමු කරන්නේ
    ගිහි දිවියේ ඇති දොස් දැක - සසුනට පහදින්නේ
    අහසේ ඇති නිදහස ලෙස - පැවිදි බව දකින්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    ගුරුවරුනට ගරුසරු ඇති - සුවච බව ලබන්නේ
    සම්බුදු සසුනෙහි තිබෙනා - රැකවරණය දන්නේ
    සිවුරු දරාගෙන සසුනේ - සිල්පද සුරකින්නේ
    තුන් සරණය පිහිටට ගෙන - පිළිවෙතෙහි යෙදෙන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    වත් පිළිවෙත්වලින් සරුව - දහම ඉගෙන ගන්නේ
    දහමට විනයට අනුව ම - බඹසර සුරකින්නේ
    දාගැබ් මහ බෝ වඳිමින් - පින් රැස් කරගන්නේ
    හැම ගුණයට මුල්ව තිබෙන - කෙළෙහි ගුණය දන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    කන් යොමු කොට අසනා බණ - සිත රඳවා ගන්නේ
    රැස් වී සමඟිව සතුටින් - බණ පිරුවහ ගන්නේ
    නිබඳව නුවණින් බුදුගුණ - කමටහනට ගන්නේ
    ඍජු දැක්මෙන් යුතුව සොඳින් - දහම් මගෙහි යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    ඉඳුරන් සංවර කරගෙන - දෙනෙත බිම යොමන්නේ
    මෙත් සිත පෙරටුවට රැගෙන - පියවර තබමින්නේ
    පාත‍්‍රය ද දෝතට ගෙන - පිඬුසිඟා වඩින්නේ
    සිව්පසයට ණයක් නැතිව - දන්පැන් වළඳින්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    රුක් සෙවණක හෝ කුටියක - තනිවමයි වසන්නේ
    සක්මන් මළුවක සුවසේ - සක්මනෙහි යෙදෙන්නේ
    නව අරහාදී බුදුගුණ - එකිනෙක සිතමින්නේ
    අප මුනිඳුගෙ ගුණ සිහිකොට - භාවනා කරන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    මැනැවින් වදහළ බුදුබණ - සිහියට අරගන්නේ
    සසරින් එතෙරට ගෙනයන - දහම හැඳිනගන්නේ
    දහමේ ගුණ එකිනෙක ගෙන - සිතමින් තුටුවන්නේ
    බුදුබණ සිහිකොට මුනිඳුගෙ - භාවනා කරන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    සැරියුත් මුගලන් කස්සප - අනඳ මහ තෙරුන්නේ
    උත්තම සඟ ගුණ සිහි කොට - බැති සිතින් වඳින්නේ
    සම්බුදු සසුනේ වැඩසිටි - රහත් මුනිවරුන්නේ
    ගුණකඳ සිහිකොට එකිනෙක - භාවනා කරන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    සුළු වරදෙත් බිය දකිමින් - විනයෙහි හික්මෙන්නේ
    පාමොක් සංවර සිල්පද - පණමෙන් සුරකින්නේ
    සමඟිව සඟ පිරිස රැස්ව - පොහොය වත් කරන්නේ
    ගෞතම සම්බුදු සසුනට - ආයුෂ ගෙන දෙන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    දෙතිස් කථාවෙන් වැළකී - බුදුබණයි කියන්නේ
    කරමින් දසකථා සොඳින් - වීරියයි වඩන්නේ
    පිහිට පතාගෙන සසුනේ - පිළිවෙතයි පුරන්නේ
    සාමීචිපටිපන්න ගුණෙන් - සසුන බබුළුවන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    දෙතිස් කුණුපයෙන් යුතුවෙන - කයත් හඳුන ගන්නේ
    කෙලෙසුන් තොර වී යන ලෙස - ඇති තතුයි දකින්නේ
    කායගතාසතිය නිබඳ - සිහියට අරගන්නේ
    බුදුසසුනේ අසිරිය දෙන - සොඳුරු මඟ වඩන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    පහන් නිවී යන විලසින් - කවුරුත් මිය යන්නේ
    දිවා රෑ දෙකේ හැම විට - ආයුෂයි ගෙවෙන්නේ
    ජීවත් වෙන්නට තමාට - සුළු කලයි තියෙන්නේ
    දහමේ නොපමා වන්නට - මරණසති වඩන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    මුව විට තෙක් තෙල් පිරවූ - බඳුන හිසට ගන්නේ
    තෙල් බිඳුවක් නොවැටෙන ලෙස - සිහියෙන් ගෙන යන්නේ
    එලෙසින් සතිපට්ඨානය - අත් නොහැර වඩන්නේ
    බිඳිමින් සැඩ පහර යසට - එතෙර වෙලා යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    ඉර්ධිපාද සතර හැඳින - එකිනෙක වඩමින්නේ
    දහම් මඟට සවිය ලැබෙන - ලෙසට පුහුණු වන්නේ
    හැම අකුසල් දුරු කරමින් - කුසල් දම් වඩන්නේ
    බුදුසසුනේ පිහිට ලබන - දහම් මගෙහි යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    උපන් සියලූ අකුසල් රැස - දුරුකොට දමමින්නේ
    නූපන් අකුසල් කිසිදා - නොමැත උපදවන්නේ
    උපන් කුසල් හා නූපන් - කුසල් උපදවන්නේ
    වීරිය පෙරටුවට රැගෙන - දහම් මගෙහි යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    සද්ධා විරිය සති සමාධි - පඤ්ඤා මතු වන්නේ
    උතුම් පංච ඉන්ද්‍රිය තම - සිත තුළ රැක ගන්නේ
    මගඵල ලැබෙනා නිසි මඟ - නිසි ලෙසට දකින්නේ
    අප මුනිඳුගෙ බණට අනුව - නිවැරැදි මඟ යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    පංචින්ද්‍රිය බලවත් කොට - කෙලෙස් දුරු කරන්නේ
    සතිය ධම්මවිචය විරිය - ප‍්‍රීතියයි වඩන්නේ
    පස්සද්ධිය හා සමාධි - උපෙක්ඛා වඩන්නේ
    බොජ්ඣංග දහම් සත නිසි ලෙස - දහම් මඟට ගන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    අමා නිවන පිණිස ලොවේ - එක මඟයි තියෙන්නේ
    අන්ත දෙකම බැහැර කෙරුව - මැදුම් මගෙහි යන්නේ
    ආර්ය වූ අංග අටෙන් - සොඳුරු මග තිබෙන්නේ
    සසරින් එතෙරට ගෙනයන - පහුර විලස ගන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    චතුරාර්ය සත්‍යය දැක - මගඵලයි ලබන්නේ
    පුද්ගලයෝ අට දෙනෙක් ය - පිළිවෙළින් පෙනෙන්නේ
    යුගල විලස අරගත්විට - යුගල සතර වන්නේ
    මේ ගෞතම බුදුසසුනේ - රහතුන් බබළන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    මම ය මගේ යන මානය - සදහට නැති වන්නේ
    රහතුන්ගේ අභිමානය - සිහනද විලසින්නේ
    අමා නිවන් දුටු සදහම් - සුවය නිති විඳින්නේ
    දියෙන් උඩට විත් මතුවුන - පිපුන පියුම් වැන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    අටලෝ දම රියසක ලෙස - හැම විට පෙරළෙන්නේ
    දහම නොදත් දන බිය වී - එයින් සලිත වන්නේ
    කම්පා සිත් නැති රහතුන් - නැත බිය හඳුනන්නේ
    අමා නිවන් දුටුව සිතින් - සතුටින් ම යි ඉන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    දේව මිනිස් ලෝ සතුනට - පින්කෙත විලසින්නේ
    රහතුන් වැඩ සිටිනා ලොව - සොඳුරුව බබළන්නේ
    අත්තිම සිරුරක් දරමින් - බුදුබණයි දෙසන්නේ
    පහන් සිලක් නිවෙනා ලෙස - පිරිනිවනට යන්නේ
    සාදු සාදු සඟ රුවනට - මං තුටින් වඳින්නේ
    ----------------------------

Комментарии • 163

  • @sewwandifernando4240
    @sewwandifernando4240 4 месяца назад +1

    සාදු සග රුවනට මම තුටින් වදින්නේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindalk7591
    @chamindalk7591 7 месяцев назад +1

    සාදු සාදු

  • @salanimalisha3674
    @salanimalisha3674 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад +8

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
    පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @theekshananuwan5933
    @theekshananuwan5933 2 года назад +4

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 2 года назад +1

    Sadu sadu sadu
    Garutara saminwahanseta bududaranai

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Месяц назад

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! සංඝරුවනට මා තුටින් වදින්නේ !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 2 года назад +23

    දියෙන් උඩට විත් මතුවුන
    පිපුනු පියුම් වැන්නේ...
    සාදු ..සාදු! සගරුවනට මම තුටින් වදින්නේ ...🙏🌺🙏🌺🙏

    • @Dolki_hits
      @Dolki_hits 2 года назад

      CSS caccbb BS bs

    • @Dolki_hits
      @Dolki_hits 2 года назад +1

      Ll I’ll Opatha l olp I’ll leave

    • @swarnakanthi3559
      @swarnakanthi3559 5 месяцев назад

      🙏🙏🙏sadu sadu sadu budu saranai

  • @dinushaprasad143
    @dinushaprasad143 2 года назад +4

    bohoma pin.. godak hewwa

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 Год назад +1

    සාදු ,සාදු ,සාදු .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    අපට තිසරණ සරණ කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ......!!!
    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    සාරිපුත්ත මොග්ගල්ලාන ආදි උතුම් මහා රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථාන බදු වූ අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ගෞරවණීය සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ........!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 года назад +1

    Sadhu! Sadhu! Sadhu!

  • @sachababa3192
    @sachababa3192 5 месяцев назад

    මාගේ නමස්කාරය වෙවා👏 සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 года назад +5

    උතුම් වන්දනිය පූජනීය උතුම් මහරහතන් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
    සාදු ! සාදු !! සාදු !!! මම මහසංඝ රුවන වදින්නේ!🙏🙏🙏
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ඔබවහන්සේගේ පින්වත් මුවින් , සුමිහිරි මේ උතුම් කන්කලුනද අප සවන්පත් මතට භාවනාවකි. සාදු !!! පිනැත්තෝ සවන්පත් යොමත්වා ! සාදු !!!
    මේ පින් උතුම් නිවන් මාර්ගට හේතුවාසනා වේවා !
    නිවන් දොරටුවක්ම වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshairangani311
    @ireshairangani311 Год назад +7

    තව තවත් ශ්‍රද්ධාව වැඩි වෙන මේ ලස්සන වන්දනා කාව්‍ය අසන්නට ලැබේවා. 🙏🙏🙏

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409 2 года назад +1

    Saadu saadu saadu

  • @nalinnissanka5192
    @nalinnissanka5192 Год назад +1

    සාඋු සාඋු සාඋු

  • @aryaasura
    @aryaasura 2 года назад +3

    sadu sadu

  • @Ruksh885
    @Ruksh885 Год назад +2

    Sadu Sadu Sadu anumodami

  • @nunga9808
    @nunga9808 2 года назад +2

    සාදු සාදු සගරුවනට මං තුටින් වදින්නේ !!! සාදු සාදු සාදු!!!

  • @wadugefernando5710
    @wadugefernando5710 Год назад +1

    Namobuddaya! heruwansarani!🙏🙏🙏

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp 11 месяцев назад +2

    සාසනය විනාස වෙද්දි මෙ වගෙ ලස්සන බන පදයක් ආහාලා හිතා හදා ගත්තෙ ඔබ වහාන්සෙලා හින්දා හාමුදුරුවනෙ🙏🙏 පලවෙනි මෙ වගෙ බන කවි ඇහුවෙ හොරන අසපුවෙන් 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
    සග රුවනට මාගෙ උත්තම නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 2 года назад +3

    සාදු සාදු සගරුවනට මං තුටින් වදින්නේ !!!🙏🙏🙏 සාදු සාදු සාදු!!

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 2 года назад +1

    🙏💐🙏💐🙏💐🙏💐

  • @amitharamanayaka
    @amitharamanayaka Год назад +2

    බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @nimeshanawarathna510
    @nimeshanawarathna510 Год назад +3

    සාදූ සාදූ බුදු රුවන මම තුටින් වදින්නේ 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 6 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 Год назад +1

    Namo buddhaya

  • @chamarapradeep8324
    @chamarapradeep8324 6 месяцев назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Год назад +1

    Sadu sadu sadu.... 🙏🌸💓💞

  • @indikachamara1456
    @indikachamara1456 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 Год назад +6

    සාදු සාදු සාදු අපෙ ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා !!!සාදු සාදු සගරුවනට හිත තුටින් වදින්නේ🙏🙏🙏

  • @indramalani1658
    @indramalani1658 2 года назад +2

    Sadu sadu .sadu .a.uthum .arya .maha .sangarathnayata mage namaskaraya weva .sadu .sadu .sadu .🙏🙏🙏🌷🌷🌷

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 Месяц назад

    සාදු ☸️🙏 සාදු ☸️🙏 සාදු ☸️🙏

  • @upekshamadushani3863
    @upekshamadushani3863 2 года назад +2

    🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 2 года назад +2

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..නමස්කාර වේවා ..🙏🙏🙏

  • @vezdelemos3133
    @vezdelemos3133 Год назад +1

    Namo buddhaya.

  • @anjulaeakanayake7318
    @anjulaeakanayake7318 2 года назад +10

    අහසේ ඇති නිදහස ලෙස පැවිදි බව දකින්නේ 🙏🙏🙏

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 года назад +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 года назад +8

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @danmikadanmika4814
    @danmikadanmika4814 Год назад +1

    🙏🙏🙏....!

  • @piumaliwijesinha9407
    @piumaliwijesinha9407 11 месяцев назад +1

    සිතට මාර සැනසීමක් දැනෙන්නේ

  • @user-jy2pm2li5z
    @user-jy2pm2li5z 6 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 8 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 года назад +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumudumanju3539
    @kumudumanju3539 Год назад +1

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @sitharagalaxy413
    @sitharagalaxy413 2 года назад +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @sujaambetiya4030
      @sujaambetiya4030 Год назад

      සාදු සාදු සාදු පින් වත් සවාම්න්වහන්සෙන නිදුක් නිරොගි දිර්ගාස වෙවා

  • @wpkwaji5791
    @wpkwaji5791 2 года назад +2

    Sadu sadu ananthawarayak e maha sangarathnayat mage namaskaraya wewa

  • @asankabandara3677
    @asankabandara3677 2 года назад +1

    sadu sadu...

  • @wasala2744
    @wasala2744 2 года назад +4

    සාධු ..සාධු ..සාධු ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ..දීර්ඝායුෂ ලබත්වා ....

  • @sulaa8733
    @sulaa8733 2 года назад +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @mociler3
    @mociler3 Год назад +1

    අපේ ගුරැ හාමුදුරුවන්ට දිර්ඝා යුෂ වෙිවා

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 2 года назад +1

    🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 года назад +5

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @tharindudilshan1601
    @tharindudilshan1601 2 года назад +3

    නමෝ බුද්ධා. ඉතාමත් ලස්සන කවි බන.

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT 2 года назад +2

    saaasdhu saaadhu saaadhu. hadawathea donkaara demin a utthama. aarya mahaa sangharathnayea guna sihi karawana me watinaa kawi pela hithata sahanayak mai.... sadhu sadhu sadhu.pinwath loku swaameen wahanseata uthum shaasanika seawaava karagena yeamata eathi heaki siyalu shakthiyama weava.! deerghaayushama weava.!!! theruwan saranai.namo buddhaaya.!!!

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 Год назад +1

    🌷🌷🌷🙏🙏🙏

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 10 месяцев назад

    සාදු...සාදු...සාදු..

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 года назад +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා .සගරුවනට.🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅💅💅💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌼🌼🌼💅💅💅💅💅💅💅💅

  • @WasanthaKumara-oj4iy
    @WasanthaKumara-oj4iy 10 месяцев назад

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා

  • @amitsumana1214
    @amitsumana1214 2 года назад +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා නමෝ බුද්ධාය 🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏🌸🌻🙏🌻🙏🌼🙏🌼

  • @madushaniniroshi7379
    @madushaniniroshi7379 2 года назад +3

    Sadu sadu sadu

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c Месяц назад

    සසරේහී බැදෙන සියලු ම බැමි සිදන ලද....සම්බුදු දහම ලොව හැමතැන දෙශණ ලද ... පින් බලයෙන් ම පූජාවන් ලබන ලද.. මහා සඟරුවණ නමදිමි මම දොහොත් බැද.....
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @renukaarunapura2987
    @renukaarunapura2987 Год назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 года назад +5

    අහෝ...
    මොන තරම් මිහිරි වන්දනාවක්ද....
    මාගේ ගුරු දෙවියන්ට නමස්කාර වේවා ....
    🌹🙏🌹🙏🌹🙏

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 года назад +2

    Sadu

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. 2 года назад +1

    🙏❤❤🙏

  • @samithahimi6613
    @samithahimi6613 2 года назад +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @lasathkumara92
    @lasathkumara92 2 года назад +9

    සාදු සාදු සඟ රුවනට මං තුටින් වදින්නේ සාදු සාදු සඟ ගුණයට මං තුටින් වදින්නේ 🙏🙏🙏

  • @anomakanthi634
    @anomakanthi634 Месяц назад

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌷

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 2 месяца назад

    Sambudu sasune rakawaranaya labanne sadu sadu

  • @SLDinushatech
    @SLDinushatech 2 года назад +4

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 года назад +15

    සාදූ!සාදූ!!සාදූ!!! උත්තම ආර්‍ය මහා සංඝ රත්නයට කෝටි කෝටි වාරයක් මාගේ උත්තම නමස්කාරය වේවා!!!

  • @t.dilmini4096
    @t.dilmini4096 2 года назад +8

    හරිම ලස්සන වන්දනා කවි .🙏🙏🙏👍

  • @dilanthanipun1618
    @dilanthanipun1618 Год назад +1

    සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 года назад +1

    මෙපමණ මහා ගුණ කදක් දරාගෙන ඉන්නට තරම් පින්වත් ස්වාමීන් වහන්සේලා කොපමණ පින් කරල තියෙන්න ඕනේ ද...............?
    ඒ සියලු පින් දරා සිටින ඒ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දෙපා වැද නමස්කාර කරමි.මාගේ උතුම් නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @moldingsdesign4423
    @moldingsdesign4423 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @usniranjana8694
    @usniranjana8694 3 месяца назад

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @pavideos3808
    @pavideos3808 2 года назад +1

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    උතුම් සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා .......
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @raia3166
    @raia3166 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathnalakasamarasinghe
    @jagathnalakasamarasinghe 2 года назад +10

    සාදු...! සාදු...! සාදු...!
    තෙරුවන් සරණයී.....!!!!

  • @taniya8884
    @taniya8884 2 года назад +3

    නමෝ බුද්ධාය
    සාදූ !!!සාදූ !!!සාදූ !!!
    🙏🙏🙏

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 11 месяцев назад

    🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏

  • @granjani929
    @granjani929 8 месяцев назад

    Sadusadu sadu sadu sadu sadu sadu sadu sagaruwnata mama wadinna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🍁🎉🌹🍁🎉🌹🍁🎉🌹🍁🎉🌹🍁🎉🌹🍁🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🎉🎉🎉

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT 2 года назад +1

    saadh saadhu sangha gunayata man thutin wandinnea...

  • @AeeAzz-oj6zn
    @AeeAzz-oj6zn 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 Год назад +1

    සාදු ..සාදු .. සගරුවනට...
    මම තුටින් වදින්නෙ....
    🌹🙏 🌹🙏 🌹🙏

  • @dahamsith6089
    @dahamsith6089 2 года назад +7

    සාදු !සාදු!!සාදු!!! සඟ රුවණට මං තුටින් වදින්නේ🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌷🌷🌹🌹🍀💐💐💐🌻🌻🌻🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 10 месяцев назад

    Sadu sadu sadu aa maha sanga rathnayata maga sirasa namaa dana gasa vada namaskara karami maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @ulrikeschuldt5851
    @ulrikeschuldt5851 4 месяца назад

    Namo Buddhaya wewa ❤🤍👼🎐🙏🙏🙏

  • @kanchanahemachandra2066
    @kanchanahemachandra2066 2 года назад +3

    සාධූ සාධූ සාධූ!!!!!!

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 2 года назад +2

    සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 7 месяцев назад

    Sadu Sadu Sadu namo buddaya

  • @thamarakumari219
    @thamarakumari219 2 года назад +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @liyanagedon9748
    @liyanagedon9748 Год назад

    Namo buadhaya 🙏🏼

  • @user-ni7lv1ou3m
    @user-ni7lv1ou3m Год назад

    🙏🙏🙏saththiya darmaya apata kiyadeana pinvath loku swamin wahanseatath sisu Saga swamin wahansealatath magea namaskaraya weava.godaaaak pin🙏🙏🙏

  • @nandanishiromi8088
    @nandanishiromi8088 Год назад +2

    Sadu sadu sadu 🌸🙏

  • @ruwanilakshika870
    @ruwanilakshika870 4 месяца назад

    🙏🙏🙏🍀🍀

  • @sajane8411
    @sajane8411 2 года назад +4

    Namo Buddhaya.....!

  • @priyankanilmini1531
    @priyankanilmini1531 2 года назад +1

    Sadhu🙏🌷 Sadhu🙏🌷 Sadhu🙏🌷

  • @lahirulakshan3165
    @lahirulakshan3165 2 года назад +1

    නමෝ බුද්ධාය☸️ තෙරුවන් සරණයි ☸️🙏