❤❤❤❤excellent peasantatation we got tru love knowledge 😢 wisdom history and bandu iam very much proud of you for some geography cal again historical reasons big thank for everyone participated
I highly appreciate such you great and senior lyricists and the service which has been done for the field of art by you.But it is sad to say that there is a lack of such you lyricists in the present generation
ගී පද රචකයින් දෙදෙනෙකු හමුවූ මෙවන් වූ රසවත් වැඩසටහනක් කෙතරම් චමත්කාරජනකද....
ඔබ දෙපලගේ සුන්දර අතීත මතකසටහන් අතරේ, හර්ශණ සහ ලක්ශණාගේ සුමිහිරි ගීත ගායනයද වැඩසටහනට ආලෝකයක්ම විය..
ස්තුතියි වසන්ත අයියාටත් බන්දුල මහතාටත් , අපහට මෙවන් වූ වින්දනීය මොහොතක් ලබාදුන්නාට...... ❤️
ලක්ෂණා සහ හර්ශණ ගීත වලට උපරිම සාධාරණයක් කලා... හරිම ලස්සනයි ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤
හරීම සුන්දර වැඩසටහනක්! ඉතාම ආසාවෙන් බැලුවා! බන්දුල නානායක්කාරවසම් සහ වසන්ත කුමාර කොබවක කලාකරුවන් දෙදෙනාගේ ඉතාම වටිනා සාකච්චාව වගේම හර්ශන සහ ලක්ශනාගේ සුන්දර ගායනාවන් අතිශයින් රසවින්දා🥰🥰🥰🥰🥰🥰🥰
ගීතයක් රසවිඳින්න ,ගීතයක් ලියන්න පළමු පෙළඹවීම ඇතිවන්නේ මේ ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ ගීත නිර්මාණ යි.එම නිර්මාණ තුළ තිබුණු පද බෙදීම් ,විරිත්,නවමු මාතෘකා අලුත් නිර්මාණකරුවකුට මහාර්ඝ අත්පොතක් වගේ.
වසන්ත කුමාර කොබවක ප්‍රවීණ ගී පද රචකයාගේ ගීතවල බොහෝවිට මම දකින විශේෂ ම දෙය තමයි ගීතයකට උචිත අයුරින් භාවිතා කරන අලුත් වචන.දූවිල්ලෙන් වත්සුණු තවරා,නැද්ද නිනව්වක්,සිතට ලොලේ වගේ වචන ලේසියෙන් රචකයකුට අසුවන පද නොවෙයි.ඔහුගේ ගීතවල ඇති සුවිසෙස් බව එයයි.ඒ වගේම පෙම්බර කුමරාන වැනි ගීතවල අලුත් විරිත් භාවිතාවත් වැදගත්.
ඒ ගීත ගොන්න එකින් එක පිරික්සීම තුළින් බෙහෛා් දෑ නවක අපට සොයාගන්න පුළුවන්.ඒ වගේම මේ කතාබහේදි දැණුන දෙයක් තමයි එදා ගී පද රචකයන්ගේ තිබුණු සාමූහිකත්වය.නිර්මාණ පිළිබඳව එකිනෙකා දක්වන කතාබහ,අගය කිරීම්,නිර්මාණ බෙදාහදාගැනීම් මේ සියල්ල අලුත් පරපුරකට මොනතරම් වටිනවාද කියන එක අපම අවබෝධ කරගතයුතුයි.
ස්තුතියි හදවතින්ම චරණට,බන්දුල අයියාට
අංග සම්පූර්ණ සොඳුරු වින්දනීය වැඩසටහනක්.😍
ගීතයක් වගේ සුන්දරව වචන ගලායන කතාබහක්. දෙන්නගෙම පුදුම මතක කන්දක්. පුදුමෙකුත් නෑ ඉතින් කලාව ඇඟේ තිබුනට ගණිත අංශයෙන් ඉගෙන ගත්තු දෙන්නෙක්නේ. ඒ වගේම මධුරයි නිදර්ශන ගායනා. අහලා ඉවරවෙද්දි මම ලක්ෂණාගේ ෆෑන් කෙනෙකුත් වෙලා. අදමයි ඇහුවෙත්. හර්ෂනගෙ ටැලන්ට් එක නම් දැනන් හිටියා. සංගීතයත් හරිම මිහිරියි. වෙලාව ගතවෙනවා දැනුනෙ නැති වැඩසටහනක්.
කළාකාමී හැමොටම බලන්න වටිනාම වැඩටහනක්. හරිම රසවත්. සුබ පැතුම් වසන්ත !
බොහොම ස්තුතියි බන්දුල සමරසේකර සොයුරාට සහ බන්දුල නානායක්කාරවසම් සොයුරාට
රසවත් සහ සාරවත් වැඩ සටහනෙන්! ඔබ දෙපලට තුති. සුබ පැතුම්!!
Ithama rasawath programme ekak. Obai Bandula Aiyai thawa thawath rasawath kalaa. Apooru rasawath thorathuru resak asaa rasa vindaa. Behewinma thuthi.
Great musicians... Great song writers. ❤❤
හරිම රසවත් කතා බහක් වසන්ත අයියේ ❤ ලක්මිණි නංගි නිසා ඔයා එක්ක සමීප බවක් ඇතිවුණත් මෙතෙක් දැනගෙන නොසිටි රසවත් තොරතුරු රැසක් දැනගන්න ලැබුණා. මේ අවස්තාව ලබාදුන්නාට බන්දුලට තුති !💚
❤❤❤❤excellent peasantatation we got tru love knowledge 😢 wisdom history and bandu iam very much proud of you for some geography cal again historical reasons big thank for everyone participated
සුබ පැතුම් ඔබ සියලු දෙනාටම❤
හර්ශන දිසානායක & ලක්ශනා ලක්මිනි 👍❤💐
හෙළ සාහිත්‍යය කලාව තුළ, සිංහල ගීත නිර්මාණ කරණයේ, සොබා සෞන්දර්ය වාදී, ගැමි වහර මුසු කොට, ඉතාමත් ගුණාත්මක භාවයෙන් පිරි මිහිරි රසයෙන් යුක්ත ගීත ගොන්නක්, දේශීය සංගීත කලාවට දායාද කළ, ආදරණීය වසන්ත කුමාර කොබවක අයියා සමගින්,ඒ හා සමාන දේශිය සාහිත්‍යයේ රසය අතැඹුලක් කරගත්, ගීත නිර්මාණයේ මෙන්ම, ග්‍රන්ථ ලේඛන කලාවේ නියැලෙමින්, ඉතාමත් අර්ථාන්විත ලෙස සාහිත්‍ය වැඩසටහන් මෙහෙයවන, ආදරණීය බන්දුල නානායක්කාරවසම් මහතා, මෑතකාලයේ, ඉතාමත් ගුණාත්මක භාවයෙන් පිරි රසවින්දනය රැගෙන
කතිකාවතෙහි යෙදෙන, ඉඳුවර පොකුණ"සංගීත වැඩ සටහන, සාහිත්‍ය කලා රසයට ලොල් ප්‍රේක්ෂක ජනතාවට මහත් වින්දනයක් ලබා දෙන වැඩසටහනක් බව ඉතාමත් සතුටින් සටහන් තබමි.
හරවත් හා කලාත්මක ගීත නිර්මාණ පෙළක්
බොහොම ස්තුතියි අමිත්
ප්‍රවීණත්වය තුළ නිහතමානීකම නොසිදුණු වසන්ත අයියා වැන්නන් ගෙන් පුරවන ඉදුවර පොකුණට සුබ පැතුම්! එහි ගෞරවය බන්දුල අයියාට පුදන්න ඕනෙ.දිගටම සුදුස්සන්ට සුදුසු තැන දෙන්න එසේ උවහොත් යුගෙන් යුගේ උපන් අංකුර වියැලී නොයනු ඇති🙏
හර්ෂණ❤ලක්ෂණා❤
විශිෂ්ටතම සර්
හරිම අාසාවෙන් නිස්කලංකව වාඩි වෙලා කෝපි කෝපයක රස බලන ගමන් හරිම අාසාවෙන් වචනයක් නැර අැහුවා...බෝහෝම සෞම්‍ය වැඩසටහනක්...සංගිතයත් එ් වගේම බොහෝම soft...music...අාසාවෙන් අහපු වැඩ සටහනක්..🙏
බොහොම ස්තුතියි නංගී.කැනඩාවේ කාර්‍ය බහුලව සිටියදී පවා නැරඹීමට හැකිවීම ගැන !
බොහොම වින්දනීයයි..
❤️❤️❤️❤️
බන්දුල, ඔබ අපට සිංදු අසන්නට මෙන්ම සිංදු රස විඳින්නට ද මග පෙන්වමින් කරන ජාතික මෙහෙවර බෙහෙවින්ම අගය කරමි.
පාසල් ජීවිතයේ, රැකියාවේ රසවත් වියමන් මෙන්ම , සංගීතයට, කවියට අත්පොත් තැබු සැටි අපගේ හදවත් පිනා යවමින්, පරිසරය මවමින් ඉදිරිපත් කරන ආකාරය අපූරුයි .
ඉසිවර පොකුණ දැන් ඇබ්බැහියක්.
වසන්ත කුමාර කොබවක සහ මම කොළඹ විශ්ව විද්‍යාලයේ එකම පාඨමාලාව හැදෑරූ සගයන්. එහෙත් ඔහු හමු වූ කාලයක් නොදන්නා තරම්.
ඉතින් මම මේ වැඩ සටහන මුළු හදවතින්ම වින්දා.
ඔබ දෙදෙනාටමත් ගැයුමෙන් මන්මත් කළ හර්ෂණ හා ලක්ඛණාටත් බොහොම ස්තුතියි .
🌸🌸🌸🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුතියි ,බොහොම පින් ...ඒ ඇබ්බැහි වීමට ආචාරය මගෙනුත්❤
අයියණ්ඩී...
ඉඳුවර පොකුණ දෙවෙනි වතාවටත් අහල මේ ලියන්නෙ. මුලින්ම අයිය ඒ තරම් සංයමයක් තියෙන කෙනෙක් කියල දැක්කෙ එදා.
මගේ පිය සම බන්දුල නානායක්කාරවසමුන් මෙහෙයවන ප්‍රෝග්‍රෑම් එකක් සම්පුර්ණයෙන් ඇහුවෙ කාලෙකින්. ඒකත් කියන්න ඕනනෙ.
එකක් ඔයා මාව මගේ අතීතෙට අරන් ගියා අයියෙ. තාත්‍ත වතු සුපිරින්‍ටෙන්ඩන්ට් කෙනෙක් නිසා වතු වල බංගලා වල වාඩි වල ගෙවුන ලස්සන ලමා කාලයක් මටත් තිබ්බ. ඒ අතීතෙට ගෙනියපු එක ගැනත් තුති පුදන්නම ඕන.
බන්දුල නානායක්කාරවසම් ප්‍රෝග්‍රෑම් එකක් අරන් යන විදිය මහ පුදුමාකාරයි. රෑ ඉරපානෙ ඉදන්ම මම ඒ විවිධත්වය වින්ද කෙනෙක්. නමුත් ඔහු අඩුවෙන්ම කතා කල වැඩසටහන ද මන්දා මෙය.
හර්ෂණ ලක්ෂණා කියන්නෙ මම ආසම සහෝදර යුග්මයක්. ඒ හඬ ද්විත්වය ඒ විවරණ හඹාගෙන ආපු ගීත එක්ක අපූරුවට පෑහුනා
ඒ කාලෙ ගුවන් විදුලිය වෙළෙඳ සේවය ස්වදේශීය සේවය නැශනල් රේඩියෝවෙ අහපු මට ගුවන්විදුලිය ඇතුලෙ සිදු වුන රසවත් දේවල් ගැන හරිම නොස්ටැල්ජික හැඟීමක් තිබ්බෙ. අපිත් ගීතය දැනගන්නෙ පදමාලා අහන්නෙ මුළින්ම එතනින්.
ඒ ඒ යුග වල යුග මහාර්ඝ ගායක ගායිකාවන් හරියට සීරුමාරුවෙන් පෙළගස්වාගෙන ඒ පැය එකහමාරක් ඇතුලත මවපු පෙළහර නම් අගනේයි අයියෙ. විශේෂයෙන් ම ගායිකාවන්. ඒ ඒ යුග වල ක්ශේස්ත්‍රය බැබලවූ screen voices වලට දීපු තැන, ගෞරවය මම හිතන්නෙ කිසිම ප්‍රෝග්‍රැම් එකක නොවුන නවමු සංකල්පයක්. ඒ ගුණය මවගෙන් ලැබුණක් කියල තමා මට හිතෙන්නෙ.
මම ආරම්භයෙ ඉදන් අවසානය වෙනකන් එකම ආසාවකින් අහල ආයෙත් අහපු පලවෙනි ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නෙ මේ.
බොහෝ දුරට මම ආයෙම අහයි. ඒ තරම් රහයි!❤
ඉතාමත් හරවත්,රසවත් කතා බහක්. අපේ දරුවන්ට ඔබතුමන්ලාගෙන් ඉගෙන ගන්න ගොඩාක් වටිනා දේවල් තියනවා. ඔබ දෙදෙනාටම තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා!යි හදවතින්ම සුභ පතනවා.🙏❤️
I highly appreciate such you great and senior lyricists and the service which has been done for the field of art by you.But it is sad to say that there is a lack of such you lyricists in the present generation
බොහොම ස්තුතියි සොයුරු ඩැනිස්ටර්.ඔබගේ සන්නාද සම්ප්‍රාප්තිය අපව විශ්මයට පත් කළා.නවකයින් ඔබේ සංගීත,ඇසුර ලබා ගන්නවා මදිද මන්දා. මා සහභාගී වූ "ඉඳුවර පොකුණ" නැරඹීම ගැන මගේ ආචාරය
වසන්ත මගේ සරසවි මිතුරාගේ වැඩසටහනෙන් ලබපු ආශ්වාදය සහ තෘප්තිය ප්‍රකාශ නොකර බෑහැ. වඩාත් විශිෂ්ඨ වෑඩටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. විද්‍යා පීඨයේ කලා සහෘදයා ට අපි එදාත් අදත් ආදරෙයි
බොහොම ස්තුතියි චම්ලි සොයුරාණනි
හරිම රසවත් කථා බහක්.. වසන්ත මහතා අපේ පාසලේ A/L පන්තියේ ඉන්න අවදියේ අපි පහල පන්තිවල... මේ තරම් විස්තර දන්නේ නැහැ.. පාසැල ට ආඩම්බරයක්.. ඔබ දෙපලටම සුබ පැතුම්.. 💐💐💐
හිමපියළි හා ආ වසන්තය...
ශිශිරයේ පළමු හිමපතනය සහ මේ ඉතාලියානු කෝපි හල සමඟ මට ඇත්තේ විස්තර කළ නොහැකි බැඳීමකි.
නෑඹුල් හිම පිනි ජනේලයෙන් එපිට රළු කළු පොළව සිපගනිමින් මියෙන'යුරු සෙනෙහෙ සිතින් බලමින් ඉස්තරම් බ්‍රසීලියානු කෝපි කෝප්පයක සුවඳ විඳින්නට මඟ බලාහිඳීම කෙසේ පුරුදුවූවාදැයි නොදන්නා නමුදු නැවුම් හිම වැස්ස හා මෙහි ගොඩවීම හැම වසරකම වතාවතක් බඳුය.
ශරතයේ සුළඟින් පියාඹන්නට තරම් දුර්වල නොවූ මේපල් පතක් දෙකක් තවමත් අතු අගක එල්ලී පඬු පෑ වතින් කම්පිතව සිටිනුයේ බිමහොත් සොයුරු පත් කොහේදැයි සිතමින් වියයුතුය.
හිමපතනය සහිත උදයක සියල්ල සිදුවන්නේ ඉතා හෙමින් ය. සීරුවට ආ කැඩිලැක් රථයකින් බට යුවළක් අත් පටලාගෙන සිනා වගුරමින් දොරෙන් ඇතුල්වනු පෙණුනි. ඔහු ආචාරශීලී ලෙස ඇයට දොර විවෘත කරනු බලා හිඳිමි. කෝපිහල වසන්ත මිහිරකින් උණුසුම් වූවාක් මෙනි.
මම ඉයර්ෆෝනය රඳවාගනිමින් අයිපෑඩයේ තිරය මත දිස්වන වැඩසටහනට දෙවන වතාවටත් දෑස් යවමි.
හර්ෂණ දිසානායකයන් හා ගීතවත් වන්නී ලක්මිණි ලක්ෂනාය. ගීතය මෙවැනි කිසිදු වැඩසටහනක නොඇසුණ “මෝරලා ප්‍රේම ගීතේ…ය. ගීතය තේරීම ගැන හේතුසාධක සපයන කොබවකයන් සිය ජීවිතය උදාන ගීයක් කළ කාන්තා චරිත ගැන සෙනෙහෙ සිතින් සිහිපත් කරයි. ජීඑස්බී රාණි පෙරේරා හැත්තෑවේ දශකයේ ගුවන්විදුලි මහගෙදර වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස කළ මෙහෙවරට තුති පුදන අතර සමකාලීන ගේයකාව්‍ය රචකයන්ද සිහියට නඟයි.
නන්දා මාලිනිය උකුසා වන්නම ඇසුරෙන් කළ “රුක් අත්තන මල මුදුනේ…”.ගීය ආභාෂ කරගනිමින් තමන් කිරලා වන්නම ඇසුරෙන් “ශිල්ප සොඳින් දැනගන්න ගිහින් ඔබ” ගීය පාසල් සමයේ අරඹා සරසවි බිම නාගස් සෙවණේදී අවසන් කළ අයුරු අද විනාඩි පහෙන් ගීත පහක් ලියා ගීතරචක පට්ටම ඇඳගන්නා හිස් කළගෙඩි වලට කළ සරදමක් නොව මඟපෙන්වීමක් ලෙස හඟිමි.
කලා ලොවේ මහා චරිත හා ගැටෙමින් ආ ගමනක මව,සොයුරිය, ගුරුවරියගේ සිට
පිරිත්පැන් ඉස්ස මහා කාන්තා චරිත ඔහු ලයාර්ද්‍රව ගීත මාලාවක් ඔස්සේ පියවරෙන් පියවරට සිහිපත් කරනු අසමින් තව කෝපි කෝප්පයක් පුරා ගනිමි.
“අහා.. ඉඟුරු,සාදික්කා රසැති මාසිපන් අයිසිං තැවරූ මේ ඉතාලියානු බිස්කොතිනි වලට කෝපි සුවඳ තැවරුණ විට අපූරුය….”
හුදෙක් ගීත ගැන කතාවක් නොව හැට හැත්තෑව දශක තුල සමාජ දේශපාලන ආර්ථික පසුබිම්ද ඔබේ කතාබහ ඔස්සේ ගලාහැලේ. මැතිනියගෙ වගා සංග්‍රාමය, උදාසන උදා ගී මහා පෞරුෂයන් ගොඩනැගුණු හැටි ඒ තුළ ඉල්පෙමින් ඇති සෙයකි.
බන්දුලයන් සිය බන්ධු ගුණය අත් නොහරිමින් ඔබට අවුළුපත් සපයයි.
“ ඒක ලිව්වෙ හැත්තෑහයේදිනෙ..?”
“ නව පදමාලා වැඩසටහන කලේ රාණි අක්කාද?”
ප්‍රගුණ කළ ඉවසීම ගේයකාව්‍ය රචකයෙකුට ඔබ්බෙන් සිටින ජාත්‍යන්තර තලයේ පූරකයෙකු අපට සිහිපත් කරවයි.
මෙලෙස මගේ ලියවිල්ල දිගු වුවොත් ඔබට බලන්නට දෙයක් ඉතුරු නොවනු ඇතැයි සිතමි.
පනහ හැට හැත්තෑව දශක තුළ පැමිණ සංගීත හා චිත්‍රපට ලෝකය ඒකාලෝක කරමින් අංකුරයන්ගේ ගමනටද අත්වැල සැපයූ කාන්තා චරිත හතක් ඔබ අතින් උත්කර්ෂයට නැංවෙනු ජනේලයට පතිතවන හිම පියළි
මෙන් මසිත තෙත් කළ බව කියමි.
ජීඑස්බී රාණි, ලතා, සුජාතා, නන්දා මාලිනී, රුක්මණී, ඇන්ජලීන් හා ඉන්ද්‍රාණියි ඒ.
ඒ අතරට දයා ද අල්විස්,රත්නාලංකා, සුමනා නෙල්ලම්පිටිය මතකාවර්ජනාවට චතුමධුර සපයයි.
“ඉඳුවර පොකුණ” ට වසන්තය ආ අයුරු විඳින්නට ඔබටත් ආරාධනා කරමි. නොවැම්බරයේ වැහි සිහිළටද කෝපි අපූරුය.
තමාරා ජයතිලක
එඩ්මන්ටන් සිට,
රසිකත්වයේ උපරිමය ...
බොහොම ස්තුතියි තමාරා
❤
ඉන්ද්‍රනාථ තේණුවර ලංකාවේ ඉන්නවා නම් "ඉඳුවර පොකුණට"අනිවාර්‍යයෙන් ආයුතුම තැනැත්තෙක් .බන්ධුල සහ තේණු අතර ඇති දිගු කාලීන බන්ධු මිත්‍රත්වය ඇතුලාන්තයේ ඇති කතා සරිත් සාගරය ඉවුරු බැමි උතුරා යාවි එදාට .බොහොම ස්තුතියි ඔබට තේණු මෙහෙව් මිනිස්සු මේ ආත්මයේ පමණක් නොව සංසාරයේත් විරලයි.
*ඉඳහිට හෝ සපැමිණ සිර්හ් සතන් සැනැස්සූ...
🌸🌸🌸🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤
💝🙏💝🙏💝🙏
charana TV start broadcasting on freesat srilanka
මේවා ගෙවල් වල දරුවන්ට ඇහෙන්න දාන්න ඕන. එයාලට මේවා බලෙන් හරි අස්සවන්න ඕන. මං පහුවෙලා යූටියුබ් එකේ බලන්නෙ. හොද වැඩසටහනක්
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤