ආදරෙන් උයන්න - බිත්තර සැන්ඩ්විච් හදන විදියයි, සැන්ඩ්විච් ගැන පොඩි ටිප් එකකුයි..

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • මේ බිත්තර සැන්ඩ්විච් එක හදන්න ගොඩක් ලේසී.. බිත්තර තම්බලා කපලා, ගෑරප්පුවකින් හොදට පොඩි කරන්, ඒකට මෙයෝනිස් මේසහැදි 3 ක් එකතු කරා.. ගම්මිරිස්කුඩුත් තේහැදි 1 ක් එකතු කරලා හොදට කලවන් කරා. ලුණුකුඩු දෙහි ඇබුල් මොකුත් දැම්මේ නෑ. ඒ මෙයෝනිස් වල ලුණු ඇබුල් රස තියන නිසා. ඊට පස්සේ පාන් පෙති වල වාටි හතර පැත්තෙන්ම කපලා අයින් කරලා පාන් උඩ සැන්ඩ්විච් මිශ්‍රනේ ගෑවා. සැන්ඩ්විච් මිශ්‍රණේ ගාපු පාන් පෙති උඩින් චීස් පෙත්ත ගානේ තිබ්බා එතකොට ගොඩක් රසයි.. සැන්ඩ්විච් කරන අනිත් පෙති වලටත් මිශ්‍රණේ න් ගාලා, සැන්ඩ්විච් කරා.
    දරුවන්ට ඉස්කෝලේ යවන්නත් කලින්දා රෑ හදලා ෆ්‍රිජ් එකේ දාලා ගත්තාම උදේට ගොඩාක් ලේසි කපලා කෑම පෙට්ටියෙන් දාන්න තියෙන්න. නරක් වෙන්නෙත් නෑ. ඒක විශ්වාසයෙන් මං කියන්නේ අනන්තවත් මං එහෙම කරලා තියෙන නිසා.
    මේ සැන්ඩ්විච් මිශ්‍රණේ ට පොඩියට කපපු ළූනු, අමුමිරිස්, කැරට්, පොඩියට කපපු නිවිති, බේකන් පොඩියට කපලා බැදලා එකතු කරලා හැදුවාම තවත් රසයි.. මං මේ විදියට හැදුවේ අපේ ගෙදර පැටව් තුන්දෙනා ආස මේ ක්‍රමේට හින්දා..
    හදලා දිලා බලන්න පොඩි අය ආසාවෙන් කාවි. පොඩි අයම නෙවෙයි මාත් ආසයි මේ සැන්ඩ්විච් එකට..

Комментарии • 40