Yakada manamali | Sanjeew Lonliyes යකඩ මනමාලී| අමු සින්දුව
HTML-код
- Опубликовано: 20 дек 2024
- යකඩ මනමාලි | අමු සිංදුව
සංජීව් ලෝන්ලියෙස්
Sanjeew Lonliyes Production
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති //
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Lyrics : Sanjeew Lonliyes
Voice : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Video directing : Sanjeew lonliyes
Art :Samantha kumara
Videography : Hashan gimhana
Drone : Rumesh M weerasekara
Basic guitar chords
Am. Dm
ආර්ට් පුරවපු කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
E. Am
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
Am. Dm
ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
E. Am
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
Am. E
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
E. Am
දිලෙන සියුමැලි යකඩ මනමාලි
Am. E
දුටිමි මලකඩ කරගැටම පේලි
E. Am
කැලේ වැද්දගේ යකඩ මනමාලි
Am. E
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
Dm. Am
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
E. Am
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි
Dm. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
E. Am
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
අමු මියුසික් කල්චර්
/ amumusicculture
Fb - Sanjeew Lonliyes Sjs
Whatsapp
+94773250680
Sanjeew Lonliyes
( chemistry lecturer & Artist )
Srilankan 🇱🇰Amu music culture | Sanjeew Lonliyes Other songs
1)Kalifa song - ( කලීෆා අමු සින්දුව )
• Kalifa | කලීෆා | Sanj...
2)Chaambole song - ( අපිත් යනවා දවසක ලී කූඩුවේ. )
• අපිත් යනවා දවසක ලී කූඩ...
3) පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
• Pihithuden adare livve...
4) කට්ටකාලා දාගත්ත කෙල්ල යාළු ( mage sweety kella thambili gediya raththaran) 1st song
5) chocolate kealla mage චොක්ලට් කෑල්ල මගෙ
6) Mage Dangamalla මගෙ දඟමල්ල
7) thani aliya තනි අලියා
8) Pihithuden adare livve පිහිතුඩෙන්
9) backside ekiyak බැක්සයිඩ් එකියක්
Amu music Culture
RUclips channel
පරතෙරටම විඳින සුළුතරය ට
Subscribe us & Enjoy Your art
/ @sanjeewlonliyes
#AmuMusic
#SanjeewLonliyes
#Art
Download නොකරම, utube එකෙන්ම සින්දුව අහනවා නිතරම වගේ 🤗😘😘🌹
විශ්වයා ආදරෙයි බන් ආදරෙයි
විශ්ව ගීත නිර්මාතෘ 🌹🌹🌹my favorite
කොහෙන් ගත්තත් නුබයි excellent 😘😘😘😘
@@sulochanipatabadige3454
බොහොම සන්තෝසයි සහෝදරී
සුපිරි වැඩක් බ්‍රෝ 👍👍👍
ගුණදාස කපුගේ මිය ගියා කියල අහපු ඒ ඈත දවසක නතරවුණ හදවත ආයෙත් පන ගැහෙන්න අරන් වගේ සහෝදරයා. කවුරුවත් කතා නොකරන මහපොළොවේ බර වැඩියෙන්ම කර ගහන සෑබෑ මිනිස්සු, සැබෑ කලා කරුවන් දොරට වඩවන අපූරු කලාකරුවෙක් දිගුකල් රැඳේවා.සුබ පැතුම්.
අපේ ගුණදාස කපුගේ ගෙ හඩ නැවතත් පණ දුන්න වගේ .❤🎉
@@hasankajayasundara23V
මේවගේ සින්දු වගෙම යකඩ වලින් ලස්සනට හදපු ඒ නිර්මානශීලී රූපයත් හදපු කෙනාවත් අනිවාර්යයෙන් අගය කරන්න ඕනෙ 🥰❤😍🙏 ජයවේවා 🙏🌿
𝗛𝗠𝗠 𝗲𝗸𝗮 𝗮𝘁𝘁𝗮
❤
මේක යකඩ මනමාලි හදලා තියෙන්නේ බකමූනේ සමන්ත. විශිෂ්ඨ කලා කරුවෙක්. ඔහු යකඩ අශ්වයෙකුත් හැදුවා මතකයි. ඔය වීඩියෝ එකේ ඔහු ඉන්නවා
@@pandukabalasooriya2902 kawueu hri eyata udaw krnawa nm mita wada deyak krla
නිර්මාණ කරුවෙක් කියන්නේ හොද හදවතක් තියන මනුස්සයෙක් වෙන්න ඕන. නමුත් මේ සමන්ත කියන එකා හොද නිර්මාණ කරුවෙක් උනාට මේ ගීතයේ කියන විදියටම වැද්දෙක්, වැද්දෙක් කියන එකත් හොද වැඩී, කන්න දෙන අත හපාකන බල්ලෙක්, ඒ නිසා තමයි නිර්මාණ අතින් කොච්චර දක්ෂයෙක් උනත් අදත් මූ මේ වගේ කැලේකට වෙලා ඉන්නේ. කවුරුන් හෝ නිර්මාණය කටයුත්තක් උගෙන් කරගන්නවනම් ඒක විතරක් කරගන්න, නියමිත ගණන් මිනුම් කතා කරගෙන, ඊට වඩා දෙයක් කරන්න යන්නෙපා. එහෙම අනුකම්පාවෙන් උදව් කරන්න ගියොත් උදව් කරන්න ගිය එකාට මූ කෙලවනවම තමයි, ඒ නිසා පරිස්සමෙන්..
මම අහපු හොදම සිංදුවක් ❤🙏
මම ලියපු පොතේ තියෙන කවි පන්තියක් ඔයාට දෙන්න කැමති .. හොදනම් කරන්න...
දෙවනි පාරටත් මැරුණා...
ටයි කෝට් එක කලින් ඇඳලා
තිබුනෙ නෑ මන් ජීවිතේටම
සුවඳ පියුරෙන් වැඩක් උන් නෑ
ආස උනෙ මං මගේ ගඳටම
ගෙදර නිවි නිවි තිබුණු පහනෙත්
එළිය දැක්කේ අදයි හොඳටම
හුඟක් උන් කියනවා ඇහුනා
මාව දැක්කේ අදයි හැඩටම
එකම විදියට දිගට ඇඬුවා
තැනක වාඩිව බිරිඳ මාගේ
ඉහ උඩින් හිටි එකෙක්වත් නෑ
උන්ට අමතක වෙලා වාගේ
එදා බීලා රණ්ඩු කෙරුවම
ගහලා පොඩිකල මූණ ඌගේ
ඈත කොනකින් ඉන්නවා ඌ
මම මොකුත් නොකෙරුවා වාගේ
ආයේ ඉපදී වරෙන් ළඟටම
හුඟක් උන් කියනවා ඇහුනා
පෙලක් උන්නම් නිවන් සුව බන්
කියලා කියනවා වාගේ ඇහුනා
පෙට්ටියට කර තියපු උන් ටික
දැකලා මිනියෙත් පපුව ගැහුනා
හන්දියේ කුඩු කාරයොයි කියු
උන්ගෙ කරපිට මිනිය තිවුනා
ළගින් හිටි මගෙ ගොඩක් කට්ටිය
මිනිය බලලා හෙමින් හැරුණා
තවත් සමහරු සොහොන ගාවට
ඇවිත් මඟකදි වගේ හැරුණා
හිතේ කොහෙවත් හිටපු නැති උන්
මිනිය ගාවම තනිව රැඳුණා
අනේ බන් මම සොහොන ගාවදි
දෙවනි පාරට ආයෙ මැරුණා
අශාන් රවිශාද් ....
ඒකත් ලස්සනයි බන් ගොඩාක්.😍😍😍😍😍😍
❤
Patta
මාරයි ඒක
Hart touching ❤❤❤
හරිම අර්ථවත් සිංහල වචන දාපු හැම වචනයකම ලොකු අරැතක් කියැවෙන කොච්චර ඇහුවත් කනට මිහිරි මාර ලස්සන එකතුවක් සහෝදරයා .කියන්න වචන නැහැ පුලුවන් හැම වෙලාවේම අහනවා.දළදාසමිදු පිහිටයි
දුශ්කර මිනිස්සු අතරත් කලාව පවතින බවත්,ඔවුන්ගේ ඒ නිර්මාණ සදහා අවශ්‍ය පහසුකමවත් නොමැති බවත්,ගම්වල සුන්දර නිර්මාණාත්මක මිනිස්සුන්ගේ හැකියාව සමාජෙට අගයක නැති අතර.තමා කළ ඒ අපූරු නිර්මාණය මිල කරන්න ඔහුට හිතක් නැ ඔහු දන්නවා එයට නියම අගය හිමි නොවන බව,නමුත් ගමේ ඉන්න පීඩිත ආර්ථිකේ බිංදුවෙ සිටියත් හවසට ගෙදර යද්දි ළමයි බලන් ඉන්නවා උන් අඩනවා උන්ගේ දුක බලන් මේ නිර්මාණය මිල නොකර ඉදලත් බෑ,ගෑනි බලන් ඉන්නවා මිනිහා ගෙදර එනකල් කීයක් හරි අරන්.සමාජ යථාර්ථය එක්ක ඔබේ මේ නිර්මාණය ගැන කියන්න ගොඩක් අර්ථ තියෙනවා " හැකියාව තිබුණත් එයට වටිනාකමක් නැති හුගක් ජීවිත ගම්වලම පර වෙලා යනවා " මෙවැනි කවීන් තව තවත් බිහි වේවා!❤️
hoda pahadili kirimak
❤❤❤❤❤❤
වටිනා ප්‍රාර්ථනයක්
niyama vigrahayak sahodaraya,,
මේවා ලංකාවේ ඉතිහාසය වගේ සංරක්ෂණය කල යුතු වටිනා නිර්මාණ සහෝදරයා .
සිරා මචන් එකෙන්ම මාත් එකගයි
ඇත්ත සහො
💯💯💯
වටිනා අදහසක්
👌👌👍🙏
Depression හින්ද නැතිඋන අපේ කොල්ලෙක්ගෙ ආසම සින්දුවක් සර් මේක. දවසක් හරි පොරගෙ හිත හදල තියෙනව මේ සින්දුව🥺
😥😥😥
මේවා ඇහුවම නැති depression හදා ගන්න පුළුවන්
@@perfectwisdom3303පිහියෙන් එළවලු කපල ආහාරයට උදව්වක් පිහියෙන් බෙල්ලක් කපල මිනීමැරුමක් පිහියෙ වරදක් නෑ
@@perfectwisdom3303 😂👍
@@perfectwisdom3303 අහන්නෙ නැතුව ඉන්න ඒනම්
කුරුණෑගල අපේ එකෙක් හදවතින්ම සතුටුයි ලොකෙම හොල්ලනවා අමුවේම ආදරෙයි සහොදරයා ❤
හදවතට කියන සින්දු බ්‍රො අදරෙය්
වෙනස් රහක් හෙව්ව මිලියනයක්..
හීන සුන්උන රටක ඔලුව පුරවපු ආට් විප්ලවයක්..
තව තවත් බිහිවේවා මෙතුලින්..
අමුම අමු ආට් බිලියනයක්....❤️
ආදරෙයි මචෝ ආදරෙයි
@@SanjeewLonliyes පට්ටම සතුටුයි. ආසම පිහිතුඩෙන්. තව තවත් අමු ආර්ට් කරපං සහෝදරයා. ජයවේවා ❤️
❤
❤
❤
දක්ෂ යකඩ නිර්මාණ කරුවෙක්... ඒකටම ගැලපෙන පට්ට සින්දුව... ජයෙන් ජය දෙන්නටම ❤❤🎉🎉
1,,,,
ඇත්තමයි මේ සින්දු ව මාරම ලස්සනයි .කටහඬ ඒයටම ගැලපෙනවා❤❤
හරිම ලස්සනයි e යකඩ art ekath හදපු කෙනth dakshayek...සමහර art තියනවා විකුණන්න haduvata වෙච්චි මහන්සි yata විකුණන්න හිතෙන්නේ නැති ..e තරම් adaren කරපු art...eth කරන්න deyak නැතුව vikunannala danava.eta passe..වෙනත් aithi karayek....ge...sadahatama සමහර art .ජීවිතය වගේ
ශ්‍රේෂ්ඨ කළාකරුවන් කැලේ වැද්දන් කොට,කලාව නොදත් කලාකරුවන් යැයි කියාගන්නා පිරිස සමාජයට ලබාදෙන හරසුන් කලාව ගැන නියම විග්‍රහයක් ❤❤❤❤
එ වචන හරි ලස්සනයි ...❤අනිවරෙන්ම 👋
Gn
❤❤❤❤❤
p
ඔයාගෙ විග්රහයත් මරු
2024 අවසානෙත් අහන මන් වගේ තවත් අය සිටිද😊❤
මේ සින්දුව මම අහන්නේ පාන්දර 01 ට.
මගේ ජීවිතේ මම අහපු පට්ටම පද ටිකක්.එකෙන්ම පිස්සුවක් සහෝදරයා මේ සින්දුව.එකෙන්ම ආදරෙයි උබට දෙයක් කියන්නම්.මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න එපා යකෝ.පිස්සුවක් බන් මෙහෙම සින්දු ඇහෙනකොට.ආදරෙයි හැමදාම එකෙන්ම 💜️💜️
සින්දුවක් කරමු සහෝ දෙන්න සෙට් වෙලා..😁😁😁😁😁🖤🖤🖤🖤
හරි අමාරුයි පපුවට... මරාගෙන මැරෙන්න හිතෙනවා මහ එවුන් අපේ ජීවිතවලට කරල තියෙන අපරාදෙට.... ආදරෙයි සින්දුවට... ❤️
හොරකං නොකරපු මහ උං ටික ගේමු මේ සැරේ...❤️
අනේ මන්දා හිතලා දුකටම පලවෙනි පාර අහනකොට ඇඬුනා. දැන් තියන සින්දු අහන්නේ ම නෑ මං. ඒක නිසා වෙන්න ඇති මෙච්චර පරක්කු උනේ මට මෙක අහන්න.
ලස්සනයි...ඒ කට හඬත් එක්ක තවත් හිතට වදිනවා බරට ම.විකෘති වන මනස් හදන්න මේ වගේ අලුත් නිර්මාණ තව තව බිහි වෙන්න ම ඕනි..
පට්ට සිංදුවක්.... එකෙන්ම
කැලේ වැද්දගෙ යකඩ මනමාලි - පසු සටහන
------------------------------------
පපුව හා හදවතම සීරුව යකඩ ගොඩකින් වසා දාලා
ඒ මතින් දිළිසුමක් අඳිමින් පිරුණු ළැම මත ඔපය දීලා
උඹේ හදවත තතනමින් කිවු කතාවක අග කඳුල දැකලා
විකිණෙන්න යමි සෙයිලමේ උන් බලන් ඇති අද ලංසු දාලා
අතින් සියුමැලි රටා අතරින් උඹේ මනමාලියම මවලා
ඇගේ කුස රැඳි ප්‍රාණයක් වෙති උඹේ ලෙයකින් රටා ඇඳලා
අකම්පිත යැයි සිතා නොමයමි දකිමි වැගිරෙන කඳුලු පිරිලා
හෙටත් මවපන් හිතේ රැඳි රූ දැන් හිතින් සදහට ම'අත් හැරලා
©️දිගැZ✍️
දිගැසි පබසරා අමරසිංහ
2022 නොවැම්බර් 24
❤
♥️
❤
වටිනවා ♥️🙏
❤️
"කැලේ ඇතුලෙම පරවෙනවා බන් හූගක් මල් ජාතී..."යථාර්ථය කෙටියෙන් ❤️
හරියට ඔලුවට දා ගත්තේ නම් ඇහැට කදුළු එනවාමයි. නිර්මාණය අගෙයි.....ජයවේවා !
❤❤
Thawa නිර්මාණ බලාපොරොත්තු wenawa aiye oya godak dura yanawa aiye godbless
Excellent
සිරාම ♥️♥️
මේ අඩුම සංගීත භාණ්ඩ භාවිතා කරමින්, ඔබ සංගීතය නිම කල ගීත... එයින් එකදු ගීතයක් හෝ අපේ සංගිතය එක් කරමින් මේ ගීතවල ඇති අරුත්බව තවත් වැඩිකරන්නට උත්සහයක් ගන්න කියලා යෝජනාවක් කරනවා... ඔබට ජය
මෙතෙක් අහපු ලස්සනම සින්දුව. හදවතට ගොඩක් දැනෙනවා. ❤️❤️ සුභ පැතුම් ඔබට
ඇහුවේ එකපාරයි දැන් සික් එක වගේ අය්යේ... පැයකට දෙතුන් වතාවක් අහනවා....😍😍😍❤❤❤
ගොඩක් වටින නිර්මාණයක් වටිනා අර්ථවත් ගීතයක් දක්ෂ කාර්ම්ක ශිල්පීයෙක් තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්
මුලින් එකක් දෙකක් ඇහුවා. . ඊට පස්සේ ඔක්කොම අහන්න ගත්තා. . දැන් මේ චැනල් එකේ පිස්සෙක් වගේ මං. ඇබ්බැහි වීමක් ඒ තරම්. . ❤️👌😘😘
තේරෙන්නේ නෑ brother මොකද්ද කියලා උඹේ voice එකේ අපේ වේදනාව, විරහව, තරහව, පසුතැවීම, තව හෙන ගොඩක් තියෙනවා බං. සිරාවටම හෙනම අමුයි බං!
ත්‍රී වීල් එක ගැන
කලාව හරහා මේ සමාජයේ reality එක මිනිස්සු අතරට අරගෙන යනවට ගොඩක් පින් ඔබට. තව මේ වගේ පොලවට බර නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා!💫🦋
සින්දුවක් දාපු ගමන් දුවල ඇවිත් බලන්නෙ.. වචනෙන් වචනෙට ගලපලා තියෙන පට්ට එලිසම රැකපු ඒ වචන පට්ට අයියේ.... උඹනං පට්ටම පට්ට් අයියේ... උඹෙ voice එකත් එක්ක ඒ වචන පට්ටටම කැපෙනව .... දවසක ඇත්තමයි මාත් එකක් ලියනව මගෙ එකත් melodyයක් දාලා කියපන්...
යකෝ මේක කොහොම හැදුනද සිංදුවටම හරියන විෂුවල් එකක් පට්ට ....ජයවේවා..
ආදරෙයි මචෝ ආදරෙයි
හරියට ඇහැව්වොත් අනිවාරෙන් ඇඩෙනවා.හැම වචනයකම මාර තේරුමක් එක්ක තියෙන සිංදුවක් . ජය වේවා ❤️❤️
Aththamai
මෙච්චර දවසක් කුඩ්ඩන්ට බැන්න නතර කරන්න බැරි ඇබ්බැහි කමක් නැහැ කියලා.. දැන් මේ ගීත වලට මමත් ඇබ්බැහි වෙලා බන්.. මේක මුලින්ම අහන එක භයානකයි මොකො ගැලවීමක් නැහැ .. ජයම වේවා සහෝදරයා
චතුවා" ආදරෙයි මචන්.
දවසක ශ්‍රී ලංකා සංගීතය වෙනස් වර්ණයක් ගෙන ආ ඒ අසහාය ගායකයා ඔබ වේවි ඔබට ජය
හදවතට අමතන සොදුරු පද පේලී....අමුතුම අමුම අමු රහක් තියෙනවා හැම සිංදුවකම.💗ජයම වේවා සහෝ💪
පට්ට බන්.......කියන්න වචන නෑ....ගායනය...වාදනය ....ඊට හපන් වචන ටික....සුපිරි ....දවසක ලංකාවේ විතරක් නෙවෙයි ....ලෝකයේම මේ වගේ සිංදු ප්‍රසිද්ධ වෙන්න ඕනි.....ජය වේවා ....හදවතින්ම .....
Patta sinduwa aiye kiyla wedak ne niyamai marama lassanai.manamali nirmanaya karapu kalakaruwata thawath e wage nirmana kranna shakthiya lebenna oni,e Wagema me sinduwa kiyana aiyatath thawa thawa e wage lassanata papuwata wedenna sindu kiynna puluwan wenna oni .....niyamai..budusaranai!
වයසක් අදාාල නැති පරිණත වෙච්චි එවුන්ට ඔලුව හරහා යන Music❤🩹
ඔලුව හරහා ගියාද 😶
බෝඩිං වල ගෙවෙන අපේ ජීවිතේ මහන්සිය නිවන අපේ කාලයේ වෙදා❤
හීනියට පොලොවෙන් ඈත් වෙන වෙලාවට ආගමක්!
එහෙම ඉන්න වෙලාවක දැක්කේ.අහඹු හමුවීමක්🖤
@@kalanaeleperuma9610 අනිවාරෙන් ❤
ඇත්තටම බං
😂😂😂😂❤❤❤
අනිව..
පිටකවරෙට පස්සෙ අහන සෙට් එක කෝ..❤️👍
meka eeta vadiya godak hodai
එකතු කරගෙන ලස්සනම පද පේලී..... හැදුන සිංදුව අපූරුයි... මල්ලී.... 😍
සම්මාන හම්බෙන්න ඕනි ගායකයෝ❤️👌
හිතට වදින්න සින්දු කියනවා...❤තව තවත් මේ වගේ සින්දු කියන්න වාසනාව ලැබේවා...❤ ආදරෙයි 🎉❤
ඒ පද,ගායනය ,හඩ,නද 🙏🙏🙏👍
සුපිරිම .
අහන එක නවත්තන්න බැරි තරම් ලස්සනයි
මැලේසියාවේ මූද අයිනෙ තියෙන පොඩි ගමක මහ රෑ මැදියමෙත් අමු සිංදු ලාවට ඇහෙනව.මං තවම ඩියුටි.🔥 කාලෙන් කාලෙට අහන සිංදු වෙනස් උනාට මේව නම් මැරෙනකල්ම මං අහයි.ආදරෙයි.❤️👍
දෙරණේ Program එක බලලා මේක බලන්න ආව අය කෝ 😊
Innnawoo😊😊😊
ඉන්නවා
😊
යින්නවො
දෙරණ ඒව බලන්න කලියෙන් ඉඳල අපි බලන්නෙ😂😂😂
කන හරහා මොලේට යන සිංදු බ්‍රෝ මේවා සුපිරි වැඩක් දිගටම කරගෙන යමු සුබ පතනව එකෙන්ම
"අමු මියුසික් කල්චර්"
මරු! කරගෙන යමු❤
sir 🤩
💙💙💙
💖❤
Sir🙏❤️
❤️🔥
ස්මාට් තිරවල සිර වුණු ඩිජිටල් ලෝකයක අතරමං වුණු බොහෝ දෙනා නොදකින කලා නිර්මාණ බොහෝමයක් ඇත.
ඉවත ලන යකඩ කැබලි යකඩ කඩයකට විකුණා හාමතේ සිටිනා සිය දරුමල්ලන් හට වේලක් හෝ දෙ වේලක් ලබා දීමට මෙම ගීතයේ කලාකරුවා හට නොයෙක් වාරයක් සිතුන ද, ඔහුගේ කලාවට ඇති ලැදියාවෙන් එම සිතුවිල්ල යටපත් වුණි. අවසානයේදී යකඩ මනමාලි බිහි වුණි. කලාව යනු ජීවිතයේ ප්‍රතිබිම්බයක් යන්න පැවසීමට අන් කවර නිර්මාණ අවැසි ද?
කැලෑ තුළ පිපී ලෙස කැලෑ ම පරවෙන මල් මෙන් ග්‍රාමීය පරිසර තුළ බිහි වූ කලාකරුවන් බොහෝ දෙනෙක් එම පරිසර තුළ ම තම කලා දිවියට සමුදෙති. සමස්ත සමාජයට ඔවුන්ගේ නිර්මාණ රසවිඳීමට අවස්ථාව නොලැබෙනු ඇත. මෙම යකඩ මනමාලී තැනූ කැලේ වැද්දා යැයි හංවඩු ගැසුණු කලාකරුවා මෙන් කලාකරුවන් බොහෝ දෙනෙකු මුහුණ දෙන කටුක යථාර්තය මෙයයි.
@@vihandesilva ❤️❤️❤️
සුපිරිම අමු එකක් තමයි වැඩිපුරම රසවිදපු සින්දුව මෙ අමුඑක තමයි තවත් මේ වගේ අමු අමුවෙම සින්දුවක් ලගදිම දෙන්නත් වාසනාව ලැබේවා ❤❤❤
රුවක් දුටිමි සඳ සුර ලෝකෙන් බැස්ස..
දෑතක් දුටිමි රිදුමට කරගැට දැරුව..
විටක් කකා රෑ වෙනකන් වෙහෙස උන...
තාමත් මතක ලියලනවා.. නුඹ නමට..
අවාරයේ ගිලිහුණ තුරු පතක් ලෙස..
දෙන්නට තිබ්බනම් දෙනවා හුස්ම ටික..
මං ඉදලා මොටද , බෝසත් නුඹ නැතුව..
ඉන්නයි තිබ්බේ මං මැරිලා නුඹ ලොවට..
රජෙක් වෙලා නුඹ තැනු ලොව සොදුරු රුවන්..
දා බිදු මසු කලා රකිනට පොඩි පැටවුන්..
සුවදින් රස කරන් ගෙවි කාලය මනරම්..
නිවනින් මිසක අත් නොහරිමි ඔය බැඳුමන්..
#Gayan_Jayarathne
Meka me sinduwe therumada
දිටිමි මලකඩ කරගැටම පේළි
කැලේ වැද්දගෙ යකඩ මනමාලි
❤❤රසවත් අර්ථයක් තියෙන මාරම ලස්සන සිංදුවක්....සුභ පැතුම්.😊😊💐
මෑත කාලයේ මම අහපු පට්ටම තේරුමක් තියන සිංදුවක්....සුපිරි......ජයවේවා.......
අහම්බෙන් අහන්න සෙට් උනේ.. දැන් නවත්තගන්න බැරි තත්වයක් තියෙන්නෙ.. නියමයි.. මේ ස්ටයිල් එක මොකක්ද මන්ද අමුතුම ගතියක් තියනව..❤️❤️❤️
ප්‍රධාන ධාරාව නැත්තං mainstream වල විරුද්ධ පැත්ත.විකල්ප සංගීතය.alternative මං හිතන්නෙ.අජිත් කුමාරසිරි ,චින්තක ගීතදේව,happy journey එහෙමත් අහල බලන්න
කථා කරන්න දෙයක් නෑ සහෝදරයා මම අහපු බලපු ලස්සනම සින්දුව යකඩ මනමාලි.lyrics,music,melody,singing, visual,supperb.අංග සම්පූර්ණ ගීතයක්.thanks machan.උඹට පිං.
ඇත්තටම සින්දුවට හේතු වුන නිර්මාණයත් විශිෂ්ටයි , එහි නිර්මාණ කරු හා ඔහුගේ තවත් නිර්මාණය ගැන සදහනක් තිබ්බොත් වටිනවා 👍👍
මේ අවුරුද්දෙ දැකපු හොදම ART එක 🔥
කන කන සින්දු අතර ලගදි අහන්න ලැබුණු ලස්සන සින්දු වක් ....නියමය් අය්යා ජයෙන් ජයෙන් ❤
මේකනම් සුපිරි සින්දුවක් කියන්න වචන නෑ.............❤️🔥
මන් මේකට මගෙ අදහසත් මෙහෙම එකතු කරන්නම්................
කතා නායකයෝ දෙන්නෙන් ඉන්නවා.....1..යකඩ මනමාලි.......ඒ කියන්නේ ."එකතු කරගෙන පරන බඩු කෑලි .දිලෙන සියුමැලි යකඩ මනමාලී.....කැලේ වැද්දගෙ යකඩ මනමාලී "මේ කියන්නෙ මුදලට විකිනෙන කෙල්ලො ගැන තමයි මේකෙන් සංකේතවත් කරල තියෙන්නේ...පරන බඩු කෑලි එකතු කරන් දිලිසෙනවවලු සියුමැලි විදිහට යකඩ මනමාලි.......ඒ කිව්වෙ ඔවුන්ට වෙන හැම දුකක් වේදනාවක්ම දරගෙන ..එහෙමත් නැත්තම් ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ ...යකඩ වගේ...හැබැයි පිටට පේන්නෙ සියුමැලි විදිහට .......💔......ඒ වගේම මේ ගෑනු ලමයි කියනව .."ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි " සමාජෙට පේන්නේ අපිවිතරයි වැරදි කරන්නෙ වගේ....ඒත් එහෙම නෑ ලොකු පුටුවල ඉන්න ලොකු ලොකු සුදු ඇද ගත්ත ලෝකේට පරකාසේ පෙන්නගෙන ඉන්න අයත් "ස්මාට් තිර " අපිට වඩිය වරදි කරෙනව කියෙලා
2 කෙනා තමයි.....
දුශ්කර ගම් වල අසරන වෙන ගෑනු ලමයි කොලබට විකුනන පිරිමි කෙනෙක් .....
"හිතෙන්න්නෑ විකුනන්න කොලඹට සියුමැලිම කෑලි "එයා මේ දේ තමන්ට කරගන්න දෙයක් නැති හින්දා තමන්ගෙ පවුල ලමයි ජීවත් කරන්න කරන රස්සාව...."ඒත් පොඩිවුන් අඩනවා මග බලන් ඇති ගෑනී "
හැබැයි එයා කියෙනව ....එයා විකුනනන්වට වැඩිය ගෑනු ලමයි පිරිමි අතින් දූශනය වෙලා මැරෙනව කියෙලා....
ඇත්තටම බැලුවොත් මේ කතාව කියන්නේ අහුයි ඇත්තටම .....මොකද ඔහු නිතරම ගනුදෙනු කරන නිසා .....ගනිකා මඩම් වල හෝ කොහේ හෝ අදික ලෙස වදහින්සාවට අකමැත්තෙන් ලක්වෙන කෙල්ලන්ගේ ඇත්ත කතාව දන්නවා....ඔවුන්ගේ හෘදසාක්ශිය අදුරන දන්න නිසා ....මහත් දුකකින් කලකිරීමකින් කියන කතාවක්
මන් සදහන් කලේ මගේ අදහස.මට දැනෙන දේ...ඔයාලට වෙන අදහස් තියෙනවනම් අමතක නොකර කමෙන්ට් එකකින් දාන්න අනිත් අයටත් දැනගන්න....
Thank you for the explanation
එකේක විදියට හිතන්න නම් පුලුවන්. ඒත් මේ සින්දුවල ඕම හැගවුනු තේරුම් නෑ. අමුවෙම කියල දානව. මේකෙ කියන්නේ tv වල පෙන්නන්නෙ නැති මේ වගේ වැඩ්ඩො ඉන්නව කියන එක
😊@@sajanapeshitha6315
මේදේවල් තේරෙන්න මේ වචනවල රසදැනෙන්න අමුරස දැනෙන උන් ඉන්නම ඔනේ.......!
සමන්ත අයියා.......❣️💞
සිරා කතාව බන්
👆
ඒක ඇත්ත පපුවට දැනෙනවා මචං ..❤️❤️❤️
♥️♥️♥️♥️
ඇත්තෙන්ම ඇඟ හිරි වැටෙනවා. Visuals and the song ..super
මම මෙ සින්දුව 50 පාරක් විතර ඇහුවා.... තේරෙන්නේ නැති උනත් ඒ අමු ගතියට මම කැමති 🙃🙃 බුදුසරණයි
මමත්,සින්දුව අහලා කමෙන්ට්ස් කියවලා බලනකොට තේරුම ගොඩාක් වෙනස්. ඒකේත් පට්ට රහක් තියනවා.👍😊😊😊
අදමයි ඇහුවේ... ඒත් පට්ට කියල් හිතෙනව... හොද 😊 අර්තයක් එක්කම යකඩ හිත් අවුස්සන පට්ටම සින්දුවක්.... එල එල👍❤️
මම ආසම කරන ,, ගොඩක්ම ගරු කරන ගායකයා කපුගේ ශූරීන් ... එතුමට පස්සෙ හිතට වැදුන දැනුන හඩක් සහ ගීත තියෙනවනම් ඒ මේ සංජීව්ගෙ හඩ සහ ගීත විතරයි...
සර් පෙරේද කුරුනෑගල 10 වසරෙ සෙමින එකට ආව ලමයෙක් මම,godak lassanai sirge sindu,congratulations sir !! 🙏
Thanks putha,
ලොකු යථාර්ථයක් තියන කවියක්......අද කාලේ දරුවන්ට හොඩ පාඩමක් ,👈👈👍👍👍👍👍Good luck 🥰🥰👍👍👈👈❤️
ඇත්තටම හරිම ලස්සනයි ලොකු අර්තයක් තීනවා..🌹..ඔයාට සුබ පතනවා තවත් මේ වගේ නිර්මාන කරන්න ලැබේවා කියලා❤️
මේ වචනද අයියේ..මොනවාද මේ තාල..කොහොමද මෙව්වාට මෙච්චර පණ දුන්නේ..❤
voice , lyrics , melody , visual තනිකරම අමුවෙන්ම ගැලපෙනවා... අපේ එවුන් ට ඕනිම රහක්. ඉස්සරහට ගොඩක් වැඩ කරමු.. මේ රහ හරි අල්පයි අයියෙ.. අමුවෙන්ම ආදරෙයි ජය වේවා.... ❤️❤️
මේ සින්දු කරන ඔබට පින් සන්ජීව ලෝන්ලියෙස් 🙏🙏🙏
ඔබේ අනන්‍යතාවය කිසිම විදිහකින් වෙනස් නොකර මේ විදිහටම සින්දු කරන්න
යකඩ මනමාලි , පිටකවරේ සින්දුවකට වඩා ගොඩාක් උඩින්
ඔබට ජය සහෝදරයා
🙏🙏🙏
අයියා උබ පට්ට වැඩ්ඩෙක් ❤️ මං කලීෆා අහපු දවසෙ ඉදන් උබේ සිංදු ඔක්කොම ඇහුව්වා ඒ වගේම සතියකට එක පාරක් හරි උබේ සිංදුවක් YT එකට ඇවිත් අහනවා 🥺 ඒක ඇබ්බැහියියක් ❤ මට අද මාර සතුටක් ආවා කවදාවත් නැතුව උබේ සිංදුවක් Tiktok එකේ යනවා ❤ TNQ සහෝදරයා music වලට වෙනසක් කරාට ❤
අයියා උබ පට්ට වැඩ්ඩෙක් ❤
හමාර බනවරට පස්සේ අහපු ලස්සන සින්දුවක් 👌👌
සිරා කතාව මචං
❤
මගේ පොඩි පුතා තමයි මට මේ සින්දු ටික අහන්න දාලා දුන්නේ .මුලින්ම .දැන් මම යූ ටියුබ් එකෙන් කීප සැරයක් ඇහුව .තව අහනවා.ලස්සනයි .සුබ පැතුම්
බොරුවට කියනවා නෙමෙයි . මේක තමයි මම අහපු ලස්සනම සින්දුව.. 🥰🥰 යකඩ මනමාලි කියන තැන් වල මාරම ලස්සනක් තියෙන්නේ ❤️❤️. තවත් මේවගේ ලස්සන දේවල් කරන්න කියලා සුබ පතනවා ❤️❤️
😇😆
මාත් එකගයි කොල්ලො ඒකට "යකඩ මනමාලි 😘" ආදරෙයි 😍😍😍😍😍😍😍😍😊☺️
ඔයා කන්නයාවි ඇහුව්වෙයි... 😊
🎷👍
ලස්සනයි මේ අදහස
අමුතුම රහක් තියෙන වචන සංගීතය වගේම කටහඬ. වහා ඇබ්බැහි වෙන සුලුයි. 👍👍
ඔබගේ අමු සින්දු වෙනුවෙන් තබන මගේ පළමු කමෙන්ටුව.අද තමයි මට මේ සිංදුව අහන්න ලැබුනේ.මේක ගැන ලියන්න තරම් මගෙ කී බෝඩ් එකට මට වචන එන්නේ නෑ.. මේක මාරම රහයි..🤗
මං පේරාදෙණිය මල්වත්තේ වැඩ කරන්නේ අයියා.ඒකේ මල් හදන ගමන් ඒ පරිසරය එක්ක මේ සිංදුවක් අහනකොට දැනෙන හැගීම සල්ලි කොටියක් තිබ්බත් ගන්න බෑ..ජය වේවා සහොදරයා ...
ආදරෙයි මචෝ... වෙලාවක whatsapp මැසේජ් එකක් දාපන් සෙට්වෙමු වෙලාවක
+94773250680
Aniwa aiya..❤️❤️❤️😊
කැලේ වැද්දගෙ යකඩ අලියෙක් ඉන්නව මගෙ ලගත්
ආදරෙයි සමන්ත අයියෙ ❤❤
මේ තරම් ලස්සනට සින්දු දෙකක් කියන්න පුළුවන් ගායකයෙක් මම මේ දැක්කමයි. ඇත්තටම මේ සින්දු වලින් අපේ තරුණ ළමයි. ගොඩක් හිතන්න ගනී. අපි සම්මාන දුන්නු අපේ අතීතේ ලේකකයො. එක දෙයක් තුලින් අරුත් දෙකක් දුන්න ඔයත් ලස්සනට එක කරනවා
කාලෙක ඉදල දන්න රස්තියාදු සර්කාරයා ❤️
ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව ඔන්ලයින්ම අහනවා
තව මේවා හැදෙන්න ඔන සංජීව අයියා ❤️
අනිවාර්යයෙන්ම මචෝ.... අඩේ, ආදරෙයි ඈ...
@@SanjeewLonliyessir kalugal kuriwala Aya gaena sinduwak Karanna man tipper riyadurek
කියන්න වචන නෑ මචං...
වචන, රෑප, හඩ, තාල, 100000 '/,
සුපිරියක්ම තමයි.
ආදරෙයි හැම දෙයකටම...
ස්තුතියි මෙහෙම මහන්සි වෙලා මේ දේවල් කරනවට ....
අහල අහල එපා උනත් ආයෙ ආයෙ අහන සෙට් එක මෙ කොනට එන්න ලමායි❤අමු කල්චර් එකට පිස්සෙක් උන❤❤
සීමිත සම්පත් ටිකක් ලස්සනට අමුණලා දෙන මේ ආතල් එක කෝටියක් වියදම් කරලා හදන ඒවගෙන් හම්බෙන්නෙ නෑ.respect bro ❤🎉
Super brother.පට්ටම ආසාවෙන් ඇහුවෙ.මාරම feeling එකක් දැනෙන්නෙ සිංදුව අහනකොට.මලක් එහෙම ගහල අහනකොට වෙනම ලෝකෙක ඉන්නෙ.thanks brother.keep it up...
කවුරු ඊර්ෂ්‍යා කරත් ඔයාගේ කඩහඩ කාටවත් නැති කරන්න බෑ.තෙරුවන් සරණින් සියලු නීච බන්ධන දුරු වේවා 🙏🙏🙏
Thankyou for this Art Brother ! ❤💯
නමුත් මේ කැලෑ මලට අපි පරවෙන්න දෙන්නෙ නෑ.. 🌻 අපි ටිකදෙනාට දිගටම සුවඳ දීපන්.. ටික ටික කැලෙන් එලියටත් සුවඳ පතුරමු ඉක්මනටම! ❤ ජයෙන් ජයම වේවා !!! 🥰🥰🥰
හොද ප්‍රාර්ථනාවක්
Lassanayi.🎉🎉❤❤........කැනබි කියන වචනයේ තේරුම මොකක්ද......දන්නැති හින්දයි අහන්නේ....
Weed සින්හලෙන් කිව්වොත් ග න් ජා
@@pramodlakshan7920 Tkz
ගන්ජා නෙමෙයි ගන්ජා හදන ගහේ නම් කන්සා
මේවා තමයි අලුත් සාහිත්‍ය. පරණ වැල් බයිලා වෙනුවට ඉස්කෝල වල රසස්වාදයට එන්න ඕනි මෙන්න මේ වගේ සිරා වැඩ.
දහ පාරකට වඩා ඇහුවා එපා වෙන්නෙම නෑ පීඩිත ජීවිත වල ඇතුලාන්තය හරි ලස්සනට ගීතවත් කරලා තියනවා සහෝදරයා ජය වේවා තව තවත් හොද නිර්මාණ ඉදිරියට කරන්න❤🤟🖤
සුපිරි සහෝදර යා ඔයාගේ සින්දුව .පොතුහැර සන්ගිතේදි ඔයගේ සින්දුව අමුවට අහද්දි හදවතටම වාදුනා.
මේකනම් ඇත්තටම පිස්සු ගැදෙන රසයක් 👍👍👍❤️❤️❤️ ජයවේවා !
මේ සිංදු කොච්චර අහුවත් එපා නොවන පිස්සුවක්. ❤❤
මුලු ගීතය පුරාම වෙනමම භාවනාවක් තියෙන්නේ .හෘද රෝගියකු වන මාහට මාද අමතක විය
සිංදුව ලියන එකයි
කියන එකයි
සංගිතය දාන එකයි ඔක්කොම එකෙක් උනාම මාර ගතියට සිංදුව ඇහෙන්නෙ
Chamara ranawaka ❤️
Sanjeew ❤️
මාරම දෙන්නෙක්
අනිවාර්යයෙන් සහෝදරයා
කටු ගලොඩ් බිත්තියෙත් ඇදෙනවා
ART බොබ්මාලි 💛🔥
❤
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා …. තේරුම තේරුම් ගන්න තරම් වත් මට තේරමක් නෑ …. ඔබට ජය පතනවා.
යුගයේ මගේ ප්‍රියතම ගායකයා...❤
ආදරෙයි බන්, ආදරෙයි
@@SanjeewLonliyes සුපිරි අමු සින්දුවක් ලගදිම ආයෙත් ඕන මචං ....❤😎
@@dgdgdhjsakakdn3880 හරි මචෝ... හරී... ආදරෙයි ඈ
@@SanjeewLonliyes ❤👍
මට මේ ගීතය මීට වඩා විචාරයකට ගේන්න ඕනා....එරංගග ගුනසේකරගේ පේජ් එකක මුලින්ම දැක්ක මේ වීඩියෝඑක දැක්ක ගමන් මට පිස්සු වගේ.
1. මේ මනමාලී නිර්මානය කරන්න නිර්මානය
2.මේක ගීතයක් බවට පත්වෙන විදිය්
මේක ඇවිත් පිස්සුවක්.මම මේ වෙන්නකොට මේ ගීතය 30 වතාවකට වඩා බලලා රසවිදලා තියෙනවා...මම හිතනවා මේකේ ගීත විචාරයක් සන්ජීව් විසින් වෙනම වීඩියෝ එකක කලොත් හොදයි කියලා...පට්ට නිර්මානයක්!!❤❤❤❤❤❤🎉
සෑහෙන වතාවක් අහපු අමුතු feeling එකක් තියෙන සිංදුවක්... ජාත්‍යන්තර ජයගන්ඩ ලැබේවා....👍💐
ජිවිතේ සමහර දෙවල් සිංදු වලින් දැනෙන්න කියන්න පුලුවන් උබ නම් මාරයි සහොදරයා
පුළුල් චින්තන පරාසයක් තියෙන අමුතුම හැඩයක් තියෙන විශිෂඨයෙක් !!! ❤ අමු ඒවලින්ම ඕනේ ඉදිරියටත් !! ❤
හදවතටම කතා කරනවා අයියේ ඇත්තටම සුපිරියක් ❤️නිතරම අහන සින්දුවක් හිතට අවුලක් දැනුනත් හිත නිදහස් වෙනවා මෙ සින්දුව අහද්දි ❤️