The Pink Frock - Short film presented by Cinema lk in collaboration with Seetha Holdings (Pvt) Ltd.

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 662

  • @nalinsenarath2998
    @nalinsenarath2998 2 года назад +61

    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා බබා ලැබුනට පස්සේ මං ගොඩක් මහත් උනා හැමොම කිව්වා මහාත වැඩි කැතයි කියලා හැබැයි මගේ මහත්තයා කවදාවත් එහෙම කිව්වේ නැහැ එයා කිව්වේ කාට කැතට පෙනුනත් මට ලස්සනයි කියලා. එයා මට ඔන නිසාම කෙට්ටු වෙන්න උදවු කරා 65kg හිටපු මම දැන් ඉස්සර හිටපු ගානටම ඇවිත් 54kg මං හැමදාමත් මගේ මහත්තයා ගැන ආඩම්බර වෙනවා ඒ වගේ සැමියෙක් ලැබෙන්න මන් ගොඩාක් පිං කරලා තියෙනවා... ජිවිතෙ කිසිම තැනකදි මට වැටෙන්න දෙන්නෙ නැහැ ... 💑❤️

  • @amomslifeinAustralia
    @amomslifeinAustralia 3 года назад +955

    සමහර අය husband ව අගය කරලා තියෙනවා දැක්කා. ඒත් මගේ අදහස නම් මේකෙන් දෙන්නේ වැරදි පණිවිඩයක්. Wife ඇඳුම දැක්ක වෙලාවේ ඉඳන් මානසිකව වැටිලා හිතේ අමාරුවෙන් ඉන්නකොට husband හිත හැදෙන විදිහට වචනයක්වත් කිව්වේ නෑ. තමන් කරපු දෙයක් නිසා Wife වතුර බිබී diet කරද්දී Pizza, ice cream කන husband කෙනෙක් අගය කරන්න ඕනද කියන එක මට නම් ප්‍රශ්නයක්. Husband කෙනෙක් කරන්න ඕන මානසිකව වැටුණු wife ට මාස ගානකට පස්සෙ ලොකු ගවුමක් ගෙනැත් හොරෙන් මාරු කරලා සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. එක්කෝ Wife ට එයාගේ පෙනුම ගැන confidence හදන එක. නැත්තම් wife ගෙ ආහාර පුරුදු healthy පැත්තට වෙනස් කරන්න ඕන නම් ඒ ගැන අවංකව කියලා දෙන එක.

    • @sakunthalakarunarathna6026
      @sakunthalakarunarathna6026 3 года назад +30

      Eththa jewitedi oyage kathawa tama eththa.et film ekk widiyat hdaddi me widiyata tama hadanna wenne

    • @hasiniabeygunawardhana1693
      @hasiniabeygunawardhana1693 3 года назад +10

      Absolutely yes ❤️👍😊

    • @hasi7888
      @hasi7888 3 года назад +5

      Mn hithnnet oya kypu de hri

    • @ramonavindurampulle1041
      @ramonavindurampulle1041 2 года назад +5

      💯💯

    • @nimashadevindi6429
      @nimashadevindi6429 2 года назад +19

      Na e husband aththatama hodai,ape husband mn mahatha na kiyala kochchra qwath mn hasirenneth thamath oi widiyatamai,meya wgema eliyata penna diet,horatat kanwa,😂me husbandge wereddk na eya harima adarei wifeta, api thma hithnne kettu unoth witrai lassana kiyl,

  • @mewnaperera9765
    @mewnaperera9765 2 года назад +45

    මෙතන තියෙන්නේ communication අවුලක්. ඇඳුම මදි නම් දෙන්නත් එක්ක ගිහින් change කර ගන්න එපැයි. ගෑනු අයගේ තියෙන ලොකු අවුලක් තමයි හිතේ තියන් දුක් විඳින එක. කතා කරල තමන්ට ඕනෙ දේවල් කර ගන්න කාන්තාව දක්ෂ විය යුතුය.

  • @SDN89503
    @SDN89503 3 года назад +462

    ලස්සනයි .සුජානි නිතර නිතර නොදැක්කත් ඉදලා හිටලා දකින්නෙත් කාලයක් මතක හිටින චරිතයක් එක්ක

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 3 года назад +196

    මෙි වගේ ගෑනු හිත් තේරුම් ගන්න පිරිමි ඉන්නකල් ලෝකෙ ලස්සනයි

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 3 года назад +38

    සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට යෑම වැදගත්. ඒ වගේම ඒකට පවුලේ අයව උපක්‍රමශීලීව යොමු කිරීමත් වැදගත්. ඒත් මහත , කෙට්ටු , උස , මිට්, මේක ලස්සනයි, මේක කැතයි කියන සමාජ සම්මතයේ පිහිටල දුකෙන් ජීවත් වෙන්න තරම් ලස්සන කියන්නෙ වැදගත් දෙයක් නෙවෙයි . ලස්සන හැම වෙලේම සාපේක්ශයි, පුද්ගලයින්ගේ ශරීර ස්වභාවයන් විවිධාකාරයි, ඒ විවිධත්වය බොහොම ස්වභාවිකයි. මහත අය අනිවාර්යයෙන්ම ලස්සන වීමට නම් කෙට්ටු විය යුතුයි වැනි පනිවිඩයක් ඉස්මතු වීමක් පේනව. ඒ පනිවිඩය නම් වැරදියි .

  • @m.h.i.tharindi7768
    @m.h.i.tharindi7768 3 года назад +671

    මහතයි කියන දේ ගොඩාක් ලොකු මානසික ප්‍රශ්නයක්. දකින හැමෝම " මහතයි, මහතයි" ගාන්න ගත්තම. ඒක පුදුම පීඩනයක්. කතාව ගොඩක් ලස්සනයි. ❤️

    • @Elfinablacksuit
      @Elfinablacksuit 3 года назад +107

      කෙට්ටු උනා කියලා වෙනසක් නැ... ඒකෙ ඇද කියන්න වෙනම පිරිසක් ඉන්නවා. කන්නේ නැද්ද අහනවා, ලෙඩක්ද අහනවා, අන්තිමට drugs use කරනවද කියලත් අහයි...

    • @sachinibandara1558
      @sachinibandara1558 3 года назад +17

      @@Elfinablacksuit kiyala wedak na dr...ammoo kettuma kettu wela..adila gihilla..kiyaddith e tharamma wedanawak denenawa

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +5

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

    • @Shyami-01
      @Shyami-01 3 года назад +30

      ඇත්ත..මේ දවස් වල මට ඒක මානසික වදයක් වෙලා😔

    • @veronikahettiarachchi6011
      @veronikahettiarachchi6011 3 года назад +8

      අනේ ඉතිං මමනම් කාට මොනා උනත් කමක් නෑ මහත් වෙන්නමයි ආස

  • @sujiwatharangani4252
    @sujiwatharangani4252 3 года назад +86

    පිරිමින්ගේ තියෙන්නේ..මහා නිහඩ කැපකිරීම් ....ඇත්තටම කිව්වෝත් ගැහැනු කැමති ඒ කැප කිරීම එයාලා ඉදිරියේ පෙන්නවනවාට...එත් ගැහැනු හිතින් කොච්චර පසුතැවුනාත් පිරිමි එයාලාගේ කැපකිරීම් පෙන්නවන්නේ නෑ...ඇත්තටම ගැහැනු කියන්නේ..හරිම සංවේදී චාරිත....පිරිමි කියන්නේ හැමදේම බලන් ඉදලා ඉදලා අන්තිම තත්පරෙ විසදුමක් දෙන අයට....එත් අනේ පිරිමි එයාලාගේ කැපකිරීම් අපි ඉස්සරහා පෙන්නවාවානම්...ගැහැනු අපිට ඒක ලොකූ සතුටක්...ඇත්තටම පිරිමි කරන කැපකිරීම් අපිට තේරුම් ගන්න අමාරුයි ඉතින් අපි දුක් වෙනවා එතකොට ...අනේ මන්ද ....මම පිරිම්න්ට දොස් කියනවා නෙමේ..එයාලා පිටට මුකුත් පෙන්නේ නෑ..එතකොට ගැහැනුන්ට තේරෙන්නේ අපි ගැන හිතන්නේ නෑ කියලා....ඒක පුදුම වැඩ....අනේ මන්ද ..දුකයි ...

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 года назад +22

    අපේ ගෙදර අය නම් කෙට්ටු වුණත් බනිනවා.මහත් වෙන්නත් එපාලු. මගේ නම් බඩ තමා .ඒක ඉදිරියට එන එක නවත්වන්න අමාරුයි .කන්නත් ඕනා.හරි ම ලස්සනයි කතාව .අපේ ඉස්කොලේ නිලියක් .ගොඩ කාලෙකින් .බිමල් ජයකොඩි හිටියා නම් තවත් හොඳයි .♥️♥️♥️♥️

  • @swordrun2670
    @swordrun2670 2 года назад +8

    ස්වර්නා මල්ලවාඅරච්චි සුජානි උමාලි රගපානාවා බලන්න ආසයී. එකම විදියයි. විශිශ්ටයී..❤️

  • @nayomigunasiri8664
    @nayomigunasiri8664 3 года назад +106

    හරීම ලස්සනයි සුජා ඔයා එදා වගේම හරීම දක්ෂයි.❤️
    සරල උනත් කාලෝචිත තේමාවක්.

  • @roshanimaheshikascience
    @roshanimaheshikascience 3 года назад +70

    හරිම ලස්සන පුංචි කතාවක් කතාව පුංචි වුණාට සැඟවුණු අර්ථය ගොඩාක් ගැඹුරුයි. ආදරය කියන අකුරු 4ට ලස්සන අර්ථයක් දුන්න කථාවක්...

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +3

      බොහොම ස්තූතියි, ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ නැරඹිය හැකිවේවි.

    • @dilhanjayawardena6124
      @dilhanjayawardena6124 3 года назад

      Ehama akuru 4 k tibbata ewa akuru witarai… short film hadawata attatama Ehama wen naa

  • @bingu9150
    @bingu9150 2 года назад +11

    ගිය අවුරුද්දේ අප්‍රේල් වල මගෙ බර 85kg තිබුණා. අමාරුවෙන් කෝම හරි කෑම අඩු කරලා බර 57kg කට අඩු කර ගත්තා. දැන් මට හරිම සතුටුයි ඒ සතුට කියලා නිමකරන්න බෑ. මම එකෙන් පස්සේ තමයි දැනගත්තේ උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා.

    • @Disna0608
      @Disna0608 2 года назад

      ඔයා කෑම අඩු කරාද.මගෙ 73kg.මාව කෑවත් නොකෑවත් මහත් වෙනව.හෝර්මෝන ප්‍රශ්නෙකුත් තියෙනව

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 года назад +133

    මාත් මහත girl කෙනෙක්. මහත කිව්වට චබී. මිටි නිසා මහත පේන්නේ 😁 ඒත් ඉතිම් දකින සමහරු කියනවා අනේ මහත් වෙලා ගගා 😒 එයාල දන්නේ නෑ ඒම කියද්දී කොච්චර දුකද කියලා. කාල නෙවෙයි මහත් වෙන්නේ කොච්චර නොකා හිටියත් මොනා කලත් මහත් වෙනවා 😒 හිතල නෙවේනේ. ඒත් මගෙ bf නිසා දැම් ඒම දුක හිතෙන්නේ නෑ වැඩියෙ 😁 එයා මගෙ හිත හදනවා. ගැලපෙන ඇදුම් තෝරලා දෙන්නෙත් එයා 😁 එයා නම් කැමතී නෑ මං කෙට්ටු වෙනවට 😁🥰❤

    • @thilinidinesha4439
      @thilinidinesha4439 2 года назад +4

      Math oya vagemai. Mage mahattya nisa math sathutin

    • @Shehan-j1p
      @Shehan-j1p 2 года назад +6

      අනේ මාත් එහෙම තම මගේ ත් bf තම මගේ හිත හදන්නේ ❤️

    • @neonmusic1053
      @neonmusic1053 2 года назад +7

      කෙට්ටු අපිව මොන දේ කලත් මහාත් වෙන්නෑනෙ🥲

    • @thushakyadamithrinayanatha8934
      @thushakyadamithrinayanatha8934 Год назад +4

      කොච්චර කෑවත් කෙට්ටු මං 🙂

    • @anupamad871
      @anupamad871 Год назад

      ​@@neonmusic1053 apiwa dakkama kattiya marenna hadanawa kettu wela kiyala. Wada wadida ahanawa. Kanne nadda ahanawa. Aiyoooo sansareee

  • @adeeshaniluminda7377
    @adeeshaniluminda7377 3 года назад +96

    කැමරාකරණය පිටපත සෑම දෙයම ඉතාමත් ලස්සනයි සුපිරි වැඩක් ♥️👍

  • @surangikakulasekara
    @surangikakulasekara 2 года назад +5

    අහම්බෙන් වගේ දැකලා බැලුවේ ... හරිම ලස්සනයි....

  • @shamithd9367
    @shamithd9367 3 года назад +116

    නියම කතාවක් ! මේ ගැහැනු ලමයි සුදු වෙන්න දගලල විහින් ලෙඩ හදාගන්න එක ගැනත් මේවගේ ලස්සනට ලෝකෙට පනිවිඩයක් දෙන්න ..

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +3

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

    • @shehanihansika7150
      @shehanihansika7150 2 года назад

      ou e...wage short film ekk dennkoo

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 года назад +116

    හැමෝටම ඔය වගේ ස්වාම් පූර්ෂයෝ ලැබෙන්නේ නෑ .. මට හිතෙන්නේ දුවත් උපදෙස් දෙන්න ඇතී. තාත්තට..

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.

    • @hiru9066
      @hiru9066 2 года назад +4

      මෙයා හොදම කෙනෙක් නෙමේ ඉතින්. පුලුවන් තරම් මානසිකව වට්ටලයි පස්සෙ එහෙම කලේ 😏

  • @harshaniprasangika7102
    @harshaniprasangika7102 3 года назад +1

    Aththatam ekineka therum gddi thamai paulaka sathuta randenne godk watinw video eka

  • @srilani1
    @srilani1 3 года назад +27

    හරිම ලස්සන කතාවක් . ආදරයට මොනවද කරන්න බැරි. සන්තෝෂයෙන් ආදරය තෙරුම් කර ගැනීමට පුලුවන් පවුලක්.

  • @chethanamarintha991
    @chethanamarintha991 2 года назад +10

    අනේ හරිම ලස්සනයි .පොඩි වෙලාවකින් ලොකු දෙයක් සමාජගත කරන්න පුළුවන් හොද නිර්මාණයක් ....❤️

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 2 года назад +6

    හරි ලස්සනයි ...ගොඩක්ම බැලුවේ සුජානි අක්කි නිසයි.😘😘😘😘😘

  • @fiyona5507
    @fiyona5507 3 года назад +23

    අනේ ඒක ගොඩක් ලස්සනයි. ආදරණීය රැවටීමක් 🥺

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @janialwisalwis2185
    @janialwisalwis2185 3 года назад +7

    හරි ම ලස්සනයි හොඳ ස්වාමිපුරුෂයෙක්. පොඩි වෙලාවක් ඇතුලේ හොඳ ආදර්ශයක්

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @yasho2676
    @yasho2676 Год назад +6

    Diet කරනවා කියන්නෙ ලොකු අමාරු දෙයක් නෙමෙයි කිලෝ එකින් එක අඩු වෙද්දි අදින්න බැරුව තිබුන ඇදුම් අදින්න පුලුවන් වෙද්දි නරක කෑම හොරෙන් කන්න හිතෙන්නෙ නෑ..diet කරන්න ආස හිතෙනවා😌

  • @bhagyasilva5500
    @bhagyasilva5500 2 года назад +8

    මෙතන ඉන්නවද වන්නකු මෙතඩ් කරන අය..😍😍 ලස්සන කතාවක්

  • @AshanthiPerera-b4q
    @AshanthiPerera-b4q 5 месяцев назад

    කාටවත් නෙමේ තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕනෙ..තමන්ට තමන්ව ලස්සනට පේන විදියට තමන් ගොඩනැගෙන්න ඕනෙ..ඒකට කැපවෙන්නත් වෙනවා ..ඇඳුමක් ඇන්දම බඩ වැඩියෙන් පේද්දි තරම් මට නම් වෙන කිසි දෙයක් එපා වෙලා නෑ..ඒ නිසාම මම ඒක හරිගස්ස ගත්තා...මේ කතාව ඇත්තටම කාලෝචිතයි❤

  • @shenayashaki9086
    @shenayashaki9086 3 года назад +46

    මෙහෙමයි ඉතින් ගානට හැඩට හිටියත් ඔයා මහතයි,ඔයා කෙට්ටුයි කියන්න ඕනෙ තරම් අය ඉන්නවනෙ.තමන්ගෙ ශරීර හැඩය ගැන තමන්ට ප්‍රශ්නයක් නැත්නම් කවුරු මොන දේ කිවුවත් හිතන්න එපා.නමුත් නිවැරදි BMI අගය පවත්වාගෙන නිරෝගිමත්ව ජීවත් වෙන්න.හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад +1

    Dayabara Semiyek👍Sujani🥰🥰.Lassana nirmanayak 🔥dunnata Sthuthi 💐🙏💐

  • @kaushalibandara6507
    @kaushalibandara6507 3 года назад +25

    හරිම ලස්සනයි ආදරණීයයි කතාව ☺️❤️ හොඳ තේරුම් ගැනීමක් තියෙන ආදරණීය සැමියෙක් ඉන්නවනම් මේ විදියට පුලුවන් බිරිඳව මානසිකව සතුටින් තියන්න 😍❤️🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 года назад +6

    හරිම අපූරු නිර්මාණයක්.
    එකිනෙකා අතර තිබිය යුතු එකිනෙකා හඳුනාගැනීම විවාහ ජීවිතයට මොනතරම් වටිනවද

  • @techhub3866
    @techhub3866 3 года назад +2

    Harima lassanai godak loku paniwidayak denawa samajeta

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • @aishcharyapathirana5408
    @aishcharyapathirana5408 3 года назад +76

    මහතයි කියලා කටින් කිව්වත් නොකිව්වත් ඒක දැනෙනකොට හරිම අපහසුවක් දැනෙන්නෙ. ඇඳුම් කියන්නෙ ඒක අපිට ලොකුවට ම දැනෙන තැන. 😓
    හැම body shape එකක් ම perfect. ඒත් ඔයාට ඔයා මහතයි කියලා හිතෙනවා නම් ඔයාට body එක maintain කරන්න හිතෙනවා නම් කරන්න. මොකද ඒකෙන් ඔයා ඔයා ගැන තෘප්තිමත් වෙනවා. Self-satisfaction එකක් නැතුව ජීවත් වෙන්න බෑ.. ඒ වගේම ආයෙම " හැම body shape එකක්ම perfect " ❤🔥

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +4

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 года назад

      100% true ❤️💯

    • @upekshaperera
      @upekshaperera 2 года назад

      ඔයා හරි

  • @freemusicroom7658
    @freemusicroom7658 3 года назад +5

    harima lassanai..aththatama math oya wagemai..

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 года назад +40

    හරිම ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹
    පුංචි ම දෙයකට මහා ලොකු ..ආදරයක් රැකෙනවා.....❤️❤️

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +3

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

  • @euphoriax-qq4yp
    @euphoriax-qq4yp 2 года назад +1

    හැමොම කැමති ආස කැම කන්න.ඒක පිරිමි අයත් දැනගන්න ඕනේ.බැන්දට පස්සෙ හැමොටම රූපරාජිනියන් වෙන්න බෑ.ගොඩක් මහතත් හොද නැ තමයි.ඒත් හැඩට ඉන්න ඕනේ .කන්නත් ඕනේ .සීමාවක් ඇතිව .නැතිනම් ලෙඩ වෙනවා.කාලීන මාර්තුකාවක් .සුබ පැතුම් ...

  • @epleblomst91
    @epleblomst91 3 года назад +15

    ලස්සනයි ආදරණිය පවුලක් ආදර්ශමත් කතා පිංචක් ❤️❤️❤️❤️

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @CMBpictures07
    @CMBpictures07 3 года назад +3

    sujani akkage acting walata ai kiyanna deyak ne...... hemadamath adare charithayak

  • @dulanjaneebalagodage594
    @dulanjaneebalagodage594 3 года назад +33

    පුංචි විනාඩි කිහිපයක් ඇතළේ ලොකු කතාවක්.. හරිම ලස්සනයි ❤

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +3

      බොහොම ස්තූතියි

    • @nethminijayasundara1310
      @nethminijayasundara1310 3 года назад +3

      ඒක තමයි..ආදර්ශවත් කතාවක්,ලස්සන පවුලක්.♥️

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 2 года назад +2

    මාත් මහතයි ඒත් මගෙ hubby නම් කියන්නේ ඔයා කෙට්ටු වෙන්න එපා ඔහොම ලස්සනයි කියලා ....so...අනික් අය මොනා කිව්වත් never mind it...මොකද ආදරය රදා පවතින්නේ ලස්සන තුළ නෙවෙයි ...🙂🙂🙂🙂

  • @chanikadaluwaththa9005
    @chanikadaluwaththa9005 3 года назад +9

    ඒ සෙනෙහස හරිම තාත්වික යි...පිවිතුරු යි..
    ස්තුතියි ගොඩක් මේ වගෙ සුන්දර නිර්මාණය ක් අපිට ගෙනාවට

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • @tharinduniekanayake5221
    @tharinduniekanayake5221 3 года назад +1

    Harima lassn story ekk.mmth mahansi wenw kettu wenn.mge partner me wge thama mm mahatha unt eyt ek kisim prshyk na .❤️

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 года назад +11

    හරිම ආදරණීය ලස්සන කථාවක්...♥️♥️♥️♥️♥️♥️

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට,

  • @akilasewwadi
    @akilasewwadi 2 года назад

    Hemoma lassani.a wagema ganu kenak kasada bendama koma hari kalaya hadagena hithalama hari lassanata inna try karanna.

  • @harshifernando6347
    @harshifernando6347 3 года назад +22

    හරිම ලස්සන කතාවක් ❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 2 года назад +51

    "මොක්කුද පුතේ මේ...ඔක්කොම එක වගේ"💔 ඇත්තක් හැබැයි

  • @dineshwasanthaa6649
    @dineshwasanthaa6649 3 года назад +1

    Okkoma hodai thattage charitheta wena kenk hitiyema nadda duwa uge nangi wage

  • @kaweeshadewasurendra3074
    @kaweeshadewasurendra3074 2 года назад

    Gahanu aya hama thissema hithanne anith aya gana ethakota eyalata thamanwa maga harenw, eth samaharu innawa thaman gana hithana thamange shariraya gana hithana. Ema lassanata innakota daruwo wgema mahaththayayt godk sathutu wenawa. Meka godk hoda kathawak.

  • @awibandarage7097
    @awibandarage7097 3 года назад +10

    හිතට දැනෙන කතාවක්🤗✨️❤️

  • @nipunikasrimalee2461
    @nipunikasrimalee2461 3 года назад

    Ane ekanam shok as walata kaduluth awa e adareta.😘😘

  • @wasanahenadeera9073
    @wasanahenadeera9073 3 года назад +111

    තාත්තා නිකන් අවුරුදු 18ක එකෙක් වගෙ..තාත්තා ට වඩා දුව වයස පාටයි

  • @movi0714
    @movi0714 3 года назад +16

    හරිම ආදරණීය අවසායනයක් .ආස හිතෙනවා..❤️

  • @hansisilva1468
    @hansisilva1468 3 года назад +27

    ලස්සන හිත නිවන කතාවක්... Well done mrs. Sujani 👏👏👏👏

  • @roshanalakshan5688
    @roshanalakshan5688 3 года назад +50

    හරිම ලස්සනයි.මමත් කෙට්ටු වෙන්න ඔය වගේම මහන්සි වෙනවා.හරියට මගේ කතවක් වගේ දැනෙනවා

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

  • @erandamadhushanka4110
    @erandamadhushanka4110 3 года назад +3

    ගොඩාක් වටින කතාවක් වගේ ම ලස්සන කතාවක් .

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 3 года назад +3

    ආදරයට සැබෑම අරුතක්.♥️👍

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 года назад +22

    ලස්සනයි . මහත් වෙන්න ආසයි . කොච්චර කෑවත් කෙට්ටුයි කියනව නම් හිත් පිච්චෙන මිනිස්සු ඒ . හිත හොද නැ කෑම අල්ලන් නෑ ඇගට . මහත් වුනාටකමක් නැ ගැලපෙන ඇදුම් අදිනවා නම් . ලස්සන යි මේ short film එක නම් . ❤️❤️❤️❤️

  • @dula1988
    @dula1988 2 года назад +1

    ඇත්තටම මට අන්තිම ටික දැකල ඇඩුනා..එයා ගොඩාක් වයිෆ් ගැන හිතනවා එයාගේ සතුට ගැන හිතනවා..හැබැයි එහෙම අය ඉන්නෙ ඔය වගේ කතා වලයි ෆිල්ම්ස් වලයි විතරයි

  • @senadb1976
    @senadb1976 2 года назад +4

    Good theme. Nice presentation. A superb performance by Sujani Menaka

  • @sanduyoutube2497
    @sanduyoutube2497 2 года назад

    Lassanayi film eka, terum ganima thama hodama de

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 3 года назад +10

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤️❤️❤️

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 3 года назад +10

    ආදරයට ලස්සන අරුතක්.❤

  • @mishastar2366
    @mishastar2366 3 года назад +10

    Mata inneth oyawage husband kenek Thank you God so much for giving me a good humble kind husband. 🙏 merry Christmas 🎅🎄❤

  • @asirimadusanka7658
    @asirimadusanka7658 3 года назад +33

    we need more short films 🎥 🎞

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      Thank you so much. We are planning to do more.

  • @jayanthawithanage5459
    @jayanthawithanage5459 3 года назад +30

    අද සමාජයට ගොඩක් වටින කතාවක්. නියමයි don Ginewra ❤️❤️❤️ & all actress.

  • @kawindyasajani98
    @kawindyasajani98 3 года назад +10

    ආදරයට මොනවද කරන්න බැරි? ❤ 🥰

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට

  • @MJanaChathu
    @MJanaChathu 3 года назад +2

    සුජානි අක්කි ඔයාගේ ඇක්ටින් නම් මාරයි.ඔයා පෙන්නන්න හැගීම් දැක්කම මට මහා මොකක්දෝ දුකක් හිතට ආවා.පවුල් ජීවිත ඇතුලේ හැම තිස්සෙම මූන සවුත්තු කරගෙන මොනවා හරි දෙයක් ගැන හිතින් තැවි තැවී ඉන්න අම්මලා,ගැහැණු කොච්චර ඇතිද.මෙතනදි දුක් වෙන්නේ ගවුම ගැන විතරයි..ගෑනු අයට තව විදවන්න කොච්චර නම් දේවල් තියෙනවද.ගොඩක් වෙලාවට ඒවා මහත්තයාවත් දරුවෝවත් ගනන් ගන්නේ නෑ

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm 6 месяцев назад

    Mahatha hemotama kiyanne mahansi wenna uthsaha karanna mama 119 idala den 78 karagena inne anun nisa nemei thaman nisa kettu wenna lassanata adinna hedata inna nirogiwa inna me senasima mama ath widinawa👊👊

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 3 года назад +1

    2:03 Thanikarama ape amma wagemai 😂
    Sujani Aunty karana hama character ekakma hodata mathaka thiyena ekak mai ❤

  • @booli...6052
    @booli...6052 3 года назад +21

    Kochchra kawath mahath wenne nathi mama😭😭

  • @nithurehan9787
    @nithurehan9787 Год назад

    සුජානිනම් සුපිරි ඇක්ටින්. අනෙක් දෙන්නානම් ඉතිම්...

  • @gayanimadushika8990
    @gayanimadushika8990 3 года назад +2

    wow..maaralassani..

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • @malishaparindya1816
    @malishaparindya1816 2 года назад +1

    සමහරු ගොඩක් අමාරුවෙන් මහත් වෙන්න හදනවා ..තවත් අය ගොඩක් අමාරුවෙන් කෙට්ටු වෙන්න හදනවා..දකින අය කියන නිසයි ගොඩක් අය ඒම කරන්න පෙලබෙන්නෙ..ඔය දෙගොල්ලම දෙපාර්ශ්වය දිහා බැලුවනම් තේරුම් ගනී තමන්ට තියෙන දේ ලබා ගන්න අනිකා වෙන මහන්සිය..ලබා ගන්න උත්සාහ කරන්නෙ වටින නිසා නි.ඇයි ඉතින් තමන්ව අතාරින්නෙ නැති වට්නාකමක් බලෙන් පන්නගන්න හදන්නෙ🤗..දකින දේ නෙමෙයි දකින දේ ගැන හිතෙන දේයි දකින දේටත් වටිනාකම දෙන්නෙ..(ගවුම මාරු නොකර නෝනගෙ තියෙන ලස්සන අගේකරානම්...🙂 )

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 3 года назад +10

    හරිම ලස්සනයි

  • @metalicharsha
    @metalicharsha 2 года назад

    harima gon..aparade baluwe

  • @rajithadesilva8415
    @rajithadesilva8415 3 года назад +1

    Adaraniya panuwidayak♥️👏

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon8289 3 года назад +8

    හරිම ලස්සනයි .... ❤

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @sachinlaks3902
    @sachinlaks3902 3 года назад +16

    Amazing...in a world where everything under the sun compered to each other special because of social media...people are getting frustrated just to reach be someone that they are not .....

  • @mayuka3480
    @mayuka3480 3 года назад +12

    Masterpiece , good story for body shaming

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @AnirudhSahash
    @AnirudhSahash 6 месяцев назад

    මාත් මෙහෙමයි 😄😄 හොරෙන් ඩයට් කඩනවා

  • @ගෝල්කාරයා
    @ගෝල්කාරයා 2 года назад

    Kiyana thram supiryk newei 😌

  • @achalafdo7486
    @achalafdo7486 2 года назад +1

    Woooow excellent

  • @gladiatorzero9761
    @gladiatorzero9761 2 года назад +1

    Chuttak mahath unama moko aula ☺

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 2 года назад +36

    A beautiful story... Gives a great example to the society.... Every woman needs a supportive partner... This is a topic that we should talk about and so many women are suffering secretively due to this reason.. but if you got a partner who's supports you in every way and understands you then you got everything you need.

  • @madhavideesha3550
    @madhavideesha3550 3 года назад +5

    බිරිඳ ගැන හිතන හොඳ ස්වාමිපුරුෂයෙක්, ❤

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @vijini8754
    @vijini8754 2 года назад +2

    thaman mahatha bawa anith aya hama thissema kyaddi, eeka harima maanasika peedanayak..lankaawe body shaming kyna eka generalize wela... ammala ,achchilage indn hamooma bln inne adayak hoyanna.... kettu ekkenekta kynwa aapoo kootu kaaalla wagee kyl...mahath unaama kyai hapo hoomarikama kyl... society eka danuwath wenna oone psychology patten...

  • @CharakaTerance
    @CharakaTerance 9 месяцев назад

    සතුට ගෙනෙන රසවත් කතාවක් .

  • @akiladilshan4936
    @akiladilshan4936 3 года назад +10

    This is very good. Keep it up ❤

  • @dilinimadushika2342
    @dilinimadushika2342 3 года назад +12

    ගොඩක් ලස්සනයි❤❤

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +2

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට

  • @nilaweerarathna7051
    @nilaweerarathna7051 3 года назад +3

    Nice story. It gives great message 👍

  • @rangana1234bopawita
    @rangana1234bopawita 2 года назад +1

    ඇත්තටම මාරම ලස්සන කතාවක්

  • @asankaapsara9717
    @asankaapsara9717 2 года назад +1

    හරිම ලස්සනයී ❤️

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Год назад

    දරදඩු පිරිමි හිත් නිසා ගැනු අපි අසරණ වෙන තරම්

  • @shashiwarnakulasooriya7014
    @shashiwarnakulasooriya7014 3 года назад +1

    Horen kewata mahathwenne ne 😁😁 aththatama nohitha kewoth thamai mahathwenne 😀

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 года назад +85

    අපරාදෙ අර රොල්ස් ටික අපිට ආසාවට කන්න මෙහෙ නෑ එයාලා විසික්කනවා😆😆

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 3 года назад +9

    ලස්සන concept එකක් 😍🔥♥️.

  • @thesi1669
    @thesi1669 3 года назад +1

    හරිම ලස්සනයි ..❤️❤️❤️ touching ❤️

  • @Sadhana766
    @Sadhana766 Год назад

    පිරිමින්ගෙ නිහඩ ආදරේ කියන්නෙ මේකට තමයි❤

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 Год назад +3

    ඔය මොකුත් නැනෙ ගවුම මාරු කරන් ආවනං 😍😍😍

  • @සුභාෂිපතිරණ
    @සුභාෂිපතිරණ 3 года назад +8

    පිලිගැනීම
    ඉවසීම
    දරාගැනීම
    කැපකිරීම
    ආදරය

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 года назад +1

      ඒ දේවල් හැම එකකම එකතුවක් "පවුල" බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

    • @hashinikarunarathne4216
      @hashinikarunarathne4216 3 года назад

      Oooo attahh math ekagaiii