ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න

Поделиться
HTML-код
  • Опубликовано: 24 фев 2023
  • ඇතිවෙන්න මුදල් මවන්න.
    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.
    සබ්ලිමිනල් තාක්ෂණය නිසා උඩු සිත මේ කරුණු ඔබට කළ නොහැකියි යන මත වාදයට එන්නේ නැහැ. ස්වයං යෝජනා තාක්ෂණය (Suggestopedia), NLP තාක්ෂණය සහ සබ්ලිමිනල් තාක්ෂණය මුසු වූ ගුණත්වයෙන් ඉහළ මනෝ විද්‍යාත්මක වැඩසටහනකි. ලොව දිනූ සාර්ථකම මිනිසුන්ගේ සිතුවිලි මෙන් ඔබේ සිතත් නිරායාසයෙන් සිතීමට ඔබේ සිත අනිවාර්යයෙන් පෙළඹෙනවා.
    මෙම වචන සියල්ල ඔබට ඉහළම ප්‍රතිඵල ලබාදෙන්න මෙහි සබ්ලිමිනල් තාක්ෂණය ඉවහල් වෙනවා. මෙම හඬවල නාද ශික්ෂණය කර ඇත්තේ සියළු දෙනාගේ ගෞරවය සහ ආදරය දිනාගත් දයානන්ද පෙරේරා මහතායි. එතුමා වසර 50 කට වඩා නාද සංකලනය කර ඇති වැඩිම ගීත ප්‍රමාණයක නාද තාක්ෂණ ශිල්පියා වෙනවා.
    නිතර අසන ප්‍රශ්න (FAQ) හා ඒවාට පිළිතුරු
    සබ්ලිමිනල් කියන්නේ මොකටද?
    නිතර තර්ක කරන, විවේචනය කරන, බැහැ කියා අපව පසුපසට අදින, උඩුහිත මගහැර අපිට ඇහෙන ඕනෑම දෙයක් සත්‍ය ලෙස භාරගන්න, යටි සිතට පමණක් ඇසෙන ලෙස හඬ /රූප භාවිතා කරන ක්‍රමයක් ලෙස සබ්ලිමිනල් හඳුන්වනවා.
    මෙම විඩියෝවේ අඩංගු වන්නේ මොනවාද?
    ඇල්බමය කොටස් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටස ඔබේ සිතට වැඩසටහන කරවන කොටස සුප්‍රාලිමිනල් වෙනවා. සිත මිහිරි ඇල්ෆා මට්ටමක රඳවන සුවිශේෂි සංගීත සංකලනයක් සමඟ ස්වයං යෝජන මෙහි ඇතුළත් ව තියෙනවා. එය ඔබට ඇසෙනවා.
    විඩියෝවේ තුන්වන කොටස සබ්ලිමිනල් වෙනවා. මිනිස් ශ්‍රවණය පරාසයේ සුවිශේෂ සංඛ්‍යාතයන් භාවිතා කර හඬ පටය නිපදවා තිබෙනවා. ලොව පිළිගත් නවීන මෘදුකාංග හා ඉහලම තත්වයෙන් ශබ්දාගාර තුළ පටිගත කර තිබෙනවා. මෙහි ස්වයං යෝජනා සබ්ලිමිනල් කර මොළයේ සංඛ්‍යාතයන් වෙනස් කළ හැකි සුවිශේෂි සංගීතය හා මුසු කර තිබෙනවා. මෙහි ඔබට සාමාන්‍යයෙන් ඇසෙන්නෙ සංගීතය විතරයි. එහෙත් එහි ඇතුලත් ස්වයං යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප වීමකින් තොරව යටිසිතට තැන්පත් වෙනවා.
    මින් සිදු වන්නේ කුමක්ද?
    මේ විඩියෝවේ ඇතුළත්ව ඇත්තේ ලොව දිනූ මිනිසුන්ගේ ස්වයං යෝජනා වේ. ජීවිතයක ඉරණම වෙනස් වෙන්නේ සිතුවිලිවලට අනුවයි. චිත්ත රූප මවනා ප්‍රබලම ස්වයං යෝජනා මිනිස් සිත වෙනස් කිරීමේ දැනට ලොව භාවිතා කරන ප්‍රබලම NLP ක්‍රමයන්ට අනුව ශ්‍රවණය කිරීමෙන් ඔබේ සිතේ එම රචනා තැන්පත් වී ජීවිතයම වෙනස් වෙනවා.
    ඇසිය යුතු වේලාව කොයි වගේද?
    දින 21 ක් නින්දට පෙර නරඹන්න. දින 21 න් පසුව නින්දේදී ඇසුවත් අවදියෙන් ඇසුවත් වෙනසක් නැහැ. දිවා කල වෙනත් වැඩක් කරමින් අසනවාට වඩා රාත්‍රී නිදන විට නැවත ඇසීම වඩා යෝග්‍යයි. උදෑසන පිබිදීමට ප්‍රථම සහ නිදාගන්න සූදානම්ව අතර ඇසීම වඩා සුදුසුය.
    හඬ පටය තාක්ෂණය කුමක්ද? පිටපත් කිරීම සුදුසුද?
    ශබ්ද වල ගුණාත්මකභාවය
    ශබ්දවල ගුණාත්මක තත්ත්වය ඉහළ (Subwoofer/ සබ්වුෆර්) පහසුකම සහිත ස්පීකර් භාවිතා කරන්න.
    වාහනයක් පදවන විට භාවිතා කළ හැකි ද?
    මෙම වැඩසටහන් මුලින්ම ආරක්ෂිත සහිත තැනක අසන්න. ඔබට නිදිමතක් දැනෙන්නේ නැති නම් වාහනය ඇසුවාට කමක් නැහැ. නමුත් ඇල්බමයෙ පළමු කොටස අත්හරින්න.
    කොපමණද කලක් ඇසිය යුතුද?
    මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපගේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වන අයට ඉක්මනින් ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඉලක්කය වැඩසටහන් හරියට අනුගමනය කරන අයට ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. මෙම වීඩියෝ වල ඇති වෙනස ප්‍රබලව දැනෙන විට නතර කරන්න. කාලයක් ගත වන විට පැරණි සිතුවිලි නැවත මතුවන බව ඔබට දැනේ නම් නැවත අසන්න.
    ඉහළම ප්‍රතිඵල සඳහා කේන්ති යන හැම වෙලාවේ ම ආදරයෙන් සිත පුරවා ගන්න. දුක දැනෙන හැම වෙලාවේම ඩෝස් රසායන හදා ගන්න ක්‍රියාකාරකම් කරන්න. ලැජ්ජාවට ඉඩ නොදී අභිමානවත් ව ඉන්න. වැරදි වැඩවලින් ඈත් ව නිවැරදි වන්න. භක්තිමත් වන්න. මෙත් වඩන්න.
    බුද්ධිමය සම්පාදකවරයා ගැන
    සනත් ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක්. රජරට සහ සබරගමු විශ්ව විද්‍යාල දෙකේ හිටපු උපදේශකවරයෙක්. දේශීය / විදේශීය විශ්වවිද්‍යාල 12ක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩමුළු පවත්වා තිබෙනවා. ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක වැඩසටහන් පවත්වා තිබෙනවා. පෞද්ගලික අංශයේ විශාලතම ආයතනවලටත් කුඩා ආයතනවලටත් වැඩසටහන් පවත්වා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල්වල තවත් වැඩසටහන් පවත්වා තිබෙනවා. පන්දහසකට වඩා වැඩි වැඩසටහනලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වැඩසටහන්වලින් ජීවිතය ආලෝකමත් කර ගෙන තිබෙනවා.

Комментарии • 986

  • @shenukisooriyabandara9234
    @shenukisooriyabandara9234 8 месяцев назад +35

    මගේ ප්‍රාර්ථනාව මාසයක් වගේ කෙටි කාලයකින් ඉටු වුණා. මෙය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා!!!!

  • @chathujayasha2565
    @chathujayasha2565 6 месяцев назад +65

    දැනට මාස තුනක පමණ කාලයක සිට මම දිනපතා නින්දට යන විට මෙයට සවන්දෙනවා. මාස දෙකක පමණ සිට මට නිතර අනපේක්ෂිත මුදල් ත්‍යාග, ආදායම් මාර්ග ලැබෙනවා. මෙය නිර්මාණය කල හැම දෙනාට ස්තූතියි.

    • @chathujayasha2565
      @chathujayasha2565 5 месяцев назад +9

      දින කිහිපයක් සවන්දීම අතපසු වුනත් මුදල් ලැබීම් වැඩිවුනා. නැවතත් දිගටම සවන්දීම කරගෙන යනවා. ආයාසයකින් තොරව විශ්වාස කරන්න පුරුදුවෙන්න. ස්තූති කරන්න. ලැබෙනවා.

    • @dilminipullaperuma9189
      @dilminipullaperuma9189 3 месяца назад +4

      මට මේ වීඩියෝ එක අහන්න ලැබුණාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏❤❤🙏🙏

    • @gayanbuddhika1578
      @gayanbuddhika1578 3 месяца назад

      Mata 40000 denna

    • @ManulaDeemantha
      @ManulaDeemantha 3 месяца назад

      ස්තූතියි ❤

    • @user-ju8ix9pj4j
      @user-ju8ix9pj4j 2 месяца назад

      Meya ahannalabapu wishwayata syhuthi wewa

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel 10 месяцев назад +8

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +17

    සර් මම අද සිට දුක තරහ සතුරන් කියන වචන සහමුලින්ම අයින් කරනවා. මට තියෙන්නෙ සතුට සෞභාග්‍යය ජයග්‍රහණය මිතුරන් පමනයි.සියලු ලෝක වාසීන් සමුර්දිමත් අයවේවා.සතුට සාමය පිරී ඉතිරේවා. මගේ ජීවිතේ වෙනස්කල මගේ ගුරුපියානන්ටත්,විශ්වයේ අසීමිත ශක්තියටත් ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. 🙏🙏🙏💐💐💐

  • @renukasadamali7506
    @renukasadamali7506 Год назад +12

    සනත් සර් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @SanathGamage
    @SanathGamage  Год назад +34

    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.

    • @amithiroshan8408
      @amithiroshan8408 Год назад

      🙏🙏🙏

    • @priyadasuninilushkaa7834
      @priyadasuninilushkaa7834 Год назад

      ෂාහ්, සත්‍ය වශයෙන් ම එය ඉතාමත් ලස්සන පුදුම සහගත ලොවක්. මේ ලොවේ ඒ ලස්සන දේ මට විඳින්න ලබා දුන්නාට ඔබ තුමාට හා මෙය ලබා දීමට කටයුතු කළ හා හේතු වූ සියල්ලටම ස්තුතියි 💝💝💝🙏🙏🙏

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 Год назад

      නින්ද ගිහාම කමක් නැති ද්..මම හැන්ඩ්ෆ්‍රේ ගහන් ඇහුවේ නින්ද ගිහින්..එතකොට සාර්ථක ද..

    • @sampathsudarshana8162
      @sampathsudarshana8162 Год назад

      Thnx sir ,59 wana vinadiye idala voice eka ahenne nene

    • @rupaabeywarna6357
      @rupaabeywarna6357 15 дней назад

      @@NISHISHANIKAREAL555

  • @supercoverus7636
    @supercoverus7636 11 месяцев назад +15

    මේ වීඩියෝව නිර්මාණයට දායක වූ සැමටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!.

  • @indikajayasinghe623
    @indikajayasinghe623 Год назад +8

    සර්ටත් මේ සඳහා දායක වූ සියලු දෙනාටත් ස්තූතියි !ව්ශ්වයටත් ආදණීය යටිසිතටත් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි ! සියලු දෙනාට මුදල් ආකර්ශනය වේවා ! ආදායම් ඉහළ ගොස් සතුටින් පිරී ඉතිරේවා!🙏

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 Год назад +67

    සනත් මහත්තයා , මට අවුරුදු 20යි.පොඩි වයසින් ඔබ වැනි විශිෂ්ඨ පුද්ගලයෙකුගෙන් මෙතරම් වටිනා කරුනු ලබා ගැනීමට මේ වයසින් හැකිවුනා. හරිම සතුටුයි සර්. බොහොම ස්තූති !✨️

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr Год назад +19

    ආදරණීය සරත් සර් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් නොමිලේ ලබා දෙන ලද සමාජ සේවා වැඩ සටහනට අනෙක වරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ඒවාගේම මෙම වැඩසටහන සංවිධානය කරපු සරත් ගමගේ ගුරුතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් විශ්ව මාතාවටත් ලෝකවාසී සියලු දෙනාටත් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි❤️❤️❤️🙏🙏🙏

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u 11 месяцев назад +13

    මගේ ජීවිතේට උතුරාගෙන යන්න සල්ලි ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියිස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤

  • @user-ug3no4xy1j
    @user-ug3no4xy1j Месяц назад +1

    විශ්ව මාතාවට.... විශ්වයට... වගේම ඔබ තුමාටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 6 месяцев назад +8

    විශ්ව මාතාවට මම අනෙක වාරයක් ස්තුතියි ඔබතුමාට ත් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤🎉🎉🎉

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +5

    ඔබ තුමාට විස්වමාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 සියලු දෙනාම සතුට සෞභාග්‍යය සාර්ථක තත්වය සපිරි ධනවතුන් වෙවා මගෙ දයාබර යටි සිතට ස්තූතියි ස්තූතියි ස්තූතියි සූපහන් සිත නිරතුරුවම ජයග්‍රහණය කරා ගමන් කරයි ❤️🙏🙏🙏

  • @nishusarangi7679
    @nishusarangi7679 8 месяцев назад +4

    අපගේ සාර්ථකත්වයට අත්වැලක් වූ ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +6

    ඔබතුමා ට කාර්ය මණ්ඩලය දරුවන් ටත් සමස්ථ ලොකයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹🌹🙏🙏❤️

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 Год назад +9

    මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබට 🙏💖

  • @sunigamage2699
    @sunigamage2699 Год назад +4

    ස්තූතියි ස්තූතියි ස්තුති
    ඔබ තුමාට මේ මුළු විශ්වයටත්
    දස දහසක් මිලියන ට්‍රිලියන වාරයක් නැවැතත් ස්තූතියි වේවා ඔබ තුමාට යහපතක්ම වේවා සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @kavindu354
    @kavindu354 9 месяцев назад +5

    ඔබ ඇතුලු ඔබගේ කන්ඩායමේ සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතී.. සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා, සංසාර දුකින් මිදේවා.. දුප්පත් කම් තුරන් වී කිරි ඉතුරුනා වගේ දනය ලැබේවා.. සියලුම දෙනාට ජය.. මෙය සත්‍යක්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී..

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 Год назад +6

    ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටමත් ඔබතුමා මෙලොවට බිහිකල දෙමාපියන්ටත් බොහොමත්ම පින්. අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ඔබතුමන් මුනගැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!! මෙලොව සියලු සත්වයින්ට විශ්වයේ අනන්ත වූ ශක්තිය සියලු යහපත් ක්‍රියාවන්ට නොඅඩුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Год назад +7

    මෙ විශ්ව මාතාවටත් ඔබතුමා හටත් මෙ සදහ දායක උ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති සර් බොහොම ස්තුති වන්ත වෙනවා

  • @maheshrandika6118
    @maheshrandika6118 Год назад +9

    ඔබ තුමාටත් , විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතිය 🙏

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @user-yx5sp3te9d
    @user-yx5sp3te9d 9 месяцев назад +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤❤

  • @nadeekachathurangani8067
    @nadeekachathurangani8067 Год назад +7

    ස්තූතියි සර් ඔබටත් 🙏 මේ විශ්ව මාතාවටත්, 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +6

    ඔබතුමාටත් විශ්වයටත් බෝහොම ස්තුතියිඔබ අප හැම දෙනාටම යහපතක්ම වේවා

  • @ruwanthigamalatge3505
    @ruwanthigamalatge3505 Год назад +3

    ස්තුතී සර් , ඔබ තුමාට ගොඩක් පිං. ඔබතුමා ට සියළු ආශීර්වාදය ලැබේවා, දිනෙන් දින තව තවත් දියුණු වේවා, නීරෝගී සුවය ලැබේවා පවුලේ සැමටම යහපතක් ම වේවා !

  • @lihinidewma-dz7fw
    @lihinidewma-dz7fw Год назад +2

    ඔබ තුමාටත් ව්ශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා මෙය අපගේ දෙසවන් වෙත යොමු කලාට .

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 Год назад +5

    සර්ටත් විශ්ව මැනියන්ටත් ස්තුති වෙිවා .!!!❤️❤️❤️💐💐💐

  • @bhagyasandamali7067
    @bhagyasandamali7067 9 месяцев назад +5

    ඔබ තුමාටත්🙏මගේ ආදරණීය විශ්වයටත් ස්තුතිවන්ත වේවා 🙏❤️🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 месяцев назад +3

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙවැනි වීඩියෝ තුලින් සාර්ථකත්වය යාමට වාසනාව ලැබේවා ධනය,සෞභ්‍යය ,සාර්ථකත්වය ඉටුවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි thanks for you Sir

  • @MrSanjaya1984
    @MrSanjaya1984 Год назад +7

    ස්තූතියි විශ්ව මාතාවට... ඔබ සහ ඔබේ මේ වැඩසටහන් ශ්‍රවනය කිරීමට මුණගැස්වීම පිළිබඳව ....
    ඇත්තටම මගේ ජීවිතය වෙනස් වුණේ මෙතනින්.... නොසිතූ ආදායම් මා වටා රොක් වෙමින් තියෙනවා.... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 Год назад +4

    ආදරනීය විශ්වය ඔබට ස්තුති .ස්තුති ස්තුති .ඔබ තුමාට විශ්වයේ උසස්ම ආශිර්වාද ඔබ සමගයි අපට මග පෙන්වීමේ පිනෙන්.ගුරුතුමනි ඔබට ස්තුති වේවා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +9

    ෂා ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා අවට තිබෙන මුහුදු මැදින් මම නැව තුල ගමන් කරනවා නැව ඇතුළත් හරිම ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා රසවත් කෑම බීම වර්ග පිරි ඉතිරි ලාමෙ නැව තුල ගමන් කරනවා මුහුදු සුළං ගතට සිතට සුව යක් දැනෙනවා විශ්ව වයසට ස්තුතිවන්ත වෙනවා❤️🙏🙏🙏🌹🌟🌟🌟🌟🌟🌟🙏❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +6

    විශ්ව යෙ ඇති ප්‍රබලතම ශක්තිය ට ස්තුති වන්ත වෙවා මගෙ පෙන්වා දී අපි දිරිමත් කරන ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏🌼🌻🌼

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 Месяц назад +2

    මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ 😊

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Год назад +9

    ස්තුති ඔබටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ...තෙරුවන් සරණයි !!! සියලු දෙනාට ,ජය සතුට සහනය ලැබේවා !!!

    • @SanathGamage
      @SanathGamage  Год назад +1

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @harshidesilva8650
    @harshidesilva8650 Год назад +6

    ඔබ තුමාට සහ මෙ වැඩෙට සහය දුන්නු සැැම දෙනාටම ගොඩාක් ස්තුතියි.😊

  • @premakulathilaka950
    @premakulathilaka950 7 месяцев назад +4

    අපූරු භාවනා වක්......❤❤❤❤❤.. ස්තූතියි විශ්ව මෑනියනි...

  • @ranjinicc2453
    @ranjinicc2453 Год назад +2

    ඔබ‍ට. හ. සැමට. ස්තුතියි ස්තුතියි ස්තුතියි. 🙏sanath. සර් ගේ. හැම. වැඩ සටහන් ම. මම. බලන්න. කැමති.. ඔබ‍ට. අනේ ක. වරයක්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤

  • @nishinissanka2270
    @nishinissanka2270 Год назад +3

    ඔබතුමා ට ගොඩාක් පිං මේ කරන සමාජ සත්කාර යට ඔබට විශ්ව ශක්තිය දිරිය ලැබේවා තව තවත් විශ්වයේ දැනුම බෙදන්න ඔබට ලැබේවා !

  • @pvgsanjeewasanjeewa5294
    @pvgsanjeewasanjeewa5294 6 месяцев назад +5

    ඔබට ධනය නිරන්තරයෙන්ම ආකර්ෂණය වේවා !!!...🙏🙏🙏

  • @sandupamafernando671
    @sandupamafernando671 Год назад +13

    ඔබතුමා මේ කරන අති විශාල වූ මෙහෙයට ස්තූති වේවා..දීර්ඝයුශ ලැබේවා..විශ්ව මාතාවට ස්තූති වේවා! 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @wajeerawa3369
    @wajeerawa3369 Год назад +14

    අපිට සියලු සැපසම්පත් ලබාදෙන විශ්වයට දහස්වාරයක් ස්තූතියි.

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 Год назад +6

    Sir saha මේකට සම්බන්ධ වුන සියලු දෙනාට ma me wishwa ශක්තියේ pihita ලැබේවා thanks universe thanks universe

  • @dilshanishara
    @dilshanishara Год назад +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුතීයී. 🙏🙏🙏 මේ විශ්වයට කරන උපකාර වලට ඔබ තුමාට ගොඩාක් ස්තුතියී 🙏

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 Год назад +5

    සර් ඇතුළු මේ සඳහා දායකත්වය දැක්වු සියලුම දෙනාට නිදුක් නිරෝගී ධීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.සියලුම දෙනාට ස්තුති වේවා!!!
    විශ්වයේ ආශිර්වාදය අප සෑම දෙනාටම ලැබේවා!
    ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!

    • @dulgirl743
      @dulgirl743 5 месяцев назад

      ආකර්ශන නීතිය සත්‍යයක්මයි.සනත් සර් ඔබතුමාට ස්තුතියි බොහොමයක් ..

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 месяцев назад +5

    සියල්ලෝම සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට පත් වෙත්වා !

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 Год назад +4

    ඔබටත් ,ඔබ කාර්යය මණ්ඩලයටත් ස්තූතියි .තෙරුවන් සරණයි

  • @madhugamage7303
    @madhugamage7303 Год назад +18

    විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .. බොහෝම පින් අපේ සර්ටත්, දායක වූ සෑම දෙනාටමත්🙏🙏🙏

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 Год назад +10

    ඔබතුමාට නීරෝගී වාසනාවන්ත ඉසුරුමත් ජීවිතයක් ලැබෙනවා, තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය සහා දායකත්වය දුන් සියළු දෙනාටම, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshdeepal9042
    @sureshdeepal9042 Год назад +2

    ඔබතුමාටත් දයානන්ද මහතාට ත් ඇතුළුව සියලු දෙනාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pushpakumaara4619
    @pushpakumaara4619 Год назад +8

    ඔබතුමාටත් ,උතුම් විශ්ව මාතාවටත් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏ලෝකවාසී සියලු දෙනාට සිතූපැතූ සම්පත් ලැබේවා 💐💐💐

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @madhushadissanayaka595
    @madhushadissanayaka595 Год назад +7

    ඔබ තුමාටත්, විශ්ව මාතාවටත් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි!!!

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Год назад +5

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏❤️

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 7 месяцев назад +7

    ඹබතුමාට විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි මට සෑම දෙයක්ම හරි ගියා

  • @charithruwantha1435
    @charithruwantha1435 Год назад +6

    බොහොම ස්තුතියි ඔබතුමාට 🌼🌷
    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතීවේවා 🌷 🌷🙏🙏🙏🌷🌷

  • @user-tt9wc4ow5b
    @user-tt9wc4ow5b 7 месяцев назад +4

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් දායකවු සැමදෙනාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 Год назад +4

    ඔබ තුමාට සහ සැම දෙනාටම ස්තුතියි

  • @amishaseumini5427
    @amishaseumini5427 Год назад +10

    ඔබ තුමාට ගොඩාක් ස්තූති‍යි මගේ ජීවිතේ සර්ථක වෙමින් පවතිනවා මගේ ජීවිතය සාර්තකයී❤😊

  • @lilanikumari6982
    @lilanikumari6982 10 месяцев назад +4

    මාගේ ආදරණීය විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තුතියි ! 💛 ස්තුතියි !! 💛 ස්තුතියි !!! 💛

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 Год назад +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @siriyani6357
    @siriyani6357 Год назад +37

    මට ඇති වෙන්න උතුරන්න මුදල් ලබා දුන්න විශ්වයට ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ප්‍රසංසා වේවා

  • @nisedu9464
    @nisedu9464 Год назад +6

    ආදරණීය විශ්වයටත්, ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි...

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +4

    විශ්වයේ ශක්තිය ලබා ගැනීමට උපකාරී වන ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️ නිවැරදි ගමන් මග යාත්‍රා කිරීමට ශක්තියක් හබලක් සිතට දුන් ඔබ තුමා වැනි උදාර හදවතක් ඇති විද්වතකු ට උතුම් වූ ප්‍රණාම යයි මෙවැනි වදන් පෙළ ගැස්වීම විශ්වයට ස්තූතියි ස්තූතියි ❤️ ස්තූතියි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +4

    මග පෙන්වනු ලබන ඔබ තුමාට ත් සාහය දැක්වු සියලු දෙනාටත් සමස්ථ ලොකයටත් විස්වයටටත් හදපිරි ප්‍රණාමය පුද කරමි මගෙ දයාබර යටි සිතට ක් ගරු කරමි ❤️🙏🙏🙏🌹

  • @manibalasooriyamani3896
    @manibalasooriyamani3896 Год назад +5

    ඔබ තුමාටත් විශ්වයටත් ස්තුති .🙏🙏🙏

  • @biouniversal9729
    @biouniversal9729 Год назад +7

    මේ මහගු පරාර්ථකමී ක්‍රියාවට
    sir ඔබටත් එ සදහා සහය උන හැමදෙනටම ,
    ඇත්තටම බොහොම ස්තුතියි
    බොහොම පිං
    හැදු වැඩු දෙමාපියන්ට ගුරුවරුන්ට හැමොටම පි,
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel 10 месяцев назад +3

    මා කෝටිපතියෙක් කල විශ්ව මාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
    සනත් සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Год назад +10

    මෙි වගේ දෙයක් ඉදිරිපත් කිරිමට ඔබතුමාව මෙහෙයවපු විශ්වයටත් සහභාගි වු සියලු දෙනාටත් විශ්වයේපිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r Год назад +4

    ස්තුති සර් ඔබතුමාට 🙏ඒ වගේම ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @user-ux5pb6qz2v
    @user-ux5pb6qz2v 10 месяцев назад +3

    විශ්වයේ මාතාවට ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි මෙ වාගෙ දෙවල් අපිට ලබාදෙනවට

  • @ans1628
    @ans1628 Год назад +2

    මෙම වීඩියෝ එකට ඔබතුමා ගොඩක් මහන්සි වෙලා තියනවා.ගොඩක් ස්තූතියි....

  • @aura_awaken
    @aura_awaken Год назад +4

    ඔබතුමා ඇතුළු ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත්, විශ්ව මාතාවටත් ස්තූතියි..

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @tkkumari4797
    @tkkumari4797 Год назад +6

    ගොඩක් වෙහෙස වී මේ video එක කරපු ඔබ්තුමට ගොඩක් පිං ඒවගෙම ස්තුති .විශ්ව මාතාවටත්.මේ අනර්ග සොබාදහම ටත් ස්තුති 🙏🙏🙏

  • @chinthakajayawardana2030
    @chinthakajayawardana2030 Год назад +4

    ඔබ තුමාට බොහොම ස්තූතියි .

  • @chitrakonari6522
    @chitrakonari6522 6 дней назад

    මට උවමනා තරමට මුදල් ලබා දුන් විශ්වයට ස්තුතීයි ස්තුතීයි ස්තුතියි සනත් සර්ටත් දීර්ඝායූ වේවා

  • @hansanisachethana3548
    @hansanisachethana3548 Год назад +38

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති . ❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +9

    මොහොත තුල මම සතුටින් ජිවත් වන්නා මෙම විශ්වයට ස්තූති ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 මට ලැබෙන එකම සතුට මෙයයි මගෙ සතුටින් අනෙකුත් සියලු දෙනාම ඉතා භක්තියෙන් යුතුව සතුටින් ඉන්න ලැබේ නා❤️🙏🙏🙏

  • @kasundinesh383
    @kasundinesh383 4 месяца назад +2

    ස්තුතියි ඔබතුමාට ජයෙන් ජයම වෙවා ❤️❤️❤️❤️

  • @priyankaperera9231
    @priyankaperera9231 Год назад +9

    අපව දියුණු මනසක් නිදහස් මනසක් මානසික සුවය ඇති කරන්න ඔබතුමා හා කණ්ඩායමේ සියලු ම කාර්ය මණ්ඩලයට අනෙක වාරයක් ස්තුතියි .....විශ්වශක්ති බලය අප උපයෝගී කර ගෙන ජීවිතය ට නැවුම් බලාපොරොත්තු ඇතිකිරීම අපට ඉගැන්වීම බොහෝ පිං🙏🙏🙏 ....ස්තුතියි ඔබතුමා ට නිරෝගි ශක්තිය බල ශක්තිය ඣාණ ශක්තිය ලැබේවා ....හැමෝටම ස්තුතියි

  • @upamalikaherath8419
    @upamalikaherath8419 Год назад +3

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි....

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 4 месяца назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @niro3714
    @niro3714 Год назад +2

    ස්තුතියි සර් මෙයට සාවන් දෙද්දි අමුතුම ලෝකයකට ඇතුලු උණාවගේ සැහැල්ලු මනසක් නිර්මාණය උණා ස්තුති සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා.විශ්වයේ ආශිර්වාදය ඔබට නිරතුරු
    ලැබේවා 🙏🙏🙏🙏🙏,,,❤❤❤❤❤

  • @shandishandi9585
    @shandishandi9585 Год назад +5

    🙏ස්තුතියි සර් ආදරණිය විශ්වයටත් ස්තුතියි අප හට මෙවැනි වීඩියෝ වක් ලැබෙන්න සලස්සිම ගැන ඔබ තුමාට මගේ ගෞරවය 🌹🌹🌹🌹🌞🌞🌞

  • @warunisurige7584
    @warunisurige7584 Год назад +3

    ඔබ තුමාට ස්තූතියි! විශ්ව ශක්තියට ස්තූති! බුදු සරණයි! 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Год назад +4

    යසඉසුර, මා සව්බාග්‍යා කරා ඇරැඹෙන ජීවිතය මම ආදරනීය ලෙස විදිමින් සිටිමි ..
    ස්තුති මගේ ලෙන්ගතු සෙනෙහෙ බර විශ්ව මව්නී ..ස්තුති ,ස්තුති , ස්තුති ..
    ස්තුති මගේ ගව්‍රරවනීය ගුරු තුමන් ට ...සියලු පින්වත් කාර්‍ය්යමන්ඩලය ට ...ආදරෙයි ගොඩාක් ..❤👍🙏🙏🙏

  • @surangisiriwardhana9197
    @surangisiriwardhana9197 Год назад +19

    ඔබ තුමා ඇතූලූ කණ්ඩායමට සහ විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 Год назад +5

    මගේ ජිවිතේ වෙනස් කරපු ඔබ තුමා ගේ මෙම ශක්තිමත් වචන .ඔබ තුමාට ත්.මගේ ආදර විශ්වයට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @prabasenevirathna8893
    @prabasenevirathna8893 Год назад +11

    විශ්වාස යෙන් අහනවා මං මගේ නම මේ ලෝකේ ලස්සනට ලියනවා ...විශ්වයට ස්තූති ..සනත් සර් ඔබට නිරෝගි සුවය ලැබේවා

  • @dularivithana3331
    @dularivithana3331 Год назад +29

    ඔබතුමාටත් .... මේ සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි ...විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

  • @pipuniedirisinghe9846
    @pipuniedirisinghe9846 Год назад +78

    ආදරණී සනත් සර් ඔබ තුමන්ටත්, මෙය සැදීමට දායක වූ සියලුම දෙනාටත් බොහොමත්ම ස්තුතියි 🙏
    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 💛

  • @darshiherath2131
    @darshiherath2131 Год назад +5

    විශ්ව මැණියන්ටත්, සර්ටත් ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤️

  • @tharangasauer8452
    @tharangasauer8452 Год назад +12

    දායකත්වය ලබා දුන් සැමට යහපතක්ම වේවා. විශ්ව මාතාවටත්, විශ්ව ශක්තියත් ස්තූතිය.🙏❤️

  • @udayakumara5870
    @udayakumara5870 4 месяца назад +3

    ස්තුතියි ඔබතුමාට

  • @kumarinadugala5900
    @kumarinadugala5900 10 месяцев назад +2

    ඔබෙන් සියලු පැතුම් ඉටුවේවා

  • @shaniperera-5619
    @shaniperera-5619 Год назад +17

    විශ්ව ශක්ති මාතාවටත් ඔබතුමාටත් දායක වූ සැම දෙනාටමත් අනේක වාරයක් ස්තුතියි !!!

  • @kauminiganegoda6133
    @kauminiganegoda6133 Год назад +10

    ඔබ තුමන්ටත්, ඔබ තුමන්ව මුණ ගැස්වූ විශ්ව ශක්ති මෑණියන් වහන්සේටත්,
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!! 🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 месяцев назад +5

    ධනය සෞභාග්‍යය සාර්ථකත්වය සැමටම ළගාවේවා!

  • @ishararathnayaka
    @ishararathnayaka Год назад +3

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතී

    • @SanathGamage
      @SanathGamage  Год назад

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @user-jp4zp7ot5z
    @user-jp4zp7ot5z 7 месяцев назад +3

    මමමගේ පනටත් වඩා විශ්ව මාතාව විශ්වාස කරනවා මට ලබා දුන් නොදුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤❤❤