සුන්දර පිඹුරත්තෑව ජලාශය | Pimburaththewa Tank

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • ✒️ අද " එයයි මමයි සංචාරය " අවධානය යොමු වන්නේ පොලොන්නරුව පුරවරයේ අලංකාරය තවත් ඔපමට්ටම් කිරීමට සමත් වූ පිඹුරත්තෑව වැව වෙතයි...මේ ගමනට අපිත් සමග තව කිහිප දෙනෙක් එකතු වුනා..
    🤜 පිඹුරත්තෑව වැව 🔥
    👇👇👇👇👇👇👇👇👇
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ පිහිටා ඇති, දෙස් විදෙස් ආකර්ෂණය නොඅඩුව දිනා ගැනිමට සමත් " පිඹුරත්තෑව වැව " පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර 42කට ආසන්න දුරකින් පිහිටා ඇත. එසේම මෙය මාදුරු ඔය වේල්ලේ සිට කිලෝමීටර දහයක පමණ දුරකින් පිහිටා ඇත... පොළොන්නරුවට පැමිණෙන අයෙකුට එතැන් සිට මනම්පිටිය-අරලගන්විල-මාදුරුඔය මාර්ගයේ පැමිණ, මාදුරුඔය හමුදා පුහුණු පාසල ආසන්නව ඇති පිඹුරත්තෑව වැවට පහසුවෙන් ළඟා විය හැකිය.
    අරලගංවිල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට ජලය සැපයීමේ අරමුණින් ඉදි කලා යැයි සැලකෙන මෙම වැව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිකරන ලද්දක් බව පැවසේ. එසේම මෙහි ආරම්භය 1969 වසරේදී සිදු වූවක් ලෙස සැලකෙන අතර එවකට පොළොන්නරුවේ සිටි පාර්ලිමේන්තු නියෝජිත සී. බී ද සිල්වා මහතා අලවකුඹුර හරහා යන සංචාරයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූවකි. එම ගමෙහි එවකට ගොවි පවුල් 20 ක් පමණ ජීවත් වූ අතරම ගමේ ප්‍රධාන ගමරාළ වන W. M අප්පුහාමි විසින් ජලය රැදෙන ස්ථානයක්ද පෙන්වා දී ඇත. දිවා රෑ වෙහෙස මහන්සිය නොබලා මාස 03 ක් වැනි ඉතා කෙටි කාලයකින් වර්ග අඩි 40, 000 කට වඩා වැඩි ප්‍රදේශයක් වැවක් ලෙස තැනවීමට සමත් විණි. මෙහි ඉදිකිරීම් අතර තුර පිඹුරන් 70 කට වඩා අසු වීම නිසාවෙන් මෙයට පිඹුරැත්තෑව නම යොදා ඇති බව සඳහන් වෙයි. මෙම වැවෙන් කුඹුරු අක්කර 4,000 කට පමණ ජල සැපයුමක් ලබා දෙන අතරම සොර වැව, අරලගංවිල වැව, නෙළුම් වැව, ඉබ්බන් වැව, මනමාල වැව, පාසි වැව, ඉගුරු වැව හා රිදී පොකුණ වැනි වැව් රාශියක්ම මෙම දිය දහරෙන් පෝෂණය ලැබෙයි.
    මෙම වැව අනෙකුත් වැව් අතරින් සුවිශේෂී වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ එහි වූ ජලය පිටාර ගැලීමේ සැලසුමයි.. මෙහි වෙනත් කිසිදු වැවක දක්නට නොලැබෙන ලෙස ත්‍රිකෝණාකාරව ඉදිවූ බැමි මගින් ජලය පිටාර ගැලීමට සලස්වා ඇත. එවැනි ත්‍රිකෝණාකාර කොටස් කිහිපයක්ම පිහිටා ඇති අතර ජලාශය වාන් දමන කාල වලදී ඉතා මනරම් වූ දර්ශනයක් මවා පෑමට මෙම අගනා නිර්මාණය සමත් වේ. වර්ශ 2018 දී එකල ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් අනුව මෙම කොටස ඉදි කොට ඇත. එසේම සංචාරකයන්ට රිසි සේ දිය නා ප්‍රීති වීමට හැකි සංචාරක ස්ථානයක් ලෙස පිඹුරත්තෑව වැව ප්‍රචලිතය. පිහිනීමට දත් ඇතැම් පිරිස් වැවේ ඉහල කොටසේ ජල ක්‍රීඩා කිරීමට පෙළඹී සිටියද එක ඉතා අනතුරු දායක ක්‍රියාවකි...
    අගනා පරිසර පද්ධතියකට හිමිකම් කියන පිඹුරත්තෑව වැවට එන සංචාරකයින්ට වැව ආශ්‍රිතව සුලභව ගැවසෙන කුරුල්ලන් වන හීන් කුරුමිණි කුරුල්ලා (Green Bee-eater), මහ කුරුමිණි කුරුල්ලා (Blue-tailed Bee-eater), කලපු කිරලා (Black-winged stilt), කොක් විශේෂ (Herons), ගෝමර පිළිහුඩුවා (Pied Kingfisher), ළැම සුදූ පිළිහුඩුවා (White-throated Kingfisher), පොරෝ කෑදැත්තා (Malabar Pied Hornbill), රත් යටිමල් කිරලා (Red-wattled Lapwing), බ්‍රාහ්මණ උකුස්සා (Brahminy Kite), දියකාවුන් (Cormorants) වැනි පක්ෂීන්ද වියලි කලාපීය සමනලුන් විශේෂද දැක බලාගත හැක...
    වැවේ පිටාර ජලය ගලා බසින ජල මාර්ගය කේන්ද්‍ර කොටගෙන වැව ආසන්නයේම ඉතා දැකුම්කළු දිය ඇල්ලක්ද පිහිටා ඇති අතර එම ස්ථානයේ දිය නෑම තරමක් අනතුරු සහගත වේ..
    මිනිස්සාට මෙන්ම සතා සිවුපාවුන්ටද අගනා තෝතැන්නක් වූ මෙම පරිසර පද්ධතියට පිවිසෙන ඔබ මෙහි මෙහි රසය විඳීමෙන් අනතුරුව පා සටහන් පමණක් ඉතිරි කොට ඒමට වග බලාගත යුතූය....
    😎 ℱℴ𝓁𝓁ℴ𝓌 𝓊𝓈 ℴ𝓃 👇
    💪 𝕐𝕠𝕦 𝕥𝕦𝕓𝕖 - youtube.com/@-...
    💪 𝔽𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜 - www.facebook.c...
    💪 𝕋𝕚𝕜𝕋𝕠𝕜 - www.tiktok.com...
    #nature #travel #entertainment #enjoy #srilanka #visitsrilanka #relaxing #love

Комментарии • 8