Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇමෙරිකාවට දැන් ගිම්හාන කාලය. උතුරු අර්ධගෝලයේ බොහොමයක් රටවලට වගේ, ඇමෙරිකාවෙ නැගෙනහිර ඉවුරේ, නිව් ජර්සි ප්‍රාන්තයටත් සෘතු විපර්යාසය හොඳින් ම දැනෙනවා. වසන්තයේ නිමාවත් එක්ක, චෙරි සහ මැග්නෝලියා මල් එකිනෙක පර වෙලා ගියත්, වසන්තයේ මුල ඉඳලා සරත් සෘතුවේ අවසානය වෙනකම් ම හැම තැනම ලස්සනට කහ පාටට ඩැන්ඩෙලයන් මල් පිපිලා. හරියට ලංකාවේ හැම තැන ම තුත්තිරි වැවෙනවා වගේ, තරමක් සීතල ප්‍රදේශවල වැවෙන 'ඩැන්ඩෙලයන්' කියන්නේ ඇත්තට ම වල් පැලෑටියක්. රන් පැහැයට හුරු දීප්තිමත් කහ පාටට පිපෙන ඩැන්ඩෙලයන් මල්, පහු වෙද්දී පුළුන් වගේ සුදු පාටට හැරෙන්නේ සුළඟින් බීජ ව්‍යාප්ත කරන්න දක්වන අනුවර්තනයක් විදියට. සමහර අයගේ විශ්වාසය අනුව ඩැන්ඩෙලයන් කියන්නේ ප්‍රාර්ථනා ඉටු කරන මලක්, එහෙමත් නැත්නම් wish granting flower එකක්. කඩා වැටෙන තරුවක් දිහා බලාගෙන, එහෙමත් නැත්නම් ඇහිපිල්ලමකට පිඹලා ප්‍රාර්ථනා කරනවා වගේ ම සමහරු ඩැන්ඩෙලයන් මලක රේණු විසිරිලා යන්න පිඹලා ප්‍රාර්ථනා කරනවා. එහෙම විශ්වාසයක් නැතත්, අහම්බෙන් පුළුන් වගේ මලක් හමු වුණු දවසට ප්‍රාර්ථනාවක් නැතිව වුණත් රේණු විසුරුවන්න මම පුරුදු වුණේ මෙහේ ආවට පස්සේ.නිව් ජර්සි ප්‍රාන්තයේ මම ජීවත් වෙන මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ, නිව්යෝක් නගරයට මිනිත්තු හතලිහක විතර දුර, කුඩා නගරයක තරමක් ජනාකීර්ණ වීදියක් අයිනේ. මගේ නවාතැනේ සඳළුතලයෙන් බලද්දී පාරේ අනෙක් පැත්තේ තිබෙන්නේ කුඩා කතෝලික දේවස්ථානයක්. මේ දේවස්ථානයට පිටුපසින් තරමක් පටු පාරකුත්, ඊටත් ඔබ්බෙන් කුඩා උද්‍යානයකුත් පිහිටා තිබෙනවා. දේවස්ථානයත්, උද්‍යානයත් අතර තිබෙන පටු තීරුව පුරා කහ පාටට පිපිලා තිබුණු බොහොමයක් ඩැන්ඩෙලයන් මල් දැන් සුදු පාට වෙලා. සමහර සතියේ දිනවලත්, සති අන්තයේ නම් නොවැරදීමත් හවස් වෙද්දී මේ කුඩා උද්‍යානය සෙල්ලම් කරන ළමයින්ගෙන් පිරී ඉතිරිලා යනවා සඳළුතලයෙන් බලන මට පෙනෙනවා.නිරන්තරයෙන් ම මේ එකතු වෙන ළමයි, සමහර දවසට ඩැන්ඩෙලයන් මල් එක්ක සෙල්ලම් කරනවා. ඒ අතරේ ඉන්න පුංචි ළමයෙක් පපුව පිරෙන්න ගන්න හුස්මකින් ඩැන්ඩෙලයන් රේණු කඩිමුඩියේ විසිරිලා යන්නේ හරියට පුළුවන් තරම් ඉක්මනින් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරන්න වගේ. අරමුණක් නැතිව ඒ දිහා බලාගෙන ඉන්දෙද්දී, තවත් කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරන්න, ලස්සන මලක් මියැදෙනවා නේද කියලා මට හිතුණා. හරියට සමහර මිනිස්සු වගේ. තමන් හරියට නමක් ගමක් නොදන්නා මිනිසුන් වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කරන, ඩැන්ඩෙලයන් මල් වගේ මිනිස්සු කොයි තරම් නම් අපි අතරේ ඉන්නවා ද? සියළු සැප පහසුකම් සමග අගනුවර පාසලකට පත් විය හැකිව තිබියදීත්, දුම්බර මහා කැලේ පාසලක දරුවන් වෙනුවෙන් වසර ගණනක් කැප කරන ගුරුතුමියගෙනුත්, පානම් පත්තුවේ මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කරන්න ජීවිතය ම කැප කළ මගේ මිත්‍ර නීතිඥවරියගෙනුත්, පටන් ගෙන නමක් ගමක් නොදන්නා මිනිසුන්ගේත්, නූපන් පරපුරකත් හෙට දවස වෙනුවෙන් හිරේ විලංගුවේ ලගිමින්, සිය අද දවස කැප කරමින් අරගල කරන තරුණ තරුණියන් දක්වා කොයි තරම් ඩැන්ඩෙලයන් මල් අපි අතර ම ජීවත් වෙනවා ද? ඉතින්, ප්‍රේමයේ හිරු නැගෙන දවසක ඒ ඩැන්ඩෙලයන් ප්‍රාර්ථනා ඉටු විය යුතු ම නොවේ ද?- නජාත් අක්රම්
🥺♥️
🖤🌼
🥺❤️ ලස්සන කමෙන්ට් එකක්.වටිනවා
හරිම ලස්සන සින්දුවක්. පද රචනය, සංගීතය,ගායනය , රූප රචනය හැමදේණ ලස්සනයි
❤❤❤
Waw ❤ beautiful Voice Lyrics MusicAnd you😊
වසන්තය නිමාවෙන තැන පිපෙන ප්‍රර්තනාව ඩැන්ඩෙලයන්අරගලයට අරුතක් දෙන්න වැරදරන සෑම මනුෂයෙක්ම ඩැන්ඩෙලයන් මලට සමානය...තවත් මනුෂ්‍යයෙක්ගේ ප්‍රර්තනාවක් වී සුලගට මුසුවී යයි....
❤️❤️❤️❤️ As dekata dakka weera charitha hitapu ape adaraniya aragalaya
හරිම ලස්සන නිර්මාණයක් ඉමායා, තරිඳු, Dr නජාත්❤❤❤,අපි අතර ඉන්නවා ඔයාල උලුප්පන්න හදන පුදුම මිනිස්සු සෑහෙන්න හැංගිල ,Dr නජාත්ගේ comment එක තමයි මට මේ සිංදුව රහට විඳින්න උදව් උනේ,මං හරි ආසයි අදහස ව්‍යංගයෙන් කියන ලස්සන අදහසක් තියන ගීත අහන්න,ලස්සන පද පෙලක්,හැමෝටම ස්තූතියි, අරුත්බර නිර්මාණ තව තවත් කරන්න,ඔබලාට ජය ❤
Congratulations
ගීත රචනය, ගායනය, සංගීතය හා දෘෂ්‍ය මුසුව අපූරුයි. My heartiest congratulations to Dr. Najath Akram, Imaya and Dr. Indika Perera.
💕😍🌻
දම්සර සහෝදරයගෙ පේජ් එකෙන් තමයි දැක්කෙ, මේ පස්වෙනි පාරට අහන ගමන් කමෙන්ට් එකක් දාන්නෙ. ලස්සනයි! තව හොද නිර්මාණ කරන්න.
කස්සා කියන්නේම .. රෝමියෝගෙන් එහාට ආදරය දකින එකෙක් ජය බන් .. ස්තූතී එ ආදරයට ආදරය එකතු කරන්නට කතා කරාට..
ජයවේවා ❤️
හිතටම දැනුනා පැටියෝ....අපේ අරගලයට ජය වේවා....අනිවාරෙන් අපි දිනනවා...❤️❤️❤️
හරිම ලස්සනයි. කදුලු ආව ඇස් දෙකට..
Very beautiful song & voice are superb 👌❤️-A9 Higher Educational Center -
"පරාර්ථකාමී ඩැන්ඩෙලයන් ආත්මයන්ට ආදරයෙනි..!" 🇱🇰🙏💖
Apuru giithayak.කඳුළක් ආවා පුතේ ඇහට..අරගලයට ජයවේවා ..තරුණ සිතුම් පැතුම් ඉටුවන නව මාවතක් මේ රටට ලැබේවා 🙏
හිතට දැනෙන ආදරණීය නිර්මාණයක් ❤️❤️❤️❤️
ඒක ලස්සනයි.. ❤
Superb
This is truly amazing! Beautiful voice!!!🎉
great ❤️
ප්‍රේමයේ හිරු නැගෙන දවසටඩැන්ඩෙලයන් නැවුම් පැතුම් ඉටු වුණාවේ.. 🥰🥰🥰
හිත හඬවන නිර්මාණයක්
Beautiful ❤
Wow. Congratulations. Nice aong
Beautiful song❤❤
ඒක........❤️💐
Addicted ❤️
Lyrics, voice, melody, meaningfulness…. Everything’s perfect ❤️
Sooooo so proud Imz!!❤️
So beautiful! ♥
❤️❤️
මාරම ලස්සනයී ❤️✌
Love this 🥺❤️💐
Beautiful song and beautiful voice❤
හරිම ලස්සනයි. හරිම ආඩම්බරයි ඉමායා දූ
The voice 🥺❤️
Love the lyrics!! Great Work❤️
Loved everything about this song. Couldn't have been more proud of you Imaya. So happy for you!
Good job girl🖤🖤
හරිම ලස්සනයි 🌸
voice එක හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි දුව ❤️
Excellent...♥️ song,sing and music video ...♥️ very beautiful and emotional song.. ♥️♥️🙏🙏
ජය..!
👌👌👌
Nice concept. Beautiful song.Dandelion flower always symbolize hope. So,lets live with hope of our great country. Until good days.... ❤🇱🇰
ලස්සන වචන ටිකක් හැඩකාර හඬක් ❤
Lovely Song with lovely visuals. Lovely product from a bunch of lovely people. Love from me.
Absolutely beautiful Imaya
So beautiful Imaya ❤️
💜️💜️💜️
සනීපයි...❤️
හොද නිර්මාණයක් ♥️
Superb voice ,good luck 💗
So proud of you Imaya 🥰 such a beautiful song and what a beautiful voice. Keep shining 🤩
Exellent! Congratulation Imaya
, 💐🎉
Very nice song. Love it.
Beautiful, meaningful song imaya❤
So proud of you Imaya ❤️
Beautiful lyrics ❤️
Truly beautiful! Everything is perfect ❤️❤️❤️
❤❤❤❤❤
💚💚💚💚💚
Wow, very beautiful song!!!
🖤✨️
♥️
This is a masterpiece 🇱🇰🖤🔥
අරගලය කියන්නෙම ආදරයක්...❤
නුවර වැව රවුමේ තනිමකනරොබරෝසියන් ප්‍රේමනීයයි..දහසකගෙ ප්‍රාර්ථනා උදෙසා මියදෙනඩැන්ඩේලයන් ගෞරවනීයයි..ප්‍රේමනීය හිරු නැගෙන දවසකඉටු වේවි ඒ ප්‍රාර්ථනා සැමදේ..පරාර්ථකාමි ඩැන්ඩේලයන්ගෙඅරගලයට ජයම වේවා..🏴✨💕 ✍🏻 SaJ
🖤🖤
හරිම ලස්සනයි ❤
❤️
❤️🌸💕
💙💙
❤❤❤❤
❤️❤️❤️
💖
❤
ඇමෙරිකාවට දැන් ගිම්හාන කාලය. උතුරු අර්ධගෝලයේ බොහොමයක් රටවලට වගේ, ඇමෙරිකාවෙ නැගෙනහිර ඉවුරේ, නිව් ජර්සි ප්‍රාන්තයටත් සෘතු විපර්යාසය හොඳින් ම දැනෙනවා. වසන්තයේ නිමාවත් එක්ක, චෙරි සහ මැග්නෝලියා මල් එකිනෙක පර වෙලා ගියත්, වසන්තයේ මුල ඉඳලා සරත් සෘතුවේ අවසානය වෙනකම් ම හැම තැනම ලස්සනට කහ පාටට ඩැන්ඩෙලයන් මල් පිපිලා. හරියට ලංකාවේ හැම තැන ම තුත්තිරි වැවෙනවා වගේ, තරමක් සීතල ප්‍රදේශවල වැවෙන 'ඩැන්ඩෙලයන්' කියන්නේ ඇත්තට ම වල් පැලෑටියක්. රන් පැහැයට හුරු දීප්තිමත් කහ පාටට පිපෙන ඩැන්ඩෙලයන් මල්, පහු වෙද්දී පුළුන් වගේ සුදු පාටට හැරෙන්නේ සුළඟින් බීජ ව්‍යාප්ත කරන්න දක්වන අනුවර්තනයක් විදියට.
සමහර අයගේ විශ්වාසය අනුව ඩැන්ඩෙලයන් කියන්නේ ප්‍රාර්ථනා ඉටු කරන මලක්, එහෙමත් නැත්නම් wish granting flower එකක්. කඩා වැටෙන තරුවක් දිහා බලාගෙන, එහෙමත් නැත්නම් ඇහිපිල්ලමකට පිඹලා ප්‍රාර්ථනා කරනවා වගේ ම සමහරු ඩැන්ඩෙලයන් මලක රේණු විසිරිලා යන්න පිඹලා ප්‍රාර්ථනා කරනවා. එහෙම විශ්වාසයක් නැතත්, අහම්බෙන් පුළුන් වගේ මලක් හමු වුණු දවසට ප්‍රාර්ථනාවක් නැතිව වුණත් රේණු විසුරුවන්න මම පුරුදු වුණේ මෙහේ ආවට පස්සේ.
නිව් ජර්සි ප්‍රාන්තයේ මම ජීවත් වෙන මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ, නිව්යෝක් නගරයට මිනිත්තු හතලිහක විතර දුර, කුඩා නගරයක තරමක් ජනාකීර්ණ වීදියක් අයිනේ. මගේ නවාතැනේ සඳළුතලයෙන් බලද්දී පාරේ අනෙක් පැත්තේ තිබෙන්නේ කුඩා කතෝලික දේවස්ථානයක්. මේ දේවස්ථානයට පිටුපසින් තරමක් පටු පාරකුත්, ඊටත් ඔබ්බෙන් කුඩා උද්‍යානයකුත් පිහිටා තිබෙනවා. දේවස්ථානයත්, උද්‍යානයත් අතර තිබෙන පටු තීරුව පුරා කහ පාටට පිපිලා තිබුණු බොහොමයක් ඩැන්ඩෙලයන් මල් දැන් සුදු පාට වෙලා. සමහර සතියේ දිනවලත්, සති අන්තයේ නම් නොවැරදීමත් හවස් වෙද්දී මේ කුඩා උද්‍යානය සෙල්ලම් කරන ළමයින්ගෙන් පිරී ඉතිරිලා යනවා සඳළුතලයෙන් බලන මට පෙනෙනවා.
නිරන්තරයෙන් ම මේ එකතු වෙන ළමයි, සමහර දවසට ඩැන්ඩෙලයන් මල් එක්ක සෙල්ලම් කරනවා. ඒ අතරේ ඉන්න පුංචි ළමයෙක් පපුව පිරෙන්න ගන්න හුස්මකින් ඩැන්ඩෙලයන් රේණු කඩිමුඩියේ විසිරිලා යන්නේ හරියට පුළුවන් තරම් ඉක්මනින් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරන්න වගේ. අරමුණක් නැතිව ඒ දිහා බලාගෙන ඉන්දෙද්දී, තවත් කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරන්න, ලස්සන මලක් මියැදෙනවා නේද කියලා මට හිතුණා. හරියට සමහර මිනිස්සු වගේ. තමන් හරියට නමක් ගමක් නොදන්නා මිනිසුන් වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කරන, ඩැන්ඩෙලයන් මල් වගේ මිනිස්සු කොයි තරම් නම් අපි අතරේ ඉන්නවා ද?
සියළු සැප පහසුකම් සමග අගනුවර පාසලකට පත් විය හැකිව තිබියදීත්, දුම්බර මහා කැලේ පාසලක දරුවන් වෙනුවෙන් වසර ගණනක් කැප කරන ගුරුතුමියගෙනුත්, පානම් පත්තුවේ මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කරන්න ජීවිතය ම කැප කළ මගේ මිත්‍ර නීතිඥවරියගෙනුත්, පටන් ගෙන නමක් ගමක් නොදන්නා මිනිසුන්ගේත්, නූපන් පරපුරකත් හෙට දවස වෙනුවෙන් හිරේ විලංගුවේ ලගිමින්, සිය අද දවස කැප කරමින් අරගල කරන තරුණ තරුණියන් දක්වා කොයි තරම් ඩැන්ඩෙලයන් මල් අපි අතර ම ජීවත් වෙනවා ද?
ඉතින්, ප්‍රේමයේ හිරු නැගෙන දවසක ඒ ඩැන්ඩෙලයන් ප්‍රාර්ථනා ඉටු විය යුතු ම නොවේ ද?
- නජාත් අක්රම්
🥺♥️
🖤🌼
🥺❤️ ලස්සන කමෙන්ට් එකක්.වටිනවා
හරිම ලස්සන සින්දුවක්. පද රචනය, සංගීතය,ගායනය , රූප රචනය හැමදේණ ලස්සනයි
❤❤❤
Waw ❤ beautiful Voice
Lyrics
Music
And you😊
වසන්තය නිමාවෙන තැන පිපෙන ප්‍රර්තනාව ඩැන්ඩෙලයන්
අරගලයට අරුතක් දෙන්න වැරදරන සෑම මනුෂයෙක්ම ඩැන්ඩෙලයන් මලට සමානය...
තවත් මනුෂ්‍යයෙක්ගේ ප්‍රර්තනාවක් වී සුලගට මුසුවී යයි....
❤️❤️❤️❤️ As dekata dakka weera charitha hitapu ape adaraniya aragalaya
හරිම ලස්සන නිර්මාණයක් ඉමායා, තරිඳු, Dr නජාත්❤❤❤,අපි අතර ඉන්නවා ඔයාල උලුප්පන්න හදන පුදුම මිනිස්සු සෑහෙන්න හැංගිල ,Dr නජාත්ගේ comment එක තමයි මට මේ සිංදුව රහට විඳින්න උදව් උනේ,මං හරි ආසයි අදහස ව්‍යංගයෙන් කියන ලස්සන අදහසක් තියන ගීත අහන්න,ලස්සන පද පෙලක්,හැමෝටම ස්තූතියි, අරුත්බර නිර්මාණ තව තවත් කරන්න,ඔබලාට ජය ❤
Congratulations
ගීත රචනය, ගායනය, සංගීතය හා දෘෂ්‍ය මුසුව අපූරුයි. My heartiest congratulations to Dr. Najath Akram, Imaya and Dr. Indika Perera.
💕😍🌻
දම්සර සහෝදරයගෙ පේජ් එකෙන් තමයි දැක්කෙ, මේ පස්වෙනි පාරට අහන ගමන් කමෙන්ට් එකක් දාන්නෙ. ලස්සනයි! තව හොද නිර්මාණ කරන්න.
කස්සා කියන්නේම .. රෝමියෝගෙන් එහාට ආදරය දකින එකෙක් ජය බන් .. ස්තූතී එ ආදරයට ආදරය එකතු කරන්නට කතා කරාට..
ජයවේවා ❤️
හිතටම දැනුනා පැටියෝ....අපේ අරගලයට ජය වේවා....අනිවාරෙන් අපි දිනනවා...❤️❤️❤️
හරිම ලස්සනයි. කදුලු ආව ඇස් දෙකට..
Very beautiful song & voice are superb 👌❤️
-A9 Higher Educational Center -
"පරාර්ථකාමී ඩැන්ඩෙලයන් ආත්මයන්ට ආදරයෙනි..!" 🇱🇰🙏💖
Apuru giithayak.කඳුළක් ආවා පුතේ ඇහට..අරගලයට ජයවේවා ..තරුණ සිතුම් පැතුම් ඉටුවන නව මාවතක් මේ රටට ලැබේවා 🙏
හිතට දැනෙන ආදරණීය නිර්මාණයක් ❤️❤️❤️❤️
ඒක ලස්සනයි.. ❤
Superb
This is truly amazing! Beautiful voice!!!🎉
great ❤️
ප්‍රේමයේ හිරු නැගෙන දවසට
ඩැන්ඩෙලයන්
නැවුම් පැතුම්
ඉටු වුණාවේ.. 🥰🥰🥰
හිත හඬවන නිර්මාණයක්
Beautiful ❤
Wow. Congratulations. Nice aong
Beautiful song❤❤
ඒක........❤️💐
Addicted ❤️
Lyrics, voice, melody, meaningfulness…. Everything’s perfect ❤️
Sooooo so proud Imz!!❤️
So beautiful! ♥
❤️❤️
මාරම ලස්සනයී ❤️✌
Love this 🥺❤️💐
Beautiful song and beautiful voice❤
හරිම ලස්සනයි. හරිම ආඩම්බරයි ඉමායා දූ
The voice 🥺❤️
Love the lyrics!! Great Work❤️
Loved everything about this song. Couldn't have been more proud of you Imaya. So happy for you!
Good job girl🖤🖤
හරිම ලස්සනයි 🌸
voice එක හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි දුව ❤️
Excellent...♥️ song,sing and music video ...♥️ very beautiful and emotional song.. ♥️♥️🙏🙏
ජය..!
👌👌👌
Nice concept. Beautiful song.
Dandelion flower always symbolize hope. So,lets live with hope of our great country. Until good days.... ❤🇱🇰
ලස්සන වචන ටිකක් හැඩකාර හඬක් ❤
Lovely Song with lovely visuals. Lovely product from a bunch of lovely people. Love from me.
Absolutely beautiful Imaya
So beautiful Imaya ❤️
💜️💜️💜️
සනීපයි...❤️
හොද නිර්මාණයක් ♥️
Superb voice ,good luck 💗
So proud of you Imaya 🥰 such a beautiful song and what a beautiful voice. Keep shining 🤩
Exellent! Congratulation Imaya
, 💐🎉
Very nice song. Love it.
Beautiful, meaningful song imaya❤
So proud of you Imaya ❤️
Beautiful lyrics ❤️
Truly beautiful! Everything is perfect ❤️❤️❤️
❤❤❤❤❤
💚💚💚💚💚
Wow, very beautiful song!!!
🖤✨️
♥️
This is a masterpiece 🇱🇰🖤🔥
අරගලය කියන්නෙම ආදරයක්...❤
නුවර වැව රවුමේ තනිමකන
රොබරෝසියන් ප්‍රේමනීයයි..
දහසකගෙ ප්‍රාර්ථනා උදෙසා මියදෙන
ඩැන්ඩේලයන් ගෞරවනීයයි..
ප්‍රේමනීය හිරු නැගෙන දවසක
ඉටු වේවි ඒ ප්‍රාර්ථනා සැමදේ..
පරාර්ථකාමි ඩැන්ඩේලයන්ගෙ
අරගලයට ජයම වේවා..🏴✨💕
✍🏻 SaJ
🖤🖤
හරිම ලස්සනයි ❤
❤️
❤️🌸💕
💙💙
❤❤❤❤
❤️❤️❤️
💖
❤❤❤❤❤
❤
❤️❤️
❤❤❤❤
❤️
❤️
♥️
❤️
❤️❤️
❤