යටිසිතට අවශ්‍ය දේ කාවද්දන්න 5*55 ක්‍රමය හරියට කරලා ඕන දේවල් ලබාගන්න!

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 2,9 тыс.

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 5 месяцев назад +246

    මගේ අම්මගේ පිලිකාව සුව වෙලා ගෙදර ආවා විශ්වයට ස්තුති

  • @udfack1610
    @udfack1610 10 месяцев назад +153

    මටත් ඒලෙවල් හොදට පාස් වෙලා කැම්පස් යන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලබා දුන් මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...! 🥺❤️🌎🌎 Thank you soo much my universe 🌎🙏

  • @shashenidilunika5496
    @shashenidilunika5496 Год назад +258

    මම මෙක කලා අද ...පැයක් යන්නත් කලින් මට interview එකකට කතා කලා..විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි...

    • @Sanchi212
      @Sanchi212 Год назад

      Meka karanna welawak tynwada nathan api kamthi welawaka karanna puluwnda?

    • @TashiniNirasha
      @TashiniNirasha Год назад +7

      @@Sanchi212 මම හිතන්නෙ උදේ හරි රෑ හරි කරනවා නම් ගොඩක් හොඳයි.. හැබැයි නිදිමත නැති වෙලාවක හොඳ සිහියෙන් අවදානය යොමු කරගෙන visualise කර කර කරන්න පුළුවන් නිදහස් වෙලාලක් තෝරගන්න.. හැමදාම ඒ විදිහට එකම වෙලාවට කරන්න කියලා තමයි මේ අක්කා කියන්නෙ.. ඒ වගේම එක දිගටම දවස් 5ක් කරන්න ඕන.. ඔයාට ජය🥰❤️❤️❤️

  • @Heshi_Perera
    @Heshi_Perera Год назад +119

    මම දවස් 2 ක් ලියනකොට මට confirm එකක් ආවා. ඊයේ දවස් 5 ඉවර උනා. අද උදේ මම හරියටම මට ඒ දේ ලැබුනා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා මම ඔයාගේ Video බලන්න ගත්තාම. Thank you Azra. Thank you universe.

  • @UniDream807
    @UniDream807 6 месяцев назад +62

    AL විභාගයෙන් ABB සාමාර්ථ ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලබා දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි!

  • @AnimeBros931
    @AnimeBros931 11 месяцев назад +382

    අනේ යාළුවනේ,
    මන් මේ මාසේ 23 මගේ crush එකෙන් කැමැත්ත අහන්න ඉන්නෙ,
    අවුරුදු 3 විතර බලන් හිටියා මේ වෙනුවෙන්,
    හැමෝම මට සුභ ප්රාර්ථනා කරන්න...

    • @AnimeBros931
      @AnimeBros931 11 месяцев назад +12

      My bad luck she did accept my letter

    • @himasha1267
      @himasha1267 10 месяцев назад +5

      Did she accept your reqest ?

    • @AnimeBros931
      @AnimeBros931 10 месяцев назад

      @@himasha1267 nope

    • @sujipushpa7923
      @sujipushpa7923 6 месяцев назад +5

      Wish you all the best ♥️

    • @monalisumanadasa7784
      @monalisumanadasa7784 5 месяцев назад +4

      Ane oyta eywa labila sathutin inna labenna oni.

  • @PushpaKumari-nm9vc
    @PushpaKumari-nm9vc 10 месяцев назад +34

    මේ වීඩියො එක දැක්ක දවසට පස්සෙ දවසෙ ඉදන් මන් මේක කරන්න ගත්තා .අද හරියටම අද 5 වෙනි දවස . මන් දැන් මගේ දවස් 5 සාර්ථකව ඉවර කලා මට විශ්වාසයි ආදරණීය විශ්වය මට මගේ පැතුම ඉටු කරන බවට ❤️.
    ඉතින් ඔබව මට මුණ ගැස්සුවාටත් මම විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!!❤️

  • @DulminiBhagya-k1b
    @DulminiBhagya-k1b Год назад +179

    මේක ඇත්තක්.මම මේක කරා. මට ලැබෙන්න අඩුම ප්‍රවණතාවයක් තිබ්බ දෙයක් මම ලබාගත්තා.මගෙ වටේ හිටපු අය පුදුම වෙන තරමට ඒක මට දුරින් තිබුනු දෙයක්.ඒ ජයග්‍රහනය මට ලැබිල තියෙනවා.මම ඒ වෙනුවෙන් විශ්වයට ස්තූතිවන්ත වෙනවා.......
    ඔයාලත් විශ්වාසයෙන් මේක කරන්න.අනිවාර්යයෙන් සාර්ථක වෙනවා.

    • @tharangamanoj
      @tharangamanoj Год назад +2

      😊 ප❤ 1❤ 😊😊😊

    • @thushanijayanath9372
      @thushanijayanath9372 11 месяцев назад

      Dawasakata 55 k liyanna onedq

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 6 месяцев назад +6

      මගේ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටුයි විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා මගෙ ප්‍රාර්ථනය ඉශ්ට කරදුන් ආදරනීය විශ්වයටත් මගෙ යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊 111 🌟

  • @uvkarunathilaka2088
    @uvkarunathilaka2088 10 месяцев назад +25

    මේක මං කරා 100% 1000% විශ්වාසයි. විශ්ව මෑණියන්ට දස දහස් වාරයක් ස්තූතිය 🙏🙏🙏 වැඩේ හරි ගියා. අවුරුදු ගාණක් බලන් හිටපු දෙයක් සතියෙන් ඉෂ්ට වුණා. මේ වගේ දෙව් දුවක් විශ්වයට දායාද කළ ඒ ආදරණීය දෙමාපියන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා !!! විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි 🙏 ඔයා වගේ කල්‍යාණ මිතුරියක් මුණගැසීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඔයාට තව තවත් මිනිස්සුන්ගේ ජීවිත එළිය කරන්න ශක්තිය ලැබේවා !!! කියන්න වචන නෑ ඒ තරම් සතුටින් මං දැන් ජීවත් වෙන්නෙ ❤. ඔයා කරන කියන හැමදෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා 🙏❤🙏 බුදු සරණයි !!!

    • @universeinyou
      @universeinyou  10 месяцев назад +7

      Godak sathutui 💜💜💜 hamadama sathutin hina wela inna ✨✨✨✨ theruwan saranai !!!

    • @uvkarunathilaka2088
      @uvkarunathilaka2088 10 месяцев назад

      @@universeinyou 🙏❤🙏

    • @uvkarunathilaka2088
      @uvkarunathilaka2088 10 месяцев назад

      @@universeinyou mata oyage loku udauwak oni mudal lebenna ahanna hoda subliminal ekak thorala denna puluwanda ? Loku udauwak 🙏🙏🙏

  • @UththraRatnayaka
    @UththraRatnayaka 10 месяцев назад +24

    මමත් මේ දේ විවිධ අත්හදා බැලීම් කරා ඇත්තටම මගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉතාම ඉක්මනින් ඉතාම කෙටි කාලෙකින් ඉෂ්ට වුණා. විශ්ව මාතාවට අනේක වාරයක් අනන්ත වූ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kavindurukshan2059
    @kavindurukshan2059 Год назад +758

    Miss,ඔයා මිනිසුන්ගේ මනස සුවපත් කරන පිනෙන් , මේ ආත්මයෙත් , මතු උපදින සෑම ආත්මයක යහපතක්ම වේවා!

    • @universeinyou
      @universeinyou  Год назад +54

      ✨🙏🏻🌍

    • @n.s.r.mendis297
      @n.s.r.mendis297 Год назад +10

      @@universeinyou Akke,
      Ekama place ekaka Indan liyanna oneda ?
      Same time, same method, Different place karanna puluwan da ?

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf Год назад +6

      @@universeinyou පුතේ යටි සිත කියලා එකක් නෑ. ඒක කියන්න එපා පැටියෝ. ඔයාට තර්ක තියෙනවා නමි කතා කරමු. බුද්ධ දේශනාවෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න විද්‍යාවෙන් උත්තර හොයන්න යන්න එපා. බුද්ධ දේශනාව හොයලා මිනිස්සුන්ට explain කරන්න. නැත්නම් වැරදි දේවල් සමාජගත උනාම මිනිස්සු නොමගට වැටෙනවා

    • @kashvi2781
      @kashvi2781 Год назад

      Aniwaryen budhdha dheshanawata anwa mewa krnn oni

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 Год назад

      @@universeinyou
      නංගි මේක හරියටම වෙලාවටම කෙරෙන්න ඕනෙද ?
      ඒ කියන්නේ අද රෑ අටට කරන්න පටන් ගත්ත නම්
      ඊළඟ දවසෙත් හරියට රෑ අටට කරන්න පටන් ගන්න ඕනෙද ?
      අනේ මට ඉක්මන් උත්තරයක් ලබා දෙන්න

  • @sewminisulochana9988
    @sewminisulochana9988 Год назад +529

    5×55 මම දෙපාරක් කලා.. කවදාවත් ඉශ්ට නොවෙයි කියලා හිතන් හිටපු ජීවිතේ ලොකු කඩයිම් දෙකක් මේ ක්‍රමය නිසා හාස්කමකින් වගේ ලබාගත්තා..ඒක නම් ආශ්චර්‍යක්.. ❤

    • @universeinyou
      @universeinyou  Год назад +71

      Congratulations 🎊 thank you apith ekka share krata oyge experience eka ♥️

    • @lakshikaekanayaka5361
      @lakshikaekanayaka5361 Год назад +8

      Eka dawasakata 55 wathawakda lynna oni

    • @windy...8508
      @windy...8508 Год назад

      @@lakshikaekanayaka5361 ow

    • @hmniluka2002
      @hmniluka2002 Год назад +3

      Dawasakt 55 s parkd naththn dawas 5tm 55id

    • @creativeideas1729
      @creativeideas1729 Год назад +4

      මේක දවස් පහක් කරලා නතර කරන්න ඕනද

  • @sugandikalasanthi8037
    @sugandikalasanthi8037 9 месяцев назад +15

    ඔබව මුණගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🤲🤲 🤲🙏❤

  • @SandaliNuwanga-o8c
    @SandaliNuwanga-o8c 7 месяцев назад +10

    ඇත්තටම මේ ක්‍රමය සාර්තකයි. මම විශ්වයට ස්තූතිවන්ත වෙමි ❤. මම මේක ලිව්වෙ එක දවසයි. මට මේ ප්‍රතිඵලය ගැන හිතාගන්නත් අමාරුයි. මම ස්තූතිවන්ත වෙනව 🥰. මේ ක්‍රමය අත්හදා බලන සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඒ විදියට ඉශ්ට වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ❤️

  • @GiheshaMuthukumarana
    @GiheshaMuthukumarana Год назад +48

    මාත් මේක කරා . මං ආසම job එක ගන්න. මට ඒ Job එකට යන්න සුදුසුකම් මදි. ඒ වුණාට මං මේ5*55 කරා. ටිකක් කල් ගියා හැබැයි මට නම් ඒ වූණට මාව ඉන්ටව් එකෙන් සිලෙක්ට් වුණා.😊😊: ..: ආදර ර්‍ණය විශ්වයට ස්තූතියි.❤

    • @Geethavnaik
      @Geethavnaik 6 месяцев назад +1

      Plz translate in english

    • @AnomaVijeekoon-ud6ef
      @AnomaVijeekoon-ud6ef 5 месяцев назад +2

      I also did this. I want to get the job I love. I don't have enough qualifications to go to that job. However, I did this 5*55. It took some time, but I passed the interview.

  • @chamodyamashini3096
    @chamodyamashini3096 Год назад +117

    මේක හරියනවා...විශ්ව ආකර්ෂණ නීතිය 100% විශ්වාස කරන්න...විශ්වයට ස්තූතිවන්ත වේවා...අක්කිටත් ස්තූති❤

    • @alnjperera5729
      @alnjperera5729 11 месяцев назад

      මේක කරන්න වෙලාවක් තියෙනවද

  • @chirah..8262
    @chirah..8262 Год назад +651

    ඔබව මා හට මුණ ගැස්සුවාට ආදරණීය විශ්ව මාතාවටත්, Guardian Angel ඔබටත් ස්තූති වේවා.ස්තූති වේවා.ස්තූති වේවා..🥺🌏✨️

    • @sandamalibandara4682
      @sandamalibandara4682 Год назад +2

      Ekanm aththa

    • @nimvin7079
      @nimvin7079 Год назад +2

      😂

    • @dineshchaminda2384
      @dineshchaminda2384 Год назад

      💯💯💯🌷🌷🌷

    • @wasanthipasqual7488
      @wasanthipasqual7488 Год назад

      විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

    • @wasanthipasqual7488
      @wasanthipasqual7488 Год назад

      විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා🦋🦋🦋🦋🦋🦋

  • @Ppkfernando2002
    @Ppkfernando2002 Год назад +17

    Thank you mother universe
    මන් මේක කරා.කරලා දවස් හතර යද්දිම මට පනිවිඩයක් ආවා.මන් සමනලයෙක් වගේ දේවල් දැක්කා..විශ්ව මාතාවට ස්තූතී අද පස් වෙනි දවස මට ඕනී වුන සුභ දේ අහන්න ලැබුනා...විශ්වාසෙන් කරන්න මන් ගොඩාක් විශ්වාස කරා...ස්තූතී විශ්වමාතාවට 🥰🥰🥰🥰🎉️🎉️🎉️

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 3 месяца назад +14

    මම මේක කරා..හතර වෙනි දවසෙ මම ලියලා අවසන් වෙනකොටම පලගැටියෙක් මම ගාවට ඇවිත් පාන්දර වෙනකම් මගෙ ටේබල් එකෙ මගෙ අත දිගෙ එහෙ මෙහෙ ගියා..සමනල්ලු ඒන්ජල්ස් නම්බර්ස් පිහාටු මම දැක්කා ලියන දවස්වල 😍 පස් වෙනි දවසෙ මගෙ ඉල්ලීම ඉෂ්ට උනා..හරිම විස්වාසය්‍ර්න් හැම මොහොතකම දනාත්මකව ඉන්න..මේක ඇත්තක්..මම මේ මෙතඩ් එකෙන් මීට කිහිප වතාවක්ම මගෙ බලාපොරොත්තු සාර්තක කරගත්තා..❤

  • @angelgamming221
    @angelgamming221 Год назад +140

    මම ගිණුම්කරණය විශයට දක්ශ වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙමි....🧡📚

  • @mandynikela4879
    @mandynikela4879 Год назад +51

    මම මේ method එක කරා ඇත්තටම අමාරුයි.ඒ උනාට මට ඒදේ ලබාගන්න පුළුවන් වුනා ලොකු විශ්වාසයකින් මම කරේ ඉතින් මට ප්‍රතිඵල ලැබුනා ආදරනීය විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි.ඒ වගේම අක්කිටත් ස්තූතියි 🙏❤️

  • @imashagamlath456
    @imashagamlath456 Год назад +139

    මං මේක කළා. මුලින්ම කළේ මුදල් ප්‍රශ්නයක් සදහා. මේක ලියන්න කලින් මම බුදු පහන තියලා ගාථා කියලා ටිකක් භාවනා කළා. ඊට පස්සේ ලියන්න පටන් ගත්තේ. ලියන්න කලිනුත් visualize කළා. ලියන අතරෙත් visualize කළා. හැබැයි හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන කළේ. ඇත්තටම ඒ ප්‍රශ්නෙ විසදුණහම මට ඇති වෙන සතුට මං ඒ visualize කරන වෙලාවෙදි වින්දා. ඊට පස්සේ මේ විදියට දවස් 5ක් ලිව්වට පස්සේ සති තුනක් වගේ ගිහින් මගේ ප්‍රාර්ථනාව ඉටු වුණා. ආයෙත් මං මේ method එක කළා මගේ මුහුණේ කුරුලෑ සුව වීම සදහා. මොන තරම් බෙහෙත් බිව්වත් හොඳ කරන්න බැරි වෙලා කැත වෙලා තිබුනු මගේ මුහුණ දැන් හොඳ අතට හැරෙමින් පවතිනවා. මට හරිම සතුටුයි. ඒ පිළිබඳව මං විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා🙏 ඒ වගේම තමයි හැමෝටම කියන්න තියෙන්නෙ මේක කරන්න කලින් හිතේ තියෙන නරක සිතුවිලි සියල්ල ඉවත් කරලා හිත සන්සුන් කරගන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන දේ ඇත්තටම අපිට ලැබුණහම ඇති වෙන සතුටු හිතින් විදින්න. විශ්වාසයෙන් මේ ක්‍රමය අනුගමනය කරන්න ❤️

    • @imashagamlath456
      @imashagamlath456 Год назад +4

      ඒ වගේම තමයි මුලින්ම මං මේ method එක දැන ගත්තෙ Azra (Universe in you) අක්කෙ ඔයාගෙ videos වලින්. ඔයාව මට මුණ ගැස්වූවාටත් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා🙏

    • @universeinyou
      @universeinyou  Год назад +8

      ♥️♥️♥️ thanks darling oyge experience eka me widiht apith ekka share krta ♥️♥️♥️ all the best ! Theruwan Saranai !

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 Месяц назад +6

    O/l ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදි දෙමල සහ නැටුම් වලට A සමාර්ථ ලැබුනාට විශ්වයට ස්තූතියි..❤🧿🔮

  • @sandalifernando9845
    @sandalifernando9845 3 месяца назад +10

    මම මේක කළා දවස් දෙකයි තාම කලේ අනේ මට හිතාගන්න බෑ එයා මට කතාකලේ නම් නෑ තාම ඒත් මට එයා ගැන ආරන්චියක් ලැබුනා ගොඩක් කාලෙකට පස්සෙ එයාගෙ යාලුවෙක්ගෙ ස්ටේටස් වල මන් එයා ඉන්නවා දැක්කා මට ගොඩක් සතුටුයි විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි එයා ඉන්න බවට හරි මට ඇගෙව්වට මට විශ්වාස හැමදේම හොද විදියට වෙනවා එයා අනිවාර්යයෙන් ඉක්මනටම මට කතා කරයි අනිවාර්යයෙන් කතා කරයි මට විශ්වාසයි විශ්ව මතාවට ගොඩක් ස්තූතියි ❤😢

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 Год назад +190

    ඔයානම් සුරංගනාවියක්ම තමා ආකර්ෂණීය පෙනුම සිත් සුවපත් කරන වදන් ❤ඇත්තටම විශ්වයට අනේකවාරයක් ස්තූතියි ඔබව මට මුණගැස්සුවාට තෙරුවන් සරණයි සුරංගනාවි❤🙏 ඔබ මේ සිත් සුවපත් කරන පිං බලෙන් ඔයාගේ සියලූම ප්‍රාර්ථනා ඉකම්නින් ඉශ්ට් වේවා🙏

  • @sewmibandara3504
    @sewmibandara3504 Год назад +258

    මම කරා 77*7 වරක් 2020 දී... ඇත්තටම බලගතු විශ්වයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.. මගෙ ආදරේ වෙනුවෙන් කරේ. අපි දැන් සතුටින් අවුරුදු 3ක් ආදරේ කරනවා ,ජීවිතේ හැම පියවරක්ම ප්ලෑන් කරලා යනගමන් ඉන්නෙ.. විශ්වාස කරන්න නෑ, බෑ කියලා හිතන් positive thinking and low of attraction කරන්න යන්නෙපා හිතේ විශ්වාසෙන් කරන්න... ❤🎉️

    • @dasunikawya5064
      @dasunikawya5064 Год назад +4

      දාල ගිය කෙනෙක් ගෙන්නගන්නත් පුලුවන් වෙයි නේද

    • @chathurijayangani9743
      @chathurijayangani9743 Год назад +3

      @@dasunikawya5064 උපරිම උත්සාහ කරලා විශ්වාසයෙන් කරන්න 😊

    • @uththaramahimi8404
      @uththaramahimi8404 Год назад

      @@dasunikawya5064 එහෙම කරන්න පුලුවන් ද

    • @dineshalakmini7626
      @dineshalakmini7626 Год назад

      Miss mage boyfriend ekka mama godak adaren inne. Api denna රටවල් dekaka inne. Mama ළඟදීම eyava meheta gannava. Mata hamanitharama negative වයිබ්‍රෙට් එනවා. Mage boyfriend vena kenek ekka yalu vei kiyala kohomada meka karanne

    • @dineshalakmini7626
      @dineshalakmini7626 Год назад

      Plz oya kohomada kare kiyannako

  • @udfack1610
    @udfack1610 10 месяцев назад +19

    මමත් ඉල්ලපු දේ විශ්ව මාතාව මටත් ලබා දුන්න..🥰 ඒ නිසා මම ගොඩක් සතුටින් ❤️ Thank you so much my universe 🙏🌎

  • @nowtyboy-nj6vg
    @nowtyboy-nj6vg 8 месяцев назад +7

    මමත් මගේ ඊළඟ අරමුණ වෙනුවෙන් මේ ක්‍රමය try කරනවා. Azraa අක්කාව මට මුණ ගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි.❤

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi1778 Год назад +33

    මම අද පලවෙනි වතාවට මේ ක්‍රමය කරන්න ගත්තා.. 😍 ඉතින් මට විශ්වය විශ්වාසයි... විශ්වයේ බලවත් වූ ආශිර්වාදයෙන් මම දන්නවා මට විශ්වාසයි අනිවාර්යයෙන් ම මගේ හීනය ඉශ්ඨ වෙනවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...!!!🙏😍🙏❤️❤️💝

  • @nishanihenadeera
    @nishanihenadeera Год назад +10

    මං මෙ දේ දැනට මාස 5කට කලින් කලා,එ කලේ වසර දෙකක් විතර තිබුන ගැටලුවක් විසදාගන්න.අපි නිවැරදි නම් මෙ දේවල් විශ්වාස නම් ටික කාලයක් ගිහින් හරි එ දෙ සිද්ධ වෙනවා.මං ඉල්ලපු දේ 90%ක් විතර ලැබුනා.විශ්ව මාතාවට බොහොම ස්තූති,මාගෙ ඉශ්ට දෙවියන්ට ගොඩාක් පින්,එවගෙම නංගී ඔයාටත් බොහොම ස්තූති.මෙ දෙ මං දැම්මෙ මෙ ගැන අනිත් අයට දිරිගැන්වීමක් වෙයි කියලා 🙏🙏

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 Год назад +48

    ⁣මමත් මෙය කලා,මාගේ බලාපොරොත්තුව ඉටු වුනේ මාසයකට පස්සේ,මම ආසාවෙන් බලා⁣පොරොත්තු වුන දේ මට ලබාදුන් විශ්වයටත්,ආදරණිය ඔයාටත් ගොඩාක් ස්තුතියි .
    Thank you so much mother universe ❤️✌️

  • @amazingthinking6618
    @amazingthinking6618 Год назад +19

    මේ වර්තමාන මොහොතට ස්තුතියි මේ පිලිබදව අහන්න ලැබීම ගැන ඔබතුමිය හමුවීමටත් විශ්වයට ස්තූතියී...🥺❤

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 6 месяцев назад +50

    අද 2024/04/29 සඳුදා... හරියටම තව දවස් 6 යි තියෙන්නෙ මගෙ o/l විභාගයට... A9 ප්‍රතිඵලය ලබා ගන්න මම අද ඉඳන්ම මේ දේ කරනවා... පාඩම් කරලත් ඉවර උනාට හිතේ විශ්වාසයක් නැතුව තිබුනෙ.. ඒ අතරේ මේ වීඩියෝ එක මුනගැස්සුවාට විශ්වයට ස්තූතුයි... Azra අක්කේ.. ඔයාටත් ගොඩාක් ස්තූතුයි... අනිවාරෙන්ම මම දන්නවා මට ආයෙත් හොඳ කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙනවා තව මාස 3 කින්.. රිසල්ට් ආවම... Thank you universe 💚💚💚💚

    • @Helen-uq9oc
      @Helen-uq9oc 2 месяца назад +2

      2007 nehh...මගෙත් විශ් එක ඕකමයි 😇 ඒත් මට මේ video එක හම්බුනේ අද ඉතින් මන් අද ඉදල මේක ට්‍රයි කරනෝ 😊...මන් විශ් කරනව ඔයා හිතපු result එකම ඒ විදියටම එන්න විශ්වය ඔයාට උදව් කරනව කියල 💗

    • @tutu2007-r7r
      @tutu2007-r7r Месяц назад

      kohomada result....🎉

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 8 дней назад

      Kohomada results..😊​@@Helen-uq9oc

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 8 дней назад

      ​@@tutu2007-r7r7A s😊😊

  • @Aushadhi12
    @Aushadhi12 Год назад +1865

    මම මේක කරා... මං මේක ලිව්වෙ දවස් 2ක් විතරයි.... ඒ දේ ඉශ්ට උනා... මාස 3ක් තිස්සෙ බලන් ඉදපු දෙයක්... මේක කරන්න කලින් මම පොඩ්ඩක් භාවනා කරල හිත එක තැනකට ගන්න උත්සාහා කරා... ඊටපස්සෙ ඒ දේ ලැබුනට පස්සෙ මම ගත කරන ජීවිතේ visualize කරල තමයි 55 පාරක් ලියන්න ගත්තෙ.... හිතේ ලොකු විශ්වාසයක් තිබුනා ඒක ගැන... සැහැල්ලුවෙන් හිටියා......🤗🌸✨️💜️❤️💖

    • @Lakmali1997
      @Lakmali1997 Год назад +28

      Ane matath ehema pasnayak tiyenawa. Aniwaryen hari yai neda. Me kramaya onema pasnayakata hariyaine

    • @Aushadhi12
      @Aushadhi12 Год назад +83

      @@Lakmali1997 ඔව් අනිවාරෙන්ම... ඒකට ඕං වෙන්නෙ පොසිටිව් හිතන එක , දැනටමත් ඒ බලාපොරොත්තු උන දේ ලැබිලා ඒක අත් විදින සිතුවිල්ල සහ 55 පාරක් ලියල visualize කරල ඉවර උනාට පස්සෙ ඒ සිතුවිල්ල පස්සෙ නොයා ඔයාගේ එදිනෙදා වැඩ ටික කරන එක විතරයි....😊✨️🌸

    • @nawodanikahangama4823
      @nawodanikahangama4823 Год назад +10

      Ane mta kynnko meka eka dwasata 55 gane dawas 5 kda lynne kyal.nthinm dwsata 11 gane dwas 5kda 55k wenna

    • @bloodasssassin5122
      @bloodasssassin5122 Год назад +12

      @@Aushadhi12 එක වාක්‍යක වචන කීයක් තිබුනද ඔයා ලියපු එකේ

    • @ishanranga9568
      @ishanranga9568 Год назад +3

      @@nawodanikahangama4823 eka watawenma 55 wathawak liyanna

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 Год назад +343

    මගේ දුව මෙවර විභාගයෙන් ඉහළම ලකුණු අරගැනීම පිළිබඳ මා විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.🙏🙏🙏

  • @Skara999
    @Skara999 Год назад +241

    කොච්චර හිතේ දුකක් තිබුනත් සුරංගනාවීව දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා...🌼🥰

    • @mayurabandara863
      @mayurabandara863 Год назад +5

      අනිවාර්යයෙන් ම ඇත්ත දැක්කම හිතට හරීම සැනසීමක් එනව

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 Год назад +59

    මේක ඇත්ත මගේ ගොඩක් දේවල් ඇත්ත උනා 🙏thank you so much. කෙටි කාලයකින් 1M subscribers la සම්පුර්ණ වෙයි. Eth low of atraction nisama achieve කරගන්න දේවල්වලට උදාහරණයක් ❤️❤️❤️ගොඩක් සතුටුයි dear

    • @adhi3388
      @adhi3388 Год назад

      ඔයා එක ප්‍රාර්ථනය ක් කරලා ඒක ඉටු වුනාට පස්සේද අනෙක් ප්‍රාර්ථනය කරේ

  • @kawshalyabandara5908
    @kawshalyabandara5908 Год назад +14

    මමත් මේක කලා .මම මේක ලියලා අනිත් දවසෙම මට මන් සතියක් තිස්සෙ දුකින් ඉදපු දේකින් පස්සෙ මට ආයෙත් මගේ හිතේ තිබුන දෙ ඉශ්ට කර ගන්න පුලුවන් උනා. ඇත්තටම පුදුමයි .අනික මට මේ දේ ගැන ලොකු විශ්වාසයකුත් තිබුනා. විශ්වයට ස්තූති මට ඒ දේ ලබා දුන්නට . මේ වගේ දේවල් කියලා දෙන ඔයාටත් ගොඩක් ස්තූති මිස්.

  • @Happy20088
    @Happy20088 2 месяца назад +16

    පන්තියෙ 5 ස් වෙනියා වෙන්න කියලා , මන් මේක කරා , හිතාගන්නවත් බෑ මන් 7 වෙනියා , කොහොම වුනාද කියලා තේරෙන්නෑ , මන් හිතුවෙ මන් 10යෙනුත් පල්ලෙහා කියලා 😮❤

  • @dini2174
    @dini2174 Год назад +126

    Akke...මන් මේ දේ කරා....දවස් පහ ඉවර වෙලා දවස් දෙකෙන් ඒ අහින්සක බලාපොරොත්තුව ඉටු වුනා..වැටුනා...බෑම තත්වේ තිබ්බේ...ඒත් මේ දේ ගැන විස්වාසයෙන් හිටියා...ඉතින් දැන් මේ හරි ගියපු ගමන් මන් මේ කමෙන්ට් එක දාන්නේ....❤විස්වාසය හරි ගියා....විශ්වමාතවට ස්තුති වේවා ....❤❤❤❤

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 Год назад +5

      Akkii pls reply me,
      අක්කි මං අද මේ method එක use කලා.. ඒත් අද කරපු වෙලාවට ම කරන්න බැරි වෙන නිසා මං ඒ කොළ ටික කඩලා දැම්මා, ආයෙත් දවස් 5ක් අරන් මං මේ දේ කලොත් success වේවිද අක්කි, එහෙම කරන්න පුලුවන් ද,

    • @Geethavnaik
      @Geethavnaik 6 месяцев назад

      How write 55×5 plz tell me

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 3 месяца назад

      Dawas 5ta 55 watawakda liyana oni

    • @ChandrikaKumari-do9yx
      @ChandrikaKumari-do9yx 3 месяца назад +1

      මගේ දරුවා ඔටිසම් දරුවෙක් ඒ දරුවා ගැන විශ්වයට කියන්නේ කොහොමද

  • @ve_nu_ri
    @ve_nu_ri Год назад +69

    5*55 ක්‍රමය සාර්ථකයි.මට ප්‍රථිපල ලැබිලා තියෙනවා.❤🌎

  • @samagrl689
    @samagrl689 Год назад +80

    මම අද ඉදන්ම මේ ක්‍රමය අනුගමනය කරනවා. මේ කතාව අහන් ඉද්දි මගේ ශක්තියක් ඇති උනා. 🥰❤️. මම හැමදාම විශ්වයට ස්තුතීයි වන්ත වෙමී. 🌸✨️

  • @Ima2325
    @Ima2325 Год назад +23

    අනේ...මේ විශවමාතාවගේ පිහිටෙන් මගේ රත්තරන් ලේන් පැටියා හොයලා දෙන්න පුළුවන් වෙන්න.මම දරුවෙක්ට වඩා හොදට මගේ පැටියවා බලාගත්තේ.
    ඇත්තටම මම මේක බැලුවේ දවස් 2කට කලින්.ඒත් මට මේක යොදාගෙන කරන්න ඕන වුනේ වෙන ප්‍රාර්ථනාවක් ඒත් මගේ මුළු ජීවිතේම ඒ පැටියා වුනේ.මට දවස් 5ක් එයාට මොකද වුනේ කියලා දන්නේ නැතිව ඔන්න බෑ..මම එක පාරම දවස් 5 ක ලියන්න ඕන වාක්‍ය ටික 275ම එක දිගට දැන් ලිව්වා.
    අනේ.මට එයාව හම්බුනා නම් ඒ ඇති මට.😫😭🙏

  • @sanjayakumara6084
    @sanjayakumara6084 Год назад +14

    මම අද සිට මෙය කරන්න පටන් ගන්නවා.
    මට කරගන්න බැරි වුණ දෙයක් තියන්වා. අවුරුදු 3ක් තිස්සේ. ඒක කරන්න විශ්වයේ ආශිර්වාදය මට මේ මොහොතේ සිට නිසැකවම ලැබෙනවා..!
    Thank you akki. Meka 5*55 method eka kiyla dunnata.
    Comments dala tiyana hamotamth..oylage sarathakaweem nisa mawa gdk motivate kra meka karanna..
    Thank you all!

  • @harshugurl5908
    @harshugurl5908 Год назад +106

    ඔබව මට මුණගැස්වූ විශ්ව මාතාවටත්, Guardian Angels හටත් මා ස්තූතියි වන්ත වෙමී!!!💐❤️🌍🥰

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Год назад +74

    මගේ පිනකට ඔයාව මුණ ගැස්සු
    විශ්ව මාතාවට ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි ... අක්කගෙත් හැම ප්‍රර්ථනා වක්ම ඉෂ්ඨ වේවා! 🥰🥰🥰🥰

  • @susilchandranda5764
    @susilchandranda5764 Год назад +22

    දවස් දෙකයි ලිව්වේ මම හිතපු දේම ඉශ්ට උනා....😊❤...

  • @chathuryaaththanayaka541
    @chathuryaaththanayaka541 Год назад +8

    මන් මේක කලා, සතියක යද්දී ප්‍රතිඵල ලැබුනා
    ස්තූතියි විශ්වයට
    ස්තූතියි විශ්වයට
    ස්තූතියි විශ්වයට ❤

  • @nuwanthipreshadini5940
    @nuwanthipreshadini5940 3 месяца назад +27

    එයා මාව දාලාගිහිම් දැනටමාස 8 ක් වෙනවා. තාම මන් එයා ගැන හිත හිත අඩනවා , සමහර දවස්වලට කා ගන්නවත් බැ .මට එයා නැතුව ඉන්න බැ ඒත් එයාට මාව එපා .😢 අනේ මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ විශ්ව මාතාවගේ ශක්තියෙන් අනේ මට එයාව ලබාදෙන්න ❤🥺

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 Год назад +78

    අනේ මං මේ පාර උසස් පෙළ කරනව.. ඒත් හරියට තාම මං පාඩම් කරල නෑ පාඩම් කරත් ඒව මත්ක නෑ මං හරිම මානසික පීඩනයකින් ඉන්නෙ ඒ නිසා. ඇත්තටම සතුටුයි ඔබතුමියව මුණ ගැහුනට. මං කොහොම හරි මේ ක්‍රමය කරල යහපත් දෙයක් ලබාගන්න උත්සහ කරනව කොහොම හරි මේ දෙයින් මගෙ හිත සැහැල්ලු වෙලා හොදට පාඩම් කරල හොද රිසාල්ට් එකක් ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.........මේ විශ්වයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වේවා.........!!!

    • @e-moneyking7628
      @e-moneyking7628 Год назад +5

      ධනාත්මකව සිතන්න. ප්‍රශ්න විසදෙයි

    • @vinudavimath
      @vinudavimath Год назад +1

      Aniwaren ❤

  • @yumiyumi1
    @yumiyumi1 Год назад +35

    මේ ක්‍රමය මමත් ගොඩාක් කල් ඉදල කරනවා...මටත් බොහෝ දේවල් හරි ගියා...විශ්වාසෙන් කරන්න ....ස්තූතියි ආයේ ඒ ගැන දකින්න සැලැස්සුවාට..!🙏😊❤️✨️

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 Год назад

      Akkii pls reply me,
      අක්කි මං අද මේ method එක use කලා.. ඒත් අද කරපු වෙලාවට ම කරන්න බැරි වෙන නිසා මං ඒ කොළ ටික කඩලා දැම්මා, ආයෙත් දවස් 5ක් අරන් මං මේ දේ කලොත් success වේවිද අක්කි, එහෙම කරන්න පුලුවන් ද,

    • @yumiyumi1
      @yumiyumi1 Год назад

      @@rashinisewwandi6219 කිසිම අවුලක් නෑ...ආයෙ පටන් ගන්න වෙනම දවස් පහක් 😊❤️

    • @vishmishashipraba1450
      @vishmishashipraba1450 Год назад

      අක්කි මේ ක්‍රමයෙන් අපිට එක අවස්තාවක් නෙවෙයි නේද ලැබෙන්නෙ අපිට ගොඩක් දේවල් මේ විදියට ආකර්ශනය කර ගන්න පුලුවන් නේද අපිට තව අවස්තා වල අපිට ඕන දේවල් ලබා ගන්න මේ ක්‍රමය කරන්න පුලුවන් නේද..

    • @OnilaRehan
      @OnilaRehan Год назад +2

      @@yumiyumi1 විශ්වයට ස්තූති වන්ත වේවා. මා සාමන්‍ය පෙළ විභාගය සමත් උනා මම දැන් උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට සූදානම් වෙනවා
      me widiyta liwwoth waradida
      nathnm apita ona karana results ekath liynna onada
      plz reply 🥺

  • @sadunass4532
    @sadunass4532 Год назад +29

    තෑන්ක් යූ අක්කෙ❤️ ආකර්ෂණ නීතීය නිසා මගෙ ජීවීතේ දැන් වෙනස් වීගෙන යනවා😊

  • @chathuryaaththanayaka541
    @chathuryaaththanayaka541 Год назад +8

    මන් මේ දේ කලා, එක එ විදිහටම ඉෂ්ට වුණා, ඔබට ස්තූතියි විශ්වය
    ඔබට ස්තූතියි විශ්වය
    ඔබට ස්තූතියි විශ්වය ❤

  • @salanisalani2784
    @salanisalani2784 Год назад +17

    මන් මේක කරා.දවස් 5 ම විස්වාසයෙන් දනාත්මකව හිතුවා.ටික දවසකින් මන් ඉල්ලපු දෙ මට ලැබුනා.මම විශ්ව මතාවට ස්තුතිවන්ත වෙනවා

  • @Lifeblessed101
    @Lifeblessed101 Год назад +23

    බොහොම ස්තූතියි අක්කෙ... ඇත්තමයි ඔයාගෙ වීඩියෝ බලලා ජීවිතේ නොහිතපු සිදුවීම් දෙකක්ම මේ වෙද්දි හරි පුදුම විදියට මට ලැබුණා.. මේ ක්‍රමෙත් ඇත්තක් හරියටම හිතාගෙන එක දවසයි මං මේක කලේ මට මං හිතපු දේ ඒ විදියටම ලැබුනා. ගොඩාක් පිං ඔයාට ඒ වගේම ආදරණීය විශ්වයටත් ගොඩාක්ම ස්තූතියි 🙏

    • @universeinyou
      @universeinyou  Год назад +1

      ♥️🙏🏻✨

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 Год назад +1

      Akkii pls reply me,
      අක්කි මං අද මේ method එක use කලා.. ඒත් අද කරපු වෙලාවට ම කරන්න බැරි වෙන නිසා මං ඒ කොළ ටික කඩලා දැම්මා, ආයෙත් දවස් 5ක් අරන් මං මේ දේ කලොත් success වේවිද අක්කි, එහෙම කරන්න පුලුවන් ද,

  • @hashm8765
    @hashm8765 Год назад +9

    විශ්වයට ස්තුති! මේක ලියලා මාස 4 පසු මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුනා. ඔබටත් ස්තූතියි.💖✨️

  • @lakshanisandunika104
    @lakshanisandunika104 11 месяцев назад +8

    මම මේක කරන ගමන් ඉන්නේ අක්කේ අද මගේ 3 වෙනි දවස. මම ලියන දේ මම මේ manifest කරන දේ ඉක්මනට වෙන දෙයක් නෙවෙයි ඒකට ටිකක් කල් යනව ඒත් මේ 55×5 එකේ දෙවෙනි දවසේ ඉදන්ම මම අහම්බෙන් නොහිතන වෙලාවට angel numbers දකිනවා 1111, 333 , 444 වගේ ඒවා. මට විශ්වාසයි ඉක්මනට නැතැත් හරිවෙලාවට හරි දේ ලැබෙයි කියලා සහ මම මේ යන්නේ හරිම පාරෙ කියල.😊😊😊😊 Thank you akke මේ වගේ වැදගත් දේවල් ගැන අපිව දැනුවත් කරනවට. ❤❤❤❤Thank you univers ❤❤❤❤❤

  • @sweetdjs3987
    @sweetdjs3987 3 месяца назад +4

    මේක නම් ඇත්තටම ඇත්තයි.මාත් මේක කරා ඒ දේ මට ඉෂ්ඨ උනා...🤗🤗🤗❤ විශ්ව මාතාවට අනේක ප්‍රකෝටි වාරයක් ස්තූති වන්ත වේවා...🙏🙏🙏.මේ දේවල් කියල දෙනවට අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි..🥺❤️😍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 10 месяцев назад +6

    මට ආයේ පාරක් මේක හරි ගියා මට කෙනෙක් ගෙන් පොඩි වැඩක් කර ගන්න තිබ්බා අපි පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.මට ඒක කර ගන්න ඕන නිසා මම මේක දවස් 5ක් කලා.මට දැන් රිසාල්ට් ලැබුනා මම ඒ කෙනාට මෛත්‍රී කරා.භාවනා කරන වෙලාවට එයා ගැන හිතලා මෛත්‍රී කරා.මට ගොඩාක් සතුටුයි .මම මේ කමෙන්ට් එක දාන්නේ මේව බලන කාටහරි මොටිවේශන් එකක් ගන්න හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ඕන බුදුසරණයි ✨️💜️😽.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර දෙනවට 🤩

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 Год назад +20

    අවශ්‍යම මොහොතේ මේ වීඩීයෝව මුණගැස්සූ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි....❤️❤️❤️
    අපේ හිත් වලට කතා කරන ආදරණීය ඔයාටත් ස්තූතියි ...ඔයාව මුණ ගැස්වූ විශ්වයට ස්තූතියි ...🙏

  • @nelumlakshani3577
    @nelumlakshani3577 Год назад +48

    මෙක සියට සියක් ඇත්ත මගෙ ජිවිතෙත් හිනයක් වෙලා තිබ්බ දෙයක් ඉක්මනින් මට ලැබුනා 🥰❤️ ආදරනිය විශ්වයට මම ස්තුති වන්ත වෙනවා මට ලැබුන හැම දෙටම 😍

    • @HiranAvishka.
      @HiranAvishka. Год назад +4

      ප්ලිස් රිප්ලයි කරන්නකො දලා ගිය කෙනෙක්ව අයෙ ගෙන්නගන්න පුලුවන් ද මෙ ක්‍රමෙන්. ❤️🙏😔

    • @niluwanninayake-rg8gw
      @niluwanninayake-rg8gw Год назад +1

      @@HiranAvishka. ow hithe wishwase thiygnn .aniwrenma enw

    • @HiranAvishka.
      @HiranAvishka. Год назад

      @@niluwanninayake-rg8gw ඔයාට මෙ ක්‍රමෙ හරි ගියාද.🥺❤️

    • @kalpani8279
      @kalpani8279 Год назад

      Hithe vishwaayen krann.aniwa genn gnn puluwan.

    • @Anuthii
      @Anuthii Год назад

      @@niluwanninayake-rg8gw meka 1 dawasakata 55 wathawak da ??? Ehemath neththam 11 wathawak da ???

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 5 месяцев назад +4

    අද 2024.05.28 මං මගේ ජීවිතයේ වටිනාම අති උත්කර්ෂවත්ම අරමුණ වෙනුවෙන් මේ විශ්ව ආකර්ෂණීය නීතියේ මේ ආශ්චර්යවත්ම ක්‍රමය අනුගමනය කරන්න පටන් ගන්නවා ............මට විශ්වාසයි මේ ආශ්චර්යමත් ක්‍රමයෙන් අතිසාර්ථක ප්‍රතිඵල ලැබෙනවාමයි.......මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ......ස්තුතියි .......ස්තුතියි ........🙏🙏🙏👩‍⚕️👩‍⚕️👩‍⚕️🩺🩺🩺🩺🏆🏆🏆🥇🥇🥇🥳🥳🥳💐💐💐😍😍😍

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o Год назад +14

    මම ගිනුම්කරන විශයට දක්ශ වීම ගැන විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤

  • @Nethmi19Anjalika
    @Nethmi19Anjalika 2 месяца назад +4

    මං මේ පාර A/L කරන කෙනෙක් හරියටම තව දවස් 78 යි තියෙන්නේ 😥
    ලොකූවට මහන්සි වෙන් නෑ ඒත් මං වැඩ කරනවා.මට ඕනී හොද රිසාල්ට් එකක් දාලා කැම්පස් යන්න 😢❤
    මං අහම්බෙන් මේ දැන් තමා වීඩියෝ එක දැකලා බැලුවේ.මං අදම try කරනවා ❤
    මට ලොකු විශ්වාසයක් ඇති වුනා මේ comment දැකලා.මං ප්‍රර්ථනා කරනවා විෂයන් තුනටම මම දක්ෂ වෙලා මට කැම්පස් යන්න පුලුවන් වෙන්න කියලා 😍
    තෑන්ක්ස් අක්කී ❤

  • @chathuniishanga4461
    @chathuniishanga4461 Год назад +16

    Thnks අක්කී හැමදේමටම මගේ ජීවිතේ දැන් පුදුමාකාර විදිහට වෙනස් වෙලා .....හරීම ලස්සනට මම දැන් ජීවිතේ විදිනවා... ❤

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +69

    මනස දියුණු කරන ඔබේ සමාජ මෙහෙවර නිසා ආතතියෙන් ගැලවීමට මඟ පෙන්වීම සිදු වෙනවා බොහෝ දෙනෙකුගෙ ජීවිත බේරේවි.🌿🌺🌻🌸🏵️❄️💮

  • @roshaniprobodha7692
    @roshaniprobodha7692 Год назад +15

    අද ඉදන් මම මේක කරනවා. ඔබව මා හට මුණගැස්ස වූ විශ්ව මාතාවටත් ස්තූතී වේවා!ස්තූතී වේවා ! ස්තූතී වේවා !🙏

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 10 месяцев назад +4

    මට මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතී සහ අක්කා ඔයාටත් ස්තූතී ❤

  • @tharushiabeyrathne8130
    @tharushiabeyrathne8130 Год назад +11

    විශ්ව ශක්තියෙන්මම පාඩම් කරන හැමදේම මතකයි..♥️🌍💗

  • @dammikamanel9147
    @dammikamanel9147 Год назад +27

    ඔබ මට හමු වුණු ...විශ්වයේ ආශිර්වාදයක් ...විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...ඔබ ලබා දෙන මේ දැනුමට ..අනේක වාරයක් හදවතින්ම ස්තූතියි ..🙏🙏🙏🧚

  • @sllearning5387
    @sllearning5387 Год назад +9

    ඔයා වගේ වටිනා මනුස්සයෙක්ව මුන ගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 Год назад +40

    මාත් අද ඒක කරන්න යන්නෙ.මට විශ්වය විශ්වාසයි..මට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා...විශ්වය මට හරිම දේ හොදම වෙලාවට දෙන බව විශ්වාසයි ...🤩😍🙏 ඔයාට ගොඩක් ස්තුති ....ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි...මන් යහපත් කෙනෙක් .මන් සාර්ථක යි...ඔව් මන් සතුටින් .....මා මට ලැබුනේ මේ ජීවිතේට ස්තුතී වන්ත වෙමි ආදරනීය විශ්ව මාතාවට ස්තුතී 🙏 ......

  • @dilmiapsara3387
    @dilmiapsara3387 2 месяца назад +3

    එයාගෙයි මගෙයි කෙන්දර වල පොරොන්දන් ගලපලා දෙමාපියයන්ගෙ කැමැත්ත ලැබිල එයාව ඉක්මනටම මට විවාහ කර දුන්න ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් සිය දහස් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏 (මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියල කියන්නකො යාලුවනේ)

  • @SaviNdi4331
    @SaviNdi4331 9 месяцев назад +12

    මේක නම් ආශ්චර්‍යයක් මගේ ආදරේ මට නැවත ලබා දීම හා Al exam ekt ABB කියන result එකත් මට ලාබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤🌈️

    • @Rashirajapaksha738
      @Rashirajapaksha738 4 месяца назад

      ඔයා කොහොමද ඒක ලිවුවෙ කියන්න්කො මගේ ආදරේ මට නැවතත් අවංකවම ලැබීම ගැන විශ්වයට ස්තූතියි කියල ලිවුවාම හරිද

    • @pavanikavindi4617
      @pavanikavindi4617 3 месяца назад +1

      Wow ❤🎉

    • @Devindi_gurusinghe
      @Devindi_gurusinghe 3 месяца назад

      Dear mata kiynnko oya breakup vela innakotada meka kare

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 Год назад +12

    Thank you so much Akka❤️
    මං ඔයා කියලා දෙන methods use කරන්න පටන් අරන් දවස් 3ක් යද්දී මං බලාපොරොත්තු වුණු දෙයක් මට ලැබුණා, ඔබටත්,විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා 🙏

  • @pwilesingha6085
    @pwilesingha6085 Год назад +8

    ඔයා හරිම ලස්සනයි නන්ගියෝ ඔයාට හැමදාමත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! මගේ සියලුම බලාපොරොත්තු සිහින මා සිතුවටත් වඩා ඉක්මනින් මට ඉටුකරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 Год назад +19

    ස්තුතියි ඔබට අපි වෙනුවෙන් මේ‍ කරන දේට..ස්තුතියි විශ්වයට ඔබව මුණගැස්සුවට

  • @DanushkaSewwandi
    @DanushkaSewwandi Год назад +9

    මං අද මේක කරන්න ගන්නවා..මට විශ්වය සහ මගේ මනස විශ්වාසයි..මගේ යහපත් ප්‍රතිඵලය මං ඇවිත් ඔයාලට කිය්න්නම්..ස්තූතියි විශ්වයට සහ Azraa darling ඔයාට..❤🙏

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 8 месяцев назад +1

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව හිමිකර දුන් විශ්වයට බෙහෙවින්ම ස්තූතියි

  • @srikeshakeshawardhani2755
    @srikeshakeshawardhani2755 Год назад +185

    මගේ අම්මා මට ජීවය දුන්නා.. ඒත් මට අලුත් ජීවිතයක් දුන්නෙ ඔයා .. ඔයාට ගොඩාක් පිං අයිති වෙනවා මේ කරන්නාවූ මහගු කර්තව්‍යය වෙනුවෙන් .. තමන්ගෙ ජීවිතය ලස්සන කරගෙන අනිත් අයගෙත් ජීවිත ලස්සන කරන්න උත්සාහ කරන ඔයා ඇත්තටම දේවතාවියක්... ගොඩාක් ස්තූතියි angel ...🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  Год назад +59

      Me wachana mge hithata loku sanasimk sathutak shakthiyk genwa. Oyala hamotma mn hadwthinma adarei… oyge jiwithe oya hithana widihtma lassnta hadagahei. Hamadama sathutin inna ✨♥️🙏🏻

    • @srikeshakeshawardhani2755
      @srikeshakeshawardhani2755 Год назад +3

      @@universeinyou ඔයාට අපි හැමදාම ගොඩාක් ආදරෙයි angel .. 🙏🙏🙏🙏🙏🙏❤️

    • @mayurabandara863
      @mayurabandara863 Год назад +4

      මටත් ඒකමයි කියන්න තියන්නෙ ❤️❤️තමන්ගෙම මිනිස්සු අපිව මග අරිද්දි අපි ගැන හිතල අපිටම හරියන විදිහට කියල දෙන මෙයා ඇත්තටම සුරංගනාවියක් මට නම් ❤️❤️❤️❤️

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka Год назад +7

    අක්කි ඔයා ඇත්තටම සුරංගනාවියක් වගේ්.විශ්වයට ගොඩාක් ස්තූතියි.මට ලැබෙන හැම දෙයකටම🙂❤️🙏

  • @diluwijewickrama
    @diluwijewickrama Год назад +83

    It works. 💖 I've experienced few times for few reasons in my personal life. Thanks universe.🙏 And thank you sweet angel for sharing this amazing method for everyone. 🙏❤️

    • @universeinyou
      @universeinyou  Год назад +6

      ✨thank you for sharing your experience with us as well ✨🙏🏻

  • @DinuJaya-ye9qs
    @DinuJaya-ye9qs 11 месяцев назад +3

    මම මගේ බිරිදයි දුවයි එක්ක ගොඩක් සතුටින් ව්ශ්වයට ගොඩාක් ස්තූතී

  • @ajithperera1191
    @ajithperera1191 Год назад +10

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

  • @nelupadias5479
    @nelupadias5479 Год назад +7

    ඔයාට ස්තුති ,විශ්වය ට ස්තුති ,මෙතන ඉන්න හැම කෙනෙක්ම විශ්වයේ පිහිට ලබන අය,,මන් හැමකෙනෙක්ගේම හීන ඉටු වෙන්න කියල විශ්වයෙන් ඉල්ලනව,,👍❤🙏

  • @hapiness8617
    @hapiness8617 Год назад +8

    මේ ක්‍රමේ ඇත්ත...මටත් experience තිය්නව. විශ්වයට ගොඩක් ස්තූතියි 🙏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 Год назад +4

    පුංචි සුරංගනාවිය....විස්ව මාතාවගේ දුවණිය...බොහොමත්ම ස්තූතියි . ලොකූ අවබෝධයක් ලැබුවා.අනේක වාරයක් ස්තූතියි....!!!

  • @fernando31357
    @fernando31357 Год назад +3

    මගේ ඉල්ලීමත් ඉෂ්ට උණා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @nethmisajini4946
    @nethmisajini4946 Год назад +10

    මමත් මේක කලා දවස් 4කින් මම බලාපොරොත්තු වුන දේ ඉශ්ට වුනා 🥰🌼♥
    ස්තූතියි විශ්ව මාතාවණි...!!

    • @angelkasu6070
      @angelkasu6070 Год назад

      ඔයා මොකක් ගැනද කරේ කොහොමද කරේ

  • @esurika1237
    @esurika1237 Год назад +8

    පුන්චි සුරන්ගනාවී දැක්කහම හිතට සතුටුයි ..ස්තුති විශ්වයට ඔබව මගේ ජීවිතයට මුනගැස්සුවාට ..

  • @ayeshnilan2578
    @ayeshnilan2578 Год назад +8

    ඔයාව මගෙ ජීවිතේට මුනගස්සපු එකට විශ්වයට අනේක වාරයක් ස්තූති වෙනවා අක්කෙ 🥰🌏

  • @Angel-fx2bc
    @Angel-fx2bc 9 месяцев назад +4

    මම මේ 5X 55 method එක කරා මගෙ wedding එකේ වැඩකට.මට ඕන උනා hotel charge එක අඩු කර ගන්න.මට ගොඩාක් සතුටුයි,මගේ විශ්ව මෑණියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.wedding එක දවසෙ payment කරද්දී discount එකකුත් දීලා.ඒකෙන් විශාල මුදලක් මට අතට ගන්න තරම් ඉතුරුත් උනා.
    මගේ ආදරණීය ගෞරවනීය සුභවාදී අනන්ත විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤🌎🌎🌎🙏🙏🙏🦋🦋🦋🦋😇😇😇

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 17 дней назад

    මේ කරුණු දැනගන්න සැලැස්වීම පිළිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .....🙏

  • @SheharaMandakini-z1y
    @SheharaMandakini-z1y Месяц назад +1

    මට මගේ හිතේ තදින්ම ඇති බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි... ❤

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад +4

    විශ්වාසයෙන් කරන්න හැමදේම හරියනවා...ස්තුතිවන්ත වෙන්න අනිවාර්‍යෙන් හරියනවා..ඔබට ස්තුතියි 🙏විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @TharushiDivyangana-rh1kz
    @TharushiDivyangana-rh1kz Год назад +3

    ඔබ වැනි වටිනා චරිතයක් මගේ ජීවිතයට මුන ගැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූති‍යි.!ස්තූතියි.!ස්තූතියි.!ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි !

  • @Ge-eg4fu
    @Ge-eg4fu Год назад +7

    සුරංගනාවී ඔයාව මුණගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි 🙏 ❤️

  • @ashikapriyadarshani9343
    @ashikapriyadarshani9343 6 месяцев назад +1

    ඔබගේ vedio දකින්න සැලසුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @nadeeshadilani2155
    @nadeeshadilani2155 Год назад +8

    Hy akki.. මාත් අක්කිගේ මේක කරා කරලා දවස් 5 කින් විතර මට result eka labuna.. අක්කිට කියන්න ඒකට මගේ කැපවීමත් බල පෑවා. ඒත් එක්ක visualize කරා . අක්කිගේ meditation පාවිච්චි කරා. මාරම සතුටුයි .. විශ්ව ශක්තියට ගොඩාක් ස්තූති වන්තවෙනවා මන් මට මේ ලබා දුන්නු ජයග්‍රහණය වෙනුවෙන් 🧚🎆✨️🌎🌙.. මට ඊයේ ඉදන් angel numbers, සමනල්ලුත් පේන්න ගත්තා ..🤗🤗🧚
    .

    • @universeinyou
      @universeinyou  Год назад +2

      Congratulations ✨✨✨✨godak sathutui hamadema me widihtm oyta sarthkwa isht krgnna puluwn !!! 🙏🏻🌍♥️

    • @nadeeshadilani2155
      @nadeeshadilani2155 Год назад

      @@universeinyou අනේ අක්කි ගොඩාක් පිං ඔයාට 🙏මේවා අපිට කියලා දෙනවට. අක්කිගේ ප්‍රාර්තනා අක්කි හිතන විදිහටම ඉශ්ඨ වෙනවා අනිවාරෙන්ම. හැමදාම හරියන්න ඕනි ඔයාට 🧚✨️😘🌎🌙✨️

  • @yudeshadissanayaka6425
    @yudeshadissanayaka6425 Год назад +5

    මම අද ඉදන් මේක කරනවා.ඔයා ඇත්තටම සුරන්ගනාවියක්.ඔයාව මුණ ගැස්සුවාට මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි.🙏🙏🙏🙏