Mama giya operation ekakata waiting list idala operation ekata ready karala dr take channal in haraha awa ledduyi dr adurana ayayi witharayi operation ekata ganne anek aya harawala yawanawa nethnam niraharawa ready karala thiyala welawa nehe kiyala kiyanawa national hospital 40 ward eke wena asadaranayak meka Mama 30 December asadaranayata lak una ayek
හැම පුද්ගලික රෝහලකම ඔය තත්වෙ තියනවා...විරුද්ධ වෙන්න කෙනෙක් නැති එකයි වෙනස....එක් අයකු හෝ නැගී සිටීමලොකු දෙයක්....ස්තූතියි ඔහුට
හලාවත සුවය හොස්පිටල් එකෙත් එහෙමයි පුදුම රස්තියාදුවක්
මිනී කන්නන්ගේ කිසම ආසිරියක් නැති ගවගාල.
නියමයි මචං මගේ උත්තමාචාරය උඹට,,නිර්බීතකමට,,ජයවේවා
මේ අයට මේවගේ දේවල් කරන්න ඕන.සමහරවිට ඩොක්ටර් කිය්න්න ඇති අද එන්නේ නෑ කියලා.ඩොක්ටර් දැන ගන්න ඕන මේ වගේ වැඩ නොකර ඉන්න.
එක් අයකු හෝ නැගී සිටීමලොකු දෙයක්.මගේ උත්තමාචාරය, නිර්බීතකමට,,ජයවේවා 👍👍
ආන්ඩුවෙ ඉස්පිරිතාල වල හරියට වැඩ කරනවනම් මිනිස්සුන්ට දහස් ගණන් වියදම් කරගෙන ඕවල රස්තියාදු වන්න ඕනෙ නෑනේ
ආණ්ඩුවෙ ඉස්පිරිතාල වැහෙන තැනට ගෙනාවෙ
දේස පාලු කෂඩයො.
හේතුව
මුදල් ගසාකෑම...
ආණ්ඩුවේ hospital වල වැඩ කරන්නෙත් ඔය ඩොක්ටර්ස්ලම තමයි බං. උන් එතන හරියට වැඩ කලොත් උන්ට මෙතන සල්ලි හොයන්න බැරි වෙනවා. වැඩිය ඕනේ නෑ ෆිංගප්‍රින්ට් මැෂින් එකවත් හඳුන්වා දෙන්න බැරිවුනා. ඒක කරන්න හදපු වෙලාවේ දැන් බලයේ ඉන්න ආණ්ඩුවේ වෘත්තිය සමිති වල උදවියත් හරි හරියට සහයෝගය දුන්නා ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න.
@@praveenlankeshwara6546👍💯
සහතික අැත්ත.පසුගිය දවසක මටත් ඔය දේම සිදු වුණා. Dr.ප්‍රමාද වන බව ආසිරි රෝහලට දන්වා තිබුණත් කාර්ය මණ්ඩලය ඒ බව රෝගීන් දැනුවත් කළේ නැහැ.පැය 2කටත් වඩා පුමාද වූ නිසා ඒබව විමසූ විට තමයි ඒ බව දැනුවත් වූයේ.රෝහල් ගාස්තුව වෛද්‍ය වරයාගේ මුදලටම ආසන්නව අය කෙරුනත් රෝගීන් වෙනුවෙන් සැලකිලිමත් නැත.
@@ramanifernando4901 රෝහල් ගාස්තු ව වෛද්‍යවරයාගේ ගාස්තු ව තරම් නැහැ නේ
ජය වේවා❤
කට ඇති පුතෙක්..🙏🙏🙏
මටත් 2015 දී ආසිරි රෝහලෙන් මේ වගේම අසාධාරණ දේවල් සිද්ධ වුණා.චැනල් එකේ වෙලාව තිබුනේ සවස හතරයි තිහට.ඩොක්ටර් ආවෙ රෑ දොළහට.බෙහෙත් ගත්තේ රෑ එකහමාරට.අපි එළිවෙනතුරු සිටියේ බස් ස්ටෑන්ඩ් එකේ බංකුවක් උඩ.මේවා දොස්තරලගෙත් අසාධාරණ වැඩ.සවස පහේ ඉඳන් රෑ තුන වෙනතුරු අපිට වතුරත් නෑ.
ඩොක්ටර් ස්ලා තව තැන් වලට ගිහින් හම්බ කරනවා.
එක පුද්ගලයකු හඩ නැගුවේ .
අනිත් උන් සද්ද නැ .
මට පෙන්නම බැරි ඕකයි
Doca කව්ද?
මේවා නියාමනයකට යටත් විය යුතුය, මිනිසුන් දැනුවත් වියයුතුය, මේ එඩිතර තරුනයාට අපගේ ගෞරවය
ඔතන වැරැද්ද දොස්තරගෙ
එන්නෙ නැත්නම් කලින් දැනුම් දෙන්න ඕනේ.
මහත්තයො ඔයා කරපු වැඩේ හෝදයි ඕකුන් ඔහොමම තමයි මිනිස්සුන්ව රස්තියාදු කරනව සල්ලි විතරයි මනුෂ්‍යකම් නැහැ .
නියමයි. අපි හැමෝම අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට උත්සාහ කිරීම ජාතික අවශ්‍යතාවයක්. ඒ මහත්මයාට උත්තමාචාරය 🎉🙏
පෞද්ගලික රෝහල් ඔක්කොම එකයි අපේ රජයේ රෝහල් හොඳයි නම් කවුරුත් පෞද්ගලික රෝහ්ල්වලට යන්නේ නෑනේ බ්‍රෝ
Colombo national hospital word 18 ,gate no 3 appiriyai,,,21 ,,11,,,2024,,aanduwa may wa balanna ona
මෙතන ඩොක්ටර් කීයටද එන්නේ නෑ කියලා තියෙන්නේ කියලා අහන්න ඕන, එයා එන් නැත්නම් මිනිස්සු රස්තියාදු නොකර පැය 3-4 කට කලින් කියන්න ඕනා. ඒකට එතන ඉන්න අය පලි නෑ 😅
නෑ එතන ඉන්න අයටත් වගකීමක් තියෙනව docter පරක්කු ඇයි කියලා හොයල බලන්න. මොකද්ද ප්‍රශ්නයක් නිසාද කියලා හරි හොයල බලන්න ඕන නෙ. පැයක් වගේ කාලෙකදී ආවේ නැත්තම් බලන්න ඕන හරිනම්.එතන ඉන්නනෙත් වගකීමක් තියෙන අය. එයාල පලි නෑ කියලා නිකන් ඉන්න බැහැනෙ.
හොද එඩිතර සහෝදරයෙක් ජේසු පිහිටයි.
ගොඩාක් පෞද්ගලික රෝහල් වල මේ දේවල් අත්දකින්න තියෙනවා. පලවෙනි වරද දොස්තරගේ. ඒ අය හිතන්න ඕනේ, මිනිස්සු කොච්චර අසරණ වෙලාද මෙතනට එන්නේ කියලා. කාලය සහ මුදල් කොයිතරම් වැය කරලද මේ එන්නේ කියලා දොස්තරලා හිතන්න ඕනේ. ඒ අයගේ සාක්කුවට ගාණ වැටුනම ඇති කියලා දොස්තරලාත් ඔය කරන්නේ බිස්නස් එකක්නේ.
Dostharalath ekai guruvaruth ekai un okkoma praivat vitarai veda .salli valata un okkoma ekai .Api rajaye hospitle ehekata giyot lede kiyannat kalin bet liyalat ivarai .iskole karannet uganna vanne ne praivat nam velavatath kalin avit uganna vanna .katada meva kiyanne .
අර චන්ඩි නිලදාරියව පෙන්නපු එක ලොකු දෙයක්
මේ වගේ අවස්ථවක චැනල් ෆී එක සහ එම මුදල මෙන් වන්දි මුදලක් රෝගීන්ට ගෙවීමට රෝහලට කටයුතු කරන්නට වන සේ නීති ගෙන ආ යුතුයි.
Exactly.
රජය කරුණාකර යුක්තිය සාධාරණය ඉෂ්ඨ කර දෙන්න.
😂😂
කොච්චර කට්ට කාලා දොස්තරලාව හම්බවුනත්
අන්තිමට ඒගොල්ල කරන්නේ පනයනකන් රිපෝට්ගන්න අපිවවටේ
යවන එකයි.ඕන එකයි එපා එකටයි ගිහිල්ලා අපිටම එපාවෙනවා.ඒවටට්න් හරි
ගානක් වියදම් වෙනව.මටත් ඒ වගේ දේව
ල් කීපයක්ම වෙලා තියෙන්වා.අක්ශි රෝග වලට හොඳයි කියාගත්තු
එක්තරා ව්‍යිද්ද්‍යවරියක් ඇගේ නමත් කියත හැකියි
ඇය ඩොක්ට මුදිතා කුලතුංග ඇහේ සුද කපලා
කාචය දාන ඉතා සරල ඔප
රේශන්.එක ඇගේ නොසැල්කිලිමත්.කමින්
වරද්දලා ඇසේ කාචයට
ගොඩාක් යටින් තිබෙන
තැනක් කැපිලා එතැන් ඉදිමිලා පෙනීම බොද වේගන නොපෙනී යන්න
පටන් ගත්තම ර්පෝට් ගනනාවක් ගන්න කියල
ඒ එකකින්වත් මට එයා
බලාපොරොත්තු වුනු අඩුපාඩු නැතිබව පෙනුනාම මාව අන්තිමට
හර්ද රෝග විශේෂක්න
ගෝටාබය රනසිංහ මහතාට යොමු කලා.මම
ඒකට නම් ගියේ නැහැ .
ගියාට වැඩක් නැති බව මටම තේරුම් ගිය නිසා .
අන්තිමට මගේ ඇහැ තාමත් එහෙමමයි.අපට
තියෙන වටිනාම ශරීර අංගයත් එක්කලයි මේ
ගොල්ල සෙල්ලම් කරන්නෙ
මේ කාලකණ්ණි ගෑනිලගට තව කෙනෙක්
නොයන්නයි මම මේ සටහන තිබ්බේ.මම සාක්ශි ඇතිවයි කතා කලේ.කියපු කිසිම දෙයක්
බොරු නොවේ ඒත් මම
ලහදිම මෙයාට විරුද්ධව
නීතිමය පියවර ගන්නවාමයි.
Mama giya operation ekakata waiting list idala operation ekata ready karala dr take channal in haraha awa ledduyi dr adurana ayayi witharayi operation ekata ganne anek aya harawala yawanawa nethnam niraharawa ready karala thiyala welawa nehe kiyala kiyanawa national hospital 40 ward eke wena asadaranayak meka Mama 30 December asadaranayata lak una ayek
ඔය ඩොකා ළගට යන්න එපා.. staff eka අසරණ කරන්නේ. අඩියක් විතර උඩින් යන මේ වගේ එවුන්..
Time ekata Awanam ඉවරනේ.. ලෙඩ්ඩු පව් 😢😢❤
Must reveal the name of this useless, heartless doctor who didn't care and give a damn about his patients.
ඔය දොස්තරයව හොයලා ඕකට නෙලපල්ලා. දොස්තරයගේ නමත් දාන්න. මටත් ඔහොම දෙයක් උනා ගම්පහ නවලෝකේ දොස්තරයෙක් චැනල් කරලා. මාත් හොඳට කියලා දීලා ආවේ එදා.
රජයේ රෝහලට යන්න , හොද සේවයක් ලැබෙනව .බොරුවට ප්‍රයිවට් රෝහල් වලට ගියත් අන්තිමට රජයේ රෝහල තමා.
හොඳ සේවයක් ලැබෙනවා? රජයේ රෝහල් staff මීට අන්තයි. උන් වැඩ කරන්නේ හරියට හොස්පිටල් එක උන්ගේ වගේ. මිනිහෙකුට කතා කරන්න දන්නෙ නෑ. ඩොක්ටර්ස්ලත් ඒ වගේ. මිනිහෙක්ට තමන්ගේ ලෙඩේ ගැන වැඩි විස්තර කතා කරල දැනගන්නවත් විදියක් නෑ. බක පණ්ඩිතයින්ගේ ලෝකයක් 😂😂
Eka aththa.anduwe dostharala harima hondayi. Namuth podi ewun attendant la puduma jara ewun
Kalubowila government hospital is excellent. Excellent staff for being doing well.
ගොඩාක් අය මෙතනදි රෝහල් කාර්ය මණ්ඩලය ගැන වැරදි අවබෝධයක ඉන්නේ. මම ආවූරුදූ හයක් hospital වල වැඩ කරා. තව අවූරුද්දක් විතර ලංකාවේ private hospital එක්ක වැඩ කරා. හැබැයි කියන්න කණගාටුයි ලංකාවේ specialist ලා channeling වලට ගෙන්න ගන්න hospital වල staff එක නොවිදිනා වැඳුම් වඳින්න ඕන. මොකද සමහර වෙලාවට patient එක්කෙනෙක් හිටියොත් appointment cancel කරනවා සමහර වෙලාවට ඒක කරන්නෙ අන්තිම මොහොතේ. ඒ වේලාවට doctor එක නොඑන එක confirm කරන්න එතන ඉන්න staff එකට බෑ. මොකද hospital එකෙන් එක call එක doctor answer කරන්නේ නෑ. Doctors ලට against complain කරන්න staff එකට බෑ. වගේම එහෙම complain කරත් කිසිම තේරුමක් නෑ මොකද doctors ලගේ client base එක තමයි hospital එකට එන්නේ. මොකද මගේ හොඳම යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා private hospital වල front office managers ලා. ඒ මිනිස්සු පුදුම විදියට අසරණ වෙනවා doctorsla කරන වැඩ හින්දා සමහර දවස්වලට 6 ට තියෙන channel එකට doctor යද්දි රෑ 10 විතර වෙනවා. සමහර වෙලාවට surgeon ලා 6.00 ට channeling පටන් ගද්දීත් surgery එකක් ඉන්නේ වෙන්ඩ පුළුවන්. කොහොම උනත් ලංකාවේ මිනිස්සු පොඩි ලෙඩටත් consultant කෙනෙක් Chanel කරන්න පූරුදූ වෙලා ඉන්න එක නැවතිච්ච දාට ලංකාවේ මේ channelling මාෆියාව නැති වෙයි. ඔය රැල්ල හදලා තියෙන්නෙත් මිනිස්සුම තමයි. Staff එක තමයි දෙපැත්තකින් තැලෙන්නේ කියන්න කතා ඕනි තරම් තිබ්බත් නොකියා ඉන්න එක ඇඟට ගුණයකි කියලා හිතෙන නිසා නොකියා ඉන්නවා.
ඒ කතාව සහතික ඇත්ත .රජයේ රෝහලට ආවම මිනිත්තු 10 ක් ප්‍රමාද වෙන්න බැරි උනාට ප්‍රයිවට් ඕන වෙලාවක් ඉන්නවා.රජයේ රෝහලට නිලධාරීන් හිග උනත් වගකීමක් ඇතිව වැඩ කරනවා .රජයේ ආයතනයන් දියුණු කරගන්න අපිත් උනන්දු වෙන්න ඕන . දේශපාලන කඹඇදිලි නැතිව .
මම doctor කෙනෙක්. Private hospital වලට වඩා රජයේ රෝහල් ඉතාමත් හොඳ යි
ඇත්ත ඩොක්ටර් එන වෙලාව හරියටම කියන් නෑ.😢😢😢😢 රස්තියාදු වෙනවා
කොහේ ගියත් අන්තිමට රජයේ රෝහලකට තමා යන්න වෙන්නේ
නිවමයි.පුතෙයි.බදු.සරනයි
දොස්තරලට ඕනතරම් සල්ලිතියෙන නිසා ලෙඩ්ඩුගැන හිතන්නෙ නෑ
නියමයි බ්‍රෝ....❤
ඔයා හරියටම හරි
පෞද්ගලික රෝහල් වල channeling වලට දොස්තරලා එන්නෙ හැමදාම පැය ගනන් පරක්කු වෙලා තන්හාවට වටේම Hospitals වලට දුවලා දුවලා..ලැජ්ජයි!
Asiri hospital එක පමණක් නෙමෙයි හැම තැනකම වගේ chanal කරන දොස්තරලා එන්නේ බොහෝ ප්‍රමාද වෙලා. ලෙඩුන් අමාරැවේ දානව වගේම මිනිස්සුන්ගේ කාලය මුදල් කා දමනවා.
මේ chanal service එක ප්‍රමිතිගත කල යුතුයි.
ඉනිදියාවෙ ඩොක්ටස්ල හරිම හොදයි පොඩි .මයෙක්ට බෙහෙතක් විදින්න ගිහාම ළමයට ඩොක්ට සෙල්ලම් බඩු දීල ළමයින්ට සින්දු කියල එහෙම.තමා දරුවෙක්ව බෙහෙතක් විදින්නෙ නියම ඩොක්ටස්ල. Wow ඉන්දියන් ❤❤❤😂
මෙහෙත් ඉන්නවා බම් Dr.සමන්තා ලමා රෝග වි.වෛද්‍යවරියත් ඔය කියනවා වගේ අපිට පොඩි කාලේ Stickers,keytags,toys දීලා තියේ ❤
දැන් රජයෙන් හැම රජයෙ රෝහලකටම හොද බෙහෙත් දෙන්න.පටන් අරගෙනනෙ අපි.රජයෙ රෝහලට යමු.අනුර.ජනාධිපතිතුමාගෙ මෑණියනුත් රජයෙ රෝහලෙන් බෙහෙත්ගත්තෙ මෙිි පෞද්ගලික රෝහල් වලට යන අය හිතන්න අපරාදේ මුදල් ඉදිරියෙදිහොදක්.කරයි..පවතින රජයෙන්.
අසාධාරණට එරෙහිව කතා කරන මිනිසුන් අවශ්‍ය ඔක්කොමලා එයාලව අනූ ගමනය කරන්න තිබුනා 😅😅
මම මොනරාගල ඉදන් ආවා මාතර ආසිරි එකට චැනල් එක දාලා තිබුනේ 3ට ඩොකා එනකොට 6.10 pm .. අන්කය 4ලැබුනෙ මට 4වෙනියා බලද්දී රෑ 7.40 විතර වුනා .ආසිරි එකේ වැඩ සක්කිලි වැඩ
ඇත්ත මුන් පැය ගණන් රස්තියාදු කරනවා කිසිම ගානක් නෑ ඩොක්ටර් කියල විශේෂ කරන්න බෑ ඇයි අනිත් අයගේ වෙලාව වටින්නේ නැද්ද?
ආසිරි එකේ විතරක් නෙවේ හැම තැනම චැනල් සෙන්ටර් වල දොස්තරලා ඔයවගේ පැය ගණන් මිනිස්සු රස්තියාදු කරනවා. ආයතනයේ වරදට වඩා දොස්තරගේ වරද.
ලස්සනට සාරිය ඇදගෙන ,සෙන්ට් ,පවුඩර් ගාලා හිටියට වැඩක් නෑ තමන්ගේ රැකියාවේ වැඩ කොටස අදාල පුද්ගලයෝ වෙනුවෙන් කරන්න බැරි නම්??
මේ ප්‍රශ්නෙ දි නම් මේ කාර්ය මණ්ඩලයත් අසරණයි. අවසාන මොහොතේ තමයි වෛද්‍යවරයා කියන්නෙ එන්නෙ නැහැ කියලා. මේ වගේ අත්දැකීම් මටත් තියෙනවා. හැබැයි ඒ , මෙතැන නං නෙවෙයි.
නියමයි මචං සුපිරි
නියමයි ❤යහලුවා. ආසිරි 🤣
නියමයි!!!!!!!!!!!!
මීට අවුරැදු 25 කට පමණ පෙර Asiri hospital එකෙන් මගේ නැන්දා කෙනක් biopsy test එකක් කලා. Results දුන්නේ cancer positive කියලා. දොස්තර නියම කලා දකුණු හක්ක ඉවත් කරන්න කියලා. මේ ගැන සැක හිතිලා පසුව Colombo medical faculty එකෙන් biopsy test කලාම negative. Asiri මංකොල්ලාකාර hospital එකෙන් biopsy sample එක ගන්න උත්සාහ කලත් උන් දුන්නේ නැහැ.
පසුව කිසිම අමාරැවක් නැතිව ඇය අවුරැදු ගනනාවක් ජීවත් වුනා.
මෙකට නිකන් ඉන්න එපා
ලංකාවේ රෝහල් වල පුද්ගලික රජයේ කියලා නැ ඉන්න ඔක්කෝම එකයි ඩොක්ටස්ලාගේ ඉදලා අන්තිම සේවකයා දක්වා ගිහින් බලන්න එහෙමත් කලාතුරකින් හොද මනුස්සයෙක් ඉන්නේ
උත්තමාචාරය!!!❤❤❤
මටත් මේක ප්‍රශ්නයක්. ඇයි මුදල් ගෙවලවත් හොඳසේවයක් ලබා ගන්න බැරි?
ලෙඩ්ඩුන්ට වෛද්‍ය වරු නැතුව බැරි නිසානෙ මෙහෙම පහත් විදියට සළකන්නෙ.
මෙහෙම කරන අයට පව් සිදු වෙනව මිනිසුන්ට කරන නොසැළකිල්ලට
වෛද්‍යවරය පැයකට වඩා පමා වුණොත් රෝගියාට ගෙවූ මුදල් ලබා ගෙන යා හැකි විය යුතුයි.
නිර්භිතකමට ජය
නියමයි 👍
ජනතාවට හොඳට ඇහෙන නම් ගම් එක්ක වෛද්‍යවරයාගේ පවා එළි කරන්න
මේ ආසිරි එකේ හැමදාම ප්‍රශ්න..මේකට යන්න එපා.
දොස්තරල වුනත් පේශන්ට්ලව ගනන් ගන්නෙ නැහැ .. දොස්තර ලගෙ කාලය විතරයි වටින්නෙ කියලා දොස්තරල හිතන් ඉන්නෙ... පේශන්ලගෙ කාලයත් වටිනව කියල දොස්තරල හිතන්නෙ නැහැ ..
එකනම් සහතික ඇත්ත .මමත් බිරිදව අරගෙන ගිහින් .දිපු වෙලාවට වඩා පැය 3/4වෙනවා.එත් සල්ලි නම් අරගන්නවා
ඕවගේ හොස්පිටල් වලට යන අපිට ගහන්න ඕනේ. ඔය වගේහොස්පිටල් වහන්න ඕනේ වැඩක් කරන්න බැරි නම්
ආසිරි රෝහලේ පමනක් නොවෙයි හැම පුද්ගලික රොහලකම channel කරන දොස්තරලා වොලාවට එන්නේ නෑ. රෝහලට සල්ලි බැන්දහම දොස්තර කීයට හරි එනකම් බලන් ඉන්න ඹ්නෙ. අනික ලෙඩ්ඩු සම්බන්ධව දොස්තරලාගෙ කැපවීම ඉතා සුළු මට්ටමක පවතින්නේ. රජය මේ සම්බන්දව අවධානයක් යොමුකළ යුතුයි.
රජය පුද්ගලික රෝහල් නියාමනයක් කරන්නම ඕනේ.
ලෙඩ රෝග වලට වගකීමක් තියන්න ඕනේ....
🎉ආසිරි staff එක ගැන නම් කතා කරලා වැඩක් නෑ.....එයාලගේ දැනූම බින්දුවයි....මිනිසුන්ගේ දුක තේරැම් ගන්න බැරි සෙට් එකක් ඉන්නේ..
බස් වලට කොන්දොස්තරලා ගන්නවා වගේ තමයි අරන් තියෙන්නේ
රජයේ රෝහල් වළ මීට වඩා දියුණු කරන්න. චැනල් රජය හරහා පටන් ගන්න ලොකු සහනයක් හා සාධාරණයක් සිදු වෙයි.විශ්වාස හා වගකීමක් ජනතාවට සිදු වෙයි
වෛද්‍යවරයා එන නොඑන බව කාර්යමණ්ඩලය විසින් රෝගීන්ට දැනුම්දීම් යුතුකමක් සහ කළ යුතු දෙයක් වේ 🤔🤔
හේමාසෙකත් ඔහොමයි හේමාස්නම් වැඩක් නෑ
minee denne naa..boru bill danawa..boru salli aran denne un maraapu ledawat
නියමයි.
මගෙ අයියාගෙ ඔපරෙශන් එක වරද්දලා මැරුනා ලක්ශ 40ක් බිල ඇදෙ ගැට ගලා හොදට හිටියා සැත් ක්ව්මෙන් පස්සෙ දවස් තුන හතරක් නස්ගෙන් තෙකක් ඉල්ලලා එකට තරහා ගිහින් නස් ලෙඩාක්ක රන්ඩුවෙලා අයියටත් කෙන්ති ගිහින් රන්ඩුව දිගට ගිහින් අන්තිමට ඇදෙ ගැට ගහලා දගලනවා කියලා , මොනවා උනත් අයියා මැරුනා නුවර ආසිරි එකෙ තිරිසන්නු ඉන්නෙ
ආසිරි එකේ ඔහොම්ම තමයි එහෙමත් Doctor කෙනෙක් තමයි වෙලාවට එන්නේ... ගිනි ගනන් ගන්නේ පොඩි දේකටත් මේවා ගැන හොයලා බලලා නියාමනය කරන්න ඕනි..
මේ සියල්ලට හේතුව ලංකාවේ හේතුව ලංකාවේ සියළුම පුද්ගලික රෝහල් රාජ්‍ය රෝහල් වල වෛද්‍ය වරුන්ගෙන් යෑපීම.
එයාලට වෙනම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නැ.
එයට හේතුව ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරන්න ඉඩ නොදෙන එක.
නියමයි.මමත් ඔය වගේ dr කෙනෙක්ට කෑ ගැහුවා.රස්තියාදු කරනෝ මිනිස්සුන්ව.
රටහදන මාලිමාවේ අයට ඔව පෙන්නේ නැ.දවසට එක දොස්තර කෙනෙක් ලකෂ කියක් හොයනවද?
හිටපු පාලකයින්ගේ අනු දැනුම ඇතිව ගොඩනැගුනු. පුද්ගලික රෝහල් මාෆියාව
ඖෂධ මාෆියාව
පුද්ගලික බස් මාෆියාව
සහල් මාෆියාව
විදුලි මාෆියාව ආදී හැම මාෆියාවකින්ම දුක් විඳින්නෙ වැඩියෙන්ම සාමාන්‍ය මිනිස්සු තමයි 😥😥
පව් අසරණ ම්නිස්සුන්ව මේ ව්දිහට රස්තියාදු කරන්න එපා....කොච්චර නැති උනත් ලොකු ව්ස්වාසයක් ඇතිවද එතනට එන්නනෙ...
ඊලග දවසෙ දොස්තරට චැනල් කරන්ඩ සෙට්කරානම් හරි ..🍁🍁
හැම ප්‍රයිවෙටි ස්පිරිතාල ඔක්කෝම එකයි.දොස්තර ට හැකි ප්‍රමානයක් බාර ගන්න ඔිනේ ලෙඩිඩු බලන්න.සල්ලිත් අස්ප ගණන් අරගෙන පරක්කුවෙලා එන්නේ මෙි හැම හොස්පිටල් එකක්ම නියාමනය විය යුතුයි .අහිංසක ජනතාවට සේවයක් කරනවා කියලා පෙන්නලා සල්ලි සුරා කනවා.දොස්තර ට සහ චැනල් ගාස්තුවක් රජයෙන් නියම කල යුතුයි .එහෙම නැත්තං රජයේ හොස්පිටල් නිසි පරිදි සමිපුර්න කල යුතුයි .
ජරාම වෘත්තිකයන් තමා පර දොස්තරලා.සල්ලි ගැන විතරමයි හිතන්නේ.ලංකාවෙ දොස්තරලා තරම් පාහර හැත්තක් මොනම රටකවත් නැහැ.ඔලුවත් උදුම්මවාගත් නැහැදිච්චම කොට්ඨාශයක් .රජය මේවා ගැන දැන්වත් බලන්න ඕනේ.පාවාදෙනියා පෝර ගැන කතාකරන්න ගිහිල්ලා රටෙත් ඉන්න බැරුව දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්නවලු.
මේවට යන උන්ට ගහන්න ඕන. මුන් ජීවත් වෙන්නෙ අපෙන්. ලයිට් බිල්, වතුර බිල්, ඉන්න හැත්තගෙ පඩි, දොස්තර කට්ටන් ගෙ පඩි අපි ගෙවන්නෙ.
Staff එකටත් වගකීමක් තියෙනව docter පැයක් වගේ පරක්කුනම් හොයල බලන්න.docter ඇතුළු හැමෝම වැරදි. මේවට වග කිය යුතුයි. Staff එකත් කැඳ බීල වගේ ඉන්නෙ. හැමෝම මේවගේ නැගී සිටිනවානම් මුන් හැදෙයි. පව් අහිංසක මිනිස්සු.docter පරක්කු මොකක් හරි ප්‍රශ්නයක් නිසාද කියල හොයල බලන එක staff එකේ වගකීමක්. එයාල පලිනෑ එයාලට කරන්න දෙයක් නෑ කියන එක නිදහසට කරුණු නෙවෙයි. Hospital එකේ වැඩ කරනවානම් එයාලට ලොකු වගකීමක් තියෙනව.
ආසිරි සෙන්ට්‍රල් එකේ මගේ මිතුරියකගේ open Heart Surgery එකක් කලා දෙස්තරගේ වරදින් එය හරියට වෙලා නැහැ දෙවන වර නැවතත් එය කරලා පසුව එම ලෙඩා සුපුරුදු තත්වයට පැමිණියේ නැහැ සිහියක් පතක් නැතිව සතියක් විතර ආසිරි එකේ හිටියා බිල ලක්ෂ 32යි ලෙඩාව ගෙනියන්න කිව්වා නැවතත් එම මිතුරියව ගෙදර ගෙනිච්චේ මළ කදක්සේ දැන් රාගම පුනරුප්ථාපනයේ ප්‍රතිකාර කරනවා.
ඕකෙ පුදුම අසාධාරණ විදිහට සල්ලි ගන්නෙ මගෙ කෙනෙකුටත් ඔහොම උනා
පරිපාලනයේ වරදින් වෛයිද්වරුන්ට දොස් නැගීම තේරුම ක් නැහැ..හැබැයි මෙවැනි දෙයට විරුද්ධව ඉදිරිපත් වීම කලයුතුයි...
නුවර ආසිරි ගොස්පිට්ල් එකත් ඒ වගේමයි වැඩ කරන අය හරි නෑ හරිම අකටයුතු දේවල් වෙනවා හොයා බලනවද දන්නෑ වගකිය යුතු අය
උන්ට ලෙඩ්ඩු අඩු උනාම උන් එන්නෙ නෑ.
ආසිරි එක නම් හරිම ජරා හොස්පිට්ල් එකක්. මොකද මන් එහෙම කියන්නේ මගේ පවුලේ අයියා කෙනෙක්ගේ වයිෆ් පලවෙනි බබා හම්බෙන්න ගියේ ආසිරි එකට. අන්තිමට බබා හම්බවෙද්දි බඩවැල් කැපිලා ඒ අක්කාට කතා කරන්නවත් බැරි උනා බබා එක පාරක්වත් අම්මගෙන් කිරිවත් බීලා නෑ 🥺. ලක්ශ 10 කුත් අරන් මිනිය දුන්නේත් සතියකටත් වඩා පරක්කු කර කර ඉදලා. මිනිය ගෙදරට ගේද්දි අදුරන්නවත් බැරි තරම් වයසක ආච්චි කෙනෙක් වගේ 😔
ඔන්න ආසිරි හොස්පිටල් එකේසමාජයට කරන පිළිගැනීමවිශ්වාසවන්තවබේත් ටික වත්කන්න පුළුවන්දද
නියමයි නියමයි මෙවගේමනුස්සයො තමයි ඉන්න ඹන රජයෙන් මෙවා නියාමනය කරන්න ඔන
මේ වගේ තැන්වලට යන්නේ ඉක්මන් ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන් කියලා හිතාගෙන, ඒත් මේ වගේ මටත් වෙලා තියෙනවා....
Excellent speech
මේවටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
අරූට දෙකක් දීලයි එන්න තිබ්බේ.ආසිරි එකනම් දැන් බලු.
That's good because private practice is not a government hospital.this is a good example for other doctors as well.
පුද්ගලීක රෝහල් නියාමනයක්,රජයෙන් සිදුකල යුතු නොවේද ?
ඔතන ඉන්න අය අසරණ වෙනවා මොකද දොස්තරලා තමන්ට බළන්නට බැරි තරමි
ලෙඩ්ඩුන්
බාරගන්නවා අන්තිමට හැමතැනටම එන්න ප්‍රමාදයි කේන්තිනමි යනවා මොනවා කරන්නද
Ela .ela malli niyamai
මෙහි සේවකයන් සමහරවිට අසරනයි. බොහෝ අවස්තා වල වෛද්‍ය වරයා තමයි ඕක කරන්නෙ. වෛද්‍යවරු සහ ඔවුන් ගේ සේවා නියාමනය කල යුතුයි. උන් හිතන් ඉන්නෙ සියල්ලන්ට වඩා උන් උඩින් ඉන්නෙ කියල. වෛද්‍ය වරයගෙ කාලය වගේම බෙහෙත් ගන්න එන අයගෙ කාලයත් වටින බව උන් දැන ගන්න ඕන. දෙවි වරු වගේ වෛද්‍ය වරු අතර පෙරේතයෝද ඉන්නවා හරියට.
ආසිරි එකේ staff එකනම් හරි හොදයි ඒත් ඩොක්ටර් පරක්කු වෙනවා ඉතින් මොකද කරන්නෙ
පෞද්ගලික රෝහල්වල ගාස්තු අයකිරීම් සහ සපයන සේවාවන් වල ගුණාත්මක භාවය ආදිය වහාම නියාමනය කළ යුතුයි. එවැනි ආයතනවලින් සිදුවන අසාධාරන කම් සොයා බැලීමට සහ වින්දිතයින්ට යුක්තිය,සාධාරණය ඉටුකිරීමට ඔම්බූට්ස්මන් කෙනෙක් පත්කල යුතුයි .
Hemas hospital eke කෞශල්‍ය කියන පිස්සා th ඔහොමයි වෙලාවට එන්නෙ නෑ
ලගම ඇති පොලිසියේ පැමිණිල්ලක් දාන්න .
විඩියෝ දැමිමට වැඩක් නැත .
චැනල් පිස්සෝ දැන් දොස්තර ලා 😅බලුවෙිලා
නුවර ආසිරි එකේ හරිම අතටයුතු දේවල් සිද්ධ වෙනවා පැම්පස් නැහැ කියලා ආසිරි එකෙන්ම අපිට කියලා ඒවා ගෙන්න ගත්තා පස්සෙ එකෙම වැඩ කරන කෙනෙක් කිව්වා පැම්පස් ඕන තරම් මෙහෙ තියෙනවා කවුද මිස්ලට ඕව ගේන්න කිව්වෙ කියල අපිට එකෙන් තේරුනා මෙතන හොර ජාවාරමකුත් සිද්ධ වෙන බව
මේවා දැඩි නියාමනයකට ලක් කළ යුතුයි.
ඩොක්ටර්ලා හිතන් ඉන්නෙ තමන් දෙයියො කියලා. පරක්කු වෙනවා නම් මිනිස්සුන්ට කලින් දැනුම් දෙන්න. වාහන හයර් ගිනි ගණන්. මේවා රටේ සියළුම වෛද්‍යවරුන් වගේම අන් අය දැනුවත් විය යුතුයි. සාමාන්‍යය මිනිසුනුත් ජීවිතේ ලොකු අරගලයක් වගේම සේවාවක් කරන බව අමතක කරන්න එපා. මේ දෙවල් හැදුන්නෙ නැත්නම් රට හැදෙන්නෙ නෑ. සෑම පුරවැසියෙකුගෙම කාලයට ගරු කිරීම උගත් නූගත් ඇතිහැකි හෝ නැති බැරි සෑම කෙනෙක්ම කළ යුතුයි.
මාතර ආසිරි එකේ දැන් මෙහෙම සිද්ධි කීයක් වුනා ද?ගන්න දෙයක් නැහැ ආසිරි නම්...
හැමතැනකම ඔහොමයි.කෝ මේවට වගකියන්න කෙනෙක්.පාලනයක් නොමැති රටක්.😔
Sha darnaya. Kata karapu mhtayata godak shetute thanks
මම දවස් 3ක් වෝඩ් එකේ නැවතිලා හිටියත් ඩොක්ටර් ආවෙ නෑ බලන්න වෝඩ් එකට. චැනලින් ටික බලල ගිහින්.