Lakshman Wijesekara - Populer Songs (Live Accoustic)
HTML-код
- Опубликовано: 10 фев 2025
- ලක්ෂ්මන් විජේසේකර ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් එක දිගට අහමු.
Lifetime Music චැනල් එකට සෙට් වෙන්න. යාළුවන්ටත් කියන්න.
ඔබේ අදහස් Comment කරන්න
Song List (ගීත ලැයිස්තුව)
0:00 ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ..//
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ..//
ඉඳ හිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ..//
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..
2:41 දෑත දෙපා ලන ගිගිරි සරින් - මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් - සෝක සුසුම් නොහෙලන් //
පෙරමග පියවර මැකෙන ලෙසින් - ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින් - අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
දෑත දෙපා ලන ගිගිරි සරින්..
නිදි යහනට වන් අකුණු සරින් - මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන් - විදුලිය සේ යළි සිනහ නොවෙන්
දෑත දෙපා ලන ගිගිරි සරින්..
6:47 දුර ඈත ජීවිතේ - පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ - වේදනා මාරුතේ //
දෑසේ වේලි ඔබේ ආරාධනා මැවේ //
මසිතේ ගලා හැලේ සිහිනේ අතීතයේ
දුර ඈත ජීවිතේ..
මා ඒ අතීතයේ ඈ හා මුලාවෙලා //
පිදු ඒ ස්නේහයේ සිත මා බිඳී තියේ
දුර ඈත ජීවිතේ..
9:52 ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි - දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ - බැස යන්නේ නැති සසර පුරා //
උපතින් උපතට චාරිකාවේ - දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යළි හමුවන්නෙමු අපි දෙන්නා
ඔබ මට තරුවකි..
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි - බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි - වෙරළක් වී ඔබ දකින නියා
ඔබ මට තරුවකි..
14:13 මේ ප්‍රේම සීමාමාලකේ හමුවී
නෙතුකැන් සලා ලතැවුල් නිවා - කඳුලින් සිනාසෙමූ
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී ....
රෑ පාළුවේ තුන්යාමයේ රැඳුනේ ඔබයි දෑසේ ....//
ඒ සීන ගී නිම වූ පැයේ හැඬුවේ මමයි රහසේ ....
මේ ප්‍රේම සීමාමාලකේ..
මේ ජීවිතේ අපි ගිම් නිවා සිටියේ අපේ සෙවනේ....//
ඒ මාවතේ රැඳුනේ සදා සුවඳයි අපේ දෙහදේ ....
මේ ප්‍රේම සීමාමාලකේ..
17:30 සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ... ඔබ ආදරය කලේ...//
තරු නැති කළුවර පාළු අහස් ගැබ - පුරා හදක් සේ පායා ආ ඔබ..//
කිමදෝ වෙන්ව ගියේ..
සමාව ඉල්ලා...
ඔබේ පෙමට වෙන්වූ මා හදවත - හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..
සමාව ඉල්ලා...
21.35 සඳ කඩා වැටී වෙරළේ - තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ - ලොව නිසොල්මනේ නැවතී //
ලිය ලතා පවනෙ හිනැහී - තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී - මේ අසිරිමත්වු දිනෙකී
සඳ කඩා වැටී වෙරළේ..
සඳ තරුද වැටුණු රැයෙහී - ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ - ආදරය දිනෙක සැඟවූ
සඳ කඩා වැටී වෙරළේ..
25:15 සඳ කිනිති නැමී විල් දියට එබී - සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ..//
සසල නොවී විල තිබෙන තුරා - දිලෙයි සඳ දියට යටින්..//
සසල වෙලා දිය කැළඹුණු දා - බිඳෙයි සඳ කැබලි පිටින්
සඳ කිනිති නැමී....
සසල නොවී ඔබ හිඳින තුරා - පෙනෙයි මා ඔබේ නෙතින්..//
සසර පුරා සැරි සරන තුරා - බලමි ලොව ඔබේ නෙතින්
සඳ කිනිති නැමී....//
30:32 සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ.. සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...
34:10 දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන්..
විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන්..
38:29 ඇයි තරහෙන් මානකාරි පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා
ඇයි තරහෙන් මානකාරි පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා ඇයි තරහෙන්
ඉවසිලිවන්තී කෝප නොවේවි ශාන්ත දාන්ත වේ//
කෝපය නෑ නෙත බැලුවම තීගේ //
සන්සුන් ලීලාවෙන් තිබේ
සැදී තිබේ සොබාව සේලේ
එපාය මිතුරි ගැන සංචල් සකි - එපාය මිතුරි ගැන සංචල්
ඇයි තරහෙන්
කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්ත වන්තියගේ //
අල්ලා ස්වාමිණි දකුණත ඈගේ //
ඉල්ලා දෙන්න සමා
නෙතේ නැතේ එ කෝප බැල්මා
සිත්හි පවතී තද කෝපා ඇගේ සිත්හි පවතී තද කෝපා
ඇයි තරහෙන් මානකාරි පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා
ඇයි තරහෙන්
Like කරල Share කරමු.