ආර්ථිකය වැටෙනකොට සල්ලි කොහෙද දාන්න ඕනේ?|සංපූර්ණ විග්‍රහය| අධිඋද්ධමනයෙන් නොමැරී ඉන්න හැටි (දෙවන කොටස)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @NisalHewagamage
    @NisalHewagamage 2 года назад +179

    සෑහෙන්න වටින වීඩියෝ එකක්. මේ data ටික හොයලා හරියට පෙළගස්වලා හැමෝටම තේරෙන විදියට ලස්සනට කියලා දීලා තියනවා. මහන්සි වෙලා මේ කරන වැඩේට බොහොම ස්තූතියි සර්!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +22

      බොහොම ස්තුත්යි නිසල්

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 года назад +3

      @@ScienceWithRuchira සර්, මගේ පුද්ගලික අත්දැකීම් අනුව ඉන්දියාව, පකිස්තානය වගේ රටවල ගුරුවරුන්ට වඩා අපේ ගුරුවරු ඉතා ඉහල මට්ටමක ඉන්නවා. ඉන්දියාවෙ online අධ්‍යාපනය කරන apps තියෙනවා නමුත් ලංකාවෙ ගුරුවරු ඊට වඩා ගොඩක් දක්ශයි. උත්සාහ කලොත් ලෝකෙට විශේශයෙන්ම ආසියාවටම online උගන්නන්ඩ ලංකාවෙ ගුරුවරුන්ට පුලුවන්.

    • @asirisudarshana536
      @asirisudarshana536 2 года назад +1

      දේ දෙන්නම මගේ ජීවිතේ legends දෙන්නක්...බොහොම ස්තූතී nisal sir ,ruchira sir උගන්නපු හැදේකටම

    • @amithasamanthi8421
      @amithasamanthi8421 2 года назад

      @@asirisudarshana536 අනිවාර්යයෙන්

    • @senaryasamarasinha5840
      @senaryasamarasinha5840 Год назад

      Chiken

  • @darshanaruwan7350
    @darshanaruwan7350 2 года назад +44

    "අධික පීඩනය ගල් අඟුරු, දියමන්ති බවට හරවනවා. අධික තෙරපුම මිදි, වයින් බවට පරිවර්තනය කරනවා. පීඩනයේ උණුසුම සහ වේදනාව, ජීවන සැකසුම් වෙනස් කරනවා. ගල් අඟුරු වගේ මිනිසුන්වත් කාලයත් සමඟ දියමන්ති බවට පත් කරනවා..." මෙවන් වටිනා වීඩියෝ මගින් අර්බුදය සාර්ථකව ජයගැනීමට අවශ්‍ය දැනුම බෙදා දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි !

  • @mudithahimala9555
    @mudithahimala9555 2 года назад +304

    සර්ගෙ වටිනා කාලය කැප කරගෙන මේ දත්ත එකතු කරලා සර්ට එතරම් සම්බන්ධ නොවූ විෂයක් ගැන මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දීම ගැන සර්ට ගොඩක් පින් ❤️❤️❤️❤️🙏🙏🙏.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +69

      මගේ සතුට තමයි ඒක. දත්ත සොයාගන්න අපහසු උනේ නැහැ

    • @this.2.234
      @this.2.234 2 года назад +23

      @@ScienceWithRuchira සර් මාරම නිහතමානී ❤️ ආදරෙයි 🙏💙

    • @dilkolla2369
      @dilkolla2369 2 года назад +8

      @@ScienceWithRuchira අනේ ඔව් සර් thank u 👍👍👍

    • @GihanDawakella
      @GihanDawakella 2 года назад +3

      @@this.2.234 o

    • @GihanDawakella
      @GihanDawakella 2 года назад +2

      @@this.2.234 o

  • @short-library3339
    @short-library3339 2 года назад +50

    හිනාවෙන් සහ පොඩි කෙනෙකුට පවා තෙරෙන භාෂාවෙන් බොක්කටම සහ මොලයටම වදින්නම කියා දෙනවා
    මෙතුමාගෙන් ඉගෙන ගන්නා අය වසනාවන්තයි💯😍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +6

      බොහොම ස්තුත්යි ඔබට, ඒ අයගෙන්ම තමයි අහලා බලන්න ඕනි ඉතින්. 🙂

  • @isurusrinath9904
    @isurusrinath9904 2 года назад +261

    ඔබවන් පුතුන් බිහිකල දෙමාපියන්ට පින් සිදුවෙනවා...
    ස්තූතියි දැනුවත් කිරීමට ❤💪
    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +87

      අම්මටයි තාත්තටයි ගොඩක් පින් තමයි

    • @dicksonmahanama4397
      @dicksonmahanama4397 2 года назад +5

      Thank you so much for your valuable information for the confused people due to inflation. This is a great attempt in this critical situation. Those who have enjoyed the benefits of free education, try to do something for the people without any delay . It is your responsibility.

    • @tharangagamage899
      @tharangagamage899 2 года назад +6

      @@ScienceWithRuchira ඔව් එතුමන්ලාට ජාති ජාතිත් පිං අත්වේවා... මේ වගේ අවස්ථාවක අදුරේ අතපත ගාන අපේ ඇස් පාදනවාට ඔබතුමාටත් පිං.

    • @sammurphy4122
      @sammurphy4122 2 года назад

      අරමුනක් නැති මිනීමරන්න ගෙවල් ගිනි තියන්න පසුබට නොවන ජේවීපී අරගලයටද ජයවේවා කියන්නෙ? ආන්ඩුව හොරා කෑවා වගේම අරගලයත් මනුෂ්‍ය ජීවිත බටලන්දේ එදා හිටි ආන්ඩු මරාදැමූ හැටියටති වඩා දරුනු විදිහට අරගලයට වාරඅද්ධ අය කපා කොටා මරා දැමීමෙන් සහ රටේ දේපල ගිනිතැබීමෙන් රට ප්‍රපාතයට ගෙනියන එකටද ජයවේවා කියන්නෙ

  • @krishanrathnayake8165
    @krishanrathnayake8165 2 года назад +56

    මම ආර්ථික විද්‍යාව උගන්වන සහ පශ්චාත් උපාධි හදාරන කෙනෙක්. ඔබේ විග්‍රහය අති විශිෂ්ඨයි. ඉතාමත් පැහැදිලි විග්‍රහයන්. සියල්ලටම ස්තුතී... ඇත්තෙන්ම ඔබව හමුවී කතා කරන්නට ලැබේනම් භාග්‍යයක් යැයි සිතේ... ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +9

      බොහොම ස්තුත්යි ඔබේ දැනුම බෙදාදීම ඉගැන්වීම තුලින් කරගෙන යනවාට, ලංකාව පොඩි රටක්නේ. හමුවීවී.

  • @sachi.KT5098
    @sachi.KT5098 2 года назад +149

    මේ වෙලාවෙ සර් මේ කතා කරන මාතෘකාවෙ වටිනාකම කියල නිම කරන්න බෑ.සර් මේ සම්බන්ධයෙන් කතා කරපු පලවෙනි video එකත් මේ video එකත් සම්පූර්ණයෙන්ම බැලුවා.මේ වෙලාවෙ අපිට ඕනම දේ මේක ❤️❤️❤️🙏🙏🙏

  • @rasindukosala3569
    @rasindukosala3569 2 года назад +32

    අපේ රටේ මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ සර්. 😥 මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් මෙහෙම කියල දෙන එකට ඔබතුමාට ගොඩක් ස්තුතී 🙏.

  • @fight-or-flight6352
    @fight-or-flight6352 2 года назад +101

    කුණාටුවට අපේ රටේ ජනතාව සූදානම් නැහැ.අඩුම ගානේ සමහරු මෙහෙම කුණාටුවක් එනව කියල දන්නෙවත් නැහැ.රටේ ක්‍රමය වෙනස් කරන්නට කලින් අපි පවුලෙන් පටන් ගත යුතුයි.පවුලේ ආර්ථිකයේ නාස්තිය අවම කරන්න ඕනෙ.

  • @niranjaladesilva5787
    @niranjaladesilva5787 2 года назад +52

    මේ vedio එක ගොඩාක් වටිනව අපි වගේ සමාන්‍ය මිනිස්සුන්ට ..ගොඩාක් හොද පැහැදිලි කිරීමක්..මට හිතෙන්නෙ subject එකට paper qualifications තියෙන කෙනෙකුට වැඩියෙන් තේරෙන භාශාවෙන් කරන ඔබගෙ පැහැදිලි කිරීම ඉතාමත් වටිනව...ඇත්තටම අපිට ඕනි practically කරන්න පුලුවන් දේ ගැන දැනගන්නනේ....තවත් මේ දේ ගැන මිනිසුන් දැනුවත් කරන්න...ස්තූතියි ඔබට...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +5

      හ්ම්, තේරුනේ නැහැ. වීඩියෝ එක සාමාන්‍ය කෙනෙක්ට පැහැදිලි කියලාද ඔබ සඳහන් කලේ ?

    • @niranjaladesilva5787
      @niranjaladesilva5787 2 года назад +1

      @@ScienceWithRuchira ඔව් ඔව්...අනිවාර්යයෙන්ම ...ඉතාම පැහැදිලියි ඔබතුමා ඉදිරිපත් කල කරුනු...ඇත්තටම මමත් පහුගිය කාලයේ ඉදන් නොයෙක් vedio බලනව අද අපේ රටේ තත්වය තේරුම් ගන්න. මේ vedio එක තමයි මට ලැබුනු හොදම පැහැදිලි කිරීම!

  • @truth...3917
    @truth...3917 2 года назад +136

    තවමත් අතිමහත් බහුතර මිනිසුන්ට රට යන අත ගැන අවබෝධයක් ඇත්තේම නැත... තමන් විස්වාස කරන ආන්ඩුව ආවිට තෙල්,ඩොලර්,හාල් අහසින් හෝ වැටෙයි යැයි සිතමින් රෑ 7.30 ආරම්භ වන කුනු මෙගා ටෙලි ටික බලමින් දවස ගෙවයි..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +30

      Harita hari, loku prashnayak eka

    • @Sasmika365
      @Sasmika365 2 года назад +12

      විවිධ නාලිකාවල දාවනය වන ඉන්දියාවෙන් ගෙන්වා හඩැකැවූ කතා මාලා මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරන නිසාත් එයින් ඔවුන්ට කෙටි කාලීන මානසික සුවයක් අත් කර දෙන නිසා නොදැනුවත් කමින්ම ඇබ්බැහි වී සිටින්නට අනාගතය ගැන සිතීමට කාලයක් නැත කාලීන ගැටලුවක් වී ඇති මෙයට ඔබගේ අදහස් පල කරමින් වීඩියෝවක් පල කරන්න අපිට ඔව්න්ව එම වීඩියෝව ඔස්සේ දැනුවත් කරන්න පුලුවනි

    • @truth...3917
      @truth...3917 2 года назад +2

      @@Sasmika365 ඉන්දියාව ලංකාව කියලා කුනු රසයේ වෙනසක් නැත.. එක් පොල්ලෙලි ගනුදෙනු කර ඉදිරියට එන්නට වෙර දරන මිනිසුන්ගේ නාටකයක් ඇරෙන්නට අනිත් ලාංකික හා ඉන්දියානු මලපහ නැරඹීමෙන් ඇතිවන කුනු ආස්වාදය නිසා ආර්ථිකය බම්බු ගැහුවත් අවුලක් මිනිස්සුන්ට නැත

    • @Sasmika365
      @Sasmika365 2 года назад +8

      @@truth...3917 ඇත්ත ඔබේ මතයම තමයි මාත් දරන්නෙ මේක ටික ටික වෙනස් වෙන්න ඕන එකපාරටම කරන්න බෑ...

    • @Henry-Onyx2022
      @Henry-Onyx2022 2 года назад

      Aniwaren eka hari👍✌

  • @lahirupalehepitiya3470
    @lahirupalehepitiya3470 2 года назад +35

    ඔබට ගොඩක් පින් සර් ! ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ඔබේ ගුරුවරුන්ටත් පවුලෙ අයටත් ඒ පින නොඅඩුව ලැබේවා !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +1

      දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් පින්

  • @virajkarunathilaka6660
    @virajkarunathilaka6660 2 года назад +32

    ලංකාවේ දැන් තත්වය එක්ක. මේ වීඩියෝ එක බලලා තේරුම් ගත්තා. අප්‍රිකාවේ වගේ අපිටත් පුළුවන් අඩු වියදමින් පොහොරත් නැති ව මංඤොක්ක වගා කරන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +2

      ලොකු සතුටක් මේක

    • @erangaweerasinghe2018
      @erangaweerasinghe2018 2 года назад +3

      ඔව්,ඉදිරි සහල් හිඟයට එය හොද පිලියමක්.මිදුලේ ඉඩ මදි නම්,පොහොර උර මීට විසදුමක්.විසිතුරු මල් සදහා යන ඉඩත් මෙයට යොදන්න.
      ජීවත්වීමට මෙය වැදගත්.

    • @virajkarunathilaka6660
      @virajkarunathilaka6660 2 года назад +1

      @@erangaweerasinghe2018 ow wathura madi kiyala athrala thiyena kuburuwala hadenawa wikunaganna bari tharam. Piti hadanna puluwan nam mulu ratema hadannath puluwan

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +7

    ඔබතුමා හටත් ඔබතුමා ගෙ, දෙමව්පියන් ටත්, පින්සිදු වේවා, බුද්ධිමත්,බව,සහ,, මෛත්‍රී,,දයාගුනපරි,මෙවන්,උතුමන්,අපෙ,රටට,වාසනාවන්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад

      අම්මටයි තාත්තටයි, ගුරුවරුන්ටයි, හොඳ නරක කියා දුන් හැමදෙකෙන්ටයි එහෙම වෙන්න ඕනි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 года назад +76

    සර්.. රටේ මිනිස්සු තාමත් සිහින ලෝකවල..
    ඒ අතර, අද උදෑසනම අපට දිය හැකි වටිනාම දේ වන, දැනුම්වත්භාවයත්, අධ්‍යාපනයත්, මගින් ඔබතුමා මේ කරන කර්තව්‍යය අතිමහත්ය. මාවිසින් මේ වටිනා කරුණු මාගේ දැනුමට ආයෝජනය කරගනිමින් යම් ක්‍රියාමාර්ග ගැනීමට පුරෝකතනය කරගතිමි. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏. තවත් මෙවන් කරුණුතුලින් සමාජය දැනුම්වත් කරන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +4

      හොඳයි ඉදිරියට මේ ගැන කතා කරන්නම් චාමර

    • @prabuddhabandara1976
      @prabuddhabandara1976 2 года назад +1

      සර් පින් කියන්නේ මතු බුදුවෙන්ඩ ඕනේ සර්. කිසිම වාසියක් බලාපොරොත්තු නොවී මේවගේ දේවල් අපිට කියලා දෙනවට පින් සිද්ද වේවා සර් සර්ට ජයෙන් ජයම වේවා සර් වග්‍රෙ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ සර්

  • @agreenagriculture
    @agreenagriculture 2 года назад +14

    බොහොම ස්තූතියි ඔබතුමාට.
    රටට අවශ්‍යතම වෙලාවක මිනිස්සුන්ට මේ දේවල් කියල දෙනවට.
    මොකද රටේ තියන එකම මාධ්‍ය නාලිකාවක්වත් මේ වගේ වැදගත් දෙයක් ප්‍රචාරය කරන්න උත්සාහ ගන්නෙ නැ. මිනිසුන්ව තවත් අදුරට තල්ලු කරනව මිසක්.

  • @kushantha9468
    @kushantha9468 2 года назад +104

    මේ වගේ උගත්තු ඕන ගෙන්වන්න රූපවාහිනි වැඩසටහන් වලට.❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +42

      :-), තවම උගත් වෙන්න උත්සහ කරන ගමන්.

    • @thelife8836
      @thelife8836 2 года назад +6

      රූපවාහිනී වැඩසටහන් වලට යන්න නම් හොරකම් කරල තියෙන්න ඕන

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් 2 года назад +7

      @@ScienceWithRuchira නිහතමානී කම 😍😍

    • @kushantha9468
      @kushantha9468 2 года назад +5

      @@ScienceWithRuchira ඔබතුමා අපිට අනුව උගතෙක් සර් මේ නූගත් මිනිස්සු අතරේ.හොඳ දැක්මක් තියෙන, මිනිස්සු ගැන හිතන.❤️

    • @Top10-l4t8c
      @Top10-l4t8c 2 года назад

      @@ScienceWithRuchira qqaa

  • @ruwanabeysinghe6304
    @ruwanabeysinghe6304 2 года назад +37

    හැමදාම වගේ බොහොමත් වැදගත් දේශනක්.. බොහොමත් ස්තූතිය. රට තුල අපනයන කරුවන් විශාල වශයෙන් ඇති නමුත් ඒ සදහා තව පුද්ගලයන් සම්බන්ධ කරගැනීමේ අඩුවක් මම දකිනවා.. ගමේ හැදෙන කොස්,දෙල්,දෙහි.. වගේ දෙවල් ඉබේ විනාශට පත්නොවී ආනයන කිරීමේ තත්ත්වයට පත් කරගැනීමට හැකිනම්.. පොඩි මිනිසාටද යම් ආදායමක් උපයා ගත හැක. ඒසදහා යම් පිරිසගේ එකතුවක්(group) නිර්මාණය කරගත හැකිනම් එය වැදගත් හා ප්‍රයෝජනවත් වෙයි. දැනට ඇත්නම් link share කරන්න. ස්තූති.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +7

      ගොඩාක් වැදගත් අදහසක්

  • @chanupachathwara5824
    @chanupachathwara5824 2 года назад +125

    I think this is the only channel that properly educates people about what is this economic crisis and what we should do in this situation. These types of videos needs more coverage but it is highly unlikely to happen in Sri Lanka. Great Job!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +55

      අවශ්‍ය අය බලාවිනේ. එහෙම හිතලා එකතු කරනවා. 1000ක් බැලුවත්, විශ්වවිද්‍යාලයේ දේශනා අහන ප්‍රමාණයට වඩා වැඩියිනේ

  • @amalrodrigo9817
    @amalrodrigo9817 2 года назад +13

    ඔබ තුමාගේ දැනුම තුලින් ජනතාව දැනුවත් කිරීමට ගන්නාවූ උත්සාහය ඉක්මන් අගය කරමි .මෙම උතුම් සත්කාරය සදහා ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🙏❤❤❤

  • @jagathkumara1035
    @jagathkumara1035 2 года назад +9

    ඔබතුමා ගේ මේ සද්කාර්යය නිසා අනාගතයේ ලංකාවේ උගත් පුද්ගලයන් පමණක් ආරක්ෂා වෙන ආකාරයේ ස්වාභාවික වරණයක් ඇති වෙන්න පුළුවන් කියා මට හැඟෙනවා. ස්තුතියි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +3

      එහෙම වෙන එක නම් හොඳ නැහැ. උගත් කම මිනිසෙක්ගේ මැනීමක් වීම සුදුසු නැහැ. ගුණවත්කම ඊට වඩා හොඳ මිනුමක්

  • @rusiruweerarathna590
    @rusiruweerarathna590 2 года назад

    මේ මාතෘකාවට අදාල වීඩියෝ දෙකම බැලුවා. යමකට ආයෝජනය කිරීම ඉතා වැදගත් වුනත්.! මාගෙ අත්දැකීමට අනුව ලංකාවෙ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මෙතෙක් කල් ලැබුණු වැටුප් වලින් ආයෝජනයක් කල හැකි මට්ටමට ඉතිරියක් කරගෙන ඇත්තේ 10% ක් පමණ පිරිසක් විය හැක. මාස 4 ක පමන සිට ලැබූ වැටුප් වැඩි වීමක් බොහෝ ආයතන වල සිදු වී නැති බැවින් ඔවුනට අහාර ලබා ගැනීම සහ ලබා ගත් ණය වාරික ගෙවීමට පමනක් ප්‍රමානවත් වීම දක්නට ලැබුණි.
    මගේ යෝජනාවක් නම්.
    රජයේ අනුමැතිය ඇතිව ලංකාවට ඩොලර් ලබා ගනුවස් වෘත්තීමය අත්දැකීම් බහුල ව්‍යාපාරික හවුලක් මගින් පිටරටවල් සඳහා අපනයනය කල හැකි වැලි කැටයක් හෝ ඇත්තේ නම් ඔවුන්ගේ මදිහත් වීමෙන් එය පරිපාලනය කර සාමන්‍ය ජනතාවට අපනයන අවස්තා ලබා දීම ඉතා සුදුසු වේ යැයි මම සිතමි.
    ලංකාවට අවශ්‍ය සියලුම දෑ ලංකාව තුළම නිශ්පාදනය කිරීම වහ වහා ආරම්භ විය යුතුයි. රජය ඒ සඳහා අකුල් හෙලීම නොකළ යුතු අතර උදව් දීමට නොහැකි නම් පසෙකට වී සිටියයුතුයි.
    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉතා විශාල ප්‍රමානයක් සඳහා අනුමැතිය ලබා දී නැති බව දැනගන්නට ලැබුණු අතර ඩීසල් භාවිතයෙන් සිදුවන විදුලි උත්පාදක අවම කිරීම වෙනුවෙන් හැකි තාක් සූර්‍ය ශක්තිය හා මුහුදු පෙදෙස් වල සුලං , උදම් රළ ව්‍යාපෘති සඳහා අවසර දිය යුතුයි.

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 года назад +35

    බොහොම ස්තූතියි වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන්, අපේ රට අධි උද්දමනයෙන් බේරා ගැනීමට පුළුවන් ක්‍රමවේද ඔබ වගේ බුද්ධිමතුන් එකතු වෙලා ඉක්මනින් ගන්න, අපේ රට හෝරා කාපු උන්ගේ මෝල පාදන්න මහත්මයා ඉක්මනින් තෙරුවන් සරණයි ඉදිරියේදිත් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න ස්තුතියි

    • @shenyamunasinghe7880
      @shenyamunasinghe7880 2 года назад +1

      මෙච්චර කියලත් බුද්ධිමත් අයට මේ රට ගොඩ දාන්න බාර දෙන්න, නීතිය ස්ථාපිත කරන්න කියල පාලකයො මේව කනකටවත් ගන්නෙ නෑ.. මේ රට දරුණු අගාධයකට යන්නෙ බලා ඉද්දිමයි.. කාටවත් කරන්න දෙයක් නෑ. ලෙබනන් තත්ත්වයටම මේ රට ඇදෙයි වගේ..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +10

      මට කරන්න පුළුවන් උපරිමය ඉතින් ඉගැන්වීම තමයි. හැබැයි ජනතාව දැනුවත්වීම ලොකු බලයක්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +4

      ලොකු අවදානමක් තියනවා

    • @කළිදු
      @කළිදු 2 года назад +2

      සර් ගෙ හැකියාව ඉගැන්වීම. ඔබතුමා හදුනාගෙන තියෙන සංකල්ප දැනුමෙ අඩුකම ඉතා දරුණු ප්‍රශ්නක්. නිතරම හැම ගැටලුවකම අවසානයේ බැනුම් අහන්නේ අධ්‍යාපනය . නමුත් අධ්‍යාපනය දියුණු කිරීම ගැන හැමෝම දක්වන්නේ හණමිටි අදහස් හා කුඩම්මාගේ සැලකිලි. ඔබතුමා ඒ ගැන යමක් කරනවානම් ලොකු දෙයක්

  • @trcoperation
    @trcoperation 2 года назад +1

    ඔබතුමාගේ මෙම පැහැදිලි කිරීම් මුළු සමාජයටම විශාල සේවයක්. මා සිතන විදිහට මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට වර්ෂයක් ප්‍රමාණවත්.1 අර්බුදයෙන් ගොඩ ඒමට මිනිස්සුන් තුළ උවමනාවක් තිබිය යුතුය. අපේ සමාජ හැඩ ගැසී ඇති ආකාරය අනුව ඒ සදහා ඔවුන්ගේ මනස මේ සදහා පෙළඹ විය යුතුය. ජනතාව ඉල්ලනදේ සාධාරණ උවත් අසාධාරණ උවත් පාලකයන් එය උපාය ශිලීව ඉටුකර ඉලක්කයක් ලබා දීම. උදාහරණයක් ලෙස ගෝඨාභය ජනපති ආගමනයත් සමග ජනතාව පොදු ස්ථාන වල ස්වේච්ඡා වෙන් සිතුවම් ඇඳීම සිදු කලා. මෙය ඉතා ඉක්මනින් රට තුළ පැතිර කෙටි කාලයක් අති විශාල සිතුවම් ප්‍රමාණයක් නිර්මාණය කලා. ආර්ථිකයත් මෙවැනි රැල්ලක් මගින් නගා සිටුවීය හැක. 2.බහුතරයක් මිනිස්සුන්ගේ මතයක් තිබෙනවා දේශපාලන මැති ඇමැතිවරු තමයි රට සංවර්ධනය කරන්නේ ඔවුන් අතේ තමයි වැඩ සියල්ල තියෙන්නේ කියලා. ඒ නිසා ජනතාව තමන්ගේ රැකියා කරගෙන පාඩුවේ ඉන්නවා. මේ ආකල්පය දුරුකර ජනතාව තම තමන්ගේ කටයුතු වලට පමනක් නොව පොදු සමාජ උවමනා ඉටු කල යුතුය.3. ජනතාව පාට පක්ෂ වලට නොබෙදී තමන් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක වශයෙන් පුද්ගලයන් එක් අයකු හෝ දෙදෙනෙකු පාර්ලිමේන්තුවට යැවීම. 4 රටට ඉතාම හොඳ මේ අවස්ථාවේ ආර්ථිකය නැංවීමට හැක්කේ කෘෂිකර්මාන්තයට හා සේවා අංශයට පමණයි. කර්මාන්ත අංශය යම් තත්වයකට රට පැමිණි විගස ආරම්භ කල යුතුය.5. මිනිසුන් තවමත් සිතන්නේ මෙපමණ කාලයක් විදේශ නිශ්පාදනය මෙරටට ලැබුණා සේම ඩොලර් ප්‍රමාණයත‍් විදේශය යෙන්ම එවන තුරුය. මේ ආකල්පය ද වෙනස් කර අපනයන හා සේවා තුළින් ඩොලර් ඉපයීමට පුරුදු කල යුතුය. මෙහි අඩුපාඩු ඇත්නම් නිවැරැදි කර දෙන්න

  • @sick8448
    @sick8448 2 года назад +10

    ස්තූතියි සර්
    ලංකාවේ සංකල්පමය වශයෙන් තියෙන අඩුව පුරවන්න දරණ උත්සහයට.
    මේ වෙලාවේ වටිනම පැහැදිලි කිරීමක්

  • @Fusion.5
    @Fusion.5 2 года назад +1

    රුචිර සර්ගෙ කතා මං අහන්න ආසම වෙන්න එක ප්‍රධානම හේතුව තමයි එක පෙළට ලස්සනට කතා කරන විලාසය. සර් කොළයක්වත් බලන්නැතුව ලස්සනට ලයාන්විතව කතා කරනවා.

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 года назад +7

    පුළුවන් හැමෝම ලයික් එකක් දාගෙන යන්න මේවා ට්‍රෙන්ඩ්න් එන්න ඕන.... මොකද මේ වෙලාවේ ගොඩක් වැදගත් මේ වගේ වැඩසටහන් 🙏🙏මිනිස්සු දැනුවත් වෙන්න ඕන මේ ගැන..... පුළුවන් හැමෝම පොදු ප්‍රවාහනය බාවිතා කරන්න..... සරල ව ජිවත් වෙමු... මේක ටික කාලයයි.... අපි අපේ සැපවත් ජිවිත පොඩි කාලෙකට කැප කරමු..... මේ වෙලාවේ රට වැටෙන්න දෙන්න එපා.....

  • @tharindunawanjana2742
    @tharindunawanjana2742 2 года назад +2

    සර්ගෙ විශයට පමණක් සීමා නොවී, සමස්ථ සමාජයටම මේ අර්බුදකාරී කාලයේ හිග වී ඇති අත්‍යවශ්‍ය සංකල්ප, නොමසුරුව ලබා දීමේ වටිනාකම, කියා නිම කරන්න බෑ සර්🙏,

  • @hars-q9d
    @hars-q9d 2 года назад +22

    සර්, පුලුවන් නම් solar panel basic and පුනර්ජනනිය බලශක්ති ගැන video ඵකක් කරන්න
    ස්තුතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +5

      හොඳයි ඉදිරියට කරන්නම්

    • @hars-q9d
      @hars-q9d 2 года назад

      @@ScienceWithRuchira
      බොහොම ස්තුති සර්

    • @nuwankumara600
      @nuwankumara600 2 года назад

      👍👍👍👍

  • @promo4206
    @promo4206 2 года назад +2

    මෙක තමයි ඇත්තම කතාව තාම මිනිස්සුන්ට කිසිම අවබෝදයක් නෑ වෙලා තියෙන්නෙ මොනවද වෙන්නෙ මොනවද කියන එක ගැන! කෑ ගගහා ඉන්න එක විතරයි කරන්නෙ අඩුම ගානෙ එක ඩොලර් එකක් රට ඇතුලට ගේන්න උත්සාහ කරන්නෙ නෑ එක එක පක්ශ වලට කඩේ යන tv චැනල් වල නිව්ස් බල බල බැන බැන තමන් කඩේ යන නායකයා බලයට ගේන්න උවමනාව විතරයි තියෙන්නෙ මිනිස්සුන්ට ,එක අතකට අපේ මිනිස්සු හරි පව් දේශපාලකයොත් මිනිස්සුන්ව අන්දනවා සෑහෙන්න. හරි උගත්කමක් නැති එක ලොකුම හේතුවක් මිනිස්සුන්ට මෙහෙම වෙන්න. අඩුම ගානෙ කෑ ගගහා ඉන්න වෙලාවෙ යූටියුබ් එකෙන් ග්‍රැපික් ඩිසයින් ඉගනගත්තත් පාඩු නෑ මේ වෙලාවෙ. ඒවට මාකට් එකක් නම් ප්‍රශ්නෙ ෆයිවර් , අප්වර්ක් වගේ ඩොලර්ස් ගේන්න පුලුවන් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරන්න පුලුවන්. බොහොම ස්තූතියි සර් මිනිස්සුන්ගෙ ඔලුවට දැනුමක් දීලා රට ගොඩගන්න උත්සාහ කරනවට ❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ඔබ තුමා නියම ගුරුතුමෙක්.අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ රටට කියල දෙනවා තෙරුවන් සරණයි.......!!!🙏🙏🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад

      බොහොම ස්තුත්යි ඔබට. ඉදිරියට කතා කරන්නම්

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 Год назад

    ඔබතුමා අපේ රටේ අමිල සම්පතක් තමා ගේ පුද්ගලික සුඛවිහරණය පිණිස මේ රට අතහැර යන් බහුතරයක් උගතුන් අතර ඔබතුමා කරන මේ සේවය ට ලාංකිකයන් ලෙස අප සදා ණය ගැතිවිය යුතුය.ඔබතුමාගේ සියලු වීඩියෝ ඉතා කැමැත්තෙන් මම නරඹන කෙනෙක්මි.තවදුරටත් මෙම කාර්‍ය්ය කිරීම ට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා. එසේම මම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @sureshjayampathi
    @sureshjayampathi 2 года назад +31

    මේ මොහොතේ වැදගත්ම දැනුවත් කිරීමක්.♥️ ඔබට බොහොම ස්තූතියි!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +3

      බොහොම ස්තුත්යි

    • @BUNNY-og1de
      @BUNNY-og1de 2 года назад

      @@ScienceWithRuchira Dear Sir, in the line of application chemistry one could do contract synthesis of drug intermediates.

  • @UsiraK
    @UsiraK 2 года назад

    ගොඩක් මහන්සි වෙලා ලංකාවෙ උන් ගැන හිතලා හ්දපු කලොචිත දැනුවත් කිරිමක්
    බොහොම ස්තුතියි මහත්තම්ය ඔබට ජය..
    ප.ලි -: ඉල්ලිමක් කරන්න කැමැති ජිව වායු ගැන තාකශනික පැත්ත වගෙම ගෙදරදි හදග්නන නිවැරදි ක්‍රම ගැන පොඩි පැහැදිලි කිරිමක් ඔනේ
    මගේ බලප්පොරොත්තුව ජිව වායු කට්ටල නිවර්දිව ඒ ඒ ප්‍රදෙශ පාරිසරික තත්ව වලට හ්දලා market එකක්ට දන්න ඉතාම සධරන මුදලක්ට
    හමෙබෙන මුදලින් දුප්පත් අයට නොමිලෙ හදල දෙනවා. මේ පිලිබදව ගොඩක් විස්ත්‍ර තිබුනට තාක්ශනික දැනුම අව්ශය බව පෙනුනා මේ වගේ වීය්‍ය්‍තියක් කරන්න ය්දද්දි.

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 года назад +7

    2 nd comment.සර් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 года назад +1

    ඉතාමත් උතුම් සේවයක් ඔබ කරන්නේ . විවේක ඇති විට ඔබේ video බලන එක දැන් පුරුද්දක් වෙලා .🙏🙏🙏🙏

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 года назад +8

    සර්, ඔබතුමාට හැකි පමණ මි අදහස් අප රටේ බහුතර ජනතාවට ලබා දෙන්නත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. එසේම සෑම ජනමාධ්‍ය ආයතනයකින්ම ඔබතුමාගේ මේ අදහස් ජනතාව අතරට නිතර නිතර ගෙන යාමට වැඩ පිළිවෙලක් දියත් කරන මෙන් ඉල්ලා සිටිමි. අප රටේ ජනතාවට තාම මේ ගැන කිසිම හැඟීමක් නෑ. ඔබ තුමාට දීර්ඝයු ලැබේවා! තෙරුවණ් සරණයි !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +3

      :-), මම ඉතින් කරන්නේ ඒක තමයි. ජනමාධ්‍ය ආයතන වල වටිනා විද්‍යුත් කාළය යම් පමනක් විද්වතුන් සඳහා වැය කරනවා දැකලා තියනවා.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 года назад

    ඇත්ත ,ඔබතුමාට පින් මිනිසුන්ට යන්න පුලුවන් නිවැරැදි මාර්ගය ක් අධිඋද්ධමනය වන ලංකාවට හෙළි කිරීම ගැන

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 2 года назад +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුති. ඔබ තුමා රට වෙනුවෙන් කරන මේ උදාර කටයුත්තට මුලු රටම නය ගෙති. ❤❤

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 года назад +2

    සර් ඉදිරිපත් කරන ...මේ මූලධර්ම රට පාලනය කරන ...නූගත් පාලකයන්ට නොතේරීම කණගාටුවට කරුණක් ....ස්තුතියි සර් ...මිනිසුන්ව දැනුවත් කරාට..

  • @chaminda23
    @chaminda23 2 года назад +5

    එතරම් සම්බන්ධ නොවූ විෂයක් ගැන මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දීම ගැන සර්ට ගොඩක් පින් ❤❤❤❤🙏🙏🙏.

  • @ranjithdissanayake
    @ranjithdissanayake 2 года назад

    ඔබ තුමාව සමිබන්ධ කර ගැනීමට අවශ්‍යයි

  • @suuurocks3926
    @suuurocks3926 2 года назад +14

    බොහොම ස්තුතිය සර් . කලයුත්තෙ කුමක්ද කියා පැහැදිලි කර දුන්නට. ( දැහැමි දුවගෙ කර්‍යක්ශුම ලිප හැදුවා අති සාර්ථකයි ) ස්තුතිය .....!!

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 года назад +2

    යාලුවන්ටත් මැසෙන්ජර් වලින් යවලා වටිනා මේ දේශනාව බෙදාගෙන අපේ ප්‍රස්න වලට උත්තරය හොයා ගත්තා .ගොඩක් පින්

  • @sanathjayasekara6004
    @sanathjayasekara6004 2 года назад +4

    බොහෝම සරලයි ඇත්තටම ගොඩක් සරල විදියට තේරුම් කරල දෙනවා ස්තූතියි සර්..!!!

  • @harshanidissanayake8755
    @harshanidissanayake8755 2 года назад

    සර් ගෙ දේශන සරලයි අවබෝධ කරගන්න ලේසියි මගෙ ජීවිතේ මම හොයන දේවල් වලට උත්තර සර්ගෙ දේශන වල තියෙනවා ඒව අැහුවම මගෙ stress ඒකත්.අඩු වෙනව හිතට සැහැල්ලුවක් දැනෙනවා සර් වගේ මිනිස්සු රටට සම්පතක් ❤❤❤

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 2 года назад +9

    ලංකාවෙ එකම පරාර්තකාමී උගත් බුද්දිමත් මනුස්සයා,,,respect sir ❤️

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 2 года назад

    සර් ඔබතුමා විශිෂ්ටම ගුරුවරයෙක්, මම සර්ගේ හැම වීඩියෝවක්ම බලනවා. මම සාමාන්‍ය දවසේ රැකියාවක් කරන පොඩි මනුස්සයෙක්. ඒත් මේ සංකල්පවල වටිනාකම කියාදුන්නෙ ඔබතුමා. මගේ බිරිඳ ඔබතුමාගේ විශය තවම ඉගනගන්නා කෙනෙක්. ඇයට ද අහුනොවිච්ච විශේෂ කරුණු ඉගනගන්න ඔබතුමාගෙන් රුකුලක් ලැබුණා. ඔබතුමාගේ උත්සාහයට බොහෝම ස්තූතියි, බොහොම පිං. ඔබ ගැන සියත රේඩියෝ එකේ අරවින්ද මහත්මාද හදුන්වා දුන්න දවසක්. ඔබතුමා සම්පතකි..❤❤

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 2 года назад +5

    නියමයි 👏👏👏 කාලෝචිත අදහස් හුවමාරුවක්‌... ඉතාමත් වටිනවා.. ඉදිරියටත් මේවගේම වීඩියෝ කරන්න ගොඩාක් වටිනවා 🙏🏻

  • @nadeeradahanayake2561
    @nadeeradahanayake2561 2 года назад +2

    I'm in IT sector. I don't know much about Economics. But last years I learn thing or two about these things.
    if there is one thing I'm sure of, I am good at strategy and figuring out patterns. So I predicted this is
    going to happen to us very soon. I told them to buy gold(almost 2 years ago I told them that),real estate(good easy to sell ones) or plantation like coconut,tea,cinnamon ect..
    but no one believed me..my relatives, even my own mom & dad didn't believe me. Now they are holding cash and taking heavy losses.
    they only believes the things that are coming out of sir Lankan tv channels.
    It is kind of depressing, that I saw this coming but still I couldn't save my family from taking a big loss. I'm going to show this video to my parents and try to change their mind one last time. Thank you for creating this valuable video sir..!!

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 2 года назад +6

    බොහොමත්ම ස්තූතියි මේ දේවල් අපිට පැහැදිලි කරලා දෙනවට. මේ යන විදියට නරක අතට යනවා කියලා තේරෙනවා. ඒත් මෙච්චර නරක අතට යයි කියලා හිතා ගන්න බැරි උනා.

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 года назад

    නිදහස් අධ්‍යාපනය බුද්ධි ගලනය වන මේ කාලයේ ඔබ වැනි වටිනා කෙනෙක් තවමත් අප රටේ තුළ සිටීමත් සන්තෝසයක් , අමාරු කාලයක තමන්ගේ ජීවිතය බුද්ධිමත්ව හැඩගස්වා ගන්න ඔබ ගන්නාවා වෑයමට ගොඩාක් පින්, තවත් වටින දැනුවත් කිරීම් කිරීමට ඔබට ශක්තිය ලැබේවා

  • @manjithjanakantha
    @manjithjanakantha 2 года назад +5

    මේ වෙලාවෙදි මිනිස්සුන්ට මීට වඩා වටින මාතෘකාවක් තියෙන්න විදියක් නෑ
    වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි
    අපි දැන් කරන්න ඕන අමාරුවෙන්හරි අභියෝගයට අවබෝධයෙන් සූදානම්වන එක සර් කියනවා වගේ 🙏

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 2 года назад

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි නොදන්නා කරුණු රාශියක් පෙන්වා දීම සම්බන්ධව. අවසානයට ඔබතුමා කියපු දේ ගැන ලොකු ගෞරවයක්, පැහැදීමක් ඇති උනා. ඒ තමයි නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය සාමාන්‍ය මහජනයාට මේ ව කියල දෙන්න ඕන කියන හැඟීම. ඒක ඉතාම උසස්. ඔබතුමාට ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. එලෙසම ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි පතමි. තෙරුවන් සරණයි.......👍🙏🙏🇱🇰🇱🇰

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +10

    බොහොම,දෙනෙක්, අපිට වෙන්න යන දේ තේරුම් ගන්නෙ නැතුව තමන් කැමති දේශපාලන පක්ෂයදිනවවන්න,හීන, මවනවා එතකොට සේරම,හරියයි,වගේ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад

      ඔව් එහෙම කරුණක් නම් මටත් පෙනුනා

  • @artmediya
    @artmediya 2 года назад

    සර්ට ගොඩාක් පින් සිද්ද වෙනව පුලුවන්නම් ඩොලර් හොයන්න පුලුවන් අලුත් ක්‍රමවෙද ගැන පැහැදිලි කරන්න පුලුවන්නම් මෙ වෙලාවෙ..මිනිස්සු ගොඩාක් හොයනව සල්ලි හොයන අලුත් ක්‍රම වෙද ගැන..intrenet money ගැන ගොඩාක් දෙනෙක් හොයනව..

  • @dhanushka4u
    @dhanushka4u 2 года назад +4

    ඉතාමත් වැදගත් කාරණාවක් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තුතීයි

  • @jeffery9781
    @jeffery9781 2 года назад +1

    ඔබගේ වටීනා කාලය සදහා RUclips Ads හරහා මා හෑකි පමණ අනුග්‍රහයක් දෑක්වුවා❤

  • @oooo1541
    @oooo1541 2 года назад +20

    As a human I really appreciate your effort to make better future... You are a great person which I met in ...❤️🔥👌👍

  • @Alexyyyy123
    @Alexyyyy123 2 года назад +2

    මමත් විද්‍යාව හැදෑරූවෙ...
    ඔබ කතා කරපු දෙවල් ගැන නම් වැඩි වැටහීමක් තිබූණේ නෑ...ඒ නිසා බොහොමයක් නොදන්නා දෙවල් ගැන දැනගන්නට හැකි උනා..බොහොම ස්තුතියි මහත්මයා..ඔබ කරන මෙම සේවයට...
    දිගටම මේ ගැන හැකි නම් දැනුවත් කරන්න..

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 года назад +10

    සෑහෙන්න වටිනව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන කියල දුන්නට. ඔක්කොම ප්‍රශ්නය ගැන කතා කලාට කරන්න ඕන දේවල් කියන්නෑනෙ. ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +1

      ටිකෙන් ටික තේරුම් ගන්න එක වැදගත්

  • @leelaweerakkody776
    @leelaweerakkody776 2 года назад

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙවගේ අවස්ථාවක සිදුකරන මේ ජාතික මෙහෙවරට...ඔබතුමා මෙහි අවසානයට පවසන අයුරින්, මේ වන් අර්බුදකාරී අවස්ථාවක ඉන් මිදීමට ඔබතුමා මෙන් මේ පිලිබඳ විශේෂඥ දැනුම ඇති, මේ පිලිබඳ අද්දැකීම් ඇති පුද්ගලයන් එකතුව මේ පිලිබඳ තවදුරටත් දැනුවත් කිරීම් කර අපේ ජනතාවට මේ අර්බුදකාරී තත්වයෙන් අත් මිදීමට, ජතියක් හැටියට යම්තරමකින් හෝ නැගී සිටීමට, යම් වැඩපිලිවෙලක් ගොඩනැගිය හැකිනම් එය කොතරම් අගනේද...

  • @buddhikachamal9398
    @buddhikachamal9398 2 года назад +6

    ලොකු දැනුමක් හම්බුනා sir..ගොඩක් ස්තූතියි.

  • @rcliyanage9091
    @rcliyanage9091 2 года назад +2

    ඔබතුමාගෙ මඟ පෙන්වීමට බොහෝම සිතූතියි. ❤❤❤

  • @studios778
    @studios778 2 года назад +12

    One of the best content creator I found in Sri Lanka. Well educated, simple and humble human being. By making people concepts fully is The only path to bring Sri Lanka from developing to developed level. Thanks a lot for what you have done and keep doing.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад

      🙂 ඔබට බොහොම ස්තුත්යි.

  • @niroshangunasekara5901
    @niroshangunasekara5901 2 года назад

    හැමෝටම තේරෙන විදියට ලස්සනට කියලා දීලා තියනවා

  • @ceylon_elites
    @ceylon_elites 2 года назад +5

    අපි බැංකු ස්ථාවර තැන්පතු වල වැඩි පොලියකට මාස තුනකට පාරක් නැවත අරං මාස තුනක් ඉතිරි කරපු මුදලුත් එකතු කරලා නැවතත් මාස තුනකට ස්ථිර තැන්පතු වල දාන එක තමයි මමත් කරන්නේ 👍 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +1

      බොහොම ස්තුත්යි . මේ ගැනත් කතා කළා

  • @vietnamlien2773
    @vietnamlien2773 2 года назад

    මම සර්ගේ විඩියෝ එකක් මග අරින්නේ නැතුව බලනවා.. ගොඩක් වටිනවා මේ කරන වැඩේ

  • @gamisuwada2389
    @gamisuwada2389 2 года назад +11

    ඒ දැනුම සල්ලි වලටවත් ගන්න බෑ..බොහොම ස්තූතියි සර්🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +4

      ඔව් එක ඇත්ත, ඒ නිසාමයි නොමිලයේ දෙන්නේ! :-)

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 2 года назад +1

    හොඳ අවබෝධයක් ලැබුවා සර්. බොහොම ස්තූතියි 🙏🏽

  • @hiruu9002
    @hiruu9002 2 года назад +33

    සර්,මේ යන විදියත් එක්ක ඉගෙන ගන්න ළමයිට මොනවගේ දෙයක්ද කියන්න පුළුවන් ? Government campus වලට මොනා වෙයිද?Degrees වල international valid එක අඩු වෙයිද?maths,science stream වල?විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටෙන්න අවස්ථාවක් තියෙනවද.එහෙම වෙනවනම් ඒ කොච්චර කාලෙකින්ද?🥲
    මේ ගැන වීඩීයෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා.

    • @AlwaysOOOps
      @AlwaysOOOps 2 года назад

      Check central bank website to see education inflation
      www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220523_inflation_in_april_2022_ncpi_e1.pdf

    • @harsha015
      @harsha015 2 года назад

      මටත් මේ ගැටළුව තියෙනව. කෙටි පැහැදිලිකිරීමක් වුනත් ප්‍රමාණවත් . මම මේ ගැන හොයල බැලුවත් ලැබෙන දත්ත එකිනෙකට පරස්පරයි. විශ්ව විද්‍යාල පද්ධතියට සත්‍ය වශයෙන් ම අධි උද්ධමන තත්වයක බලපෑම කෙබඳු ද

    • @sandunruwantha1871
      @sandunruwantha1871 2 года назад

      Ow me gana pahadili kireemak karanda puluwannm loku udawwak

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 2 года назад +2

      රටක විශ්ව විද්‍යාල පද්ධතියත් රටේ අනෙකුත් සමාජ සංවිධාන වල තත්ත්වයෙන් එතරම් වෙනස් වෙන්නෑ. දියුණු රටවලට දියුණු විශ්ව විද්‍යාල පද්ධතියක් තියෙනවා වගේම දුප්පත් රටවල තියෙන්නේ දුප්පත් විශ්ව විද්‍යාල පද්ධතියක්. ලංකාව බංකොලොත් වෙන නිසා විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් කඩා වැටෙන්න පුළුවන්. ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යන-පර්යේක්ෂණ කටයුතු යාවත්කාලින කිරීමට අවශ්‍ය මුදල් නෑ. මම දන්නා සමහර ජේෂ්ඨ කථිකාචාර්ය වරු දැනටමත් රට ඇත හැර යන්න තීරණය කරලා. විද්‍යා-ඉංජිනේරු පීඨ වලට මෙහි බලපෑම වැඩියි. දියුණු රටවල මෙම ක්ෂේත්‍රයන් සීග්‍රයෙන් සංවර්ධනය වන අතර විදේශිකයන්ට පහසුවෙන් රැකියා අවස්ථා සොයාගන්න පුළුවන්. ලංකාවෙ විශ්ව විද්‍යාල වල එක ක්‍රමයෙන් පහල යනවා. තව අවුරුදු 10 න් එහාට රටක් ගැනවත් හිතන්න බෑ. ළමයින්, තරුණන් ගැන දුකයි. ඒ අයට මෙහෙම උනේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. ඔයා මේ Channel එකේ දැකීම සතුටක්. මේවගේ බුද්ධිය අවදිකරන channel වලට කාන්තා සහභාගිත්වය අඩු උනාට මිත්‍යා විශ්වාස වපුරන ආගමික, නක්ෂත්‍ර, ගෝත්‍රික channel වලට නම් කාන්තා සහභාගිත්වයේ අඩුවක් නෑ. පිරිමි බාර් පෝලිමේ, ගෑනු මිසදෙටු පෝලිමේ. ලංකාවක් ඉතිරි උණොත් තමයි පුදුම 😥

    • @udayasaman8155
      @udayasaman8155 2 года назад

      @@duleepwijetunga5025 eka nam siraa kathaawa. sampuurnayenma nowunath bahutharaya ehemai.

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 2 года назад

    සම්පූර්ණ ආර්තික විද්‍යාව පාඩමක් විනාඩි 44 කින්. 😮
    වෙලා තියන මහන්සිය උපරිමයි සර්.
    ඒකෙ වටිනාකම තියෙන්නෙ බලන්න පටන් ගත්ත තැන ඉදල ඉවර වෙනකන් එක තත්පරයක්වත් skipp කරන්න උනේ නැහැ. 100% කාලීන වටිනාම පාඩමක්.
    බොහොම ස්තූතියි ඔබතුමාට. ❤

  • @theslocean
    @theslocean 2 года назад +3

    සර් ගොඩක් වටිනා අදහස් . බොහොම ස්තූති සර්. එත් යූටියුබ් චැනල් එකක් ග්‍රෝ කරගෙන ඩොලර් එකක් හරි හොයන්න පුලුවන් කියලා කීවේ නෑ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад

      මේ ගැන වෙනම කතා කරන්න හිතාගෙන ඉන්නවා මම

    • @theslocean
      @theslocean 2 года назад

      @@ScienceWithRuchira සර් රට අර්බුදය උග්‍ර උනොත්. අන්තර්ජාල පහසුකමට බාදාවක් වෙයිද? ලංකාවේ ඇඩ්වටීස්මන්ට් ප්ලේ වෙන එක අඩු උනොත්. රෙවෙනිවු එකේ ලොකු අඩුවක් වෙයි නේද?

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад +1

    මේ වෙලාවෙ ජනතාවට කලයුතු හොඳම මගපෙන්වීමයි ඔබතුමා කලේ. තෙරුවන් සරණයි !!!
    හැමෝම මෙයින් ආදර්ශයක් ගතයුතුයි දැන්වත්, බොහෝදේ පිලිබඳ දැනුවත් වෙන්න. විද්‍යා විෂයයන් ඉගෙනගත් දරුවෙක් මේ මගපෙන්වීම කලා නම් ඇයි අනෙක් අයට බැරි වටිනා දේ ඉගෙනගන්න?
    ඉස්කෝලෙන්ම ඔක්කොම දෙන්න ඕන නෑ. පාරවල් ඕනතරම් තියෙනවා ඉගෙනගන්න. මේ දරුවගෙන් ලැබුනෙත් ඉගෙනීමක්.

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 2 года назад +3

    This is the only channel i saw in sri lanka where this type of content is described . Hats off to you sir.🖤

  • @SamanKumara-sn3qd
    @SamanKumara-sn3qd 2 года назад

    මෙවන් නිර්මානය කරපු වගකිව යුක්තෙක් නොමැති අර්බුදකාරි අවස්තාවක ඔබතුමාගේ දැණුම භාවිතාකාට කල පැහැදිළි කිරිමට බොහොම පින්. දැණුමක් තිබේත රටකට ආදරයක් තිබෙන අතලොස්සක් අතරේ ඔබතුමා නිහතමාණී ව්ශිෂ්ඨයෙක්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @pathumpabasara7749
    @pathumpabasara7749 2 года назад +7

    සර් මම ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය විෂ්ව විද්‍යාලයක කලමනාකරණ උපාධියක් හදාරන කෙනෙක්...මේ අපේ රට ගමන් කරන දිශානතිය එක්ක මට ඉදිරි සැලසුම් ගැන අවිනිශ්චිතතාවයක්.තියෙනවා ..මට වගේම අනිත් ලමයින්ටත් සර්ට දෙන්න පුලුවන් පොදු උපදේශකනය කුමක්ද .....
    මට දැන් විදේශ ගත වෙන්න හිතෙනවා රැකියාවක් සදහා..😥

  • @sathyasrinanayakkara57
    @sathyasrinanayakkara57 2 года назад +2

    මේ කාලයට ඉතා වටිනා දෙයක් ගැන විශ්ලේෂණාත්මක හොද පැහැදිලි කිරීමක් සර්... ❤️

  • @malithmarco4462
    @malithmarco4462 2 года назад +6

    ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන මගින් සිදු කල යුතු දැනුවත් කිරීම් ඔබේ නාලිකාව මගින් ඔබට හැකි උපරිමයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තූතිය හා ගෞරවය පුද කරමි.

  • @sandiya-7895
    @sandiya-7895 2 года назад

    සෑහෙන්න වටිනවා. දෙපාරක් බැලුවා වීඩියෝ එක❤️

  • @maleeshaabeysekara8267
    @maleeshaabeysekara8267 2 года назад +3

    What a service you're doing to community ! You're a gem to this country. Thank you.

  • @adeeshaiman
    @adeeshaiman 2 года назад +1

    මම හොය හොය හිටිය video ekk.thank you sir

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 года назад +5

    මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ❤❤ .හැබැය් අවුල තියෙන්නෙ මේක දැකල මේව ගැන දන්නෙ නැති මිනිස්සු පවා බැංකුවෙන් සල්ලි ගන්නව .බැංකු පද්දතිය ඉක්මනට වැටේවි නේද ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +2

      හ්ම්, වත්මක් යම් ප්‍රමාණයක් බැංකු වල තබා ගැනීම සිදු කරන්නම වෙනවා. අනිත් අතට උද්ධමනය තියනකොට මුදල් බැංකු වල රැඳෙන්නේ නැහැ පොලිය ඉතා අඩු නම් කොහොමත්.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 года назад +1

      @@ScienceWithRuchira හැබැයි ගොඩක් අය ඕව ගැන දන්නෙ නෑ .ඒකයි තාම බැංකු වල සල්ලි දාගෙන තියා ගන්නෙ ..
      මමත් crypto trade කරන්නෙ ඒකයි .
      ලොකු ප්‍රශ්නයක් වේවි ඉස්සරහට .
      තව ට්‍රිලියන 1ක් සල්ලි අච්චු ගහන්ව කිවුවනෙ
      ලොකු සමාජ පිපීරීමක් අත ලග ..
      බොහෝ විට ගෝටාභ්‍ය මේකෙන් බේරෙන්නෙ හමුදාවට රට දේවි /
      වෙනිසියුලාවක් තමයි ඉතින් 😢
      අපිත් මේ රටේනේ ජීවත් වෙන්න ඕන ඉස්සරහට

  • @chintakachintaka7583
    @chintakachintaka7583 2 года назад +1

    ඔබ තුමන් , අප්‍රමාණ කැපවීමෙන්, නිර්ලෝභීව ලබා දෙන දැනුම් සම්භාරය බොහෝ සෙයින් වටිනා සම්පතක්,

  • @aroshnimsara6880
    @aroshnimsara6880 2 года назад +4

    Electric bicycle වල තාක්ෂණය, ඒවා හැදෙන හැටි, දැනට එහෙම තියෙන elrctic bicycle වර්ග ගැන video එකක් කරන්න පුළුවන් ද

    • @mayr9215
      @mayr9215 2 года назад +1

      Rhoda කියල තියනවා නේද ලංකාවෙ brand එකක්

    • @aroshnimsara6880
      @aroshnimsara6880 2 года назад

      @@mayr9215 ow thiyanawa

  • @chinthakasamaraweera1783
    @chinthakasamaraweera1783 Год назад

    ගොඩක් වටිනා අදහස් ඔබ තුමා විසින් බොහොම සරලව කියා දෙනවා

  • @nuwanrathnayake4893
    @nuwanrathnayake4893 2 года назад +3

    බොහොම වටින පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @malavipathiranap9799
    @malavipathiranap9799 2 года назад +2

    අද අප රට පත්වී තිබෙන භයානක අර්බුදය හමුවේ කටයුතු කල යුතු ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වටිනවා.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 года назад +24

    ඔබතුමාට කරන ආයාචනයයි මේ.
    පාලන තන්ත්‍රයට ඔබතුමා පැමිනෙන්ඩ..🙏😌😌..
    ඊලග පාර්ලිමේන්තුවට ඔබගේ පැමිනීම රට බලාපොරොත්තු වේ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +9

      :-), මගේ සතුට ඉගැන්වීමයි ඉතින්

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 года назад +4

      ඔබ තුමාට මේ ආරාධනය හැමදාම සිදුකරනව..ඉගැන්වීම ඉතාම වටිනව..ඔබතුමා වැනි විද්වතුන් පාලකයන් නොවූ වරදයි මෙය.
      😌

    • @nuwansampath4850
      @nuwansampath4850 2 года назад +9

      ඇත්ත ඒත් මේ system එක හැදිල තියෙන්නේ මේ වගේ හොද මිනිස්සු දේශපාලනයට ආවොත් එක්කො ජරා වෙන්න නැත්නම් ගෙදර යන්න කියන තේමාවෙන්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 года назад +1

      හිතන්වද චන්ද හම්බවේවි කියල ? කොල්ලො කෙල්ලො නම් දේවි .හැබැයි බහුතරක් අපේ රටේ ඉන්නෙ දේශපාලනය් නූගත්තු .ආර්තිකය පුලුවන් තරම් වට්ට්ල සිමින්ති කොට්ටයක් , බඩු මල්ලක් දුන්නම් ගමන් චන්දෙ දෙන මිනිස්සු අපේ රටේ ඉන්නෙ .එකයි අවුල

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 2 года назад +4

      @@ScienceWithRuchira සර්ට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උගන්වන්න 🙏

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 2 года назад

    පියෙක් වගේ මේ මගපෙන්වීමට බොහෝම පින් !!!

  • @thilinagallage4443
    @thilinagallage4443 2 года назад +10

    ඔබතුමා ට කරන ඉල්ලීමක් දෙශපාලකයෝ ගැන හැර ඔබ වගේ උගතුන් මිනිසුන් ගේ දැනුම බුද්ධිමත් බව වැඩි කිරීමට කටයුතු කරන්න...තෙරුවන් සරණයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +3

      දැනුමෙන් සන්නද්ධ සමාජයක් ඒ අවශ්‍යතාවය ඉටු කරාවි. තවම උගතෙක් නොව්නත්. පුංචි තල්ලුවක් දෙනවා ඒ වෙනුවෙන්

  • @rashmi7028
    @rashmi7028 2 года назад +1

    ගොඩාක් පින් ගරු විද්‍යාඥතුමනි.🙏🙏🙏
    හරිම ප්‍රයෝජනවත් මේ ලබා දුන් දැනුම කාලීන අවශ්‍යතාවයක්‌ සපුරන, වටිනාකමකින් යුතු හා ප්‍රායෝගිකව අදාළ කර ගැනීමට හැකි හැමදාම වගේ අපිට. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු විද්‍යාඥතුමනි! 🙏🙏🙏

  • @RavinduNanayakkara
    @RavinduNanayakkara 2 года назад +7

    Excellent video as always!
    If anyone is thinking of putting money into the USDT (Tether) stablecoin be a bit careful. Tether is a company with a shady history and their claims of having enough collateral in USD/Bonds to back up the amount of USDT in circulation has never been properly audited.
    USDC, BUSD and DAI are much better alternatives. However they also have the 2 risks mentioned in the video.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +1

      හොඳ කරුණක් ඔබ මතුකලේ. මේ බව දැනගෙන හිටියේ නැහැ

  • @nihalepa400
    @nihalepa400 2 года назад

    ඔබ කරන මේ අගනා සේවයට ස්තූතියි .දේශනය අතර තුර පෙන්වන රූපරාමු ඉක්මනින් ඉවත් නොකර හැකි ආකාරයට තවත් සුලු වේලාවක් පෙන්වනවා නම් ඉතාම වටිනවා.🙏

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 2 года назад +4

    සර්ට ගොඩාක් ස්තූතියි මෙි දැනුම ලබලාදෙන එකට❤️❤️

  • @lilani7114
    @lilani7114 2 года назад +2

    ඔබතුමා ට බොහොම පින්.අපි සාමාන්‍ය මිනිස්සු .පඩියෙන් ජීවත් වෙනවා .ඒත් තව මොනවා හරි කොහොම හරි කරන්න ඕනෑ කියලා හිතුණා .

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 года назад +3

    රටවෙනුවෙන් යුතුකම කරන උතුමෙක් 💖

  • @DaysofDilshan
    @DaysofDilshan 2 года назад +2

    උද්ධමනයත් එක්ක ක්‍රිප්ටෝ මාකට් එකත් ඩවුන් වෙනවා නේද අය්යෙ. ඇමරිකාවෙ මාකට් කඩා වැටන එකත් එක්ක මාකට් එකත් වැටුනා. හැබැයි USDT නම් USD එකත් එක්ක යන නිසා ශේප්.
    ඒත් LUNA ඩ්‍රොප් එකත් එක්ක USDT එකෙත් තියෙන විශ්වාසෙ අඩු උනා මිනිස්සුන්ගෙ.
    එහෙම බැලුවම ටිකක් හරි ( ලික්විඩිටි අඩු උනත් ) ඉඩම් වලට පොඩියට හරි ඉන්වෙස්ට් කරන එක තමා පේන එකම රිස්ක් අඩු දේ

  • @nalakarphsl
    @nalakarphsl 2 года назад +4

    Great support & great effort to guide people & mother country for come up in this crisis situation.even not your relevant field...what a effect...what thoughts...
    My salute...
    My mother country was very lucky having son like you...🙏🙏🙏

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 2 года назад

    ඔබ තුමාට මම හරිම ආදරෙයි