Mahansiyata Kavi Seepada මහන්සියට කවි සීපද සින්දු කියනවා Rohana Beddage රෝහණ බැද්දගේ

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා
    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ වඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොළක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානෙ මහ පොළොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා
    හා යමන් පුතා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    මහන්සියට කවි සීපද සින්දු කියනවා…
    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක් මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුළු වෙලා හෙළූ කඳුළු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා යමන් පුතා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    මහන්සියට කවි සීපද සින්දු කියනවා…
    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරුවෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපේ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටවු මේ කඳු පහුකරගෙන යනවා
    හා යමන් පුතා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    මහන්සියට කවි සීපද සින්දු කියනවා…
    පද රචනය, තනුව, සහ ගායනය: රෝහණ බැද්දගේ

Комментарии • 7

  • @sunethrarathnayaka-rr1su
    @sunethrarathnayaka-rr1su 9 месяцев назад

    Godak satutui,mevani geetha sitivili tava tavat nirmanaya kirimata ha eya obata pahasuwen kara ganimata suba patanawa.dirgausha❤

  • @imalshadewmini7599
    @imalshadewmini7599 3 года назад +2

    හරිම ලස්සනයි

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 года назад +1

    වර්තනමානයට ගැලපෙන ගීතය ක්.අතීතයෙන් පන්නරයක් ලබමු

  • @dimuthuindrajith1189
    @dimuthuindrajith1189 4 года назад +2

    මහන්සිය යනවා .. ලස්සනයි

  • @RanjithPihillatenna-yx1ef
    @RanjithPihillatenna-yx1ef 6 месяцев назад

    Karaoke denna puluwan da

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Год назад

    රූප රාමු ටික ඕල්ඩ් සිලෝන් එකෙන් වෙන්න ඇති

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 года назад +2

    ruclips.net/video/j2Cbl148Bn0/видео.html….බැරි බර කරේ තියන්