- Видео 101
- Просмотров 1 964 291
Santhawa Kavi TV
Шри-Ланка
Добавлен 6 янв 2019
සංචරණිගේ සිංදුව/ මැයි මාර ප්‍රසංගය/ Mai mara prasangaya/ Erandhi Heshani/ Mahinda Prasad Masimbula
Title - Sancharanige Sinduwa
Artist - Erandhi Heshani
Lyrics - Mahinda Prasad Masimbula
Music - Chathura Gayan Jayaneththi
සංචරණිගේ සින්දුව...
ඈත කන්දේ ගසක් දුටුවෙමි
මල් පිපීලා අවාරෙත් එහි
එමල් පුදුමෙක වෙලී
සිතට සතුටක් ගෙනාවා ගෙනාවා ගෙනාවා..
මගේ මුහුනේ සිනා සේයා
කවුරු දැක්කත් පලක් නෑ
ඒක ඔබටම පෙනේවා
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා ලැබේවා
ලැබේවා..
මලෙක රහසක්
රහසෙ මිහිරක්
මිහිරෙ ස්වරයක් වගේ
අමුතු විදිහට හිතන්නට මම
හිතුවෙවත් නැති කෙනෙක්
අමුතු විදිහට සමිධ නාමය
සදාකල්හිම තියේවා
තියේවා තියේවා...
Artist - Erandhi Heshani
Lyrics - Mahinda Prasad Masimbula
Music - Chathura Gayan Jayaneththi
සංචරණිගේ සින්දුව...
ඈත කන්දේ ගසක් දුටුවෙමි
මල් පිපීලා අවාරෙත් එහි
එමල් පුදුමෙක වෙලී
සිතට සතුටක් ගෙනාවා ගෙනාවා ගෙනාවා..
මගේ මුහුනේ සිනා සේයා
කවුරු දැක්කත් පලක් නෑ
ඒක ඔබටම පෙනේවා
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා ලැබේවා
ලැබේවා..
මලෙක රහසක්
රහසෙ මිහිරක්
මිහිරෙ ස්වරයක් වගේ
අමුතු විදිහට හිතන්නට මම
හිතුවෙවත් නැති කෙනෙක්
අමුතු විදිහට සමිධ නාමය
සදාකල්හිම තියේවා
තියේවා තියේවා...
Просмотров: 379 996
Видео
Mahinda Prasad Masimbula Melbourne Show 2024 trailer# මෙල්බර්න් හි ඔබ සැමට ආදරයෙන් ආරාධනා
Просмотров 1,6 тыс.10 месяцев назад
ලොව ඕනෑම කෙනෙකුට ගමන් තනියට ආලෝකයේදී හෙවනැල්ලක් ද අන්ධකාරයේදී කවියක් ද තිබේ' -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල එවන් විස්මිත කවිත් අරගෙන ඒවා සින්දු එක්ක මුසු කරලා රසාර්ථ පිරුණු හැන්දෑවක් ගතකරන්න අපි හමුවෙමු 2024:03:24 හවස මෙල්බන් හි දී. පැමිණෙන ඔබ අමතන්න, ඉරේෂා-0426900871 කසුන්-0415238221 Book Order Link: santhawa.lk/product?product_id=322
සමිධට සංචරණි හමු නොවුණු දිව්‍යමය පාරාදීසය |Mai Mara Prasangaya |Suneera Sumanga |Mahinda Masimbula
Просмотров 132 тыс.11 месяцев назад
Title: Mai Mara Prasangaya Artist: Suneera Sumanga Lyrics: Mahinda Prasad Masimbula Music: Chathura Gayan Jayaneththi ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා... ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා ලැබේවා.... ලැබේවා..... මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත...
Mai Mara Prasangaya Official Lyrical Video - මැයි මාර ප්‍රසංගය
Просмотров 644 тыс.Год назад
Title: Mai Mara Prasangaya Artist: Suneera Sumanga Lyrics: Mahinda Prasad Masimbula Music: Chathura Gayan Jayaneththi ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා... ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා ලැබේවා.... ලැබේවා..... මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත...
තොරනේ ඉරණම | තොරන් කවි | Thoran Kavi | මෙච්චර කවි ලංකාවේ - 47
Просмотров 1,7 тыс.Год назад
තොරනේ ඉරණම | තොරන් කවි | Thoran Kavi | මෙච්චර කවි ලංකාවේ - 47
'කුස මෝරයි දවසින් දවස කර රුතී' | තේරවිලි කවි අලංකාරේ-08
Просмотров 604Год назад
'කුස මෝරයි දවසින් දවස කර රුතී' | තේරවිලි කවි අලංකාරේ-08
"ලියක් දුටිමි සන්නස්ගම වෙලේදී" | සපරගමු ජන කවි | Saparagamu Jana Kavi | මෙච්චර කවි ලංකාවේ - 46
Просмотров 3,6 тыс.Год назад
"ලියක් දුටිමි සන්නස්ගම වෙලේදී" | සපරගමු ජන කවි | Saparagamu Jana Kavi | මෙච්චර කවි ලංකාවේ - 46
තේරවිලි කවි අලංකාරේ - 07 | Santhawa Kavi TV
Просмотров 883Год назад
තේරවිලි කවි අලංකාරේ - 07 | Santhawa Kavi TV
නෙළුම් කවි | Nelum Kavi | මෙච්චර කවි ලංකාවේ - 45 | Mahinda Prasad Masimbula
Просмотров 2,4 тыс.Год назад
නෙළුම් කවි | Nelum Kavi | මෙච්චර කවි ලංකාවේ - 45 | Mahinda Prasad Masimbula
Thugu Sirasa (තුඟු සිරස) | Visharad Punsanda Miyasi Jayaneththi [Official Music Video]
Просмотров 5 тыс.Год назад
Thugu Sirasa (තුඟු සිරස) | Visharad Punsanda Miyasi Jayaneththi [Official Music Video]
කාමච්චි කවි | Kamachchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 44 | Mahinda Prasad Masimbula
Просмотров 2,3 тыс.Год назад
කාමච්චි කවි | Kamachchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 44 | Mahinda Prasad Masimbula
සුන්දර මිනිසා කී දුර්ලභ තේරවිලි කවිය | තේරවිලි කවි අලංකාරේ - 06 | Santhawa Kavi TV
Просмотров 2,8 тыс.Год назад
සුන්දර මිනිසා කී දුර්ලභ තේරවිලි කවිය | තේරවිලි කවි අලංකාරේ - 06 | Santhawa Kavi TV
දන්නවනම් කියන්න | තේරවිලි කවි අලංකාරේ - 05 | Santhawa Kavi TV
Просмотров 1,1 тыс.Год назад
දන්නවනම් කියන්න | තේරවිලි කවි අලංකාරේ - 05 | Santhawa Kavi TV
සසඳ කවි | Sasanda Kavi | මෙච්චර කවි ලංකාවේ - 43 | Mahinda Prasad Masimbula
Просмотров 1,3 тыс.Год назад
සසඳ කවි | Sasanda Kavi | මෙච්චර කවි ලංකාවේ - 43 | Mahinda Prasad Masimbula
පුලුවන්නම් උත්තරේ කියමු බලන්න... | තේරවිලි කවි අලංකාරේ-04 | Santhawa Kavi TV
Просмотров 1,3 тыс.2 года назад
පුලුවන්නම් උත්තරේ කියමු බලන්න... | තේරවිලි කවි අලංකාරේ-04 | Santhawa Kavi TV
තේරවිලි කවි අලංකාරේ - 03 | Therawili Kavi Alankare
Просмотров 9332 года назад
තේරවිලි කවි අලංකාරේ - 03 | Therawili Kavi Alankare
යාචක කවි | Yachaka Kavi | මෙච්චර කවි ලංකාවේ - 42 | Mahinda Prasad Masimbula
Просмотров 6 тыс.2 года назад
යාචක කවි | Yachaka Kavi | මෙච්චර කවි ලංකාවේ - 42 | Mahinda Prasad Masimbula
තේරවිලි කවි අලංකාරේ - 02 | Therawili Kavi Alankare
Просмотров 1,1 тыс.2 года назад
තේරවිලි කවි අලංකාරේ - 02 | Therawili Kavi Alankare
තේරවිලි කවි අලංකාරේ - 01 | Therawili Kavi Alankare
Просмотров 1,7 тыс.2 года назад
තේරවිලි කවි අලංකාරේ - 01 | Therawili Kavi Alankare
තේරවිලි කවි අලංකාරේ | Therawili Kavi Alankare
Просмотров 1,4 тыс.2 года назад
තේරවිලි කවි අලංකාරේ | Therawili Kavi Alankare
Manikkawatha | මාණික්කාවත අන්තිම කොටස නරඹා සන්ථව අපි කියපු කවි | Episode - 02
Просмотров 9492 года назад
Manikkawatha | මාණික්කාවත අන්තිම කොටස නරඹා සන්ථව අපි කියපු කවි | Episode - 02
Manikkawatha | මාණික්කාවත අවසාන කොටස බලා කියපු දේවල්
Просмотров 4,4 тыс.2 года назад
Manikkawatha | මාණික්කාවත අවසාන කොටස බලා කියපු දේවල්
තෙතඟු කවි | Thethangu Kavi | මෙච්චර කවි ලංකාවේ - 41 | Mahinda Prasad Masimbula
Просмотров 7 тыс.2 года назад
තෙතඟු කවි | Thethangu Kavi | මෙච්චර කවි ලංකාවේ - 41 | Mahinda Prasad Masimbula
පන් කවි | Pan Kavi | මෙච්චර කවි ලංකාවේ - 40 | Mahinda Prasad Masimbula
Просмотров 7 тыс.2 года назад
පන් කවි | Pan Kavi | මෙච්චර කවි ලංකාවේ - 40 | Mahinda Prasad Masimbula
දහදුරා කවි | Daha Dura Kavi | මෙච්චර කවි ලංකාවේ - 39 | Mahinda Prasad Masimbula
Просмотров 6 тыс.2 года назад
දහදුරා කවි | Daha Dura Kavi | මෙච්චර කවි ලංකාවේ - 39 | Mahinda Prasad Masimbula
සුරා කවි | Sura Kavi | මෙච්චර කවි ලංකාවේ - 38 | Mahinda Prasad Masimbula
Просмотров 7 тыс.2 года назад
සුරා කවි | Sura Kavi | මෙච්චර කවි ලංකාවේ - 38 | Mahinda Prasad Masimbula
හත්දා කවි | Hathda Kavi | මෙච්චර කවි ලංකාවේ - 37 | Mahinda Prasad Masimbula
Просмотров 1 тыс.2 года назад
හත්දා කවි | Hathda Kavi | මෙච්චර කවි ලංකාවේ - 37 | Mahinda Prasad Masimbula
දුම්බර කවි | Dumbara Kavi | මෙච්චර කවි ලංකාවේ - 36 | Mahinda Prasad Masimbula
Просмотров 1,7 тыс.2 года назад
දුම්බර කවි | Dumbara Kavi | මෙච්චර කවි ලංකාවේ - 36 | Mahinda Prasad Masimbula
පොතේ අන්තිම ටික එක හුස්මට කියවල QR එකෙන් මේ සිංදුව අහද්දි තියන හැගීම....
" ඔබ මේ කතාව නොදැන ජීවත් විය යුතු නෑ..." කියන්නා ලෙසම මමද මේ කතාව නොදැන ජීවත් වූවානම් එය මහත් අඩුවක් යැයි මම සිතමි... ඒ ඇයිද යත්, මේ තරම් ගැඹුරින් ප්‍රේමය විදහා දක්වන්නා වූ පෙම්වතෙකුගේ කුරුඳු, සාදික්කා, වසාවාසි සහ ඉඟුරු සුවඳවලින් මුසු වූ හද පතුළටම කිඳා බැස අවසානයේ මහා ශෝකී සුසුම් ගොන්නක් ශේෂ කරන මැයි මාර ප්‍රසංගයේ කතාන්දරය සැබැවින්ම හද පතුළටම කා වැදුණු රතුම රතු මාරම මැයි මාර ප්‍රසංගයක්... සංවේදී හදවතකට දුක් මුසු හැඟීම් ගොන්නක් අතරින් සියුම් ආදරණීයම සතුටක් එක් කළ කුළුබඩු මුසු සුවඳ මැයි මාර එක හුස්මට කියවූ මටත් නොදැනී දැණුනු බව ආදරයෙන් ලියා තබමි ....... ✍️ " ඔබ කවුරු උනත් මැයි මාර ප්‍රසංගය නම් කියවිය යුතුමයි " ❤ 2025.01.19 ❤️
ඉතාමත් අලංකාර වටින කතාවක් ,මගේ හිතට හොදින් දැනුනා,අනේ සමිධ අයියා හිටවපු මැයි මාර ගහේ මල් ඇය දකිනවනම්😔මාරම ලස්සන කතාවක් ආසයි තවත් ලස්සන කතාවක් බලන්නට❤❤
කියන විදිය ලස්සනයි තෙරුවන් සරණයි
ලස්සනයි ❤❤❤❤❤❤
👍👍👍👍
❤️🌻
තුත්තිරි මලුත් මැලවිලා අද පාළුවට.. ගවරගල නිහඬ නින්දක තනිකම හංගාන.. එනවා නම් නැවත තියෙනව තවම සුපුරුදු මග සුදු වැලි අතුල.. වරදින එකක් නෑ ඉන්නව රතු මල් පුරවන් මග ඒ ගස මැයි මාර..
මේ පොත මේ තරම්ම රහට මුළු සර්වාංගෙ පුරාම යයි කියලා .. ලේ ඇටමිඳුුළු කාගෙන කාවදී කියලා හිතුනේම නැහැ... අනේ ඒ සොඳුරු මිනිසාගේ රුව ඈතින් ඉදන් හරි බලන්න තිබුනානම් එකම එකම එක වතාවක්....😢😢😢 පොත් කොච්චර කියෝල තිබුනත් පොතක් දිව්‍යමය භෝජනයක් විදියට ඇඟට පත්‍ය උනේ අදයි... මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා මේක රහට ලිව්වාට මාගේ හෘදයාංගම ගෞරව පූර්වක උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණිය සමිධ අයියේ... කුස්සියේ සුවඳ අස්සෙන් මා ඔබව හොයන්න මහන්සි ගන්නවා.. පුවන්නම් ආයි එන්න....🙏🙏🙏🙏🙏🙏
ඒ කතාව 🥺 හරිම අපූරුයි 💖
❤❤ මාරම ලස්සන කතාවක්... ඇත්තම කතාවක් ද මේ...🥺
🥺❤
සමිධ💚
ඒ music නම් මාරම feeling එකක් දෙන්නේ කියන්න බැරි තරම් ලස්සනයි චතුර සර්❤️❤️❤️❤️
පොත කියවලා ඉවර කලේ දැන් ❤ එ්ත් එක්කම මේක අහද්දි එන හැගීම නම් වචන කරන්න බෑ ❤🥺
හදම කම්පා කර, ගතම වෙව්ලා යන මැයි මාරයේ පද පෙළ නම්, " සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා" 🥺🤍
සමිධ ඔයා නම්....
ගොඩක් වටින විඩියො එකක් ❤
"සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙ දී මිය ගියා" පොතක තිබුණ ඇඟ හිරිවැටෙන වාක්‍යයක් 😢😢😢
ඒ වචන ටික එතන නොතිබුනානම්....😢😢😢😢
❤❤❤❤
මැයි මාර ප්‍රසංගය අවසන් කියලා දනුනු දුකත් සමග මේ ගීතය ඇසුවෙමි. මැයි මාර ළමයෝ ඔබේ ප්‍රසංගයේ ප්‍රධානියා නැතිව ඔබට එය නිවැරදිව කල හැකිද යන්න මට සැකයි ළමයෝ ………
1:59 අමුතු විදිහම ආදරේ නම් එක එහෙමම තියේ වා😢❤
සියල්ල දත් ඔහුටයි ඔහුගේ මිහිරි බහටයි නමක් නොදත් ඔබටයි ඔබේ නොදන්න කමටයි Before read the book Understanding 0% After read the book ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මේකෙන් දෙන්නේ විශ්වීය පණිවිඩයක් අපි හැමෝටම කතා දෙකක් නෑ ජීවිතේ ta ලස්සන පණිවිඩයක් ගත්ත හොඳට ම පොත .මගේ තිබ්බ ගතිගුණ ත් වෙනස් කරන්න බලපෑම් කරපු .අපූරු විශ්වීය බලවේගය ක් රැගත් පොතේ කතුතුමාට සහ සමිධ අයියා ට බොහොම පිං
Sancharani meka dakkoth 😢 monava hitheyida❤
❤❤
සංසාරේ කොතෙනකහෝ ඉටුවේවා පැතූ පැතුමන් එලෙසම❤
අනේ ඔව් දෙවියනේ ඒ දෙන්න මේ සසර නිම වෙන්න ඉස්සෙල්ලා එකතු වේවා! ඒ සොදුරු මිනිසා ගේ ඒ දිලිසෙන සතුටු ඇස් මට මැවිල පේනවා
කුරුදු සාදික්කා එනසාල් සියලු රස සන්‍යෝගයන් පදමට තියන ඉතාමිහිරි ගායනක්
"මිනිස්සු හිතන විදිය අනුව මේ ලෝකය මොන තරම් ආදරණිය ලස්සන එකක් කරගන්න පුලුවන්ද? සමිධ අයියා තමයි මං මේ ලෝකෙ දැකපු හොඳම පෙම්වතා. අයිති කරගැනීමක් ගැන බිඳක්වත් නොහිතා ඒත් ආදරේ ගැන විශ්වීය සිතින් හිතපු මනුස්සයෙක් ඔහු. ඒත් ඔහු මියගියේ රිදුණු සිතින් බව දැන් ඔබත් මමත් දන්නවා. ඔහුට උවමනා වුණා ගවරවෙල කන්දේ මැයි මාර මල් ගැන ඇත්තම කතාව ඔබට කියන්න. ඔහු තදින් හිතුව ඒක ඔහු අතින් වුණු ලොකු අඩුපාඩුවක් කියලා. ඒ රිදුම හැමදාම තිබුණා ඔහුගේ හිත තුළ. ඒත් මං දන්නවා ඒක ඔහුට රිදුමක් උනාට අනිත් හැමෝටම ඒක පුදුමයක්, චමත්කාරයක්, විස්මිත දෙයක්, ආදරණිය අත්දැකීමක්." ~~~~~~මැයි මාර ප්‍රසංගය~~~~~~
❤ ඒ කතාව එහෙම උන හින්දා තමයි .... මෙච්චර ලස්සන ඒක පාර්ශික ආදරේ හරි ප්‍රබලයී .... අයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න.... අත් අල්ලන් යන්නම ඕනිද මිනිස්සුන්ට පෙන්න..... 👀💞 ඒ ආදරේ එච්චර ලස්සන උනේ.... රාගයක් නොමැතිව ඇත්තටම ආදරේ කරපු නිසා..... ❤ කවදා හරී සමිදට සන්චරනිව හම්බ වෙයී.... කොයි ආත්මෙක හරී.. එදාට මග හැර ගන්නේ නැතිවෙයි සමිද.... එදාට එයාලා ලස්සනට ඉදී❤
ඒ සිද්දිය තනි වාක්‍යයකින් කියනවා නම් "සමිද අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදි මිය ගියා " ඒ වචන ටික දකිද්දි මාරම දුකක් හිතුනා 😣😔💔
ගෙමිදුලේ පිපි මැයි මලේ නුඹ අසා...පන් අසාපන් අසා....පන් නුඹට නෙදැනුන මගේ සෙනෙහස අසා...පන් අසාපන්
" එයා කොහොමහරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි..එයා කොහේහරි හොදින් සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි ..." ❤️
වචනෙන් විස්තර කරන්න බැරි හරි අමුතු හැගීමක් 🥺💔❤️
හදවත හරි සිරුවට රිදෙනවා මේ සින්දුව අහනකොට 😭💔
ඇත්තටම මේ පොත කියවලා ඇඩුන නැති කෙනෙක් නැතිව ඇති
ඇයි මේ සින්දුව මෙච්චර දැනෙන්නේ දෙවියනේ 😭💔
හිත කඩන් වැටෙනවා දෙයියනේ 😭💔
🥺❤️
sinduwanam lassanai
potha liyapu ekai samida kiyana ekai denna atharenam love ekak thubuna kiyana ekanam hodata penawa Reply @darklife3609 0 seconds ago mata theruna ekama aththa thamai ehema smida kiyala kenek hitiyanam loweth u kolu karayek me potha liyapu ekata gedarata enna kiyala gal seen ekak thibila thiyenne Reply @darklife3609 0 seconds ago me potha prasiddiya wenuwen aththa wage goda nagapu thani boruwak gannanam epa rawatila😝😝😝😝😝😝😍 Reply @darklife3609 0 seconds ago hamoma kiyapu nisa lassana athi kiyala math gaththa mai mara prasangaya mala appiyai melo rahak na aprade mage rupiyal 680 samida kiyana eka kellage nama danna ge thiyena thana danna hoyaganna uwamanawak na owata kiyanne love kiyala nemei manasika roga kiyala pare yana kellek dakkama man love kiyala kiyanne unta Reply
සමිධ වගේ පෙම්වතෙක් 🥺♥️ "ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය 🌸🍃" .......
😇
ඒ වගේ ලස්සන ආදරයක් හමෝටම ලැබෙන්න ඕනි .හැබැයි ඒ මැයි මාර ළමයට ලස්සන අවසානයක් එක්ක❤❤
AL නිසා කියවන්න බැරි උන පොත් ගොඩාක් අතර මේක උඩින්ම තිබ්බ එකක්..අද කියෙව්වා..අනිතිමට තියෙන QR එකෙන් මේක බලන්න ආවෙ.. "සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලයේදී මිය ගියා" මාරම විදියට දැනුනා...💔
"සුලග වගේ ඇවිදින් " කතාවට පස්සේ මම කියවපු ලස්සනම කතාව.. අරුණි අක්කා වගේම සංචරණීත් හැමදාම මගේ හිතේ ඉදීවි...❤
හැබැයි ඉතින් මේක ඇත්ත කිව්වට ගොඩක් ඒවා පිලිගන්න බැරි තරම් හෙන ගොන්. පොඩ්ඩක් ගැඹුරින් හිතල බැලුවොත් කතාව ලස්සන උනාට ඒක ඇත්ත කියන නිසාම ප්‍රාථමිකයි. Imagination එකක් විදියටනම් ලස්සනයි. අර දේව්දාස් මැරෙනකම් පාරෝ පහන නිවන්නැතුව හිටියා වගේ. එයා මැරෙද්දිම ඒක නිවුණා. ඒවා ඇත්ත කියල තිබ්බේ නෑනෙ කොහෙවත්. එතකොට ඒක හිතද්දි ආත්මීය කතාවක් වගේ ලස්සනයි..අනික එයා වෙනුවෙන් පත්තු කරපු පහන එයා මැරෙද්දි නිවෙන එක නම් වෙන්න පුලුවන් දෙයක් විශ්ව ශක්තිය අනුව. ඒවගේ මේක ඇත්ත කියල නොකිව්වනම් මේක මාරම ලස්සන කතාවක්. උදා: මැයි මාර මල් තනියම මහල තනියම හඳ එලියෙන් එච්චර ඉක්මනට එල්ලන්න නම් ඌ සුපර් මෑන් වෙන්න ඕනි. අනික ඒකට ඔන්න මල් මහන්න ගැහැණු යාලුවෝයි එල්ලන්න පිරිමි යාලුවොයි හිටියනම් කොහොම හරි කරා කියන්න පුලුවන්. හඳ එලියෙන් එච්චරම සෙල්ලමක් දාන්න පුලුවන්ද. ඒ නිසා ඒක ගොන් අනික සංචරණි උනත් හෙන ගොන්. එක පාරට මල් නැති උන ගහේ එක පාරට මල් පිපෙනව දැක්කම ඒක අමුතුයි කියල හිතෙන්නැද්ද. අනික හැමදාම මල් තියන ගහ මොකද්ද කියල ළඟට ගිහින් බලන්න හිතෙන්නෙ නැද්ද. ගමේ මෙහෙම ගහක් තියෙද්දි ගමේ මේක ප්‍රසිද්ධ වෙන්නැද්ද..මේවා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ටද මේ කියන්නෙ.. අනික සංචරණි ට මොලයක් තිබ්බනම් මෙහෙම තමන් වෙනුවෙන් කරන දේවල් දැනෙන්න ඕනි සහ ඒ ගැන හොයන්න ඕනි..මෝඩ සංචරණි. අනික මස්ඉඹුල කියන්නෙ අවස්ථාවාදී යාලුවෙක්..සමිධ ගෙන් ඔක්කොම ඉගෙනගෙන මේ පුංචි රටේ ඒ කෙල්ලව හොයල දෙන්න ඌ මැරෙනකම් ඉදල. විකාරනෙ. තනිකර ඒ කොල්ලගෙ මරණෙයි ලව් එකයි ගැන කියල හම්බකරන්න ගහපු සුපිරි plan එකක්. සංචරණි හම්බුනා කියල දැන් ෆිල්ම් එක වෙනුවෙන් මාර්කටින් කරනව. ඕක release වෙන දවසට කොහෙන් හරි සංචරණි කෙනෙක් අරන් එයි සල්ලි දීලා. අපෙ ගොන් මිනිස්සු ඕවත් ඉස් මුදුනෙන් පිලිගන්නවනෙ. රටට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒකනෙ. ඕනි බොරුවක් පිලිගන්නව. ඒ අතින් මස්ඉඹුල ගේම ගහල ඉවරයි. Master plan. අනික ඒකෙ භාෂා විලාසය. මට නම් පෙනුනෙ කෙල්ලො දෙන්නෙක්ගෙ සංවාදයක් වගේ ඔහොම කෙල්ලොවත් කතා කරන්නෙ නෑ අද කාලෙ..හෙන බොළඳ වචන. ඒවා එහෙමද. කතාවෙ මුලම සමිද අයියගෙ කාමරේට යද්දිම අයියගෙ සුවඳ ආව වගේ ඒවා දකිද්දි මං හිතුවෙ වෙන සීන් එකක් කියල. තව කියන්න ගොඩක් ඒවා තියනව. පොත් ගොඩල් කියවන අයට නම් මේක ප්‍රාථමික ඇති. මම නම් ගොඩක් කියවන්නෙ නෑ..හැබැයි මීට වඩා ට්‍රැක පනින ඒවා කියවලා තියනව..රැල්ලට පොත් කියවපු අයට හොඳ ඇති.
ඒකම දෙයයි දන්නෙ......... අපේ පිනකට පහල වූ නූතන අමරදේවයන්............ ❤❤❤
මම නම් කියන්නෙ ඒ පොත කිසිම මනුස්සයෙක් කියවන්න හොද නැ...ඒ තරම් වේදනාවක්..මෙහෙම මිනිස්සුන්ට පුලුවන්ද ආදරේ කරන්න..මන් නම් මගේ ජීවිතේ කරපු ලොකුම වැරද්ද මේ පොත කියවපු එක ..මන් දන්නෙ නැ..මට මේකෙ සමහට තැන් කියවද්දි ඇග වෙව්ලමවා...මන් හිතන්නෙ නෑ ඔහු වගේ මනුස්සයෙක් මේ මිහිපිට ඇති කියල..මේච්චර ලොකු රහකට කතුවරයා කොහොමද මේක ලිව්වෙ...ඇත්තටම මේක නම් තනිකර පිස්සුවක්..වෙලාවකට හිතෙවා අපි කරන්නෙ ආදරේද කියල😢😢
පොත අරගෙන මස්ඉඹුල සර්ට කියලා අත්සන් කරගෙන ෆොටෝ ගහලා ඇවිත් පොත කියවලා සින්දුව අහද්දි දැනන හැගීම කියන්න වචන නෑ ලස්සන කථාවක් කුතුහලය පිරුණු 💝💖 සර් දක්ෂම ලේඛකයෙක් 🥰💝 respect sir 💖🎉🥰