Q & A | බබාලා හදන්නෙ නැත්තේ ඇයි? | Madhava Nanduni |

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 899

  • @DANI94256
    @DANI94256 Год назад +109

    දරුවෙක් හදනවා කියන්නේ, ජිවිත කාලය පුරාවටම තියන වගකීමක් සහ බැදීමක්. ඒ වගේ responsibility එකකට ready නැත්නම් දරුවෙක් හදන්නේ නැති එක තමයි හොද. පිටරටවලනම්, බබෙක් ඉන්නවද කියලා අහන එක offensive විදියට ගනන් ගන්න අය ඉන්නවා. මොකද, එකක් තමයි, it is none of our business, අනිත් එක තමයි fertility issues තියන කෙනෙක් ගෙන් මේ වගේ දෙයක් ඇහුවොත් එයාට අපහසුතාවයට පත්වෙන නිසා. ඒක නිසා මනුස්සයෙක් තමන්ට දෙයක් කිව්වොත් මිසක්, මේ වගේ personal and sensitive topics කතා කරන්න එපා. Mind your own business, not other’s business. Love you both ♥️🧿

  • @Sameesenavirathna-kw6dx
    @Sameesenavirathna-kw6dx Год назад +69

    මමයි හබීයි බැදලා අවුරුදු 3යි...අම්මෝ මිනිස්සු දීපු වදයක්..මටයි හබීටයි ඕනේ උනේ ල‍ංකාවේම ඇවිදින්න ..ඉතින් අපි ලංකාවේ සෑහෙන්න තැන් වල ඇවිද්දා...හොදම දේ මම මිඩ්වයිෆ් කෙනෙක්...මිනිස්සු මට උපදෙස් දෙන්න ආවා VOG කෙනෙක් හම්බ වෙන්න ප්‍රශ්නයක් ද දන්නේ නෑ කියලා...අපි ලමයි හදන්නේ නැතුව හිටියේ නැතුව නෙවෙයි කියාලා අපිනේ දන්නේ...දැන් නම් ප්‍රග්න්ට්..තාම වැඩි කවුරුත් දන්නේ නෑ...මන් දන්නවා ඊලඟට වෙන දේ...දෙවනියා හදන්නේ කවද්ද තමයි තව අවුරුදු 2කින් ප්‍රශ්නේ ...අනේ වදින්නම්...කාගෙන්වත් කවුරුත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා..මට පුදුම මානසික වදයක් උනා...ගොඩක් අය බැදලා එක්කම ලමයි හදනවා ..ඒක එයාලගෙ කැමැත්ත ..හැබැයි කපල් එකකට මාර විදියට ජීවිතේ විදින්න පුළුවන් ...ලංකාව මාරම ලස්සනයි ..ඇවිදින එක මාරම ෆීලින්ග් එකක්....අවුරුදු 3ක් මාසෙට තැන් 2ක අනිවාර්යයෙන් ඇවිද්දා ...අපේ බැදීම උනත් ස්භාවදහම එක්ක තවත් ශක්තිමත් උනා ..මට තව දෙයක් හිතුනා ...මම ලමයි හදන එක පහු කරලා මගේ හිත රිදවපු තරමට ලමයි ට ආශාවෙන් ඉන්න ලමයි හදන්න බැරි (නැති)කෙනෙක් නම් ඒ ප්‍රශ්නය නිසා කොයි තරම් අසරණ ද..විවාහය කියන්නේ ලමයි හදන එකම නෙවෙයි ...ලමයි හිටියොත් ඒ ජීවිතේ ගෙනියන එක සහ.ලමයි නැත්තම් ඒත් 2නා සතුටින් ජීවිතේ ගෙනියන එකට

    • @sameera600
      @sameera600 Год назад +1

      අන්තිමටම කොහොමද බබා ලැබුනේ? කපු මහත්තයෙක් ලගට වත් ගියාද?

    • @wecanbeagod4385
      @wecanbeagod4385 Год назад +10

      ​@@sameera600තොපිට ඉතින් ඔන කුනුගොඩක්නෙ

    • @sameera600
      @sameera600 Год назад

      උබත් කරන්ෙන අනුන්ෙග සිනි කිරන එකෙනෙ@@wecanbeagod4385

    • @chalu7764
      @chalu7764 Год назад +10

      ​@@sameera600හරකෝ මේ මනුස්සයා පැහැදිලිව කියලා තියනවා නේ. ලමයි නොහදා හිටියේ ලමයි නැතුව නෙවෙයි. හදන්න ඕන උන් නැති නිසා කියලා. ඉතිං පස්සේ ඕන උනාම හදා ගන්න ඇති. 😂😂 මෝඩයෙක් ඕයි තමුසේ😂

    • @sameera600
      @sameera600 Год назад +1

      @@chalu7764 තමන්ට ගෙදරදි අමිමා තාත්තා කතා කරන විදියට මෙතන කතා කරන්න එපා.අහක යන ඒවාට #ක දෙන්නෙ නැතුව ඉන්නවද?

  • @sanduniperera9635
    @sanduniperera9635 Год назад +33

    අපිටත් තියෙන⁣ ලොකු ප්‍රශ්නය . ළමයි හදන්නේ කවද්ද? ඒක ඇත්තටම දෙන්නෙකුගේ අතිශය පෞද්ගලික දෙයක් . ඒක අහන්න කාටවත් අයිතියක් නෑ... ඒ වුණාට මිනිස්සු හොයන්නේම ඒක ගැන . මානසික වදයක් ඒක නම් ....😔😔

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru Год назад +1128

    මං දැන් බැදල ඉන්නෙ අවුරුදු 3 යාලු වෙලා ඉදල බැදලත් අවුරුදු 3 වෙනවා ගෙදරිනුත් අකමැත්ත පිට බැන්දෙ යාලු වෙලා ඉන්න කාලෙ කේන්දර බැලුව අපි දෙන්න ගෙදරට හොරෙන් බදින්න එපා ගැලපෙන්නෑ කිව්වා ඒත් අපි බැන්ද දෙයියන්ගෙ පිහිටෙන් පුංචි කොලු පැටියෙකුත් හද⁣ාගෙන අපි දෙන්න ඇත්තටම සතුටින් ජීවත් වෙනවා ඇස් වහක් වදින්න එපා අපි දෙන්න වෙන්න ඇති මෙි ලෝකෙ සතුටින්ම ජීවත් වෙන්නෙ දැන් ⁣ෙගෙදර අයත් හොදයි

    • @sanju4866
      @sanju4866 Год назад +32

      අැස් වහක් වදින්න එපා තෙරැවන්සරණයී❤🙏මම ඉන්නෙත් එ් ප්‍රශ්නේ මුල් අදියරේ දෙමාපියන්ගේ හිත රිද්දලා එ් තීරණේ අරගන්න බයයි

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru Год назад +35

      @@sanju4866 බයයි තමයි තාත්තා අසනීපෙන් හිටියෙ ඒක හිංද මටත් බය හිතුන ඒත් මං හොරෙන් ගියෙ නෑ දවල් අම්මා තාත්තට වැදල අක්කලටත් කියල එයත් එක්ක ගියෙ මටත් හීනයක් තිබුන ලස්සන මනමාලියෙක් වෙන්න ඒත් ඒකට බලං හිටියනං තවත් ගෙදර නැත්තං වෙන මනුස්සයෙක් ලග ඒත් දැන් අම්මල බලාගන්නෙත් අපි දැන් හොදයි මං එහෙම කලේ මගෙ මහත්තය ඇත්තටම රත්තරං වටින මහත්තයෙක් හිංද මං ඔයාට එහෙම කරන්න කියන්නෑ හොදට හිතල තීරනයක් ගන්න

    • @hashinibandara2457
      @hashinibandara2457 Год назад +14

      හුගාක් සතුටුයි .සතුටින් ඉන්න හැමදාම

    • @rashmivilochana
      @rashmivilochana Год назад +3

      ​@@dulanjanikumari-ho1ru❤

    • @lihiniwicramaarachchi6799
      @lihiniwicramaarachchi6799 Год назад +5

      ගෙදරින් අකමැතිනම් ඇයි බැන්දේ අපි දන්නැ ඉස්සරහට මොනවා වෙයිද කියලා,දැන් හොදට හිටියට්

  • @MJanaChathu
    @MJanaChathu Год назад +66

    මම බදින්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ..ඒ වුනාට පුදුම කරදරයක් තියෙන්නේ මුන ගැහෙන ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම..ඇයි බදින්නේ නැත්තේ, ලමයි ඕන නැද්ද, වයසට ගියාම වතුර ටිකක් දෙන්න කෙනෙක් නැති වෙනවා....එක එක විකාර.තමන්ගේ දුව බන්දලා දුන්නු ගෑනියෙක් මගෙනුත් අහනවා බදින්නේ නැද්ද කියලා.ඉවසීම උපරිමේ තිබ්බ හින්දා මාත් ඉතින් ඒ ගෑනිගෙන් ඇහුවා ඔයාගේ දුවට දැන් සනීපද? පට්ට ආතල් එකේ ද ඉන්නේ කියලා.ගෑනි දැන් මගෙ මූන බලන්නෙත් නෑ...
    මං දකින විදියට නම් යහපත් ගුන ගරුක පිරිමියෙක් හම්බුනේ නැත්නම් ඒ කෙල්ලගේ අම්මට තාත්තට සලකගන්න බැරි වෙනවා.ඉවරයක් නැති නීති වලට යටත් වෙන්න වෙනවා..හැමෝම කසාද බදින්න ඕනා කියලා නීතියක් නෑනේ නේද..තමන්ට කියලා හම්බ කරගෙන නිදහස් ජීවිතයක් ගත කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙන්න ඕනා

    • @priyadarshanisenevirathna510
      @priyadarshanisenevirathna510 Год назад +1

      Oya eawa ganan ganna epa oya oyage gamana yanna sathutin enna ❤❤❤❤

    • @MJanaChathu
      @MJanaChathu Год назад +8

      @@priyadarshanisenevirathna510 එකෙන්ම..හරිම ස්පොයිල් වෙච්ච රිලේශන්ශිප් එකක් මට තිබුනේ...එපාම වුනා.ජීවිතේ කලකිරුනා.වෙලාවට නීතියෙන් බැදුනේ නැත්තේ..එහෙම වුනා නම් දැන් දික්කසාද නඩුවට උසාවි ගානේ දුවනවා.කොහොම හරි ඒක නතර කරගත්‍තා, දුක් වුනා, ඇඩුවා..හැබැයි දැන් මම නිදහස්.හම්බකරගෙන, අම්මට තාත්තට නංගිට සලකගෙන, පිනක් දහමක් කරගෙන, බල්ලො පූසෝ ගොඩක් රැක බලාගෙන සතුටින් නිදහසේ ඉන්නවා..

    • @Daisy_Edge
      @Daisy_Edge Год назад +4

      math oya wage hithana kenk..nidahase jiwithe widinna one.kochchara adare karana kenk unath badala giyata passe nidahasak na.apita hambuna keti kale sathutin nidase jiwath wenna one

    • @fai3379
      @fai3379 Год назад +1

      අනිවාර්යයෙන්

    • @Bro-l3d
      @Bro-l3d Год назад +3

      ඔයාලගෙ කැමැත්තට කිසිම විරුද්ධවයක් නෑ ඒක ඔයාලගෙ පෞද්ගලික දෙයක්නෙ.හැබැයි බහුතරයක් එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක්. මේරටේ දුප්පත් මුස්ලිම් කෙනා පවා ලමයි 5,6 හදනව .දැනටමත් මුස්ලිම් ලමයි ගාන වැඩී සිංහල ලමයිට වඩා .පේනවනෙ යුරෝපෙත් ලමයි 1,2 තමා හදන්නෙ ඒකෙන් ක්‍රිස්තියානි population එක අඩු වෙලා මුස්ලිම් population එක තමා වැඩි වෙලා තියෙන්නෙ.ක්‍රිස්තියානි population එක ආය තිබ්බ තත්වෙට ගන්න අමාරුයි මොකද ඒක කරන්ඩ population එක ප්‍රමානවත් මදි.(මුස්ලිම් ජාතිය එක්ක තරහක් නෑ හැබැයි මුස්ලිම් බහුතරයක් වෙච්ච රටවල් අපි හිතන තරන් සුන්දරත් නෑ ඒක කියන්ඩ ඕන නෑනෙ )🙂.ලංකාවට ඒ දේම වෙනගමන් තියෙන්නෙ.කවුරු විරුද්ධ උනත් මේකයි ඇත්ත තත්වෙ පිලිගන්න කෙනෙක් පිලිගන්න.හැබැයි ජාතියක් විදිහට පිලියමක් දැම්ම නොගත්තොත් අපිත් ලොකු ප්‍රශ්නෙක 🙂❤️මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගත්ත කෙනෙක් මට බනින එකක් නෑ

  • @achininimesha7354
    @achininimesha7354 Год назад +46

    බබාලා තාම නැද්ද කියලා තව කෙනෙක්ගෙන් අහන්න තරම් නූගතෙක් නොවන්න.ඒක ඒ ඒ අයට කැමති කාලෙක කරගනී..🥲

    • @Elfutin
      @Elfutin 8 месяцев назад

      ලමයි හදන්නම ඕනද බැන්දොත් ?😂😂
      ඒ කොහොමද ලමයි හම්බෙන් නැතුව sex කරන්නෙ බැන්දම😂

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Год назад +25

    ඔයාලා හරි.අපි දෙන්නත් හිතන්නේ ඔය විදිහට.ජීවිතේ විදලා ඉන්න එපැයි ඉස්සරින්ම.දරුවො හදාගන කන්නවත් දෙන්න දෙයක් නැතිව විදවන ජීවිත ඕනතරම් තියෙනවා .ඒ නිසා වැඩිය හිතන්න එපා අනුන්ගෙ ප්‍රශ්න ගැන.නේද ..😂😂😂

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 Год назад +47

    ඇත්ත, මම බැදලා මට බබාලා නෑ මම කැමති තැනක යන්න බෑ.අඩුමගානේ හිත හදාගන්න පන්සලට ගියත් දකින කෙනා අහන්නෙ ඒ ගැන.කොහේ ගියත් හිත කඩා වැටෙන දේවල්මයි වෙන්නෙ..එහෙම අයගේ හිත රිදෙන දේවල් ඇත්තටම අහන්න එපා.මොකද මම විදවන තරම් මම හොදටම දන්නවා.

    • @asanthikachathurangani
      @asanthikachathurangani Год назад +17

      අනේ මන්දා මට තෙරෙන්නේ නෑ ළමයි ඉන්න අපි කොයි තරම් විදවනවද කියලා , ගොඩක් අය ඒ ගැන කියන්නේ නෑ මොකද බයයි මේ සමාජයෙන් කොන් වෙන්න වෙයි කියලා,personally කතා කරාම ගොඩක් අය කියන්නේ ආයිත් නම් ළමයි ඕනේ නෑ කියලා

    • @Pubudunadeesh
      @Pubudunadeesh Год назад +22

      මම marry කරලා මාස 6 කින් pregnant උනා.. ඒ twins ලා.. ඒත් 14 weeks යද්දී මට ඒ බබාලා නැති වුනා..දැන් marry කරලා අවුරුදු 3 1/2 ක්.මොන තරම් උත්සාහ කරත් තාම බබෙක් නෑ.. බෙහෙත් කරන්න දැන් නම් ඇත්තටම විදියක් නෑ... තිබ්බ හැමදේම වියදම් කරලා බෙහෙත් කලා.. දැන් කාලයට හැමදේම භාර දීලා ඉන්නවා.. මායි මගේ හස්බන් දෙන්නා ජිවිතේ පුදුම සතුටින් ඉන්නේ.. ඒත් සමහර මිනිසුන් දරුවෝ ගැන අහලා අපිට ඇති කරන්නේම දුකක්...😔😔😔

    • @sududhoni8763
      @sududhoni8763 Год назад +6

      ​@@Pubudunadeeshගනන් ගන්න එපා මොකද දරුවන් ලැබුනත් නොලැබුනත් ඒක දෙවියන්ගේ කැමත්ත මිස අහල පහල මිනිසුන්ගේ කැමැත්ත නෙමෙි ලංකාවෙි අයනමි ඉතින උඩ යන කක්කාටත් කතා හදනවා මිනිසුන්ගේ හිත රිදෙයි කියලා හිතන් නැ සමහර අය හිත රිදවන්නම හිතලත් කියනවා හිත හදාගන්න මෙි ලෝකේ දරුවන් නැති අමිමා මම විතරක් නෙමෙිනේ කියලා❤❤❤

    • @SandakelumMendis
      @SandakelumMendis Год назад +6

      මිස් දරුවෙක් හදාගන්න කැමතියි නම් බුද්ධ දර්ශනයට යොමු වෙලා ඔය මතු වෙලා තියෙන අකුසල කර්ම ටික යටපත් කරගෙන කුසල කර්ම මතු කරගෙන පිංවන්ත දරුවෙක් කුසට වඩම්මවගන්න පුළුවන් වෙයි.එහෙම බැරි නම් අම්මා තාත්තා නැති පැටියෙකුට අම්මා තාත්තා වෙලා පිනක් කරගන්න.ඔය මොන විදියට හරි දරුවෙක් ලැබුනත් නැතත් කමක් නෑ හැම මොහොතකම සතුටෙන් ඉන්න උත්සාහ ගන්න.මොකද මනුස්සයෙක් උනාම දරුවෝ ඉන්නම ඕනේ කියලා එකක් නෑ.දරුවෝ ඉන්න හැමෝම සතුටෙන් ඉන්නෙත් නෑනේ.කොහොම උනත් මේ මිස්ට ලැබුණු උතුම් මනුස්ස භවයට සාධාරණයක් කරගන්න නිතර නිතර පිං දහම් කටයුතු කරගෙන සතුටින් ඉන්න ❤️

    • @VandNdiaries
      @VandNdiaries Год назад +3

      @@asanthikachathurangani oya hari api danna godak aya lami hadala dan duk wennwa.apita kiyanwa ane lami hadana epa .jiwithe puluwan tharam enjoy karana kiyala.lamal hadana narakai api wayasata giyama bala ganna ethakota loketa onne nisa dennama kamathi wela lamayek hadana eka thamai hoda.natham lamai paw lamai hadala lamaita sapa karanwa

  • @udarigunarathne182
    @udarigunarathne182 Год назад +22

    බදිනකල් බදින් නැද්ද කියල වද දෙනවා.ඒක අනේ හරිම කරදරයක් මට නම්....ඉගෙන ගන්නකොට ඇයි ඔච්චර ඉගෙන ගන්නෙ අහනවා.දැන් බැම්දනම් හරිනෙ කියනවා.මහ කරදරයක් ඒක....එපා වෙනවා...බදින්නෙ නෑද කවුරුවත් නෑද දැන් අහද්දි.ඒක හරි ඉමෝශනල් දෙයක්නෙ.හේතු කිය කියා ඉන්න බෑනෙ අප්ප සමාජෙ අයට.ඒක තමා එපා වෙනම දේ......❤ ඔයාල ඒ ගැන කතාකරපු එක වටිනවා.

    • @na-ra8701
      @na-ra8701 Год назад

      Ane natanna kiyapan bn. Society eka kiyana kiyana padeta natanna epa.

  • @marycharlet1780
    @marycharlet1780 Год назад +39

    ළමයි නැද්ද, නැද්ද කියලා අහන උන්, හරියට අපි ළමයෙක් හැදුවහම ඒ ළමයට කන්න බොන්න දෙනවා වගේ, දරුවා ලැබුනට පස්සේ බලා ගන්න උදව් කරනවා වගේ, ලෙඩ වුණාම හොස්පිට්ල් ගානේ ලගින්න ලෑස්තියි වගේ, උන් ඒ දේවල් කරලා දෙනවා වගේ , නැද්ද නැද්ද කියලා අහන්නේ, දරුවෙක් හැදුවාම ඒ දේවල් කරලා දෙන්න කවුරුත් නෑ හැබැයි අහන්න නම් ඕනේ තරම් උන් ඉන්නවා. මගෙ නම් අදහස සමාජෙ උන් මොනවා කිව්වත් අපි අපේ පෞද්ගලික ජීවීතේ ගත කරන්න ඕනේ අපිට ඕනේ, අපි කැමති විදිහට. එක එකාට ඕනේ විදිහට නෙවෙයි.

    • @fai3379
      @fai3379 Год назад +1

      👍👍👍😍අනිවාර්‍යෙම

    • @ruchiniweerasekara2818
      @ruchiniweerasekara2818 Год назад +1

      Atta kathawa.wate enna ayata Tama mara prashne😂

  • @everything_LK_Banda
    @everything_LK_Banda Год назад +38

    බබාල හදන්නේ නැත්තේ ඇයි කියලා උත්තර දෙන්න video එකක් හදන්න වෙනවා කියන එකෙන්ම තේරෙනවා ලංකාවේ උන්ගේ තරම 😂. Hats off for your bravery ♥️♥️

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v Год назад +8

    ඇත්තටම හරිම සරල දෙන්නෙක් . මේ ගමන්ම තරුණ අයට පනිව්ඩයක් දෙන ඒක ගොඩක් වටිනවා. ඔය බබාලා ගැන අහන එකයි , බදින්නෙ නැද්ද කියලා අහන එකයි අහන්න හොද නැතිව ප්‍රශ්න දෙකක්.

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv Год назад +46

    කිසිම හේතුවක් මත..... බබෙක් නැද්ද කියලා කපල් එකකින් අහන්න එපා..... එක පුද්ගලික කරුණක් සමහරුන්ගේ සංවේදි තැනක්.....❤

    • @madhawaperera5804
      @madhawaperera5804 Год назад +5

      300% ekangai

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 Год назад +1

      Aniwa ahanna one nehe, eka personal deyak

    • @sameera600
      @sameera600 Год назад +4

      බබෙක් නැද්ද කියලා අහන්නෙ බබෙක් දෙන්න වෙන්න බැරිද?

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 Год назад +60

    මම අත්දැකීමෙන්ම කියන්නෙ අද්‍යාත්මික අවදි උන දෙන්නෙක් විවාහ උනොත් බොහෝ විට එයාල දරුවො හදන්නෙ නෑ .ඒ වෙනුවට එයාල බොහොම සැහැල්ලුවෙන් විනෝදෙන් ජිවිතෙ විදල ඉන්නයි හදන්නෙ.බැදීම් අඩුව සැහැල්ලු ලෙස ජීවත් වෙන්න එයාල බොහෝ විට උත්සහ කරනව..වරදවා තේරුම් ගන්න එපා අද්‍යාත්මික අවදි උන අය පල්ලි පන්සල් බදාගෙන සුදු ඇදගෙන ඉන්න අය නෙමෙයි ගොඩාක් විනෝදෙන් සැහැල්ලුවෙන් පාඩුවේ ජීවත්වෙන අය. එයාල එලියට ප්‍රකාශ නොකලට ජිවිතේ ගොඩාක් දේවල් අවබෝද උන අය.. ❤❤❤

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz Год назад +8

    ඒකනන් සීයට දාහක් ඇත්ත කතාව.....අවුරුදු ගානක් යාලුවෙල ඉද්දි ඇහුවා වයසට යනවා බදින්නෙ නැද්ද කියල් 😅 ඒත් අපිට ඕනෙ කාලෙදි අපි මැරි කලා...අපිටත් අපෙ පවුල් දෙකෙ දෙමව්පියන්ටවත් නැති ප්‍රශ්නයක් තමා අනිත් අයට තියෙන්නෙ....අනෙ මන්දා ඉතින් අනුන්ගෙ දේවල් හොයලා හොයලා, තව කෙනෙක්ගෙ හිතක් රිද්දලා මොකටද😊....ඔය කවුරුත් කන්න අදින්න දෙන්නෙත් නෑ අනික අපිට වැරදුනහමත් ඔය නෑයො, අසල්වැසියො කියන අය නැහැ...දෙමව්පියොයි හස්බනුයි විතරනෙ ඉන්නෙ...තමන්ගෙ ජීවිතේ තමන්ට ඔනෙ විදිහට වින්දනන් අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතිව ඉන්නවනන් ඇත්තටම කොච්චර හොදයිද ? ❤❤

  • @Ushankbudd
    @Ushankbudd Год назад +51

    මම හිතන්නෙ කසාද බැන්ද කියලා බබාලා හදන්නම අවශ්‍ය නෑ.අනික් කාරණය බඳින්නෙ බබ්බු හදන්නම නෙවෙයි..අපිත් බැඳලා අවුරුද්දක්.බබාලා හදන්නෙම නෑ කියලා තීරණය කරා අපි දෙන්නම.ගෙවල් වල අය උනත් ඒකට මොනවත් කිව්වට ගාණක් නෑ.ඒක අපේ තීරණයක්.ගොඩක් අයට ඕක ප්‍රශ්ණයක් වෙන තැනක් උනත් මම හිතන්නෙ ඒක වැඩිය හිතන්න ඕන දෙයක් නෙවෙයි💜️සතුටින් ජීවිතය ගෙවන්න විතරයි අවශ්‍ය .ගොබ්බ ප්‍රශ්න අහන එක මිනිස්සු කවදත් නවත්තන්නෙ නෑ.ඒ නිසා ඒවට උත්තර දෙන්න අපි බැඳිලා ඉන්න ඕනෙත් නෑ..❤❤❤❤..p.S
    ගාල්ල කියන්නෙ අපෙ ගමනේ..😂

    • @ShenuShenu-pi7ob
      @ShenuShenu-pi7ob Год назад +4

      ලංකාවෙ විනාශ ය තමයි. එහෙන් බහුජාතික සමාගම්, අධිරාජ්‍ය වාදීන් ලංකාවෙ ලමයි බෝ වීම අඩු කරන්න හදනවා.තොපි වගේ මෝඩයොත් ලමයි හදන්නෑ කිය කිය වැලලෙනවා.නොදකින් තොපි මැරිල පලයව්.තොපි මේ පොලොවෙ ඉන්නෙත් දෙමව්පියො තොපිව හදපු නිසා තමයි. ගොනෝ

    • @physicsonline5916
      @physicsonline5916 Год назад +9

      @@ShenuShenu-pi7ob ලංකාව වගේ කුප්ප රටක මොනා රකින්නද බන්🤣

    • @islam_makhachev_00
      @islam_makhachev_00 9 месяцев назад

      ​@@ShenuShenu-pi7obඅයියො හුකන වේසිගෙ පුතා උබෙ අම්මට හුකපප්

    • @Dineth334
      @Dineth334 5 месяцев назад

      වයසට ගිහින් රෙද්දෙ රෙවා ගත්තම තොපිට තේරෙයි හැමදාම තරුණ විදිහට ඉන්නෙ නෑනෙ යකෝ තමන්ගෙ වැඩ තමන්ට කරගන්න බැරි දවසක් එනව එතකොට බලමුකෝ 😂අනිවාරයෙන් හිතෙයි දරුවෙක් ඉදියනම් හොදයි කියල

    • @Ushankbudd
      @Ushankbudd 5 месяцев назад

      @@Dineth334 බඳින්නෙ ළමයි හදන්නම.කියන උඹලා වගේ උන්ට ඉතින් කියලා වැඩක් නෑ .නාකි උනාම රෙද්දෙ රෙවෙයිද නැද්ද කියන එක තොපේ නෙවේ අපෙ වැඩක්නෙ..අනික කවුද දන්නෙ නාකි වෙනකන් ඉඳීද කියලා.ගොබ්බයා

  • @g.k.w.jayarathna6741
    @g.k.w.jayarathna6741 Год назад +13

    මම ආසම presenter තමා මාධව අයියා කියන්නේ....😍
    මම presenting walt ගොඩක් කැමති කෙනෙක්...
    මට ලොකු හීනයක් තියෙනවා... මාධව අයියා , සචිනි අක්කි වගේ ලස්සන perfect tv presenter කෙනෙක් වෙන්න...😃💖
    නදුනී අක්කීත් හරිම කියුට්... එයාටත් ගොඩක් ආසයි...🤗
    ඔයාලගේ වීඩියෝ හැමදාම මඟ නොහැර මම බලනවා...

  • @Laksh_528
    @Laksh_528 Год назад +26

    Me & husband marry karala 9 years den.. Api nam yalu una kale idanma tiranaya karala tibbe "No Babies" kiyana de. Eka ape pudgalika kemeththak... mama wagema eyath.. api denna Lanka sithiyamema travel karala tiyenawa. Hodatama api ape jeevithe enjoy Kara saha karanawa. Den nam api lankawe neme inne...
    Ithin lamai hadanna one nee Anagatha Ayojanayak kiyala hitagena.
    Hebei lankawe godak minissu lamai hadanne ehema hitagena. E nisa eka eka kenage personal life ekata kawruth medihath Novi inna eka Tama watinama de...😊😊

  • @smilingfm
    @smilingfm 7 месяцев назад +9

    අක්කලගේ vidio ඔක්කොම වගේ මන් බලල තියෙන්නේ. මන් ඔය දෙන්න life එක enjoy කරන විදියට ආසයි . මාත් ආස අක්කල වගේ හිතෙන අයට ඇත්තටම මේ comment දාල බනින අය නිසා එකෙන් අක්කලගේ channel එකටවත් අක්කලගේ life එකටවත් හානියක් වෙන්නේ නැහැ .ඔයාලගේ views වැඩි වෙනවා බනින අයට පවු සිද්ධ වෙනවා විතරයි. පවු නේද බැනපු අය එයාලට සමාව දෙන්න මොලයක් නැති නිසානේ එහෙම බනින්න්නේ එයාල එක්ක වාද නොකර අක්කලා ඉන්න එක නම් සුපරි .. ගූඩ් luck madawa aiya and naduni akki 😍😍😍😍

  • @asanthikachathurangani
    @asanthikachathurangani Год назад +47

    ළමයි නම් හදාගන්න එපා බැදලා අවුරුදු 5ක් වත් යනකම් ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ඒ කාලේ ඔනේ තරම් ගෙවල් වල.කට්ටිය හිටිය ළමයි බලගන්න වට පිටේ අසල්වැසියන් හිටියා දැන් එහෙම නෑ.ලමයගේ අම්මා ලෙඩ වුනොත් කැද ටිකක් දෙන්න කෙනෙක් නෑ,ඉස්සර වගේ ද දැන් අධ්‍යාපනය nursery කාලේ දෙන වැඩ ගොඩ බලන්න ඒවා කරවන්න වෙනම කෙනෙක් ඕනේ ඊට පස්සේ ඉතිං ජීවීතේ විදලා ඉවරයි,පුළුවන් කාලේ ජිවිතෙ විදින්න ,මම එහෙම නැති කෙනෙක් මගේ මුලු තරුන කාලේම දරුවා වෙනුවෙන් කැප වුනු කෙනෙක් අවසානේ ජිවිතේ විදලා නෑ විදවලා විතරයි ඒ කරත් අවසානේ හැමොම අහන්නේ මොනවද කරේ කියලා ඒක නිසා විශේෂයෙන් කාන්තාව ඔයි කාලේ ජීවීතේ විදින්න අවසානේ මතක් කරලා හරි සතුටු වෙන්න ඉතිරි වෙන්නේ එච්චරයි

    • @Madhava.Wijesinghe
      @Madhava.Wijesinghe  Год назад +3

      අදහසට ස්තුතියි! 🙏🏼🙏🏼

    • @atbagi459
      @atbagi459 Год назад +3

      Ow dear oya hari .

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Год назад

      මේක නම් ඇත්ත ❤

    • @antonypaul3609
      @antonypaul3609 Год назад +1

      Lankave unge sobene , Balanda Arabi karyo 3/ 4 hambekarenva. Kavda ho arabikaryo vadivena. Ape Bauddayo aduvenva. Kama kaka ehemhe avida avida inda ,

    • @asanthikachathurangani
      @asanthikachathurangani Год назад +12

      @@antonypaul3609 ලෝකේට පේන්නවත් ,පරම්පරාව හදන්න කියලවත් තමන්ගේ ජීවීත බිල්ලට දීපු අය දිහා කවුද අද බලන්නේ ළමයි හදන්නං වාලේ බල්ලෝ කුකුල්ලු වාගේ හදලා හරි යන්නේ නෑ,අරාබියට කොහොමද ලංකාව සමාන කලේ ,සල්ලි තියෙන,ළමයි ගේ ආරක්ෂා වට ඕනේ තරම් අය ඉන්න අයට ළමයි හදන එක ගැටලුවක් නෑ නමුත් අපේ රටේ බහුතරයක් ඉන්නේ දෙන්නම job කරන්න ඕනේ නැත්නම් ජීවත් වෙන්න බෑ ,ළමයි බලාගන්න හරියට කෙනෙක් නෑ ,මේ ළමයි සත්තු නෙවෙයි ළමයි හදන්නං වාලේ හදලා ළමයෙක් ගේ ජීවිතේට මොනව හරි වුනොත් එදාට අපේ ජාතිය රකින්න ළමයි හදපු අම්මා කෙනෙක් කියලා කයිවාරු ගහන මිනිස්සු ඒවීද එදාට වැඩිපුර විදවන්නේ අර අම්මා ඊට සමාන දුකක් බෝහෝ විට තාත්තාට තියේවී ඊට එහා නම් කවුරුත් නෑ,ජාතිය හදනවා කියලා සමාජෙට පිලිලයක් වෙන ළමයි හදලත් බෑ,අනුන් සනසන්න ළමයි හදලා තම්නුත් විනාස වෙලා මේ සමාජෙත් විනාස කරන්න එපා,ළමයෙක් හදලා හරියට හොද නරක කියලා දෙන්න බැරි නම් ලමයව හරියට ආරක්ෂා කරන්න බැරිනම් ළමයි හදන්න එපා ඒක ඒ දරුවන්ට සහ තමන්ට කරගන්න මහා අපරාදයක් .

  • @supuniprabha9436
    @supuniprabha9436 Год назад +11

    අපේ ගුරැවරැ නම් එ්කට.මගේ ජීවිතේම විනාස උනේ ගුරැවරැන්ගෙ වැරදි නිසා.මං පාසල් යද්දි සම්බන්දයක් නිසා මාව කොන් කලා.අනේ මං කොල්ලෙක්ට කැමතියි කිව්ව විතරයි.

  • @samithagayashan9437
    @samithagayashan9437 Год назад +12

    14:39 කියලා වැඩක් නෑ අනුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අපේ ගෙදර අයට වඩා. මාධව ඔය දෙන්නා වටින කතාවක් කිව්වේ. ඇත්තටම මමත් බැඳලා නෑ. ඒක ගෙදර අය තේරුම් ගෙන ඉන්නේ. නමුත් පිට උන්ට එකම දේට සියසැරයට වඩා උත්තර දෙන්න ඕන .

  • @thusharauduwake2219
    @thusharauduwake2219 Год назад +13

    මාධවගේ කථාව හරි marrege eka බබාලා ගැනයි හොයන එකයි job ekai hoyanawata wada තමන්ගෙ අඩුපාඩු හදාගන්න එකයි වැදගත්ම

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq 5 месяцев назад +4

    කවුරැ කොහොම කිව්වත් ජීවිතය විදින්න ඕන කාලේ විදවන්නේ නැතුව ඉන්න. ජීවිතය පිළිබඳව ගන්න තීරණ හැගීම් වලින් නොව බුද්ධියෙන් ගන්න.

  • @chanikanadeeshani-de4oy
    @chanikanadeeshani-de4oy Год назад +32

    බැදපු අයගෙන් ළමයි හදන් නැද්ද කියලා අහන්න තරම් ගොබ්බයෙක් නොවන්න එච්චරයි 🙏🙏

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 9 месяцев назад +9

    Mage duwa lamai hadanne naaa kiwwa. Now 40..she is allright. Has a job.guiding a life that she wanted.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +27

    ලංකාවේ ප්‍රස්ද්ද අය නැත්නම් කලාකාරයො පිටරටකට යන්න අකමැති බොහෝ විට එයාලට ලංකාවෙ තියන ජනප්‍රියත්වය ඒ හරහා ලැබෙන වාසි(ජනතාවගේ අවධානයට ලක්වීම,ආදරය විශේෂ සැලකිලි උත්සව අවස්ථාවලට ආරාධනා වගේ තව බොහෝ දේවල්)එහිදී ලැබෙන් නෑ ඒවයෙ බොහෝ විට සමානාත්වතාවය ඉහලින් තිබෙන රටවල්.අනික රැකියාවල් උනත් ලංකාවෙ විදිහට කරන්න බෑ,ඉතින් කව්ද ලංකාවෙ තියන දේවල් දාල යන්නෙ.හැබැයි සමහරැ කියන්නෙ ලංකාව වගේ රටක් නෑ අපි ලංකාවට පට්ට ආදරෙයි කියලා.ඟැඹුරින් කල්පනා කරනකොට යතාර්ථය ඒක නෙවෙයි 😅

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 Год назад +13

    පුතා ඔයා මහරගම පාසලට යන කාලේ මගේ දුව ගේ පංතියේ හිටියේ ඇත්තටම හරිම සතුටුයි ඔයා අද ඉන්න තැන දැකලා තෙරුවන් සරණයි ඔයාලාට අනාගතය තවත් සුන්දර වේවා

    • @sameera600
      @sameera600 Год назад

      වැඩක් නෑ දැන් දුක හිතෙනවත් ඇති .මෙ වගේ පුතෙක්ට දුව දෙන්න බැරි වුන එකට

  • @anupriya542
    @anupriya542 Год назад +84

    මගෙනුයි හස්බන් ගෙනුයි අහනවා කට්ටිය ලමයි හදන්නැද්ද කිය කියා . දැන්ම හදන්නෙ නැ පොඩ්ඩක් අපි තනියම ජීවිතෙ enjoy කරලා තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒවා කරගෙන බබාට දුක් විදින්න නොදි ඒ ලමයාට උපරිම සැප සම්පත් දෙන්න පුලුවන් උනාම හදනවා කිව්වත් ආය ආය අහනවා 😒 (mage channel එකෙ අය නෙමෙයි )

    • @DinithaYohan-rg8zy
      @DinithaYohan-rg8zy Год назад

      Ape gewal laga ayyakenekui akkakenekui oyalawage hithuwa . But hithanne nathuwa hitiya.e ayyata babala petthen prashna

    • @dilininisansala790
      @dilininisansala790 Год назад +1

      එකනම් ඇත්ත

    • @anupriya542
      @anupriya542 Год назад

      @@prabuda_dayarathna875 youtube eke aya nemei ane ahanne

    • @anupriya542
      @anupriya542 Год назад

      @@dilininisansala790 eyalata irisiyai api hodin innakota

    • @anupriya542
      @anupriya542 Год назад

      @@DinithaYohan-rg8zy eka ithin wenna පුළුවන් deyak..lamayek inna onimai kiyalath nane. Onima nam amma thaththa nathi අහිංසක patiyek aran hadagannath puluwanne 🙂

  • @sududhoni8763
    @sududhoni8763 Год назад +14

    මාදව මල්ලි ඔයාගේ වයිප් හරිම ලස්සන ඉස්කෝලෙ යන පොඩි ගැනුළමයෙක් වගේ මම හරිම කැමති නදුනි නංගිට❤❤🎉🎉 😘

  • @ChandaniSomarathna-w2j
    @ChandaniSomarathna-w2j 5 месяцев назад +8

    කින්සු වත්ථු මනුස්සානන් "පුත්තා වත්‍ථු මනුස්සානන් මේ ලෝකෙ වටිනාම වස්තුව දරුවො කියලා බුදුන් වහන්සෙර්හ් දේශනා කලා නමුත් උන් වහන්සේත් ඒ බැදීම අතෑරලා ගියා බැදීම් කියන්නෙ දුකක් විතරයි

  • @user-nd1vs8dn9hB
    @user-nd1vs8dn9hB 11 месяцев назад +29

    තනිකර ලෙඩ්ඩු ඉන්නේ මේ අමුතු ඇටේ.උන් දෙන්නා ආදරේන් හිටපුදෙන්.පෞද්ගලික දේවල් මොන මගුලටද. උන් දෙන්නටත් ජීවිතේ විදින්න ක්‍රමයක් ඇතිනේ.උබලා උබලගේ ජීවිත විදපල්ලා😂

  • @SriyaniDasanayaka-pi9tp
    @SriyaniDasanayaka-pi9tp 9 месяцев назад +9

    ඔයාල හොඳින් ඡීවත් වන්න එයයි විය යුතු.

  • @samanrathnayake9783
    @samanrathnayake9783 9 месяцев назад +54

    අපෙ ආච්චිත් මැරිල ගියා වතුර පොදක් නොලබා ලමයි 14ක් වෙනුවෙන් දුක් විඳලා..... එකෙක්වත් නෑ ආච්චි ට බැලුවෙ.. අඩුම අපෙ තාත්තා වත් බැලුවෙ නෑ.... 😂😂😂 ලමයි සම්පතක් කියන උන්ට වෙන්නෙ ත් ඕක අද වගෙ සමාජෙක......😂😂

    • @LaLoon17
      @LaLoon17 9 месяцев назад +2

      Mage aththammatath okamai une. Lamai 7i. Ekek baluwe na. Mage thaththa witharai salakuwe.

    • @NiroshaSandamali-e5s
      @NiroshaSandamali-e5s 9 месяцев назад +2

      ඒකනෙ

    • @samanrathnayake9783
      @samanrathnayake9783 9 месяцев назад +4

      @@LaLoon17 ඔන්න ලමයිගෙ අගේ ඉතින්..නේද..... මම හිතන්නෙ අපෙන් උනත් අපෙ අම්මලට වෙන්න ඕනෙ හරිය සම්පූර්ණයෙන්ම වෙන්නෙ නෑනෙ......මේලෝකෙ හැම එකාම එහෙම තමා..මේවයෙ බණ කියනවා.

    • @LaLoon17
      @LaLoon17 9 месяцев назад

      @@samanrathnayake9783 mn nm kohoma unath mage ammatai thaththatai aniwarenma salakanawa mokada e denna mage mulu lokema. Aththamma anith lamai gana hithala duk una widiha mn dakka. E duka mage demaupiyo dennata kawadawath denne na mn. Adatath mn eyala kiyana de ahanawa mokada eka eyalage sathuta nisa. Oya dannawada mt panthiye lakunu adui, mn dakshama lamaya newei, eth parents meeting ekkata giyama anith ammalata teachersla kiyanawa meya hondata wada tika karanawa eth me lamaya ganna deyak na kiyala. Habai mage amma harima sathutin gedara enawa. Mehema honda dewal ahagena, ammawa thaththawa sathutin thiyala anthimata hospital ekkata wela duk windinne ai kiyala hithenawa. Mn me qwe lamayek hadana eka gana. Mechchara dewal karala duk windala hari widihata jeewath wela awasanaye duk windinna ba. E nisa mn mage ammatai thaththatai hondata salakanawa eyalawa hamadama sathutin thiyanawa. Mn lamainta asai eth duk windinne nathuwa mage daruwek hadanna kramayakuth hoyagannawa. Api nodanuwathwa ape demaupiyonge hith ridila athi apita notherena kaale, eth dn ewa therum aran dn mn nisa eyala sathutin innawa dakina tharam gammak na kohewath.

    • @dulansananayakkara1762
      @dulansananayakkara1762 8 месяцев назад +2

      Ane ow ape achi siyataith ehema una ammge ammai thathai auruduganak mava balagathe e denna eth eyalata yanna una thathage gedara nisa thiyena hamadema vikunala dunne apitamai eth ammata karanna dekuth na Ammai mai ithin gihin balala enna va
      Minissu kiyanne maha amuthu kattiyak😢

  • @sn9966
    @sn9966 9 месяцев назад +16

    මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැන හරිහමන් මිනිස්සු ප්‍රශ්න අහන්නෙ නෑ.

  • @xxxxc860
    @xxxxc860 5 месяцев назад +6

    ඉපදීම දුකක් කියල විශ්වාස කරණ අය උපද්දවන්න අනුබල නොදෙන එක ගැනත් පුදුම වෙන්න එපා!

  • @ShashiShashi-r7s
    @ShashiShashi-r7s Год назад +12

    දරුවොන්ටට්ත් දුකක නැතුව සුදුසු කාලෙදී බබාල හදන්න ඕනි

  • @kee-u1k
    @kee-u1k Год назад +43

    සමහරු කියනවා බාබල හම්බවෙන්නේ ලොකු පින් කරපු අයට කියල.එත් ඉතිං වැඩියෙන් පිංකරාම යන දිව්‍යලෝකේ ඉන්න දෙවියන්ට ඔය කියන විදියට ලමයි දුසිම් ගානක් ඉන්න එපැයි.ලෞකික ජීවිතය පවත්වාගෙන යන්න ලමයි ඉන්න එක හොදයි.නමුත් ලෝකෝත්තර ජීවිතට යන්න ලමයි නැති එක පහසුවක්.අපි ඉපදුනේ ලමයි හදලා එ ජීවිතය ගත කරන එකද බැදීම් අඩුකර ගෙන ඉදිරි භවයකට වැඩ කටයුතු කරන එකද කියල තමන් තීරණය කරන්න ඕන 👍✅

    • @Nethunsjejkkman123
      @Nethunsjejkkman123 Год назад +3

      Manussaloke ipadenna godak pin karanna one diuyaloke yanavata vada pinak thiyenne one manussaloke upadinna

    • @Nethunsjejkkman123
      @Nethunsjejkkman123 Год назад +1

      @@SimpleDiary-tj5kk ipadima dukkk thamai habai e dukak wena ipadima nathikaragena nivana laga karaganna puluvan wenneth manussaloke ipadunoth witharai

    • @Chalani.94.
      @Chalani.94. Год назад

      පිස්සු හැම දේටම ආගම ගාවා ගන්නවා මේ මිනිස්සු

    • @kee-u1k
      @kee-u1k Год назад

      @@Chalani.94. හැමෝම එක වගේ හිතන්න ඕන නැහැනේ.....👍

    • @MJanaChathu
      @MJanaChathu Год назад +3

      ඉතින් ලෝකෝත්තර ජීවිතයට ලමයි බාධාවක් නම් කසාද බදින එකෙනුත් බැදීමක් ඇති වෙන එකනේ වෙන්නේ

  • @nipunialoka8043
    @nipunialoka8043 9 месяцев назад +10

    Lamai nedda,hadan nedda.. owa ahana unta kiynna ane unta hada gnna kiyala.. thamange kemettane.. wate unta puduma amaruwane thiyenne.. owa hithanna epa.oya sathutin inna ane..❤

  • @wamelapodduwa
    @wamelapodduwa Год назад +8

    ඇත්තටම වගකීමෙන් කියන්නේ ජීවිතේමල්. මෙන්. දිනෙන් දින දිනේ වා මාධව,නදුනි ❤❤❤ දෙන්නා ටම සුබ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ සවූදි දම්මාම් ජුබෙල්වලින් 🎉🎉🎉🎉

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Год назад +4

    අක්කා වගේම අයියත් මං කැමතිම දෙන්නෙක් .මං හිතන්නෙ මාධව අයියට හරිම කෙනා අක්කා ❤️සතුටින් ඉන්න හැමදාම .😘 තෙරුවන් සරණයි .

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 Год назад +9

    නියමයි වීඩියෝ එක 👍❤ ඔව් රට ජීවිතේ තනියම ගෙවනකොට කියන තරම් සුන්දර නෑ,නමුත් ලංකාව තරම් සුන්දර නිදහස් රටක් තවත් නෑ,ලංකාවේ ගොඩක් අය පිටරට වලට යන්නෙ යම් පිරිසකගෙ ක්‍රියා කලාපය නිසා තමයි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +11

    මම ඉතින් කියන්නේ ඔයාලා දෙන්නාට හැමදාම සතුටන් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaniamodya1608
    @ishaniamodya1608 Год назад +32

    බබාලා හදන්නෙ නැත්තෙ ඇයි ? කියන එකට උත්තර දෙන්න විඩියෝ එකක් හදන්න උන එකෙන්ම තේරෙනවනෙ මෙහෙ මිනිස්සු කොච්චර ශෝක් ජාතියක්ද කියලා 😂😂

  • @NiroshaSandamali-e5s
    @NiroshaSandamali-e5s 9 месяцев назад +46

    කවුරැ කොහොම කිව්වත් බබාලා හදන එක නැති එක එයාලගෙ කැමැත්ත.මාත් ආස නෑ ලමයි හදාගෙන මැරෙනකල්ම ලමයි මත්තෙ නැහෙන්න.

    • @ShenonAbeesha-u5v
      @ShenonAbeesha-u5v 9 месяцев назад

      Shik lamai kiyanne me loketa samthak..ohoma Katha kiyanna epa..daruwata adare karana daruwo nethuwa duk widina babala ne kiya Kiya loke wate doctorsla Hoya Hoya Salli laksa ganan wiyadan karana asarana ahinsaka ammala kochchara innawada..oyala wage ohoma jera Katha kiyana ayata mona athmeka Hari daru samthata asawen hitiyath daru samthak nolabei..

    • @NiroshaSandamali-e5s
      @NiroshaSandamali-e5s 9 месяцев назад +18

      @@ShenonAbeesha-u5v ආ ඒකට කමක් නෑ.ඒක මගේ කැමැත්ත.ඔයාට ඉතින් ඕන්නම් දරැවො ඕනි ගානක් හදාගෙන ඕනි විදියට ලමයි එක්ක ඉන්න.ඒක ඔයාගෙ කැමැත්ත.මම කිව්වෙ මගේ මතය.බැන්දහම දරැවෙක් ඕනිමයි කියලා මතයක් නෑ.මම නම් හිතන්නෙ දරැවො කියන්නෙ අපිව මේ සසර ගමනෙ තව තවත් දුක් විද විද ඉන්න ඉඩ සලස්වන මග හරින්න බැරි බැදීමක් කියලා..වයසට ගිහිනුත් කවදාවත් හිතේ සැනසීමෙන් මැරෙන්නවත් බෑ දරැවො මතක් වෙද්දී.ඊට පස්සෙ ඊලග ආත්මෙ ඉපදෙන්නෙ දරැවො ලග පෙරේතයෙක් වෙලා....මං කිව්වෙ මගේ මතය.කාටවත් අමාරැවක් නෑනෙ ඒක..🙂

    • @janakakumara1946
      @janakakumara1946 9 месяцев назад +9

      apith darwo hadanne na.awrudu 6k dan marry karala.harima nidahas jeewithayak....aththatama nidahasa kiyanne sampathak.oya hariyatama hari

    • @samanrathnayake9783
      @samanrathnayake9783 9 месяцев назад +3

      ​@@ShenonAbeesha-u5vඔහේට පිස්සු තදවෙලා😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 9 месяцев назад +3

      ​@@NiroshaSandamali-e5sසහතිකෙන්ම ඇත්තටම ඇත්ත ඕක..

  • @wasantharanjith8243
    @wasantharanjith8243 Год назад +8

    ආදරෙයි නංගී ,මල්ලි සතුටින් හැමදාම ඉන්න,දුවෙක් උනත් පුතෙකු උනත් ඔව්න්ට පුදන්නේ එකම ආදරයයි❤️❤️❤️මටනම් රත්තරං දෝණියයි,රත්තරං පුතු පැටියයි ඉන්නවා.මගේ පණ ඒ දෙන්න ❤️❤️❤️🌹🌹🌹

  • @lalarachchige3926
    @lalarachchige3926 6 месяцев назад +7

    ලමයි හදන්න පෞර්ශවයක් .එඩිතරකමක් නැත්නම් නොහදා ඉන්න එක හොඳයි. නැත්නම් ලමයින්ට මහපාර තමයි උරුම වෙන්නේ.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 месяцев назад +3

    හැබැයි ඉතින් තරුන අවදියේ හදන බබාලා නිරෝගි යි ඒ ගැනත් සිතන්න ඕනි ඇත්තටම ඔය ආදරය ඔය කියන ව්දියටම රැකගන්න පුලුවන් වේව්ද ❤️❤️🌟🌟👍

  • @nipunibhagya6577
    @nipunibhagya6577 Год назад +4

    Sachinith ගාල්ලේ ඇවිත් q and a එකක් කරා... ඒකත් uber eats ad එකක් තමයි.කොහොම උනත් ලස්සනයි ඉතින්❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Год назад +12

    මාදව අනේ ඔයා නිලපබලු ටෙලියෙන් අයින් වෙන්න. මහ චාටර් ඔයා එකෙ නම්

  • @pawanipiumali-zu9kl
    @pawanipiumali-zu9kl Год назад +8

    Oya denna babala hadanne na kiyaddi e sambandawa dunna comment perfect akki mokada daruwonta kochchara asa adare unath deviyo dena welwak thiyanawa eka pita ayata pena widiya amuthui mamath ehema kenek habai oya denna dunna e answer ekata mage hitha godak shakthimath una ekata godak thanks akki and aiya

  • @nayomipiumika2159
    @nayomipiumika2159 Год назад +21

    හැමදාමත් adare asama දෙන්නෙක් ❤❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Год назад +3

    ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බාබාලා හදලා එයාට දුකක් දෙන්න ඔනේ නැහැනේද ?

  • @maduharshini63
    @maduharshini63 Год назад +15

    තව කෙනෙගෙ හිත රිද්දන දෙයක් අහන්න මිනිස්සු හොදට පුරුදු වෙලා ඉන්නවා..

  • @dewunawanjana2475
    @dewunawanjana2475 Год назад +5

    ගාල්ලේ ගිහිල්ලා නේද❤ජීවිතේ විදින්න ඕන තමන්ට කැමති විදියට❤😍. මන් කැමතිම කපල් එකක්. බුදු සරණයි දෙන්නටම❤❤.

  • @bestbest1314
    @bestbest1314 9 месяцев назад +3

    Me comment denna kalin me video eka sampurnayen baluwoth hodai.meyala kiyanne na lamai hadanne na kiyala.eyalage pudgalika hethu nisa eka tikak kal dala.madhawa kiyanne atta.mamath marry karala aw 6k babala nathuwa hitiya.mage wate inna minissu mta puduma wadayak dunne lamai na kiyala.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Год назад +4

    3:30 Great

  • @roshjazz4315
    @roshjazz4315 Год назад +10

    හැමෝම අහන ප්‍රශ්නයක් මම නම් කියන්නේ අපි හදන්නේ අපිට ඕන වෙලාවට කියලා.. 😂😂

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 Год назад +20

    ඇත්තම කතාව බැන්දොත් අහනවා ඇයි ඉක්මනට බැන්ඳේ කියලා..නොබැඳ හිටියොත් අහනවා ඇයි බඳින්නැද්ද කියලා.ඕල්ඩ් ජෙනරේෂන් එකේ සමහර මිනිස්සු හරි මෝඩයි...මිනිස්සුන්ට එහෙම කියන්න හොඳ නෑ..ඒත් ඊට වඩා ගැලපෙන වචනයක් මං දන්නෑ...😊

    • @weneedpeace92
      @weneedpeace92 Год назад

      some of the younger generation also similar to that

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Год назад +3

    මට නම් හිතුණා අක්කි තාම ඉගෙන ගන්න නිසා කියලා සමහර දේවල් hold කරලා තියෙන්නේ 😊

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Год назад +3

    ගොඩක් වටිනා ඔවදන්, උපදෙස් ටිකක්. sir lanka වෙ couples වලට . thanks.

  • @saviniimasha2583
    @saviniimasha2583 Год назад +13

    ඔයාලා කොච්චර වාසනාවන්තයි ද අයියේ අක්කේ මන් පවුලේ එකම ලමායා මට නම් තාම කැමති විදියට ජීවිතේ වෙන්න ආස දේවල් කරන්න ලැබිලා නෑ 😢 ඉස්සරහට ඉතින් කියන්න බෑ 😊 අදහස් හැමදේම ගලපගෙන ඔය දෙන්න ජීවත් වෙනවා නම් කවුරු මොනා කීවත් අදාළ නෑ 🎉 හැමදාම සතුටින් ඉන්න අයියේ අක්කේ ❤

  • @nimalperera4801
    @nimalperera4801 Год назад +2

    පුතා........ මන් ඔයාට හරිම ආසයි .....ඔයාල මේවගේ වටිනා වැඩසටහන් කරන එක හරිම හොදයි. " තෙරුවන් සරණයි " -. ඔස්ට්‍රේලියා -

  • @suddi.H
    @suddi.H 23 дня назад +1

    හැමදාම සතුටින් ඉන්න❤

  • @sithumidemini8763
    @sithumidemini8763 Год назад +3

    මාධව අයියා මන් දැකපු නිහතමානීම චරිතයක් අක්කත් හරිම වාසනාවන්තයි මාධව අයියා වගේ boy kenek labanna ❣️❣️😘 දෙන්නම සතුටින් ඉන්න 💫🌻මමත් ගාල්ලේ 😁😁

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +5

    ආදරෙයි අක්කි අයියා.. මං ආසම දෙන්නා ... බුදු සරණයි..

  • @nayomikahatapitiya8892
    @nayomikahatapitiya8892 Год назад +6

    ජිවිතේ විදිනවා .❤ ඒ දෙන්නා. සතුටුන් ඉන්න .🥰😍 තෙරුවන් සරණයි 🙏🙏

  • @KSM-iy2xb
    @KSM-iy2xb Год назад +2

    15 සම්පූර්ණ ඇත්ත.......මගේ අක්ක දැන් කොහේවත් යන්නෙ නෑ දැන් ඕක අහන නිසා😢😢

  • @sanjeewaprasanna6091
    @sanjeewaprasanna6091 Месяц назад +1

    සතුටින් ඉන්න හැමදාම

  • @moon0909
    @moon0909 Год назад +8

    Degree අරන් job එකක් කරනකම් තාම නැද්ද එකක් හොයා ගත්තේ.. කට්ටිය උඩ යන salary එකක් දෙන job එකක් හොයා ගත්තට පස්සේ.. next Marry කරන්නේ නැද්ද ... 🤣 next තාම පොඩ්ඩෙක් නැද්ද .... එක දෙයක් sure ,මගේ parents ලටත් වඩා මන් ගැන හොයන specialy නැන්දලා මාමලා සෙට් එකක් ඉන්නවා 🤣🤣

    • @LaLoon17
      @LaLoon17 9 месяцев назад

      Mn meka wena kenekge comment ekka dakke. Wena kenek dapu reply ekak. Mehema ahuwama eyalagen ahannalu "nanda/maama ehemath heta aniddama marenna adahasak nadda?" Kiyala. 😂😂😂

  • @shrimashrima2906
    @shrimashrima2906 Год назад +2

    අපේ රට සුන්දරයි.දරුවන්ගේ යහපතට රට යන එක හොදයි .එත් මව් රට එන්න ඕනි අපි.දෙන්නාටම තෙරුවන් සරණයි

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Год назад +7

    Married life පුද්ගලාගෙන් පුද්ගලයාට සාපේක්ශයි.. වෙනස්. ඒක ගොඩක් පුද්ගලික දෙයක්…

  • @NeviKaru
    @NeviKaru 9 месяцев назад +8

    ඉස්සරහ society එක යන විදිහ දැක්කම ලමයි නැති එකත් හොදයි තමා.ඉස්සරහට ලමයි කොහොමත් හෙන ලොකු අය වගේ හැසිරෙන්නේ

  • @tharukamadubashini3675
    @tharukamadubashini3675 Год назад +26

    අපේ රටේ එවුන්ට අනිත් එවුන් ලමයි හදන් නැති එක තමා ප්‍රශ්නෙ😂👍

    • @chandimalakmali9577
      @chandimalakmali9577 Год назад

      Hadan nathi ewunta eka prashnayak neme aththatama....wate ayata tama uwamanawa

  • @ManeeshaDivyanjali-vr4vy
    @ManeeshaDivyanjali-vr4vy Год назад +19

    ඔයාලා බබාලා දන්නේ නැද්ද හදන්නේ කවදාද කියලා මගෙනුත් අහනවා මම එහෙම අහනවාට පොඩ්ඩක්වත් කැමති නෑ

  • @kumarimenike9650
    @kumarimenike9650 Год назад +9

    මේක පුදුම ඕප දූප චීත්ත ඉන්න රටක් අනේ. විබාගයක් තියෙද්දි පාඩම් කරනවද.... රිශාට් ආවම දෙමවුපියොන්ටත් කලින් හොයල බලන්නෙ එයාල රිශාට්... ඊගාවට බදින්නැද්ද ඊටපස්සේ ලමයි හම්බෙනකන් බලන් ඉන්නවා... මේවගෙ අනුන්ගෙ කුනු හොයන රටක් වෙන කොහෙවත් නැතුව ඇති. ඉතින් හරියයිද මේ රටට

  • @thilakasirigilbert9285
    @thilakasirigilbert9285 Год назад +2

    මේ video එක හරිම ආසාසවෙන් බැලුවා .

  • @NethmiShamod
    @NethmiShamod Год назад +5

    පුංච් කලේ ඉදලම අය්යට අසය්
    අක්කි ලස්සනයි නිලියක් වගේ 💗

  • @nipundilshan6081
    @nipundilshan6081 Год назад +6

    නිහතමානී සහ සරල ජෝඩුවක් ❤

  • @PiyumiAmarathunga-d2n
    @PiyumiAmarathunga-d2n 5 месяцев назад +4

    Oyala kiyanwa wage badinnedd badinnedda
    Kiyla manasika wadayak wela ane.
    Kenthi yanwa welawakata ehema ehuwama.

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 Год назад +3

    ඔයාල දෙන්නනං හිතන විදිය හරිම perfect... මාත් හිතන්න කැමති ඔය විදියට තමයි! ❤🥰

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Год назад +5

    ලස්සනයි විඩියෝ එක මාධ්‍ය අයියගෙයි නදුනි අක්කගෙයි

  • @kazz1033
    @kazz1033 Год назад +4

    Mama O/L karanna giye game iskoleta.ambo ape iskole kellek ekka yalu unoth u maha aparada karayek widihata baluwe. E bayawichcha para thama kellek ekka yalu wela na.dan age 40k 😊

  • @SachiniRathnayaka-ws5eh
    @SachiniRathnayaka-ws5eh 6 месяцев назад +2

    Meke un kiyana vidihata inna giyoth hodata hiti. Eyalat galapena vidihat eya inne. Eyalat hoda nm apita moko. Lamayi hadan nathuwa marenakanma ekata hodat jiwath una aya කොච්චර innawada. Hodin akke ayye ❤️❤️

  • @saralajeewanthi8197
    @saralajeewanthi8197 Год назад +1

    අදයි මම අක්කගෙයි අයියගෙයි වීඩියෝ එකක් නිදහසේ බැලුවේ...වීඩියෝ එක බලපු වෙලාව හොද දෙයක් ලබා ගන්න වැය කරපු කාලයක් වගේ දැනුනා... පොළවේ පය ගහලා ඉන්න අපි වගේම අය කියලා දැනුනා...ලොකුකම් බිංදුවයි..❤❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul Год назад +12

    අපිට වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් ලබන්න පුලුවන් වීඩියෝ දැම්මොත් හොදයි නේද දොස්තර නෝනෙ

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Год назад +41

    විභාග ලියනකම් අහනවා😂 මේ පාර විභාග නේද . ඊටපස්සෙ රිසාල්ට් ආවහම එව්ව අහලා😂😂 වද දෙනවා.. ඊටපස්සෙ කැම්පස් යනකන් අහනවා කැම්පස් ගියෙ නැද්ද කියලා😅😅😅😂 ඊටපස්සෙ කැම්පස් ගිහින් ඉවර උනහම අහනව දැන් ජොබ් එකක් නැද්ද කියලා😅😅😅😂 . ඊටපස්සෙ ටිකක් කල් ගියාම අහනවා බඳින්නැද්ද. කෙනෙක් නැද්ද ගගා. ඊටපස්සෙ බැන්දාහම තාම ළමයි හදන්නැද්ද අහනවා. ඊටපස්සෙ උන් ඉස්කෝලේ දාන්න හදද්දි ඉස්කෝලේ යන්නැද්ද අහනවා😂 ... තව තව ඉස්සරහ ට තව තව ආතල් කෝටියයි. ලංකාව තරම් ආතල් දෙන රටක් කොහෙවත් නැ😂

    • @thilinilakmal4273
      @thilinilakmal4273 Год назад +6

      ඇත්ත .😂😂😂අනුන්ගෙ කුනු තරම් මොකුත් වටින් නෑ

    • @studywithadi4559
      @studywithadi4559 Год назад +2

      ඇත්ත 😂

    • @fai3379
      @fai3379 Год назад +1

      ​@yellowdreams34අන්න හරි

    • @jayanigunarathna1255
      @jayanigunarathna1255 Год назад +1

      @yellowdreams34 😅😅😅😅

    • @indiegamedevelopment
      @indiegamedevelopment Год назад

      ​@yellowdreams34😂😂😂😂

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc Год назад +7

    ආසම couple එක,ආදරෙයි ❤️

  • @danushkaruwan4466
    @danushkaruwan4466 Год назад +5

    මුලින්ම දෙන්නට දෙන්නා මුන ගැහුනේ කොහිදිද?⇀Where did the two meet in the first place?❤❤

  • @dammikathushari8808
    @dammikathushari8808 Год назад +3

    Hamadama sathutin adaren jivithe vidinna Budusaranai

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Год назад +4

    මිනිස්සු ඇත්තටම මෙි රට දාලා යන්නෙ ගොඩක්ම ආර්ථිකය නිසා වෙන්න පුලුවන්...

  • @prasannask4574
    @prasannask4574 5 месяцев назад +3

    ලස්සනයි ජිවිතය විදින්න...

  • @sisirabandara8670
    @sisirabandara8670 Год назад +9

    අවුරුද්ද 2 වුණා ලමයි නැද්ද කියලා අහලා මානසිකව වටිටනවා ලමයි නැද්ද කියලා මුනටම අහනවා

    • @chandimalakmali9577
      @chandimalakmali9577 Год назад

      Ehema hamoma waten na ane...samaharu ewa passe lokuwata elawan na...

  • @IndunilWijethilaka
    @IndunilWijethilaka 11 месяцев назад +4

    Niymi supiri ❤ denntm 🎉 sathutin inn hemadamth budusaranai dewipihiti

  • @ruviperera4097
    @ruviperera4097 Год назад +6

    Mata babaa hitinh mawa manasikawa watuwa godak minisu mama musali kiyala hamunma kiyanawa ....kawadawath ganiyak wa manasika watana eaka mha paww😢

  • @piyumiamani1710
    @piyumiamani1710 Год назад +5

    ඔයාලා දෙන්නම හුගක් ශෝයි.ආදරෙයි අක්කි & අයියා 😍😘💙

  • @aan5831
    @aan5831 Год назад +43

    එක්කෙනෙක් දෙන්නෙක් බබාලා හදන්නෙ නැති එකට කතා කියනවා තමයි. මෙයාලා මෙතන කියන්නෙ දැනට හදන්නෙ නෑ කියලා විතරයි . ඒකට හේතුව එයාලගේ තව goals තියන නිසා කියලා පැහැදිලිවම කියනවා එයාලා. ඒක හරි තමන්ගෙ හැමදේම ලස්සනට ඉවර කරලා වගකීමක් ගන්න පුළුවන් වෙනකල් බබාලා හදන්නෙ නැති එක බුද්ධිමත් තීරණයක් . ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ගෙ goals පැත්තක දාලා බඳින්න හදිසි වෙලා ඒ එක්කම බබාලත් හදාගෙන husband wife දෙන්නා අතර ප්‍රශ්නත් ඇති වෙන එක. බබෙක් කියන්නෙ ඔහේ ගන්න ඕන තීරණයක් නෙවෙයි කොහොමත්. නිදහසේ වගකීම් ගන්න පුළුවන් වෙද්දි අරගන්න ඕන තීරණයක් .සමාජේ එහෙම නොහිතන මිනිස්සු ඉන්න නිසා තමයි පාරවල් වල , කුනු කාණු වල ළමයි අතඇරලා යන්නෙ. එක්කෝ ප්‍රශ්න ඉවසගන්න බැරිව දිවිනසාගන්නෙ , රණ්ඩු වෙන්නෙ,වෙලාවකට divorce වෙන්නෙම. කිසිම සතුටක් නැතිව ජීවත් වෙනවා ඒ මදිවට. බබාටත් උපරිම සැපවත් ජීවිතයක් ඇති වෙන විදියට හැමදේම plan කරලා , හොඳට ඉගෙනගෙන , තමන්ගෙ තියන උපරිම බලාපොරොත්තු වලට ගියාට පස්සෙ තමයි ජීවිතෙ වැදගත් තීරණ ගන්න ඕන. එහෙම නැති මිනිස්සු තමයි අනුන්ගෙ සතුටෙදි විවේචනය කර කර අපහාස කර කර අනුන්ට හූල්ල හූල්ල මට මේවා නෑනේ ගගා බොරු කතා එහෙමත් පතුරන්නෙ ඒ අය ගැන.

  • @chandimadilshan3159
    @chandimadilshan3159 Год назад +6

    සතුට්න් ඉන්න ඔයාල ගොඩක් වාසනා වන්තයි..

  • @ChathudyaLishendrani
    @ChathudyaLishendrani Год назад +7

    දිනක්ශිගෙ කටහඩ වගෙ අක්කිගෙ කටහඩ

  • @iukguy1
    @iukguy1 Год назад +5

    lankawe inna eunta thiyana prashan thamai owa.. padiya keeyada, mokadda karanne ethana, badinne nadda, ay lamai naththe, ay eka lamayek witharak,, ay hamadama rata, lankawene inna ona and many more dumb questions... kiyala wadak na.. gobbayo