අතීශය බිහිසුනු දුෂ්කරක්ක්‍රියාව..කාව්‍ය සංග්‍ර්‍රහයයි මේ.අසන්න කදුලක් වැටේවී ඔබගේ දෙනෙතින්..

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • විමසීම් 0775861387=================
    දේශකයාණන් වහන්සේ.
    අතුරුගිරිය දම්දිය අසපුවාසී දෙරණ තෙවලා බුදුවදන් කාව්‍යමය ධර්ම දේශක ගුවන් විදුලි රූපවාහිණී කාව්‍යමය ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද කාව්‍ය චක්‍රවර්තී කාව්‍ය ශිරෝමනී ආචාර්ය පූජ්‍යපාද නවගත්තේගම සිරිසුගත ස්වාමීන් වනහ්සේ
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    සාධූ සිතින් මේ පිංකම බලා සතුටු වේවා. තෙරුවන් සරණයි !!!
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••
    ☸️සියළු දේශනාවන් ශ්‍රවණය කරන්න එකතු වෙන්න. ☸️
    👇👇👇👇👇
    Nawagaththegama siri sugatha himi - කවි බණ පිටුව
    #nawagaththegama_Sirisugatha_Himi
    #nawagaththegama_sirisugatha_himi_kavi_bana #TVDerana
    අප මහා බෝසතුන් විදි අනන්ත වූ දුක කියැවෙන.
    ...අතීශය බිහිසුනු දුෂ්කරක්ක්‍රියාව..
    කාව්‍ය සංග්‍ර්‍රහයයි මේ...
    අසන්න දෙසවන් යොමා ඒ උතුම් මනුත්ශ්‍ය රත්නය එදා .තම සියලු සැප සම්පත් අලුයම කෙලපිඩක් සේ අත් හැර දමා ඔබ මා සසර දුකින් එතර කරවීම පිනිසම නොවිදිනා දුක් ගැහැට සිරුට දෙමින් වින්ද ඒ අමා දුක පිලිබදව කදුලක් වැටේවී ඔබගේ දෙනෙතින්.......
    සිය දිවියෙහි සැප සම්පත් හැරදා
    පිය මව් අඹු දරු නෑ කැල හැරදා
    ගිය මාවත අභිනික්මන් කරදා
    සය වසරක් දුනි දුක් මෙර පරදා
    සුවය තනන්නට ලොවකට අන්ද
    ගතට රිදුම් දී ඉව සී මෙන්ද
    දැරිය නොහැකි දුක් මිනිසෙකු වින්ද
    අදහා ගන්නටවත් පුලු වන්ද
    දිය යුතු සිරුරට හැම දුක් දීලා
    ගිය මග පිලිබදවම ඔප දලා
    මහ සිහ නද සුතුරෙහි දක් වාලා
    ඇති තතු දෙන්නෙමි ඔබට කි යාලා
    ගහ කොල ඇල දොල අරගෙන ඇසුරට
    පහ කොට සම්මත සරු දම් ඉවතට
    දහ වල රෑ මැදියම එක විලසට
    මහ දුක් ගෙන දුන්නා තම සිරුරට
    සිය සිරුරට නිම් නැති දුක් දුන්නේ
    විය යුතු ලෙස ඒ හැම සිදු වන්නේ
    ගිය මාවත ඇසු හද උනු වෙන්නේ
    සය වසරක් විදි දුක පව සන්නේ
    සත වෙනුවෙන් හැර තම සැප පසෙක
    සිත යොදවා බුදු වන මග දෙසක
    වත පිරු අතිශය බිහිසුනු ලෙසක
    නැත ලොව වෙනකෙකු මහිමිම මිසක
    ගොස් වනයට වෙස තපසට අත්ව
    දුෂ්කර වත පිරු හැටි බෝ සත්ව
    විස් තර ඇසුවොත් සිත තැන් පත්ව
    ඇස් උනු කදුලින් යනවය තෙත්ව
    ඇස් ඉස් ලේ මස් තුලට රිදුම් දී
    රැස් කොට ඇවතක් අමුතු පිදුම් දී
    ගස් ගල් යට දුක් කටුක ලෙසින් දී
    දුෂ් කර වත පිරු අහමු සවන් දී
    ......
    අතුරක් නොම දැන යා යුතු කතර
    නේරන්ජන නදියෙන් වී එතර
    වන ගොමුවත් කදු වැටියත් අතර
    අහස වියන කොට එහි විය නතර
    ගන් ඉවුරෙහි හිදගෙන මත ගැටිය
    සලු අබරන දී චන්නට සිටිය
    කන්තක අසු නෙත කදුලැල් කැටිය
    අසිපත ගෙන කැපුවා කෙස් වැටිය
    යහපත් ගති පැවතුම් අත් හලෙමී
    නිගන්ට සේ ගත නිරුවත් කලෙමි
    මලපහ කොට අතකින් පිස හලෙමී
    හිරිකිත වත් පිලිවෙත් ලෙස කලෙමි
    ගැබිනිය පිදු දන නැත පිලි ගත්තේ
    කිරි මව් දෙන දන නැත පිලි ගත්තේ
    මත්ස්‍ය මාන්සද නැත පිලි ගත්තේ
    හැලියෙ උඩින් බෙදු දන් නැත ගත්තේ
    සම්මාදන් දන් පිලි ගත්තෙද නැත
    දෙදෙනෙකු මැද බෙදු දන් ගත්තෙද නැත
    දඩු වැට මත පිදු දන් ගත්තෙද නැත
    ලෝනසොවීරක පිලි ගත්තෙද නැත
    පිඩුසොයමින් ගියෙ පමනි ගෙයට එක
    ලැබු දන් විසි නොකලෙමි කිසි දව සක
    පිලී දුගන්දය සිතමින් සුව දක
    රැයටත් එය වලදනවා නැහැ සැක
    දන් වලදා යලි අත ලෙව කෑවෙමි
    මඩගොහොරුවෙ බැස මඩ දිය නෑවෙමි
    ගස් බෙන වල රිංගා ගුලි වූවෙමි
    නෙලුම් පතක් සේ ජලයේ පාවෙමි
    අශ්ව ලොමින් වියනා ලද කම්බිලි
    මිනිස් කෙසින් කරනා ලද කම්බිලි
    බකමුහුනන්ගේ පිහාටු වැහැරිලි
    හැද වහ ගත්තා විටක සිරුරෙ විලි
    මිනී ඔතා ඇති වස්ත්‍ර ලෙහාලා
    ඉවත දැමු රෙදි කැබලු මහාලා
    රුක් පතුරුද එක පෙලට ගහාලා
    ගත්තා විටකදි හෙලුව වහාලා
    කෙස්ද රව්ල දෑතින් ගැල වූවා
    උක්කුටියෙන් මම පැන පැන අවා
    කටුවැතිරියෙ වැතිරී නිදි යෑවා
    සිරුරට දුන් දුක් රිදුමන් බෝවා
    වසර ගනන් සිටි තපසක යෙදිලා
    මගෙ සිරුරට කුනු දූවිලි වැදිලා
    තට්ටු ලෙසින් ඝන පතුරුද හැදිලා
    තිබිරි කනුව මෙන් තිබුනය බැදිලා
    කුනු දූ විල්ලෙන් මුලු කය වැහුනය
    සිරුරෙන් අපමන දුගදක් නැගුනය
    සෝදා ගන්නට ප්‍රිය සිත් නොව්නය
    එලෙසම දුශ්කර කාලය ගෙව්නය
    පව ගැන දැඩි සේ තිබුනා පිලිකුල
    ප්‍රානයකිය සිතුනා දිය බිදුවල
    කුරා කුහුබුවෙකු උව මා කිසිකල
    නොමරා යෙදුනා රැකි ඉරියව් තුල
    ගොපලුන් දරකපනුන් මා දුටු විට
    වනයෙන් වනයට නිම්නෙන් නිම් නෙට
    මිනිසෙකු දකිනා මුවෙකුන් විලසට
    පලා ගියෙමි මා නොපෙනෙන ඈ තට
    ගවයින් ගොපලුන් ගාලෙන් ගිය හම
    දෙදන දෙවැලමිට තබා නැමී බිම
    අනුභව කල හැටි සිහිවෙනවා මම
    එදින උපන් වසු පැටියන්ගේ ගොම
    ජීවිතයට දක්වන්නන් ඇල්ම
    නොයනා රකුසන් ඇති වන විල්ම
    ඇග කිලි පොලනා ශිකරද හෙල්ම
    මගෙ තපසට රිසි විය හැම කල්ම
    අදික හිමේ නිරුවත් වී උන්නෙමි
    උහුලනු බැරි තද සීතල වින්දෙමි
    ගිනි පිටවන වැල්ලේ සිට ගන්නෙමි
    කටෝර දුක් මුලු සිරුරට දුන්නෙමි
    සොහොනට ගොස් හිස් කබලක් අර ගෙන
    තබා හිසට එය කොට්ටය විල සින
    නිදනා මා වෙත ගොපලුන් පැමි නුන
    හෙලුවා මුත්ත්‍රා දෙකනෙ ඉරටු ඇන
    ජීවිතයට දක්වන්නන් ඇල්ම
    නොයනා භීතිය ඇති වන විල්ම
    ඇග කිලි පොලනා ශිකරද විල්ම
    මගෙ තපසට රිසි විය හැම කල්ම
    අදික හිමේ නිරුවත් වී උන්නෙමි
    උහුලනු බැරි තද සීතල වින්දෙමි
    ගිනි පිටවන වැල්ලේ සිට ගන්නෙමි
    කටෝර දුක් මුලු සිරුරට දුන්නෙමි
    සොහොනට ගොස් හිස් කබලක් අර ගෙන
    තබා හිසට එය කොට්ටය විල සින
    නිදනා මා වෙත ගොපලුන් පැමි නුන
    හෙලුවා මුත්ත්‍රා දෙකනෙ ඉරටු ඇන
    කෙල ගැසුවා ඒ අය මගෙ මුහුනට
    පස් ගෙන විසි කෙරුවානේ සිරුරට
    කොතරම් හිරිහැර කෙරුවද මා හට
    වයිර සිතක් කිසි නොමවිය ඔවුනට
    උඩුකුරු ලෙස මගෙ සිරුර තබාගෙන
    ගන කලුවර රෑ දෙනෙත් අයාගෙන
    සිටිනා ගත මැසි මදුරු වසාගෙන
    බීවා රතු ලේ දහර උරාගෙන
    මගෙ මල මුහු අලු පස් කලවම් කර
    අනුභව කෙරුවා එකල ඇතැම් වර
    අහරෙන් මෙපමන විමුක්ති මග දුර
    ගිය කිසිවෙකු නැත ම

Комментарии • 68

  • @nalinsumith9567
    @nalinsumith9567 Год назад +23

    මමත් 10 වසරෙදි සිද්දාර්තාවජනය යනුවෙන් කාව්‍ය 250 කින් යුත් පොතක් රචනා කරා

    • @user-xw3ns5gi8m
      @user-xw3ns5gi8m 6 месяцев назад +1

      කාට හරි දෙන්න ගායනා කරන්න

    • @DidulaSalinda
      @DidulaSalinda 14 дней назад

      මමත් රචනා කරා මේ මියුසික් එක අහගෙන කවි 50ක් ආසන්නයෙන්

  • @nalinsumith9567
    @nalinsumith9567 Год назад +9

    නමෝ බුද්ධාය
    අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් බලවත් කිසිවෙකු මෙතුන් ලොව නොමැත...
    අප ස්වාමීන් වහන්සේ ඒ පිලිබදව මනා ලෙසින් දේශනා කරනවා... ම

  • @user-hm7mh9rs8s
    @user-hm7mh9rs8s Год назад +6

    සන්සාරෙ තනිව දුක් වින්දේ
    තනිව ළුතරවන්න නොවේ
    අප සැවොම සසරින් එතෙරව
    කර වීමටය
    ea.උත්තම.බුදුරජානම්.වහන්සෙට.මාගෙ.නමස්කාරය.wewa.theruwan.saranay.ape.hamuduruwane.

  • @sadahamasura1311
    @sadahamasura1311 Год назад +20

    මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම් මහන දම් පුරන්න මට මේ දේශනාව අහන පින හේතු වාසනා වේවා..!

  • @nawodyaranathunga9139
    @nawodyaranathunga9139 Год назад +9

    අප මහා ගෞතම බුදුන් වහන්සෙ තම සැප පසෙක ලා දුශ්කර වත වැලද ගත්තේ ඔබ , මා,අප , හැම සසරින් එතෙර කරන්නටය,. ඒ දුශ්කර වත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ හරිම මිහිරට අපට තිලන කලා. ඔබ වහන්සෙට තවත් මෙවැනි නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Год назад +12

    පින්වත් අපගේ ස්වාමින්වාහන්සේට,,දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා ,,,,මාගේ උත්තම් නමස්කාර වේවා
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @Slnewartprograming123
    @Slnewartprograming123 7 месяцев назад +3

    අගනා විශිශ්ට පද නිර්මානයක්.කොච්චර ඇහුවත් එපා වීමක් නෑ .මෙවන් රචකයන් තවම සිටින එක ගැන ගොඩක් සතුටුයි... එ වගෙම තමයි අහන්න ආස හිතෙන ලස්සන මිහිරි හඩකින් අපට මෙය ඇසීමට සුගායනය වීම නිසා සිත් වලට තවත් සැනසීමක් දැනෙනවා .....මෙය රචනා කල කිවිදුන්ටත්.ගායනා කරන පිංවත් ස්වාමින් වහන්සේටත් තෙරුවන් සරන ලැබේවා..🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Год назад +4

    වීර විකුම්.මහා තේජ ගුණෙන් දසපාරමිතා සපීරූ........මාර බළය බිද බෝධි මුලේහිද සීහනාඳ පැතීරූ....... සෑ සී තිලෝ හිමි සම්මා සම්බුදු අමාමැණියන්ගේ.... මම නමදිමි මුණි පාද පියුම් යුග සාධූ කියා සමිදේ........🙏🙏🙏☸️☸️☸️
    🙏🙏🙏☸️☸️☸️
    🙏🙏🙏☸️☸️☸️

  • @Skwsamanthi
    @Skwsamanthi Год назад +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏..මාගේ අමා මෑණි සම්බුදු පියාණන්ගේ උතුම් බුද්ධ සාසනයේ සියලුම ලෝක සත්වයාට නිර්වාන සම්පත්තිය ලබමින්...සැනසීම ලබා ගැනීමට..සියලුම පින් පාරමිතාවක්ම වේවා...👌👌👌උදේ ,දවල්,රාත්‍රී ...උතුම් වූ බුදුන්,දහම් සගුන්..සරණ යමී...සාදු..සාදු ..සාදු...🙏🙏

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 Год назад +6

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ.....!💐💐💐🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Год назад +4

    අදත් ශ්‍රවණය කරා නින්දට පෙර ,,සුපින්වන්ත ඔබවහන්සේට මාගේ හදපිරි ගෞරවණීය දෙපා නමස්කාර ය වේවා . භාවනවක් වගෙයි බොහොම පින් ඔබවහන්සේට සාධූ සාධූ සාධූ 🙏🙏🙏 දිර්ඝායුශ ලැබේවා ,, නිදුක් නිරෝගි සුවපත් වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Год назад +3

    සාරා අසංඛ්‍ය.කල්ප ලක්ශයක් . අනන්ත සසරේ අප්‍රමාණ අනෙක දුක් විද. සවුකෙළසුන් නසා දසබිම්බරක් මරු පරදා සර්වඥතාඥණයෙන් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වු අරහං සම්මා සම්බුදු පියනණ්වහසේට මගේ නමස්කාරවේවා

  • @mallikapodimenike4795
    @mallikapodimenike4795 Год назад +3

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ සිදුහත් බෝසතාණන් වහන්සේ මෙතරම් දුකක්වින්දේ ලෝකසත්ත්වයන් දුකින් මුදවා ගැනිමට කියා සිතෙන විට දෑසට කදුළු එනවා .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවබර චිරජීවනයක් ප්‍රාර්ථනා කරමි ස්වාමින්වහන්ස .

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 Год назад +4

    අපගේ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏 ..ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @dilinikannangara9561
    @dilinikannangara9561 10 месяцев назад +2

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!! 🙏🙏🙏

  • @shashikamadusanka3955
    @shashikamadusanka3955 Год назад +4

    ඒ භාගයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @manjulaherath8349
    @manjulaherath8349 Год назад +4

    ⁣⁣තෙරැවන් සරනයි .........පොඩි හමුදුරුවනෙ..

  • @manjuladinesh8211
    @manjuladinesh8211 Год назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo 11 месяцев назад +3

    සාදු සාදු සාදු.
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, සිරි සද්ධර්මයටත්, ආර්ය මහා සංඝ රත්නයටත් මගේ නමස්කාරය වේවා...
    සාදු සාදු සාදු

  • @sanidukaushalya7366
    @sanidukaushalya7366 9 месяцев назад +3

    මමත් ආසයි ඔබ වහන්සේ ගේ බණ ශ්‍රවණය කරන්න 🙏🙏

  • @nalakarajakaruna
    @nalakarajakaruna Год назад +4

    ලස්සනයි අපේ හාමුදුරුවනේ

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi 10 месяцев назад +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @manjuladinesh8211
    @manjuladinesh8211 Год назад +4

    🙏🙏🙏

  • @ChandraSriyani-sf1lh
    @ChandraSriyani-sf1lh Год назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @user-lc6gb1yq9c
    @user-lc6gb1yq9c Год назад +2

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ........

  • @topwonderworld1110
    @topwonderworld1110 Год назад +3

    Namo buddaya🙏🙏🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 Год назад +2

    සාදු සාදු සාදු 🙏🏻🌼🙏🏻⚘🌷🙏🏻🙏🏻🌺🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘🌷🌺🙏🏻🙏🏻🌹🙏🏻🌼🙏🏻🌼🌼🙏🏻🙏🏻 බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻

  • @poorvinethmi
    @poorvinethmi Месяц назад +1

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @udenikumari1391
    @udenikumari1391 5 месяцев назад +1

    oba wahanseta niduk nirogi bawaya labewa...❤️...theruwane ashwlabewa...❤️....meweni shasanika wada karagena yamata yoda bala shakthiya labewa....❤️...dalada hamuduruwange ashirwadaya labewa..❤️..තෙරුවන් සරනයි මගෙ පින්වත් හාමුදුරුවනෙ ❤️❤️❤️🙏🙏🙏

  • @wasanthaanura7051
    @wasanthaanura7051 Год назад +3

    Oda wahansetha deerhayusha labewa.

  • @qwqwe6739
    @qwqwe6739 Год назад +3

    ❤❤❤❤

  • @user-mg3ij8jf6x
    @user-mg3ij8jf6x Год назад +2

    මාගේ වීර්යානන් වහන්ස ! සසර සරණ තුරාම මම ඔබ වහන්සේ සරණ යමි !!! මාගේ නමස්කාරයම වේවා !!!

    • @user-mg3ij8jf6x
      @user-mg3ij8jf6x Год назад

      Harima sanweedi kawaya sangrahayak !!! Pinwath suwamin wahnsa harima harima lassanai gayanaya.oba wahanse nirogimath weewa!!! Mage budurajanan wahansege sambudda sasanayedima niwan awaboda karagenimata me pin hethu wasanawewa !!!

  • @sugandithakshila5673
    @sugandithakshila5673 Год назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 Год назад +2

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත්.හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @guitarnabs684
    @guitarnabs684 9 месяцев назад +2

    🙏🙏🙏භගවතෝ තස්ස සාවකෝ හමස්මි

  • @wasanthahemamala
    @wasanthahemamala 11 месяцев назад +3

    Harima lassanai hamuduruwane....

  • @kapilasmtg1003
    @kapilasmtg1003 Месяц назад

    දීර්ඝායුෂ ලැබේවා නවගත්තේගම සිරි සුගත පොඩි හාමුදුරුවෝ ට 🙏🙏🙏🙏❤❤❤

  • @ishandenuka4960
    @ishandenuka4960 11 месяцев назад +2

    තෙරුවන් සරණයි 🙏

  • @jpcpkk821
    @jpcpkk821 Год назад +2

    තෙරුවන් සරණයි අපේ හාදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @sanidukaushalya7366
    @sanidukaushalya7366 9 месяцев назад +2

    බුදු සරණයි🙏🙏

  • @ridmimelanka3070
    @ridmimelanka3070 Год назад +2

    Theruwan saranay hamuduruwane

  • @chamaniniranjika4030
    @chamaniniranjika4030 Год назад +2

    Ma gawthama budusasuna chathurarya sathya niwansuwa labannata ma pina hathu wewe apaga gawthamayan wahassata maga namaskaraya wewa niduk nirogi,dirgaysa labewa tharuwan saranay sadu.....sadu....sadu b.s

  • @Nimashamashi587
    @Nimashamashi587 3 месяца назад

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 Год назад +2

    සමිමා.සමිබුදු.සරනය්.🙏🙏🙏❤

  • @TharangaSarogani-vp5zc
    @TharangaSarogani-vp5zc 9 месяцев назад +1

    Theruwan saranai oba wahanseta🙏🙏🙏

  • @manjulakrishantha
    @manjulakrishantha Год назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthi8285
    @vimukthi8285 10 месяцев назад +1

    මාරම ලස්සනයි හාමුදුරුවනේ

  • @Madusara339
    @Madusara339 5 месяцев назад

    Tatagata arahath mage budu piyanan whanseta mage namaskaraya wewa 🌷🙏sadu 🌷🙏sadu 🌷🙏pinwath swamein wahnseta theruwan saranai 🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏

  • @sampath5050
    @sampath5050 28 дней назад

    තෙරුවන් සරණයි...!!!

  • @kumariweerasekara7256
    @kumariweerasekara7256 3 месяца назад

    Budu saranae pode hamudurwan

  • @TV-gt9bd
    @TV-gt9bd Год назад +2

    🙏🙏🙏🙏🙏🙏❤

  • @user-wm8cm2ce4i
    @user-wm8cm2ce4i 5 месяцев назад

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺budusaranai

  • @madhushaniahangama2508
    @madhushaniahangama2508 Месяц назад

    💚💚💚🙏🙏

  • @topwonderworld1110
    @topwonderworld1110 Год назад +3

    🙏🙏🙏

  • @Avinda_Abeysinghe
    @Avinda_Abeysinghe Год назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏❤️💐💐

  • @manojanton2228
    @manojanton2228 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sampath610
    @Sampath610 4 месяца назад

    🙏🙏🙏🙏👍

  • @guitarnabs684
    @guitarnabs684 10 месяцев назад +3

    🙏🙏🙏

  • @nalindabandara9158
    @nalindabandara9158 Год назад +3

    🙏🙏🙏

  • @chamoddilshan2500
    @chamoddilshan2500 Год назад +2

    🙏🙏

  • @TharangaNishantha-oh7we
    @TharangaNishantha-oh7we Год назад +2

    🙏🙏❤🙏🙏

  • @sarangabimshani9758
    @sarangabimshani9758 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sarangabimshani9758
    @sarangabimshani9758 Год назад +2

    🙏🙏🙏🙏🙏

  • @shamamadhuwanthi7026
    @shamamadhuwanthi7026 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏