Baana Samanale Indapan(බෑන සමනළේ ඉඳපන්) - Kethaki Suraweera

Поделиться
HTML-код
  • Опубликовано: 26 сен 2024
  • Stream | Download - share.amuse.io...
    Subscribe For More: bit.ly/Tharindu...
    " අතීතයයේ සිට ම සීතල සමන් අඩවියේ ඉපිද සියවස් ගණනක් පුරාවට ගමින් ගමට සුදුවන් පෙණ පිඩු නංවවමින්, ජීවනාලියක් දෙමින් ඒ මහ මුහුද සිපගත් කැළණි ගං දිය, දෙපස ඉවුරුවල ඉපද වූ ලෝකය අද මිලින වෙමින් ය.
    ඔරුවේ නැගී ගං මෝයට ලංව විඳි සුවය, අද ගං පත්ලේ පෙඳ පාසි හා මුසු වූ කසල තුල සැඟවී ගොස් ය.
    ගං දියෙන් රැකුණවුන්ගෙන්ම ඇය කෙලෙසී යමින් ය.
    කැළණි ගං කොමලියගේ සිසිල තාමත් බෑන සමනළේ සමන් අඩවියේ සිනා සෙමින් ඇත. කදු මුදුනේ වනන්තරේ අනේක විද මලෙන් ඈ සැරසී ගලන්නී ය. ඒ සිසිල පහල ගං ඉවුරු වලට ගලා ඒවි ද?
    නැතිනම් කැළණි ගං කොමළිය දිනක බෑන සමනොලේ පහලින් ම සැඟවී යාවි ද? "
    Artist - Kethaki Suraweera
    Lyrics - Sahampathi Weerasuriya
    Melody & Music - Tharindu Damsara
    Music composition, mixing & mastering - Nadisha Liyanaarachchi
    Motion video - Chameera J Hettiarachchi
    Percussion - Gihan Kavinda
    Guitar - Asitha Warnakulasooriya
    Bass Guitar - Nadisha Liyanarachchi
    Flute - Asitha Senavirathna
    කැලණි ගඟේ ඔරු බලන්න
    බෑන සමනලින් බහින්න
    සීත ගඟුලේ බැස ඇවිදින්
    ගං දිය තුල කිමිද එන්න
    සමනල් ගිරි මුදුන් නමැද
    සමන් පිහිට රැගෙන ඇවිත්
    ගං ඉවුරේ ලෑලි ගෙවල්
    අතර බෙදා දී හිඳින්න
    මහ සයුරට තව දුර නෑ
    ගැඹුර තවත් ඒ වගෙ නෑ
    ගං මෝයට ගොඩක් මෙහා
    ලුණු රසයේ අඩුවක් නෑ
    රස බලන්න දැන් පින නෑ
    දිව ගාන්න හිතන්නෙපා
    මහ ඉස්පිටිතාලෙ ඇඳන්
    පිරී ගිහින් ඉඩක් නැතා
    දිය දෝතක් බොන්න හිතා
    ඉන්නවනම් සීත නිසා
    යන්න යලින් සිරිපාදෙට
    තාමත් දිය ගුණ ඇතුවා
    කී දොහකට එහෙම වෙයිද
    අපිනම් දැන් දන්නැතුවා
    බෑන සමනොළේ ඉඳපන්
    කැළණි ගඟේ ඔරු නැතුවා
    Facebook - / tdamsara
    Instagram - / tdamsara
    Soundcloud - / tharindu-damsara
    The Night Without Her - / shesrilanka

Комментарии • 118

  • @sahampathiweerasuriya90
    @sahampathiweerasuriya90 Год назад +70

    මතක කීපයක් ඇසුරින් ලියවුණු "බෑන සමනළේ" වස්තු බීජය හුදු රසාස්වාදනය සහ යම් කිසි ආකාරයක විචාරාත්මක විමසීමක් උදෙසා මෙසේ ලියමි.
    "දෙදහස් විසි එක වසරේ මුල් කාර්තුවේ පළවුණු ශ්‍රී පාද අඩවියේ ඉදිකිරීමට යන හෝටල් සංකීර්ණයක් පිළිබඳව පුවතක් දැකීමෙන්, ඉතා ආදරය කල පරිසර පද්ධතියකට කුමක් වේ දැයි යම් කම්පනයකින් යුත් අවිනිශ්චිත හැඟීමකින් ඉනනා විට , කියවන්නට ලැබුණු එක්දහස් නවසිය ගණන් වල මුල කැලණි ගං මෝය ආශ්‍රිතව පැවැති පාරු කර්මාන්තය මුල්කරගත් ජීවන රටාවක් සහ ඒ හා සබැඳි ගං ඉවුර දෙපස ජීවත් වූ උප සංස්කෘතිය ජන කොට්ඨාශයක් පිළිබඳ ලිපියක් ද කියවන්නට ලැබුණි..
    ඒ හා එක්ව වදන් පෙළක් ගැලපෙන්නට පටන් ගත් මොහොතක , දෙදහස් එකොලහේ සිට දෙදහස් දහ හතර දක්වා කිරිබත්ගොඩ සිට රැකියාවට කොළඹ යන විට කැලණි පාලම දෙපස ජීවත්වන වර්තමාන ජනතාව අව් වැසි කාලවලදී කැලණි ගණන් සමග ගැටෙන අන්දම දුටු ආකාරය සිතට ආවේ නිතැතින්මය... ඔවුන් වෙනුවෙන් කොතරම් කතිකාවතක් සමාජය තුළ ගොඩනැගිය යුතුදැයි සිතුණු වාර අනන්තය...
    වසර ගණනාවක් තිස්සේ ගං මෝයට නුදුරුව කැලණි ගඟට සිදු වෙමින් පවතින දුක්ඛදායි ඉරණම , අපිරිසිදු වූ ගං දියෙන් පමණක් නොව අධික වැලි ගොඩ දැමීම හේතුකොටගෙන මුහුදු ජලය ගඟ දිගේ ඉහළට පැමිණීමට තරම් ඉමකට ගොස් ඇති අයුරු වචන වලට නැගුනේ හිතේ වූ සියුම් සංතාපයත් සමග නිතැතින්මය...
    මේ සියලු හැඟීම් හා මුසුව කැලණි ගඟේ මුල් දිය දක්වාම සියවස් ගන්න ගණනක් මුළුල්ලේ පැවති ඒ සුන්දරත්වය තව කොයි කොයි තරම් කලක් පවතීද යන පැණයක් හිත කොණක රඳවාගෙන පද වලට පෙරලුණු සිතුවිල්ලකි " බෑණ සමනළේ ඉඳපන් කැලණි ගඟේ ඔරු නැතුවා" "
    -සහම්-

  • @dilshangamage5171
    @dilshangamage5171 Год назад +40

    තරිදු දම්සර කියන්නෙ Brand එකක්.... ලංකාවෙ සංගීතය හරි ලස්සන තැනකට අරන් යන්න උත්සාහ කරන සුවිශේෂී කලාකරුවෙක්. තවත් වටිනා නිර්මාණයක්... කේතකීත් හරි අපූරුවට ගායනා කරනවා... සුභ පැතුම්! ❤️❤️❤️

  • @dazai4919
    @dazai4919 Год назад +19

    විඳවන ගීත පිරුණු ලෝකෙට විඳින්න පුළුවන් ගීත දායාද කරනවාට තුති!
    කොහොම උනත් ධම්සරගෙ නිර්මාණයක් කියන්නෙම යටිඅරුතෙන් වෙනමම කතාවක් කියවෙන අපූරු නිර්මාණයක්.එහෙව් එකේ මේක විතරක් වෙනස් වෙයිද...? ✨❤️✍️

  • @neratech1144
    @neratech1144 Год назад +1

    රොබරෝසියා හිතේ ප්ලේ ලිස්ට් එකේ නො.වන් හැමදාම,කමෙන්ට් කරන්නෙ මේක අහන්න කලින්,ගුඩ් ලක් තරිදු අයිය🤩😍

  • @sankethsithika3409
    @sankethsithika3409 Год назад +8

    බෑන සමනොළේ ඉඳපන්
    කැළණි ගඟේ ඔරු නැතුවා..❗
    බඩගින්න ඉවසන්න බැරුව උදේට කෑගහන කුරුල්ලන්ගෙ සද්දෙ අපි කොච්චර ලස්සනට විඳිනවද?ඒක කනට කොච්චර සනීපද?මේ සින්දුවත් මට ඒවගේ❤ සින්දුව අහල විතරක් යන්නැතුව මේ නිර්මාණයෙන් අපිට දෙන පණිවිඩෙත් අරගන්න🥺❤

  • @dulanlakjithwijenayaka8866
    @dulanlakjithwijenayaka8866 Год назад +6

    තරිදු දම්සර කියන්නේ ලංකාවේ සංගීතයේ වෙනමම ගමනක් යන කලාකරුවෙක්....ඒ නිර්මාණ වල කියාගන්න බැරි මොකද්දෝ වෙනම හැගීමක් දැනෙනවා.. ඉස්සරහටත් තවත් ඒ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා මම සුභ පතනවා ❤

  • @tharindugimhan1406
    @tharindugimhan1406 Год назад +1

    දෙකන් වලින් ඇතුල් වෙලා ලේ වලටම කලවම් වෙන සංගීත නිර්මාණයක් අයියේ.....

  • @nayanafashion5228
    @nayanafashion5228 Год назад +2

    කාලෙකින් දම්සරගෙ හොදම එකක්.. මුල ටික කොයිතරම් රසවින්දත් පස්සේ ආව සිංදු සේර්ම එකවගේ කියල මට හිතෙන්නේ..ඒත් මේකෙන් කලෙකින් වෙනස් රසයක් ගැගීමක් වින්දා..

  • @sandaruwandayarathna
    @sandaruwandayarathna Год назад +4

    ගීතවල ලස්සනම තැන් සමහර වෙලාවට හැංඟුනේ පදවැල් අතර...❤✨

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe Год назад +2

    ඒ පද, ඒ හඬ, සංගීතය හැමදේම ❤❤❤
    කියන්න වචන ගළපගන්න බැරි තරම්....
    මීට වඩා නිවීමක් තව කොහෙන් ද..

  • @sonaligunasekara3473
    @sonaligunasekara3473 4 месяца назад

    ගඟක් ගලනවා වගේම මිහිරියාවක් ❤️

  • @Sleepyken900
    @Sleepyken900 Год назад +1

    මචං තරිඳු!
    මෙන්න මේ පද රචනය සිංදුවකට හරවහංකො බං...
    අඳුරු බබා උහුලනු බැරි හී ගතුව
    කිඳුරු ලගින්නේ ඇඳ පිට නිදි නැතුව
    මදුරුවනේ පෙරහැර ගැන සිහි ඇතුව
    කිඳුරු අවදි කරපල්ලා මතකැතුව //
    කඨින පෙරහැරේ යන අය නිමක් නැතී
    මගේ සෙනඟ නුඹ විතරයි හුඟක් නැතී
    අනේ රෑ පුරා මං නිදි වරන හැටී
    පින නුඹටයි මටනම් ඒ කිසිත් නැතී //
    අඳුරු බබා උහුලනු...
    අහස ගිගිරි පොළොව ගිගිරි නාද සුරල් පානා
    සෝඩි ටිකිරි සියුමැළි දැරි ළැම කිචි බිචි ගානා
    බලනු අසිරි කොක්කු වඩිති පන්සීයක සේනා
    රත්කීරිය මල් පුසුඹක් දැනෙයි පුංචි නෝනා //
    රත්කීරිය මල් පුසුඹක් දැනෙයි පුංචි නෝනා////
    රත්න ශ්‍රී සර් ගේ සඳගිර පාමුල පොතේ තියෙන්නෙ

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 Год назад +4

    පුරුදු පරිදි සුපිරියක් ❤️👏
    සිංදුව ගොඩක් දැනුනා මොකද කැලණි ගං මිටියාවතේම ඉන්න නිසා 🥺 මීට අවුරුදු 10ට 15ට උඩදි දැක්ක ගගවත් දැන් නැහැ 💔

  • @nisala00
    @nisala00 Год назад +1

    aththatama supiriyak 😍🥰

  • @dilhanfonseka
    @dilhanfonseka Год назад +5

    හරිම ලස්සනයි. හඬ සංගීතය පද ගැළපෙන ලස්සන නිර්මාණයක්. සුබ පැතුම් සහභාගි වූ සැමට🎉❤

  • @yasindiedirisingha854
    @yasindiedirisingha854 Год назад +3

    සැනසීිම ඒ් තනුුව,හඩ,වචන තුලින් වින්දෙමි... 🥺❤

  • @yasasthridissanayake2399
    @yasasthridissanayake2399 Год назад +4

    ඒ වචන තනුවයි හඩයි එක්ක එකතුවේලා ලස්සනට ගලනවා ලොකු කතාවකුත් කියාගෙන ❤🌸 අපුරු නිර්මාණයක් ❤💫🤗

  • @kuleshdissanayake7108
    @kuleshdissanayake7108 Год назад +14

    හඬට
    වචන වලට
    තනුවට
    “තරිඳු දම්සර” බ්‍රෑන්ඩ් එකට
    ආදරෙයි ගොඩක්...❤❤❤

  • @anushkamadushan_
    @anushkamadushan_ Год назад +2

    පුරහද කියන කේතකී.....
    මේක හරිම ලස්සනයි .. නියමයි දම්සර ❤❤❤

  • @vidushamusic
    @vidushamusic 10 месяцев назад

    Came here after listening to this on Prema Sajjayanaya ❤❤

  • @nimodaperera8998
    @nimodaperera8998 Год назад +1

    Very peaceful melody and meaningful lyrics ❤️
    Kasun Kalhara 🤍 Charitha Attalage 🤍 Tharindu Damsara ❤️ Gangadara ❤️

  • @miharimeedum512
    @miharimeedum512 Год назад

    ජය වේවා සුපිරි වැඩක්.♥️🙏.ජය වේවා රෝසොන් ඇතුලු A/L කුප්පිය කන්ඩායමට ❤

  • @MusicLanka46
    @MusicLanka46 Год назад +1

    ❤❤❤🎉

  • @thanushikakulathunga8660
    @thanushikakulathunga8660 Год назад +2

    හරිම අර්තවත් ගීතයක් තරිදු අයියා ♥️🙏

  • @kavindunilaksha8915
    @kavindunilaksha8915 Год назад

    ඇයි Colombo walata දම්සරගේ Concert එකක් නැත්තේ තාම. අපි පව්..

  • @miharimeedum512
    @miharimeedum512 Год назад +1

    ගැමි රසයත් ,සංගීතයේ රසයත් එකට මුසුකල අපුර්ව 😍😍 ජය වේවා දහම්ස්වර ❤

  • @viranmeegahapola6351
    @viranmeegahapola6351 Год назад

    ශ්‍රී පාදය vs කැලණි පන්සල වගෙයි.... අගනෙයි ❤️

  • @naveenupeksha3075
    @naveenupeksha3075 Год назад

    ඒ මියුසික් 🥰❤️

  • @dhanushkawijesooriya
    @dhanushkawijesooriya Год назад

    ඒ හඬ 😌 සින්දුවට ගැලපෙනම හඬ 😌 හරිම ලස්සනයි කේතකී මිස්.... ❤😍 දැනගන්න කලින් ඉදන් ආස කරපු හඬක්... 😍

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 Год назад

    මාරම සතුටුයි.මේවා රස විදින මිනිස්සු ඉන්නවා දකිද්දි ❤

  • @pramodyakulathunga8022
    @pramodyakulathunga8022 Год назад +3

    Lyrics and vocals 10000% ❤️❤️

  • @salarelihasareli24
    @salarelihasareli24 Год назад

    හිත ඈතට ඇදිලා ගියා ✨🌄

  • @kevinxvibes
    @kevinxvibes Год назад +1

    හරිම ලස්සනයි ❤

  • @chamodidilshanikathriarach739
    @chamodidilshanikathriarach739 Год назад

    හරිම ලස්සන කටහඩක්😍වචනත් හරිම ලස්සනයි❤️

  • @සතිසංගීත
    @සතිසංගීත Год назад

    හරිම ලස්සනයි ❤️❤️❤️🎉️🎉️🎉️

  • @dileepmalshan3131
    @dileepmalshan3131 Год назад

    ඔයා ඇබ්බැහියක් දම්සර❤❤❤

  • @kasunthushara5694
    @kasunthushara5694 Год назад +2

    What a voice 😍😍what a music 😍😍 what a lyrics 😍😍❤️‍🔥

  • @janithamanohari7140
    @janithamanohari7140 Год назад

    ❤❤❤

  • @Iamnipunn
    @Iamnipunn Год назад

    👌

  • @ishanerandika5687
    @ishanerandika5687 Год назад

    Hamadema supiri.. ❤️😍💯 Niyamayi.. 👏👏

  • @udarapasi9531
    @udarapasi9531 Год назад

  • @mihirandilum7243
    @mihirandilum7243 Год назад

    හරිම ලස්සනයි අයියේ.... වොයිස් එකත් හරිම ලස්සනයි ජය වේවා❤️❤️

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 Год назад +1

    masterpiece ❤

  • @සිත්තරාවී-ප9ඨ

    😍🤗 ලස්සනයි ගොඩක් ....තරිඳු අයියාගේ song එකක් ඉක්මනින් ඕන 🤗💖🙂💖

  • @nimnasilva7854
    @nimnasilva7854 Год назад +1

    Perfect lyrics, music and voice🥺❤️🙏

  • @sachinthahansamal5321
    @sachinthahansamal5321 Год назад

    තරිදු අයියා❤️😻

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Год назад +1

    Melody,Voice, Lyrics ❤❤❤

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 Год назад

    හරිම මිහිරියි

  • @indumadura3286
    @indumadura3286 Год назад

    පට්ට තරුනයා.🔥❤️📷

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 Год назад

    Melody 😍 damsara u beauty ❤

  • @nadeeshawidushan990
    @nadeeshawidushan990 Год назад

    ඔයා වැඩ්ඩෙක්❤

  • @hiruk8942
    @hiruk8942 Год назад

    ඒක හරි රහයි 💜️

  • @sanjulawickremasinghe3793
    @sanjulawickremasinghe3793 Год назад

    මේකනම් වෙනම ලස්සනක්❤❤❤

  • @heemesj4589
    @heemesj4589 Год назад +1

    A truly an artist ❤️✨️

  • @dushanimadushika4552
    @dushanimadushika4552 Год назад

    අනෙ ❤☺️

  • @heshanominda6884
    @heshanominda6884 Год назад

    Maru aiye ♥️

  • @tharakasenevirathna8854
    @tharakasenevirathna8854 Год назад

    මේක මාරයි ..❤

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 Год назад

    woooow aiye maara lassanak meka. thank uuu

  • @paramiprabodha9147
    @paramiprabodha9147 Год назад

    රහයි❤️

  • @senurisampaya626
    @senurisampaya626 Год назад

    Akka 🥺♥️

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 Год назад

    ආදරෙයි..😘😘

  • @chathu333
    @chathu333 Год назад

    අපූරුයි ❤❤❤

  • @Bhante_Assaji
    @Bhante_Assaji Год назад

    wow. this is an awesome song.

  • @nisala00
    @nisala00 Год назад

    meke karoke ekak denna plwanda ?😇😇

  • @poojahappiness9428
    @poojahappiness9428 Год назад +1

    පුදුම ලස්සනයි ඇත්තටම ❤

  • @dilaniishanka3974
    @dilaniishanka3974 Год назад

    woww 😍😍

  • @isurusandaruwan3409
    @isurusandaruwan3409 Год назад

    💖💖..

  • @AyeshDissanayaka
    @AyeshDissanayaka Год назад

    😍

  • @Chathurya_Perera
    @Chathurya_Perera Год назад

    ❤❤❤❤❤

  • @ishina7525
    @ishina7525 Год назад

    🔥🔥🔥

  • @tharangadissanayake6946
    @tharangadissanayake6946 Год назад

    ❤❤🔥 Beautiful

  • @senurichamodya1860
    @senurichamodya1860 Год назад

    Perfect ❤

  • @tharakaperera8395
    @tharakaperera8395 Год назад

    🧡❤️🌼

  • @shashinidharmapriya3488
    @shashinidharmapriya3488 Год назад

    🖤🌹

  • @nipunashan2949
    @nipunashan2949 Год назад

    🖤

  • @everything.2323
    @everything.2323 Год назад

    Beautiful Voice ❤

  • @chathunipathirana4439
    @chathunipathirana4439 Год назад

    🥺❤️

  • @asiripereraofficial
    @asiripereraofficial Год назад

    🔥🍂

  • @lavangamadhavie7070
    @lavangamadhavie7070 Год назад

    🥰❤️

  • @gayashanthathsara5868
    @gayashanthathsara5868 Год назад

    Addicted ❤❤❤

  • @tharushigunawardane5327
    @tharushigunawardane5327 Год назад

    ❤️❤️❤

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Год назад

    💜️

  • @rashmipoornima584
    @rashmipoornima584 Год назад

    ❤🥺

  • @imashitharanga4662
    @imashitharanga4662 Год назад

    ♥️🌼🖇️

  • @sandalinethsara5970
    @sandalinethsara5970 Год назад

    🎵🎶😍

  • @koshilapremasiri8130
    @koshilapremasiri8130 Год назад

    🌹🌹❤️‍🔥

  • @ලඩ්ඩේ119
    @ලඩ්ඩේ119 Год назад

    🎼🎶🎼🔊🎧

  • @hiru_s
    @hiru_s Год назад

    😍♥

  • @insonline7569
    @insonline7569 Год назад +2

    මට තියන ප්‍රශ්නේ මේ වගේ විශිෂ්ඨ කෘතීන් මේ සංගීත සක්වල ඇතුලේ ඇයි හැංගිලා තියන්නේ කියලා..හොයලම තමා මේවා අහන්න වෙන්නේ..බොල් වී සංගීත ගමනේ ඉහලින් වැජඹෙනවා,මේ වගේ අග්‍රගන්‍ය ශිල්පීන්ට කරලියේ ඉඩක් නෑ..අපිට තියන ලොකුම ප්‍රශ්නය මිනිසුන් විඳින්න හුරු වෙච්ච සංගීතයේ අවුලක්...
    තරිඳුවා මේ දේ කරපන්..නැති නම් ඇත්තටම අපිට විඳින්න සංගීතයක් නැති වේවි...🌷

  • @MethiRanasinghe
    @MethiRanasinghe Год назад

    ❤❤❤

  • @vimansavidusara5213
    @vimansavidusara5213 Год назад

  • @rowenearlpeiris1848
    @rowenearlpeiris1848 Год назад

    හරිම ලස්සනයි ❤️

  • @dilankachathumal9082
    @dilankachathumal9082 Год назад

    🖤

  • @ErandiSa
    @ErandiSa Год назад

    😍

  • @amaarumapperuma9379
    @amaarumapperuma9379 Год назад

    ❤❤

  • @thisathchathmal
    @thisathchathmal Год назад

    ❤️

  • @jklr8992
    @jklr8992 Год назад +4

    තරිදු දම්සර අයියාගෙ සිංදු පිස්සුවක් තමා ..♥♥

  • @dianarathnakumari1546
    @dianarathnakumari1546 Год назад

    ♥️♥️♥️♥️

  • @ishugamage6841
    @ishugamage6841 Год назад

    ❤️❤️❤️

  • @gopani8040
    @gopani8040 Год назад