ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර ඉර්ධිපාද හඳුන්වාදීම - Ven Ududumbara Kashyapa Thero (2017-06-11)

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025
  • "ඒහි පස්සිකෝ ධර්මයක් වෙන බුද්ධ ධර්මයේ, මේ දේ කලොත් තමා මේ දේ වෙන්නෙ කියලා විද්‍යාමාන වෙන්න ඕනෙමයි. අන්න ඒ මූලධර්මයට අනුකූලව ධර්මය සාකච්ඡා කරන්න වෙනවා.
    විදර්ශනාවක තියෙන වටිනාකම සහ අප යා යුතු ඉලක්කය ගැන සාකච්ඡා කරමු.
    යා යුතු ඉලක්කය ගැන කතා කරද්දි, එක තැනකදි සැරියුත් මහ රහතන් වහන්සේ, බුදු රජාණන් වහන්සේ ගැන උදම් අනනවා. වෙනත් දෙවි, බඹුන් ඉක්මවා ගිය තථාගතයන් වහන්සේ ගැනත්, බෝධිසත්ත්ව කාලයේ සිට වින්ද අනේක විධ දුක් ගැන කරපු මේ උදම් ඇනීමට කියනවා, සාරිපුත්ත උදානය කියලා.
    ඒ වෙලාවෙ බුදු රජාණන් වහන්සේ සැරියුත් රහතන් වහන්සේගෙන් විමසනවා, "සාරිපුත්ත, තමන්ගේ මට්ටමින් බුදු කෙනෙක්ගේ හිත පිරිසිඳ දැනගෙනද ඔය දේශනා කරන්නෙ කියලා"
    සැරියුත් හාමුදුරුවො පවසනවා එය තමන්ට කිසි දිනක කල නොහැක්කක් බවත්, බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙ සිත පිරිසිඳ දැන ගත හැක්කේ තවත් බුදු වරයෙකුට පමණයි කියලා.
    "එසේ නම් කොහොමද ඔබ විස්තර කරන්නෙ?" කියලා තථාගතයන් වහන්සේ අසද්දි හරි ලස්සන උපමාවක් දෙනවා සැරියුත් රහතන් වහන්සේ.
    "තාප්පයක් තියෙනවා, මුර කාරයෙක් ඉන්නවා, මේ මුර කාරයා තාප්පෙ වටේම ඇවිදලා, පිරික්සලා ඇවිත් කියනවා, පුංචි මී පැටියෙකුටවත් මේ තාප්පෙන් රිංගන්න පුලුවන් කියලා ප්‍රත්‍යක්ශව දැනගත්තා කියලා. එහෙම ප්‍රත්‍යක්ශව දැනගත් කෙනෙකුට, මේ තාප්පෙන් අලියෙක් රිංගන්න බෑ කියන එකට කවර සාක්ශියක්ද තවත් අවශ්‍ය? ආන්න ඒ වගේ අනුමාන ඤාණයක් තියෙනවා කියලා කියනවා බුදු රජාණන් වහන්සේ ගැන.
    ඒ විදියටම, පෘග්ජන ස්වභාවයේ ඉන්න අපිටත්, රහතන් වහන්සේ ගැන අනුමාන ඤාණයක් තියෙන්න ඕනෙ අපි යා යුතු ගමන් මඟ ගැන අවබෝධයක් ගන්න. රහත් සිත පිරිසිඳ දකින්න බෑ පෘතග්ජන කෙනෙකුට. නමුත් අනුමාන ඤාණයක් ඇති කර ගන්න පුලුවන් රහත් බාවයට පත් වෙච්ච නිවිච්ච ඇත්තන්ගෙ සන්තාන භාවයන් පිළිබඳව, සත්‍යාවභෝධය කරපු අයගෙ සන්තාන ගත වැඩ පිලිවෙල පිලිබන්ධව දේශනා කරපු නොයෙකුත් මූලාශ්‍රයන් තියෙනවා.
    ඒවා එකිනෙක අරගෙන, ඒවා ගවේශනය කරලා, සංසංදනය කරන කොට අපිට අනුමාන වශයෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා.
    අන්න එතකොට අපිට පුලුවන්, අපේ ජීවිතය සංසංදනාත්මකව ඉදිරියට අරන් යන්න."
    ජූනි 11 වෙනිදා බෙරික් ශාක්‍යමුනි විහාරයේදී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිදු කරන ලද දම් දෙසුම..
    බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය - මෙල්බන් නුවර (11-06-2017)

Комментарии •