Dhoniya Isidasi - දෝණිය ඉසිදාසි - Nalaka Anjana Kumara - 7rm

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • කාලානුගත නොවී එදත් අදත් හෙටත් සැමදා අප සමාජයේ දුක්ඛ දෝමනස්ස පීඩන වලින් මානසිකව දැවෙන ඉසිදාසි දියණිවරුන් සහ ඔවුන් වෙනුවෙන් ජනිත වන දාරක ස්නේහයෙන් සැමදා තැවෙන දහසකුත් පියවරුන් උදෙසා….
    මං දන් දුන්නේ ගෙයි හොඳම මැණික…. කවුරුත් දන් නෑ දෝණි..
    නුඹ මගේ පණයි දෝණි.. දෝණිය “ඉසිදාසි”
    බෞද්ධ සාහිත්යයේ හමුවන කතා පුවත් අතුරින් හැමදාම මගේ හිත පාරවන කතා පුවතක් තමයි ඉසිදාසි තෙරණියගේ ගිහි කාලයේ කතාව. ඇය ඉතා සමෘද්ධිමත් සිටු පවුලක උපන්න එක ම දියණිය. ඇයගේ පියා ඇයට දැඩිව ආදරය කළා. ඉසිදාසිය බෙහෙවින් ම ගුණවත් කාන්තාවක් වුවත් ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙනවා. ක්රිස්තු පූර්ව හය වන සියවසේ බුද්ධකාලීන ඉන්දියාවේ විවාහ සම්ප්රදාය අනුව කාන්තාවක් නැවත නැවත විවාහ වීම සමාජය අනුමත කළේ නෑ. නමුත් ඉසිදාසියගේ පියා විශාල ධනයක් වියදම් කොට ඇය නැවත දෙවරක් ම විවාහ කොට දෙනවා. එහෙත් ඒ එකදු විවාහයක් හෝ සාර්ථක වන්නේ නෑ. ඇය කෙතරම් යහපත් වුවත් ස්වාමි පුරුෂයන්ට ටික කලකින් ඇයව රුස්සන්නෙ නැතිව යනවා. අවසානයේ ඇය දුක්ඛිත විවාහ ජීවිතයන්ගෙන් මිදී බුදුසසුනේ පැවිදි වී නිර්වාණය පසක් කරගන්නවා. මේ කතා ප්රවෘත්තියේ මගේ හද සසළ කළ කාරණය වුණේ සමාජ සම්මතයට පවා පටහැනිව තම දුව සතුටින් තියන්නට උත්සාහ කරපු ඒ ආදරණීය පියාගෙ හද කම්පා කළ දුක. දියණියක විවාහයන් බිඳී ගෙදර සිටීමත් දුකක්. ඇය පැවිදි වීමෙන් සිටු පරම්පරාව අභාවයට යාමත් දුකක්. දියණිය පැවිදි වීමෙන් හිස්වන නිවසෙහි විසීමත් දුකක්... ඒ සියලු දුක් උහුලා ඒ ආදරණීය පියා තම එක ම දියණියගේ විමුක්තිය වෙනුවෙන් උපන් දා සිට පැවති සෙනෙහස් බන්ධනය අතහැරීමට ඇයට ඉඩදෙයි... සම් මස් නහර ඇට මිදුළු සිසාරා දුවන දියණියට ඇති ස්නේහයෙන් පියෙකුට අත්හැරිය නොහැකි දෙයක් තිබේද? එය ශතවර්ෂ ගණනාවකට පෙරත්, අදත්, හෙටත් එසේම ය... ඒ පිය සෙනේහය සංවේදී ගී පද වැලකට මා අතින් මෙසේ පෙරළුනි. හදට සමීප මධුර තනුවකට මුසුවී නාලක අංජන කුමාරයන් විසින් හැඟුම්බරව ගයානා කරණු ලබයි ! රොෂාන් මංජුල වික්‍රමසිංහ සොයුරාගේ දසුන් රූ පෙළගැස්මත් ගීතයේ අරුත කාලෝචිත මානයකින් රසවත් කිරීමට ඉවහල්ව ඇත. ගීතය රස විඳින්නට මම ඔබට ඇරයුම් කරමි.
    ඉරෝමි ආරියරත්න *
    සිටු මැදුරු පවුරු දොර
    වැරෙන් බිඳණු මැන
    මට දුක නෑ දෝණි..
    ගිනි ගෙයින් නික්ම යනු
    මා නේත්‍රා සමානා
    දෝණිය ඉසිදාසි… ඉසිදාසි…
    පිය සෙනේ තරම් අන් පිරිමි උරක
    සුව ලොවේ කොයිද දෝණි…
    මං දන් දුන්නේ ගෙයි හොඳම මැණික
    කවුරුත් දන් නෑ දෝණි..
    නුඹ මගේ පණයි දෝණි..
    තෙල් සිඳී මියෙන මැටි පහන් නැවත
    දල්වන්න එපා දෝණි…
    මං ඉවුරේ තියා මේ රැහැන මුදා
    ගං දියට බසිනු දෝණි..
    නුඹ නිවෙයි දියෙන් සෑහි …..
    ගායනය / සංගීතය | නාලක අංජන කුමාර
    ගේය පද | ආචාර්ය ඉරෝමි ආරියරත්න
    දසුන් මුසුව | රොෂාන් මංජුල වික්‍රමසිංහ
    Vocal / Music | Nalaka Anjana Kumara
    Lyrics | Dr. Iromi Ariyaratne
    Visual Mixing | Roshan M Wickramasinghe

Комментарии •