It's a Feast of Cultural Performances ||

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 2

  • @UHDNaturals
    @UHDNaturals  2 месяца назад +2

    Thanks for watching this wonderful video.. We always love to upload nature videos like this ! Please visit our channel for calm and mind relaxing nature videos! 💐

  • @UHDNaturals
    @UHDNaturals  2 месяца назад +2

    63+ වසරකට වැඩි අත්දැකීම් සහ මහනුවර ඇසළ පෙරහරේ ලක්‍ෂණ ගුරුකොට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අගනුවර තදාසන්න පෙරහර අතුරෙන් අග්‍ර ස්ථානයක් හිමිකරගන්නේ ඉන් පිළිබිඹු වන සාම්ප්‍රදායික සංස්කෘතික අංග නිසා බව සඳහන් කළ හැකි ය. සෑම වසරකම බෙල්ලන්විල ඇසළ උත්සවය ආරම්භ වනුයේ ධර්ම දේශනා මාලාවකිනි. දින තුනක බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනාවෙන් අනතුරුව සති පිරිත් දේශනය ආරම්භ වන අතර දොරකඩ අස්න දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර සති පිරිත අවසන් වන දිනයේ පැවැත්වේ. ඉන් එළඹෙන දින තුන මල් පෙරහර පවත්වනු ලබයි. ඉන් අනතුරුව පිළිවෙළින් පාවාඩ පෙරහරත්, රන්සිවිලි පෙරහරත්, රන්දෝලි මහා පෙරහරත්, පවත්වා පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය එළැඹෙන දින දවල් බොරලැස්ගමුව තොටුපලේ දී සිදුකර, බොරලැස්ගමුව පරාර්ථසාධන සමිතියේ දායකත්වයෙන් දෙවියන්ගේ දානය පිරිනමා දිය කැපීමේ පෙරහර විහාරස්ථානයට ගෙවදීමෙන් පසු විහාරස්ථානයේ දී ද දෙවියන්ගේ දානය පිරිනමා ඇසළ පූණ්‍යෙීත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කෙරේ. එදා පටන් නන්දෙසින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත්හු බෝ සමිඳුන්ට බෝධි පූජා පැවැත්වීමෙන් සිය අභිමතාර්ථයන් ඉටු කර ගනිති. කිරිකැටි දරුවන් පවා බෙල්ලන්විල බෝ සමිඳු අභියස වැලිමළුවේ තබා සෙත් පතන්නේ මෙම බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.
    බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්‍රාමයෙහිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පූජනීය ස්ථාන පරිශ්‍රයෙහි වැඩ වසන්නාවූ පුරාණ බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේය. බෙල්ලන්විල ග්‍රාමය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නගරය සමීපයෙහිය. සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, මෙම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමකි.❤