Kadawara dewa yahan kavi|කඩවර දේව යහන් කවි|kadawara gotuwa|kannlawwa|gatha|kavi|kadawara puja

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • කඩවර දෙවියන්ගේ උදෙසා කරන යහන් කවි...
    දෙඅත් යුග ගොනු කර - කැප මල් යහන සොමි බර
    පුද ගන්න එක වර - වඩින් දැන් සොම්නසින් කඩ වර
    වචනයෙන් එක වර - වනසා දමන කඩ තිර
    මෙපුද පුද ගෙන මන හර - වඩිති දළ ඇති දෙවිඳු කඩ වර
    නාන තැන දිය වර - රැක සිටින තොට කඩ වර
    දෙවිඳුනේ එක වර - වඩින්නේ මේ මල් යහනෙ මන හර
    ගම් පියස පසු කර - යන ලිය දකින එක වර
    පාළු තැන තනි කර - තැබූ දෙවි එතිලු තනි කඩ වර
    මහ මුහුද පහු කර - දඹදිව පටන් නිම කර
    වැඩිය සත් කඩ වර - වඩින් මේ මල් යහන් මන හර
    රුදු සපුන් නිම කර - දැන් එති අරින් කඩ වර
    මල් යහනෙ සම බර - රකී ඵළයෙන් ගුණෙන් හැම වර
    ලජ්ජ බය පොබ කර - මහ රෑ කරන අත වර
    මේ යහනෙ කඩ තිර - හරින් කුමාර රත්න කඩ වර
    පසක් කොට කඩ දොර - අරක් ගත් පෙදෙසක තිර
    දෙවි හොරණෙ කඩ වර - වඩින් යහනට මෙ පුද කැප කර
    රතු මල් ගොතන බර - ගෙල වට පැළැඳි මන හර
    දෙවිඳු මල් කඩ වර - වඳින්නේ කර ඔබට ගරු සර
    පිදේනිය කැප කර - පුදන යහනෙහි පැහැ සර
    වඩින්නෙ ලේ කඩ වර - දෙවිඳු පින් ගෙන නොදෙන් අත වර
    දඹදිවෙන් මන හර - ගෙන ආ පිරිස බල කර
    තබා ගත් අම තර - වඩින් යහනට මහා කඩ වර
    හත් කට්ටු කඩ වර - සහ නව කට්ටු කඩ වර
    යළි දොළොස් කඩ වර - අවසනත් හත් කට්ටු කඩ වර
    මෙපන් තිස් කඩ වර - ආ දඹදිවින් කඩ වර
    සුවය දෙන කඩ වර - වටඩින්නේ මේ පින් ගන්න කඩ වර
    බහිරව දෙවි පුදට - දොළ දුන් යහන් ගැබ සිට
    බාර කඩවර හට - යන්ට කිව මැන වෙනත් බිම කට
    සතර මහත් මුළු දඹදිව - සැම තැනකෙළි පුද ලබන්ට
    කතරගමින් සෙනෙවිරත්න - අධිකාරම් දේවයන්ට
    සතර එදල ලද නාමෙට - ඇතත් වරද සමාවෙන්න
    ඔබට කියමි කෝල් මුරේ - කඩවර දෙවියෝ වඩින්න
    රන් අවුපත සුරතින් ගෙන - සලති පවන් සිසිල් වෙන්ඩ
    හංස කිංකිනි මිහිරි හඬින් - සැම සබයට සෙත් පතන්න
    රන් චාමර සුරත දරා - සිටිති දෙවිඳු තෙද පතුරන
    වංශ තෙදැති කඩවර දෙවි - සැනෙකින් පේනෙ ට වඩින්න
    තරව ඒ දිව නාද කරති - තෙද අණසක පැතිර යන්ඩ
    දාර කොම්බු නළා නොයෙක් - සංඛනාද නාදයෙන් වඩින්න
    නෑර බේරී ගී තාලෙට - දවුල් රාග සක් පිඹින්ඩ
    දීර වීර බල විකුමැති - කඩවර දේවතා වඩින්ඩ
    ඉන්ද්‍ර රත්න කඩවර දෙවි - කදිර පුරට තරිඳු මෙන් ද
    කදිරමලේ කන්ද බලා - රන් තොරණේ මුර කරන්න
    එතිර කළේ කඳ කුමරුගේ - ගල් සතර බාර ගන්ඩ
    කඳ කුමරිඳු කැටුව මෙලෙස - කඩවර දෙවි වැඩම වන්න
    මිත්‍ර උතුම් සෙනෙවිරත්න - මුල් කඩවර වඩින කල ට
    චක්ක්‍ර රත්නෙ පැන නැගුණා - වැනි අද ගුවනින් අහසට
    වස්ත්‍ර භරණ නීල චන්ද්‍ර - ලේඛා ලක්ෂණ විලසට
    මිත්‍ර උතුම් සෙනෙවිරත්න - බැල්ම හෙලති බත් ගොටු වට
    රත්නිල් ලා තොප්පිය ගෙන - සිරස දරාලා ඔප කොට
    රැලි අල්ලා නීල වර්ණ - පේස රත්න සළු ඉඟ වට
    රන් නිල්ලා බිතරාම - සැට්ටය දරලා දෙවුරට
    බිසිබිල්ලා සෙනෙවිරත්න - බැල්ම හෙලති බත් ගොටුව
    මන්නාරම් මඩකලපුව - අලව් කරේ වැඩ සිටියත්
    ඇන්නාවද කළ ඉඩමක - මියුරු සුගන්ධදර සිටියත්
    ලංකාවේ මූදු කරේ - ධාතු නිධානෙක සිටියත්
    දන්ත ධාතු අණ දනිතොත් - කඩවර දෙවි සැනෙන් වඩිත්
    සුදු හරකුන් ගාල් සතර - බාරවෙලා වැඩ සිටින්න
    ලේවායේ මැණික් ගලේ - කෙළ කෙළ සැපතේ වඩින්නේ
    කදිරමලේ කන්ද බලා - රන් තොරණේ මුර සිටින්න
    එළිවෙන සත් පැය ඇතුළත - කඩවර දෙවියෝ වඩින්න
    නං සියයක් උළු කෝවිල් - බිඳගෙන මෙලකට වඩින්න
    පන්දහසක් කල් පවතින - සාසනවල් හෙළි කරන්න
    රන් දමකින් ගෙතුවා වැනි = නීල වර්ණ කෙස් කළඹින්
    දිලිසි දිලිසි කඩවර දෙවි - ගොටුව ගන්න වැඩම වන්න
    පංච නාද කළ ඉඩමක - මේරු සුගන්දර සිටියත්
    ශ්‍රී ලංකාවේ මුහුදු කරේ - ධාතු නිධානෙක සිටියත්
    වෙන දෙවොලක මේ මොහොතේ - යහතින් ඔබ වැඩ සිටියත්
    අනුකම්පාවෙන් අප වෙත - මෙරඟ මඬල වෙත වඩිත්
    බලා මෙගොටු ඔබ දැක දිව නෙතිනා - මුලා කරපු ලෙඩ පිරිප කරනා
    ගලා බසින මහ වතුරක් ලෙසිනා - බලාවඩින් කඩවර දෙවි සුරනා
    පන්දනි අතකට රැගෙන වඩින්නේ - රන්දම් මාලය කරට දමන්නේ
    ගින්දර සේමයි යකුට පෙනෙන්නේ - අන්දමකට කඩවර දෙවි එන්නේ
    දමාගෙන වරල දෙපසට විහිදෙන්ඩ - දමාගෙන වළලු දෑතේ නද දෙන්ඩ
    දපා දෙපස පෙති ගෝමර දිලිසෙන්ඩ - සිනා සිසී කඩවර දෙවි වැඩ මන්න
    කැටුව ඉඳන් හීනෙන් සුරතල් කෙරුවා - බොටුව බිඳින කොට බිළිඳුන් කෑ ගැසුවා
    කැටුව ඉන්න වෙසමුනි බෑ අණ කිවුවා - ගොටුව ගන්න තිරසාරයි අඬ ගැසුවා
    කදිර පුරට පත් කන්දස්වාමිගේ - දකුණු දොරටුවේ මුර කරමින්
    ලකුණු ඇතුව ලෝවාම තමන්කඩ - තඹල ගොටුව මින්නේරී රටින්
    විහීදී දේව සැර ගිනි ජල් විලසට - කෙළි පුද පූජා ගන්න ඉතින්
    කවර දෙසක ඔබ වැඩ සිටියත් අද - වඩින්න මේ පුද ගන්න උතුම්
    තනන මැණික් රන් මාලද කවඩං - පැළඳ දිලෙයි ගත මුල සුනිදු
    මෙලක යකුන් හට අධිකාරම් පට - බැඳුනයි පෙර පිංකළ පුරුදු
    මෙදැක බලා මුළු දිෂ්ටි හෙලා ගෙන - පේන කියා මුඛයෙන් සිනිදු
    වඩින්න හනි කට දෙවිඳුඋතුම්මේ - සෙනෙවිරත්න කඩවර මැතිඳු
    කලා රටය ත්‍රිකුණාමලය සහ - පුත්තලම ද මන්නාරමටත්
    හලාවත ද වල් හිමාල සත් ගවු - වන්නිද පහළොස් පත්තුවටත්
    හෙලා ඔබගේ තෙද අල්ලිමංඩවල - සීයක් යොදුන් ලංකාදීපෙත්
    වලා යටින් සද පායන විලසට - වඩින්න කඩවර ස්වාමි අදත්
    Kadawara dewa kannalawwa
    කඩවර දේව යහන් කවි
    kadawara gotuwa
    kannalawwa
    gatha
    kavi
    kadawara puj
    #kadawra_pujawa#kadawara_pujawak_dena_vidiha#kadawara_yahan_kavi#Kadawara_dewa_yahan_kavi#කඩවර_දේව_යහන්ක_වි#kannlawwa#gatha#kadawara_puja#kadawara_gotuwa#kadawara_deviyo_wadina_gatha#kadawara_deviyo_gatha#kadawara_god_mantra#kadawara god#kadawara_deviyo_mantra#kadawara_mantra#kadawara_gotu_pujawa#kadawara gotu#kadawara_deviyo_gathawa#kadawara_waram#kadawara_pujaa#kadawara pujawa#kadawara_deviyo_manthra#kadawara_gotu_pujaawa#sohon_kadawara#dewa_katha

Комментарии • 11

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 2 месяца назад

    And kadawara dewiyane mage am mage masema loku gananak wen a ape. MA thamai sarama karanna oni❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @Kingghidora123
    @Kingghidora123 2 месяца назад

    💖💖

  • @ChathurangaHewage-r2x
    @ChathurangaHewage-r2x 13 дней назад

    ආරාධනා mantra නැද්ද

  • @lahirusampath2005
    @lahirusampath2005 3 месяца назад

    නිතර නිතර අහුවට කමක් නැද්ද් දේව ගැති තුමනි.

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏👹️👹️👹️👹️👹️😱😱😱😱😱

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏👺👺😨👺👺👺👺👺